බේබි හාමු.....යන්නද...
අමාවක රැයක් ගැන කියන ගමං මං නැති පාලුව ගැන නොසෑහෙන්න කියපු ඉන්ධර් ගෙ ගාවින් මං එන්න හැදුවා.....ඒ මූන වෙනස් වුනා යන්නෙ අඩි දෙක තුනක ඈතකට උනත්..ඉන්ධර් උන්නෙ හරියටම මං මහ දුරකට යනවා වගේ.....
..යන්නම් කියන්න එපා...ගිහින් එන්නම් කියන්න.....යන්නම් කියන වචනෙ හරි අසම්පූර්නයි ඇසල...හදක් උනත් බැහැගන යනකොට අහසට කියන්නෙ....ආයම ගිහින් එන්නම් කියලා ....මොකද.....හදට කවි ලියන කවියා හද නැති දා සැනසෙන්නෙම හදව දරාගන ඉන්න අහස හන්දා.....යන්නම් කියන්න එපා....මගෙ මැනික ගිහින් එන්නම් කියපන්...අසම්පූරන කතා වලට මනාප නෑ ඇසල.....
.....මං ලාවට ඔලුව වැනුවා.....මට දුක හිතුනා....අද උදේ ඉදන් ගිනි පත්තු කරන් උන්න මන් ඉන්ධර් හාමුගෙ වචනත් එක්ක හරි හිමින් හිමින් නිවෙන්න ගත්තා .....ඇත්තටම ඉන්ධර් හාමු ගාව කොහෙන්ද මෙච්චර ආදරයක් ...
...දෙයක් අහන්නද මගෙ ඉන්ධර්.....
මක්කද.....
ඇත්තටම ඉන්ධර් ගාව කොහෙන්ද මේ තරම් ආදරයක් ....
යන්න හදපු මං ඉන්ධර් හාමු ගාව නැවතුනා....මොකද මේ ප්‍රශ්නෙ මට නොසෑහෙන්න වද දෙනවා....
මගෙ ඇහල මල උඹ...මැනිකට ඒකට උත්තරයක් ඕනෙමද.....
........
මනාප නම්...තුරුල් වෙලා කන තියපන් මේ පපුවට..මං වත් නොදන්න හුගාක් කතා මේ පපුව කියයි මගෙ ඇසලට...
මං තුරුල් උනා ...මොකද මට තුරුල් නොවී බැරි හන්දා..මොන මෝඩයද දෙයියනෙ පලල් පපුවකට තෙරපෙන්න අකමැති...මොන මෝඩයද දිය වෙන්න ආදරෙ දෙන පපුවක සුවද බාන්න අකමැති.....මං තුරුල් උනා...
දැන් කියාපන්....උඹට මක්කද දැනෙන්නෙ.....ම්ම්ම්....වැල්වටාරම් නොකීවට කාරි නෑ...මට කියපන්...උඹට සැනසීමක් දැනෙනවද...නිවනක් දැනෙනවද ම්ම්ම්ම්.....
ඇත්ත...අප්පච්චි හන්දා ඇවිලෙන හිත ඉන්ධර් හාමු හරි පුදුම විදිහට නිව්වා..බර වෙලා තිබුන හිත ඒ පපුව ගාව නිවන් දැක්කා...හිතේ තියන ගින්දර හුස්මත් එක්ක පිටකරපු මම අවසානෙදි ඉන්ධර් හාමුගෙ අර පලල් පපුව ගාවදි හරි හිමීට අර ගින්දර නිවලා දැම්මා...ඇත්තටම ...ඉන්ධර් කියන්නෙම.....නිවනෙ පරිසමාප්තය.....
ඉතින්...මක්කද දැනුනෙ ම්ම්ම්ම්ම්ම්....මැනිකට...සැනසීමක් දැනුනද....දන්නවද ඇසල....පපුවකට ඔලුව ගහගන්න කියන්නෙ . . නිදි වැදුන මහන්සිය යවාගන්නම විතරක් නෙවෙ....ආදරේ පිරුන මිනිස්සු දන්නෙ නෑ...ඇයි උන් ඒ තරම් ආදරනීය කියන්න...හැබැයි...උඹට මගෙ පපුවට ඔලුව ගැහුව එක තත්පරෙම්ම නිවනක් දැනුනනම්....ඒ නිවනට හේතුව උඹයි ඇසල.....උඹ තනිකරම ....අසිනි වැස්සක් වගේ.....දන්නවද මැනික....මැරෙන්නම ඕන් නෑ...තව්තිසාව දකින්න...ආදරේ පිරුන පිරිමි හිත් ගාව..පිරිමි පපු ගාව නවතින උන්ට පුලුවන්...මැරෙන්න කලිනුත් තව්තිසාව හැබැහින් දකින්න.... ....හරියටම ...මගෙ ඇසලට මේ ඉන්ධර්ගෙ පපුව වගේ....උණ හිතපන් මැනික..එකම සර්වාන්ගෙකින් මං උඹට කොච්චර නම් ස්වර්ග සැප දෙනවද කියලා...ම්ම්ම්ම්ම්...
බේබි හාමු.....
මගෙ ඇහැල මල උඹ....උඹ මලක්....නිකන් නෙවෙ ..හුස්ම ගන්න මලක්.....!! පෙත්ත පෙත්ත මං හරි ලෝබ කමින් දිග අරින...උඹ තනිකරම මේ ලෝකෙටම ඉතිරි අවසානම මල වගෙ මලක් ඇසල....ගහක් ගලක් වගේ දරාගත්තා උනත්...වැරදි වත්තක පිපිපුනත් උඹ ඇවිදින් වියයපත් බඹරෙක් වෙනුවෙම්ම පිපුන හුස්ම ගන්න මලක්.....
