Cherreads

Chapter 44 - මට පුලුවන් නැටුම් උඹ තාම දැකලා නෑ

"කොහෙද අපි යන්නේ බබා?"

"අපි යන්නේ අන්න අතනට!" රෙශඛ්‍ය ඉස්සරහාට ඇඟිල්ල දික් කරාම ලස්සන පොඩි ටේබල් එකක කේක් එකකුයි මල් පොකුරකුයි තිබ්බා.

"Happy 18th සුදයියේ! මට තාන්‍ය අයියා තරම් රොමෑන්ටික් වෙන්න තේරෙන්නේ නෑ." රෙශඛ්‍ය මගේ කම්මුල දිගේ පිට අල්ල ගෙනිහින් තොල් වල මාපට ඇඟිල්ල ගෙනිච්චා. 

"තවුසේ දන්නවනේ මට gentle වෙන්න අමාරුයි කියලා"

"ම්ම්ම් ඔයාගේ ග්‍රිප් එක සැරයි නේ?" මන් ඇහැක් ගැහුවම

"දැන් තවුසෙටත් රොඩ්ඩක් දාන්න පුලුවන් නේ?"

"තවුසේ එක්කම ඉඳලා. ඕක ඕන වෙලාවක වැහෙනවනේ" මන් එක දිගට ඇස් ගහගෙන ගහගෙන යනකොට කට පැත්තට පැත්තට ගියා.

"අපෝ නවත්තගනින්, අංසභාග කාරයෙක් වගේ." රෙශඛ්‍ය පුටුව ඇදලා දුන්නම මන් ඉඳගත්තා.

"නෙදකින්! රෝමාන්තික සන්ද්‍යාව අජූත කරා රෙශඛ්‍ය!" 

"ඇයි දැන් හිතුවේ මෙතන වයලින් වැයෙයි කියලද?" රෙශඛ්‍ය ඉඳගන්න ගමන් ඇහුවම,

"නැද්ද?!!!" අනේ ඇත්තටම මන් හිතුවේ එහෙම වෙයි කියලා. මන් තමා ගොනා!

රෙශඛ්‍ය ලස්සනම ලස්සන ෆෘට් ගැටෝ එකේ ඉටිපන්දමක් දැල්වුවත් ඉතින් ඒක මුහුදු හුළඟටම නිවුනාම රෙශඛ්‍ය,

"වත්තේ හුලං සුදයියේ!" කියලා නැගිටලා ගිහින් ඉටිපන්දම කවර් වෙන්න හිටගත්තම මන් ටක් ගාලා වීඩියෝ කරගන්න phone එක අතට ගත්තා. අපායට ගියත් ස්ටේටස් දාන්න ඕනා! 

"ඉක්මනට පිඹපන් සුදයියේ!!!"

මන් හිනා වෙලා ෆූ... ගාලා මගේ බර්ත්ඩේ කැන්ඩ්ල් එකට පිඹලා පොඩි කෑල්ලක් කපලා ඒක අතට අරන් ඇඟිලි තුඩු වලින් ඉස්සිලා අත එයාගේ කට ළඟට දික් කරාම රෙශඛ්‍ය මාව අත් දෙකට වඩා ගත්තම මන් එයාට කේක් කැව්වා. 

ඒත් මට දැන් ලැජ්ජයි. කවුරු හරි දැක්කොත්. මේ වෙලාවට බීච් එකේ සෙනඟනේ. ඒත් මට දැනුයි නෝට් වුනේ කවුරුත් පේන්න නෑ නේ.

"රෙශඛ්‍ය ඇයි අද සෙනඟ නැත්තේ?"

"මොකද මේ බීච් එක අපේ ලොකු මස්සිනාලගේ නිසා."

"අහ්? තාන්‍ය අයියා තුර්ශට දුන්න බීච් එකද?" මන් පුදුම වෙලා ඇහුවම

"ඔව්! මේවා ඉතින් ඓතිහාසික ස්ථාන" 

"පොතේ හැටියට අපි දැන් බීච් හවුස් එකට ගිහින් රාමෙන් කන්න ඕනා!" රෙශඛ්‍ය මාව එක අතින් උස්සන් කේක් එක අනික් අතින් අරගෙන ඉස්සරහට ඇව්දන් යනකොට මන් බයේ හිටියේ දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා. ඒත් එහෙම වට්ටනවද කොල්ලා සුදයියව? 

"වාව්!" බීච් හවුස් එක මාර ලස්සනයි!

"ඒක පට්ටනේ? මන් ඉස්සෙල්ලාම ආවේ අයාන් ගෙඩියගේ gender reveal එකට" රෙශඛ්‍ය මාව බිමින් තිබ්බම මන් හූ තියාගෙන දූවලා ගිහින් ස්විං එකට වැටුනාම ඒක නිකන්ම උඩ පහල ගියා. 

රෙශඛ්‍ය කේක් එක අරන් ඇවිත් ඒක පැත්තකින් තිබ්බ ගාර්ඩ්න් ස්ටූල් එකේ තියලා මන් ඉස්සරහින් හිටගෙන phone එක අරන් photo එකක් අරගෙන,

"ලස්සනයි!"

මන් අත් දෙක විහිදුවම එයා ඇවිත් ස්විං එක නතර කරලා මාව බදාගත්තා. 

"සුදයියේ...." 

"ම්ම්ම්ම්ම්" මන් ඒ පපුවට තව තුරුල් වුනා

"මට රොමෑන්ටික් වෙන්න තේරුනේ නැති වුනාට මන් ඔයාට තාන්‍ය අයියා ලොකුට ආදරේ තරම්ම අදරෙයි"

"මන් දන්නවා. මන් ඔයාට කොහොම වුනත් ආදරෙයි ළමයෝ" 

"ම්ම්ම් ඉන්න මන් ඇතුලට ගිහින් කේක් කන්න හැන්දක් හොයන් එන්නම්" රෙශඛ්‍ය සාක්කුවෙන් නැංගුරමක් දාපු යතුරක් අරන් ගිහින් දොර අරිනකොට මන් නැගිටලා බීච් එකට ගියා. අහස අලු පාටයි. ඉර ගිලිලා. හඳ පායන්න ඕන්න මෙන්න.

ඇයි මට නටන්න හිතෙන්නේ?

"දොං ගත ගුඳ ගත් දිත් තත් ගුහිති

ගදිරිකිට ගුඳ ගත් දැහිං

රිං ගති ගත ගුඳ ගුඳ ගත් තං ගතිතකු දොං ගත ගුඳ 

ගුඳ ගති ගත ගත ගුඳ ගත ගතිද ගතකු දොං

දාර සතයි කෙමි දොළොසයි රන් කොතලේ

බාර කළයි සැම දෙවිඳුන් හට කොතලේ

පුරවාලයි පැන් මුනිඳුටන්ට පුද කලේ

නෑර අසන් කවි කහදිය රන් කොතලේ

ගුංද දෙගත ගති ගත ගුඳ

එදා අනෝතත්තෙන්න් පැන් ගෙනත් සිට

එදා එතන මාරුක් මල් වඩා සිට

එදා එතන පැන් ඉස්සේ උවදුරට

අදත් සෙත් කරන් මේ ආතුරන් හට"

අත්පුඩි ගහනකොට මන් හැරිලා බැලුවම රෙශඛ්‍ය හිනා වෙවී බකන් ඉඳලා,

"ඒක වෙනස්"

"ඒක පහතරට ඒකයි" මන් එයා ළඟට යන ගමන් කිව්වම,

"උඹට බැරි මොන නැටුමද සුදයියේ?"

මන් රෙශඛ්‍යගේ ශර්ට් එක යටින් අත දාලා හොඳ ගානට තද වෙලා තියන හම උඩ ඇඟිලි ගෙනිහින් ඒ ඇස් පටලගන්න උඩ බැලුවා. 

"මට පුලුවන් නැටුම් උඹ තාම දැකලා නෑ මල්ලි බබෝ!"

