නොකිව්වට මොකද රත්තරන් පාට පිරිමි පපුවකට තුරුළු වෙලා නිදාගන්න එක තරම් හිතකට කොහෙද සැනසීමක් . ඒ ඒ මොහොතවල් තුළ ඇත්තෙන්ම දැනෙන්නේ මහා ලොකු ආරක්ෂාවක්. පරිස්සමක්..
සෙනෙහස , ආදරය , රැකවරණය මත රැඳිලා ඒ රත්තරන් පාට පපු ගැබට තුරුලු වී නිදාගන්න ඇත්නම් කොයි තරම් වාසනාවක්ද. ශෝභමාන වූ සිතිවිලි අද්දර හිත කොණිත්තන ඒ හැඟීම් වලට පණ දෙන ප්‍රේමයෙන් මුසපත් වූ සිතක අයිතිකාරයෙක් වීමත් ඒ තරම්ම වාසනාවක්.
නිල්ම නිල් පාට මහ සයුරේ රැලි තරම්ම හිත අස්සේ ගොඩ ගසමින් තියෙන ඒ අපූරුවතම හැඟුමන් සමූහයට පණ පොවන එක තරම් සංකීර්ණ කාර්යයක් මිනිහෙක්ට තවත් නැති තරම්. ආදරේ නැති තැන ජීවත් වෙන්න අයිතියක් නැති මිනිසුන්ගේ හදවත් වුවත් ඒ ආදරණීයම සුයාමයන්ට හසු වූ කෙණෙහි ප්‍රේම වීණා තත්සර වයන අපූරුව..
ජේකබ් ජීප් එකත් අරගෙනම ගිනි මකරෙක් ගිනි පිඹින වේගයෙන්ම ගියේ ක්ලෙයාරා තොම්සන් ගේ ගෙදරට. දෙමහල් නිවසේ තිබුණේ අමුතුවෙන් එක්කාසු නොකළ යුතු ගුප්ත බවක්. ඒ තරමටම ඒ ගෙදර පාළු පාටට හුරු වෙලා. ක්ලෙයාරා නොහිටපු දවස් ටිකට ගෙදර තව තවත් පාළුවට ගිහින් තිබුණා.
Gate එක ගාවින් ජීප් එක නතර කරලා ජේකබ් වත්තට ඇතුළු වෙලා ගේ පැත්තට ආවේ හෙමින් හෙමින් අඩි තිය තියා. කොච්චර දරදඬු පිරිමි හදවතක් වුනත් ඒ ගෙදර තිබුණු පාළු පෙනුමත් එක්ක තිගැස්සෙනවාමයි.
ජේකබ් හෙමින් සීරුවේ ඒ පාළු පෙනුමැති ගෙදර වැරැන්ඩා එකට ගිහින් bell එක ක්ලික් කළා. දොර වහලයි තිබුණේ..
ජේකබ් බෙල් එක ගහලා ටික වෙලාවක් බලාගෙන උන්නේ දොර විවර වෙනකන්. ඒත් දොර විවර වෙන පාටක් නම් නෑ. ඒ නිසා ජේකබ් ආයෙමත් වතාවක් බෙල් එක ගහලා සුළු මොහොතක් බලන් උන්නා. මිනිත්තුවක් විතර යද්දි දොර විවර වෙන හඬත් එක්ක එතුවක් වෙලා gate එකෙන් පිටත තිබුණු රූස්ස ගස් පේළිය දිහා බලන් උන්නු ජේකබ් එක වරම හැරිලා බැලුවා.
විවර වුනු දොරින් යාන්තමට හිස විතරක් එළියට දාගෙන බලන් උන්නේ ක්ලෙයාරා. එයාගේ මූණේ තිබුණු ජේකබ්ගේ පැමිණීම බලාපොරොත්තු වුණා හා සමානම බැල්මක්. ඒ බැල්මත් එක්ක ජේකබ්ගේ හිතත් ආයෙමත් ගැස්සෙන්න වුණා.
" ඔයා ආවද..? "
දොර කවුළුවෙන් හිස එළියට දාගෙනම ක්ලෙයාරා එයාගෙන් ඇහුවා.
එයා මොකුත්ම නොකියා යාන්තමට හිනා වුනා විතරයි. අත් දෙකත් කලිසම් සාක්කු දෙකේ දාගෙන බලන් උන්නු හැඩි දැඩි පිරිමියා දිහා ක්ලෙයාරා තොම්සන් බලන් උන්නේ හිත අස්සෙ නලියන ලෝභකමකින් .
" එන්න ඇතුළට... "
ක්ලෙයාරා රහසින් වගේ කතා කරලා අඩමානෙට විවර කරන් උන්නු දොර එහෙම්මම සම්පූර්ණයෙන්ම වගේ විවර කළා. ක්ලෙයාරා ඉස්සර වුනාම ජේකබ් එයාගේ පිටිපස්සෙන්ම වගේ ගිහින් ගේ ඇතුළට ගොඩ වුණා.
" වාඩි වෙන්න... "
එයා එහෙම කියලා දිග සෝෆා එකෙන් වාඩි වුණාම ජේකබුත් එතන තිබුණු single සෝෆා එකකින් වාඩි වුණා.
" මං හිතුවෙ නෑ ඔයා ඒවි කියලා.. ඒත් ඇත්තෙන්ම මං ඔයාව බලාපොරොත්තු වුනා ජේකබ්... "
" දැන් මං ආවනේ... "
" මට හරි පාළුයි ජේජබ්.. ඔයා ඇවිත් මගේ ඒ පාළුව වැඩි කළාද මන්දා.. ඇත්තෙන්ම දැන් මට ඔයා නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි ජේකබ්... "
" කෙනෙක්ට පාළුව වැඩිපුර දැනෙන්නෙ එයා හුදෙකලාව ඉන්න කාලෙදි නෙවෙයි.. එයා ආදරේක පැටළිලා ඉන්න කාලෙදි... "
" ඒ ඇයි..? "
ක්ලෙයාරා ජේකබ්ගේ ඇස් එක්ක එයාගෙ ඇස් පටළවගෙනම ඇහුවා. ජේකබ් බලන් උන්නෙත් ඒ ඇස් දිහා. ඒ ඇස් දෙකේ තිබුණු අහිංසක සරාගී පෙනුමත් එක්ක ජේකබ්ගේ හිත එන්න එන්නම තිගැස්සෙනවා.
" හුදෙකලාව ඉද්දි පාළුව විඳ දරාගන්න පුළුවන්.. ඒත් ආදරේක පැටළිලා ඉද්දි ඒ පාළුව විඳ දරාගන්න අමාරුයි.. මොකද ඒ හැම මොහොතකම හිත ඉල්ලන්නේ අපේ හිත අස්සෙ ඉන්න කෙනා නිසා... "
ජේකබ් හරි තාර්කික විදිහට උත්තර දෙද්දි ක්ලෙයාරා එයා දිහා බලන් උන්නේ හරි ආසාවෙන්.
" ජේකබ්ටත් එහෙමද..? "
එයා එක පාරටම අහපු දෙයින් නම් ජේකබ්ගේ හදවතේ අර ඇති වෙලා තිබුණු තිගැස්ම තවත් වැඩි වුණා.
" ඉස්සර නම් එහෙම නෑ.. හැබැයි දැන් නම් එහෙමයි... "
ජේකබ් ඒ ඇස් දිහා බලාගෙනම උත්තර දුන්නා.
" ඒ ඇයි..? "
" ඒකට උත්තර දෙන්න නම් මගේ ළඟට එන්න.. මට ඔය ඇස් දිහා බලාගෙනම උත්තර දෙන්න ඕනි... "
ජේකබ් කිව්වේ ආදරණීය බැල්මක් ක්ලෙයාරා දිහාවට හෙලන ගමන්. ක්ලෙයාරා ඇස් දෙකත් හීනි කරගෙනම එයා වාඩි වෙලා උන්නු දිග සෝෆා එකෙන් හෙමින් සීරුවේ නැඟිටලා ජේකබ් වාඩි වෙලා උන්නු සෝෆා එක ගාවට එන්න වුණා.
හෙමින් සැරේ පොඩි අඩි තිය තියා එයා ගාවට එන ක්ලෙයාරා දිහා ජේකබ් බලන් උන්නේ වශී වෙලා වගේ. වයස අවුරුදු තිස් දෙකක් වුනාට මොකද ක්ලෙයාරාට තිබුණේ අවුරුදු විසි පහක හෝ විසි හයක වගේ පෙනුමක්. ජේකබ්ට නම් එයාව පේන්නෙම දිව්‍යාංගනාවක් වගේ.
හෙමින් සීරුවේ ජේකබ් ගාවට ඇවිත් එයා වාඩි වෙලා උන්නු සෝෆා එකේ පැත්තකින් වාඩි වෙලා ක්ලෙයාරා එයාගෙ අත් දෙකම ජේකබ්ගේ ගෙල වටේ ඔතා ගත්තා. ජේකබ් ඒ ඇස් දිහා බලාගෙනම එයාගේ රළු අතක් ක්ලෙයාරාගේ ඉඟ වටේ යවලා එහෙම්මම එයාව ඔඩොක්කුවට ඇදලා ගත්තා. එහෙම්මම ජේකබ්ගේ ඔඩොක්කුවට ඇවිත් ක්ලෙයාරා හිනා වෙවීම බලන් උන්නේ ජේකබ්ගේ සරාගී ඇස් දිහා.
" දැන් උත්තර දෙන්න... "
ක්ලෙයාරා කිව්වෙ ඒ රළු පිරිමියගේ ඇස් දිහා බලාගෙනමයි .
" මොකක්ද..? "
ජේකබ් කතා කළේ රහසින් වගේ.
" ඇයි දැන් පාළු දැනෙනවා වැඩියි කිව්වේ...? "
" දැනගන්න ඕනිමද..? "
" හ්ම්... "
" ඒ ඔයා නිසා.. මං ඔයාට ආදරෙයි කෙල්ලේ.. මේ බැඳීම අසම්මතයක් බව දැන දැනත් මං මේ බැඳීමට හරියට ලෝභ කරනවා කෙල්ලේ... "
ජේකබ් එහෙම කියද්දි ක්ලෙයාරා ඒ මූණ දිහා බලන් උන්නේ ඇස් දෙක පුරා ආදරේ උතුරන් යන බැල්මකින්.
" එතකොට.. එතකොට ජේකබ් මට ඇත්තෙන්ම ආදරෙයිද..? "
" ඔව්.. ජීවිතේ පළවෙනි වතාවට මට මෙහෙම දෙයක් දැනුනේ.. මං ඕනි තරම් ගෑණු ආශ්‍රය කරලා තියෙනවා කෙල්ලේ.. ඒත් ඔයා ගැන මගේ හිතේ තියෙන මේ හැඟීම.. ඒ හැඟීමට මට වචන නෑ.. ඔයාට මං ආදරෙයි කියන්න විතරයි මං දන්නේ... "
එයා එහෙම්මම ක්ලෙයාරාගේ තොල් එක්ක පැටළුණේ ක්ලෙයාරා වුනත් නොසිතූ ඇසිල්ලක . එයාගේ දෙතොල් පෙති එක්ක ජේකබ්ගේ රළු දෙතොල් පැටලිලා ඒ දෙන්නටම අරන් ආවේ උන්මාදනීය මිහිරක්. ඒ රස ගඟුලේ ගිලී ගෙනම ජේකබ් හෙමින් සැරේ ක්ලෙයාරා ඇඳන් උන්නු කුඩා පටි අත් සහිත කොට ගවුමේ අත් දෙක පන්නලා එහෙම්මම තොල් සඟළ අරන් ගියෙ එයාගෙ නග්න වූ ලැම දිහාවට. එයාගේ තිසරුන් එක්ක
පැටළිලා දඟ කරන ජේකබ්ගේ රළු දෙතොල් පෙති හරි විසේකාරයි. එයාගේ රැවුල වැදෙන කොට දැනෙන සියුම් කිතියත් එක්ක හිරිගඩු නැගෙනවා. ජේකබ්ගේ දෙතොල් පෙති ඒ ලැම තුරෙහි එහා මෙහා යද්දි ක්ලෙයාරා ඇස් පියන් වසාගෙනම දෙතොල් පෙති හපාගෙන ඒ උණුසුම් පහස විඳගන්න වුණා.
එයාගේ අත් වල ඇඟිලි ජේකබ්ගේ හිස කෙස් තදින් අල්ලාගෙන ඒ හිස කේ අතර එහෙ මෙහේ අරන් යන්න වුනේ මුවින් පිට කරන සිහින් කන් කෙඳිරියක් එක්කමයි.
" ජේකබ්... අහ්... ම්හ්.... "
" කෙල්ලේ....ම්..... ම්හ්.... "
ඒ කෙඳිරිලි හඬ මැද්දේම ජේකබ්ගේ එයාගෙ ලැම තුරෙහි මුව හොවාගෙන ඒ පුන් තිසරුන් ඉඳුල් කරන්නට වුණා.
කිරුළපන ඉඳන් තුම්මුල්ල හරහා ඇවිත් කුමාරතුංග මුනිදාස මාවතේ අර සුපුරුදු නුග ගස් හෙවණ යටින් නතර කරපු ලොකුම ලොකු kawazaki බයික් එක දිහා ඒ ඉසව්වෙන් යන එබ හැම කෙනෙක්ම වගේ බලාගෙනමයි ගියේ. විශේෂයෙන්ම තර්ස්ටන් එකටයි , රෝයල් එකටයි ඒ හරියෙන් යන එන කොල්ලෝ..
" අඩෝ පට්ට වණ්ඩිය නේහ්... "
එතනින් යන ගමන් කොල්ලො සෙට් එකක උන්නු එක කොල්ලෙක් ගැරඬියගේ බයික් එක දිහා බලලා කියාගෙනම ගියා. අනිත් කොල්ලො ටිකත් ඒ දිහා බලලා මොන මොනවදෝ කසු කුසු ගගා යන හැටි ඒ නුග ගස් හෙවණ යට බයික් එක නතර කරගෙන පෝන් එක දිහාවට ඇස් යොමු කරන් උන්නු ගැරඬියා යාන්තමට වගේ දැක්කා. එයාගේ මූණට එක් වරම හිනාවක් ආවේ එයත් ඒ වයස වගේ වෙද්දි මේ වගේ බයික් එකක් ගන්න කොච්චර ආසාවෙන් උන්නද කියලා මතක් වෙලා.
ඇත්තමයි , බයික් එකක් කියන්නෙම කොල්ලෙක්ගේ හීනයක්. මිගාන්ටත් ඒ කාලේ ඉඳන්ම ලොකුවටම තිබුණු උණක් වුණේ මේ බයික් එකක් ගන්න හීනය. කොහොමින් කොහොම හරි අවුරුදු විසි එකක් වෙද්දි එයාට ලැබුණු birthday gift එක වුණේ සාමාන්‍ය ප්‍රමාණයේ බයික් එකක්. එයා ඒ බයික් එකට පණ වගේ ආදරේ කරන්න ගත්තා.
දැන් එයා ගාව බයික් දෙකක්ම තියෙනවා. Kawazaki එකයි , CBR එකයි.. කොල්ලා ඉතින් මේ විසේකාරයෝ දෙන්නටම පණ වගේ ආදරෙයි. එයාගේ පණත් හරි , බයික් දෙකත් හරි , අර අහිංසක කටකාරයත් හරි..
එයා phone එකේ screen එක දිහා බලාගෙන උන්නේ තොල් හපාගෙන හිනා වෙන ගමන්. එයාට නම් ඒ ගෙවෙන හැම තත්පරයක්ම දැනුනේ සුභ මුහුර්තයක් ගානට.
මිගාන් එහෙම්මම සත්සිඳුගේ number එකට call එකක් ගත්තේ එයා ඉන්නේ කොහේද කියලා බලාගන්නත් එක්ක. එයා පෝන් එක කණේ තියාගත්තු ගමන්ම වගේ ring වෙන්නවත් වැඩි වෙලාවක් නොතියාම සත්සිඳු call එකට answer කළා.
" හෙලෝ සර්... "
" හෙලෝ... කොහෙද babybabe ඉන්නේ..? "
" දැන් ළඟයි.. ඔහොම ඉන්න, මං එනවා... "
එහෙම කියලා එයා call එක cut කළා. මිගාන් බලන් උන්නේ එයා එන්නේ කොයි වෙලාවෙද කියලා. ඉතින් දැන් එයාට නම් හරිම සතුටුයි. එතුවක් වෙලා විස්සෝපයෙන් තැවී තැවී උන්නු හිතට දැන් තමයි සැනසීමක් ආවේ.
ඇත්තම කතාව නම් මිනිහෙක් හුදෙකලාව ඉද්දි පාළුව කියන වචනය දැනෙන සම්භාවිතාවය අඩුයි. ඒත් බැඳීමක හිර වුණු මිනිහෙක්ට ඒ පාළුව හරි හරියට දැනෙනවා. හිත ආදරයක පැටළිලා ඉන්න නමුත් ඒ තරමටම පාළුවක් දැනෙන්නේ තමන් වෙනුවෙන් ඉන්න කෙනාට තමන් වෙනුවෙන් කාලයක් නැති වෙන කොට. කොටින්ම කිව්වොත් තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන දේ දැනෙද්දි දැනෙන පාළුව හරි බලවත්.
වෙනදාට නම් තුම්මුල්ලෙන් බැහැලා පයින් ඇවිත් රැජින පාරට වැටෙන එයා එදා රැජින පාරත් එක්කම වගේ තියෙන හෝල්ට් එකෙන්ම බැස්සා. ඒ හරියෙන් බස් එක නතර කරද්දි එයා දැක්කෙ අර සුපුරුදු නුග ගහ යටට වෙලා එයා එනතුරු තුම්මුල්ල පැත්තට නෙත් යොමාගෙන බලන් ඉන්න ගැරඬියව.
එයා එතනින් බැහැලා හිනාවකින් මූණ පුරවගෙනම ඇවිත් අර කුමාරතුංග මුනිදාස මාවතේ කොන්ක්‍රීට් ගල් අතුරලා සකස් කරලා තිබුණු පදික වේදිකාව දිගේ ඉස්සරහට එන්න වුණා. තාමත් ගැරඬියගේ ඇස් යොමු වෙලා තියෙන්නෙ තුම්මුල්ල පැත්තටමයි. Phone එක දිහා එක වතාවක් බලලා එයා නිකමට වගේ පිටිපස්සට හැරිලා බැලුවේ රැජින පාර දිහා. එතකොට එයා දැක්කේ එතන හෝල්ට් එකෙන් බැහැලා හිනා වෙවී එයා දිහාවට එන එයාගේ අහිංසක කටකාරයාව.
එතුවක් වෙලා බයික් එකට වෙලා වාඩි වෙලා උන්නු මිගාන් කොල්ලව දැක්කත් හරි අර හිත අස්සේ තිබුණු අමුතු හැඟීමත් එක්කම බයික් එකෙන් බැස්සේ දත් තිස් දෙකම පේන විදිහේ හිනාවකුත් දාගෙන. එයත් එක්ක හිනා වී ගෙනම ඉස්සරහට එන ගමන් සත්සිඳු එහෙම්මම දෙපැත්ත බලලා පාර පනින්න වුණා.
දැන් නම් නපුරු ගැරඬියගේ හිතේ මල් යායක්ම පිපිලා වගේ. ඒ පුංචි පුංචි මල් පොකුරුවල රොන් ගන්න ඇවිත් පොරකන බිඟු රැළ. ඒ සිතෙහි දැන් හරි හරියට බිඟුන් පිරිවරලා.
" ඔන්න මං ආවා... "
සත්සිඳු හුරතලෙන් වගේ කිව්වෙ එතනට ඇවිත් මිගාන්ගේ කළු පැහැ ගත් හීනි ඇස් දෙක දිහා බලාගෙනමයි . ඒ ඇස් දෙක ආදරෙන් දිලිසෙනවා. ඒ ඇස් හරි තීව්‍රයි. එයා ඒ ඇස් එක්ක එයාගෙ ඇස් පැටළී ගෙනම තත්පර දෙකක් හෝ තුනක් බලා ඉන්න ඇති.
සත්සිඳුගේ ඇස් දිහා වශී වෙලා වගේ බලන් ඉන්න මිගාන් එයා ගාවට ඇවිත් හුරතල් වෙවී ඉන්න කොල්ලගේ අත් දෙක එහෙම්මම අල්ල ගත්තා. දැන් නම් දෙන්නගෙම ඇස් එකිනෙකට පැටළිලා.
" ලෝභ හිතෙනවා දරුවෝ... "
එයා කිව්වෙ සත්සිඳුගේ ඇස් දිහා බලන්. එහෙම්මම ඒ අත් දෙක තවත් තද කරලා අල්ලගෙන එයා සත්සිඳුව තව ටිකක් ළඟට ඇදලා ගත්තේ ස්ථානය ගැනවත් කිසිම සැලකිල්ලක් නොදක්වාමයි. ඒ නපුරු කුමාරයට කොහෙන්ද ඒවා ගැන නිනව්වක් . එයාට ඕනි දේ තමයි එයා කරන්නේ.
" ඔය ඇස් දෙකට.. ඔය හිනාවට මට පුදුම තරම් ලෝභ හිතෙනවා.. ඔය හිනාව මට වශියක්... "
" එච්චරටම...? "
" හ්ම්..ඔය හිනාව ඇවිත් හිනාවක් නෙවෙයි ඉනාවක්.. දන්නවද දෙයක්... "
" මොකක්ද..? "
" ඔය හිනාව දැකලා පටන් ගන්න දවසම හරි සුභයි මගෙ දරුවෝ.. ඔයා මට සුභ නැකතක් ගානයි.. මගේ ජීවිතේ මේ ගෙවෙන හැම තත්පරයක්ම ඔයා නිසා සුභ මුහුර්තයක් වගේ මට දැනෙනවා.. ඇත්තමයි, ඔයා මට කෙතක් අස්වද්දන්න තරම් සුභ මුහුර්තයක් මගෙ වතුසුදු මල... "
ඒ හිත් පතුල පිරිමදින , හදවත කිණිසි තුඩකින් වගේ පාරවන වචනත් එක්ක එයා එකම එක වචනයක්වත් කතා කළේ නෑ. එයා කළේ මිගාන්ගේ අර කළු හීනි ඇස් දිහා බලන් උන්නු එක විතරමයි.
ඒ දෙහිතම බිඟුන් විසින් පිරිවරා ගිහින්. විස්සෝපයෙන් දැවෙන සිත් ඒ නුග ගස් සෙවණ යට තිබුණු සීතලත් එක්ක නිවී සැනසෙනවා. ඊටත් එහා ගිහින් ඒ මොහොත තුළ ඒ හදවතේ නතර වෙලා උන්නු ගැරඬියාගේ වදන් එක්ක සිත දැවි දැවී නිවෙනවා. නිවි නිවී දැවෙනවා.
සියුම් මල් පෙති වගේ මෘදුවට සිනිඳුවට සිතට දැනෙන ඒ සිතුවිලි ගොන්න ආදරයම බව සත්සිඳුගේ හිත දන්නවා වුනත් තවත් ආදරයක බැඳෙන්න තරම් ඒ හිත තව තවත් බිය වෙන්න අරන්. සැකය... සැකය... සැකය... සිත තවත් ආදරයක පැටළී ගත්තද සැකය නම් ආදරයේ මාර දූතයා විත් ඉන් මත්තට බැඳෙන සිත වුවද අනාදරයෙන් පුරවන්නට පුළුවනි.
දැන් දෙතැනක නැවතී වැට උඩ ඉන්නට සිතට වුවමනා නෑ. දෙතැනකට වී පෙරළි කරන්නටද සිතට වුවමනා නෑ. දැන් නම් හොඳටෝම විශ්වාසයි. ඉස්සර දවසක ඒ හිත දෙතැනක නතර වෙලා වන්නම් නට නටා අඩව් ඇල්ලුවට මොකද එක් තැනකින් බිඳ ලූ සිත.. ඒ එක් තැනකින් බිඳ ලූ සිත මින් මත්තට එසේ නොවන බැව් නම් එයාට හොඳටම විශ්වාසයි.
සත්සිඳු වුනත් අවිවාදයෙන් තොරව පිළි ගත යුත්තේ ඒ හිත එක් තැනක නතර වෙලා කියන කාරණය විතරමයි. ඔව්, ඒ හිත නම් දැන් හොල්ලන්නවත් බෑ. මතක ලන්තෑරුම් කළුවරේ දැල්වෙන බව සැබෑවක් මුත් හිත දැල් ශෛලමය ස්ථම්භයක් ගානයි. තවත් ඒ ගල් කණුව හෙල්ලෙන්නෙ නම් නෑ. හිත දැන් එක් හිතක් වෙනුවෙන් පේ වෙන්න අරන්. ඒ අර නපුරු ගැරඬියගේ හිත වෙනුවෙන්..
නමක් නැති හැඟීමට නමක් දෙන්න පුළුවන් . ඒ ආදරය බව සැබෑවක්. ඒත් ඒ ආදරේ ගැන ගැරඬියා පුන පුනා විමසුවත් එයාගෙ හිතේ තියෙන ආදරය ගැන කියන්න තරම් සත්සිඳුගේ හිත සවිමත් නෑ.
හිත නැමැති මන්දිරයේ පවුරු පදනම් සවිමත් වුනාට ඒ මන්දිරයේ බිත්ති හරි අඩමානයි. ඉතින් ඒ මන්දිරයේ ගොඩ ගැහුණු ආදරය නම් අස්වැන්න පිටට පෙන්වන්නට ගිහින් ඒ බිත්ති ගැල වී යයි කියන බිය නිස්කාරණේ ගොඩ නැගෙන්න අරන්. ගිනිපෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයිලුනේ.
ඉතින් ඒ හිතත් එහෙමයි. පන්හිඳ විසින් අවිචාරයේ බිඳ ලූ සිතට යළි ඇවිත් ඉන්න ආදරේ ගැන කියන්න ඒ හිත බයයි. කොහේදෝ ඉඳන් ඇවිත් පන්හිඳ ඒ හිත අස්සෙ ඉන්න කාල වකවානුවේදීම නමක් නැති බැඳීමක් විදිහට හදවත පත්ල ස්පර්ශ කර ලූ ඒ බැඳීම අහිමි කරගන්නත් ඒ හිත හරි ලෝභයි.
වෙන දෙයක් වෙද්දෙන් කියලා එක් මොහොතකදි සත්සිඳුට හිතෙන්නෙම 'මං ආදරෙයි සර්' කියලා කියන්නමයි. ඒ කොහොම වුනත් අවාරයේ බිඳ ලූ සිත පෙළන පුහු බිය.. ඒ නිස්කාරණේ නැගෙන බිය ඉස්සර වෙලා එයාගෙ මුවින් ඒ වචන තුන හංග ගන්න එකේ ඉවරයක් නෑ.
ඒත් ඉතින් සත්සිඳු වචනයෙන් නොකිව්වට මොකද ඒ හිත එයාට ආදරේ කරන බව නම් මිගාන් දන්නවා. කවදාවත්ම නැතුව අර දීපු අපූර්වතම තොල් හාදුව.. ඒ තොල් හාදුව ප්‍රතික්ෂේප නොකර සාදරයෙන් පිළි ගත්තු හැටි.. ඒ වගේම ඒ සරා සඳ පෑයූ රැයේ ගැරඬියගෙන් සමු අරන් යන්න මොහොතකට ඉස්සර කම්මුලේ තියපු හාදුව..
ඒවා නිස්කාරණේ නොලැබෙන බව ගැරඬියගේ හිත දන්නවා. ඔව්, එයා එයාට ආදරේ බව ගැරඬියා දන්නවා.
" ඉතින් අහන්නකෝ දරුවෝ... "
" ම්... "
" අද මං එන්න ලෑස්ති වෙද්දි බාබු අන්කල් ඔයාට දෙන්න කියලා බත් එකක් බැඳලා දුන්නා.. නාඩු හාලේ බත් එක්ක පරිප්පුයි , හාල්මැස්සෝ තෙල් දාලා , පිපිඤ්ඤා සලාදