'නෑ නෑ බලන් ඉඳලා හරියන්නේ නෑ මිහිරි ඔයා කැනියුලා එක ගහන්න'
'පුතේ, ඔයාට රිද්දන්න නෙමෙයි මේ, ඔයාට පන නැති නිසයි ආන්ටි මේක ගහන්නේ. අත හොලවන්න එපා' සියුම් වේදනාවක් පිට අල්ලට දැනුත් මට වේදනාවටවත් අත හොලවගන්න ශක්තියන් තිබ්බේ නෑ. සයෝද් ඇඳ උඩටම නැගලා මගේ ඉන වටේ අතක් දාන් මාව තද කරන් ඉන්නවා මට තේරෙනවා.
"සවේන් පුතා, ඔයාට මාව ඇහෙනවද? රිවිර අංකල් මගේ ඔලුව අත ගානකොට මන් ඇස් ඇරලා අංකල් දිහා බැලුවා.
"පුතාගේ වේදනාවේ දිග පලල වටහගන්නවත් අපිට බෑ කියලා දන්නවා පුතේ. ඒත් දැන් අපිට ආයේ අයුශ්ට පන දෙන්න බෑනේ පුතේ. මේ කිසිම දෙයක් ඔයාගේ වරැද්දක් නිසා උන දේවල් නෙමේ පුතේ. ඔයා තමන්ටම දොස් පවර ගන්න අවශ්‍ය නෑ මගේ පුතා. අයුශ් ගෙනල්ල තියන ආයුශ මෙච්චරයි. එයාට සැනසීමක් දෙන්න ඕන නේද මගේ පුතාට හ්ම්?"
ඇත්ත. මේ කියන හැම වචනයක්ම ඇත්ත. මගේ ආශුට අන්තිමට හරි සැනසීමක් තියෙන්න ඕනා. එයා මැරුනේ කොහොමද කියලවත් මන් දන්නේ නෑ. එකම දේ මන් දන්නේ එයා එයාගෙම ජීවිතය නැති කරගෙන්ස් කියන එක විතරයි. මට හරි මහන්සී. බලන් ඉඳලම මහන්සී. අඬලම මහන්සී. තුර්ශ කියනවා වගේ මන් ඉස්සෙල්ලා ආදරය කරන්න ඕන මට. අයුශ් ට තිබ්බ පීඩනය මොන වගේ වෙන්න ඇත්ද මේ තරම් නරක තීරණයක් ගන්න? එයා ජීවිතේ සතුටින් ඉඳලා තියෙන්නේ බොහොම ටික කාලයයි. එයාගේ වචන වලින්ම කියනවනම්,
'අපේ ගෙදර හරියටම පොලිස් මූලස්ථානයක් වගේ බන්! කාලසටහනකට වැඩ, ගානට සල්ලි, හර බැර වාර්තාව හවසට දෙන්න ඕනා, අනවශ්‍ය වියදම් බෑ, නීතියට වැඩ,'
'උඹ එක්ක ඉස්කෝලේ ගෙවන කාලය තමයි මගේ ජීවිතේ හොඳම කාලය යකෝ'
'සවී මන් උඹට ආදරෙයි! උඹත් එක්ක ගෙවන හැම තප්පරයම මගේ ජීවිතය සතුටෙන් පුරෝනවා. උඹ නටනකොට බලන් ඉන්නවා තරම් සැනසීමක් මේ නේත්‍ර වලට නෑ සවී!'
'නේත්‍රගේ සැනසීම තියෙන්නේ නේත්‍රගේ දෙනෙත් වල'
'සවී උඹ නැතුව එක මොහොමතක සැනසීමක් නෑ පන'
මන් ඔලුව වනලා අංකල් ව බදාගත්තම අංකල් මගේ ඔලුව අත ගානකොට,
"අපි අද හවසට අයුශ් ට යන්න දෙමුද පුතේ?"
මන් අංකල්ව අත ඇරලා ඇඳෙන් නැගිටින්න හැදුවට මංජු අල්ලගත්තේ නැත්තම් ආයේ ඇඳටම වැටෙනවා. තුර්ශ සේලයින් ස්ටෑන්ඩ් එකත් තල්ලු කරන් එනකොට මන් ගියේ අයුශ් ගේ දේහය ළඟට.
අනේ මගේ රත්තරන් මූන. අන්තිමට නේද මේ දකින්නේ? ආයේ නෑ නේද මැණික? ආයේ බලන්න බෑ නේද? ඔයා යනවද ආශු? ඔයා මාව දාලා ආයේ යනවද? දැන් අඬලාම තව ඇස් වලට කඳුලු එන්නේ නෑ. මන් සයෝද් ගේ අත අතඇරලා දකුනු අතේ ඇඟිල්ලේ තිබ්බ රිං එක ගලවලා අරන් අයුශ් ගේ මේස් දාපු අත් දෙකේ පිට අල්ලෙන් තිබ්බේ ආයේ මගේ ළඟට එනකොට පාර හොයාගන්න අමාරු වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරගෙනමයි.
