Cherreads

Chapter 19 - 19

ජේකබ් එක්කම එළියට ආව සත්සිඳු රෝහලේ පාර්ක් එකට ගියේ ජේකබ්ගේ පිටිපස්සෙන් . ජේකබ් දොර ඇරලා දුන්නට පස්සෙ ජීෆ් එකට ගොඩ වුණ සත්සිඳු එහෙම්මම පිටත බලාගෙනම ලොකු කල්පනාවකට වැටුණා . ජේකබ් නම් කිසිම කතාවක් නෑ.

කොල්ලත් කිසිම කතා බහක් නෑ. ඔහේ පාඩුවේ බලාගෙන යනවා ඇරෙන්න කොල්ලට වෙන කරන්න තරම් දෙයක් තිබුණෙත් නෑ. අහසේ හඳ යාන්තමට පායගෙන එනවා පේනවා. වාහන තදබදය හින්දම තැන් දෙක තුනකදිම ජීෆ් එක නතර කරන් ඉන්නත් වුණා .

ජීවිතේ හරි පුදුමාකාර විදිහට ගෙවෙනවා. හිතාගන්නවත් බැරි මොහොතක හිතාගන්නවත් බැරි මිනිස්සු ජීවිතේට ඇවිත්. පන්හිඳ වෙනුවෙන් ආදරේ කරාපු හිත උදුරගන්න වගේ වෙර දරන මිගාන් ගැන කොල්ලට තිබුණේ අනුකම්පා සහගත හැඟීමක් මිස ඒක ආදරයක් නෙවෙයි .

ඒ කොහොම කළත් වරද තමන්ගේ අතේ බව කොල්ලා ඒ මොහොතේ කල්පනා කළා. තමන්ට පන්හිඳ එක්ක සම්බන්ධයක් තියෙන බව කලින්ම කිව්ව නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑනේ. සත්සිඳුගේ හිත වැට උඩ. පන්හිඳ ගේ අහිංසක ආදරේ එක පැත්තක. මිගාන් ගේ හිතුවක්කාර ආදරේ තව පැත්තක.

කොහොම වුණත් මිගාන්ට එහෙම වුණේ තමන් හින්දා කියන කාරණය නම් ඒ වෙද්දිත් කොල්ලගේ ඔළුව අස්සේ කරණම් ගහනවා. අර ඇස්වල තිබුණු වේදනාව මතක් වෙද්දි දැනටත් කොල්ලගෙ පපුව පිච්චෙනවා .

ඇස්වලට කඳුළු බිංදුවක් උනාගෙන එද්දිම වගේ ඇස් පියාගත්තු කොල්ලා ආයෙත් ජේකබ් දිහා බැලුවේ විනාඩියක් විතර එහෙම්මම ඇස් පියාගෙන ඉඳලා. ජේකබ් නම් හරි නිසොල්මනේ වාහනේ drive කරනවා.

ඈත පේන building වල හරි ලස්සනට බල්බ් නිවි නිවී දැල්වෙනවා. කොල්ලා බලාගෙන ගියේ ඒවයෙ ලස්සන . මොහොතකට හරි මිගාන්වත්, පන්හිඳවත් මතකයෙන් ඈත් කරපු සත්සිඳු මහා ලොකු නිදහසක් ලැබුවේ ඒ ලස්සන දිහා බලන් ඉඳලා.

පන්නිපිටියට ඇවිත් සුපුරුදු විදිහටම ධර්මපාල විද්‍යාලය ගාවින් නතර කරපු වාහනේ ඉඳන් ජේකබ් පිටිපස්සට හැරුණේ කොල්ලත් එක්ක කතා කරන්න . කොල්ලා තවමත් පුංචි කල්පනාවක.

" සර්.. අපි ආවා... "

ජේකබ් කියනවත් එක්කම වගේ කල්පනා ලෝකයෙන් ඈත් වෙච්චි කොල්ලා එහෙම්මම බෑග් එකත් අතට අරන් බහින්න ලෑස්ති වෙද්දි ආයෙමත් ජේකබ් කතා කළා.

