Cherreads

Chapter 76 - 76

අග්නී....

"ඇයි මැනිකෙ.....".

යන්න එපා අග්නි...මගෙ ගාවින් කොහෙවත් යන්න එපා අග්නි....මට බයයි.....

අද රෑ සැනසීමෙන් නිදා ගනින් කියපු අග්නි කොහෙ හරි යන්න යන්නෙ කියන එක තේරුන මම මාව දාලා යන්න එපා කිව්වා ..මට බයයි.....සාතන්ට....යක්ශයාට එක එක ස්වරූප තියනවා කිව්වත් අග්නිගෙන් මං ස්වරූප ගොඩක් දැක්කත් මෙතුවක් කාලෙකට මං මේ තරම් භය උනේ නෑ.....මෙතුවක් කාලෙකට මං මේ තරම් කඩා වැටුන් නෑ...

ඒකි අනිත් පාර ආවෙ අග්නිගෙ රූපෙන්....ඒකි අනිත් පාර ආවෙ මාව විතරක් නෙවෙ නිඛිල්ව ..අපි තුන්දෙනාම මරන්න වෙනකොට පෙර කරපු පිනකට ඒ මගෙ අග්නි නෙවෙ කියන එක මන් අදුන ගත්තා ....

"උඹට නිදා ගන්න ඕනෙද මගෙ ශිවන් ....."

මාව දාලා යන්න එපා අග්නි....

"නෑ යන්නෙ නෑ.....ඒත් බඩගින්නෙ නිදා ගන්න හොද නෑනෙ....මං කවන්නද ....."

එය මගෙ ඔලුව අත ගානවා...ඇත්ත.....මං බඩගින්නෙ නිදා ගන්නෙ කොහොම ඒත් මට කාපු අනිත් අතට කාපු බීපුවා ආයම යනවනෙ....ඒත් ඉතින් ඒක හැමෝටම එකයිනෙ ...

ඒත් හැමෝටම එක වෙන්නෙ කොහොමද ...

මං මගෙ බඩට අත තියාගන අග්නි දිහා බැලුවා ....එයා නින්දෙන් අඩපු නිඛිල්ගෙ පස්සට තට්ටු කරන ගමන් උන්නා ....අර මුලින්ම තිබුන සතුට වෙනුවට අග්නි උන්නෙ බර කල්පනාවක වෙනකොට මං එහෙම්ම අග්නි ගාවින් දිගෑදුනා උනත් එයා මට නිදා ගන්න එපා කිව්වා ...හෙට උදෙට මට කෙලින් ඉන්නවත් පන නැතිවෙයි කිව්වා .....

"මගෙ ශිවන් ....නොකා නොබී ඇහැපියවන්න එපා මැනිකෙ උඹට හෙට උදේට ක්ස්ලින් ඉන්නවත් පන නැති වෙයි.. ඇබිත්තන් සයිස් උනත් ඒකත් යක් පැටියෙක්නෙ..."

මම හිනා උනා සූප්පුව උරවන නිඛිලා නින්දෙම්ම චූ දානකොට මං ඉක්මනට අහක බැලුවා . පැම්පර්ස් එක අන්දන්න යනකොට අප්පච්චි කම ඉහට ගහලා අන්දවන්න නොදුන්න අග්නියා ඒ පාර මූනත් දෙක කරගත්තා ...හරියටම අග්නියට චූ ගියා වගෙ .

"ම්...මැනිකෙ...කොල්ලා චූ කෙරුවනෙ....."

චූ කෙරුවා නම් අස් කරන්න පිහන්න ඇයි දැන් ළමයි දෙන්නෙක්ගෙ අප්පච්චි කෙනෙක්නෙ ඔව්වා ඉගන ගනින් අග්නි...මට බෑ මට බබෙක් හම්බෙන්න ...

හිතේ තියන භය අමතක කරලා මට හිනා වෙන්න ඕනා උනා...හිතේ තියන වේදනාව අමතක කරලා මට හිනා වෙන්න අග්නි එක්ක ආදරෙන් ඉන්න ඕනා ..

අමාරුයි .....

මම දන්නවා ඒක කරන්න අමාරුයි කියලා ....ඒත් මං ඉන්න තත්වෙ එක්ක මට සතුටින් ඉන්න ඕනා උනා....හිනා වෙන්න ඕනා උනා.....අම්ම දුක් උනෝති දරුවටත් දැනෙනවා කියන වචන මට මතක් වෙනකොට නව මාසයක් වෙනුවට එක මාසයක් උන්නත් මට එයාගෙ හීනෙ වෙනුවෙන් කදුලු මැදින් හරි හිනහා වෙන්න ඕනා ....

මං අග්නිට අරියාදු කෙරුවා ...කොල්ලව පිහන්න කියනකොට එයා බලන් උන්නා ...

"ඉතින් බබා ඉන්නෙ බඩේ මිසක් අත් දෙක උඩ නෙවෙනෙ.....පිහිදපන්කො ...."

උඹට එක ලමයෙක් බලන්ඩ අමාරු කම් තියන්ද අග්නි තව එක්කෙක් හැදුවෙ ..?පිහපන්...පිහපන්.....මැරුම් නොකා පිහපන් ...

මං අග්නියව කෙනිත්තුවා .....නින්දෙම්ම චූ දාපු මගෙ නිඛිලා මේ මොකූත් නොදන්න එකා වගේ සනීපෙට නිදාගන ඉන්නකොට අග්නියා කොල්ලගෙ තට්‍ටමට පාරක් ගහලා ඒකව පිහදාලා අන්දන්න එපා කියපු පැම්පර්ස් එක ඇන්දෙව්වා ...

ම්හුක්....අග්.....ගි....යේ...

"ඕ...අග්ගියා නෙවෙ ...හැමදාම අග්ගියා කියන්ඩද .....දෙන්නෙ පුක පුපුරන්ඩ...."

මොකද අග්නි.....

"මොකද අග්නි කියන්නෙ ළමයි දෙමව්පියන්ට නම කියලා කතා කරනවද ...?"

අමෝ අමෝ...දෙමව්පියා....හරි පව්...ලොකු ඇති...

"උඹට අදරෑටත් අඩන්න ඕනෙ වගෙ නේ..."

අනෙ අග්නි මේහ්....මායන් නොවී ඉදපන්....

"ම්න්...අපි බලමුකෝ...අපි බලමුකෝ.....අග්නී .....ගාන්.. .එන්නෙ නැද්ද කියලා ....තව ටිකක්....රෑඋනාම....."