ආයුශ් නේත්‍ර සතරකුලසිංහ, ඔයාගේ දෙනෙත් ඔයාට යන්න දෙනවා පන... ඔයාටත් මහන්සී... මටත් මහන්සී....
"මගේ ආශු හැමදාම මේ දෙනෙත් නේත්‍ර වෙනුවෙන් බලන් හිටියා....
දෙවනි වතාවටත් නේත්‍ර මේ දෙනෙත් තනිකරා....
නේත්‍රට මහන්සි නිසා බලා ඉඳීමෙන් මිදුනා...
දෙනෙත්ටත් මහන්සී නේත්‍ර....
මටත් මහන්සී ආශු..... මේ දෙනෙත් වලටත් නිවනක් ඕනා....
ඒ නිසා අද හවසට දෙනෙත් නේත්‍රට යන්න දෙනවා...."
තලෙලු දකුණු කම්මුලේ හරි මැදට වැටුනු උපන් ලපය මන් ඉස්සර වගේම හෙමින් ඇල්ලුවා. එයා ලස්සනයි. මගේ ලස්සනම ලස්සන කලු කුමාරයා. හිනා වෙනකොට තවත් ලස්සනයි නේ මැනික. ඒත් මාත් එක්ක හිනා වෙන්නේ නෑ දැන්. ආයේ හිනා වෙන්නේ නෑ නේ. ආයේ අඬන්න එපා මැනික. ආයේ තුවාල කරගන්න එපා ඔය ලස්සන අත්. ආශු, මන් ආදරෙයි..... සංසාරේ හැම භවයකදිම මන් ආදරෙයි..... ඔයාගේ සැනසීම මගේ ළඟනම්, ඔයා ආයේ මගේ ළඟට මතු භවයක හරි ඇවිත් සැනසෙන්න. ආයේ මගේ ළඟට එන්න පන. පොරොන්දු වුනා වගේම එන්න ඕනා ඔයා. මන් අන්තිම වතාවට ඒ නලල ඉම්බා. සයෝද් මාව අල්ලන් හිටියේ මට වාරු මදි වුන නිසා.
"ඔයා කැමති කොහොමද සවේන්? අයුශ්ව කොහොමද අපි යවන්නේ? පුච්චනවද නැත්තම වළලනවද?"
මේ ලෝකේ කවුරුත් මේ තරම් අවාසනාවන්ත වෙන්න නරකයි. තමන්ගේ ආදරණීයයන් වලදානවද නැත්තම් පුච්චනවද කියලා අහගන්න තරම්. උත්තරයක් බලාපොරොත්තුවෙන් හිටපු තුර්ශට මන් පුච්චමු කියලා කිව්වම ඌ ඔලුව වැනුවා.
"පුතේ ඔයාට ආයේ අයුශ්ව බලන්න ඕනද?" මතක වස්ත්‍ර පූජාවෙන් පස්සේ රිවිර අංකල් ඇහුවම මන් 'නෑ' කියලා ඔලුව වැනුවා. මන් ආයේ බැලුවොත් මට එයාට යන්න දෙන්න හිතෙන එකක් නෑ.
"එන්න අයියේ අපි වට තුනක් යන්න ඕන දැන්" සයෝද් මගේ අත එයාගේ කර වටේ දාගත්තම, අම්මා ඇවිත් මාව අනික් පැත්තෙන් අල්ලගත්තා. මෙලෝ සිහියකින් නොවුනත් සයෝද්ගේ රුකුලෙන් වට තුනක් කැරකෙනකොට අම්මාත් මාව අල්ලන් හිටියා. අන්තිමේ ගින්දර අවුලන්න ස්විචය ඔබන්නැයි කියලා කිව්වම මගේ අත් ගැහෙන්න ගත්තා. කොහොමද? කොහොමද එහෙම කරන්නේ? ආදරෙන් වෙලුන, පිස්සුවෙන් වගේ උණුසුම හොයපු ශරීරය, ආදරෙන් අතගාපු ශරීරය පුච්චන්නේ?
ඒත් සයෝද් මගේ ගැහෙන අත අල්ලලා ඒ කලුපාට නොබ් එක තද කෙරෙව්වා. මහා භයානක ශබ්දයක් එක්ක තැඹිලි පාට ගිනිදැල් අයුශ්ගේ සිරුර බහාලු ලී පෙට්ටිය ගිල ගන්නකොට තව දුරටත් මුනිවත රකින්නනම් මට බැරි වුනා. "අනේ තුර්ශ!!!! මාව මරපං!!!!!" තුර්ශ මාව බදාගන්නකොට ඒ ගිනිදැල් පේන කුහරය යකඩ දොරකින් වැහුනා.