මට හීල්ලුනා....අනේ ඉන්ධර් උඹගෙ ආදරේ හරි බරයි කියලම මහන්සි මන් මොකුත් නොකියම හීල්ලුවා.....මොකද ඉන්ධර්ගෙ වචන ගාව මට කවදාවත් වචන නැති උනා.....මං හිතන්නෙ ඉන්ධර් ආදරේ කරනකොට .....ආදරේ කියවනකොට මුලු සිංහල හෝඩියම හොලවනවා...
මං හීල්ලුවා..හුස්මක් ගත්තා .....කෝපි පාට ලප ඉලිප්පුන් නැති උනත්....මගෙ පපුව ඉස්සුනා....
ලා නිල් පාටට හුරු...වෙලාවකට..සුදු පාටට හුරු.....වෙලාවකට රන් පාටට හුරු එක විදිහකට ඉන්නම බැරි හද එලිය ඉන්ධර්හෙ මූනට වැටිලා තිබුනා...ඇත්තටම ...ඉන්ධර් කියන්නෙම....දෙවියො නිදහසෙ මවපු රූපයක්ද කොහෙද ....එයා කියනවා....ඉන්ධර්ට මෙච්චරම ආදරෙ කරන්න එකම හේතුව මමලු.....ඉන්ධර්ගෙ හිත කියන තව්තිසව මැවුනෙ මං හන්දලු...
මං ඇස් පිල්ලමක් නොගහම ඒ මූන දිහා බලන් උන්නා.... ඒ මූන අත ගෑවා.....වෙනදට හරි කලබලේකින් ඉහල පහල යන උගුරු ගැටෙ අදත් ඉහල පහල ගියා...හැබැයි අර කලබලේ තිබුන් නෑ....එයා මාව පපුවට තුරුල් කරගත්තා ..හැබැයි....ආයම ගිනිගල් ඇවිලුන් නෑ....ඒවට නින්ද ගිහින් තිබුනා.....එක අතකට කෝපි මල් පිපෙන්නෙ නැතිව කොහොමද ගිනිගක් ඇවිලෙන්නෙ....වාන්දොරටුවෙ යතුරත් නිදි කොට....කොහොමද මේ ඔක්කොම.නැගිටින්නෙ.....ආදරේ විතරයි....ආදරෙයි රාගෙයි දෙකම හාමුවෙලා එන සෘගාරෙට අද නිවාඩු දීලා තිබුනා...පඩි පිට...!!පඩි පිට නොවුනනම්...හාදුත් අකැපයිනෙ...
හාමුට වඩා මිටි ඇගිලි තුඩු වලින් ඉස්සීගන ඒ මුන අත ගගා උන්න මං දිහා බලන් උන්න ඉන්ධර්ට මන් අවසානෙදි මිමිනුවා...මොකද...මට මීට වඩා හිතින් හිතන්ඩ බැරි හන්දා....බැල්මකුත් ඇති මාව වෙඩරු වෙලා යන්න...
මං හාදුවක් තියන්න සුදු මහත්තයා .....
...
ඉන්ධර් ගොලු උනා.. ඒ විතරක් නෙවෙ උත්තර දෙන්න කලියෙන් මාවත් ගොලු උනා හාදු තියන්නද අහපු තොල කටම ඉඩෝරෙට අහු උනා වගේ වේලිලා ගියා.....
හරි කලතුරකින් සුදු මහත්තයා කියන මම ආදරේ පුරවගන හාදුවක් තියන්නද අහනකොට උස මදි බව දන්න හන්දම පහලට නැවෙන්න හැදුවත්..මං එයාව නැවැත්තුවා .....
මොකද...මට ඒ හාදුව තියන්නම ඕනෙ මං හැබැහින් දකින තව් තිසාවට.....!!
ආදරනීයම පිරිමි පපුවක මැදට...ලැමට යටින් තියන ලයට...කෝපි පාට වෙනුවට හාමුට තිබුනෙම කිරිටොපි පාට...කර නොවුන කැරමල් පාට ලප වෙනකොට මං ඒ හැම දේම පහු කරන් හාදුව තිබ්බෙම ඉන්ධර්ගෙ පපු කුහර මැදට වෙද්දි මං අහගන ඉන්ධර්ට හරී බර හුස්මක් පිට උනා....
ඔව්..ආදරනීය මිනිස්සුන්ට ආදරනීය හාදු හරි බරයි.....!!
ඉන්ධර්.....ආදරෙයි මං උතුරන්න....
ඉන්ධර් ඇඩුවා .....විස්වාස කරනවද .....හැමවෙලේම බේබි හාමු ගගා ඉන්න මං මේ දැන් තත්පරේකට කලියෙන් කර්කශකෙට අහු උන හාමු මහත්තයම හරි ආදරෙන් තෙමලා දාන මුද්රාවෙච්ච තොල් හරි අමාරුවෙන් එහා මෙහා කරගන මං ආදරෙයි කිව්වා....
කතා කරන මහ මුහුද වගේ ගැඹුරු ඇස්වලට කදුලු පටලයක් බැදුනා.....
මැනික දන්නවද.....කවියෙක් නිවෙන්නෙත් හඳ හන්දම වගේම.....කවියෙ අඩන්නෙත් හඳ හන්දා බව.....?.....මගෙ ඇහල මල...එක අතකට...නන්දට තිබුනෙ පෙති ගිලින්ඩ...මට නැති උනත් කමක් නෑ...නන්දට තිබුනෙ.....උඩුගම් බලන් ආව තිත්ත පැටව්ට දුකෙන් උනත්....ඒකිගෙ බිත්තර නොදී ඉන්ඩ...
මට හරි වේදනාවයි මගෙ ඇසල.....ආරංචි.....උඹ පිස්සුවෙන් වගේ දිව්වය කියලා ...මේ අත්වල හැටි දැක්කම..මට හරි වේදනාවයි මයෙ අම්මා....
