"සුදුමහත්තයා මැක්කැයි කොරන්නේ?" තාත්තා කාමරේට මූන එබුවා.
"තාත්තා දැන්ද ආවේ?" මන් තාත්තා එක්කම සාලෙට ගිහින් තාත්තා සෝෆා එකේ ඉඳගත්තම ගිහින් ඔඩොක්කුවෙන් වාඩි වුනා.
"ලමිස්සියෙක් වාගේ හුරතල් වෙන්නේ!" තාත්තා ඔලුව අත ගෑවම මට හිනා ගියා
"එහෙම හොඳ නැද්ද?" මන් තාත්තාගේ බෙල්ල අස්සේ ඔලුව ගහගත්තම තාත්තට හිනා ගියා
"ඔහේට හොඳනම් මට මක්කැයි. ඔහේ සතුටින් ඉන්ටයි ඕනෑ"
"මන් සතුටින් තමයි තාත්තේ ඉන්නේ"
"රෙශඛ්ය පුතාගේ අම්මයි තාත්තයි ඔහේට හොඳට සලකනවැයි?" තාත්තාගේ මූනේ තිබ්බ කනස්සල්ල මට හොඳටම පෙනුනා.
"තාත්තා හිතන්නේ අපිට එයාලට තරම් සල්ලි නැති නිසා රෙශඛ්යගේ අම්මයි තාත්තයි මාව පහත් කරනවා කියලද?"
"මට එක් වේලාවකට එහෙම බයකුත් දැනෙනවා"
"අයියෝ තාත්තේ..."
"ඔන්න නුවනි අම්මට නම් දීර්ගායුශ තියනවා තාත්තේ." මන් phone එක තාත්තට පැන්නලා කෝල් එකට answer කරා.
"සවී මැණික මල්ලිව එවනවා දැන්. එන්න පුලුවන්ද? අපි ශොපින් යං අවුරුද්දට?"
"අහ්? මේ දැන්?"
"වැඩක්ද?" කටහඬෙන් මූනේ මැලවිච්ච ස්වභාවය මැවිලා පේනවා.
"නෑ නෑ අම්මා. ඔහොම ඉන්න මන් තාත්තට දෙන්නම්"
"අහ් හරි!" මන් තාත්තට phone එක දුන්නම තාත්තා,
"හෙලෝ නුවණි නංගි"
"අහ් හරි හරි ප්රශ්නයක් නෑ ගිහින් එන්න"
"හරි බුදුසරණයි!" තාත්තා phone එක මගේ අතට දීලා මාත් එක්ක කට පුරා හිනා වුනා.
"ඔහේනම් මයේ පුතේ හැබෑ වාසනාවන්තයෙක්!" කියලා මගේ කොන්ඩේ ඇවිස්සුවා.
"තාත්තා මට දෑවැද්දට රෙක්ස් ව දෙන්න ඒ ඇති!" මන් තාත්තගේ කම්මුල් දෙක දෙපැත්තට ඇදලා කිව්වම තාත්තට හොඳටම හිනා ගියා.
"බෙටි අදින්න සවලකුත් දෙන්නම්!" තාත්තාත් ඉඳලා ඉඳලා හොඳ හොඳ එව්වා කියනවා.
"මේ සුදයියේ ඔයාට නම් අද හොඳ පරිප්පුවක් කන්න වෙන්නේ.ඔහොම උඩ පැනන් ආවා වගේ නෙමේ අපේ අම්මා එක්ක ශොපින් කරන්න යනවා කියන්නේ අම්මෝ! ඊටවඩා සැපයි සරම උස්සන් අන්නාසි වත්තක දුවනවා" එහෙම කියලා රෙශඛ්ය මගේ ඔඩොක්කුවට Caravan fresh එකේ පේපර් බෑග් එකක් දැම්මා. ඉක්ලෙයර්ස් තමයි ඉතින්."
"ඔයා සරමක් ඇඳන්ද ඉන්නේ බබා?" මන් ඉක්ලෙයර් එකක් කනගමන් ඇහුවම
"ඔයාට ලේසී නම් මට සරම් අඳින්නත් පුලුවන් සුදයියේ" කියලා මන් දිහා බලලා මගේ ශෝර්ට් එකේ රිප්ඩ් හෝල් එකකින් ඇතුලට ඇඟිලි දාලා මිරිකලා ඇහැක් ගැහුවම,
"රෙශඛ්ය!"