උඩ බෙලි අතට හැරිලා උන්න මම අනිත් පැත්තට හැරුනා ....අග්නියා වලත්තයා....ඇරමන් වගෙ...කොයි වෙලාවෙ වැඩේ දෙන්නද කියලමයි බලන් ඉන්නෙ....

"මොකද ....ම්ම්ම්"

පැත්තට හැරුන මගෙ බඩ උඩින් අග්නිගෙ බර අතක් වැටුනා ...ඇදන් උන්න ටී ශර්ට් එක ඇතුලෙන් අග්නිගෙ අත එහා මෙහා යනවා ...පිටට නොපෙනන ඇගට විතරක් දැනෙන අග්නිගෙ චූටි වස්තුගෙ උඩින් අග්නිගෙ අත නවතිනකොට එයා එහෙම්ම අනිත් අත දිගෑරලා කොට්ටෙයක් වත් තියාගන්නෙ නැතිව ඔලුව තියන් උන්න මගෙ ඔලුව එයාගෙ අත් ගොබේ උඩට අරන් මාව තුරුල් කරගත්තා ...

හාදුවක් ...

උනුසුම සීතල ආදරේ උමතුව හැගීම් දැනීම් උපරිමේටම පිරුන හාදුවක් මගෙ බෙල්ල පිටිපස්සෙන් තියපු මගෙ අග්නි මන් අහන්න ආස කරන වචන මගෙ කනට කොදුරනකොට මං හුස්ම අල්ලන් අහන් උන්නා....

"මං උඹට මැරෙන්න තරම් ආදරෙයි මගෙ ශිවන් ...."

තත්පරයක් .....දෙකක්.....තුනක් .....

මට ඊට එහා ඉන්න බැරි උනා.....බඩ උන ගෑනු පරාන හරි සංවේදියිලු ...ඒ හැගීම් මාරුවෙන්නෙ හිතන්නත් කලින්ලු.....අහලා තිබ්බා ....ඇස් පනාපිට දැක්කා....හැබැයි පිරිමි පරානයක් උන හින්දා මට විදින්න බැරි උනා ....

ඒත්....

ඇස් පනාපිට දැක්කා කිව්වත්....ඒ නව මාසෙම ඒ ඇස්වල තිබුනෙ කදුලු විතරමයි....

මගෙ නිඛිල්ව දරාගන උන්න ඒ ගෑනිගෙ ඇස්වල තිබුනෙ කදුලු විතරමයි ...දරා ගන්න බැරි වේදනාවට උනපු කදුලු විතරමයි ...

අග්නී.....

මං අග්නිගෙ පැත්ත හැරුනා... අග්නිම මගෙ කකුලක් අරන් එයාගෙ උකුලට උඩින් දාගන මාව තවත් ලන් කරන් අත් දෙකෙම්ම තුරුල් කරගන්නකොට මං අග්නිගෙ මූන දිහා ඒ ඇස් දිහා බැලුවා ....

"කියපන්....."

අග්නී.....මටත් .....ඒ තරම්ම විදවන්න වෙයිද මගෙ අග්නි..... ...

මං අග්නිගෙ කර්නාභරනෙක මගෙ ඇගිල්ල පැටලුවා ...එක්කො අද රෑ තවත් බිත්තියක ඉරක් යාවි...

.....උපාසකයා වගෙ ඉන්න හැදුවත්...අග්නිගෙ ලේ දුවන මගෙ ඇග පුරා හිතු මනාපෙට එක එක හැගීම් උඩ දුවන්න ගත්තා .....කොච්චර දුන්නත් ආදරෙව් මදියි වගේ හිතුනා...ඒ ඔක්කොමත් පෙට්ටගමක් අස්සට ඔබලා මට පොඩ්ඩක් දුක හිතෙන දෙයක් අහන්න ඕනා උනා ..

වෙන මොකටවත් නෙවෙ .....මොන දේ උනත් අග්නි උඹට මොකුත් වෙන්න දෙන්නෙ නෑ මැනිකෙ කියන වචන ටික එ පිරිමි පපුවවට ගුලිවෙල අහන් ඉන්න තියන ආසාවට ....

අරකිට උනත් මේ තරම් අතෑර ගන්න බැරි අග්නිගෙ මේ පිස්සු වැටෙන ආදරේ හින්දම වෙන්න පුලුවන් ....ඒකිගෙ ඇස් වල කටු අනිනවා ඇති...

"ආව්...හ් ...උඹ මගෙ කන ඉරන්නද යන්නෙ...."

දුක් වෙන්න හිතාගන අග්නිගෙ පැත්ත හැරුන මට තරහා ගියා....ඊරිසියාවක් දැනුනා ....එකම එක හාදුවක් හරි මගෙන් පිට ගියානෙ කියන සිතුවිල්ලම ඉන්න තත්වෙ එක්ක මට මහා ලොකු දෙයක් කරලා පෙන්නුවා ...මමත් බැන්දා ....ඒක අමතක උනා....ළමයෙක් හැදුවා ..මං ඒකත් හිතා මතාම අමතක කෙරුවා ....මගෙ මගෙ මගෙම විතරමයි කියන අර බර හැගීම එක්ක මං අග්නිගෙ තොලක් රිදෙන්න හැපුවා ....

"ඇයි මේ...ම්ම්ම්...."

ඊරිසියා හිතුනා....

"උඹගෙ උනාට පස්සෙත්...."

සමහර මතක ගලේ ගහලවත් මරන්න බෑනෙ....

"ම්ම්...එහෙම මතකයක් මට එහා පැත්තෙන් හුස්ම අල්ලනකොට...ඌ හුලගෙන් නෙවෙනෙ පාත් උනේ කියලා හිතෙනකකොට...මට හිතෙන්න ඕන එහෙනම් ඊරිසියාවක්ද....තරහවක්ද ම්ම්ම්ම්..."

.අග්නී....

මං හිර උනා ..එයා මට පහර දුන්නෙ ආයම නැගිටගන්න වත් බැරි වෙන්න...හාදුවකට ඊරිසියා කම්කාර කරන්න ගියපු මට සම්පූරනම ගොලු වෙන්න සිද්ද උනා ....

එ උනත් එයා ඔයාගෙනෙ අග්නි....

"ඒ දැන්නෙ. .නිකන් කඩන් පාත් උනේ නෑනෙ....ම්ම්ම්...ප්‍ර්වෙසම් වෙයන්...උඹ ඔය කියන කරන විදිහට මං ඊරිසියා කරන්න ගත්තොතින් ...එක්කො උඹ මැරිලා .....නැත්තන් ....උඹට ඉනෙන් පහල පන නැති වෙලා....නැත්තෙ අවුරුද්දෙ මාස දොලහටම හරියන්න වදන්න වේවි.....ඉෆ්‍රිත්ගෙ අන්තඃපුරේ වග්‍ර් නෙවෙ...මම හදන්න ගත්තොත්...."