රෙශඛ්‍ය යටි තොල හපන් උඩ බලලා ආයේ මන් දිහා බලලා ඇස් කැරකෙව්වා.

"මන් ප්‍රශ්නයක් අහන්නද සුදයියේ?"

"කිකිළිද බිත්තරේද කියලද අහන්නේ?"

"නෑ ඕයි!"

"එහෙනම්" 

"උඹ සිංහල වෙදෙක්ද?"

"ඈ?" 

රෙශඛ්‍ය මගේ ඉන වටේ අතක් දාලා මාව එයාගේ ළඟට ගත්තා.

"මොකද උඹ මගේ නිල හරියටම අල්ලනවා" 

"වඩන්න!" මන් අත් දෙක උඩට ඉස්සුවම 

"පුදුම හුරතලයක් මේක. උඹ වැඩිමල් නේද සුදයියේ?"

"ඒ රූපෙටමන් ආස උනත් බාල වුනා

පෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනා"

කිකිළියෙක් වගේ අත් දෙක නවන් කිහිල්ල ආස්සේ ගහන් වැල්ලේ කැරකි කැරකි නටනකොට රෙශඛ්‍ය ඔලුවේ අත ගහගෙන හිනා වෙන්න ගත්තා.

ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනා

මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා"

මන් එකපාරට රෙශඛ්‍යගේ ඇස් වලට එබිලා,

මේ ඇස් දිහා බලන්න

මගෙ ආදරේ දැනෙන්න

බොරු නම් එපා කරන්න

අතින් ඇදලා 

කොල්ලො මෙන්න මෙහෙට එන්න

රෙශඛ්‍යත් නටන්න ගත්තම මන් ගිහින් මුහුදටම පැන්නම එයත් පිස්සෙක් ඇවිත් මාව උස්සන් කැරකෙන්න ගත්තාම අපි දෙන්නම දැන් තෙමිච්ච කුකුලෝ වගේ.

හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න

මොකද බයද සැකද මල්ලි අයියලාගේ වෙන්න

පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න

රෙශඛ්‍යගේ කම්මුල් දෙපැත්තට ඇදලා 

හරිම හුරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න

රෙශඛ්‍ය කේක් එක ගේන්න නැගිටලා යනකොට මන් එතනම් බිමින් ඉඳගත්තා. එයා කේක් එක ගෙනාවම මටත් කව කව එයත් කෙක් කෑවා. රෑ වෙනකන් තුරුල් වෙලා ඉඳලා ආයේ වාහනේට යනකොට අංකල් නිදි. රෙශඛ්‍ය කබී එක ඇරලා ඒකෙන් පෙට්ටියක් අරන් මට දුන්නා.

"සුදයියේ... ඔය outdated iphone එක සයෝශ් රෙශඛ්‍යගේ වෙන්න හස්බන්ඩ් ට ගැලපෙන්නේ නෑ. අනික ඔයාට ලස්සන photo ගන්නත් ඕනනේ insta දාන්න. අපි ලන්ඩන් ගියාම ගොඩක් photos දාමු. අද අපි දෙන්නම අපි මෙච්චර කාඅයක් ගත්තු අපේ ඔක්කොම photos upload කරමු. මූණවල් එක්කම."

රෙශඛ්‍ය මට latest iphone එක තිබ්බම මන් එයාව බදා ගත්තා.

"thank you මගේ මල්ලී බබෝ! මන් ඔයාට ආදරෙයි!"

"මමත් ආදරෙයි මගේ සුදයියේ!" 

"ඔහොම නෙමෙයි සුදයියේ මෙතනින් අල්ලා එහෙට මෙහෙට කරන්න"

"ඉතින් දැන් කලින් කියපු තැනින් නේ ඇල්ලුවේ!"

"ඔච්චර තදට අල්ලන්න ඕන නෑ සුදයියේ හෙමින් කරපන්!"

"දැන් හරිද?"