"අම්මෝ ඇති යන්තන් ආවා! එන්නකෝ සවී. ඉස්සෙල්ලාම ඔයාට මන් ගෙනාපුවා බලන්න. ඔයා ඉල්ලපුවා ඔක්කොමයි තව ඔය මන් ආසාවට ඔයාට ගත්තුවා වගේකුත් තියනවා" අම්මෝ! රෙශඛ්ය ගේ ඇඳ වැහෙන්නම එක එක බඩු. මට නම් පිස්සු වගේ. ඔක්කොම බ්රෑන්ඩඩ් ඒවා.
"ඕවා කොපීස් නෙමේ සවී මැණික. ඕවා ජෙනුයින් ඒවා. ඒ නිසා ඔයා බය නැතුව ඕනම්ව් තැනකට අඳින්න" අම්මා කිව්වම මන් ගිහින් එයාව බදා ගත්තා.
"ඔයා කැමති වෙයිද දන්නේ නෑ සවී මේකට ඒත් මන් නංගිලාට ගන්නකොට ඔයාටත් එකක් ගත්තා. බලන්නකෝ" අම්මා පොඩි සූට් කේස් එකක් ඇරියාම මගේ කට ඇරුණා.
"අම්මා මේ makeup kit එකක් නේ?" මන් අත් දෙක මූනේ තියාගත්තාම රෙශඛ්ය එයාගේ ගේමින් චෙයාර් එකට වෙලා ඇපල් ගෙඩියක් කකා හිනා වුනා.
"ඔයා ආස නැද්ද? මේ L'Oreal Paris හොඳම එකක් සවී." මට දැන් ඇඬෙනවා. ඇයි අම්මා මෙහෙම?
"සවී ඔයා අඬනවද?" අම්මා ඇහුවම රෙශඛ්යත් කලබල වුනා.
"සුදයියේ?" රෙශඛ්ය නැගිටලා ආවම මන් එයාට තුරුල් වුනා
"මොකද වුනේ?" රෙශඛ්ය අහනකොට අම්මත් ඇවිල්ලා මගේ පිට අත ගෑවා.
"ඇයි පුතේ අඬන්නේ?" අම්මා ඇහුවම මන් කඳුලු පිහිදන් එයාවත් බදාගත්තා
"අම්මා කොහොමද දන්නේ මගේ මේ සයිඩ් එක?"
"අනේ දරුවෝ!" කියලා මගේ ඔලුව අත ගානකොට මන් තව එයාව බදාගත්තා
"ඔයා ගෑණු ළමයෙක්ටත් වඩා ලස්සනයි, හුරුබුහුටී, ඔයා හුරතල් වෙනකොටත් ගෑනු ළමයෙක් වගේ. මේ දැන් පේන්නේ නැද්ද? මන් ඔයා වගේ අයව රට ගියාම ඕන තරම් දැකලා තියනවා. මන් හිතුවා ඔයා ඔයාගේ ඒ සයිඩ් එක බලෙන් හංගන් ඉන්නේ අපේ රටේ සංස්කෘතිය නිසා කියලා. නැත්තම් ඔයා තාමත් ඒක දන්නේ නැතුව ඇති කියලත් මට හිතුනා. මට හැමදාම ඕන වුනේ ලස්සනට අඳින, ෆැශන් කරන ලේලි පොඩ්ඩක්. ඉතින් ලේලියෙක්ම නොවුනත් ලේලියෙක්ටත් වඩා ලස්සන බෑනෙක් හම්බුන එක කොයි තරම් දෙයක්ද සවී මැණික. ලස්සනට ඉන්න. ඔයා ඔයා වෙන්න. ඔයා ආස හැමදේම ඔයාට ගැලපෙනවා. ගැලපෙන්නේ නැත්තම් අපි ඊටවඩා ලස්සන දෙයක් බලමු"
"අම්මා!" මට කියාගන්න වචන එන්නේ නෑ.
"අඬන බබාගේ සාක්කුවේ අදත් ලේන්සුවක් නැද්ද?" රෙශඛ්ය ටිශූ එකක් අරන් මගේ කඳුලු මාත්තු කරලා නහයත් මිරිකලා ගත්තා.
"අහ් හරි එහෙනම් ඔයාලා ඔය ටික බලන්න. මන් ලෑස්ති වෙලා එන්නම්. චයිනා ගියාට මොකෝ කිසි දෙයක් ගන්න වුනේ නෑ නේ!"
"කිසි දෙයක්? අම්මා extra 7kg වලටත් ගෙවලා නේ ආවේ?"
