"දැන් මෙතන ඇල්ලුවම පුතාට තේරෙන්නේ නැ?" ඩොක්ටර් මගේ මාපට ඇඟිල්ල අල්ලලා ඇහුවම මම "නෑ" කිව්වා. ඒ ගමන ඩොක්ටර් නර්ස් ට කිව්වා needle එකක් ගේන්න කියලා. නර්ස් ඩොක්ටර් අතට නීඩ්ලෙ එක දුන්නම
"හරි මන් දැන් මේකෙන් පුතාට අනිනවා. දැනෙනව නම් කියන්න"
"සුදයියේ!" බයවෙලා රෙශඛ්‍ය මගේ දිහා බැලුවම,
"මන් බය නෑ. බය වෙන්න එපා රෙශඛ්‍ය!"
"මන් හිතන්නේ ලෙඩාට වඩා යාලුවා බයවෙලා වගේ!" ඩොක්ටර් කිව්වම රෙශඛ්‍ය,
"ඩොක්ටර්.."
"අපි යාලුවෝ නෙමෙයි ඩොක්ටර්" මන් කිව්වම රෙශඛ්‍ය මන් දිහා ආයේ පුදුමෙන් බැලුවා.
"අයියායි මල්ලි?"
"නෑ ඩොක්ටර්. මේ මන් බඳින්න ඉන්න කෙනා" මන් කිව්වම ඩොක්ටර් ටිකක් පුදුම වුනා.
"ආ.... බොහොම හොඳයි. හොඳයි එහෙනම් ඔන්න ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව මන් ටිකක් රිද්දනවා. කමක් නෑ නේ?" ඩොක්ටර් රෙශඛ්‍ය දිහා බලලා නීඩ්ල් එක පෙන්නුවම රෙශඛ්‍ය හිනා වෙලා 'හා' කියලා ඔලුව වැනුවා.
ඩොක්ටර් නීඩ්ල් එක අරන් මගේ කකුලේ මාපට ඇඟිල්ලේ නටලම මැදිලා තිබ්බ ඇඟිල්ලට හෙමින් ඇනලා මගේ මූන දිහා බැලුවම මන් 'නෑ' කියලා සන් කරා. ආයේ තව ටිකක් ඇතුලට වෙන්න ඇනලා ආයේ මගේ මූන දිහා බැලුවම මන් ඒත් 'නෑ' කිව්වා. තවත් ටිකක් අනිනකොට රෙශඛ්‍ය මගේ අතකින් අල්ල්ගත්තා ඒත් මන් 'නෑ' කිව්ව ඒත් ඇඟිල්ලෙන් ලෙත් එනවා. ඉතින් ඩොක්ටර් නීඩ්ල් එකත් ඩස්ට්බින් එකට දාලා උගුර පාදනකොට නර්ස් ඇවිත් මාපට ඇඟිල්ල පුලුන් කෑල්ලකින් වැහුවා.
"මට පේන් විදිහට නර්ව් ඩැමේජ් එකක් දරුවෝ. අපි කොයි එකටත් ස්කෑන් එකක් කරලා බලමු." කියලා MRI scan එකකට කොලයක් ලියලා දීලා ඒක කරන් එන්නයි කියලා යැව්වා.
"සුදයියේ ලොකු දෙයක්ද දන්නේ නෑ නේ! උඹේ ඇඟිල්ල කපන්න වෙයිද?" රෙශඛ්‍ය ලිෆ්ට් එකේ යන ගමන් ඇහුවම
මට හිනා ගියා.
"රෙශඛ්‍ය මගේ ඇඟිල්ලේ නර්ව් ඩැමේජ් එකට නෙමේ ඔයාගේ බ්‍රේන් ඩැමේජ් එකටයි බෙහෙත් ගන්න වටින්නේ"
"මොනාද කිව්වේ?" රෙශඛ්‍ය රැව්වම මන් හොඳට හිනා වුනා.
"යමංකෝ ගෙදර!"
"ලෙඩා විතරක් එන්න. ඔයා counter එකට pay කරලා එන්න" කියලා නර්ස් කෙනෙක් රෙශඛ්‍යට කිව්වම රෙශඛ්‍ය 'හා' කියලා යන්න හැරෙද්දි,
"රෙශඛ්‍ය, ඔයා ළඟ එච්චර ගානක් තියනවද?" මන් ඇහුවම
"ඔයා ජීවිතේ වද නොවෙන්න ඕන දේවල් දෙකයි, එකක් මන් ඔයාව දාලා යයි කියන එක, අනික් එක සල්ලි. ඒ නිසා දැන් ගිහින් ස්කෑන් එක කරගන්න"
"සුගර් ඩැඩී" මන් හිනා වුනාම රෙශඛ්‍ය මගේ කනට ලං වෙලා
"Call me that on bed and I will fuck you harder"
"රෙශඛ්‍ය!"
