"ස්නේහ...මනමේන්ද්‍රන්...."මං දෙපාරක් තුන්පාරක්ම මගෙ හිතින් ඒ නම මිමිනුවා....
ස්නේහ...ඇත්තටම ඒ නම ඇතුලෙ බරටම දැනුනෙ අපරිමිත සෙනෙහසක්....මට ඉන්ධර් ගැන ලෝභ හිතුනා.....මං දන්නෙ නෑ එයා කොහොමද මේ තරම් ලස්සනට නම් දාන්නෙ කියලා ....ආදරේ පපු කදෙ පුරවගන ඉනන් ඉන්ධර් කියන්නෙම ප්‍රේම පාරමිතාවක්....ප්‍රේම පුරානයක්.....
මැනික මනාපද ඒ නමට ම්ම්ම්ම්...ස්නේහ......මනමේන්ද්‍රන් කියන එක ..හරි ගාම්භීරයි...හරියටම...පැටියගෙ අප්පච්චි වගේම....මනමේන්ද්‍රන් ...බලාපනේ නම එක පාරක් පපුකදෙන්ම කියනකොට මොන තරම් ආඩම්බරද කියලා .....මගෙ කොල්ලා.....මගෙ කොල්ලා තමයි මේ ඉරුගල්බන්ඩාර ලගෙ එකම උරුමෙ....
මං ඉන්ධර් දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා...මන්දා ..පන ගහන ලේ කැටියක් වත් නැති හිස් බඩක් තිබුන මගෙ බඩ දැම්ම කොර උනා...වෙනමොකටවත් නෙවෙ...එන්න හිතල වත් නැති කොලු පැටියට නියත විවරන දෙන අප්පච්චිගෙ ඇස් වල තිබුන ආඩම්බරේ දැකලා.....
ඇසල....
තෙහස්.....
කොලු පැටියෙක් දියන් මට.....මයෙ මැනිකට පුලුවනිද ම්ම්ම්ම්ම්.....
මන් බලාගන උන්නා...මොකද මාව එරබදු මලක් වගේ රතු වේගන රතුවේගන ආවා....ඇස්වල කිසිම ගැස්මක් නැතිව මාව උඩු කද උඩ බාගෙට දිගා කරවගන න්න ඉන්ධර් හරි හිමීට මට කොලු පැටියෙක් දියන් කියනකොට හා බේබු හාමු කියන්නවත් බෑ බේබි හාමු කියන්නවත් මට කට ඇරගන්න බැරි උනා....මටත් නොදැනි ඒ වගේම ඉන්ධර්ටත් හොරාවට මගෙ අත යටි බඩගාවට ගිහින් නවතිනකොට මගෙ ඔලුවට ප්‍රශ්න කදන් කදන් කඩන් වැටෙන්ඩ ගත්තා.....
ඒත්....ඒත්...මේ පාලු ගෙදර ලේ කැටියක් පනගාවිද.....?ඇට්ටර වෙලා කරංගැට්ටි උන සර්වාංගෙ ඇතුලෙ....ඉන්ධර්ගෙ පුරුකකට සැප ඇතිවෙයිද....
මැනික.....
ම්ම්ම්...බේබි හාමු
මක්කද කල්පන කරන්නෙ ම්ම්ම්ම්ම්ම්
මොකුත් නෑ...අපෙ මහත්තයා ....
හ්ම්...මයෙ මැනිකට කල්පනා කරන්න දේවල් නැත්තන්.....මං පුලුවන් ඉක්මනට උඹලට කල්පනා කරන්න හේතුවක් දෙන්නම්කො ම්ම්ම්....එතකොට මයෙ මැනිකට පුලුවන් රැයක් දවාලක් නැතිව කල්පනා කරන්ඩ තේරුනාද ම්ම්ම්.....
මං හිනා උනා... ඉන්ධර් කතා කරනවා....මොකද මෙච්චර ලස්සන වචන තියන ඉන්ධර් ගාව මට වියදම් කරන්න කවදාවත් බර වචන තිබුන් නැති නිසා....දන්නෙත් එක වචනයයි නම්...මට සිද්ද උනා හැම වෙලේම ඒකම පාවිච්චි කරන්න...ඒත් ඉන්ධර් කවදාවත් මට හිනා උනෙ නෑ... .ඉන්ධර් කවදාවත් මාව පහත් කෙරුවෙ නෑ...ඉන්ධර් අහන් උන්නා....අහන් ඉදලා අවසානෙදි හරි ලස්සන හිනාවක් එක්ක මට උත්තර බැන්දා.....
හ්ම්....කෝ...අහකට වෙයල්ලකො එහෙනම්...ගිහින් බත් පත අරන් එන්ඩ....හරි මහන්සි ඇසල....කරමත ඉහට ගහන් එන්නෙ හොදටෝම.....
ඉන්න...මං අරන් එන්නම්....
ම්ම්...ගියාට කාරි නෑ....නයි මුගටි වගේ කාගන්නෙ නැතුව....තේරුනාද ම්ම්....අම්මන්ඩි ගෙ කට ගැන මන් නොදන්නවා නෙවෙ...මයෙ අම්මා හිත තලාගනී කියලයි මට බය......ම්ම්ම්...හ්ම්....ගිහින් අරන් වරෙල්ලකො...
මගෙ මූනත් එක්ක මොකක්ද වෙලා ගියා....මාව තියලා බත් පත ගේන්න හදපු ඉන්ධර් ව නවත්තපු මට දොර ගාවදි කියපු වචනත් එක්ක මොකක්ද වෙලා ගියා....බේබි හාමු බයෙ ඉන්නෙ දොදොලි මගෙ හිත තලයි කියලා ....හාමු දන්නවා නම් මගෙ කට ගැන.....කමක් නෑ....මම නෙවෙනෙ අංකරේට එන්නෙ....දොදොලිනෙ....
එහෙමයි බේබි හාමු....
හ්ම්....
එලියට ආව මං කටුස්සා පාට මාරු කරනවා වගේ හිමින් සැරෙ ඉන්ධර්ගෙ මුව පැටියව පැත්තක තියලා සුගල පිලිගන්ඩ අකමැතිම පොඩි මැනිකෙ උනා...
හහ් ඔය ඇහෙන්නෙ...ඔය ඇහෙන්නෙ වලන් පිගන් පොඩි කරනවා.....
අරකි බත් ගෙඩිය බැදගත්තයි දිව්වයි...දැන් ඒකිගෙත් නැවුනු කොදු නාරටි දිග ඇරීගන එන්නෙ....බලමුකො බලමුකො...ධර්මසේන අයියන්ඩි ඕකිව බාර ගනීද කියලා...බාර ගනී...බාර ගනී කියලම තමයි බය...අරකා හිතන් ඉන්නෙ යතුරු කැරැල්ල අතට ගන්ඩ....ඕකා බඩ උනොත් මං මගෙ හවරියෙන් බෙල්ලෙ වැල දාගන්නවා...
හිතේ ඇති...මයෙ කොල්ලව රවට්ට ගත්තා පරයා...මයෙ අහිංසකයා...මයෙ අම්මා කියාගන ගෙට ගොඩ උන එකා...
හිමින් සැරේඋඩ කුසියට ගියපු මං වේවැල් කූඩෙ අහක් කරලා බැලුවා....හිතුවා හරි ..දොදොලි මෙකෙ තිබුන ලූල් මාලුව සම්පූරනම හොරා අරන්...දැන් තියෙන්නෙ එලවලුයි මැල්ලුමයි විතරයි .....
මං බත් පත අතේ තියාගන තත්පරයක් දෙකක් බලාගන උන්නා...අරකි දොදොල ගස්ස ගස්ස එහාට යනවා මෙහාට යනවා...කාපු බීපු වලන් වලන් ජොහොර කර කර මගෙ අම්මට වැඩ වැඩි කරනවා.....
අම්මන්ඩි ....
බත් පත අතේ තියාගන උන්න මං කොන්ද කෙලින් තියන් මහ තැන ගාවට යනකොට ඒකි රවලා වගේ මගෙ දිහා බලලා අතෙ තිබුන බත් පත දිහා බැලුවා....ඉන්ධර් කියන්නෙ මසක් මාලුවක් නැතුව බත් කටක් කටේ තියන එකෙක් නොවුනකොට මහ තැන මගෙ දිහා බලලා කින්ඩියට හිනා උනා..හරියටම උඹ දැන් මස් මාලු නැතුව කවලා පෙන්නපන්කො කියන්න වගේ....
අම්මන්ඩි උඹලයි බත් පතේ තිබුන පිලී ජාති හොරා ගත්තෙ...එහෙමනෙ...
මං ඇස් දෙක හීනි කරන් හරී හිමීට උනත් තදින් සුගලගෙන් ඇහුවා..මොකද මං එනකොට ආවෙ බාගෙට දොර ඇරලා.....
ඔව්.....මං තමයි බොල.....මං තමයි .....අවුරුදු පනහට කිට්ටු වෙන්ඩ එනවා අද වෙනකන් මයෙ එකා පිලී නැතුව බත් ගිල්ලෙ නෑ....බලන් ඉදපිය....මේන් කියලා කාවි...දැන් බලපිය....තෝද...මමද කියලා ...
