Cherreads

Chapter 55 - 55

ශිවන් .....

මම පැන්නා.....මම අර රතුම රතුපාට ගින්නට පැන්නා...මම මාව සම්පූරනම ඇවිලියන් කියලා අර ගින්නට පැන්නා...

ඒත්...

ඒත් මාව පිච්චුන් නෑ....මම අඩිය තියන වාරයක් ගානෙම රතු පාට පුපුරු ගහන ගිනි දැල්ල මගෙන් ඈතට ගියා..මම.අඩියක් තියලා ඉස්සරහට යන වාරයක් ගානෙම අර ගිනි දල්ල ඈතට උනා...

" අග්නිගෙ....කොට මගුල..."

අග්නිගෙ කොට මගුල...ගින්නට පනින්න හදපු මට ඒ කටහඩ පුරුදු බවක් දැනුනා....කාලිට අඹුවක් වෙන්න බැහැයි කියපු මට ඒ කටහඩේ හුරුබවක් දැනුනා....

-අග්නි-

ඔව්....ඒ අග්නි.... මගෙ අග්නී...මගෙ ආදරනීයම අග්නි.....මං වෙනුවෙන් වේදනා විදිනවයි කියපු අග්නි වෙනුවට ගින්නට පනින්න හදපු මම අග්නී.....කියාගන පිටිපස්ස හැරුන කොට මට එකපාරම අග්නි දිහා බලන්න බැරි උනා.....මගෙ ඇස් දෙක නිලන්කාර වෙලා අන්ද වෙන්න ආවා.....

අග්...නී...

මම අත් දෙකෙම්ම ඇස් දෙක වහගත්තා .....ඒ රස්නෙ...ඒ දිස්නෙ.....මගෙ ඇස් දෙක ගලවන්න යනකොට මම අත් දෙකෙම්ම මූන වහන් කෙදිරි ගෑවා.....

"මගෙ ශිවන් ....."

එයා කතා කෙරුවා .....එයාගෙ කටහඩ ආයමත් පරන ආදරනීයම අග්නි වෙනකොට මං හිමින් සැරෙ ඇස් ඇරියා .....

ද්....දෙ....වියනෙ.....අග්....නී.....

මගෙ ඇස් ලොකු උනා.....කටත් ඇරුනා

අග්....අග්නී...මේ....ඉනේ...මේ ඉන්නෙ....එත්...එතකො...ට....භෛ...භෛ....අනෙ අග්නීහ් ..අග්නීහ්...අග්.....නීහ්

"මානසීක ලෙඩෙක්"වෙලා උන්න මම ඊලග තත්තපරේදි අග්නි ගාවට පැන්නා අභා පස්ස ගාත් වලින් හිටගන ඉසාරහා ගාත් උස්සන් කොල අත්තකට ඉව කරලා කන්න ගන්නකොට මම මගෙ අග්නිගෙ උරහිස උඩ ඔලුව ගහගත්තා .....

."මගෙ ශිවන් ..."

එයා මාව අත ගානවා...මං කක්කුට්ටෙක් වගෙ මගෙ අඩු දෙක පටලවන් අත් වලිනුත් එයාව හිර කර ගත්තා ...හරියටම අග්නිව දඩු කදෙ ගැහුවා වගෙ....හරියටම අග්නිව දඩු අඩුවකට අහු උනා වගේ...හරිටයටම පිඹුරෙක් ගොදුරක් වෙලා ගන්නවා වගෙ මං අග්නිව හිර කරගත්තා ....

මගෙ නැවතිලා තිබුන පපුව ගැහෙන්න ගත්තා ....

ලබ් ඩබ් .....ලබ්.....ඩබ්...

අතිශයෝක්තියක් නෙවෙ.....ඒත්...මගෙ පපුව නවතින්න ආවා...

රන්ඩු කරන්න ඕනකම ඕනවටත් වඩා තියනකොට ඒත් රන්ඩු කරන එක කොයි වෙලේ කරන්න බැරිද කියලා හිත හදා ගත්තු මං එයාව මිරිකන් උන්නා.....

"මගෙ ශිවන් ....."

එපා....අග්නී.....අනෙ එපා...මට මෙහෙම්ම ඉන්න දීපන් අග්නී.....

මට මෙහෙම්ම ඉන්න දීප්න්...

උඹේ ශිවන් පිස්සෙක් උනා.....උඹෙ ශිවන් මානසීක ලෙඩෙක් උනා...කොටිම්ම මාත්‍රාව ඉහවහ ගිහින් අධිමාත්‍රාවෙන්ම ආදරේ කරපු මම පිස්සෙක් උනා උම්මන්තකයෙක් උනා මගෙ අග්නී...

මං ඇඩුවෙ නෑ....හැබැයි කියෙව්වා ...

මං ඇඩුවෙ නෑ.....හැබැයි මගෙ කටහඩ වෙව්ලුවා ....

මං ඇඩුවෙ නෑ හැබැයි මගෙ ඇස් දෙක අඩපන් අඩපන් කියලා කෑ ගැහුවා ...

අග්නී.....මගෙ ආදරනීයම අග්නී.....

මං මගෙ වෙව්ලන අත් දෙකෙන් ඒ රත්තරන් පාට මූන ඇල්ලුවා ....වෙලාවකට කලු....වෙලාවකට සුදු මැලි....දැන් රත්තරන් පාට....

සොලොස්මහා දේව මන්ඩලේ ඉන්න ග්‍රීක දෙවියෙක් වගෙ....

අනේ උඹව මහබඹාට වැරදිලා අසුරයෙක්න් කරලා අග්නි....

උඹ නිකන් අඹාපු පිලිමෙකට හුස්ම කවලා වගෙ....

අග්නී...අනෙ...මගෙ ආදරනීයම අග්නි....

මගෙ .....ආදරනීයම අග්නී.....අතිශයෝක්තියක් නෙවෙ ....මට උඹට ආදරනීයම අග්නි කියන වචනෙ ඇරෙන්න වෙන දෙයක් කියා ගන්න බෑ අග්නි...

අහන්න ප්‍රශ්න ගොඩයි.....උඹ ඇයි මාව දාලා ගියේ කිය කිය අහ අහ බනින්න රන්ඩු වෙන්න හේතු ගොඩයි....ඒත්....අනෙ අග්නී....

"උඹට ඇති තරම් මෙහෙම ඉදින්....."

එයා මාව ආයම තුරුල් කරගත්තා ...මගෙ ඔලුව එයාගෙ උරහිස උඩ තියාගන අත ගෑවා....ගිඩි ගිඩි ගාන පපුවට නිවෙන්න දුන්නා ...අවසානෙදි මම නිවුනා....

අග්නී.....

මං එයාට කතා කෙරුවා ....එයා තවම ඒ පාටමයි.....එයා තවම ඒ පාටමයි.....මම තත්පරයක් දෙකක් එයා දිහා බලන් ඉදල මොකුත් නොකියම බැස්සා...හාදුවක් වත් මොකුත් නෑ.....

මම හිතන්නෙ අග්නිගෙ ශිවන්ට ඉෆ්‍රිත් වැහුනා....

" මැනිකෙ"

අත ගනින් අග්නි...

" ඇයි ඉතින්"

ඇයි අහන්නෙ....උඹ මොකක්ද අග්නි මේ කරන්නෙ..උඹ මාව පරික්ශා කරනවද අග්නි....ආ...උඹ මාව පරික්ශා කරනවද.....උඹට ඕනා මාව පිස්සෙක් කරලා...මන්දමානසිකයෙක් කරලා උන්මන්තකයෙක් කරලා මරලා දාන්නද.....ආ අග්නි.....උඹට ඕන දේ ඒකද.....

උඹ මොනවද හිතුවෙ කාලිගෙ වෙස් ගත්තම මම උඹව අතෑරලා කාලි ගාවට යාවි....උඹ නැහැයි කිව්වම කාලි ගාවට යාවි....එහෙමද...ආ....අග්නි....ආ...අට උත්තර දීපන් අග්නී...මට උත්තර දීපන් යක්ශයෝ....

මම කෑගැහුවා...කලින් ගලපු කදුලු වලට ඒ වේදනාවට මම අග්නිට යක්ශයා කියල බැන්නා.....එයා බලනින්නවා....තියන අහන් කාර කමටම අත් දෙක බැදන් බලන් ඉන්නවා....ඇස් හීනි කරනවා....මම පුපුරන හැටි බලන් ඉන්නවා.....මම නහර වැල් උලුප්පන් කෑ ගගහා අග්නිට කෑ ගහන හැටි ...බලන් උන්නා....

චටස්.....!!!

මම ගැහුවා.....අත පුරවලම අග්නිට ගැහුවා...කාලිගෙ වේසෙන් ඉන්නකොටත් ගුටි කාපු අග්නි අග්නිගෙ ස්වරූපෙන් ඉන්නකොටත් ගුටි කෑවා.....මම තරහ වැඩි කමට අර වාත්තු කෙරුවා හා සමානව තිබ්බ මූනට ගහපු පාරට සාමාන්‍ය එකෙක් කෑවා නම් කන් බෙර හි වෙන්න තිබුනා...ඒත් අග්නි නිකන් උන්නා..ඒත් අග්නි නිකන් උන්නා.....එයා නෙවෙ වචනයක් කතා කෙරුවෙ.....

ඇයි උඹ හැම වෙලෙම මාව මන්දෝධරී ට සමාන කරන්නෙ...

"එයා වැරදි නැති නිසා..."

අග්.....නී.....

එයා කිව්වා මන්දෝධරී වැරදි නෑය කියලා .....එක තැනකදි මගෙ හිත පිස්සු වැට්ටුවා මන්දෝදරී විභීශනගෙ අනියම් පෙමක් කියලා .....

අග්නි....ඔය ඇති...මාව පිස්සෙක් වේවි....මට මීට එහා දරාගන්න බා අග්නි...මම යකෙක් නෙවෙ....මම මනුස්සයෙක්...මම මනුස්සයෙක් අග්නී...අනේ මාව මෙච්චර පරික්ශා කරන්න එපා.....මාව මේ තරම් පරික්ශා කරන්න එපා....

උඹෙ ආදරේ අධිමාත්‍රාවක් කියලා දැන දැන උමතුවෙන් ආදරේ කරන මට මෙහෙම කරන්න එපා අග්නි.....මට දරන්න අමාරුයි...උඹ මොන එහෙකටද කාලිගෙ වෙස් ගත්තෙ ....උඹ මොන එහෙකටද කාලි ගැන මගෙ හිතේ පැල්ලමක් ඇති කරන්න ගියෙ...මට කියපන් අග්නී...මට කියපන්.....

මන්දෝධරී ගගා උන්න උඹ අනිත් පාර කියනවා මන්ධෝදරී වැරදි නෑ කියලා .....දෙයියනේ මාව මානසික ලෙඩෙක් වේවි අග්නි.....මාව පිස්සෙක් වේවි....ආදරේ කියන්නෙ දරාගන්න එක උනත්..මේක....මේක වේදනාවක් අග්නී...

" මැනික....උත්තර නැති ප්‍රශ්න නෑ කොතනකවත්..."

ඔව්.....උඹට ඒක කියන්න ලේසියි....ඒත්.....සමහර ප්‍රශ්න්වලට උත්තර හම්බෙනකොට මිනිස්සු මග මැරෙනවා....හෙම්බත් වෙනවා....මට වෙන්නෙත් එකමයි.....උඹගෙ ආදරෙත් මාව හෙම්බත් කරනවා.....උඹගෙ පරික්ශාවනුත් මාව හෙම්බත් වෙනවා...උඹගෙ ආදරෙත් මට දරාගන්න බෑ...උඹගෙ මේ වග විභගහත් මට දරා ගන්න බෑ මගෙ අග්නී...

උඹ දන්නවා....උඹට මම මෝහනේ වෙලා කියලා.....මම උඹට උමතුවෙන් මෝහනෙ වෙලා.....සම්මතේ අසම්මතේ ගැන නොහිත උඹ එක්ක බැදුන මට මෙහම කරන්න එපා මගෙ අග්නී....

මම හෙම්බත් උනා....අවසානෙදි මට හිටන් ඉන්න පන නැති උනා.....මගෙ කටේ කෙල හිදුනා ..කලන්තෙට වගේ මාව වැටෙන්න ඔන්න මෙන්න එනකොට එයා අභාට කතා කෙරුවා .....

"අභා....."

ඒකි ලස්සනයි....පුදුම තරම් ලස්සන වෙලඹක්.....අග්නි වගේමයි....ඒ දෙන්නම එක පාටයි... ඒ දෙන්නම රඹ පාටයි...කෙලින් හිටන් ඉන්න බැරි තරම් ඇගට තෙහෙට්ටුව දැනෙනකොට අග්නි අභාගෙ සෑදලේ පැත්තක තිබුන හම් වලින් හදපු බෝතලයක් එලියට අරගත්තා ...

"මැනික....."

මම නෙවෙ කට ඇරියෙ.....මාව පුච්චපු පිච්චිලි වලට මම නෙවෙ කට ඇරියෙ ...අමාරු බව දැන දැන උනත් මම කෙරුවෙ මුරන්ඩු කම් කරන එක වෙනකොට අග්නි ඇස් හීනි කරන් මා දිහා බලන් උන්නා...

"මම හැම දේටම උත්තර දෙන්නම්....මුරන්ඩු කම් කරන්න එපා මගෙ ශිවන්..."

මුරන්ඩු කම්....නෙවෙ අග්නී...මට....වේදනයි....මට..දරා...

ගන්න...බැරි ....

අඩලා....කෑ ගහලා....මැරෙන්න වැටිලා උන්න මාව වත්තම් කරගත්තු අග්නි අර ලොකු ගහ ගාවට අරන් ගිහින් බිම ඉදගත්තා ..ඉදන් මාව උකුලට ගත්තා ....

" උඹ අප්පච්චි කෙනෙක් උනාට....මං ගාවදි දරුවෙක් ....මුරන්ඩු කම් නොකර මේ වතුර උගුර බීපන්..."

අග්නි මාව අතගානවා...මාව ඉඹිනවා.....බාගෙට මැරිලා උන්න මගෙ කම්මුල් අතගැවා...ඊට පස්සෙ එයා අතේ තිබුන වතුර එක හෙමින් හෙමින් මට පොවන්න ගත්තා ...කිව්වට විශ්වාස කරන්න ඒ වතුර අමෘතය හා සමාන උනා....ඒ වතුරවලට ඇගේ මැරුන නහර පනගස්සවන්න පුලුවන් උනා...

" ඇති....ඇති..."

අනේ.....

".....මුරන්ඩු කම"

මුලින් මුලින් වතුර උගුරක් පොවා ගන්න බැරිව මං ගාව කන්නලව් කරපු අග්නට අවසානෙදි මගෙ කටින් බෝතලේ ගලව ගන්න බැරි උනා...මම බදාගන උන්නා....වතුර වලට රසයක් නෑ...පාටක් නෑ...ඒක ඇත්ත ..ඒත් කියුල රහ වතුර තියනවා....ලුනුරහ වතුර තියනවා..ඒ ඔක්කොමත් එක්ක අග්නි පොවපු වතුර එක බෙහෙත් නෙල්ලි කාලා වතුර බොනකොට එන පැනිරස එක්ක එකතු උන අමූතු දෙය....අමූතු හැගීම....අමූතු කූල් ගතිය කටට දැනෙනකොට අම්මපා මට වතුර බෝතලේ අතාරින්න හිතුන් නෑ... 

"ඇතිද....."

ම්ම්ම්...

" දැන් මගෙ ශිවන්ට මොනවද දැනගන්න ඕනා"

එයා මගෙ ඔලුව ආයම අතගානවා.....එයා මගෙන් අහනවා මොනවද දැනගන්න ඕනා කියලා ....රත්තරන් පාට මූනෙ ඇස් දෙක දිහා මම බලන් උන්නා...ඒ ඇස් විඩාවෙන් බර වෙලා...

රන්ඩු කරන්න කෑගහන්න පුලුවන් උපරිම කරල මට තවත් කෑ ගහන්න හිතුන් නෑ...එයාටත් වෙච්ච කෙරුණ දේවල් කියන්න ඉඩක් දෙන්න ඕනා හිතුනා...මොකද මට එයා හිතන දේවල් ඇහිපිල්ලමක් ගැහුව පමනින් තේරුම් ගන්න ටෙලිපති නෑ...යකෙක් ගාව උනත්...දෙවියෙක් ගාව උනත් ආදරේ කරන තැන්වලදි රන්ඩු වෙනවා....සැක කරනවා....රාමට පුලුවන් උනා නම් සීතව සැක කරන්න....මනුස්සයෙක් වෙච්ච මට බැරි ඇයි.....

අග්නි...මට වෙහසයි....විඩාවයි .....තව හෝරාවක්....දෙකක්....ඇති....මං යන්න ඕනා.ඒක උඹ දන්නව මගෙ අග්නි...හෝරාවක දෙකක ගමනක් නෙවෙ....උඹ දන්නවා..කඩවර ගොටුව හදන්න ගන්න හැම දේම හදන්න ඕනෙ මගෙ අත් වලින් කියලා ...කඩවර අප්පච්චි ගාව කරන කන්නලව්ව කරනකොට උඹ දන්නවා අකුරු වරද්දන්න හොද නැහැයි කියලා ...හොදට මිස නරකට නෙවෙ කියලා අවසර ගන්න තැන හරියට ගන්න ඕනා කියලා උඹ දන්නවා.....

මගෙ අග්නි...අටුවා ටීකා නැතුව මම උඹට කියන්නම්...මම උඹට ආදරෙයි.....ඒක අවංකයි....ඒකෙ නෑ කිසිම හොරයක්...බොරුවක්....අග්නි....උඹගෙ ආදරේ ගාවදි.....

" උඹ උම්මන්තකයෙක් ....."

උඹ ඒක දන්නවා මගෙ අග්නි...බබා රත්තරන් ....මගෙ පන...ආදර වචන කෝටියක් නොකිව්වත්....උඹ හිතින්ම කියන මගෙ ශිවන්...මගෙ අධීර.....මගෙ මැනික...මේ ඔක්කොටමත් වඩා.....පිරිමි පරානයක් උනත්...අග්නිගෙ අඹුව කියලා කියන හැමතැනකම...අග්නිගෙ....කියන අයිතිය.....මම අග්නිට අයිතියි කියලා දැනෙන හැගීම.....ඒක....ඒකට දෙන්න වචනයක් නෑ මගෙ අග්නි.....උඹේ ආදරේ ගාවදි...මම හරි අසරනයි....ඒකයි පිරිමි ඇස් පවා තෙත් වෙන්නෙ...ඒකයි....පිරිමි හිත පවා හෙළ වෙන්නෙ.....මගෙ අග්නි....උනෙ මොනවද...නොවුනෙ මොනවද ...මට කියපන් අග්නි....ඇයි උඹ කාලි වේශෙ ගත්තෙ....මට හැමදේම කියපන් අග්නි.....

මම එයාගෙන් හොදින් ඇහුවා...මම එයගෙන් ඉල්ලුවා .....අවසානෙදි එයා සෑහෙන්න වෙලාවක් බලන් ඉදලා ගා කොලන් පිරුන මහ මූකලාන බැලුවා ....

" තලපති...."

තලපති...එ කව්ද....තලපති.....?

අග්නි.....ඒ...ඒ කව්ද.....

"....ආවම බලාගන්න ...."

එච්චරයි ...ඈතම ඈතින් අහුන අශ්ව කුර සද්දෙ එක්ක පාඩුවෙ උන්න අභා ඔලුව උස්සලා විපරන් කරන්න ගත්තා ....එයා හෙව්වා ...ඒ කන් දෙක එහා මෙහා උනා.....

මට හොයා ගන්න තියා හිතාගන්නවත් බැරි උන ඉෆ්‍රිත් දෙවොලට යන පාර ඇස් බැන්දුමකින් වහලා තිබුනද කොහෙද ...මම ඉන්නෙ ඇත්ත ලෝකෙකද....බොරු ලෝකෙකද කියන්න බැරි තරමට මාව කරකවලා අතෑරලා තියනකොට ඈතින් ඇහුන අශ්ව කුර සද්දෙ දැන් දැන් ලගට ලගටම එනකොට මම බයටම අග්නි ගාවටලන් උනා වගේම එක පාරම ගස් කොලන් කඩාගන තනි දුඹුරු පාට අශ්වයෙක් අපි පහු කරන් ගියා....ආව වෙගෙ පාලනෙ කරගන්න බැරි තැන අශ්වයා එක පාර ගාත් දෙකෙන් හිට ගන්නකොට මම අසරුවා දිහා බලන් උන්නා..."තලපති"....හයිය හත්තිය උතුරන මස් පිඩු ...තියුනු ඇස් ...යුදෙව් සම්බවයකට....අයිතිකාර කම්.කියන නහයක් එක්ක තද බල පෞර්ශත්වයක් තිබුන තලපති අශ්වයගෙ පිටෙන් බැස්සා....බැස්සෙ නෑ පැන්නා...

මගෙ අග්නි බලන් උන්නා...එතනින් එහා ඒ දෙන්නා කතා කරපු කිසිම වචනයක් නොතේරුන මම ඒ භාශාව වැලේරියන් කියන එක විතරක් දැනන් උන්නා....

තලපති ඇස් පිල්ලම් ගැහුවෙ නෑ...එයා අඩුම ගානෙ හුස්ම වත් ගත්තෙ නෑ....ඒකට එකම හේතුව මහෙ කුයිලෙ උඩු හුලගෙ යන හින්දා වෙනකොට මං .දිහා එක අංශු මාත්‍රයකින් වත් නොබලපු තලපතිවම් උරහිසක එල්ලන් උන්න මල්ලක් දුන්නා..එයා කියපු දේකට ඔලුව වැනුවා...එයා යන්න ගියා.....කොටිම්ම තලපති යන්න ගියපු පාරවත් මට හොයා ගන්න බැරි උනා....

".මගෙ ශිවන්.....මෙන්න...උඹගෙ දොලදුක..."

එයා මගෙ අත උඩ නිල් වෙරලු අහුරක් තිබ්බා...

නිල් වෙරලු....මම කන්න ආසයි කියපු නිල් වෙරලු....ඒත්....ඒත් අග්නිට නිල් වෙරලු අකපැයිලුනෙ.....

" උඹගෙ ප්‍රශ්නවලට මම උත්තර දෙන්නද මගෙ ශිවන්....."

මම ඔලුව වැනුවා..මොකද මට දැන් වෙරලු කනවට වඩා ඕනා මාව පිස්සෙක් කරවපු හේතුව අහන්න....මාව නොමරා මරපු හේතුව අහන්න....

" මුලිම්ම....අග්නිට සමාව දියන් මගෙ මැනික....මම දන්නවා උඹ මාව හොයනවා කියලා ...ඒත්..මට උඹ නිදාගම ඉන්නකොට ඇහැරවන්න ලෝභ හිතුනා....උඹ මගෙන් නිල් වෙරලු ඉල්ලුවා.....උඹ මගෙ...මට ඕනෙ....උඹට හොදම දේ දෙන්න....ඒත්....මගෙ ශිවන්....මට නිල් වෙරලු අකැපයි...මම ශිව දෙවියන්ට සාප කෙරුවා....මම ශිව දෙවියන්ට පලි ගැහුවා....ආය ජාති ජාතිත්...නිල් වෙරලුවක් වත් අතින් අල්ලන්නෙ නැහැයි කිව්වා....."

අග්නි.....

" අහන් ඉදින්.....අහන් ඉදින්...මගෙ ශිවන්....උඹ අහන්න හදන්නෙ....ඇයි මම ශිව දෙවියන්ට සාප කෙරුවෙ කියලා නම්...ඒකට හේතුව උඹ....ඒකට එකම හේතුව උඹ...."

මමලු....එයා ශිව දෙවියන්ට සාප කරපු එකම හේතුව එකම හේතුව මමලු....මම අහන් උන්නා...එයා කියවනවා...

"උඹ මහෙ ආස් ඉස්සරහ නැති උන දා මමත්....උඹගෙ පන ආපිට ඉල්ලලා දෙවියන්ට මොර දුන්නා.....අසුර යෙක් උන මම තිස් තුන් කෝටි සුර සේනාන්කෙටම මොර දුන්නා....ඒත් ඒ කවුරුත් නෙවෙ මගෙ දුක බැලුවෙ...ඒ කාටත් නෙවෙ මගෙ කදුලු පෙනුනෙ.....දෙයියන්ට කැප උන බලවන්ත අසුරයෙක් උන මම අසරන වෙන තැන තියනවා මගෙ ශිවන්.....එදා සද කිදුරා නැති උන වෙලෙ කිදුරියගෙ විලාපෙ ඇහුන සක්කරයට....එදා මගෙ විලාපෙ ඇහුන් නෑ මගෙ ශිවන් .....

මම ඇඩුවා ...කෑ ගැහුවා ....ඉබාගාතෙ ගියා .....මට යන එන මං නැති එකා වගෙ.....දේවාලෙ දාලා අඩ අඩ ඇවිද්දා ....කොච්චර කොහෙ තරම් දුරකට ගියාද කියනවා නම්.....මන් අවසානෙදි නැවතුනෙ.....කාලි උන්න අඩව්ව ගෝකන්නෙ...."

ගෝකන්නෙ....???

කාලි උන්න අඩව්ව කියනකොට මට මතක් උනේම කෝනෙශ්වරවම....

එතකොට මගෙ අග්නි කතරගම දෙයියන්ට බැලමෙහෙවර කරනකොට කාලි භෛරව් ශිව දෙවියන්ට බැල මෙහෙවර කරලද.....

මටත් නොදැනිම මගෙ අත මගෙ අග්නිගෙ අතෙ පැටලුනා...එයා කියවනවා ..මම අකුරක් නෑරම අහන් උන්නා.....

"කාලි භෛරව් උන්නෙ ශිව දෙවියන්ට බැදිලා...ඒක අදටත්....තවටත් එහෙමයි....එදා අඩ අඩ ඉබාගාතෙ ආව මං නැවතුනෙ ශිව දෙවියන්ගෙ පාමුල ..මං දනින් ආවා....උඹට හුස්ම ඉල්ලුවා ....ඒත් මල ඉරත් බැහැන් යන්න ගියා ...ඒ කවුරුත් මගෙ වේදනාව දැක්කෙ නෑ...කාලිට මාව සනසවන්න බැරිඋනා කාලිට මගෙ කදුලු නවත්තන්න බැරි උනා.....මම ආය ආයම උඹව ඉල්ලුවා .. රාවනා කැපුමත් පහු කරන් මල ඉර බැහැලා යන්න් ගියා....හරියටම උඹ යන්න ගියා වගේම...