" සර්.. සර් කැමති නම් මං බෝඩිම ගාවටම ගිහින් දාන්නම්... "

ජේකබ් එක්ක යාන්තමට හිනා වුණු කොල්ලා එහෙම්මම වාහනෙන් බිමට බැහැලා ජේකබ් දිහා බලන් හිටියේ හරිම ප්‍රශංසනීය මුහුණකින්.

" ගොඩාක් ස්තූතියි.. පරිස්සමින් යන්න.."

එහෙම කියපු කොල්ලා ටිකක් දුර ගිහින් ශ්‍රී සුමංගල පාරට වැටෙන තුරුම ජේකබ් බලාගෙන හිටියේ ගැරඬි අණ ක්‍රියාත්මක කරන්න වගේ. සත්සිඳු ශ්‍රී සුමංගල පාරට වැටුණට පස්සෙ ආයෙමත් ජීෆ් එක start කරගෙන ඇවිත් ශ්‍රී සුමංගල පාරෙ පිවිසෙන තැනට වෙලා මොහොතක් වාහනේ නතර කරන් හිටපු ජේකබ් එතනින් පිටත් වෙලා ගියා .

සත්සිඳුගේ හිත හොඳටම ඔත්පල වුණු ගානයි. හෙමින් හෙමින් අඩි තිය තියා පෝන් එකේ flasher එකත් on කරගෙන යන කොල්ලට හරි තෙහෙට්ටුයි. ඊටත් වඩා හිත රිදිලා ඇඬෙන්න ඔන්න මෙන්න. ඇස්වලින් කඳුළු කඩා වැටෙන්න තත්පර ගාණක් තියෙද්දි ආයෙ ආයෙමත් ඇස් වහගන්න කොල්ලා යාන්තමට කඳුළු වැටෙන එක නතර කරගන්නවා.

කොහොමින් කොහොම හරි පයින්ම ඇවිත් බෝඩිමට එද්දි කොල්ලට හරි මහන්සියි. අනිත් කාමරවල කට්ටිය නම් උයන පිහන සද්ද, කෝල් ගන්න සද්ද කොල්ලට කණ ගාවම වගේ ඇහෙනවා. ඒත් කොල්ලට උයන්නවත් සිහියක් නැති ගානයි. පොඩ්ඩ ඇත්නම් පොඩි දේටත් රිද්දගන්න හිත හොඳටෝම රිදිලා.

මහ වරදකාරී හැඟීමක් හිස උඩ තියාගෙන ඇවිත් බෝඩිම් කාමරේ ඇඳ උඩට වැටිච්චි කොල්ලා හෙමින් හෙමින් ඇඟිලි තුඩු එහෙ මෙහෙ කර කර යාන්තමට ඔළුව අතගා ගන්න වුණේ දරාගන්න බැරි ඔළුවෙ කැක්කුමක් ළඟ ළඟම එන හින්දා.

' ඇයි මටම මෙහෙම වෙන්නේ? මම ආදරේ කරන අයටම ඇයි මෙහෙම වෙන්නේ? මේක නම් මගෙම කරුමයක්.. මං නිසා මගෙ වටේ ඉන්න හැමෝටම කරදර.. මං..මං මහා කාලකණ්ණි මනුස්සයෙක්... '

කොල්ලගේ හිත මුමුණනවා . ඒත් එක්කම අර ඇස්වල හිරවෙලා පිටවෙන්න වලි කකා හිටපු කඳුළු බිංදු ටික එහෙම්මම එළියට පැන්නේ හීනි ඉකියකුත් එක්ක. කොල්ලා කොට්ටෙ අස්සෙ මූණ හංගගෙන අඬන්න වුණේ අර වැටෙන කඳුළු ඔක්කොම මුළු කොට්ටෙටම උරාගන්න ඉඩ ඇරලා.

ජීවිතේ හරි පුදුමාකාර දේවල් අහම්බෙන් වගේ වුණත් සිද්ධ වෙද්දී කොල්ලට ඒ දේවල් දරාගන්න අමාරුයි. මිගාන් ඒ හිතට ආදරේ කරන්නේ එයාගේ ආත්මයෙන්ම බව කොල්ලා දන්නවා වුණත් පන්හිඳ වෙනුවෙන් වෙන් කරාපු හදවතේ ඉඩක් කොහොම නම් ඒ හිතුවක්කාරයා වෙනුවෙන් වෙන් කරන්නද කියලා හිතාගන්නවත් බැරි තරම් . ඉතින් ඒ පපුව වාවන්නේ නෑ.