හ්ම්...එහෙමද....තාම පෙකනි වැල එල්ලන්මයි ඉන්නෙ නේ....මට මගෙ වාහෙ එක්ක පවුල් කන්ඩ දෙන්නෙම නෑ වගේ උඹලා නේ ....හ්ම්....උඹට පිට ගැස්ම ඇවිදින් ඔය පෙකනිය ඉදිමෙනකන් මගෙ වාහෙව එල්ලන් ඉදපන් හැබැයි...මතක් කරලා.....මට එවන වින්නඹු අම්මට කියපන්.....මගෙයි...ඉන්ධර්ගෙ පැටියගෙයි පෙකනි වැල අමතක නොකර කපන්ඩ කියලා ....තේරුනාද .....
සුගලා උනත් කපටි...මහ ලන්තෑරුමාට අහු වෙයි කියලා සද්දෙ වහලා දත් මිටි කකා මට තර්ජනේ කරනකොට මමත් කෙරුවෙ මගෙ වාහෙට හොරාවට ගුගුරපු එක....
හහ්...එච්චර ඉක්මනට.....මගෙ කොල්ලව අල්ලගත්තා මදිවට.....උඹ හදන්නෙ....බඩත් වෙන්ඩද...බලන් ඉදින් ..මේ කපේට ඔය බඩට පිම්බෙන්ඩ ඉඩ තියෙයිද කියලා .....
හ්ම්...කරන මගුලක් කරපන්....හැබැයි...පිරුන බඩක ගැහෙන්නෙ උඹගෙ පුතන්ඩියගෙ ලේ කියන එක අමතක කරලා මගෙ බඩ හෝදපන්..ඒ හෝදලා...ඊලග ආත්මෙත් ගෑනියෙක්ම වෙලා ඉපදිලා මිනිස්සුන්ගෙ කටින් මූ දේවි කියන පදේ අහන්ඩ බලන් මගෙ බඩ හෝදපන්....උඹ හිතනවද මගෙ බඩ පාලු කරන කරන පාර මයෙ වාහෙ නිකන් ඉදී කියලා ....හොදට මතක තියාගනින් ...උඹට හති වැටුනට...මට හති නෑ බොල ....තෝ හත් පාරක් හේදෙව්වත්...මං මොන සන්නිය නටලා හරී මගෙ වාහෙගෙ පැටියෙක් උකුලට ගන්නවමයි අන්න...ඒකත් දැනගන්....
අපෙ මැනිකෙ...
මන් උන්නෙ යකා වැහිලා...මගෙ යටි බඩට දබැරැගිල්ලෙන් ඇන්න මහ මැනිකෙ කිව්වෙ ඉන්ධර්ගෙ උරුමෙට පන ගහන්න ඉඩක් තියන්නෙ නෑය කියලා වෙනකොට මං ඒකිගෙ දබැරැගිල්ල තද කරලම අල්ලපු පාරට ඒකිට කෙදිරි ගෑවුන උනත් මහ මැනිකෙලා පොඩි මැනිකෙලා මේ කාකොටා ගන්නෙ වාහෙලාට හොරාවට හන්දා දොදොලි වේදනාව දරාගන දත්මිටි කනකොට නොහිතන වෙලාවක ඉන්ධර් ආවා විතරයි අරකිගෙ මූන බලන් ඉන්නකොට වෙනස් උනා....
බේබි හාමු...
මක්ක කරනවද තාම....බලන් ඉදලා බැරි තැන ආවෙ...
මයෙ කොල්ලව බඩගින්නෙ තියන්නෙ නැතුව ඕක අරන් පලයන්....මං මේ අවුරුදු ගානටම මගෙ එකාට පිලී ජාතියක් නැතුව කවපු අම්මෙක් නෙවෙ....ඕන් බලාපන්....පුතා..වහෙට වත් නොතියා අම්මන්ඩිට බත් බැදලා දීලා ...මේ වලන් හට්ටි මුට්ටි ඔක්කෝම එකි පිහදගන ගිහින්..අනේ සංසාරෙ.....ගම් බිත්තරයක් වත් තිබ්බා නම් උඹලට තම්බලා දෙනවා...කරුමෙට බිත්තරයක් වත් නෑනෙ...
කොහෙද ..මයෙ පුතා මැනිකෙ මැනිකෙ කියලා කරගහන් තියෙන්නෙ වාහෙට වත් සලකන්ඩ නොදන්න එකෙක්වනෙ...
මම බත් පත අතේ තියාගන මීක් නොගා ඉන්ධර් දිහා බලාගන උන්නා.. ..හැබැයි මං මොකූත් කිව්වෙ නෑ....ඉන්ධර් මගෙ අතේ තිබුන බත් පත දිහා ඇස් දෙක හීනි කරගන බලාගන උන්නා...අනෙ දෙයියනේ ඉන්ධර්ට තරහා යයිද...
අපෙ මැනිකෙ ඔය බත් පත ගෙනාවා නම්.....
මයෙ පුතා....
අම්මන්ඩි ඩිංගකට පැත්තකට උනා නම්...මන් අඩ ගැහුවෙ...වාහෙගෙ වැඩක් වත් හරියට කරගන්ඩ බැරි මගෙ මායියට..... පැටව් ගහන්ඩ කලියෙන් උඹ දැනගන්ඩ ඕනා මට වෙන්ඩ ඕන යුතුකම් මනාප අමනාප කම් මොනවද කියන්ඩ...
ඉන්ධර් අත් දෙක පිටිපස්සට බැදගත්තා ...ගොම කොල පාට සරම ඇදගන ඇදපු කමිසෙ බොත්තම් බාගෙට පියවන් උන්න ඉන්ධර් මගෙ දිහා බලලා හරි තදට කතා කෙරුවා ....එ කියන්නෙ...ඉන්ධර් මගෙන් නාහම තීන්දුව දෙනවද...ඒත් මං බත් පතට තිබුන හොදම කොටසනෙ දැම්මෙ.....
.බේ..බි හාමු.....
ලගට ආවා නම්.....
ලොකු මැනිකෙ ....
අඩුවට උන්නෙ මහ ලන්තෑරුමා විතරයි ....දැන් ඒකත් සම්පූර්නයි...බත් එක අතේ තියාගන උන්න මං ගහක් ගලක් වගෙ හිටන් ඉන්න ඉන්ධර් ගාවට යනකොට කාමරෙ උන්න පරිප්පු හාමුවා දොදොලිව හොයන් ඇවිත් මා දිහා වහේම මගෙ අතේ තිබුන බත් පත දිහා බැලුවා....
ඇසල...මක්කද වෙලා තියෙන්නෙ කිව්වා නම්.....
මක්ක වෙන්ඩද.....පොඩි මැනිකෙ වාහෙට සලකන හැටි තමයි ඔය...අපෙ මහත්තයා ..මං ඔහෙත් එක්ක දීග ආවෙත් මේකටත් වඩා අවුරුද්දක් බාල වයසෙන්...ඒත් ඒ ආවයි කියලා මං නම් අපෙ මහත්තයගෙ බත් පතට අද වෙනකන් අඩුවක් කෙරුවෙ නෑ....මේකා මයෙ කොල්ලට වත් නොතියා ඔක්කොම පිලී ජාති නන්දට ඔතලා යවලා...හහ්....දැක්කයින් දැක්කෙ නෑ මෙහෙම පොඩි මැනිකෙලා කොහෙද ඉතින් කාලා දැකපු
අම්මන්ඩි කට පියෙව්වා නම්.....පුහුල අරන් ගිය එකා පවා පුහුලෙ හොරකම බලන්ඩ ආවයි කියනවලුනෙ.....
මයෙ පුතා....උඹලා....උඹලා
අපෙ මැනිකෙ..පැත්තකට උනා නම්....ඒකගෙ මායියා නම් වැරදි ඒකා තරවටු කරයි....උඹලා නහින්නෙ මක්කටද....
මං මීක් නොකියා බත් එක එක දිහා බලාගන උන්නා.....අරකි පුලුවන් තරම් ලුණු ඇබුල් දදා මගෙ වැරදිම කියනකොට වලව්වෙ ඇත්තන්ට මැදි උන මං මීක් නොගා ඉන්නකොට ඉන්ධර් මගෙ අතෙ තිබුන බත් පත උදුරගත්තා මාව ගැස්සිලා ගියා....
මයෙ අප්පච්චි ....
ඉන්ධර් ...
.ඉවකරලා බැලුවා නම්..මේ බත් පතේ ලූල් මාලු පිලිහිඩ්ඩ තාම ඉතුරුද කියලා ....එහෙම සුවදක් ඉතුරු නම්...මට සිද්ද වෙනවා මයෙ අම්මන්ඩිට කියන්ඩ මයෙ මැනිකෙ යුතුකම් නොදන්න මැනිකෙක් නෙවේය කියලා
අනෙ දෙයියනේ මට හුස්ම වැටුනා...ඉන්ධර් බත් පත ඉව කරලා කෙලිම්ම මහ දොදොලගෙ අතට දෙනකොට දොදොලත් බත් පත ඉව කරලා ලූල් මාලු පිලිහිඩ්ඩ ඉතුරුයි කියලා කියනකොට මං බලාගන තම්මැට්ටමීගෙ තම්මැට්ටම බුම්මැඩි දෙකක් වගෙ එක පාරම ඇකිලිලා යනවා..මොකද ඒ තරම් ගැඹුරට ඒකිට හීල්ලුනා...
