Cherreads

Chapter 8 - 08

කළු පාට රෙදි කඩකින් ඇස් ගැට ගහලා සුදු වෑන් එකට නංවගත්තු කොල්ලගේ තොල පැලිලා ලේ ගලනවා. කටත් තුවාල වෙලා. බෙල්ලේ නියපොතු වැදිලා සීරිලා. ඒ මදිවට රළු අතින් වැදුණු කම්මුල් පාරට කම්මුල පුපුරු ගහනවා. වෑන් එක පිටිපස්සෙන්ම ඩිනෝ මිගාන් සමරදිවාකර වාහනේ අරන් වත්තෙන් පිට වුණා . ඩිනෝ මිගාන් සමරදිවාකර වාහනේ අරන් ගෙදර යමින් හිටියා. කොල්ලව නංවගත්තු සුදු වෑන් එක පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාවින් නතර වුණා . ජේකබ් ඇතුළු නින්ජලා පිරිස කොල්ලගේ ඇස් බැඳලා තිබුන රෙදි කඩ ගලවලා අයින් කළා. ඊට පස්සේ වෑන් එකෙන් එළියට කොල්ලව තල්ලු කළා. තල්ලු කරපු පාර කොල්ලා එහෙම්මම කාපට් පාරට වැටුණේ පුළුන් ගොඩක් පාවෙලා ගිහින් බිම පතිත වෙන්න වගේ. බිම වැටුණ කොල්ලගේ මූණටම බෑග් එකෙන් දමලා ගැහුවේ තවත් නින්ජා කෙනෙක් . කොල්ලගේ අත් දෙකත් හීරුණා. අහක දාන කුණු ගොඩක් වගේ කොල්ලව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාවින් දාපු සුදු වෑන් එක ආයෙමත් කොළඹ 07 පැත්තට ඇදිලා ගියේ විදුලි වේගයෙන්. කොල්ලට නැඟිටගන්නත් බැරි තරම් . ඇඟපත හරියට ඇදුම් දෙනවා. තොලේ ලේ මිදිලා. කම්මුල ඕනිවටත් වඩා ඇදුම් දෙනවා. බොහොම අමාරුවෙන් නැඟිට්ට කොල්ලා බෑග් එකත් අරන් ආපහු ටික දුරක් ඉස්සරහට පයින්ම ඇවිදගෙන ගියේ ශ්‍රී සුමංගල පාර ළං වෙනකන්. කොල්ලා ඇවිදන් යන්නෙ පුළුවන්කමකට නෙවෙයි . ඇඟේ මහන්සියයි, ගුටි කාපු ඒවායේ වේදනාවයි, බඩගින්නයි එක්ක කොල්ලා හිටියේ හොඳටම තෙහෙට්ටු වෙලා .

ශ්‍රී සුමංගල පාරට වැටුණ කොල්ලා බෝඩිම දක්වා ඇවිදන් ගියාට ගියා. ක්ලාන්තේ දාලා කොයි වෙලේ මහ පාරේ ඇදන් වැටෙයිද කියලා හිතාගන්න බැරුවයි කොල්ලා හිටියේ. වෙලාව රෑ 9 ට ත් කිට්ටුයි. බෝඩිම් කාමරේ දොර විවෘත කර ගෙන ඇතුළට ගිය කොල්ලා එහෙම්මම ඇඳට වැටුණේ හරි මහන්සියෙන්. මුළු ඇඟම වේදනයි. ඇඳේ ඇල වී ගෙනම කමිසයේ බොත්තම් එකින් එක ගලවලා දාපු කොල්ලා හීරුණු අත් දෙකෙන් පරිස්සමට කමිසය අයින් කළා. අමාරුවෙන් වුණත් හෙමින් සැරේ නැගිටලා කොල්ලා bath roomඑක අස්සට වැදිලා කලිසමත් ගලවලා අයින් කළා. කොල්ලා හිටියේ underwear එක පිටින්. ඇඟ තැලිලා වගේ. පුදුමාකාර වේදනාවක් . ශවර් එක යටට වුණු කොල්ලා ජල මලින් නික්මෙන වතුර බිංදුවලට නිදහසේ සිරුර සිපගන්න ඉඩ දුන්නා. වතුර ගෑවෙද්දී තොලෙන් වගේම තුවාල වෙලා තිබ්බ බෙල්ලෙනුත් ආවේ අසීමිත වේදනාවක් . වේදනාව ඉවසා දරාගෙන දත්මිටි කාගෙන කොල්ලා වතුර මල යටට වෙලා උන්නා. නාලා ඉවර වෙලා සත්සිඳු කාමරයට ආවේ කන්න දෙයක් හදාගන්න . ඒත් කන්න දෙයක් හදන්න තරම්වත් කොල්ලට ප්‍රාණයක් නෑ. මේස ලාච්චුවේ තිබුණ බිස්කට් පැකට් එකත් අරන් කොල්ල කෑවෙත් බොහොම අමාරුවෙන් . හපන්නවත් බැරි තරම් කට ඇතුලෙන් වේදනයි. ඒ මදිවට තොල පැලිච්චි තැන ලේ පිරිලා. හෙමින් සැරේ හෙමින් සැරේ බිස්කට් තුන හතරක් කාලා කොල්ලා යාන්තමට බඩ පුරවගත්තා. ඒත් බඩගින්න නම් අඩුවක් නෑ. කොල්ලා එහෙම්මම ඇඳට වැටිලා සිවිලිම දිහා බලන් ඉද්දී අමාරුවයි මහන්සියයි වැඩිකමට ඇස් පියවුණා . කොල්ලට එහෙම්මම නින්ද ගියා.