දෙයියනෙ අග්නීහ්.....

මං අග්නිගෙ පපුවට මිට මොලවලා හිනින් පාරක් ගහනකොට එයා තවත් චුට්ටක් මාව තුරුල් කර ගත්තා ...ඊරිසියා කාරකම් කරන්න ගියපු ගියපු මම ඉක්මනට කතාව මාරු කරන්න හිතාගන මගෙ මූන වෙනස් කරගත්තා ....

අග්නි.....

"ම්න්..."

තරහ ගන්නෙ නැත්තන් දෙයක් කියන්නම් අහන් ඉන්නවද ...

"කියපන්..."

අග්නී...උන් මගෙ නිඛිල්ව නැති කරන්න හැදුවා ....උන්.....නොකරපු දෙයක් නැති තරම් ....ඒ ගෑනිගෙ ඇස්වල කදුලක් නොතිබුන දවසක් නෑ අග්නි....හේතුවක් නැතුව මට වෛර කරන්න බෑ....ඒත්...මට එ ඇස් අද කවදටත් වඩා මතක් වෙනවා අග්නි....නව මාසයක්ම ඒ ඇස්වල තිබුනෙ කදුලු ...නව මාසයක්ම ඒ හිතේ තිබුනෙ ගින්දර .....

" උඹ ඒ නව මාසෙම ඒකි ගාව උන්නනෙ.....?"

ඔව්....

" එහෙනම්...ඇයි මං ගැන එහෙම හිතන්න අමාරු...උඹට මොකක් ගැනද බය කියපන්.....?"

අග්නිගෙ ඇස් රතු උනා...තරහා ගන්න එපා කිව්වත් අග්නිට තරහා යාගන ආවා....

අග්නී.....තරහා ගන්න එපා කියලා කියනකොටත් ඇයි කියපන් තරහා ගන්නෙ ...?

" ........"

ඇයි අග්නි දෙයක් කියන්න කලින් මාව මරන්න හදන්නෙ.....?

"........"

ඇයි අග්නි ඉන්නෙ බයෙන් බව දැන දැන උඹත් තව බය කරන්නෙ....ඇයි උඹත් රිදවන්න හදන්නෙ...?"

කරුමයක්.....අනේ දෙයියනෙ මේකාලෙට දුක සතුට ඕනාවටත් වඩා දැනෙනවද??

මගෙ ඇස් තෙත් උනා....මට දුක හිතුනා.....ඒක බය හැක නැතුව ගෙට එන්න තරම් ...ඒකි මොන යකින්නක්ද....???

" උඹ ගාව මම ඉන්නවා....අවසානය මොකක් උනත්...උඹ ගාව මම ඉන්නවා එච්චරයි ..ආය ආය අඩන්න එපා...උඹ බඩ උනාට මම බඩ වෙලා නෑ ශිවන්....යකා යකාම තමයි මගෙ ශිවන්....කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑනෙ නෙ....ම්ම්...බඩ නැතිවෙන්න ගුටි කාලා ආය බඩ වෙන්න ආසද මගෙ මැනික.....??"

.යක්සයො....!!!.....

මම අග්නියව හැපුවා...ඒ නපුරු කම මනින්න එකක් නැතුව ඇති ....ඉස්සර මගෙ ඇස් වල කදුලු දකින වාරයක් ගානෙම කිව්වෙ උඹ අඩනවා මට බලන් ඉන්න බෑ කියලා ඒත් ..දැන් ඒකෙ අනිත් පැත්ත.....ඇඩුවා නෙවෙ පපුව පලා ගත්තා උනත් මරනවා කියන්න වචනේ දීලා ඉවරයි ....මට තේරෙන්නෙ නෑ මේ ආදරේ මේ තරම් උමතුවක් උනේ කොහොමද කියලා ....

මම.දන්නවා....ඒකිගෙ ඇස් මේ හතර කොනම කැරකෙනවා ඇති කියලා....මම දන්නවා...ඒක අග්නි පවා දන්නවා කියලා ...ආදරේ හිස්තැන් තිබුනම යක්කු පෙරේතයි රිංගනවලු....ඒක කට කහනවට කියපු කියමනක් නෙවේම හිතුනා.....

අග්නි.....

"ම්ම්ම්"

බඩගිනීනෙ....බබාට බඩගිනි ඇවිත්ලුනෙ අග්ගියෙ.... ....

වටපිට බලපු මම ඇස් කරකවන ගමන් පොඩ්ඩක් සද්දෙට බඩගිනී කියලා හුරතල් වෙනකොට අග්නියගෙ එක ඇහිබැමක් උඩ ගියා. ...ඒ ඇස් වල තිබුනෙ හිටපු ගමන් මේකට මොකද උනේ බැල්මක් වෙනකොට නිඛිලත් හොදටම නිදි වෙලාවෙ මම බබා පිටින් දලා වලත්තකම් කරන්න ගත්තා ....

" දැන් මගෙ මැනිකට මොන බඩගින්නක්ද ඇවිත් තියෙන්නෙ....ම්ම්ම්ම්ම්ම්"

හිතුවට වඩා ඒක මහ නමනින්දිතයි වගේ...අග්නියා කියන්නෙම කොටියෙක් දවස් ගානක් හාමත් උන එකෙක් වගෙ දාඩිය මුගුරු දාගන මාව හප කරන.....

අග්නි කියන්නෙම පිඹුරෙක්...ගොදුරක් අහුන උනාම අඩපන වෙනකන් ඉදලා පොඩ්ඩා පොඩ්ඩ රසකරන කර ගිලින එකෙක් ...

අග්නිගෙ ඇස් මගෙ මූන පුරාවටම ඒ මේ අත යනකොට මම පුපුරන්න තියන අනිත් බිත්තිය දිහා බලන ගමන් කට උල් කෙරුවා ....

"ම්ම්ම්.....අග්ගියගෙ පුතාට මොනව බඩගින්නක්ද ඇවිත් තියෙන්නෙ....ම්ම්ම්....අප්පුච්චියා කියනවනෙ බබාට බඩගිනී ඇවිත් කියලා.....ම්ම්ම්"

අග්නියගෙ දොන්ත කටහඩ මගෙ යටිබඩ ගාවින් ඇහෙනකොට ඒ සීතල ඇගිලි එහා මෙහා යනකොට මම ඇද රෙද්ද මිරිකගන්නකොට අග්නියගේ පුතා වෙනුවට බඩේ උන්න පනුවෙක් අග්නියගෙ ප්‍රශ්නවලට උත්තර දෙනකොට මට උම්මලකඩ කන්න දොලදුකක් ඇති උනා....