අපෙ මැනිකෙ ඇසල....
බේබි හාමු.....
අනිත් දවසෙ බත් පංගුව වහන වේවැල් කූඩෙට උඩින් ගල් බාගයක් වත් තියාපන්...මොකද බත් පතට හොම්බ දමාපු පූසි හරි පිලිවලට බත් පතේ පිලිහිඩ්ඩ උස්සලා තියෙන්නෙ...තේරුනාද උඹලට ම්ම්ම්ම්ම්....
මට නටන්න හිතුනා....ඉදලා ඉදලා මගෙ ඉන්ධර් දොදොලිට කන අත ගාලා කනට දුන්න පාරත් එක්ක ඒකිගෙ මූන තනිකරම සව් පාට වෙලාගියා වගේම වැඩෙ තේරුන මහ දොදොලා දොදොලි දිහා රවාගන බලන් උන්නා.
සුගලා මැනිකෙ.....
අපෙ මහත්තයා ....
ඔය අත් දෙක හෝදගනින්....ලූල් මාලු හොරාකාලා පිලිහිඩි ඇති...
අ..අපෙ...මහත්...
දෙන දෙයියො දෙන්බ ගත්තම ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ මේවට වෙන්න ඇති ..ධර්මේන්ද්‍රන් හාමු ගහපු කනේ පාරත් එක්ක මැනිකෙට කර කියාගන්ඩ දෙයක් නැති උනත් දොදොලි ගස්සවනකොට ඉන්ධර් මගෙ දිහා බලලා ඇස් වලින් එතනම තිබුන පුටුව පෙන්නුවා....
ඇයි බේබි හාමු....
මමත් ඇස් වලින්ම ඇයි ඇහුවා..මොකද .....සුගලාවති තාමත් වින කැට කැට මෙතන...
අපෙ මැනිකෙ ඉදගත්තා නම්...මනාපයි...මගෙ අතින් බත් ඩිංගක් කවන්ඩ...
මයෙ පුතා....උඹලට කරවල කෑල්ලක් වත් බදින්ඩද.....
කාරි නෑ අපෙ අම්ම්ද්.....දවසකට පිලී ජාති නොකා උන්නා කියලා මැරෙන් නෑනෙ ම්ම්ම්....බඩ පිරෙනවා නම් එච්චරයි....කෝ..ලගට වරෙල්ලා ඇසල.....ටැග් ගැහෙන්න බෑ අපෙ මැනිකෙ.....හවහ කරන්ඩ රාජ කාරි කෝටියයි....ඩිංගිත්තක් ඇහැ පියවලා ඒවට දුවන්ඩ ඕනෙ....කෝ...ආ ගාපල්ලකො
මගෙ බඩ බොකුත් එක්ක කූල් වෙලා ගියා....සුගලා මැනිකෙගෙ කුන්ඩහට්ටියක් වෙලා තිබුන මූන දිහා බල බලම ඉන්ධර් මට බත් කවන්ඩ හදනකොට වෙච්ච අවනම්බුව වහ ගන්ඩ කරවල කෑල්ලක් බදින්දඩ අහපු දොදොලිට මගෙ ඉන්ධර් දුන්නෙම දුවන්ඩ පාරවල් නැති උත්තරයක් වෙනකොට ඉන්දර් ඉස්සරහා මුව පැටියා වගෙ ඉන්න මං ඒ ඇස් වලට හොරාවට මහ දොදොලි දිහා බලල කට කොනකින් හිනා වෙන ගමන් ඇස් හීනි කෙරුවා .....හරියටම " දැන් ඔය ගිලෙන්නෙ නැති දේවලුත් ගිලෙන්නෙ...."කියන්න වගේ.....
කෝ...ආගපල්ලා....
මං උන්නෙ ඉන්ධර් ඉස්සරහ ඉදගන....ඉන්ධර් මට බත් කවන්න හදන එක සුගලා දේවිගෙ ඇස්වලට කටු ඇනෙනවා හා සමානවෙනකොට අපි දෙන්නවම දාලා පද්ද පද්ද යන්න යනකොට ඒකිව පඩේකට තියා ගූ මැස්සෙක් තරමට වත් ගනන් නොගත්ත මං ඉන්ධර් ගාවට ලන් වෙලා කට ඇරියා
යෝ....ඉතින් ආ ගපල්ලකො බත් කටෙන් බාගයක්ම ආපිට එලියෙනෙ මැනික ම්ම්ම්ම්...මයෙ අම්මට තියෙන්න චූටි කුරුලු හොටක්ද ම්ම්ම්...
මං හිනා උනා....මාලු නැතිවට මොකද...මගෙ අම්මා අතින් හදාපු බතට ඉන්ධර්ගේ ආදරෙත් වැටුනම ආය ලූල් මාලු මක්කටද හිතුනා... අනේ ඒතරන් ඒ බත් කට අස්සෙ මගෙ ඉන්ධර්ගෙ ආදරේ තිබුනා....
කොටු ඇගිලි වලින් අනන බත් කට ගුලි ගහ ගහ මගෙ කටට ලන් කරනකොට අම්මා ඇරුනම අප්පච්චි අතින් කවදාවත් බත් කටක් නොකාපු මට මහ වේදනාවක් දැනුනා...
ඇසල....
.....
ඇයි මයෙ රත්තරනේ මේ....
........
මයෙ මැනිකෙ.....මක්කටද මේ කදුලු වක්කරන්නෙ...උඹලා වත් නන්දා වත් වැරදි නෑ කියන්න මං දන්නවා මයෙ අම්මෙ.....
මට ඉන්ධර්ගෙ ආදරේ වෙලාවකට දරාගන්න බැරි උනා...දන්න දාක ඉදන් අප්පච්චි ගෙ ආදරේ කොයි වගේද කියන්න නොදැනුන මම...අප්පච්චි ගෙ ගුටි බැට වල රහ විතරක් අදුනනකොට ....බඩ වෙන කුනු හර්ප වල තිබුන අපුලරහ විතරක් දැනුන මට ඉන්ධර්ගෙ ආදරෙ කියන්නෙම මහ සාගරේකට වඩා එහා ගියපු අනන්තයක් නොපෙනන සංසාරෙකට වෙනකොට කවන කටක් ගානෙම මගෙ නිකටට යටින් අත තිය තිය බත් ගුලි කවපු මට එක පාරම ඇඩුනා...
මට ඕන උනේ අප්පච්චි ගෙ ආදරේ උනත් .. ඉන්ධර් හිතුවෙ මං අඩන්නෙ බත් පතේ ප්‍රශ්නෙට කියලා වෙනකොට අඩන මාව සනසවන්න ඉන්ධර් නොකියපු දෙයක් නෑ.....
මං උඹලට බැන්නෙ නෑනෙ මයෙ ඇසල.....ඇරත්...කන වෙලෙ අඩ අඩ කන්න එපා මයෙ රත්තරන්...කන එකටත් පාඩුයිනෙ...කෝ...නාඩා ආ ගාපල්ලකො....ම්ම්ම්ම්ම්
මගෙ....තෙහ...ස්.....
කියපල්ලා...මක්කටද මේ හූල්ල හූල්ල අඩන්නෙ කියලා...මහ මැනිකෙ මයෙ අම්මගෙ හිත රිදෙව්වද කියපන්..මං උඹව අරන් කෙලිම්ම කාත් කවුරුත් නැති මහ වලව්වට යනවා ඇසල....ඔන්න මං නොකිව්වා කියන්ඩ එපා...උඹලා දන්නවා අපෙ මැනිකෙ...ආය මං ගත්තු තීන්දු තීරන මට ඇරෙන්ඩ කාටත් වෙනස් කරන්ස බෑය කියලා ම්ම්
මං බය උනා...අඩ අඩ උන්න මං ඉක්මනට කදුලු පිහද ගත්තා ..මට බය හිතුනා මාවත් අරගන ඉන්ධර් මහ වලව්වට ගියෝතින් අසරන වෙන්නෙ මගෙ අම්මා සුද්දියා හන්දා....මගෙ අම්මව ආයම ඉදල්ගස් හින්නෙ පොඩි මැනිකෙ කරනකන් ඉවසපන් කියලා වරු ගානක් ඔලුව අත ගාපු ඉනදර්ට ආයම තරහා ගියෝතින් මටවත් එ වචන වෙනස් කරන්න බැරි වෙයි කියලා දන්න මං ඉක්මනට කදුලු පිහදගත්තා .....
කියාපන්....මක්කද අඩන්න කාරනාව....ඔච්චර ඔය ඇස් රිදවලා නිස්කාරනේ කදුළු වියදම් කරන්ඩ එපා මයෙ ඇසල....උඹලට ඔය කදුලු ඕන වෙන්නෙ තව ඉස්සරහට .....හැබැයි ඉතින් ...ඒ හැම කදුලක්ම සතුටු කදුලු බ්න්දුවක් විදිහට ඔය ඇස්වලින් එලියට එනවා මිසක්...මගෙ කිසිම මනාපයක් නෑ මගෙ ලමාතැනී නිස්කාරනේ කදුලු වියදම් කරනවට කියන මතක තියාගන්නවා නම් මනාපයි මම ම්ම්ම්ම්....
මට....අප්පච්චි මතක් උනා...තෙහස්.....
අප්පච්චි .....??ඒ මක්කද.....මේ තකහනක්....ම්ම්ම්ම්ම්
න්..නෑ....අප්පච්චි ...කවදාවත් ....මටවත්.....සුද්දියටවත්...ලගට අරන්...බත්
හාහා...හා...කෝ කෝ..නාඩා ඉදිල්ලා ඉතින්.....මගෙ නොදරුවට දුක හිතුනද ම්ම්...මං ඉන්නවනෙ ඉතින් මයෙ අම්මට...කෝ...වරෙල්ලා...වරෙල්ලා....
පැටියට අප්පච්චි වෙන්න කලින් මයෙ අම්මට අප්පච්චි වෙන්නම් ඉතින්....ඔහොම අඩන්න එපානෙ ම්ම්ම්ම්.....කෝ...ආ ගාපන්කො....මං ඉතින් උඹලට ආදරෙයිනෙ ම්ම්ම්ම්..කෝ.....මගෙ දරුවා උඹ.....කෝ ආ ගාපන්...ඉතින් උඹම කියපන් කො....මං කොහොමද පැටියෙක් හදන්නෙ...උඹම තාම පැටියෙක්නෙ මයෙ රත්තරනේ.....හා..හා..කෝ...නාඩපන් ඉතින්...මයෙ අම්මව මං අප්පච්චි වගෙ බලාගන්නම් ...
මං කදුලු පිටින්ම ආ ගෑවා...මේ පාර නම් බත් ගුලිය කලින්ට වඩා පොඩි වෙනකොට ඉන්ධර් එක අතක පිට අල්ලෙන් මගෙ කදුලු පිහදුවා විතරක් නෙවෙ කම්මුලට හාදුවක් තියලා ඔලුවත් අත ගෑවා...
ඇත්ත ඉන්ධර් කියන්නෙම ආදරේ දලු දාන මහ රූස්ස ගහක්...ඒ ආදරේ හයිය කොයි තරම්ද කියනවා නම්...ගැඹුර කොයි තරම්ද කියනවා නම්...මුල හයිය රූස්ස ගස්වල මුදුන් මුල පොලෝ කුහරෙ පසාරු කරන් අපායට යන තරම් දුරකට ඇතී කියන්න තරම් මට හිතුනා.....
ඇත්තටම ...ඉන්ධර්ගෙ ආදරේට පරිමාවක් නැද්ද කොහෙද...මෙට්‍රික ටොන් වලින් ගනින්න බැරි තරමට බරම බර ආදරයක් දරාගන ඉන්න පපු කද කියන්නෙම මට මිහිපිට ස්වරගයක් වෙනකොට ...අම්මගෙන් පස්සෙ මට මුන ගැහුන අසමසම... මනුස්සයා ඉන්ධර්ම විතරක් උනා.....අම්මගෙන් පස්සෙ මිහිපිට නිවන පෙන්නපු එකම මනුස්සයා ඉන්ධර් විතරක්ම උනා......
මැනිකට දාහෙද...
ම්හ්....
මං උන්නෙ ඉන්ධර්ගෙ අත් ගොබේ උඩ....හතර වියන් බැදපු සැප පහසු ඇදේ බිත්තිය පැත්තෙ උන්න මාව ඉන්ධර් අත් ගොබේ උඩ නිදිකරවන් මගෙ පැත්ත හැරිලා උන්නා.....ඇදන් උන්න කමිසෙ ඇද විට්ටම උඩ නිදි කිරනකොට ඉන ගාවට විතරක් පෙරවුන තනිම සුදු ඇද රෙද්ද අස්සෙ ඉන්ධර්ගෙ බර කකුල මාව යට කෙරුවා ....එක අතක් මගෙ ඉන හරහා වැටිලා තිබුනා.....මන් උන්නෙ ඉන්ධර් දිහාවට වගේම ඉන්ධර් උන්නෙ මගෙ දිහාවට හැරිලා වෙනකොට කමිසෙන් වහන් උන්න පලල් පපුව මගෙ ඉස්සරහා නිරුවත් වෙලා තිබුනා.....
ඇත් දල පාටයි...වෙලාවකට ලා කහ පාටයි....
මගෙ හිත ඉන්දර්ගෙ අඩ නිරුවත ගැන පුරසාරම් දොඩවනවා.....අත් ගොබ යට තිබුන කලු කෙස් කියන්නෙම දාඩිය ගදගහන තැනක් උනත්...අද වෙනකන් මට ඉන්ධර්ගෙන් දාඩිය ගදක් ආවෙ නැති එක ගැන මට පුදුම හිතුනා...
ඒකට එකම හේතුව...මං වගේ නෙවෙ...ඉන්ධර් එයාවත් පරිස්සම් කෙරුවා...එ සර්වාංගෙට දෙන්න පුලුවන් උපරිම ලෞකික සැප දුන්නා.....මං හිතන්නෙ...මේ අවුරුදු හතලිස් ගානට මේ සර්වාංගෙ නාලා තියන සුවද දියර ජාති ගාන ඉන්ධර්වත් දන්නෙ නැතුව ඇති....
සැරින් සැරම ඉහලට පහලට යන උගුරු ගැටේ ඉදන් මං හරි හිමීට පහලට ආවා....දෙකට බෙදුන පපුවෙ ආදරේ හංගපු තැන හංගන් ඉන්න ආදරෙ තරම හන්දද කොහෙද ඒ පපු කද ඉස්සිලා තිබුනා..... ආයම අඩුත් නැති .....වැඩිත් නැතු බඩ වගේම....ඇගිල්ලක පලවෙනි පුරුක තරම් ගැඹුරු උන නාභිය වගේම ඊට පහලින් තිබුන තදම කලු ඝන කෙස් වැටිය කෙලිම්ම ගියෙ මගෙ සිහි නැති කරන ස්වර්න විමානෙට වෙනකොට වී අකුරෙ හැඩේට තිබුන පාරවල් කැපිලම පෙනුනා...
.සරාගීයි ...කඩවසම් ....
මට ඉන්ධර්ව ගෙ රූපෙ ගැන වනනවා නම් කියන්න තියෙන්නෙ ලෝභකම නැතුවම ඔච්චරයි ...ආදරේ පිටාර ගලන මනුස්සෙයෙක් කියන එක ඇරුනම...ඉන්ධර් කියන්නෙම නිරුවතින් ඉන්නකොට සරාගී මනුස්සයෙක්...අඩ නිරුවතින් ඉන්නකොට කඩවසම් මනුසායෙක්...අනංගයගෙ දෙවොල ගාවදි නම්...මට ඒ මනුස්සයගෙ හැසිරීම් ගැන කියන්න වදන් නැති කරන මනුස්සයෙක්...කොටිම්ම....ඉන්ධර් කියන්නෙම රමනයක් ගාවදි යටවෙන මනුස්සයට දිව්‍ය සැප උපරීමෙටම දෙන්න පුලුවන් ගෑනු පරානෙකට නම් තෙත් වෙලාම මැරෙන්න පුලුවන් මහ ලෝභ හිතෙන මනුස්සයෙක්....
ඉතින්....වාහෙ හැඩද ම්ම්ම්ම්ම්ම්
මට හුස්මක් පිට උනා....දෙයියනෙ ඉන්ධර් බලන් ඉදලා තියෙන්නෙ මගෙ දිහා ඉන්දර්ගෙ ඇස් දෙක කැරකිලා තියෙන්නෙ මගෙ ඇස් වටා...එකම රෝම කූපයක් වත් අතාරින්නෙ නැතුවම අඩ නිරුවත ඇස්වලින් විදපු මගෙන් රහසින් අහපු ඉන්ධර් හිනා උනා....ඒ හිනාව හරි දගකාරයි.....
නෑ....
අපෝ නෑ....
ඉන්ධර්ට ඕනෙ මාව වසගෙට ගන්න...
මං දන්නවා....ඉන්ධර්ට ඔනෙ...කිරිපාට හද එලිය වැටෙන්න කලියෙන් අද රෑ ගැන මට නොසෑහෙන්න ආසාවන් ඇති කරවලා හැන්දෑ වරුවම පිස්සු වට්ටන්න.....
නෑ...නෑ... ඒක වෙන්න දෙන්න බෑ.....
ඉන්ධර් ...උඹ ඇවිත්...සුගලගෙයි ධර්මේන්ද්‍රන් ගෙයි පුතා නෙවෙ.....රති දිව්යාංගනාවගෙයි අනංගයගෙයි පුතාද කොහෙද ...
රහ බලලා ඉවර නම්....තුරුල් වෙයන්....
බේ..බි...හාමු.....
ඇයි...මට තහනම්ද ම්ම්ම්ම්...
මගෙ කටෙ කෙල හිදිලා ගියා...මං දන්නවා..මගෙ ජීවිතේ මැරෙනතාක් මට නම් කවදාවත් සුගලට වගේ පිට පරිප්පු කන මිනිහෙක් හම්බෙන්නෙ නැතිව යයි...ඉන්ධර් කියන්නෙම මගෙ ශරීර කූඩුව අරක් ගත්තු දේවතාවෙක් වගෙ වෙද්දි මගෙ ඇස් දෙක දිහා බලන් තහනම්ද කියලා අහපු ඉනධර් අත් ගොබේ උඩ උන්න මාව තවත් ටිකක් ලගට කරගත්තා ....
බේබි...හාමු...
ම්ම්ම්ම්...බයද....මං බලාපොරොත්තු දුන්නෙ රෑ ගැන...දවාලක් ගැන කිව්වෙ නෑනෙ.....ඉතින් මොකටද මේ දැම්ම බය වෙලා ම්ම්ම්ම්ම්.....
මට කර කියාගන්න දෙයක් නැති උනා...මේක මහ අසාධරානයි...මේක මහම මහ අසාදාරනයි ...ඉන්දර්ගෙ එක බැල්මකට උනත්...මගෙ සර්වාංගෙ අවයව එකක් නෑරම ඉන්ධර්ට නැවෙනවා මං තනිවෙනවා....
මගෙ ඇහල මල උඹ.....කව්ද දන්නෙ.....නන්දගෙ පපුව අස්සෙ හැංගිලා උන්න කොලු පැටියා මට යන එනමන් නැති කරයි කියලා ම්ම්ම්ම්...
මං ආදරෙයි රත්තරන්ට....
එක තත්පරෙන් මට ඇස් පිය උනා...මන් ආදරෙයි රත්තරන්ට කියාපු ඉන්ධර් මගෙ නලලටම හාදුවක් තියනවා එක්කම මගෙ ඇස් දෙක පිය උනා....
ඇරපු ජනෙල් පියන් වලින් එන හීනි හුලන් රැල්ල වියන් බැදපු ඇදෙ සුදුපාට ටසල් කැරලි එහා මෙහා කරවනකොට ඉන්ධර් ගෙ මහපට ඇගිල්ල මගෙ නලලෙන් පටන් අරන් හිමින් සැරේ පල්ලම් බහිනකොට මහ වැලිය මටත් හොරාවට හෙමි හෙමින් කැලතෙන්න ගත්තා .....
දන්නවද...ඇසල....වෙලාවකට මටවත් තේරුම් ගන්න අමාරුයි බන් මාවම.....මං කොහොම කොයිතරම් නම් මේ ඇස්වලට ආදරෙ කරනවද කියන්න...මටම හිතාගන්න අමාරුයි ඇසල.....උඹ කියන්නෙම මහ ලෝභ හිතෙන වස්තුවක්....ඇදට වැටුනෙ ඩිංගකට ඇහැපියවන්න හිතාගන.....ඒත්....මේ මූන..මේ ඇස් දෙක ළඟ තියාගන ඇහැපියවන්න මට හරි ලෝබයි ඇසල...
මේ ඇස් අඩවන්න එපා...මං උඹව විසිහතර පැයම හිනැස්සුවෙ නැති උනත් ...මට බෑ උඹව අඩවන්න තේරුනාද මයෙ අම්මට...උඹ දන්නවද ඇසල.....මං උඹට ආදේ නොකරපු තත්පරයක් නැතුව ඇති...
මං හුස්මක් නොගෙනම අහන් උන්නා.....මුලින් මුලින් හැගීම් කලතවන් පහලට ආව මහපට ඇගිල්ල අවසානෙදි යටි තොල ගාවදි නැවතෙනකොට ඉන්ධර් කිව්වා එයා මට ආදරේ නොකරපු තත්පරයක් නැතුව ඇති කියලා ....
ආදරේට ආදරේ කවන්නෙ ඉන්දර්ද කොහෙද.....
ඒ මහපට ඇගිල්ල හරි සීරුවට මගෙ යටි තොල හරහා යනකොට ජීවිතේ පලවෙනි පාරට මං ඒ ඝණ උඩු රැවුල අස්සෙ හැංගුන රෝසපාට තොල් වලට හාදුවක් තිබ්බා....ඉන්ධර්ට කලියෙන් අද මම ඉස්සර උනා...මගෙ ගොරෝසු අත්වල ඇගිලි ඉන්ධර්ගෙ වැවුන කෙස් අස්සෙ එහා මෙහා යනකොට මගෙ ඉන වටේ තිබුන අත තවත් මාව කිටි කිටියට ඔතා ගත්තා....සෘංගාරෙක පටන් ගැම්මත් හාදුවක් වෙනකොට සෘංගාරෙක අවසානෙත් හාදුවක්ම වෙද්දි....හෝරා ගානකින් අහසට එන්න තියන හද එලිය යට විදින්න තියන ආදරෙ බර උන ආලින්ගන ගැන යටි හිත අස්සෙ "ආසාවෙ" පුංචි පුංචි පැල වල අංකුර ඉහලට මතු වෙන වෙලාවක තත්පර ගානක දෙතොල් හාදුවක් මාව හෙම්බත් කරවන ගමන් අහවර උනා.....
මං හිනා උනා.... ඉන්ධර්ට කලින් මං ඉන්ධර් එක්ක හිනා උනා....ඉන්ධර්ගෙ අකීකරු ඇගිලි දැනටමත් මං ඇදන් උන්න එයාගෙම කමිසෙ බොත්තම් දෙකතුනක් ගලවලා තියනකොට ඒ බැල්ම තිබුනෙ කොතනද කියන්න දැකපු මං ජනෙල් කූරු වලින් එලිය බැලුවා..මොකද .....ඒ බැල්ම දරාගන්න බැරි මට...තව ටිකෙන් දරාගන්න වෙන්නෙ ඉන්ධර්ගෙ උනුසුම් තෙත හන්දා මං අහක බලාගත්තා ...මොකද ..මට හූල්ලන්නත් හයිය ඕනා.....
ඉන්.....ධ....
අවසානම අකුර මට ගිලුනා...අහක බලාගන හූල්ලන්න හයිය හොයපු මට කෝපි මලක ගෑවුන රැවුල් ගහ හන්දම අකුරක් ගිලිලා ගියා...ඇස් පියන් ඇරන් ඉන්නද.....ඇස්පියන් වහගන්නද.....මං මෙහෙ තනියම කල්පනා කරනකොට ඉන්ධර් කියන අවයවජාවාරම් කාරයට නැවුන මගෙ අත දැනටමත් ඉන්ධර්ගෙ ඔලුව අත ගගා තව තව අනුබල දෙනකොට මට කර කර කියාගන්න දෙයක් නැති උනා....
කෝපි පාට ලප...හරි ඉක්මනට කෝපි මල් වලට හැරෙනකොට ...එක කෝපි මලක් විතරක් ඉන්දර්ගෙ ආදරේ විදිනකොට අනේ තව කෝපි මලකට ඒ ආදරේ නැති වෙලා තිබුනා.....
මට බය හිතුනා..යට උන කෝපි මලේ පෙති තැලේවිය කියලා ...හැගීම් දැනීම් තියන මනුස්සයෙක් විදිහට ආදරේ සමහර තැන් ගාවදි මටම මාව පරක් කරගන්න බැරි වෙනකොට කෝපි මලක් ගාව අතරමං උන ඉන්ධර්ට මං අනිත් මලට අසාදාරනයක් කරන්න එපා කිව්වා...
තෙ....හස්.....
ම්ම්ම්ම්...
එපා....අසාදාරනයක් කරන්න....හැගීම්....තියනවා දෙපැත්තටම...
මං දන්නෙ නෑ මන් කොහොම මිමිනුවද කියලා ඒ වචන දෙක තුන...පැත්තට හැරිලා උන්න මං උඩබෙලි අතට හැරුනා....ආදරේ විදින හැම තත්පරේකම ඇස් පියන් වැහුවම දැනෙන්න ආත්මෙට තටු ලැබුනා වගේ හැගීමක් වෙද්දි හාදු වලින් පීනසේ හදාගත්තු හදවත පැත්තෙ කෝපි මලට ඉන්ධර් ගෙ රැවුල් ගස් ඇනිලම නොසෑහෙන්න කිවිසුම් යද්ද පෙති තැලේවි කියල මං නොසෑහෙන්න බය උන කෝපි මල ඉන්ධර් අස්සෙ ගිලිලා ගියා...
මට නිදි මතයි....
මගෙ උඩු හිත මුමුනවා ...
නෑ උඹ මත් වෙලා...උඹ ඉන්ධර්ගෙන් නොසෑහෙන්න මත් වෙලා....මගෙ යටි හිත උඩු හිතට බනිනවා....
.
.ඇත්ත...ඉන්ධර් කියන්නෙම දිදාලයක් ප්‍රමානයක් ගත්තත් මත් වෙන මත් වතුරක් වෙනකොට මං වහන් උන්න ඇස් පියන් අරිනවත් එක්කම තැලුන මලෙ පෙති ආයම දිගෑරපු ඉන්ධර් අවසානෙදි මගෙ මූනට එබුනා....