අග්නී.....

ඒඇස් වල කදුලු පටලයක් බැදිලා තිබුනා.....ඒ ඇස්වල වේදනාවෙ කදුලු පටලයක් බැදිලා තිබුනා..එයාගෙ ඇස් පනා පිට මැරිලා ගිය මගෙ මරනේ වේදනාව එයා අදටත් මේ මොහොතෙත් විදවනකොට ඒ ඇස්වල කදුලු පටලයක් ඝනට බැදිලා තිබ්බා....එයාගෙ ඇස්වලින් කදුලු පොත්තක් වැටෙනවා එක්කම එයා මාව ඇදලා අරන් මාව තුරුල් කර ගත්තා ...

"මන් උඹව නොදුන්න හන්දා සාප කෙරුවා ....ජිවිතේ තියන තාක් කල් ආය කවදාවත් නිල් වෙරලුවකට අත ගහන් නෑ කියලා මම පලි ගැහුවා .....එදා දෙවියො කෝප උනා.....එදා දෙවියො කෝප උනා....මගෙ කදුලු පිහිදන්න නාව දෙවියො කෝප උනා....එතන තිබුන නිල් වෙරලු ගහ බලාගන ඉන්නකොට මුලුමනිම්ම ඇවිලිලා ගියා .....කෝවිලෙ ගාන්ටාරෙ කඩාගන වැටුනා ....මිනිස්සු දහය පහලවකටවත් උස්සන්න බැරි ගන්ටාරේ කඩාගන වැටිලා පහලට රෝල් වෙලා මහ මුහුදට වැටුනා.....

එදා....මම කරපු වරදට කාලි දන නැව්වා....සමාව ඉල්ලුවා .....රාවනා ශිව දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න රුද්‍ර වීනාව හැදුවෙ කොහොමද කොහොමද කියන්න උඹ දන්නවා මගෙ ශිවන් ....තමන්ගෙම හිසක්....බඩවැල් පවා ගලවන් ශිව දෙවියන්ව කෝපයට පත් කරපු රාවනා සමාව ඉල්ලුවෙ රුද්‍ර වීනාවක් හදලා ශිව දෙවියන්ට භක්ති ගීත කියලා .....අන්න ඒ වගෙ.....කාලි....කස්ලි භෛරව් සමාව ඉල්ලුවා ....කවදා හරි....කොතනක හරි.....මම, අග්නි.....කොතනක හරි නිල් වෙරලුවකට අත ගැහුවොත් සමාව ඉල්ලලා මුලු හිමාල කන්දම දනින් නගින්න .....එදා රාවනා වගෙ රුද්‍රවීනාව ගගබ ගමන් සමාව ඉල්ලන්න.....

අනේ....අග්නීහ්....

මට දරා ගන්න බැරි උනා මුලු හිමාලෙම දනින් නගින්න...දෙවියනේ...කාලි....ඒ වචන....ඒ වචන කොයි තරම් බරද ....කාලොගෙ සහෝදර කැක්කුම කොයි තරම්ද.....

අග්නි.....එතකොට ....

"මගෙ අතින් උන වරදකට මම කොහොමද කාලිව නග්ගවන්නෙ.....නිල් වෙරලු කන්න ඕනා උනෙ උඹට ..ඒත්...කාලිව නග්ගවන්නෙ කොහොමද මගෙ මැනික....මම කාලිගෙ වෙස් ගත්තා.....කාලි මගෙ වෙස් අරන් උඹගෙ ගෙදර උන්නා....එක නූලකින් හරි හැම දේම අහුවෙයි කියලයි මගෙ ස්වරූපෙන් උන්න කාලි නාවෙ....එක වැරද්දකට සමාව ගන්න තව වැරද්දක්.....කාලි පොරොන්දු දුන්නට නගින්නෙ මම...පලවෙනි පාර මුලු හිමාල කන්දම දනින් නැගපු මම දෙවනි පාරට කාලිගෙ වෙස් අරන් ආව වරදට මං ස්ව කැමැත්තෙන් දනින් ගියා මගෙ ශිවන් ..."

එයා හුස්මක් ගත්තා ....අතේ තිබුන නිල් වෙරලුවල රස වෙනුවට මට මගෙ අග්නිගෙ දනහිස් වල වේදනාව දැනෙනකොට මං එයාගෙ ඇදන් උන්න ඉන කඩෙ අහක් කරලා දනහිස් බැලුවා ...

අනේ.....අනේ මගෙ....අග්නී....

මට කෑ ගැස්සුනා ....ඒ දනහිස් වල කෑලි නෑ...මට ඒ වේදනාව ඉවසගන්න බැරි උනා....ඒත් එයා මොකුත් නොකියම මැරෙන්න හදන දනහිස් අත ගාන්න හදන මගෙ දිහා බලන් ඉදලා මාව ලගට ඇදලා ගත්තා ...

"ඔය තරම් මට ආදරේ කරන්න එපා මගෙ ශිවන් ....යකෙක්ටත් ඒ ආදරේ හරි බරයි මැනිකෙ.....මට සමාවෙයන් ....අවසානම මොහොතේ මං උඹව අඩවන්න හිතුවට.....උඹගෙ තුන් හිතකවත් .....මං ආරෙන්න වෙන කවුරුත් නෑ කියලා දන්නවා .....ඒත්....මට උඹගෙ ආදරේ තරම බලන්න ආස හිතුනා මගෙ ශිවන් .....ඒත් මං උඹට ඉගි දුන්නා ...මං කිව්වා ...අභාට අතගහන්න පුලුවන් එකම කෙනා අග්නිම විතරයි කියලා ....උඹ දන්නවා මට ඇරෙන්න කාලිට ගින්දර මවන්න බැහැ කියලා ....අනික .....

මං උඹට මන්දෝධරී කියන්නෙ....මන්දෝධරී ලස්සන හන්දා මගෙ ශිවන් .....මගෙ මැනික ....රාවනා වැඩියෙම්ම ආදරෙ දුන්නෙ මන්දෝධරීට.....කව්ද කියන්නෙ...මන්දෝධරී රාවනට පිටු පෑවා කියලා ....

ඒත්....ඒත්...ඒකෙ ලියවිලා....ඒකෙ...අනෙ අග්නි.....

මගෙ අග්නි මා දිහා බලන් උන්නා ...බලන් ඉදලා අර නිල් වෙරලු තිබුන මල්ලෙම්ම ඇපල් ගෙඩියක් ගත්තා .....අරන් එක එයාගෙ අල්ල උඩ තියා ගත්තා .....

"උඹට මේක පේනවද මගෙ ශිවන් .....".

එයා අර රතු පාටින් දිලිසෙන ඇපල් ගෙඩිය පෙන්නලා ඇහුවා ඒක පේනවද කියලා මගෙන් අගනකොට මම ඔව් කියන්න ඔලුව වැනුවා හැබැයි මට අල්ලන්න තහනම් උනා...

මම ඔව් කියන්න ඔලුව වැනුවා එයා ඇස් හීනි කෙරුවා ....

"කොයි වගේද පේන්නෙ..."

හොදයි.....අලුත්.....

"විශ්වාසද....."

එයා මගෙන් අහනවා විශ්වාසයිද කියලා ...ඉතින්...මට විශ්වාසයිනෙ....මම ඔව් කියන්න ඔලුව වැනුවා.....එයා ආය ආයම ඇහුවා...මට දෙන්න තිබුන උත්තරෙත් ඒකම වෙනකොට එයා මට ඊලග පාර අර ඇපල් ගෙඩිය හරවල පෙන්නුවා ...ඒක නරක් වෙලා...කලු ගැහිලා....අර දිලිසි දිලිසි තිබුන ඇපල්.ගෙඩිය නරක් වෙලා..

"උඹ දැන මොකද කියන්නෙ ....."

ඒක නරක්....වෙලානෙ...

"ම්ම්ම් දැන් මේකෙ හොද ඵැත්තක් ඇතී කියලවත් හිතෙනවද ...?"

න්න්...නෑ.....

ඇත්ත ....නරක් උන ඇපල් ගෙඩිය දැක්කම එහා පැත්ත හොදයි කියලා නිකන් වත් හිතුන් නෑ...ඒ වගේම දිලිසෙන පැත්ත දැක්කම එකෙ අනිත් පැත්ත අර තරම් නරකයි කියලා හිතුන් නෑ...

"මගෙ ශිවන් ....ඕනම තැනක...දෙපැත්තක් තියනවා....උඩින් හොද පෙන්නුවට....අනිත් පැත්ත නරක් වෙන්න පුලුවන් ....

උඩින් නරකයි කියලා කිව්වට....ඇත්තටම අනිත් පැත්තෙන් හොද වෙන්න පුලුවන් .....උඹ මන්දෝධරී දැකලා තියනවද ....නෑ...කතාබහ කරලා තියනවද ....නෑ...ලහින් ආශ්‍රය කරලා තියනවද ....ඒත් නෑ....රාමගෙන් උස්සන් ආව සීතට අතක් වත් නොතියපු රාවනාට....මන්දෝධරී පිටුපාවිද මගෙ ශිවන් .....

අග්නී....

නොදැක...නොදැන විනිශ්චය කරන්න එපා....උඹ පය ගහලා ඉන්න ලෝකෙ හැම දේකම දෙපැත්තක් තියනවා ....කලු සුදු.....හොද, නරක....විශ්වාස කරන්න පුලුවන් .....බැරි.....අදහන්න පුලුවන් අදහන්න බැරි.....උඹ මන්ත්‍ර සාත්තරේ පිලිගන්නෙ නැති නම්.....උඹට මන්තර ජප කරලා පන ගස්සවන කිසිම තෛලයක් පිලිගන්න බෑ මගෙ ශිවන් ...

උඹ ගුරු කම් සාත්තරේ පිලි ගන්නෙ නැත්තන් ...උඹලගෙ ඉනට දාන සුරෙ....කොටහලු උනහම කොට්ට යටින් තියන යකඩ ඇන....කලුකුමාර දෝස.....පිල්ලි හදි හුනියම් ගැන විශ්වාස කරන්නත් බෑ මගෙ ශිවන්.....උඹලා දෙවියො ඉන්නවා කියලා පිලිගන්නවා .....එහෙනම් ....ඇයි යක්කු ඉන්නව කියලා පිලි ගන්න අමාරු....උඹ යක්කුන්ව ඇස් දෙකෙන් දැකලා තියනවා ...හැබැයි මං කතාකරන්නෙ සාත්තරේ හරියටම පිහිටවපු උන් ගැන මිසක්කා .....ඒකට වින කටින ගෙවලයො ගැන නෙවෙ .....

හැම දේකම.....දෙපැත්තක් තියනව හරියටම මේ ඇපල් ගෙඩිය වගෙ....පේන දේ නෙවෙ අනිත් පැත්ත.....කෙනෙක්ට රාවනා යකෙක් වෙනකොට උඹලගෙ මිනිස්සුන්ට රාවනා රජ කෙනෙක්.....

මං උඹට මන්දෝධරී කිව්වෙ ආදරේට ...ඒත්...උඹ තෝර ගත්තෙ වැරදි පැත්ත ....හරි පැත්ත නොදැක උඹ අත ගැහුවෙ වැරදි පැත්තට ඉතින් ...උඹ උඹටම රිදවගන්නවා ...මං උඹට ආදරෙයි .....හැබැයි කොච්චරක් කියන්න උඹ දන්නවා ...මං ඒක අමුතුවෙන් කියන්න ඕන් නෑ..

මට රතන් සින්ගෙ පද්මාවති වත්....

රාවනගෙ මන්දෝධරී වත් ඕන් නෑ...

මට ඕනෙ අග්නිට උමතුවෙන් ආදරෙ කරන මගෙ ශිවන් ව ...දැන් ඉතින් ඔය දොලදුක හිදෙනකන් කාපන්....මං දනින් වැටිලා අවසර ගත්තෙ උඹ හන්දා ..පලි ගැහුවෙත් උඹ හන්දා.....

මගෙ හැම ප්‍රශ්නෙටම විසදුමක් දීපු මගෙ අග්නි මගෙ කම්මුලක් මිරිකලා ඇබිත්තන් හාදුවක් තිබ්බා ...

සැනසීමයි.....

මගෙ හිතට පුදුමාකාර තරම් සැනසීමයි...

අග්නී.....

එයගෙ ලෙලි ගියපු දනහිස අතගාන ගමන් නිල් වෙරලුවක රහ බලපු මම එයට කතා කෙරුවා ....එයා සද්ද නෑ...

මම හැරිලා බැලුවා....

අනේ..මගෙ අග්නිට නින්ද ගිහින්...

මං හන්දා හිමාල කන්ද දනින් නැග්ග මගෙ අග්නිට නින්ද ගිහින්.....රත්තරන් පාට මූන තෙහෙට්ටුවෙන් පිරිලා.තියනකොට මම එයාගෙ මුන අත ගාලා හාදුවක් තිබ්බා.....

"මද්දහන පහු වෙලා...ගොම්මනට කලියෙන් කෝච්චියට ගොඩ වෙයන්....."

අග්නී.....

"මගක් යනකොට මම එන්නම්.....කාලිට පුලුවන් මම වෙනුවෙන් හෙටත් අඩුව පුරවන්න....."

එයා මා දිහා වත් නොබාලා ගොම්මනට කලියෙන් කෝච්චියට ගොඩ වෙයන් මගක් යනකොට එයා එන්නම් කියනකොට මම බලන් උන්නා...මගෙ හිතේ ආයමත් ප්‍රශ්නකෝටියයි.....

එයා කොහොමද එන්නෙ....කොතනින්ද...කියන්න මම නොදන්න කොට නින්ද යාගන එන අග්නිව ඇහැරවන්න ලෝභ කමේ මම බලන් උන්නා...

" අහන්න තියන දෙයක් අහපන් මැනික..මට තෙහෙට්ටුයි නොසෑහෙන්න..."

ඉතින්....මට පුලුවන්ද හිතෙ තියන ප්‍රශ්නවලට උත්තර ඉල්ලන්න...මං එයා වටේ එහා මෙහා යන අභා දිහා බැලුවා ..ඒ ඇස් සැරින් සැරේම නැවතුනෙ අග්නි ගාව වෙනකොට මං අග්නිගෙ කම්මුලට වගේම නලලට හාදුවක් තිබ්බා ....

උඹ කිව්වා හරි අග්නි විශ්වාස කරන්න පුලුවන් , බැරි දේවල් හුගක් තියනවා...මට පුලුවන් මං හැමදාම ඇස් දෙකන් දකින මගෙ ආදරනීයම අසුරයගෙ ආදරේ විශ්වාස කරන්න.....

මං උඹට ආදරෙයි මගෙ අග්නි....උඹ එනකන් ....මම බලන් ඉන්නවා එහෙනම් .....

සීතල දැනේවිද නොදැනේවිද කියලා නොහොතපු මම හැම දේකම දෙපැත්තක් තියනවා කියලා හිතාගන මං ඇදන් උන්න ශර්ට් එක ගලවලා එයාව පොරවලා එන්න හැරුනා .....

අභා....මගෙ අග්නිව බලාගනින්.....ඔය ඉන්නෙ මගෙ පන....නොදැන තරහා ගත්තා උනත් ඔය ඉන්නෙ මගෙ හැමදේම ..මගෙ දරුවගෙ අප්පච්චි .....ඉතින් එයාට කියපන් එයා එනකන් මං බලන් ඉන්න වග.... 

🙂ජොබී නිදහා .....ස්...

ආයම හෙට එන්නාම්....

මේ ලමයා බුජි...ඔය ලමයිනුත් බුජියන්න.....

මම...

ජොබි ...මු.ක.හ.කැ.🤭

Ferdeesha ❤️💚😘 ...

More Chapters