සිවිලිමේ දුවන පුංචි හූනෙක් මැස්සෙක් අල්ලන්න මාන බලනවා. බල්බ් එකට කිට්ටුව මකුළු පැංචෙක් දැලක් වියන්න හදනවා. කොල්ලගේ ඇස් ඒ මේ අත දුවද්දී නිරාවරණය වුණු පපුව දිගේ ආව අර වේදනාකාරි සිතුවිල්ලත් මොහොතකට අමතක වෙලාම ගියා.

ඇඳුම් ගලවලා අයින් කරපු කොල්ලා underwear එක පිටින්ම bathroom එක අස්සට රිංගලා පැයක් හමාරක් විතර ශවර් එක යටට වෙලා උන්නේ හිතත් ගතත් දෙකම නිවාගන්න ඕනි හින්දමයි. Bathroom එකේ ඉඳන් එළියට ඇවිත් කන්න දෙයක් නැති නිසා එහෙම්මම ටවල් එක පිටින්ම ඇඳට වැටුණේ තෙත කොණ්ඩෙත් අතින් එහෙ මෙහෙ ගසන ගමන්.

බඩගින්නත් දැන් දැන් ඉහ වහා ගිහින්. ඒත් දැන් නම් කොල්ලට උයන්නත් කම්මැලියි. සුදු පාට ටවල් එකත් ඇඳගෙන ඇඳට වැටුණු කොල්ලා මේස ලාච්චුව ඇරලා අතට ගත්තේ චොකලට් බිස්කට් එකක්.

' දැන් ඉතින් මොනා කරන්නද? අද රෑට මගෙ බඩේ නවාතැන් ගම්මු.. '

කොල්ලා චොකලට් බිස්කට් එකක් අතට අරන් කිව්වේ ඒ දිහා බලාගෙන . චොකලට් බිස්කට් පැකට් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කොල්ලා රාත්‍රී ආහාර වේල හමාර කළේ හොඳවයින් ගුඩුස් එකකුත් ඇරලා. පැකට් එකටම තවත් ඉතුරු වෙලා තිබුණේ චොකලට් බිස්කට් දෙකක් විතරයි .

' මේ දෙක තියාගෙන කොහේ ගහගන්නද? '

කොල්ලගේ හිත එහෙම කියද්දී එක කටට චොකලට් බිස්කට් දෙකම කට ඇතුළට ඔබා ගත්තු කොල්ලා වතුර බිබී ගිලලා දැම්මේ බොහොම අමාරුවෙන් වගේ. තවමත් සුදු පාට ටවල් එක පිටින් ඉන්න කොල්ලට ඇඳුමක් දාගන්නත් කම්මැලියි. ඒ හින්දා එහෙම්මම ඇඳේ ආයෙමත් ඇලවෙච්චි හැටියෙම කොල්ලට දැණුනේ කොට්ටෙ වතුරෙන් තෙත් වෙලා තියෙන හැටි.

නාගෙන ආපු හැටියෙම වගේ තෙත කොණ්ඩෙත් එක්කම ඇඳට වැටුණ හින්දා කොට්ටෙ ටිකක් තෙත් වෙලා . දැන් ඉතින් කොට්ට උර මාරු කරන්නත් එපැයි. කොල්ලා එහෙම්මම ඇඳෙන් නැඟිටලා ඇවිත් කබඩ් එක ඇරියේ කොට්ට උරයක් ගන්න. ඒත් එක්කම වගේ කොල්ලගේ phone එක ring වෙන්න ගත්තු හින්දා තත්පරේට දෙකට සුදු පාට අලුත් කොට්ට උරයකුත් අරගෙන ආයෙමත් ඇඳ ගාවට ආවේ කෝල් එක answer කරන්න .

" අම්මා.. ඇයි මේ වෙලාවේ? "

කොල්ලා phone එකේ screen එක දිහා බලාගෙන තනියම තමන්ටම මිමිණුවා.

Call එක answer කරලා කොට්ටෙත් අතට අරන් කොට්ට උරය අයින් කරන ගමන්ම කොල්ලා අම්මත් එක්ක කතාවට වැටුණේ phone එක කණත් උරහිසත් අතර රඳවගෙන .