"මගෙ වස්තුව උඹ...."
මං රතු උනා.....මමම අනුබල දීල අවසානෙදි මටම ලැජ්ජ හිතුනත් ඉන්ධර්ගෙ ඇස් වල ලැජ්ජාවක් නාමයක් නැති වෙනකොට මෙච්චර වෙලාම හාදුවැස්සෙ තෙමිලා පීනසේ හැදිච්ච කෝපි මල උඩට අතක් තියපු ඉනධර් අර පුංචි උපන් ලපේ වගේම සෘංගාරෙන් පනගහපු පිරිමි තන දිහා බලන් උන්න ඉන්ධර් අවසානෙදි ඒ උඩ තිබුන තෙත පිහලා දැම්මා.....
දන්නවද මගෙ මැනික....දවසක් ඒවි...අද සෘංගාරෙ ගාව නැගිටපු මේ කෝපි මලම....සෘංගාරෙ එලි පත්තෙන් හිටවලා.....කිරි සුවද වෙනුවෙන් නැගිටින...
උඹ විදීවි...ඝන රැවුල වදින මගෙයි....දතක් වත් නැති ලපටි වීදුරුමහකිනුයි එන දෙවිදිහක හැගීම.....
ඉන්ධර්ට අඩි දෙකතුනක් පස්සට ගන්න වෙනදාක.....මනමේන්ද්‍රන් අඩි තුන හතරක් ඉස්සරහට ගිහින් අප්පච්චි ගෙ අයිතිය හිමින් සැරෙ උදුරගන්නකොට ආදරේ ගාවදි මම මොනවා කියනන්ද ....
සෘංගාරෙ බෙදන කෝපි මලම ආදරෙ වෙනුවෙන් පේවෙන හැටි බලන්න මට වාසනාව දියන් ඇසල....මං උඹව එදාට රකින්නෙ ඇහේ මුනෙ තියාගන.....
මන් ඉන්ධර්ට තුරුල් උනා..ආදරෙ නිල තදින්ම මිරිකෙන වචන කියාපු ඉන්ධර්ගෙ පපුවට මං ලෝබ කම පුරවගන තුරුල් වෙනකොට හැමදාම වගේ අවසානෙදි මගෙ හිස් මුදුනට හාදුවක් ලැබුනා.....
තව හොරාවකින් දෙකකින් මං එලියට යනවා....අපෙ මැනිකෙ දවස් දෙක තුනකට ඇතිවෙන්න ඇදුම් කැඩුම් ටිකක් අහුරගන්නවා නම් මනාපයි....
මං ඔලුව ඉස්සුවා.....එයා කිව්වා අපිය දවස් දෙක තුනකට ඇති වෙන්න ඇදුම් ගන්න කියලා ....ඒ කියන්නෙ...අපි දවස් දෙක තුනක් ධරමසේන හාමුගෙ වලව්වෙ නවතිනවද.....
බේබිහාමු....
ම්ම්ම්.....
අපි....ධර්මසේන හාමුගෙ
සීයගෙ කියාපන්....ඒකට මක්කටද දැන් හාමු කියන්නෙ.....ම්ම්ම්ම් මං උඹට නෑකම් වල ගැට ලෙහලා හමාරයිනෙ.....මං මනාපයි...අපෙ මැනිකෙ ඔය ගැට ගැහුන නෑකම් වල ගැට ටික දැන් හමි හිමීට ලෙහා ගත්තා නම්...
මං මගෙ ඇස් දෙක අහකට හැරෙව්වා.....මං කොහොමද එක පාරම ධර්මසේන හාමුට සීයා කියන්නෙ.....
ඉන්ධර්ට තුරුල් වෙලා උන්න මං නැගිටල ඉදගත්තා .ගැල්වුන බොත්තම් ආයම පියෙව්වා .....
බේබි....හ්
ඇසල........
අපෙ..මහත් .....තයා...මං..කොහොමද ...එක පාරටම...ධර්මසේන හාමුට සීයා කියන්නෙ....මගෙ අම්මව අහක දාපු හාමු මට නෑකම් කියන්ද දෙයිද හාමු.....
මම බේබි හාමු කියන්න හැදුවා විතරයි ඉන්ධර් කෑ නොගහා උනත් හරි නපුරු විදිහට මගෙ නම කියනකොට මං ඉක්මනට මගෙ වැරද්ද හදාගත්තා ...
වෙන උන් වගේ මං වනචර කමෙ යන මිනිහෙක් නෙවෙ බොල....දෙදොදහක් පහුවෙලා....තාම හාමු ගාන්නෙ....තෝ හිතුවද වෙන වලව්වල වගේ මාත් වැඩකාරයො එක්ක බුදියන එකෙක් කියලා ...මං තෝව ඇදගට ගත්තෙ මගෙ මැනිකෙ වෙන්ඩ අයිතිය දීලා බොල....
අනේ...ඉන්ධර්....
අනෙ ඉන්ධර්....කී වංගියක් මං ඉගැන්නුවද....ඇරත්....නන්දා කියන්නෙ ලොකු අප්පච්චි ගෙ එකම කෙල්ල.....පවුලෙන් අහක් කරාට.....උන්ට බෑ අම්මා අප්පච්චි පදවි දුන්න ඒකිගෙන් ඒ පට්ටම උදුරගන්ඩ....උඹ ඒකගෙ මුනුබුරා ...මහ හාමුගෙ එකම මී මුනුබුරා ....මගෙ මැනිකෙ...මීටත් වඩා මන් තොට කියලා දෙන්ඩ ඕනෙද....
මං අතින් කට වහගත්තා ....නොහිතපු තැනකදි ඉන්ධර්ට තරහා ගියා....
දැනගන්..මගෙ පැටියා ආවමත් වහලා වගේ ඒකලා ඉස්සරහා දෙකට නැවුනොත් මං ආය නරක මිනිහා කියන්ඩ එපා මැනිකෙ...මෙච්චර කියලත් උඹ මක්කට නැවෙනවද.....බැන්නොත් ඒකලාට උත්තර බදින්ඩ මන් ඉන්නවා...තෝ අහල නැද්ද සිංහල රජකාලෙ ගමේ ගොඩේ ඉන්න කෙල්ලන්වත් අනතඃපුරට අරන් ගියහම ඒකිව වදාපු අම්මා අප්පා පවා දෙන්ඩ ඕන බුහුමන දෙනවා අයිති තැන හම්බෙනකන් මඩේ උන්නත්....අයිතිය හම්බුනාමත් මඩේ ලගින්නෙ ඌරො බොල
...මං උඹට දෙන්ඩ ඔන ඉහලම තැන මගෙ මැනිකෙ පට්ටම දීලත් මක්කටද බොල තව නැවෙන්නෙ.....
මං නෙවෙ කටක් ඇරියෙ....අනේ ඇති ඉනධර් කිව්වෙ....එයා කොච්චර කෑ ගැහුවත් අවුරුදු ගානක් කටට හුරු වචනෙ එලියට පනින්නෙ හිතන්න කලින් වෙනකොට මට ධර්මසේන හාමුට සීයා කියාගන්ඩ බැරි උනා.....
ඇස්වල කදුලු පුරවන් කටට අත තියන් උන්න මට දැනුනෙ සුරලෝකෙ මවන හතර වියන එක පාරම අපායක් උනා වගෙ හැගීමක් වෙනකොට මං ඉන්ධර්ගෙන් පැනලා යන්න හිතාගන ඇදෙන් පහලට රීට්ටුවා ...
අපෙ මැනිකෙ....ඔය තියන්ඩ හදන කකුල ආපහු උඩට ගන්නවා නම් මං මනාපයි ඇසල.....
ඉන්...ධර්.....මට.....
අඩන ඇඩුමක් ලගට ඇවිත් අඩපන්....කාමරේ ගිනි පිටට දීලා මහ අම්මන්ඩිට පස්සෙන් හිනා වෙන වැඩ කරන්ඩ එපා....වරෙන් ලගට...අඩාගන දුවන්ඩ තියාගත්තා ....උඹ මගෙන් ගුටි කන්ඩ එපා ඇසල...
මං අසරන උනා...ඉන්ධර්ගෙ වචන වලට තැලුන මට එලියට නොයා ඉන්නත් ඉන්ධර්ම හේතු දෙනකොට අඩමානෙට ඇද වියලට හාන්සි වේගන උන්න ඉන්ධර් ඇස් හීනි කරන් මගෙ දිහා බලාගන ඉද්දි මං ඇස් වල කදුලු පිටිම්ම මුනින් අතට වැටෙන්න යනකොට ඉන්ධර් මාව ලගට ඇදලා ගත්තා .....
හ්ම්...දැන් අඩාපන්....අඩන්නනෙ ඕන උනේ...ම්ම්ම්ම්...අඩපන්කො බලන්ඩ දුක තුනි වෙනකන්...
මට දැන් කියාගන්න දේකුත් නෑ.....මාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තු ඉන්ධර් තරවටු කර කර සනසවන්න හදනකොට මෙච්චර වෙලා වේලි කඩන් එලියට පනින්ඩ හදපු කදුලු කැටවලට වෙච්ච කෙරිච්ච දෙයක් නැති උනා....
ඇත්තටම කදුලු කැටවලට වෙච්ච දෙයක් නැති උනාද....නැත්තන් ඉන්දර්ගෙ පපුව මගෙ දුක වේදනාව උරාගත්තද...මට හිතාගන්න බැරි උනා...
එ සිනිදු අත මගෙ තට්ටමකට හෙමින් තට්ටු කෙරුවෙ හරියටම නිදිකරන නොදරුවෙක්ව නිදිකරවන්න නලවන ගානට වෙනකොට අඩන්න කට හැදුව උනත්...අවසානෙදි මට අඩන්න ඕන හේතුව මොකක්ද කියන්නත් හොයාගන්න බැරිව මං අසරන වෙනකොට වැරද්ද කියන දේ මගෙ අතේ බව දැනුන මට ඊලග පාර ලැජ්ජා හිතුනා.....
අපෙ මහත්තයා ....
තරහවෙයිදෝ බය වගේම නිකන් අඩන්න හදපු ලැජ්ජාව හංගගත්තු මං මගෙ තට්ටමට තට්ටු කරන ගමන් ඇස් පියන් උන්න ඉන්ධර්ගෙ මූන දිහාවට ඔලුව උස්සන් බලන් ඉන්නකොට ඇස් පියන් උන්න ඉන්ධර් ඇස් ඇරියා ...
ම්න්.....කෝ දැන් අඩලා ඉවරද...ම්ම්ම්ම්...නැත්තන් මයෙ රත්තරන්ට අඩන්න කදුලු මදි උනාද ම්ම්ම්ම්ම්....
......
නිස්කාරනේ අඩන්ඩ කටහදනවා....උඹම හිතාපන් මැනිකෙ නන්දා අම්මන්ඩි ගාව අප්පච්චි ගාව දෙකට නැවෙනකොට උඹලගෙ පපුවට කොච්චර කැක්කුමද කියලා ...එහෙව් වේදනාව දැන දැන උඹලත් ඒක කොරාපුවාම මගෙ කොල්ලටත් ඔය වේදනාවනෙ රත්තරනෙ....ම්ම්ම් ....උඹ හෑල්ලු වෙන්ඩ ඕන එකෙක් නෙවෙ ....නම්බු පිටින් මගෙ ඇදට ගත්තෙ....එන්ඩ ඉන්න එකාටත් ඒ නම්බුව තියපන් ඇසල.....
.......
.හ්ම්....දැන් ඉතින් ඩිංගට ඇහැපියවගනින්...පැටව් හදන්ඩ කල්පනාව තිබ්බට ඔක්කොටම කලින් ළඟ ඉන්න පැටියව හදාගන්ඩ වෙයි වගෙ මට...තියන චන්ඩ කමට දුවන්න හදන හැටි පේනවනෙ ම්ම්ම්...
මට ලැජ්ජා හිතුනා ... ඉන්දර්ට හිමින් පාරක් ගහපු මං මුන හැංගුවා....
නිකන් ඉන්ඩ තෙහස්.....
කෝලම මගෙ....හ්ම්....නිදාගනිල්ලා ....අදරෙ මයෙ නොදරුවට .....
ඇසල.....
ලොකු හ්....අප්පච්චි ...
මං දත් කූරු තද කරගත්තා .. .කාමරේදි බැනුම් අහපු හැටි මතක් උන මං ඉක්මනට වෙච්ච වැරද්ද හදාගන අප්පච්චි කියනවා එක්කම දොදොලගෙ ඇස් පොඩ්ඩක් ගැස්සිලා ගියා ....හැබැයි වචනයක් වත් කිව්වෙ නෑ...
..උඹලා ඔය තේ හදන්ඩද ලෑස්තිය..
එහෙමයි අප්පච්චි ...ඉන්ධර්ට ඉගුරු දාලා තේ එකක් ඉල්ලුවා ...
ම්න් එහෙනම් මටත් එක්කම හදාපන් .....මැනිකෙට ඔලුවෙ රුදාවක් අල්ලල බුදි. ...
මං ඔලුව වැනුවා ....දොදොලිට ඔලුවෙ රුදාවක්ලු....ඕකනම් ඒකිගෙ බොරුවක්ද කොහෙද ..ඉන්ධර් අපෙ ගෙදර යන එක නවත්තන්ඩ නාඩගමක් වත් නටනවදෝ.....හ්ම්....හිටපන්කො එහෙනම් ...අපි අද මෙහෙ උන්නත් උඹ අපිට රෑ එලිවෙනකන් ඇහැපියවන්ඩ දෙන එකක් නෑ .....ඕකිගෙ හිතේ තියෙන්නෙ එකම කාරනාවයි.....ඉන්දර්ගෙ උරුමෙ මං ලව්වා වදවන එක නවත්තන්ඩ.....ම්ම්ම්...ම්ම්..
මං සුද්ද කරාපු ඉගුරු කෑල්ල තලලා බාගෙට පැහීගන එන වතුරට දාලා පීරිසි කෝප්ප දෙකක් ගත්තා ....
මන් දන්නවා ....උඹට අද ඉදන් නැතිලෙඩ මතුවෙයි..... උඹ හදන්නෙ මාව තම්බන්ඩ නම් නැන්දම්මෙ බලන් ඉදින් මං තම්බල ගන්නෙ උඹව.....
පැහුන වතුරට තේ කොල දාලා රන්වන් පාටට හුරු තේ දෙක හදාපු මං දොදොලි කෙසේ වෙතත් මහ නාකියව අල්ලගන්න බලන් ඉන්ධර් ගාවටත් නොයා මුල්ම තේ එක අරන් දොදොලව හොයන් ගියා හිස් අතින් නෙවෙ කිරි අලුවා කෑල්ලකුත් තසිමක තියලා තෙ එක බන්දේසියක තියාගන ...
අපෙ අප්පච්චි ....
උඹලා ගෙනාවද.....
එහෙමයි අප්පච්චි ...කිරි අලුවා තියන හන්දා මං සීනි අඩුවෙන් දැම්මෙ.....ඔය හැටි සීනි ගිලින්ඩ අගුනයිනෙ...
ඒකත් එහෙමයි.....ගනිල්ලා කහට එක....
මං තේ එක අත් දෙකෙම්ම පාක්කුඩමට පිදුවෙ පුදුම භක්තියකින් වෙනකොට මං ඇස් යටින් නාකිය දිහා බැලුවා ...ම්ම්...මාමන්ඩියට පදම හිතට අල්ල වගෙ ....
අපෙ මහත්තයා .....
ම්න්....
මේ තේ එක....
ඔහොම තිබ්බා නම්....
දොදොලට තේ දුන්න මං ඊලග තේ එක අරගන කාමරෙට යනකොට එලියට යන්ඩ ලැහැස්ති වෙච්ච ඉන්දර් කන්නාඩියට එබීගන උන්නා .අදත් නාකි ගස් හොයනවා වත් දෝ...
අපෙ මැනිකෙ
ම්ම්ම්ම්...
මෙන් මෙතන පැහුන කෙස් ගහක්ද තියෙන්නෙ බැලුවා නම්....
මං හිතුවා හරි ඉන්ධර් හොයලා තියෙන්නෙ පැහුන ගහක් වෙනකොට මං ඇගිලි තුඩු වලින් ඉස්සීගන පැහුන ගහ හෙව්වා ...
ගලවන්නද?
ඕන් නෑ ...තිබ්බ දෙන්...කෙස් පැහුනට..හිත තරුනනෙ ම්ම්ම්.....ඉදල්ලා ඉතුරු අඩ මයෙ මැනිකෙට .....
ගලවන්න හදාපු කෙස් ගහ තියන්ඩ කියාපු ඉන්ධර් බීපු තේ කෝප්පෙ ඉතුරු අඩ මගෙ අතට දීලා යන්න යනකොට මං යන්න හදපු ඉන්දර්ව නැවැත්තුවා ...
අපෙ මහත්තයා ...
ගේන්ඩ මොනවා හරි තියනවද ...මනාප කඩචෝරුවක් වත් ?...
මං නෑ කියන්න ඔලුව වනන ගමන් ඉන්ධර් ගාවට ගියා ....
අපි අද අපෙ ගෙදර නොයා ඉමුද තෙහස්...
නොයා ඉන්න ...අර මක්කටද .....
අම්මන්ඩි අසනීපෙන්.....ලු
අම්මා...ඇයි මක්ක වෙලාද....
ඔලුව රදෙ ලු අප්පච්චි කිව්වෙ ..අම්මන්ඩි අසනීපෙන් ඉන්නකොට අපි යන එක නරකයිනෙ...
මං වත් උඹවත් දොස්තර විභහග ලියාපු උන් නෙවෙනෙ ....ඔය කැක්කුම් සිද්දාර්ත තෛලෙ අරන් ආවා නම්.....
මං අතෙ තිබුන තේ එක ආපිට පැත්තක දාලා සිද්දාර්ත තෛලෙ අරන් ඉන්ධර් පස්සෙ මහ තැනගෙ කාමරේට දිව්වා...