බ්..බේබි..හාමු.....
උඹ ඇවිදින් හුස්ම ගන්න මලක් මගෙ ඇසල...උඹගෙ අප්පා කරන්නෙ...මම හරි ආදරෙන් වතුර දාන මලට....මට හොරෙන් යූරියා ගහන එක...මැනික දන්නවද....හුස්ම ගන්න මල්වලට....යූරියා අකැපයි බව ම්ම්ම්ම්.....කාරි නෑ.....මහ එකා නැතුවට...මට පුලුවන් උඹගෙ අප්පත් වෙන්ඩ.....මනාප නම්...මයෙ අම්මට පුලුවන් ....අප්පච්චිත් කියන්ඩ.....ම්ම්ම්ම්ම්
මොන බඹරෙක් වත් රොන් ගන්න ආව මල තැලුවෙ නෑ ඇසල....ඇරත්...කවියො කවදද...බලහත්කාර කමක් කෙරුවෙ හඳකට ම්ම්ම්...
මට මොකක්ද වෙලා ගියා.....හිටපු ගම මහ වැලිය වාන්දානව වගෙ යටි බඩේ රැලි නග්ගන ඒ ඉන්ධර්හාමුටම පුලුවන් ඊලග තත්පරෙදි පපු කැහුත්ත බලාගන ඉන්නකොට ඒ ආදරෙන් දිය කරන්න....
ඇත්ත..හාමුගෙ ආදරේ දැනෙන්නෙ මගෙ හදවතට!!
වාන් දාන මහවැලිය කියන්නෙම ඉන්ධර්ගෙ සෘංගාරය...
තවත් ටික වෙලාක් බලාගන උන්න මං එන්න ලැහැස්තු උනා...පපුවම බරයි....
ඉන්ධර් හාමු මාව මරල දාන්නෙ ආදරෙ විස කරලා....
බ්..බේබි..හාමු.....අන් ගිහින් එන්නම්.....
ම්ම්ම්....පරිස්සමින් ගිහින් වරෙන්...ඇයි ඉතින් මේ ඇස් වල කදුලු ම්ම්ම්...මං අඩන්න දෙයක් කිව්වද මෙ ඇස්වලට....මනාප නෑනෙ උඹ අඩනවට.....කියන්න කතා බොහෝමයි....ඒත්. ..හිටන් කියනවට වඩා...මනාපම.....රැයක් එලිවෙනකන් උනත්....පපුවට අරන් උඹ එක්ක දොඩවන්න....අද නැති උනාට මොකද...උඹ ආයම හෙට එනවනෙ..... දෙයියන්ටත් කිලි අහුවෙලා තනි වෙන දවස් තියන එකේ...නොදකින ස්වර්ග මිහිපිට මවන කවියෙක් දවසක් තනි උනහම මක්ක වෙනවද.....ම්ම්ම්ම්ම්...
කාරි නෑ...මං ඇද වියලට කියන්නම්...අද උන්ට නිවාඩු බව...ම්ම්ම්ම්ම්....පරිස්සමින් ගිහින් හෙට උදෙම්ම වරෙන් ඇසල...උඹගෙ ඉන්ධර් බලන් ඉන්නවා.....
......
ආදරෙයි උඹට.....හෙට ඉදන්...සුදු මහත්තයා ගෙදර.....
බ්..බේබි..හාමු....
ම්ම්ම්...ඇයි...මැනික මනාප නැද්ද....විසි හතර පැයම මාව දකින්න....හිතු මනාපෙට ඇවිදින් තුරුල් වෙන්න.....
මට හිතා ගන්න බැරි උනා....ඉන්ධර් හාමු කියනවා හෙට ඉදන් ගෙදරලු...එතකොට .....කැම්පස් එක.....
එ..එතකොට ..බේබි...හාමු...
හෙමීට විසිතර කියන්නම් ඉතින්....ඇසල විතරයි තාම දන්නෙ..මහ දෙන්නට නොකිව්වට කාරි නෑ..හිස රදයක් වෙනවා අම්මගෙ කන්කෙදිරිය මට....
මං මීක් නොගා උන්නා.....ඉන්ධර් හාමු මට කාටත් කියන්න එපාය කියලා කියනකොට මං ඔලුව වැනුවා.....කිව්වත් වගේ මහතැන මැරෙයි පෙනකැටියක පාවෙලා ආව රන් කොටෙ වාසිටි යන්නෙ නෑය කිව්වොත්...
තවත් ටිකක් ඉදපු මන් එන්න ආවා....ඉන්ධර් හාමුගෙ මූන හරියටම වැහි වලාකුළු වලින් බර උන අහසක් වගේ බලාගන ඉන්නකොට අන්ධකාර වෙලා ගියා.....හැන්දැවෙ මන් ලව්වා කවා ගත්තු බත් කටවල් දෙක තුන විතරයි ...රෑ බත ඔහොම්මයි....කන්න පිරිය නැති උනා වත්දො...හාමු නොකා මං කොහොම කන්නද.....
කාමරෙන් එලියට ආව මං ස්වර්න විමානෙ දොර හෙමින් සීරුවෙ වහලා දැම්මා.....
ස්වර්න විමානෙ කිව්වට මොකද.....ඊට ඉස්සරහින් තිබුනෙ සතර අපාය....සතර අපායෙ දොර වහලා...මේ රෑ දහයටවත් නැතුව....ඇයි අද මහ නාකියට හයහමාරෙ ඉදන් තියන ප්‍රවෘති බලන්න බැරිද දන්නෙ නෑ....ඒත් නැත්තන් අද අටේ කෑල්ලෙ ගිය පාරට වඩා මේ පාර පොල් අඩු හින්දා.....මහ තැනගෙ පොල් කඩනවද දන්නෙ නෑ.....
ඇරත්.....අරක.මොනාද බොන්ඩ දීලනෙ....ශිහ්.....අවුරුදු හැට පැනලා දැන් හොට බිම ඇනිලාත් දශයක් පනිනවා....ඉන්ධර්ටම පනහට කිට්ටුයි.....මහ තැන බැදලා තියෙන්නෙ අඩුවයසෙන්...දහ නවය වෙනකොට බෙබි හාමු හම්බෙලාය කියනවන්....ඒත් අරක.....අහ නාකියා....අර කතාවක් තියනවනෙ.....වයසට ගියත් වඳුරා බිමින් යන්නෙ නෑය කියලා ....
අනේ මන්දා....බේබි හාමු හම්බුනෙ දහ නවයෙන් නම්.....එතනින් එහා තව කොච්චර කල් තිබිලද...එක අතකට බිබික්කම රෑ එලිවෙනකන් තම්මැට්ටමේ වත් එල්ලීගන උන්නද දන්නෙ නෑ...ඒ ත් නැත්තන් රෑ එලිවෙනකන් ඇඩුව හන්දා තව බිබික්කමක් හදා ගන්න කාලෙ නැති උනාද දන්නෙ නෑ....
එක අතකට දත් තියන කාලෙ මස් කන්න බැරිව ගිය හන්දා වෙන්න ඇති දැන් බිබිකමවත් බන්දාල දීලා එක එක ගුලි බිබී අරකගෙ දොදොල හැදි ගාන්නෙ රෑ එලිවෙනකන්...පේන්නෙ නැද්දෙ...මං අද දැක්කනෙ...බන්කුව උඩ ඉදගන ඉන්නකොට සයිස් එක..බිබික්කමට කියන්න ඕනා මට කවි හැදුවට කාරි නෑ ඒත් අම්මට නම් හදන්න එපාය කියලා ...අර තම්මැට්ටමට රණ හන්සයො උපමා කරලා කවියක් හැදුවොත් එහෙනම් විශේශන පදයක් එකතු කරන්න ඕනා ස්ථූල තාවය හැදුන රණ හන්ස යුවල කියලා ...අලුත් අලුත් රැ ඇදුනුත් අදිනවා....
ඊටත්...මේකි දැන් අදින්නෙම ගිනිකන පාටවල්නෙ.....මොනවා උනත් අර පොත්ත නම් රත් හදුන් පාට හන්දා ගෑනිට ඕන පාටක් ලස්සනට යනවා....වයසක උනත් මහ තැන වෙලාවකට මං බලාගන මහ නාකියා දිහා ඇස් කොන් වලින් බලන් ඉදලා හිනා වෙනවා....
අනේ අම්මෙ...එදා රෑට නම් ඔය සතර අපාය ඇතුලෙ දොදොල් තප...තප ගාලා හැදි ගානවා ඇති..ඇයි ඉතින් මහ තැන සිග්නල් එක දෙනවනෙ.....
ශිහ්....අනේ මන්දා...මට අර කතාව ඇහුන වෙලේ ඉදන් මුන් දෙන්න ගැන හොදක් හිතෙන්නෙම නෑනෙ... මොන අපලෙට බැන්දත් මේ මගෙ නැන්දම්මා.....!
ඇරත් මහ තැන අපෙ අම්මටත් වඩා නොසෑහෙන්න නාකියි.....මගෙ නැන්දම්මා උනාට මොකද...මට කිරි අම්මා වගේ....ඒ උනාට කිරි නම් එපා දෙයියො.....එව්....
අන් හිමින් සීරුවෙ මගෙ ස්වර්න විමානෙ පහු කරන් සතර අපායට පුලුවන් තරම් දෙස් තියලා කුසියට ආවා.....අනේ බත් එක වහපු විහිදමයි.....බේබි හාමු කිව්වා බත් එක අරන් යන්ඩ කියලා ...රෑට හැදුවෙ තලපත් මාලුද කොහෙද ...අනේ අම්මෙ...තලපත් කන්ඩ අපිට ඉතින් වකුගඩුවක් වත් දන්දෙන්ඩ වෙනවා...මුහුදු මාලු මෙහෙ එනකොට ගිණි ගනන්.....
කොච්චර ගනන් උනත් මොකද...මහ තැන වගේ නෙවෙ ඉන්ධර් හාමුට කන්න බොන්න ඕනෙ....මස් වර්ග තුනම...ඇයි වල් ඌරු මස්...බිබික්කමා වල් ඌරු මස් වලට රුසියා...මස හයිය දාට ගස් ලබු ගැටයක් වත් දාන්ඩ දෙන්නෙ නෑනෙ ලපටියට කන්න ආස නෑය කියලා ....
බලන්ඩ ඕනේ.....මහ තැන ගෙට අරන් උයන්ඩ අකැපයි කියලා එලියෙ ලිපක් හදාගන උයන ලස්සන...අනේ මොන බොරුද එලියෙ උයනවා.....බිබික්කමව පාක්කුඩම වගේ වඩම්මන් ගෙයි අස්සෙ නේන්නම් ගිල්ලන්නෙ....
මං බත් එකෙ තිබුන අනිත් හොදි පිනි දිහා බැලුවා....රෑ බත තව දිරෙව්වෙ වත් නෑ..ඒත් මහ තැන හෙට දවල්ට කන එකත් නියම කරන් ඉවරයි.....අනේ ඒත් අපේ ගෙවල් වල....තිබ්නොත් එහෙමයි...නැත්තන් එහෙමයි....ඉන්ධර් හාමු නම් මට බැන බැන හරි බත් එකක් දුන්නා...ඒත් මහ තැන...අනෙ අම්මෙ..කවදාවත් ඇට වෙන් වෙන බත් පතක් දෙන්නෙ නෑනෙ....
ඇසලයො...මක්ක කරනවද උඹ මේ රෑ ජාමෙ....
අපෙ මැනිකෙ....
මං උන්නෙ හෙට දවල් බතට හදන්ඩ තියාපු දෙල් ගෙඩි දෙක්කයි...මං ලව්වම නැටි කඩවලා සුද්ද කරාපු අගුණ කොල වට්ටිය දිහායි බලාගන...හෙට මේ දෙක එක්ක අනිවාර්යයෙන්ම හරක් මස් උයයි...හීනියට කපාපු හරක් මස ඇස් වල කදුලු පනින ගානට සැරට හදලා දෙල් උයයි....මැල්ලුම මලවයි....අනික සුවදැල් හාල් ....
දෙපැත්තට පැද්දි පැද්දි කුසියට ආව මහ තැන මාව දැක්කා...සැර උන් නෑ.හැබැයි...ගෑනිගෙ මූනෙ මොනවට හරි හේතුවකට හිනාවක් ඇදිලා තිබුනා.....
උඹ ඔය අද ගෙදර යන්ඩ කියලද...
..එහෙමයි මැනිකෙ .. .අප්පච්චි ගියාට මොකද ...කට ගොන්නක් බීගත්තොතින් ආයම ඒවි...ආයම අම්මට තලාවි...අප්පච්චි කියන නම හන්දා ඉවසන් ඉන්නවා අපෙ මැනිකෙ....
උඹ කියන කතාව හැබෑව...මහ හාමු ඉන්නෙ ඕකට අච්චු කරන්ඩ බලාගන...ඇරත් අර කෙලි දැන් ලමිස්සි...
ඕන් ඉය කේතලේ ලිප තියපන් ඇසලයො....හේමු මහත්තයාගෙයි බේබි හාමුගෙයි කිරි එක හදන්ඩ.....
.යන්න හදපු මං ආයම කිරි එකක් හදන්ඩ ලිප ඇවිලුවා...හැමදාම මේ නෛයාඩගම තමයි..... මහ තැන කිරි වීදුරු දෙක සියපාරක් හේදුවා...ඉඹලත් බැලුවා....අනේ..අම්මෙ....ඉටිපන්දම් හදුන් කූරු වලින් නෙමැයි රන් කදවල් දෙක හැදිලා ඉන්නෙ....
මහ නාකියට රෑට කිරි ඕනෙ.....ඒ පුරුද්දම බිබික්කමටත් තියනවා..අනේ මේ කිරි නැතුවට අපේ එකත් හොද හොද කිරි බොනවා.....
මැනිකෙ....
හරිද....
එහෙමයි.....
ම්න්..මේ බත් පත අරන් පලයන් ....තාම උඹලගෙ ගෙදර උයලවත් නැතුව ඇති...නන්දට ගෙදර කැඩුන බිදුන හිඩැස් පුරවලා පන යන්න ඇති...
එහෙමයි මැනිකෙ....
හ්ම්.....බේබි හාමු හෙට වාසිටි යන වෙලාවක් කිව්වද උඹට
නෑ අපෙ මැනිකෙ...මට ඒ ගැන මොකුත් කිව්වෙ නෑ.....මොකටත් මැනිකෙ පාන්දර නැගිටින්ඩ. ...මාත් නැති එකේ.....බේබි හාමු අද වගේ යන්ඩ යයි....
ම්ම්ම්.. ඒකත් ඇත්ත.....මං අහගන්නම්ක...උඹ පලයන් එහෙනම්.....
හොදමයි අපෙ මැනිකෙ...එහෙමයි.....
හීන් නූලෙන් මහ තැනගෙන් පලියක් අරගන දෙගිඩියාවෙන් වගේ බත් එක් දිහා බලන් උන්න මට නිකන් රටක් රාජ්‍යක් ලැබුනා වගෙ දැනුනා...ලුණු ඇතා නැතා..මිරිස් තුන පහ ඇතා නැතා...පොලුයි බතුයි හරි කාලා බඩ ගින්න නිවාගන්න පුරුදු උන අපිට සමහර තැන් වල බත් පතක් කියන්නෙත් මහ මෙරක්....ඒත් ඉන්ධර් හාමු බඩගින්නෙනෙ....මං ලව්වා කවාගත්තු බත් කටවල් දෙක ඇතිද කනකොට කොතක් ගහලා වගේ කන්නෙත්..... .....
මං ගෙදර එනවා කිව්ව හන්දා හාමුගෙ බඩගින්න අපේ ගෙදරදිම වාශ්ප වෙලාද කොහෙද..
බත් පතත් ඔතාගත්තු මං බේබි හාමුම මට දුන්න ටෝර්ච් එකත් අවුලන් එන්න ආවා...හැබැයි ඇහැල ගස් පහු වෙනවත් එක්කම අනේ මට ඉබේටම වගේ කාමරේ දිහා බැලුනා.....
මගෙ ඉන්ධර් ...
මට මිමිනුනා....එයා ඉන්නවා...ජනේලෙ ගාවට වෙලා ඉදන් අහසෙ තියන හද දිහා බලාගන මගෙ ඉන්ධර් ඉන්නවා...
හඳ එලියයි .....හීනි හුලන් රැල්ලයි ....රෑ අහසට හඳ පෑව්වත් ..සිත් අහසට අමාවක් උන කවියෙකුයි.. ..එක්ක...පැත්තකින් හුස්ම ගන්න මලක් ඒ කවියා දිහා බලන් උන්නා....
මේ හැම දේම එකම රාමුවක.....!...