"ඕක උඩ නගින්න එපා! අතින් කරාම ඇති! උඹත් කොල්ලෙක් නේද? මුල ඉඳන් උගන්නන්න වෙයි කියලා මන් හිතුවෙම නෑ!"

"හරි ඉතින් ඔයත් ගියර් එකයි ස්ටීරිං වීල් එකයි අල්ලන් නෙමෙයිනේ ඉපදුනේ රෙශඛ්‍ය. මෙතන මට කෑ ගහන්නේ! මෙතන ලයිසනුත් නැති ගුරෙක්ගෙන් driving ඉගන ගන්න ආපු මට ගහන්න ඕනා ඔක්කොටම කලින්!"

"සුදයියේ මේ කට වරද්දගන්න එපා හොඳේ. මන් කොහොමත් උඹට තමයි ගහන්නේ. අනික මට ලයිසන් තියන එවුන්ට වඩා හොඳට වාහන drive කරන්න පුලුවන්. උඹව drive කරන්නත් පුලුවන්"

"‍රෙශඛ්‍ය!" 

"උඹ ඉගන ගනිං ride කරන්න!"

"රෙශඛ්‍ය!" 

"අහ් හරි දානවා දැන් දෙකට."

රෙශඛ්‍යගෙන් driving ඉගන ගන්න එක මහා එපා කරපුම වැඩක්. බැනුම් විතරයි. ඒත් දැන් ලයිස්න් ගන්නම එපැයි. ඒ නිසා ගොනා සේ මන් බැනුම් අහන් ඉගන ගන්නවා. හෙට trial යන්නත් ඕනා. 

"ඔන්න ඔන්න තනි ඉර! කපන්න බෑ!" 

"අහ් සොරි!" මන් සිග්නල් ඇඩ් එක දැම්මම 

"පුදුමයි උඹ written එක හරි පාස් උනා! ගන්න දෙයක් නෑ!"

"ඒව්ව ඉතින් පාඩම් කරලා ගොඩ දාපුවනේ හලෝ! ප්‍රැක්ටිකල් නේ අමාරු" 

එහෙම කිව්වම මූ හිනා වෙනවා ඒ ගමන

"මොකෝ උඹ හිනා වෙන්නේ?"

"නෑ ඉතින් මගේ ප්‍රැක්ටිකල් එකත් අමාරුයි සුදයියේ... 

නුඹට රිදෙයි කියා බයයි

අමාරු වෙයිද සැකයි.."

"රෙශඛ්‍ය!!!"

යන්තන් ලයිසන් එක අරගත්තට පස්සේ ගුරාගේ තුප්පහි කතා වලට නිවනක් ලැබුනා. පලවෙනියට වාහනේ අරන් යන්නේ ඉර්ෆාන් අයියගේ වෙඩිමට. ගෝල්ෆේස් හොටෙල් එකේ නිසා රෙශඛ්‍යට කොළඹ drive කරන්න බෑ. මන් තාත්තගේ ප්‍රියස් එකත් අරන් රෙශඛ්‍යව ගන්න ගියාම රෙශඛ්‍ය ඇවිත් වාහනේ දොර ඇරියා.

"අම්මෝ ආවද? මන් ඇඟේ ලේ නැතුව හිටියේ!"

"ආ එනවා එහෙනම් ලේ තියනවද කියලා බලන්න!" මන් කටත් ඇරගෙන හපන්න පැන්නම රෙශඛ්‍ය "බුදු අම්මෝ" ගාගෙන පැනලා දිව්වා. 

"එනවා එනවා හපන්නේ නෑ!"

"මට බෑ උඹ හපනවා" රෙශඛ්‍ය ෆුල් සූට් එක පිටින් වත්තේ නවත්තලා තිබ්බ ඩෝසරයක් උඩටම නැගලා ඒකේ එල්ලිලා කෑ ගැහුවා. 

"එනවා යන්න රෙශඛ්‍ය! පරක්කු වෙලා!" මන් වෙලාව බැලුවා.

සිරිවර්ධන ගෙදරට ගිහින් තුර්ශත් එක්කම යන්න එලියට බැස්සා. තුර්ශ අපේ පිටිපස්සේ පෝර්ශ් එකේ. දැන් යන්න ඕනා සුදු නංගිව ගන්න සැලෝන් එකට. 

"අම්මෝ බඩ ලොකු අම්මාගේ කෑම නම් මරු!" රෙශඛ්‍ය කලිසමේ බොත්තම ගැලෙව්වා.

"අනේ මන්දා රෙශක්‍ය! වෙඩිමකට නේද යන්නේ? දැන් ඒවා කන්නේ කොහාටද?" මන් මූනත් ඇඹුල් කරන් ඇහුවම,

"එතකොට බඩේ ඉඩ හැදෙනවා. මෙව්වා නිකන් ගින්නට දාපු පිදුරු වගේ සුදයියේ. දහනය වෙන්න යන්නේ ටික වෙලාවයි"

"යැයි යැයි තමයි!" 

"හයියෙන් යමුකෝ ඕයි. ගාටනවනේ!"

"අනේ මේ රෙශඛ්‍ය මන් ඔයා වගේ drive කරද්දි ගිනිපෙලෙල්ල පුපේ ගහගන්නේ නෑ."

"ඕකට කියන්නේ confidence නැති කම" රෙශඛ්‍ය මන් දිහා බලලා මූන හැදුවම

"නෑ ඒකට කියන්නේ safety first කියලා" මන් ඇඟිල්ලකින් එයාගේ ඔලුවට එකක් ඇන්නා.

"යැයි යැයි තමයි!" 

මන් Dananjaya Bandara salon එකෙන් වාහනේ පාර්ක් කරාම තුර්ශ අපේ පිටිපස්සෙන් වාහනේ නැවැත්තුවා.

"මදැයි මේ වෙලාවට හරි ආවා! මන් හිතුවා හෙට වෙයි කියලා"

"අනේ යනවා හලෝ යන්න. තුර්ශ කිව්වා මගේ driving සුපිරී කියලා"

"තුර්ශ කිව්වා තමයි. තුර්ශ කිව්වොත් ලිඳෙත් පනී!" රෙශඛ්‍ය ආයේ මූන හදනවා ඉතිං ඇස් දෙක උඩ දමාගෙන

"පනිනවා තමයි. අර සුදු නංගි කියපු කස්තුරි සුවද කියෝලා ඉවර වෙලා සේපාලිකා කියවන්න අරන් ඉන්නෙ මන්. ඒ නිසා ඒකෙ වුනත් වරද් කියන්නේ හැමදේම දෙක මස්සිනා එක කියලා. එව්වා ලෝක ධර්මතා මහත්තයෝ!" 

"කනවා තෝව මන්!" රෙශඛ්‍ය සීට් බෙල්ට් එක ගලෝලා මගේ පැත්තට පනිද්දි මගෙව් ඇස් දෙක උඩ ගියා.

"රෙශඛ්‍ය මොකද මේ කරන්නේ? පිස්සු..."

ම්ම්ම්ව්ව්ව්හ්හ්හ්හහ්හ්හ් රෙශම්ම්ම්ම්ම්ඛ්‍ය! මගේ ඔඩොක්කුව උඩ ඉඳන් කොලර් එකෙන් ඇදන් කට කාලා කාලා මගේ මූන දිහා බැලුවම

"රෙශඛ්‍ය මම බොටම්!"

"මන් බොටම් වුනොත් කොහොම තියෙයිද සුදයියේ?"

"කොහොම තියෙයිද? මන් අංගවිකල වෙයි. මගේ කකුල් දෙක දැන් තැලිලා තියෙන්නේ! නැගිටපන්" 

"තවුසේ හිතන් ඉන්නේ තවුසේ බොටම් නිසා අංගවිකලා නොවී ඉඳී කියලද?" කුප්ප හිනාව දැම්මම

"රෙශඛ්‍ය!"

මතු සම්බන්ධයි...

Cr cHerRy_MinShi_

More Chapters