නැවතත් සිහි මදි ගතියක් ආපු නිසා සයෝද්ට තුරුල් වුනාම එයා මාව නැවත දෝතටම ගත්තා. කලුපාට දුමාරය අහසට එකතු වෙනකොට ඒ අයුශ් කිසිදා නොදැනසිටි මයුරවංශ නම් සදාධරනීය පවුල එකිනෙකා මගේ ළඟට ආවා.
"පුතාට අපි ඉන්නවා. කාලය අරන් හිත හදාගෙන නැවත යතා තත්වෙට එන්න ඕනා!"
"ඔව් ඔව්. ඉතුරු වැඩ ටිකත් හොඳින් කරමු. දැන් කාලා බීලා හොඳින් ඉන්න බලන්න පුතා. වෙච්චි දේ වුනා පුතාගේ වැරැද්දක් නෑ."
"සයෝද් ව ඕනද පුතේ? එයාව තියලා යන්නද?" සයෝද් ගේ අම්මා මන් සයෝද් අතේ ඉද්දිම මගේ ඔලුව අත ගාලා අහද්දි මන් සයෝද් දිහා බැලුවම එයා යන්තන් හිනා වුනා.
"ඕනේ ආන්ටි!" කිව්වම සයෝද් ගේ අම්මා ඔලුව වනලා 'හා'
කිව්වා.
"සවේන් අයියේ මේ බත් ටික කමු" තුර්ශගේ ඇඳ උඩට වෙලා ඔහේ ජනේල දිහා බලන් ඉන්නකොට සයෝද් ඇවිත් ඇහුවත් මට කන්න පිරියක් තිබ්බේ නෑ.
"මන් මාලු වල කටුත් ඇරලා කරපිංචත් අයින් කරා අය්යේ. පොඩ්ඩක් කන්නකෝ හ්ම්?"
අහ්? මොකක්ද කිව්වේ? ආශු? මට නිකන්ම නැගිට්ටුනා.
"සයෝද්?"
"මන් කැව්වොත් කනවද අයියේ?" අනේ සයෝද්! ඇයි මේ කොල්ලා මට මේ තරම් සෙනෙහසක් දක්වන්නේ? පුටුවකුත් ලං කරන් බත් ටික අනනකොට මගේ මුරණ්ඩුකම යන්නම යන්න ගියා. ඉතින් මුල්ම වතාවට සයෝද් මට බත් අනලා කැව්වම මුලු බත් පිඟාන ඉවර වෙනකන්ම බත් කෑවා. හිර වෙනකොට වතුර ටික පවා පොව පොව සේරම බත් ටික කවලා තරඟයක් දින්නා වගේ හිනා වුනා.
"සුදු මහත්තයා!" මන් කාමරේ දොර දිහා බලද්දි තාත්තා!
"තාත්තේ!" තාත්තා ඉක්මනින් ඇවිත් මාව තුරුල් කරගත්තා. ඒත් මන් ඇඬුවේ නෑ. ඒත් තාත්තා නම් ඇඬුවා.
"මට සමාවෙයන් පුතේ! ඔහෙලව තේරුම් කොරගන්ට මට කල් ගියා"
මන් තාත්තගේ පිට අත ගානකොට තාත්තා මගේ නලල ඉම්බා
"අයුශ් පුතාගේ දානය අපි කරමු පුතේ. උඹ වෙනුවෙන් මන් කරනවා. මට සමාවෙයන්!"
"සමාව දුන්නා තාත්තේ!"
මතු සම්බන්ධයි.....
පොඩි එකක් ලියන්න වුනේ. දිග එකක් දෙන්නම් හෙට. 😭
මතු සම්බන්ධයි.....
Ending SongBY PAISLEY REKDALSHAREYou'd never call the branches
arms, though in certain
lights don't pine and man
look like hands
conjoined where bark
meets flesh, where man
holds pine to saw
away the rotted limbs
he knows must fall?
And if you'd never call
it luck when you watch him
slip and break his back,
won't you learn to call it
blessing later, to supple
the muscles of his
cracking hips, tear
into the edges of his pain
till they dissolve
up through your arms and you
can't feel the difference
of your bodies?
What else to call
a point of rupture
but a join, where you
become another aspect
of the break: we wound
so as to save, we hurt
so as to heal—
What else to know
of loss but how
a man's breast might cool
beneath your fingers,
whatever tenderness
that's left no end
to passion but
its branching out. Oh
wasn't that the point
of love: to join the end
to its beginning, save
some semblance of a whole
by splitting it to half?
Wasn't that the hope
with which he sounded out
the weakened wood
before he cut, the care
with which you bound
the fallen branches up
once he let them go?