Cherreads

ຮັກຊີວິດ

olivii_andrew
7
chs / week
The average realized release rate over the past 30 days is 7 chs / week.
--
NOT RATINGS
475
Views
Table of contents
VIEW MORE

Chapter 1 - CHAP 1

පැය බාගයක් විතර අරන් හොඳට නාගෙන මන් කාමරේට ආවෙත් ටවල් එක පිටින්..ඇත්තමයි කකුලට වතුර වැටුනම නම් පුදුම වේදනාවක් දැණුනේ..එක අතකට සුදු අයියා කියන කතාවත් ඇත්ත තමයි..එයා මට පාරක් දෙකක් ගැහුවා නම් ඕක මට ගානක්වත් නෑ...ඒත් පාරවල් හිටින්න මෙහෙම කෑවම නම් ආය හිතුවක්කාර වැඩක් කරන්න තියා මට නම් හිතෙන්නෙවත් නැති වෙයි..එහෙම හිතන්ම මන් අල්මාරිය ළගට ගිහින් දොර ඇරලා බැලුවේ මොනාද අදින්නේ කියලා ...ගවුම් නම් ශොප් එකක් දාන තරමටම ඇති...මොකද ඉතින් අයියලට හිත ගියපු ඇඳුමක් දැක්කොත් අනිවර්‍යෙන්ම මට ගෙනත් දෙනවා නේ..ඇරත් birthday එකට කොච්චර ඇඳුන් හම්බෙනවද මට

 

එක අතකට දුක් වෙන්න හේතු කීපයක් තිබුණත් සතුටු වෙන්න ඊට වඩා හේතු ගොඩක් තියෙනවා..මේ තරන් ආදරයක් රැකවරණයක් ලබන්න මන් කොයිතරන්නම් පින් කරලා ඇතිද..ඒ ගැනත් හිතන ගමන්ම මන් අතට ගත්තේ කහ පාට ගවුමක්..ඒක ගිය පාර birthday එකට සුදු අයියා මට අරන් දුන්නේ...ඔය යකා මන් එක්ක කතා නොකළට ඒවගෙන් නම් අඩුවක් කළේ නෑ ඉතින්..කොහොම හරි මන් හීනී අත් පටි තියෙන දණිය ළගට කොට සුදු අයියා අරන් දුන්න කහපාට ගවුමත් ඇදගෙන කොන්ඩෙත් ලාවට පීරලා උඩින් කටුවක් ගහගත්තා..පස්සේ සුදු පාට ස්ලිපර්ස් දෙකකුත් දාගෙන සුවඳ ගහන්න පව්ඩර් ටිකකුයි ඔළුවට ඕඩී ක්ලෝන් බෝතලෙන් ටිකකුයි හලාගෙනම ලේන්සුවකුත් අතට අරන්ම පහළට ආවා

 

"උබත් රෑ වෙලා එහෙටම වරෙන්ම ලොකූ....මන් පුංචිට කෝල් එකක් දැම්මා...එයත් කලින් ඒවී සමහර විට...දැන් ආය උය උය ඉන්න බෑ බන්"

 

ඉතින් මන් ලේන්සුවත් අතින් අඹරන ගමන්ම පහළට යනකොටත් සුදු අයියා ලොකූ එක්කද කොහෙද කතාවක..ඒත් ඊළග තප්පරේම මගෙ ඇස් නැවතුනේ වීදුරු මේසේ උඩ තියෙන දුම් දාන කිරි මග් දෙක ළග වෙද්දී මගෙ මූණේ ඇදුනේ හිනාවක්

 

"මොනවද බලන්නේ....ඉක්මනට බොනවා ඕක...ඊළගට අයිස් කාලා ,නාලා ඉවර වෙලා රෑට ඇඳ ඇඳා ඉන්න තමයි හදන්නේ"

ඊයෙත් වැස්සේ තැමිලා පීනසේට වගේ ආව නිසා සුදු අයියා ෆෝන් එකත් සාක්කුවට දාගන්න ගමන් එහෙම කිව්වෙත් එයාගෙ මග් එක අතට ගන්න ගමන්...අනේ එයා මටත් එක්ක කිරි හදලද එතකොට ..ඉතින් මාත් හා කියන්න වගේ ඔළුව වනලා මගෙ කිරි මග් එකත් අතට අරන්ම සෝෆා එකෙන් වාඩි වුණා..සුදු අයියා නම් කලින්ම නාලා ඉන්න ඇත්තේ...එයා වෙන ශර්ට් එකක් විතරක් මාරු කරන් මට ඉස්සරහින්ම වාඩි වෙලා කිරි බොනවා

 

"සු...දු..අයියා"

 

"ඇයි..."

 

"මේ මේ අම්මී ඊයේ රෑ ඔයාට කතා කළාද"

 

ඊයේ රෑ නිදා ගත්තේ සුදු අයියගෙ කාමරේ වුණත් අම්මී ඊයේ කෝල් එකක්වත් ගත්තේ නෑ නේද කියලත් මට මතක් වුණෙත් අද ස්කූල් එකේ ඉදන්

 

"නැහැ'

 

"බොරු"

ඉතින් සුදු අයියා උත්තර දුන්නෙත් අහක බලන්ම වෙද්දී, මන් එහෙම කිව්වා විතරයි එයා බලපු බැල්මට නම් තව පොඩ්ඩෙන් මට බොන ගමන් හිටිය කිරි ටිකත් හිරවෙනවා

 

"මොනාද බොරු....කටවහගෙන කිරි එක බොනවා...හැමදාම මොනාද අම්මා එක්ක කතා කරන්න තියෙන්නේ...ඇයි අපෙ ගෙදර මිනිස්සුන් මොනවගෙන් හරි අඩුවක් කරනවද තමුසෙට"

 

ඒත් සුදු අයියා එක පාරටම කෑගහන්න ගන්නකොට නම් ආයෙමත් මාව ගැස්සිලා ගියා..ඇරත් අම්මි එක්ක මොනාද හැමදාම කතා කරන්න තියෙන්නේ කියලා අහන්නේ ඇයි...අනේ මට එයා එක්ක දවසම වුණත් කතා කර කර ඉන්න හිතෙනවා..මට අම්මිව ඕනී...කවුරු ළග හිටියත් මට මගෙ අම්මියි තාත්තී ළග නැති අඩුව පුරවන්න බෑ..ඉතින් සුදු අයියගෙ වචන වලට මගෙ හිත පෑරිලා යනකොට ආයෙමත් මගෙ ඇස් වලින් කඳුළු බේරෙන්න ගත්තා..ඉතින් කිරි එකවත් බොන්න හිතක් නැතිවුණ නිසා මන් ඒකත් වීදුරු මේසේ උඩින් තියලම සෝෆා එකට කකුල් දෙකත් වකුටු කරන් අහක බලන්ම ඉකිගැහුවා

 

"මොකද තමුසෙ ඒ පාර අඩන්නේ...බොනවා මේ කිරි එක"

 

"ම..ට..එ..පා"

 

ඉතින් හිත රිදුන නිසා මන් කඳුළුත් පුරවගෙනම එහෙම කිව්වම නම් සුදු අයියා මූණත් පුම්බගෙන මගෙ මූණ දිහාම බලාගෙන හිටියා

 

"තමුසේ මේ කිරි එක බොනවද...නැත්තම් මන් වේවැල ගන්නද අතට"

ටිකක් වෙලා ඇස් දෙකත් හීනී කරන්ම මන් දිහා බලන් ඉදලා සුදු අයියා සෝෆා එකෙන් නැගිට්ටෙත් එහෙම අහන්ම වෙද්දී මගෙ ඉකිය තවත් වැඩි වුණා

 

"මොකටද දැන් තමුසේ අඩන්නේ ආහ්..ගනින් මේ කිරි එක අතට...හුරතල් වෙන්න නම් එන්න එපා මාත් එක්ක හරී...ගනින් ඉතින් "

 

ඒත් එක්කම සුදු අයියා ඇගිල්ලකින් මග් එකත් පෙන්නන ගමන් කලින්ටත් වඩා සැර කරනකොට නම් මන් බයේ ගැහි ගැහීම ආයම කකුල් දෙකත් සෝෆා එකෙන් පහළට දාලා වෙව්ලන අත් වලින්ම ඉස්සරහට නැවිලා කිරි මග් එක අතට ගත්තා...ඒත් මන් හිටියේ හොදටම බය වෙලා නිසා වෙන්න ඇති මගෙ අත ලිස්සලා ගිහින් කිරි මග් එකත් බිමට වැටිලා බිදිලා ගියා...ඉතින් ඒ සැනින්ම මන් කෙල පොඳකුත් ගිලින ගමන්ම සුදු අයියා දිහා බලනකොට එයාට හොඳටම තරහා ගිහින් වගේ

 

"අනේහ්..ම..න් මන් හි..තලා වැ..ට්ටුවේ නෑ...සු..දු අයියා..ප්ලී ස් ම..ට ග.හන්න එපා..ම..ගෙ අ ත ලි..ස්සුවා..අනේ"

 

සුදු අයියගෙ මූණ දැක්කම නම් මගෙ බය තවත් වැඩි වුණ නිසා මන් හුස්මත් උඩට අදින ගමන් අඩ අඩාම සෝෆා එකේ කෙළවරටම ගුලි වුනා

 

"සුදු.අ යියා...ම..න් මන්....

"ශ්ශ්...අඩන්නෑ...අඩන්නෑ හරී....මන් ගහන්නෑ ...කෝ මෙහෙ බලනවා"

 

හිතුවත් දවල් වගේම මට ගහයි කියලා සුදු අයියා ඉස්සරහට නැවිලා ඇගිල්ලකුත් මගෙ තොල් වලට ඉස්සරහින් තියලා එහෙම කිව්වම නම් මන් අත් දෙකත් සෝෆා එකට බර කරන්ම බය වෙලා වගේ ඒ මූණ දිහා බලන් හිටියා

 

"ඔහොම ඉන්න....මන් මේක අස් කරන්නම්'

 

ඉතින් මන් ටිකක් හරි සන්සුන් වුණා කියලා තේරුණ නිසා වෙන්න ඇති සුදු අයියා අත් දෙකෙන්ම මගෙ ඇස් වල කඳුලුත් පිහදලම සෝෆා එක ළගින් යන්න ගියේ..පස්සේ එයා ඩස්ට්බින් එකයි මොප් එකයි අරන් ඇවිත් බිදුන මග් එකේ කෑලී ටිකත් ඩස්ට්බින් එකට දාලා හැලුන කිරි ටික මොප් කරලා සේරම අස් කරලා දැම්මා...ඒත් මන් තාමත් ඒ විදිහටම සෝෆා එකට ගුලි වෙලා කඳුළුත් පුරවගෙනම බලන් හිටියා

 

"ගිහින් වාහනේට නගින්න....දැන් මන් කිව්වා නේ ආය අඩන්න බෑ කියලා...ඔය කඳුළුත් පිහදගන්නවා ඉතින්"

 

ආයම සාලෙට ආව සුදු අයියා දොර දිහාවට අතකුත් දික් කරලා එහෙම කිව්වම නම් මන් පිට අල්ලෙන් ඇස් වල කඳුළුත් පිහදගෙනම සෝෆා එකෙන් නැගිට්ටා

 

"රෑට සීතලයි....දැන් ඔය පටි ගවුම් ඇදන් ඉන්නේ කොහොමද....වෙන ඇඳුමක් තිබ්බෙම නැද්ද තමුසෙට ඇඳගන්න"

ඒත් එක්කම සුදු අයියා එහෙම ඇහුවම නම් මන් ලේන්සුවත් හපන ගමන්ම බිම බලාගත්තා...ඉතින් එයාම නෙ මේක මට අරන් දුන්නේ...සමහර විට මතකවත් නැතුව ඇති

 

"බත් කෑවට මොළේ නෑ නේ...යනවා ගිහින් නගිනවා වාහනේට...දෙකක් දීලම තමයි හදන්න ඕනී මේකීව"

 

ඒ පාර ආයමත් මට කෑහනවා..මන් ඉතින් මොකුත් නොකියම මිදුලට ඇවිත් වාහනේට නැග්ගෙත් ඔය යකාට හිතින් බනින ගමන්....අපරාදේ මේක ඇන්දේ...ආය නම් මේ ගවුම අදින්නෙම නෑ..එහෙම හිතන්ම මන් වාහනේට වෙලා ඉදගෙන ඉන්නකොට සුදු අයියත් විනාඩි පහකින් විතර ඇවිත් වාහනේට නැග්ගා...ඒකත් ෆෝන් එකත් කනේ තියන් උරහිසකට බර කරගෙන එක අතක් උඩින් ජර්සි එකකුත් දාන් අනිත් අතෙන් වතුර බෝතලේකුත් අරගෙන මගෙ දිහාවට හැරිලා බෙහෙත් වගයක් දික් කරලා ඇස් වලින් ගන්න කිව්වම නම් මන් ඒ ටික අතට ගත්තා

 

"මන් ගෙදර නෑ මේලී...දැන් බාප්පලගෙ ගෙදර යන්න හදන්නේ...තමුසෙත් එහෙනම් එහෙට එනවා"

 

 🚫මේලී (ලොකූගෙ පොඩි දුව)

 

ඉතින් කතා කරන ගමන්ම සුදු අයියා වතුර බෝතලෙත් මගෙ අතට දීලා ජර්සි එකත් මගෙ උකුලෙන්ම තියන්ම ෆෝන් එක අතට ගත්තා

 

"නෑ නෑ තමුසෙ ආය බයික් එක අල්ලන්නේ නෑ හරී...එනවනම් වෙහිකල් එකේ එනවා..හැබැයි මේලී දන්නවා නේ මගෙ හැටි"

 

මේලී අක්කි කියන දේවල් මට ඇහුනේ නැතත් ශුවර් එකටම බයික් එකේ එන්න හදනවා ඇති

"ආ වරෙන්කෝ බලන්න....අද නම් කඩනවා තොගෙ අණ්ඩක් "

 

එහෙම කියන්ම සුදු අයියා කෝල් එකත් කට් කරලා වාහනේ ගෙට් එකෙන් එළියට දානකොට මන් අතට දුන්න බෙහෙත් ටිකත් එක උගුරට බීලා දැම්මා..වතුරත් රා රස්නේ උණුවතුර...ඇත්තටම මට සුදු අයියව තාමත් හරියට කියවගන්න බැරි තරන්...එයාගේ ආදරේට සීමාවක් නෑ...කොච්චර සැර කරත් පුදුම තරන් කෙයාරින්...මට එයාගෙ ආදරේට ලෝබ හිතෙනවා..කොටින්ම ලොකූ ස්ටේශන් එකට ගියත් හරි ආයම ගෙදර එන්නේ රෑට වුණත් සුදු අයියා තනියම අපි හැමෝම ගැන හොයලා බලනවා...මන් නිසා අක්කිලවත් අක්කිලා නිසා මාවවත් එයා මිස් වෙන්න දෙන්නෑ

 

"ඔය ජර්සි එක දාගන්නවා....හැමදේටම බොරුවට අඩන්න තියාගන්න එපා හරී..."

 

ඒ පාර ආයෙමත් මට සැර කරන ගමන්ම සුදු අයියා ඉස්සරහ බලන්ම ඩ්‍රයිව් කරනකොට මාත් ඉක්මන්ට ජර්සි එක ගවුමට උඩින් දාගත්තා