" හෙලෝ..."

" හෙලෝ සුදු චූටි... "

අම්මගේ කටහඬ ටිකක් අවුල් වගේ.

" කියන්න අම්මේ... "

" උඹ මොකක් හරි වැඩක්ද පුතේ? "

අම්මගේ කටහඬ හරියට බිඳුණු පාටයි. කොල්ලට මේ වෙනස හිතාගන්නවත් බෑ.

" නෑ අම්මේ.. ඇයි කියන්න , මොකක් හරි හදිස්සියක් ද? "

ඒ වෙද්දි නම් කොල්ලා කොට්ට උරේ අයින් කරලා අලුත් කොට්ට උරේ දාලත් ඉවරයි.

" අනේ සුදු චූටි.... "

ඒත් එක්කම අම්මා ඉකිගහන්න ගත්තයින් කොල්ලා හරියට කලබල වුණා .

" අම්මේ.. අනේ ඇයි අම්මේ මේ? අම්මේ.. අම්මේ.. අම්මෙ කියන්නකෝ.. ඇයි මේ? "

කොල්ලා කිහිප වතාවක්ම කලබල වෙලා බයවෙලා වගේ ඇහුවත් එහා පැත්තෙන් ඇහුණේ එකම එක වචනයක්වත් කතා කරගන්න බැරිව ඉකි ගහන අම්මගේ හඬ විතරයි . කොල්ලගේ බය එන්න එන්නම වැඩි වෙද්දි කොල්ලගෙ අම්මා ටිකක් සන්සුන් වුණේ හීනි ඉකිය පපුව අස්සේ හිර කරගෙන වගේ.

අම්මගේ ගොළුවත තවත් නම් කොල්ලගේ කලබල හිතට ඉවසන්න පුළුවන්කමක් තිබුණේ නෑ.

" අම්මේ... මට කියන්න මොකක්ද වුණේ කියලා "

කොල්ලා ටිකක් තදින් වගේ අහද්දි අම්මා අර සුපුරුදු සන්සුන් බවට ආයෙමත් ඇවිල්ලා බිඳුණු කටහඬකින් කතා කළා.

" සුදු චූටි.. මගෙ පුතේ... "

" ඔව් අම්මේ.. කියන්න.. කියන්න අම්මේ, මං අහන් ඉන්නේ"

කොල්ලගේ පපුව එකසිය ගාණට ගැහෙන්න අරන්. ඒ පපුව ගැහෙන වේගය අම්මටත් ඇහෙනවා වගේ .

" සුදු චූටි.. පුතේ කිරි අම්මා....."

" ඔව්.. කිරි අම්මට මොකද? "

එහෙම්මම කොල්ලා ඇඳෙන් නැඟිටින ගමන් ඇහුවේ කටහඬ ටිකක් උස් කරලා වගේ.

" කිරි අම්මා නැති වුණා සුදු චූටි........ "

අහස පොළව නුහුලන තරම් හෙණ ගොඩාක් කඩා පාත් වුණා වගේ හැඟීමක් එක්ක සත්සිඳු මොහොතක් බලන් උන්නේ කරකියාගන්න කිසි දෙයක් නැතුව. ඒත් එක්කම අතේ තිබ්බ phone එක බිමට වැටුණේ තවත් එක වචනයක්වත් අම්මට කතා කරන්න තරම් ඉඩක් නොතියා. මුළු ලෝකෙම මොහොතකට නිහඬ වුනු ගානයි.

ඇස් කන් අදහා ගන්න බැරි කාරණාවක් එක පාරට ඇහුනු අහිංසකයා හිටියේ ලොකු කම්පනයකට පත් වෙලා . වේගෙන් ගන්න හුස්ම , අකුරින් අකුර මුවින් පිට කරන්න ගදන හඬ ඇරෙන්න ඒ කාමරේ පුරාවටම කිසිම දෙයක් නැති ගානයි. පපුව අස්සෙන් එක් කොණක ඉඳන් තියුණු පිහි තුඩකින් ඇදගෙන එන වේදනාවක් වගේ දෙයක් කොල්ලට දැනෙද්දි කොහේදෝ තිබ්බ කඳුළු ගොන්නක් ආයෙමත් ඇස්වලට පිරුණා. ඒත් එක්කම අවසිහියෙන් වගේ ඇඳ පාමුල වැටුණු කොල්ලා ආයෙමත් අවදි වුණේ අල්ලපු කාමරේ උන්නු දෙනුවරගේ උකුල උඩ ඉඳන්.