සුදු පාට sleeprobe එකකුත් ඇඳන් ලොකු කාමරේ ඇඳ උඩට වෙලා කොච්චර නිදා ගන්න උත්සාහ කළත් නපුරු ගැරඬියට නින්ද නම් අහලකටවත් එන්නෙ නෑ. ඇඳේ ඒ මේ අත පෙරළි පෙරළි ඉඳලා අන්තිමේ උඩු බැලි අතට ඇවිත් සිවිලිම දිහා බලාගෙන ඩිනෝ හිටියේ අහස පොළව ගැටගහන්න තරම් ලොකූ කල්පනාවක. නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ කියලා ඩිනෝගේ හිතටත් දැනෙන්න ගත්තේ ලොකු පාළුවක්. ඒ පාළුව නැති කරන්න පුළුවන් විදිහේ ලස්සන ඇස් දෙකක් කොහේ හරි ඇති කියල කොල්ලා හිත හිතා උන්නා. කොල්ලා වෙනුවෙන් කොහේ හරි ඉපදුණු ලස්සනම ලස්සන ආදරේ ඉක්මනට කොල්ලා ගාවට එනකන් නපුරු කුමාරයා මඟ බලන් ඉන්නේ. ඇත්තෙන්ම ඒ ආදරේ ඉක්මනට කොල්ලා ගාවට ආවොතින් එහෙම කොල්ලා කරන ජඩ මරිමෝල් අමන වැඩ ටික ඉබේටම නතර වෙන බව කොල්ලත් හොඳාකාරවම දන්නවා. කොල්ලා මොහොතකට ඇස් පියා ගත්තා. ලස්සන ඇස් දෙකක් කොල්ලගේ මනස අස්සෙ හොල්මන් කරනවා. ඒ ඇස් දෙකේ අයිතිකාරයා අහිංසක විදිහට බලන් ඉන්නවා. කොල්ලා ඉස්සරහා මාව මරන්න එපා කියලා හඬා වැටෙනවා . නපුරා ඉක්මනට ඇස් ඇරලා බැලුවා. ' අර කොල්ලා... ඌ මොකටද මගේ ඔළුවට එන්නේ? මල හෝන්තුව. මොනා වුණත් පව් හැබැයි . දුප්පත්කම හින්දනේ මේ ඔක්කොම . අහිංසක කොල්ලෙක්. පරිස්සමට ගියාද දන්නෑ. ඩිනෝ...ඩිනෝ...ඩිනෝ... මොනාද යකෝ උඹ මේ හිතන්නේ? ආ... උඹට මොකක් වෙලාද? පිස්සු නටන්න එපා. ඌ තමයි උඹට විරුද්ධව ආර්ටිකල් එක ලිව්වේ. ගොන් පකයා. කපන්න තිබ්බේ ඕකව පෙති පෙති, කරපු කැරි වැඩේට. ඒත් ඉතින් කොහෙද ? අඬන්න ගත්තනේ... ඒ ඇස්...මාරම අහිංසකයි . පව්, පොඩි කොල්ලෙක්. පරිස්සමට ගියාද දන්නෑ...' කොච්චර වුණත් කොල්ලගේ හිත ඉතින් උණු වෙනවා.

උදේ පාන්දරම නොවුණත් හතට විතර සත්සිඳු ලෑස්ති වෙලා ගිහින් තුම්මුල්ලෙන් බැස්සා. දැන් කොල්ලා ඉතුරු ටික පයින් යනවා. කොච්චර අමාරුවෙන් වුණත් කොල්ලා පයින් ඇවිදින්නේ හරි ආසාවෙන්. තොලේ තවමත් ලේ පිරිලා. බෙල්ලෙත් සීරුම් තුවාල. ඒත් තුම්මුල්ලෙන් බැහැලා හෙමින් හෙමින් ඇවිදන් ඇවිත් කුමාරතුංග මුනිදාස මාවතට වැටුණට පස්සේ කොල්ලගේ හිතට සැනසීමයි. බදන්න බැරි නුග ගස් හෙවණ යටින් කොල්ලා කුමාරතුංග මුනිදාස මාවතේ ඇවිදන් යනවා.

නුග ගස් හෙවණක නතර වෙලා තිබුණ කළු පාට පෙජරෝ රථයක් හෙමින් හෙමින් ඇවිත් කොල්ලා ගාවින් නතර වුණා. කොල්ලා නතර වෙලා බැලුවේ කව්ද කියලා . හෙමින් සැරේ පිටිපස්සෙ ආසනය ගාවින් වීදුරුව පහළට වෙද්දි හිටියේ ඇස් කවදාවත්ම විශ්වාස නොකරන මනුස්සයෙක් . ඔව්, ඒ මනුස්සයා තමයි. කළු පාට බ්ලේසර් කිට් එක ඇඳලා කඩවසම් පෙනුමට ඉන්න මනුස්සයෙක් . හිනාවක් නැති ආඩම්බරකාර මූණ . ඊයේ කියන දවසින් වෛරයක් පටන් ගත්තු වෛරක්කාරයා. යාන්තමට මූණ හරවලා බලලා ආපහු ඉස්සරහ බලාගත්තු ආඩම්බරකාර ගැරඬියා දිහා අහිංසක ඇස් බලන් හිටියේ බය බිරාන්ත වෙලා වගේ.

" නඟින්න..."

නපුරු ගැරඬියා කිව්වේ මූණ දිහාවත් බලන්නෙ නැතුව. අහිංසකයා හොඳටම බය වෙලා . කොල්ලට පැනලා දුවන්නත් හිතයි. ඒත් පැනලා දුවන්න පුළුවන්කමක් ඇත්තෙත් නෑ. වාහනේ දොර විවෘත වෙනවත් එක්කම නපුරු ගැරඬියා ආයෙමත් සැරෙන් වගේ කතා කළා.

" නඟිනවා...."

එදා පොටේ නම් අහිංසකයා හොඳටම බය වුණා . තිගැස්සුණු සත්සිඳු වාහනේට නැග්ගම දොර වැහුවෙත් ඩිනෝ මිගාන් සමරදිවාකරමයි. කොල්ලා බෑග් එක දිහා බලන් ඉන්නේ ඔළුව උස්සන්නත් බයෙන්. ඩිනෝගේ ඇස් සෘජුවම යොමු වෙලා තියෙන්නේ අහිංසකයාගේ මූණ දිහාවට .

" උදේට කෑවද? "

ඒ නපුරු ගැරඬියා .

කොල්ලා නිශ්ශබ්දවම ඉන්නවා.

" කෑවේ නැද්ද ? "

කලින් සැරේට වඩා උස් හඬක්. කොල්ලා තිගැස්සිලා ගිහින් බිම බලාගෙනම ඔළුව වැනුවේ නෑ කියන්න වගේ.

" කට නැද්ද ? "

" නෑ..."

ඒ උත්තරයත් බිම බලාගෙන අහිංසක විදිහට . හැබැයි ඒ උත්තරය දුන්නෙ නම් කෑවෙ නැද්ද අහපු ප්‍රශ්නෙට.

" එහෙනම් මේ මොකක්ද ? "

ඩිනෝ කොල්ලගේ තොලේ තුවාල වෙච්චි තැනින්ම අල්ලලා ඇහුවා .

" ආහ්.....ඌයි....."

කොල්ලට වේදනාවට කෑ ගැස්සුණා .

" sorry, sorry... මං හිතලා නෙවෙයි කළේ..."

ඩිනෝ සත්සිඳු ගේ ඇස්වලට එබුණා. ඒ අහිංසක ඇස් තවමත් බිම බලාගත් ගමන්මයි.

" කෝ...මේ බලන්න "

ඩිනෝ ටිකක් රහසින් වගේ කිව්වා. ඒත් කොල්ලා තාමත් බිම බලාගෙන .

" බලනවකෝ අයිසේ..."

කොල්ලා බයෙන් බයෙන් වගේ ඩිනෝ දිහා බැලුවා. ආඩම්බරකාර නපුරු ගැරඬියගේ මූණේ පුංචි හිනාවක්. කොල්ලට හරි පුදුමයි.

" රිදුණද? "

" හ්ම්..."

" බලන්නකෝ. තොලත් පැලිලා නේද ? "

ඩිනෝ ඇහුවේ යාන්තමට කොල්ලගේ තොල් පෙති ඇඟිලි තුඩුවලින් අතගාන ගමන්. සියුම් වේදනාවක් වුණත් කොල්ලා දරාගෙන හිටියා. තොලත් පැලිලා නේද අහනවා. මාර මනුස්සයෙක් තමයි . එයාම වැඩේ කරලා එයාම අහනවා. අනේ ඇත්තට අහන ලස්සන . නපුරු ගැරඬියා පොඩ්ඩක් විතර අහිංසක වෙලා . නෑ නෑ. ඒකත් දාගත්තු වෙස් මූණක්ද කොහෙද?

" ඊයේ රෑම මට නින්දක් නෑ. තමුසෙව මතක් වෙනවා. ඇත්තෙන්ම ඇයි තමුසෙ එහෙම එකක් ලිව්වේ? බලනවා ඉතින්. තමුසෙ එහෙම එකක් නොලියා හිටියා නම් ඊයේ මෙහෙම ගුටි කන්නෙ නෑනේ..."

ඩිනෝ කියවගෙන කියවගෙන යනවා. අහිංසක කොල්ලා යාන්තමට කට ඇරියේ දැනුයි.

" මට සමාවෙන්න සර්, මං ආයේ සර් ගැන මොකුත්ම ලියන්නෑ.promise...."

සත්සිඳු අහිංසක විදිහට කිව්වා. ඒ අහිංසක ඇස් ඩිනෝ මිගාන් ගේ හිත හිරි වට්ටනවා. ඩිනෝ මිගාන් ළං වුණේ කොල්ලගේ කණ් පෙත්තකට.

" ඔච්චර අහිංසක වෙන්න එපා. මගෙ හිත නවත්තගන්න බෑ... "

මිගාන් කිව්වේ ටිකක් නෙවෙයි හොඳටම රහසින් වගේ. එයැයි තාම මෙයැයිගේ අහිංසකකම දැකලා නෑ හැබැයි. තැනේ හැටියට ඇණේ ගහන් මිගාන් ඉස්සරහා බියගුළුකමින් බයාදු විදිහට හිටියට මොකද මෙයැයි ලොක්කටත් කට ගහන් යන අමුතුම උන්දැ කෙනෙක් තමයි. කොහෙන් කොහොම හරි නපුරු ගැරඬියා වුණු මිගාන් ඔය ටික දැන ගත්තු දවසට කලින් කිව්ව වචන ටික කියලා කර ගත්තේ කොච්චර අපරාධයක්ද කියලා හිතනවා නොඅනුමානයි.

සාක්කුවේ තිබුණු තුවාලවලට ගාන අලුත් ක්‍රීම් ටියුබ් එකක් අත ගත්තු නපුරු මිගාන් අහිංසකයගේ තොල් පෙත්තේ පැළුනු තුවාලයේ ආලේප කළා. ඉසියුම් වේදනාවක් එක්ක වුණත් අහිංසකයට දැනුනේ සනීපයක්. බෙල්ලෙත් සීරීම් තුවාල. යාන්තමට ඇඟිලි තුඩුවලින් සත්සිඳුගේ ගෙල වටේට නපුරු කුමාරයා බෙහෙත් ගල්වනවා. අහිංසකයා සියුම් වේදනාවක් මූණේ රඳවගෙන ඇස් වහන් ඉන්නවා.

" හරි, දැන් ඇස් අරින්න..."

කොල්ල ඇස් ඇරියා. නපුරු ගැරඬියා රවාගෙන වගේ බලන් ඉන්නවා.

" සර්, මට පරක්කු වෙනවා. මං...මං යන්නද? "

" හ්ම්...පරිස්සමින්."

කොල්ලා වාහනෙන් බැස්සා. යන්න හැරෙද්දිම ආපහු කතා කළේ මිගාන්.

" මං හවසටත් එනවා , හරිද? "

කොල්ලා යාන්තමට හිනා වෙලා ඒකාකාර ප්‍රවේගයකින් රැජින පාරට වැටුණේ භාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චලතාවයේ පවතින වස්තූන් නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තූන් ඒකාකාර ප්‍රවේගයකින් චලනය වේ කියන නිව්ටන් නියමය ඕනවටත් වඩා සනාථ කරමින් .

මීළඟ කොටසට ...

More Chapters