Scan එක කරන් ආයේ ඩොක්ටර් ලඟට ගියාම ඩොක්ටර් ස්කෑන් report එක බලලා ඔලුව වැනලා,
"මන් හිතුවා හරි. නර්ව් ඩැමේජ් එකක් තමයි"
"Is that something to be worried doctor?" රෙශඛ්‍ය මගේ අතින් අල්ලන් කරදර වුන මුහුනෙන් ඩොක්ටර්ගෙන් ඇහුවම
"නෑ නෑ. එකම දේ එයාට එන වේදනාව විතරයි. But I am sorry to say, මේකට cure එකක් නම් නෑ. මැරිච්ච නර්ව්ස් ආයේ හැදෙන්නේ නෑ. ඒ නිසා පුතාට මේ වේදනාව ජීවිත කාලෙම තියෙයි. My advice is to avoid intense dancing. ඔයාට ගොඩක් හිටගෙන හිටියම, ඇවිද්දමත් වේදනාව එනවා ඇති"
"ඔව් ඩොක්ටර්, ගොඩක් මහන්සි වෙච්ච දවසට රෑට රිදෙන්න ගන්නවා. ඩොක්ටර් මට ඉස්සර වගේ නටන්න බැරි වෙයිද?"
"නෑ නෑ. එහෙම කිසිම ගැටලුවක් නෑ. එකම දේ ඔයා නටන තරමට ඔයාට වේදනාව ඇති වෙන එකයි. මන් ඒකට පේන් කිලර් එකක් දෙන්නම්. වෙන කරන්න දෙයක් නෑ ඉතින්"
"සුදයියේ ඔයා..." වාහනේ ඩ්‍රයිව් කරන ගමන් රෙශඛ්‍ය කියන්න පටන් ගන්නකොටම මන් දන්නවා මොනාද කියන්න යන්නේ කියලා,
"නටන එක නතර කරන්න නම් කියන්න එපා රෙශඛ්‍ය!"
එහෙම කිව්වම රෙශඛ්‍ය හිනා වෙලා ඔලුව වැනුවා.
"හ්ම්... හරි කියන්නේ නෑ. හැබැයි ඔයාට රිදෙනකොට මට කියන්න" මගේ කලවා උඩින් අතක් තියලා මිරිකුවා
"කියන්නම්" මන් ඒ අතින් අල්ලගෙන ඇඟිලි වල මගේ අත පටලගෙන එයා දිහා බැලුවා. Messy quif ස්ටයිල් එකට හදපු කලු කොන්ඩේ පැත්තෙන් කෙස් ටිකක් මූනට වැටිලා තිබ්බා. එයාගේ සුදුම සුදු කම්මුල් අවුරුදු දෙකකට කලින් මන් ඉස්සෙල්ලාම දකින කොට තිබ්බට වඩා දැන් මුහුකුරා ගිහින්. බේබි ෆැට් නැති වෙලා හකු වල තියුණු ස්වභාවය එලියට එනවා. රෙශඛ්‍ය මොනා හරි ගැන තදට හිතන කොට, එයාගේ දත් ඇඳි එකට තද වෙනවා. එතකොට කම්මුල් වල රැලි යනවා. ඒක සෙක්සී. ඒත් එයා මොනා ගැනද මෙච්චර හිතන්නේ?
"බබා?"
"හ්ම්?" රෙශඛ්‍ය මන් දිහා ගැස්සිලා බැලුවම
"මොනාද ඔය හැටි හිතන්නේ?"
"හිතන්නේ... තව දවස් කීපයෙනේ මැණික මට යන්න තියෙන්නේ"
"හ්ම් ඉතින්?"
"මන් කල්පනා කරේ ඔයාගේ පේපර් වර්ක්ස් ටික කරගන්නේ කොහොමද කියලා. Results එයි නේ ඉක්මනට?"
"ඒ ටික එයි. සුදු නංගි ඉන්නවනේ. අපි දෙන්නා මැනේජ් කරගන්නම්. ඔච්චර හිත්නන එපා බබා"
"හ්ම්... හෙට උදේ අපි winter wear ගන්න යනවා. මතකයි නේ?"
"මතකයි" මන් රෙශඛ්‍යගේ පැත්තට හැරිලා එයාගේ මූනෙන් කොන්ඩේ අයින් කරනකොට රෙශඛ්‍ය මන් දිහා බලලා හිනා වුනා.
"සුදයියේ...."
"මන් දෙයක් කියන්නද?"
"ම්ම්ම් කියන්න බබා"
"බඩගිනී!"
"රෙශඛ්‍ය!" නෙදකින්! රොමෑන්ටික් දෙයක් කියයි කියලා බඩේ සමනල්ලු කූඩුව අරින්න හැදුවා විතරයි!
Caravan Fresh එකෙන් නවත්තලා කන්න යමු කිව්වම, මටත් ඉක්ලෙයර්ස් මතක් වුන නිසා පැනගෙන රෙශඛ්‍ය පස්සෙන් ගියා.
"අයියේ ඉක්ලෙයර්ස්...." කියලා ඇඟිලි වලින් එකක්ද දෙකක්ද ඇහුවම මන් දෙකක් කියලා පෙන්නුවම මගේ කොන්ඩේ අවුසසලා,
"ඉක්ලෙයර්ස් දෙකයි, රෝල්ස් දෙකයි, චිකන් පේස්ට්‍රීස් දෙකයි, නෙස්කැෆේ බොනවද සුදයියේ?"
"මට අයිස් කොෆී" මන් උඩ පැනලා කිව්වම
"අහ් හරි අයිස් කොෆී දෙකක්" කියලා කෑම ටිකත් අරන් ගිහින් වීදුරුව අයිනෙම මේසෙකින් තියලා මට පුටුව ඇදලා දුන්නම මන් "Thank you" කියලා ඉඳගත්තා. රෙශඛ්‍ය මගේ ඉස්සරහෙන් ඉඳගෙන,
"උඹ එන්න එන්න කියුට් වෙන්නේ ඇයි සුදයියේ?"
"අනේ මන්දා මන් දන්නෙත් නෑ. හැබැයි ඔයා ළඟ ඉන්නකොට මන් වැඩිපුර කෙල්ලෙක් වගේ හැසිරෙනවා කියලා මටම තේරිලා තියෙන්නේ දැන්"
එහෙම කිව්වම රෙශඛ්‍ය රෝල් එක කකා හිනා වුනා.
"කමක් නෑ. මන් ඒකට ආසයි"
"ඇත්තට?"
"ම්ම්ම් ඔව්"
කාලා ඉවර වුනාම රෙශඛ්‍ය ටිශූ එකෙන් කට පිහිදනකන් බලන් ඉඳලා මාත් මූන දික් කරාම එයා හිනා වෙලා ඒකෙන්ම මගේ කටත් පිහිදලා නැවිලා නලලට කිස් එකකුත් දුන්නා. කැශියර් කොල්ලගේ කට ඇරිලා තියනවා දැකපු රෙශඛ්‍ය
"පකද බලන්නේ?"
කියලා ඇහුවම අර කොල්ලා බිම බලාගත්තා මාත් ගස්සන් එන්න ආවා. දන්නවනේ ඉතින් මගෙත් වුල්ෆ් කට් එක ගහලා තිබ්බ කොන්ඩේ පොඩ්ඩක් ෆ්ලිප් කරාම ගැම්ම තමයි. එහා පැත්තේ කඩේට ගිහින් මයි ලේඩි ටොෆී ගන්න ගියාම,
"තවුසෙට ඕනද?" කියලා ඇහුවම මන් 'නෑ' කියලා ඔලුව වැනුවා. රෙශඛ්‍ය කන්න ආසම ටොෆී මයි ලේඩි. ඉස්සර සෙල්ලම් ගෙවල් දානකොට චූටි මාමගේ කාමරෙන් සල්ලි හොරකං කරලා මයි ලේඩි අරන් කාලා රැපර්ස් වල තිරිවානා ගල් ඔතලා තියලා චූටි මාමාට ප්රෑන්ක් කරලා, තව විසාල බලු වැඩකුත් කරලා තියේ ඒ මනුස්සයට. දන්නෝ දනිති.
ටොෆී එකත් කටේ දාන් ගිහින් වාහනෙන් ඉඳගත්තම මන් වාහනේට නගින්නේ නැතුව බලාගෙනම ඉන්නකොට රෙශඛ්‍ය මන් දිහා බලලා ඔලුව වනලා, සුසුමක් පිට කරලා, ඇස් රෝල් කරලා ආයේ බැහැලා ඇවිත් දොර ඇරලා දුන්නා. ආයෙත් නගින්නෙම නැතුව බලන් හිටියේ ටිකක් අවුස්සන්න.
"දැන් උස්සලා තියන්නත් ඕනද කුමාරි හාමිව?" කටේ ටොෆී එකත් දාන් හිනා යන විදිහට ඇහුවම මන් හිනා වෙවීම වාහනේට නැග්ගම එයා සීට් බෙල්ට් එකත් මගේ වටේ දාලා ලොක් කරලා, දොර වහලා ආයේම driving seat එකට ගියා.
"ඕනවට වැඩී දැන් සුදයියේ! හුරතලේ දැන් දරන්න බෑ. හොඳටම නරක් කරලා තියෙන්නේ උඹව මන්." එහෙම කිව්වම මට කුප්ප අදහසක් ආවේ කියපු දේට පලිගන්නත් එක්කමයි. සීට් බෙල්ට් එක ගලවලා නැගිටිනකොට රෙශඛ්‍ය උඩ ගියා.
"මොකද ඔය කරන්නේ සුදයියේ?" මන් පිටිපස්සේ සීට් එකට පනිනකොට රෙශඛ්‍ය කෑගැහුවා.
මන් පිටිපස්සෙන් ඉඳගත්තම රෙශඛ්‍ය rear mirror එකෙන් මන් දිහා බලල ආයෙ මොකද කියලා ඇහුවම පරාවර්ථනය වෙන එයාගේ ඇස් දිහාම බලන් මගේ ශර්ට් එකේ බොත්තන් එකින් එක ගලවනකොට,
"සුදයියේ..... ඕකනම් කරන්න එපා!!!!" ඒත් දැන් මැදක් හරියට වෙනකන් බොත්තන් ගැලවිලා ඉවරයි. මන් දකුණු අත අරන් වම් උරහිසෙන් පල්ලෙහාට ශර්ට් එක දාන ගමන් රෙශඛ්‍ය දිහා ගිනි ගන්න ඇස් වලින් බලනකොට රෙශඛ්‍යගේ අසරණ මූන බලන්න වටිනවා.
"ඕනද?" කියලා ඇහුවම ඔලුව වනලා ඔව් කියලා.
"සුදයියේ.. විනාඩියක් හිටපන් ප්ලීස් මන් උඹ ළඟට එන්නම්. පොඩ්ඩක් හෝල්ඩ් කරපන්කෝ" මට හිනා යනවා. මන් හා කියලා සීට් එකේම ඇලවුනාම ටිකකින් කොහේ හරි වාහනේ නැවතුනා. නැගිටලා බල්ද්දි කොහේ හරි බේස්මන්ට් එකක්.
"මේ කොහෙද?" මන් බය වෙලා ඇහුවම
"De Serum group of companies Head office" කියලා වාහනේ ස්ටාර්ට් එකේම තියෙද්දි රේඩියෝ එකත් දාලා පිටිපස්සට පැනලා මගේ ඉන වටේ අත දාලා ළඟට ඇදලා අරන්,
"සෑහෙන්න කාලෙකින් මැණිකෙට මුකුත් හම්බුනේ නැති නිසානේ මේ ඔක්කොම?"
මන් 'ඔව්' කියලා ඔලුව වැනුවම ඉතුරු බොත්තන් ටිකත් ගැලවුනා. රෙශඛ්‍ය මගේ මූනට ලන් වෙනකොට මන් තොල් උල් කරේ මන් ආසම ස්පර්ශය ලබා ගන්න පුදුම කෑදර කමකින්. රෙශඛ්‍ය මගේ තොල් දිවෙන් ඇත් කරලා එයාගේ කටේ තිබ්බ ටොෆී එක මගේ කටට දාලා හිනා වෙලා
"රසද බලන්න සුදයියේ"
මන් ඒක සූප්පු කරනොකොට චොක්ලට් එක්අතු වුන මින්ට් රස මගේ කට සීතල කරා. "රසයි" කිව්වම රෙශඛ්‍ය ආයේ පහත් වෙලා "මට ආයේ ඒක ඕනේ" කිව්වම මන් කට ඇරියම එයා දිවෙන් මගේ කට ඇතුලේ තිබ්බ ටොෆී එක ආයේ ගත්තා. ඔහොම තුන් හතර පාරක් වෙනකොට මගේ අවශ්‍ය තැන් හොඳ ගානට ඇවිස්සිලා තියනකොට රෙශඛ්‍ය මගේ නිරුවත් පපුව මිරිකන්න ගත්තම මන් එයාව ඇඟට තද කරගත්තා. Radio එකේ තාන්ය අයියගේ සින්දුවක් යනකොට රෙශඛ්‍ය මගේ බෙල්ල උරන්න ගත්තා.
"මගේ ජීවිතේට වෙච්ච හොඳම දේ ඔයා රෙශඛ්‍ය"
මතු සම්බන්ධයි....