"උඹ කටවහගනිං! ආවා මෙතන!" රෙශඛ්යගේ අම්මාට හරි ආදරේ හිතෙනවානේ අප්පා. මට හොඳටම හිනා. අම්මා ගියාට පස්සේ ඇපල් කන මනුස්සයා ආයේ ගේමින් චෙයර් එකට වැටුනම මන් ඇඳේ ඉඳගෙන් කකුලක් පිට කකුලක් දාගෙන අම්ම ගෙනාපු බඩු බලන්න ගත්තා. ටිකක් වෙලා යනකන් රෙශඛ්ය මන් දිහා බලන් 'කර්ස්, කරස්' ගාලා ඇපල් කඩන් කාලා,
"ඕයි!"
"මොකෝ?"
"මෙහාට එනවා!" කියලා එයාගේ කලවක් උඩට තට්ටු කරාම මන් Hermes Birkin Bag එක අතේ දාගෙන වටයක් කැරකිලා ඉස්සරහ mirror එකෙන් ලස්සන බැලුවා.
"මේක ලස්සනයි නේ රෙශඛ්ය?"
"මෙහාට එනවකෝ!"
"ඇයි වදේ?" මන් ළඟට ගියාම මගේ ඉන වටෙන් අත යවලා ළඟට කරන් මගේ බඩට කම්මුල තියන් තද කරගත්තා.
"මොකෝ හුරතල් වෙන්නේ මේ?" මන් එයාගේ කෙස් අතරෙන් ඇගිලි යවනකොට
"කුක්කු ඕනා!" මට එයාගේ ඔලුව නිකන්ම එහා යැවුනා
"රෙශඛ්ය!"
"දෙනවකෝ!" මගේ ටීශර්ට් එක උඩට කරන් අහනකොට මන් අතට පාරක් ගැහුවා
"පිස්සුද? දැන් යන්න ඕනා!"
"අනේ අනේ අනේ අනේ අනේ!!!!" බලු පැටියෙක් වගේ ඒ පාර අඩි පොලවේ ගගහා.
"රෙශඛ්ය පිස්සු කරන්න එපා!"
"හරි එහෙනම් ඇවිල්ලා දෙනවද?" පුදුමාකාර කෝලමක්නේ යකෝ මේක. මන් එයාගේ කකුලක් උඩිඩ් ඉඳගෙන,
"ම්ම්ම් ඇවිල්ල දෙන්නම්" කියලා කම්මුලෙන් හාද්දක් තිබ්බම කොල්ලට ලොකු හිනාවක් ගියා.
"අනේ සවී බලන්න අර ටොප් එක නම් අපේ සුදූට ලස්සනට තියෙයි නේද?" අම්මා cream පාට frilled crop top එකක් අරන් පෙන්නුවම,
"අම්මා මේකේ කලර් එක සුදු නංගිට යන්නේ නෑ. මේක හොඳ නුවීට. සුදූ ට මෙන්න මේක යනවා." මන් ඒකෙම රෙඩ් එක අරන් පෙන්නුවම අම්මාට හොඳ හිනාවක් ගියා.
"මන් කිව්වේ මංජු! මට හම්බුනේ හොඳම බෑනා" රෙශඛ්යගේ අතට ගහලා අම්මා කිව්වම රෙශඛ්ය ඔලුව කස කස හිනා වුනා.
"අනේ මේ ඔයාලා තෝරං එන්න. මන් කැෆටේරියා එකේ ඉන්නම්"
"අනේ මොනාද රෙශඛ්ය!" මන් මූන හදාගත්තම,
"මේ ඔයා දන්නවද සවී, ඔයාගේ මල්ලි බබා පොඩි කාලෙන් පස්සේ මේ ජීවිතේට මාත් එක්ක ශොපින් ආවමයි. ඔයා නිසා තමයි ඒකත්. නැත්තම් ජීවිතේට එන්නේ නෑ"
"අනේ අම්මා ඔයා එක්ක ශොපින් කරන්න ගිහින් මට කකුල් අමාරුව හැදෙනවා. උදේ ගියොත් එන්නේ මහ රෑ වෙලා. ඒ ඇවිල්ලාත් කියන්නේ 'හඤේ හරියන කිසි දෙයක් තිබ්බේ නෑනේ පුචා!' කියලා තමයි!"
"රෙශඛ්ය මෙහේ එනවා." මන් එයාව අතින් අල්ලන් ඇදන් යනකොට එයා ඉතින් ඔහේ මගේ පිටිපස්සෙන් ආවා.