මහ තැන ඉන්නවා නිකන් නෙවෙ වියන් බැදපු ඇදේ පුස් ඊරියෙක් පොලවෙ ගහලා වගේ.....අනේ අම්මෙ....හ්...ගිනි මද්දහනෙ මේකි රෑ ඇදුමට බැහැල...
ඒ අස්සෙන් වෙරලු මල් සුවදකුත් එනවා..මේකට දොලදුක වත් හැදීගන එනවදො.....
අපෙ අම්මා....
ම්ම්ම්....හ්
අනෙ...හ්...ඉතින් බිසවුන් වහන්සෙගෙ කෙදිරිය...
ඉන්ධර් ගිහින් ඇදෙන් ඉදගන අපෙ අම්මා කියනකොට දොදොලි හරී අමාරුවෙන් කෙදිරි ගාගන ඇස් ඇරියා....හැබැයි ඒකි ඉන්ධර්ට කලින් බැලුවෙ ඉන්ධර්ට පිටිපස්සෙ ඉන්න මා දිහා වෙනකොට මම ඇස් හීනි කෙරුවා ...හරියටම උඹගෙ නාඩගම මම දන්නවා කියන්න වගේ...
මක්කද උනෙ අපෙ අම්මට
මයෙ පුතා...ඉහෙ රුදාවක් අල්ලලා ...ඉන්ඩ හිටින්ඩ බෑ...අම්මෙ.....හ්.....
අම්මා පෙනඩොල් දෙකක් වත් බිව්වද
බිව්වා...අඩුවක් නෑ...අඩුවක් නෑ....ඉහ මොල පුපුරන්ඩ වගේ....
හැබැයි ඒක නම් පිලිගන්ඩ අමාරුයි වගේ.....ඉහ පිපිරුවත් දොදොලිගෙ මොලේ පුපුරන්ඩ..... වෙන්ඩ බැ....මොලයක් නෑනෙ පුපුරන්ඩ....
මක්කද එක පාරම....
දන් නෑ...කැරකිල්ලක් එක්ක ආවෙ ඉහෙ ඇම්ම.....ඇස් ගෙඩිත් එක්ක වේදනයි...මයෙ පුතා කොහෙ යන්ඩද ....ඔය. .....
ටවුමට ගිහින් එන්ඩ....උඹලව බෙහෙත් සාප්පුවට එක්ක යන්ඩද ඔච්චර අමාරු නම්....
ඒකතමයි අපෙ මහත්තයා ...මාත් කියන්ඩ හැදුවෙ සිද්දාර්ත තෛලෙ උලනවට වඩා.....බෙහෙත් සාප්පුවට එක්ක ගියා නම්...ඉහ මොල කැක්කුම නම් එච්චර හොද නෑනෙ....අම්ම්න්ඩිව සුදු මැලි වෙලා ගිහින්.....දොස්තර මහත්තයා කියාවිනෙ ඇතුල් කරන්ඩ ඕන අසනීපයක් ද නැද්ද කියලා ....නේද අපෙ මහත්තයා ....
ම්න්.....
දොදොලිව ඇත්තටම සුදුමැලි උනා.....මැරෙන්ඩ බය හැමදාම වස්තුව මත්තෙ නැහෙන සුගලට ඉස්පිරිතාලෙ කිව්වා විතරයි ඒකව සුදු මැලි වෙලා යනකොට මං අතෙ තිබුන සිද්දාර්තෙ පැත්තක තියලා පිටිපස්සෙ ඉදන් පිදුරු මිටියට ගිනි කූර ගහලා බලන් උන්නා....ම්ම්ම්...දැන් ඉතින් යායම ඇවිලෙයි....
න්න්...නෑ....නෑ...ඉස්පිරිතාලෙ ....යන්ඩ තරම් අමාරුවක් නෑ...මට හොදයි...මට ඒ හැටි අමාරුවක් නෑ..මේ කාස්ටකේට වෙන්ඩ ඇති...මයෙ පුතා රෑ වෙනකොට ඇරිලා යයි..
රෑ වෙනකොට ඇරිලා යයි කියන්නෙ කීයෙ හෝරාවටද....ඇරත් මං හිතන් ඉන්නෙ අද රෑට අපෙ මැනිකෙගෙ මහ ගෙදර නවතින්ඩ....
ඔය එන්නෙ ...ඔය එන්නෙ.....
මං බලාගන උන්නා....ඇදෙ කොනක ඉදන් උන්න ඉන්ධර් රැට අපෙ ගෙදර එනවා කිව්වා විතරයි පුස් ඊරි පොලවෙ ගහලා වගෙ උන්න සුගලා ටිකක් වැඩියෙනුත් කෙදිරි ගෑවා....
අනේහ්...අම්මෙ....හ්....උඹලට..ඒකගෙ ගෙදර නොය නවතින්ඩ බැරිද මයෙ....පුතා....මගෙ ඉහේ වේදනාවයි....
ඉතින් ඒකනෙ මං අපෙ අම්මන්ඩිට දැන් තේරෙන සිංහලෙන් කිව්වෙ බෙහෙත් සාප්පුවට යන්ඩ ආවා නම් කියලා ඇරත්...මං නැවතුනා කියලා රෑ එලිවෙනක් මං මෙතන ඉන්ඩද....අම්මන්ඩිටමයි අමාරුව.....මගෙ ඉදිල්ලෙන් වැඩක් නෑ....උඹලා බෙහෙත් ඩිංගක් ගන්ඩ යන්ඩ ලෑස්ති වෙයල්ලා...
ඒක තමයි.....ඔලුවෙ අමාරුව රෑ දෙගොඩ ජාමෙ වැඩි උනෝතින්....මක්ක කරන්ඩද අපෙ මැනිකේ...අපෙ මහත්තයා කියනවනෙ අද රෑ අපෙ ගෙදර යනවයි කියලා ...අපිනැති අතරෙ මොන වින්නැහියක් වෙයිද කව්ද දන්නෙ මැනිකෙ ..
මට ඕන බේතක් නෑ බොල....
මං කටකොනකොන් හිනා උනා...නක්කලේට වගෙ කතා කරපු මා දිහා බලන් දත් මිටි කාපු මහ තැන දිහා බලපු මං ඉන්ධර් එහා මෙහා වෙනකන් ඉදලා ඒකිගෙ මූන ගාවට නැවුනා....
උඹ නටන නාඩගමට අහුවෙන්ඩ තරම් මගෙ වාහෙ පිදුරු කාලා හැදුන එකෙක් නෙවෙ අම්මන්ඩි...හැබැයි උඹ එක දොහකට හරි ඉස්පිරිතාලෙ ලැග්ගොත්...ඔය ඉනෙ ගැටගහන් ඉන්න යතුරු කැරැල්ල දවසකට හරි අත මිට මොලවගන්නෙ මම....හැබැයි...ආපහු...දෙනු නෑ....ම්ම්ම්....හිතලා බලපන්...නාඩගම දිග්ගසන්නවද...නැත්තන් පාඩුවෙ ඉන්නවද කියලා .....
තොට මම.......බලන් හිටපිය...මන් මගෙ කොල්ලව තොගෙ රොඩි කුප්පෑයමට ගෙනියන්ඩ දෙයිද කියලා ....බලන්...ඉදු....මං සුගලා යකො...
උඹ සුගලා...මං ඇසල බොල..මගෙ වාහෙම නම් දීපු මං ඇසල අම්මන්ඩි ....නටලා බලපන්...මාත් නොදන්න කස්තිරමක් අඩව්වක් නෑ.....
මහ තැන එහෙන් දත්මිටි කනකොට මන් මෙහෙන් දත් මිටි කෑවා වගේම එලියට ගියපු ඉන්ධර් ආපිට ඇතුලට එනකොට අරකි වැලහින්න වගෙ අඩන්න ගත්තා ...
අම්මන්ඩි.....
අයියො...මයෙ....පුතා ...වේදානවයි.....වේදනාවයි .....
ඇසල ඔය සිද්දාර්ත තෛලෙ ඉලුවා නම්.....මං දොස්තර මහත්තයව ගෙදරටවත් එක්ක එන්නම්.....මෙහෙම ඉන්නකොට කොහෙ ගමන් යන්ඩද ....අප්පච්චි ....ඔය කාර් එක ගත්ත නම්.....
එහෙමයි අපෙ මහත්තයා .....
ඉන්ධර් අඩියට දෙකට එලියට යනකොට අරකි මහ කුරිරු විදිහට හිනා උනා විතරයි සිද්ධාර්ත තෛලෙ පැත්තක තියපු මං එතන තිබුන සිද්දාලේප කුප්පියෙන් තලියක්ම අතට අරන් දොදොලිගෙ ඇස්වල ඉදම්ම අතුල්ලලා ඇරියා.....
අම්මන්ඩි....දැන් ඉතින් අඩපන් උඹ ඇත්තටම ....
අනෙ...හ්...මයෙ. ...පුතා...හ්....
😒ආවා මෙචන හුහ්...
ම්හුක්
මං යනවා යන්ඩ
ආයම කොටසකින් එනකන් පයිස්සමින් ඉන්ඩ රත්තරනේහ්.....
ආතරෙයි උතුරන්ඩ ඈ
මම ජොබී
Nedeesha