" සත්සිඳු... සත්සිඳු... ඔයා හොඳින් නේද ? "

දෙනුවර යාන්තමට කොල්ලගේ කම්මුලක් අතගාන ගමන් ඇහුවා.

" දෙ..දෙ..දෙනුවර මගෙ කිරි අම්මා.. කි.. කිරි අම්මා නැති වෙලා දෙනුවර... අනේ මගේ පණ ටික දෙනුවර ඒ... "

කොල්ලා එහෙම්මම දෙනුවරව බදාගත්තා. දෙනුවර කොල්ලගේ හිසකෙස් අතර යාන්තමට ඇඟිලි තුඩු එහෙ මෙහෙ කරමින් හිස අත ගාන්න වුණා . දෙනුවරගේ පපුවට තුරුළු වී ගෙන එහෙම්මම ඇස් පියාගත්තු සත්සිඳු පපුව අස්සෙන් එන වේදනාව තද කරන් ඉවසාගෙන හිටියේ ගොඩාක් අමාරුවෙන් .

ඒත් ඒ පපුවේ වේදනාව එසේ මෙසේ වේදනාවක් නෙවෙයි. මුළු ජීවිත කාලෙම පණ වගේ බලාගත්තු කිරි අම්මා.. අම්මා වැල්ලේ මාළු දැල් අදිනකන් නංගිවයි , කොල්ලවයි ඇස් දෙක වගේ බලාගත්තු කිරි අම්මා.. දඟ වැඩ කලාම ඉලපතත් අරන් වැල්ල දිගේ පන්නගෙන ආව කිරි අම්මා.. ජාඩි දාපු මාළුයි - කූනිස්සොයි, තිබ්බටුයි දාපු පොල් මැල්ලුම් එක්ක බත් අන අනා කවපු කිරි අම්මා.. කොළඹ එන්න ඉස්සර ඔළුව අත ගගා කොළඹ රටේ විපර්යාස විස්තර කරපු කිරි අම්මා.. පපුව අස්සෙ හංගගෙන උණුහුමට ගුලි කර ගත්තු කිරි අම්මා.. එයා යන්නම ගිහින්. ඒ ආදරණීය ආත්මය අද යන්නම ගිහින්.

කොල්ලට දරාගන්නම බැරි වේදනාවක් ඉතුරු කරලා මේ ලෝකෙන් සදහටම නික්ම ගියපු කිරි අම්මගෙ මතක තවමත් එහෙම්මම යි. දෙනුවරගේ පපුවට තුරුළු වෙලා ඇස් පියන් ඉකි බිඳින කොල්ලට ඒ හැම මතකයක්ම හෙමින් සැරේ මතකෙට එන්නේ රූ පෙළක් වගේ.

" පරිස්සමින් පලයන් සුදු චූටි.. උඹ හිතනවට වඩා කොළඹ රට භයානකයි අප්පෝ.. ඉතින් දරාගන්න බැරි තැන් එන්න පුළුවන්.. උඹට අමාරු තැන් එන්න පුළුවන්.. ඒත් හිතේ හයියෙන් ඒ හැම දේටම මූණ දියන් මයෙ අම්මා.. පරිස්සමින්... "

කොළඹ එන්න ඉස්සර මූණ ඉඹලා බදාගෙන කිරි අම්මා කිව්ව ඒ වචන ටික තවමත් අර වේදනාවෙන් මිරිකෙන හිත අස්සෙ රැව් දෙනවා. ඉතින් දරාගන්න අමාරුම තැන්වලත් දරාගන්න කියා දීපු කිරි අම්මා කියන ආදරණීය ප්‍රාණය තවත් මේ ලෝකයේ නැති බව කොල්ලට දරාගන්න තියා හිතාගන්නවත් බෑ.

කිරි අම්මගේ මතකත් එක්ක එහෙම්මම දෙනුවරගේ පපුවට තුරුළු වී ගෙනම ඇස් පියාගත්තු කොල්ලට නින්ද ගියේ කඳුළු පිරුණු ඇස් එක්කමයි. දෙනුවරගේ පපුවට තුරුළු වෙලා හයියෙන් හුස්ම ගන්න සත්සිඳු ගේ හිස කෙස් අතරෙ දුවන දෙනුවරගේ ඇඟිලි තුඩු හරි පරිස්සමින් , ආදරෙන් කොල්ලව සනසවන්න වෙර දරනවා.

පපුවට තුරුළු වෙලා ඉන්න අහිංසකයගේ මූණ දිහා මොහොතක් බලන් උන්නු දෙනුවර කල්ප කාලයක් පුරා පෙරුම් පුරාගෙන ආව ආදරණීය බලාපොරොත්තුවක් එක්ක යාන්තමට ඒ හිස සිප ගත්තේ හිතේ මෙතුවක් කල් හිර කරන් උන්නු හැඟීමත් එක්ක. උදේට ගිහින් රෑට බෝඩිමට එන අහංකාර ඇස් දෙක දැකපු පළවෙනි දවසෙම දැනුනු ආදරේ තවමත් එහෙම්මමයි. ඉතින් දෙනුවර යාන්තමට ඒ හිසකෙස් අතරේ ඇඟිලි තුඩු එහෙ මෙහෙ කරන ගමන් කොල්ලව තව තවත් පපුවට තුරුළු කර ගත්තා.

අහිංසකයට නම් හොඳටම නින්ද ගිහින්. ඇඳේ පැත්තක නිදා හිටපු දෙනුවර පාන්දර 4 ට විතර ඇහැරිලා උඩුබැලි අතට නිදාගෙන ඉන්න කොල්ලගේ උරහිස උඩින් යාන්තමට අතක් තියද්දිම වගේ කොල්ලා ඇස් ඇරලා බැලුවේ කලබලෙන් වගේ. ඒත් එක්කම වගේ සත්සිඳුගේ ඇස් හැරුණේ දෙනුවර දිහාවට .

" පරක්කු වෙයි ඔයාට.. ලෑස්ති වුණා නම් හරි.. ගාල්ලට යන්නත් එපැයි... "

දෙනුවර එහෙම කියාගෙනම ඇඳෙන් නැගිටිද්දි සත්සිඳු දෙනුවර දිහා බලන් හිටියේ ප්‍රශංසනීය හිතකින්.

" ඔයාට ගොඩාක් පින් දෙනුවර... "

සත්සිඳු ඇඳෙන් නැඟිටින ගමන්ම කිව්වා.

" මට පින් දෙන්නෙ මොකටද? "

දෙනුවර ඇහුවේ ලොකු කරගත්තු ඇස්වලින් සත්සිඳු දිහා බලාගෙන .

" ඊයේ දරාගන්න බැරි මොහොතෙත් මාත් එක්ක හිටියට.. මාව පරිස්සම් කළාට.. ඉතින් ඔයාට ගොඩක් පින්... "

සත්සිඳු කිව්වේ සුපුරුදු බිඳුණු කටහඬින්මයි.

" හරි හරි... දැන් ගිහින් ලෑස්ති වෙන්න.... "

දෙනුවර සත්සිඳුගේ අතකින් අල්ලලා නැගිට්ටවන ගමන් කිව්වා. රෑ තිස්සෙ අඬලා අඬලා රතු වුණු ඇස් යට කළු වෙලත් ගිහින්.

" ඇස් රතු වෙලා කොල්ලගේ... ගිහින් සෝදගෙන එන්න... "

දෙනුවර එහෙම්මම සත්සිඳුව bathroom එකට තල්ලු කරලා දැම්මා. දෙනුවර මොහොතක් ඒ දිහා බලන් ඉඳලා bed sheet එක නවන්න ගත්තේ මූණේ පුංචි හිනාවකුත් රඳවගෙන .

ඒත් එක්කම විවර කරපු ජනෙල් කවුළුවකින් ආව පුංචි හුළඟක් දෙනුවරගේ ඇඟේ දැවටී ගෙන ගියේ හරියට ආශිර්වාද එක් කරන්න වගේ.

සුදු පාට ඇඳ රෙද්ද හැම තැනම පොඩි වෙලා ගිහින්. දල්වා ගත්තු සිගරට් එකත් තොල් අතර තියාගෙන ශේන් උදේම අවදි වෙලා බැල්කනි එකට ගිහින් බලන් හිටියේ ඈත අහස දිහා. යාන්තමට ඉර එළියක් ඈත ඉඳන් එබිකම් කරනවා. කලින් දවසේ රෑ සුද්දියක් එක්ක ඇඳක් උඩ ඔට්ටු වෙලා කොල්ලට ටිකක් මහන්සියි. ඒත් ඉතින් සිගරට් එකකටයි , බියර් වීදුරුවකටයි කරන්න බැරි මොනාද කියන්න වගේ ශේන්ගේ ඕනිම වෙහෙසක් නිවන්න ඒවා හරියට සූදානම් වෙලා තිබුණේ .

කලින් දවසේ රෑ පහස ලබපු සුද්දිගේ නිය සිතුවම් ශේන්ගේ පපුව පුරාවටම විසිරිලා ගිහින් තිබුණා . කළු පාට underwear එක පිටින් බැල්කනි එකට වෙලා සිගරට් දුම් වළලු පිට කරමින් උන්නු කොල්ලා පපුව දිහා බලලා යාන්තමට හිනා වුණේ ඒ රෑ මතක් වෙලාමයි.

ඒත් එක්කම ඇඳ උඩ තිබුණ phone එක ring වෙන්න ගත්තු නිසා කොල්ලා ආයෙමත් බැල්කනි එකෙන් කාමරයට ආවේ phone එක ගන්න. ඒත් ඒ වෙද්දි ආව call එක නම් cut වෙලා ගිහින්. අරන් තිබුණේ කුරේ නිසා ශේන් ආයෙමත් call back කළා.

" කියපන් කුරේ.. මොකෝ සීන් එක? "

ශේන් ආයෙමත් phone එක කණේ තියාගෙනම බැල්කනි එකට ආවේ තවත් ලොකු දුම් වළල්ලක් පිට කරන ගමන්.

" බොස්.. අන්න අරූ accident වෙලාලු... "

" කවුද බං? "

ශේන් ඇහුවේ පුදුමයෙන් වගේ.

" වෙන කව්ද සර්.. ඩිනෝ මිගාන් සමරදිවාකර මිසක්... බොස්ගේ පරම වෛරක්කාරයා.... "

කුරේ එහෙම කියනවත් එක්කම වගේ ශේන්ගේ මූණට ආවේ වියරු පාට හිනාවක්. ඒ ඇස්වල තිබුණේ වියරු සතුටක්. මිගාන් ගැන තිබ්බ හැම වෛරයක්ම ඒ මොහොතේ ශේන්ගේ හිතට ඇවිත් ආයෙ ආයෙමත් ඒ වෛරය පැසවන්න ගත්තා.

DMS night club එකත් එක්ක තියෙන හැම ඇරියස් එකක්ම කවර් වුණා වගේ හැඟීමක් ශේන්ගේ හිතට ඇවිත් තිබුණා . ඒත් එක්කම අර ආව සතුට දෙගුණ තෙගුණ වෙලා යද්දි ශේන් කුරේටවත් කිසිම උත්තරයක් නොදී පෝන් එක cut කරලා දාලා ආයෙමත් ඈත අහස දිහා බලාගෙන වියරුවෙන් වගේ හිනාවෙන්න ගත්තා .

" ඔන්න ඕකයි බල්ලෝ කියන්නේ.. උඹට බෑ මාත් එක්ක හැප්පෙන්න පරයෝ.. මං ශේන්.. ශේන් සල්ගාදු.. යකෝ, උඹ කොහෙද ඇටිකිචි හුත්තෝ මාව නැති කරන්නේ? මතක තියාගනින්.. මේ පොඩි දෙයක් විතරයි පකෝ.. තව ඉස්සරහට ගොඩාක් දේවල් සිද්ධ වෙයි.. ගොඩාක් දේවල්.. බලන් හිටපන්... "

ශේන් සල්ගාදු වියරු හඬකින් තනියම මුමුණන්න වුණේ ඈත අහස දිහා බලාගෙන දුම් වළල්ලකුත් පිට කරන ගමන්.

මීළඟ කොටසට ...

More Chapters