"අපි යන් ඔයාට ඇඳුම් තෝරන්න. කැෆටේරියා ගිහින් ඉන්නේ මොකටද ඔයාගේ සුදයියා මෙතන ඉන්දැද්දි මල්ලි බබෝ?"
"මලම කරදරයක් අප්පා මට!"
කොහොමහරි රෙශඛ්ය ඇඳුම් පැත්තෙන් එලියට එනකොට අත් දෙකේ බෑග් 20යි. මටයි අම්මටයි පුලුවන්ද ඕවා උස්සන් එන්න. අපි බබල් ටී දෙකක් අරන්. මගේ නිල් පාට ඩොල්ෆින්ස් ලා ඉන්න බබල් ටී එකේ photo එකක් මන් ඉන්ස්ටාත් දැම්මා. තව 'shopping spree with mom-in-love' කියලා අම්මා එක්ක ගත්තු සෙල්ෆී එකකුත් දැම්මා. ඊටපස්සේ අපි කොස්මෙටික්ස් බලන්න ගිහින් foundation සාම්පල් එකක් පිට අල්ලේ ගාගෙන,
"රෙශඛ්ය මේ කලර් එක මැචින්ද?"
"තාම ඉවර නැද්ද? හයියෝ!!!! මන් නම් පනිනවා අප්පා අර බැල්කනියෙන්. තියන අමාරුවට කෑල්ලක් ටෝක් කර ගත්තට මට හොඳම වැඩේ! දැන් සනීපද උඹට සයෝද්?" බෑග් ටික අතේ එල්ලන් ඔලුවේ අත ගහගත්තම බෑග් එයාගේ මූනෙත් වැදුනා.
"අම්බෝ සුදයියේ මගේ කොන්ද! යකෝ බාස්කට් බෝල් ප්ලේ කරලවත් මට මෙහෙම අමාරුවක් ඇවිත් නෑ! ඒත් මන් පනපිටින් සඳමාලී!" රෙශඛ්ය වොශ් දාන් ඇවිත් ටවල් එක පිටින්ම ඇඳට උඩට වැටුනා.
"අතගාන්නද?"
"අතගාපන්! මෙතන මාව මරාගෙන කාලා!" රෙශඛ්ය මගේ ඉනෙන් අත දාලා මාව ඇදලා ගත්තා.
"ඔයාගේ ඇඟ නම් රෙශඛ්ය!!!" මන් පිට මසාජ් කර කර කිව්වම,
"නගිනවද?" ඒකටනම් එයාගේ පිට මැද්දට හොඳ දත් පාරක් හිටියා.
රෙශඛ්ය මාව පෙරලගෙන ඇස් අස්සට එබිලා,
"පොරොන්දුවක් උනා යන්න කලින්!"
"කුක්කුද ඕනා?" මන් ලැජ්ජාවෙන් ඇඹෙරෙනකොට
"ඔව්! හැබැයි ඊට කලින්, ඔයාට දෙන්න දෙයක් තියනවා. මන් දන්නවා ඔයාට දැන් සෑහෙන්න දේවල් හම්බවෙලා තියනවා කියලා. ඒ වුනාට මේක use කරන්න" කියලා නැගිටලා ක්ලෝසෙට් එකට ගිහින් ටික වෙලාවකින් ආයේ ඇවිත් මට රිබන් එකක් දාපු පෙට්ටියක් දුන්නා.
Bath and Body Works Strawberry snowflakes Bath and Body kit එකක්. මන් ඒක ඇරලා body mist එකේ සුවඳ බැලුවම.... කොහොම කියන්නද මේ මට හරියනම සුවඳක්.
"juicy strawberry, whipped cream and iced bergamot. ඔයාව මතක් වෙන හැම සුවඳක්ම ඕකේ තියනවා සුදයියේ. මගේ බොඩි වොශ් එක ඔයාට ගැලපෙන්නේ නෑ. ඕකෙන් දෙකක් ගත්තා. එකක් දැන්ම මගේ බාතෲම් එකේ තියනවා. ඕක ඔයා ගෙදර ගෙනියන්න."
"රෙශඛ්ය!"
"යනවා ගිහින් හෝදන් එනවා මට සුවඳ බලන්න!" අතින් ඇදලා උස්සන් ගිහින් බාතෲම් එකට දාලා දොර වැහුවා.
මතු සම්බන්ධයි....