අග්නී....

"ම්න්..."

බඩගිනී...අග්නි...

"මොනවද ඕනෙ මට උගන්නපන්...මං උඹට හදල දෙන්නම්.....උඹව බඩගින්නෙ තියන්නෙ නෑනෙ මං..."

අග්නිගෙ කට හඩ ආදරනීයයි ..ඒ ඇස් දිලිසෙනවා....මොනවද ඕනෙ උගන්නපන් මම හදලදෙන්නම් කියනකොට අනේ සත්තයි මගෙ කටට කෙල ඉනුවා .....ඔලුව අත ගානකොට මගෙ මූනට හිනාවක් ඇදුනා ආදරෙ පිරුන හාදුවක් කම්මුලක් පහලට ඔබනකොට ඒ ඇස් තවත් දිලිසුනා.....

අග්නි...මං ආසයි උඹ තරහා වෙනවානම්.....

....?

නෑ.....තරහා ගිහින් ආයමත් යාලුවෙන හැම දවසකම උඹගෙ ආදරේ එන්න එන්නම බර වැඩි වෙනවා ...අග්නි ....මොන දේ උනත්....මම මේ ආදරෙට ලෝභයි අග්නි...සමහර තැන්වල මම අඩාවි....මම කෑගහාවි...පිස්සෙක් වගේ රන්ඩු කරාවි.....මම මනුස්සයෙක් අග්නි....සමහර දේවල් මට දරන්න බැරි වේවි.....අනෙ මාව තේරුම් ගනින්....මාව දාලා නොයා මගෙ ළඟින් ඉදින් අග්නි....මට ඒ ඇති.....

මම අග්නිගෙ අත් දෙක අල්ලගත්තා.....මම දන්නෙ නෑ...මේ මාසෙ ඇතුලත මොනවා වේවිද කියලා ....උන් කඩි ගුල ඇවිස්සිලා වගේ ඇවිස්සිලා.....මට ඕනා උනෙ හයියක්...මගෙ අග්නිගෙන් හයියක්.....මොන දේ උනත් මට් තනිවෙන්න දෙන්න එපා කියන වචනෙ විතරක් වෙනකොට එයා මගෙ අත් දෙකට හාදුවක් තිබ්බා.....

" පමා වෙලා පිපෙන හැම මලක්ම සුවදයි .....මම උඹට ආදරෙයි නිකන් නෙවෙ...මැරෙන්න තරමට ආදරෙයි...මගෙ හැම බලාපොරොත්තුවක්ම තියෙන්නෙ උඹ ගාව...මගෙ හැම හීනයක්ම තියන්නෙ උඹ ගාව....මට කියන්න තියෙන්නෙ.....මෙච්චර දුරක් ආව එක...අවසාන මොහොතේ අග්නිව අතාරින්න එපා කියලා ...මට කියන්න තියෙන්නෙ....දරන්න අමාරුම තැන උනත් අග්නිව අතාරින්න එපාය කියලා....තුන්කාලක් ගෙවුන තැන ඉතුරු කාල ගෙවා ගන්නකන් මගෙ අත් වලින් ලෙස්සලා යන්නෙ නැතිව ඉදපන් මගෙ ශිවන් ....විස්වාස කරන්නම අමාරු තැන් වල උනත් හිත හයිය කරගනින්....මොන වේදනාව වින්දත්...මං උඹ ගාව ඉන්නවා .....එච්චරයි .....මොකද හැමෝටම වඩා විදවපු එකා මමයි. ....

හැමෝටම වඩා උඹව ප්‍රාර්තනා කෙරුවෙ මායි...

හැම එකාටම වඩා උහුලගත්තෙ මමයි...මගෙ සතුට නැති කරන්න එපා ශිවන් ...මගෙ සතුට නැති කරන්නෙ මොකාද එ කාව උනත් මං මරයි.....ඒ උඹ උනත් මං මරයි....ඒ භෛරව් උනත් මං මරයි...

මං කල්පයක් බලන් උන්නෙ මේ "තිස් දවස "එනකන් ....මෙතනයි මගෙ බලාපොරොත්තු තියෙන්නෙ...එහෙම එකේ ඒ සතුට නැති කරන එකෙක් මං ඉතිරි කරයිද...අනෙ පින් අයිති වෙයි.....මගෙ ඉවසීම බලන්ඩ හිතන්ඩත් එපා....මරනවා කියන්නෙ ඉතුරු කරන එකට නෙවෙ ...මරලම දාන එකට...

නේ තියෙන්නෙ මගෙ සතුට මගෙ හැම දේම....නිඛිල් ...කියලා වෙනස් වෙන්නෙ නෑ....ඌත් මගෙ.....මේකත් මගෙ.... උන් දෙන්නට අත තියන්නෙ මොකාද මම උන්ව මරලා දානවා....ඉෆ්‍රිත් සාක්ශි කරන් මේ අග්නි අමරේන්ද්‍රන් උඹට වදන් දෙනවා ශිවන් .....මගෙ ආදරේ පරික්ශා කරන්න එපා...

තනිවෙලා කල්පයක් මං බලා

උන්නෙමි නුඹ නමින්

සිරවෙලා නුඹෙ මතකෙ අතරේ

පේවුනෙමි මුළු හදින්

හිනැහිලා බොහෝ කල් මං

තිබුනෙ දුක විතරයි ලඟින්

සිහිවෙලා හිත කීරි ගැහුනෙම

වෙලි සිටි හැටි පෙමින්....

ඉපදි ඉපදී නුඹ මියෙන හැටි

දරාගත්තෙමි සොවින්

පෙම් කරනවා ලංව ඈ හට

බලා උන්නෙමි දුරින්

දීග ගිය දා ඈ එක්ක නුඹ්

හඬා වැටුනෙමි හිතින්

පියෙක් ලෙස නුඹ කිරුළු ලෑ දා

හිනැහුනෙ මං තුටින් ....

ඇඟිලි ගැන්නා තියාගන්නට

නුඹව සදහට මගෙ ලඟින්

හීන මැව්ව් පියෙක් වන්නට වදා

දරුවෙක් ඔය කුසින්

හිතින් යැද්දා ඔයා සසරෙම මගෙ

වන්නට මුළු හදින්

තවත් ඉඩ නෑ දුරින්ඉන්නට නුඹ

මගෙමයි හැම අතින්...

(අග්නි...💙 අදත් අග්නිගෙ ආදරෙ අකුරු කෙරුව නෙතූ අමන්දා නංගි ස්තූතියි ගොඩාක් ❤️.....)

බ්වෑක්ක්.....බ්...බ්වෑ...ක්ක්.....

අග්ගි.....අප්පුච්චියේ...

ස්ස්...සුදු....පුතා ....යන්න...

අග්ගියේ.....අරෙල්ලෝ....

කැහ්.....බ්වෑ....ක්.බ්බ්..බලාගන .....වැටෙයි...

ඉනට පටලවන් උන්න තුවාය රැදිලා තිබුනෙ ඉස්සරහට නෙරපු උකුල් ඇට වලට පින්සිද්ද වෙන්න කිව්වොත් මං හරි.....

එදා රෑ.....

මතක් වෙනකොටත් මගෙ ඇගෙ හිරිගඩු පිපෙනවා ....

උම්මලකඩ කන්න ආව දොලදුක අග්නිම සංසිදෙව්වා ...සීතල හමකින් වැහුන උනුසුම් හැගීම් තිබුන ඇගිලි තුඩුවලින් අනපු බත් කටවල් එකින් එක එකින් එක බඩට යනකොට ...අම්මා වගේම මං ආදරේ කරපු අනිත් ගෑනු පරානෙට පස්සෙ මගෙ උගුරෙන් පහලට ගියපු ආදරනීයම බත් පිඩ ඒක වෙන්න ඇති ...

මට මහන්සි....

එදා රෑත්....සෘංගාරෙන් මං හෙම්බත් උනා...

දෙයියනේ බඩ උනහම මේ තරමට හැගීම් වෙනස් වෙනවද ....

කල්පනාවෙන් ...

එක එකාට අනුව එක එකාගෙ හැගීම් වෙනස් වෙන විදි වෙනස්....!!!

හති වැටුනා....දාඩිය බින්දු ඇද රෙදි තෙමලා දැම්මා....ඉහලට ගන්න හුස්ම තනිකරම විසුවියස් කන්දෙ උනුහුම පරාද කෙරුවා ....හැමදාම පන ගහන සමනල්ලු තටු කඩාගන නන්නත්තාර වෙනකොට .....මගෙ අග්නි...මට හිතු මනාපෙට දාඩිය වලට ඉපදෙන්න ඉඩ හදන්න දුන්නා ....

හැමදාම යට වෙන මං අග්නිව සීරුවා.....හැපුවා ...ඒ කොන්ඩෙ ගුලි ගුලි අත් දෙකට ඇදලා ගත්තා උමුතුව කොයි තරම්ද කියනවා නම් මං සමහර තැන්වලදි බයටම කෑ ගැහුවා ...ඒත් ඒ හැම තැනටම අග්නි උත්තරයක් බැන්දා....හති ඇර ඇරම උත්තරයක් බැන්දා...."ඒකා යක් පැටියෙක් ....."

ඒකා යක් පැටියෙක් .....බය වෙන හැම තැනම මගෙ පහු බහින හැගීම් ඒ වචන එක්ක ආය ආයම පන ගහනකොට ආදරේ සෘගාරෙ යන්න පුලුවන් කොතනටද මං එතනටම ගියා....

කොටින්ම මං පන පිටින් දිවන් ගත උනා ..... කොටින්ම මං ඇස් ඇරගන ස්වර්ග සැප වින්දා...අතුල් පාර වැදුන තට්ටම් තක්කලි පාට වෙනකොට කලවා පුරාවටම ගනින්න බැරි තරම් දත්පාරවල් ඉතිරි උනා.....

සංසාරෙම එපා වෙනවා.....සංසාරෙම එපා උනා.....

අනේ අග්නීහ්...අනේ ...මගෙ අග්නීහ් ....

කිය කියෝම මං උගුරෙන් කෑ ගැහුවා...එක පාරට සියපාරක් .....ඉහ කොන්ඩා දාඩිය දාපු සර්වාවංගවල ඇලිලා යනකොට තවත් පාරක් බිත්තියට අලුතෙන් පැල්මක් එකතුවෙලා අපි දෙන්නම මෙට්ටෙ උඩට කඩාගන වැටිලා ඒ හෝරාව හති ඇරියා ....

කලවෙක තිබුන දත් පාර එදා රෑ ගැන මතක් කරනකොට මම එදා ඉදන් කැලැන්ඩරේ දවස් හතක කොටු කපලා තිබුනා .....

අග්නිගෙ පැටියට සතියයි..... අග්නිගෙ දරුවට සතියයි....

සතියක්....සතියයි කියලා මම හරි සැහැල්ලුවෙන් කිව්වා උනත් මේ සතිය ඇතුලත මම නොවිදිනා දුක් වින්දා.... .. .

.

මාව පරඩැලක් වෙලා ගියා සතියක් ගෙවුනත් තුන් මාසෙක බඩක බර දැනෙන්න ගත්තා .. පිටින් නොපෙනුනත් ඇතුලතින් මට හැම දේම දැනෙනකොට මම වැඩි හරියක් උන්නෙම මගෙ කොන්දට අත තියාගන වෙනකොට වතුර උගුරක් බිව්වත් මම ගංගාවක් තරමට වමනෙ කෙරුවා ... රෑ එලිවෙනකන් හීන වල දුක් වින්දා ... 

.ඉතින් අදත් ඒ වගේම දවසක්.....වැඩට යන්නත් ඕනා...නොයාත් බැරි කමට මම අමාරුවෙන් නැගිටගන අග්නිගෙ අතින් හදපු කිරි එකෙන් උගුරයි දෙකයි බොන්න පුලුවන් උනේ අදත් මට අගක් මුලක් නැතුවම වමනෙ යන්න ගත්තා .....

වැඩට යන හන්දම නිඛිලවත් කාටත් කලින් ලෑස්ති කරල තියනකොට අනේ ඒකා මගෙ කටහඩ ඇහිලා අර පිප් පිප් ගාන සපත්තු දෙක දාන් දූවගන ඇවිදින් අග්නිට කේලම කියන්න දිව්වා...

අග්ගි.. අප්පුච්චියේ .....අප්පුච්චියා ...දානවා...බුවෑක්කා....දානවා.....

" කොහෙද .....බුවෑක්කා දාන්නෙ"

කොහෙත....ම්ම්ම්....ඔව්...කොහෙත.....දාන්නෙ... අප්පුච්චියෙ ...