ඒ පපුව උස් පහත් වෙනවා.....මං ඇහිපිල්ලමක් වත් නොගහම බලන් ඉන්නකොට මං බලාගන සේපාලිකා පදුරෙ මලක් නටුවෙන් ගිලිහිලා බිමට වැටෙනවා...ඒ එක්කම නොහිතපු තැනකදි . අර මහ මුහුද වගේ ඇස් තියන ඉන්ධර් හාමු මගෙ දිහා බැලුවා...
.දැන්...කවියයි...හුස්ම ගන්න මලයි එකම රේඛාවක.....!
"මැනික...."
මගෙ පපුවට කරන්ට් වැදුනා....ඇහුන් නැති උනත්...මට දැනුනා...ඉන්ධර් මිමිනුවෙ මැනික කියලා ....
උඹගෙ ආදරේ කියන්නෙම ඍතුවක් ඉන්ධර් හාමු...
මගෙ හිත මුමුනකොට ඉන්ධර් හාමු හද එලියට මුන අල්ලන් මා එක්ක හිනා උනා....
හඳට තනිකම කියන කවියගෙ මූනෙ හිනාවක්...හරි ආදරනීයම හිනාවක්....
තවත් තත්පරයක් දෙකක් බලන් උන්න මං එන්න හදනකොට තනි වුන කවියගෙ කාමරෙන් අධිමාත්‍රාවක් යනවා ලාවට ඇහුනා....
.අඩුම ගානෙ අමරදේව මාස්ටර් හරි ඒ හිත හදාවිනෙ...!

සඳ ආදරයෙන් අහස පුරා...
රටා මවනවා.....!!!
අම්මෙ.....
මං කෙලින්ම ගෙදර ආවා...කහපාට ටෝර්ච් එලිය දිගෙ පොල් වත්ත මැදින් මං කනාමැදිරි එලි වගේ ලාම්පු එලි ඇවිලුන මගෙ ගෙදරට ආවා...කෝපි මල් සුවදයි.....
.වැටක් වගේ හිටින්ඩ වවාපු කෝපි ගස් වල මල් සුවද මහ රෑ ගම්මැද්දෙ යන්නෙ කාව බලන්නද කියන්න මටවත් හොයා ගන්න බැරි උනත්....උන් යන තැන කොහෙද කියලා නොකියාම යන්න ගියා....
එක අතකට..අපි විතරද කෝපි මල් සුවදට ආදරේ කරන්නෙ...ඇයි...මල් සුවදට බැරිද තව කාටත් ආදරේ කරන්න....
අම්මා....
ඇසල....
කෝ සුද්දියා ...
අර ගෙයි .....පොත් වල වැඩ.....
ම්ම්ම්.....ඒකිව හෙට ඉස්කෝලේ යවන්න ...මුදලාලියගෙ ගෑනී....හරියට අරියාදු කරනවලු අම්මෙ....ගුරු කම පැත්තකින් දාල....මට දෙකක් කියන්ඩ හිතයි ඒත්.....ආය සීනි රාත්තලක්වත් ගන්ඩ බැරිවෙයි කියලයි මන් පස්ස ගහන්නෙ...
දුම කාගෙන එස් ලෝන් බට කෑල්ලකින් ලිපට පිඹපු අම්මා ඇස් දෙක ගිනි රතු කරන් මගෙ දිහව බැලුවා.....
අනේ පපුවෙ ඇට ගැන්න හැකි....අම්ම තනපටක් අදින්වටත් පාඩුයි.....
මහ මැනිකෙ කිව්වා හරි....ගෙදර ඇවිදිනුත් මහ එකාගෙ හිරි අරගන්න පොඩි පට්ටම් කරපුවා ආයම අටවපු අම්මා දැනුයි උයන්නෙ...
මට අම්මා ගැන මහ වේදනාවක් දැනුනා...ඒක මගෙ පපුවටත් බර වැඩි.....සමහර ගෑනු රූප ඉන්නවා....කනට දාන අරුංගලේ ඉදන්...මහ පොලවට පස් වෙනකන් වත්...සැප කියන දේට උරුමක් විහිලුවටවත් දෛවය අස්සෙන් ලියන් ආවෙ නැති...
මැනිකෙ බත් එකක් දුන්නද පුතේ.....
ඔව් ...අම්මා මක්කද හදන්නෙ...
බත් ඩිංගක්....විතරයි...දවාලෙ උයාපු උම්මලකඩ හොද්ද තියනවා
ඇයි අරකිගෙ කායම් පරිප්පුව
ඒ මගුල් කාල බඩ යන්ඩද...ඒකි මගෙ මිරිස් බෝතලේ ඉවර කරලා....
ඔය උයන්ඩ ඉගන ගත්තු දෙන්...ඒකිවත් හොද තැනකට ගියොතින්..මට ඇති අම්මෙ....
මං අතේ තිබ්බ බත් එක හොදි වලන් තියන මෙසෙ උඩින් තියනකොට අම්මා ලම්පු දැල්ල පොඩ්ඩක් ඉස්සුවා.....දැන් එලියයි.....
අම්මෙ....හ්...
අන්න අරකි කෑ ගහනව...අනේ ඩිංගක් බලපන් ඇසල...
සුද්දියගෙ කටහඩ ඇහුන මං ගෙට ගියා....ඒකි ඉන්නවා..ලාම්පුවක් ගාව බිම වැටීගන උන්න ඒකි ලියන පෑනෙම්ම ඔලුව කස කස මොනව හරි කල්පනා කරනවා
මොකද උඹ බෙරිහන් දෙන්නෙ...
යෝහ් ....රචනාවක් ලියන් එන්ඩ කිව්වා...
ඉතින්....
තාත්තා ගැන.....
...
මට රත්නපාලයා ගැන ලියන්ඩ මොකුත්ම එන්නෙ නෑනෙ අයියෙ.....