මම උන්නෙ කොමඩ් එක බදාගන...හිස කෙස් ගැලවි ගැලවි ගිහිල්ලම මගෙ වැවුන කොන්ඩෙ එන්න එන්නම නැති වෙනකොට මම ලෙඩෙක් ගානට වැටුනා...අග්නි මගෙන් හැංගුවා....අග්නි මගෙන් ලොකූ දෙයක් හැංගුවා....එයා කිව්වෙම දරුවා හින්දා කියලා මිසක්.....මෙතන මීට වඩා දෙයක් තියනවා කියන්න මම දැනගත්ත් පෙරේදා මහ රැක ගෙයි පිටිපස්සෙන් ආව ගෑනු අදෝනාව වගේම අග්නිගෙ මාරා වේශ වෙච්ච කටහඩ එක්ක ගස් අතු කඩා වැටෙන හැටි අහන් ඉදල වෙනකොට මම දැනන් උන්නත් නොදන්නවා වගේඑ උන්නා....

.අග්නී ...

" මැනිකෙ ...."

.අග්නිගෙ ඇස් දෙක මලානික වෙලා ගියා..... කොල්ලා උන්නෙ අග්නිගෙ අතේ වෙනකොට එදා අග්නිගෙන් කාපු ගුටියත් එක්කම මගෙ නිඛිල් අග්නිට අප්පච්චි කියන්න පටන් ගත්තා ..... අග්ගියෙ ..ගගා උන්න පොඩි එකා දැන් අග්ගි අප්පුච්චියෙ කියනකොට අග්නිගෙ ආදරේ උතුරලා ගියා....

.

...

අග්නි...මගෙ....ඇගට අමාරුයි අග්නි....

" අද ගෙදර ඉමුද ශිවන්....උඹට හිටන් ඉන්නවත් පනක් නෑ... අනේ උඹව මගෙ ඇස් පනා පිට මලකදක් වෙනවා මැනිකෙ.... "

ම්හුක්....අපානෙ.....අග්ගියේ ....අප්පුච්චියත. .. අඩන්න....අපානෙ......ගෙදර ඉදින්....ඔව්... අප්පුච්චියෙ.. අද ඉදින්....පුතාත...පන නෑ...පුතා..තත්...පන...නෑනෙ....අග්ගියෙ.....

"යෝ.....හ් උඹ මගෙ ලේ පුච්චනවා...."

ම්හුක්...පුතා....ත...අග්ගියෙ.....අප්පුක්ජ්චියෙ.......

මට හිනා ගියා කදුලු අස්සෙන් මට මගෙ පිස්සු කොල්ලගෙ විකාර කතා එක්ක හිනා ගියා. . .කියන කියන වචනෙ අහුලගන ඒකා අපේ කට දිහා බලන් කියවනකොට අග්නියා එකගෙ පස්සට ගහලා කටටම උම්මා එකක් දෙනකොට මූත් පොඩි කමට නෙවෙ උනත් අග්නියා වගෙම කනක් රතු කරන් එයාගෙ බෙල්ල අස්සෙ මූන ගහගන්නකොට මම කන්නාඩියෙන් පේන මගෙ දිහා බලන් උන්නා....

.මන්තර පොතට අත තියන දවසක් දවසක් ගානෙම මම විදෙව්වා.... භෛරව් කිව්වා වගේම ඇස් දෙක පුපුරන්න ආවා....සමහර දාකට මගෙ ඇස් හෝරා ගානකට අන්ද උනා...කොටිම්ම....ශිවන් කියන්නෙම දැන් හුස්ම ගන්න රූඩයක්

වෙනකොට මම කඩවර අප්පච්චිගෙන් හයිය ඉල්ලුවා.....

අග්නී.....

කන්නාඩියෙ උන්න මා දිහා බලාගන මම අග්නිට කතා කරනකොට එයා මැලවුන මූනකින් මා දිහා බලන් උන්නා....එදා රෑ වෙන්න ඇති මගෙ අග්නි අවසානෙටම මා එක්ක හිනා උන අවසානම දවස.....එයා දවස ගානෙම උන්නෙ බර කල්පනාවක...හිටපු ගමන් අතුරුදහන් වෙන අග්නි ආයම එන්නෙ මටත් හොරාවට රතුපාට ලප ගොඩක් එක්ක වෙනකොට දවස් ගෙවෙන්න ගෙවෙන්නෙ....මගෙ හයිය නැතිවට සමානම අග්නිගෙ හිනාව මැරෙන්න ගත්තා....

"...මගෙ හිත පෑරෙන වචනයක් නම් කියන්න යන්නෙ... එපා මැනිකෙ....යකෙක් උනත්....ආදරේ ගාවදි මම අසරනයි.....උඹ අදත් අහන්න යන්නෙ.....උඹ ඉස්සර වගේ නෙවෙ....දැන් කැතයි නේද කියලා ...නම්....වරෙන් මගෙ ශිවන්....ඇවිත් තුරුල් වෙයන් උඹගෙ අග්නිට...."

මගෙ ඇස්වලට කදුලු ඉනුවා.....හකු බැහැපු මූන ගිලා බැහැපු ඇස් තිබුන කෙස් රොදවල් තැනින් තැන ගියපු මගෙ තට්ටෙ පවා පෑදිලා තිබුනා ...ඇගේ ගානට තිබුන ඇදුම් දැන් දැන් බාච්චු වෙලා යනකොට මම වචනයේ පරිසමාප්තියෙන්ම විරූපි එකෙක් උනා...

.ඇත්ත...මම අහන්න ගියෙ මම කැතයි නේද කියලා....මතර පොතේ වචනයක් පාඩම් හිටින වාරයක් ගානෙම අරුන් මගෙ රීරි මාංසෙ උරා බොන්න ගත්තා...උන් කොයි තරන් පලි ගන්නවද කියනවනම්...මේ සතිය ඇතුලත මගෙ අම්මා දෙපාරක් වැටුනා...කැඩුන කකුල ආයම කැඩුනා ....හිතේ වේදනාවටත් වඩා තිබුනෙ තරහවක් වෙනකොට මම අත් පොත් ගහන එක්ත් එක්ක මට වෛර කරන්න අකැප උනා......

මම හැමදම හිමකුමාරිගෙ කුඩම්මා වගේ කන්නාඩිය දිහා බලන් මම කොයි තරම් ලස්සනයිද අහනවා වෙනුවට මම කොයි තරම් කැතයිද අහන්න පුරුදු උනා.....පහු පහු වෙනකොට යකෙක් උන අග්නිටත් ඒක දරන්න බැරි වෙනකොට එයා මුලු ගෙදරම කන්නාඩි කුඩු පට්ටම් කරලා දැම්මා..වැදලා වැදලා වගේ මම බාතෲම් එකෙ කන්නාඩිය ඉතුරු කර ගත්තා ....

" මගෙ ශිවන් .....මගෙ කොට මගුල....උඹ කොහොම වෙනස් උනත්...මට කියපන් ...අග්නිගෙ ආදරේ කොතනකවත් වෙනස් උනාද කියලා .....දවසින් දවස ගෙවුනත්...උඹට මගෙ ආදරේ වැඩි උනා මිසක්කා...කවදාවත් අඩු උනාද කියපන්....?? ඇයි මැනිකෙ මේ හිත රිදවගන්නෙ....දන්නවද...උඹව මට....අපිට කොයිතරන් වටිනවද කියලා .....මගෙ වස්තුව ශිවන් ....මම උඹට ආදරෙයි .....උඹගෙ අග්නි උඹට මැරෙන්න තරන් ආදරෙයි....උඹ දන්නවද මගෙ වස්තුව ...."

මගෙ අග්නි මාව එක අතකින් වත්තම් කරගත්තා ...එයාගෙ ඇගට තද වෙන ඇහැට නොපෙනන බඩ ගෙඩිය ඇතුලෙන් සැරින් සැරේම ගැස්මන් යනකොට කලින් දවස් වල අග්නිට පිස්සු හැදෙන්න ආවත්...නිඛිල්ව උකුලෙ තියන් මල්ලි බබා මගෙ පුතාගෙ මල්ලි බබා ගගා ඉගැන්නුවත් අද ඒ ගැස්මක් දැනෙන හැම වෙලාවකම ඒ මූනෙ ඉතුරු උනේ පසු තැවිල්ලක් උනත්....ඒ හැම දේම දරුවා නිසා නෙවෙ කියන එක මම දැනන් උන්නා.....එයා සතුටු වෙන්නම ඕන තැන උන් කෙරුවෙ අපිව වට්ටවපු එක....උන්ට ඕනා අග්නි අතින් ලේ හොලවන්න....උන්ට ඕන මගෙයි අග්නිගෙයි සිල් බිදවන්න.....මොන දේ උනත් පේ වෙලා කරන්න හදන දේ කිල්ලට අහුකරන්න වෙනකොට මගෙ අග්නි දත් මිටිකාගන උහුලන් උන්නා....

මම අග්නි දිහා බලන් උන්නා...අඩන්න බැරි කමට හිනා වෙන අග්නි එක අතකින් නිඛිලව වඩන් ඉන්නකොට එකා දැන් අලුත් කපටි කමක් පුරුදු වෙලා තිබුනා..ඒකත් අග්නිගෙම වැරදි....හද පායපු රෑ යාමෙක අග්නිගෙ අතක් මගෙ පපුව උඩ නැවතුන වෙලාවක අපිටත් හොරාවට ඒ චූටි ඇස් ඇරිලා තිබිලා.....එදයින් පස්සෙ නිඛිලගෙ චූටි ඇගිලි නැවතුනෙ අග්නිගෙ පපුව උඩ වෙනකොට කපලා නැති නියපොතු චූටි දත් හිරමන තල වගේ වෙනකොට අග්නියා යටි තොල් හපාගන ඉවසන් උන්නා.....

ඉතින් දැනුත් ඒ වගෙ....බෙල්ල අස්සෙ මුන ගහන් උන්නත් චූටි අතක් අග්නිගෙ සලුව අස්සෙන් ගිහින් තිබුනා....ඒත්.....වෙන දවසක නම්.....අපිට ඒකත් අල්ලන් වරුවක් හිනා වෙන්න පුලුවන් උනත්....අද අපේ මුනවල් වල හිනාවක් නැති වෙනකොට අග්නි කොල්ලට ඕන දෙයක් කර ගන්න දීලා මාව ඇගට හේත්තු කරන් උන්නා....

" මගෙ ශිවන් .....උන් හිතනවා නම්...උඹ මලක් කියලා .....උඹගෙ අග්නි ප්‍රාර්තනා කරනවා උඹ ගහක් වෙයන් කියලා ....මොකද....මලක් නටුවෙන් වැටෙන තැනදි....මල පර වෙලා ගියත්.....මලට ජීවිතේ දීපු ගහ මැරෙන මල දිහාබලන් ඉන්නවා මිසක්...ගහත් මැරෙන්නෙ නෑනෙ...උඹත් ඒ වගේ වෙයන් මගෙ ශිවන් ...දරාගන ඉදපන්...මොකද ...මුල හයිය ගස් පොලව බදන්නෙ ඇතුලෙන්.මිසක්...මතු පිටින් නෙවෙ....."

එයා මට ගහක් වෙයන් කිව්වා...නටුවෙන් බිමට වැයිලා පරවෙලා යන මලක් නොවී ගහක් වෙයන් කිව්වා...දෙයියනේ කියලා අද මන්තර පාඩම් කරන දවසක් නොවුන කොට වැඩට යනත් බැරි තැනම මම අග්නිගෙ වාරුවෙන් ඇද මෙට්ටෙට ගිහින් හාන්සි වෙනකොට එයා මාව සම්පූරනම පොරවල දැම්මා....

"උඹට කැද ටිකක් පොවන්නද මගෙ ශිවන්.....උනත් තියනවා....."

එයා මගෙන් කැද ටිකක් පොවන්නද ඇහුවා...කැද කියනකොටත් මට වමනෙට වගේ එනකොට මම කෙදිරි ගෑවා....

" ඒකට කිරිකැද ටිකක් පොවපන්..."

.

"කාලි...!!"

ඇස් වහන් කෙදිරි ගාපු මම එකපාරම ඇස් ඇරියා.....කැද දෙන්නද අහපු අග්නිගෙ කටහඩට පස්සෙන් ඇහුනෙ කාලිගෙ කටහඩ වෙනකොට අග්නියා ගාව උන්න කොල්ලා හොරා වගේ මූන හංගන් කෙදිරි ගානකොට අග්නි කොහෝම හරි ලමයව භෛරව් ට පුරුදු කෙරුවා .....

" කිරි කැද හොදද....?"

"දන්නෙ නෑ...."

" එහෙනම් උඹ කියවන්නෙ ලබ්බද...?"

" නෑ ඉතින් ලුනු කැදවලට මාත් ආස නෑ....."

මට හුස්මක් පිට උනා....මම මෙහෙ මැරෙන්න වැටිලා ඉන්නවා...මුන් දෙන්නාකැද එකකට මරාගන්නවා...කිරිකැද හොදද ඇහුවට අග්නියා දන්නෙ නෑ කිරි කැද හදන්න.....අරූ කිරි කැද දෙන්න කිව්වෙ මට තියන ආදරෙට වඩා ඌට කැද ගිලින්න වෙනකොට මම පුපුරු ගහන ඇස් පියාගත්තා .....

" උඹ පොල් ගෑවොත් මම හදනවා....."

" ...අග්නිගෙ මැනිකෙ....කොහොමද කිරි කැද හදන්නෙ...."

"එයාගෙන් අහන්න එපා.....එයාට මහන්සියි...."

අනේ...මට....මොකුත්...එපා අග්නි....

මම කෙදිරි ගෑවා...මට කැද නෙවෙ ගලදාරි එකෙන් කෑම ගෙනාවත් එපාමයි හිතුනා උනත්...මාතර බත් කඩෙන් බත් එකක් කන්න පෙරේත කමක් ආවා....

" අනේ මැනිකෙ....එප කියලා බෑනෙ.....උඹට වෙන මොනවා හරි ඕනද..."....

එයා මගෙ ඔලුව අත ගානකොට අග්නියට පියිපස්සෙන් උන්න භෛරවයා සලුව අස්සෙන් අත දාලා අඹ වල්ලක් අරන් පෙන්නලා ඉකමනට හංගගත්තා .....අඹ අච්චාරු .....ආයමත් කටට කෙල ඉනුවා....

මොකුත්....එපා අග්නී.....

" ඇත්තටම කිරිකැද ඕනද...??? නැත්තන්...කිරිබත්...අර උඹලගෙ අම්මා හදනව වගේ....ගලේ අඹරන ලුණු මිරිස් එක්ක....."

" මිරිස් කරල් තුන හතරක් පුච්චලා අඹරපන් අග්නි....නැත්තන් සැර නෑ...."

" දැන් උඹටද ඕනෙ...නැත්තන් මගෙ එකාටද.....???"

ආයමත් රන්ඩුවක්....එයා අම්මගෙ ලුණුමිරිස මතක් කරනකොට අනේ මට අම්මව මතක් උනා.....අම්මගෙ අතින් බත් කටක් කවා ගන්න ආස හිතුනා...ඒත් කොහෙ යන්නද...මෙහෙම ගියෝතින් අම්මා බය වේවි...අම්මගෙ අප්පච්චිගෙ ලෙඩ වැඩි වේවි....

අග්නී...මට.....කිරිබත් .....

"හදල දෙන්නද.....???"

මම අමාරුවෙන් වචන ගලපනකොට භෛරවයා කොල්ලා එක්ක කුටු කුටු ගෑවා....පොඩිඇටයා මූන ඇඹුල් කෙරුවා ...ලමයට උදෙම්ම අඹ ගිල්ලනවා...මව මැරෙන්නෙ වත් නෑනෙ....

කිරිබත් හදලා දෙන්නද අහනකොට මම ඔලුව වනලා ඇස් පියා ගත්තා ....ආයම අයියයි මල්ලියි කාගන්න ගත්තා.....

" වරෙන් පොල් ගාපන්"

" උඹගෙනෙ බබා...."

" මගෙ උනාට තමුන්ටත් අයිතිය තියනවනෙ භෛරව් ම්ම්ම්..."

" ...හැබැයි බෑවයි....."

" එක මම බලාගන්නම්...."

".....මගුල....."

අග්නිගෙ කටහඩ නැති උනා....නිඛිල්ගෙ ගිරා කට හඩත් නැති උනා....හැබැයි මම කාමරෙ තනියෙන් නෙවෙ කියන එක මට දැනුනා.....

භෛරව් ....

....

මං දන්නවා...උඹ ඉන්නවා කියලා ....

" උඹ ඇදිලා ගිහින් අග්නිගෙ වස්තුව....හැම වෙලේම හිනා උන උඹගෙ හිනාවත් මැරිලා ගිහිල්ලා....."

මම ඇස් ඇරියා....ඇස් කොන්වලින් කදුලු බින්දුවක් කඩන් වැටුනා....මම අතපත ගාලා භෛරව් ගෙ අත අතරන් මගෙ බඩ උඩින් තියාගත්තා ...එයාගෙ ඇස් දෙක ගැස්සුනා....

එයාව මගෙ අග්නි එක්ක බලාගන්න භෛරව් .....

" ශිවන්!!!"

මම කදුලු පුරවන් ලමයවා බලාගන්න කියනකොට එයා අත ගැසුවා ගසලා ඇස් රතු කරගත්තා ...දවස් ගානක ඉදන් අග්නි බලාගත්තු අත බලන් ඉන්නකොට ...මට නින්ද ගියත් ඇහැරන් නිදිමරනකොට.....සැරින් සැරෙම එයගෙ අම්මට කතා කර කර මාව බලන්න කිය කිය මගෙ ඇස් වලට වහන් වෙලා අඩනකොට මම දැනගත්තා .....අග්නිගෙ භෛරව් ගෙ අම්මා වගේම මටත් හුස්ම අතාරින්න වෙන බව....

ඉෆ්‍රිත්ගෙ දෙවොලෙ...මම වෙනුවෙනුවෙනුත්.....රූපයක් අඹලා....සුවද දුම් අල්ලනවද කාලි.....??

"උඹව මම මරනවා.....නවත්තපන් ශිවන් ඔය විකාරෙ...."

භෛරව් කෑනොගහා කෑ ගහනවා.....ඒත් ඇත්ත මොකකද කියන්න එයත් දන්නවා....තව සති තුනයි හැම දේම ඉවර වෙන්න ලගයි.....අග්නි වෙනුවෙන් කාලි වෙනුවෙන් පින් එකතුකරන කන්...මගෙ පපුව ගැහේවි....එතනින් පස්සෙ....??අනේ මගෙ නිඛිල් ...??

භෛරව් .....හංගන්න දෙයක් නෑ භෛරව් .....මම මූන දෙන්නම ඕනනෙ....මට එක දෙයක් කියපන් ....එකම එක දෙයක් .....

"....."

මම නැගිටින්න හැදුවා.....ඒත් නැගිටගන්න බැරි වෙනකොට එයා මාව වත්තන් කරලා එයාගෙ ඇගට හේත්තු කරගත්තා ....භෛරව්ට තවත් හංගන්න දෙයක් නැති උනා.....

භෛරව් ....මගෙ මරනය....ඒක....

"වේදනාත්මකයි...."

.🥺 ම්හුක්....පුම්චි ජොබීතව නිදහස් කරන්න.....

මුව පැතියත දුක හිතිලලු....!!!

ආය හෙත එන්නම්...

මේ ලමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න...

මම

.Ferdeesha ❤️💚😘 ....

More Chapters