අම්ම ගැන ලියපන්...
උඹට පිස්සුද.....අර මුදලාලියගෙ රූපසිංහ මාව දනගස්සවයි
අප්පෙක් උන්නට.....අම්මට අප්පට දෙකටම ඉන්නෙ අම්මනෙ...උඹ අම්ම ගැන ලියපන්....මොකද අප්ප ගැන උඹට කවදාවත් හොද මතක තිබුන් නෑනෙ....තිබුනත් .ඒක එකයි දෙකයිනෙ....
එක්කො...මං රත්නපාල ගැන ලියනකොට වයලටාගෙ අරක්කු ගුබ්බෑයම ගැනත් ලියන්ඩද...
උඹට අප්පගෙ වැරදි ගැන ලියන්ඩ ගියොත් ...මේ ජීව්ත කාලෙත් මදිවෙයි සුද්දි....
මං ඒකි ගාවින් ඉදගත්තා ....ඉදගන ඒකිගෙ සිංහල පොත දිහා බැලුවා.....අකුරු ලස්සනයි....බෝල වගේ අකුරු.....
මං එක්කො...උඹ ගැන ලියන්නද අයියෙ.....
මන් උඹගෙ අප්පා නෙවෙනෙ....
.ඒත් ....රත්නපාලයට වඩා උඹනෙ අප්පා වගේ ඉන්නෙ.....
මං මොකූත් නොකිය උන්නා...ඒකි මගෙන් අහනවා මං ගැන ලියන්නද කියලා ..ඒකිට අප්පා විදිහට දැනෙන්නෙ මාව උනත්....මට මුදලාලියගෙ ගෑනි ගැන බය හිතුනා....ගුරියක් උනත් මහ හැපිනි ගති...
මං උඹ ගැන ලියන්නම්ද....අනික..මේක මේ තරගෙකට යවන්නෙ...
උඹගෙ එක යවයිද සුද්දි....
මට එකපාරම වනසිංහ මිස්ව මතක් උනා.....සුරවීර මහත්තයා ගොඳුරු ලොබ අස්සෙ මවාපු අපිටත් දවසක ඉරපායාදො එකේ උන්න වනසිංහව මතක් උනා....සිරියාවතී කෙනෙක්ව මං සුරවීර මහත්තයගෙ අකුරු අස්සෙ දැක්කෙ ඉන්ධර් හාමු දීපු පොතකින් වෙනකොට මන් හිතුවෙ නෑ සිරියාවති කවදාවත් ඇස් පනාපිට යතාර්තයක් වෙයි කියලා ....
මං බලන් උන්නා...ඒකිට තියන තරහවටද කොහෙද දොරේ බුදුන්ගෙ පට්ටම මට දීලා අප්පච්චිට රත්නපාලයා කිව්වා ....
....
ඒකි තිත් තුන හතරක් තිබ්බා...තියලා මා දිහා බැලුවා
අප්පච්චි හරියටම කනේරු වගේ නේද....
.......
අප්පච්චි ටොක් ඇට(කනේරු)...අම්මා හරියටම සීනි වගෙ....ඒ දෙකම එකට එකතු උනාම හැදෙන විස උඹයි මමයි වගෙ නේද ඇසල...
මගෙ ඇස් ලොකු උනා...බට්ට පැන පැන මාව අම්මව කෑ ගස්සන සුද්දියා මහ පන්ඩිත කතාවක් කිව්වා.....
මට හිතෙනවා රත්නපලයා හරියටම ටොක් ඇට වගේ කියලා ලියන්න.....රත්නපාලයගෙ ධාතුවෙම්ම එලියට ආව ඇසලයා මගෙ අප්පච්චි කියලා ලියන්න...ඒත්.....
උඹට හිතෙනදේ උඹ ලියපන්...ඔය කිව්වට උඹ ඔය ධාතුව කියන දේ දන්නවද ...
........ඇයි උඹම අර පොත් අස්සෙ බරට ලියලා තිබ්බෙ.....ජාතක වෙන්න ධාතුව දුන්නට පීතු පාදන් නමාමි කියලා .....ඉතින් ඒක තමයි මාත් ලිව්වෙ...
මං මොකුත් නොකිය අහක බලාගත්තා ..මොකද මට බේබි හාමු කියාපු වචන මතක් උනා....අම්මට තිබුනෙ පෙති ගිලින්ඩය කිව්වා.....ඇත්ත...අපෙ අප්පච්චිලා වගෙ මිනිස්සුන්ට ජාතක වෙන අපි පව්.....අර කතාවක් තියනවනෙ අපි මේලොකෙට එනකොට එක අතක සතුටයි...අනිත් අතෙ දුකයි ගුලි කරන් එන්නෙ කියලා ..මං හිතන්නෙ අම්මයි මමයි සුද්දි ඉපදිලා තියෙන්නෙ දුකම ගුලි කරගන...
ඔලුව පහත් කරන් පොතට එබීගන ඉන්න සුද්දියගෙන් ලාම්පුව පොඩ්ඩක් ඈතට කරපු මං ඒකිගෙ බෝල අකුරු අස්සෙ මං බලාගන ඒකි කනේරු ඇටගොඩක් එක්ක වස් කවි ලියනවා.....
ආ පුතෙ උඹ එලියෙද නිදියන්නෙ...??
පැදුරු කඩමාල්ල ඉස්තෝප්පුවෙ එලපු මගෙ දිහා බලපු අම්මා මං එලියෙද නිදියන්නෙ අහනකොට මං වචන වලින් ඔව් නොකිය ඔලුව හෙලෙව්වා බත් කටකට වඩා කාගන්න බැරි උන මට බත් කටවල් පහ හයක්ම හිර උනා....
බේබි හාමු....
හිර වෙන බත් කටක් ගානෙම මතක් උනේම ඉන්ධර් ව වෙනකොට තට්ට තනිවෙච්ච හද ගාව පාලු කපන්න ඕන උන මං පිලේ පැදුර එලා.ගත්තා....අම්මා එහෙම්ම දොර අඩවන් කෙරුවා ...
කෝපි මල් සුවදයි.....
කිරි මඩ පාටට තිබුන කට්ට වෙච්ච මහ පොලවට හද එලිය වැටිලා තියනකොට මම බැට්රියෙන් වැඩ කරන පුංචි රේඩියෝ එක දාගත්තා ....සඳ කැන්....වික්ටෝර් මහත්තයගෙ සින්දුවක් .....ඉන්ධර් හාමු හන්දමද කොහෙද මට දැන් අලුත් සින්දු රසනෑ වගේ දැනුනා.....
පැදුරෙ දිගෑදුන මම හද දිහා බලාගන වික්ටර් මහත්තය එක්ක මගෙ පාලුවමකා ගත්තා...කෝපි සුවද එන්න එන්න වැඩි වෙනකොට මං බලාගන කනාමැදිරියෙක් දෙන්නෙක් කැරකෙනවා....
පුංචිම පුංචි එලියක් එක්ක කණා මැදිරියො පියාඹනකොට මට උන්ගෙ පස්සෙන් දුවන්න හිතුනා...ඒත්...වික්ටර් මහත්තයා තනිවෙන හන්දා මං ඉවසන් උන්නා.....

සදකැන් වැසිලා...අදුරෙ...කියකිය වචන වලට තාලෙ කවන වික්ටර් මහත්තයා හැදුවේ හැන්දෑ වරුවෙම නැහුන මාව නිදි කරවන්න....ඒත්.... පියාඹන් යන කනාමැදිරියො කෙරුවෙ පවුලෙ බර කරට ගත්තු වයසට වඩා ඇට්ටර උන ඇසල අස්සෙන් කවදාවත් එලියට නාව අර පොඩි කොලුවව එලියට ගන්න....
මට සමා වෙන්න වික්ටර් මහත්තයො..
මං මිමිනුවා...පොරවන් උන්න රෙද්ද පැත්තකට දාපු මං වික්ටර් මහත්තයට සදකැන් එක්ක තනිවෙන්න දීලා තෙහෙට්ටු ඇසල අස්සෙ හැංගිලා උන්න පොඩි ළමයා එක්ක නැගිටන් එලියට දිව්වා...කෝපි මල් සුවදයි....හද එලියයි....කණාමැදිරි එලියි....මගෙ දුප්පත් ගෙදර ලාම්පු එලියයි කියන්නෙ වෙනමම ලෝකයක් වෙනකොට මනර කනා මැදිරියෙක් පස්සෙ දිව්වා....
මරන්න නෙවෙ..අනේ...එක පාරක් අත් වලට මැදි කරන් බලන් ඉදල ආපහු යවන්න....
කවියෙක් නැතිව තනිවුන හද, හදෙ හා පැංච්ත් එක්ක මං දිහා බලාගන ඉන්නකොට මාව නිදි කරවන්න හැදුවත් අධිමාත්‍රාවක් කියපු වික්ටර් මහත්තා යන්න ගිහින් තත්පර දෙකතුනක් යනකොටම ඉන්ධරුත් නැති තැන මාව තනිකරන්න බැරි කමටද කොහෙද සංගීත් මහත්තා පින්වන්තියෙක්ව අරන් ආවා....
තව කෙස් ගහක දුරයි....මගෙ ඉහට උඩින් පියාඹන් ගියපු කනා මැදිරියව අල්ලගන්න තිබුනේ....ඒකා මගෙ අත් වලින් ලෙස්සිලා ගියා වැට කඩුල්ල ගාව උන්න මන් ආපිට ගේ පැත්තට හැරෙන ගමන් මට ඇතෑරුන කනා මැදිරියව අල්ලගන්න අත දික් කරනවත් එක්කම මගෙ අත් දෙකත් වහගන මගෙ අත් වලට වඩ ලොකු අත් දෙකක් හද එලිය දෙබෑකරගන මතු උනා....!!!!
පින්වන්තිය ගැන කියන සංගීත් මහත්තයත් බය වෙන්න ඇති.....
හද එලිය දෙබෑ කරන් ආව ඒ අත් දෙක කෙලින්ම මගෙ අත් දෙක වහගත්තා ...!!
කන මැදිරියව අපේ අත් හතරට හිර උනා...
කව්ද මේ....?
මේ රෑත්තිරියෙ ...??
මාවත් ගැස්සුනා
කතා කරන ඇස් දෙකක්....!!!
උඩු අතර කරකවපු රැවුලක්.....!!!
ලස්සන හිනාවක්....!!
ඉන්ධර්..... වෙන කවුරුත් නෙවෙ.....
මගෙ ඉන්ධර්...!!! හදක් කවදාවත් තනියෙන් තියන්න අමනාපම
ආදරෙ පරිසමාප්තිය.....ඉන්ධර් ඉරුගල්බන්ඩාර !!!.....

පින් වන්තියෙ මාගෙ ප්‍රේම කතාවෙ...
ඇයිදෝ මට පෑවෙ මල් මදහාසේ....
දෑස සලා සිත යට කෝල කතා....
රූප ශ්‍රියා...මා සිත උමතු කලා....
ආදරෙ පතා ඔබෙන් සිතා සිතාම ආවෙ සොයන්.....
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයන්.....!!!
"මගෙ ඇහැල මල....!!!
....
🌼...ආයම කොටසකින් එන්නම්....
ආතරෙයි හැමෝටම ....ගොඩාක්....
මම....
ජොබී...
Nedeesha !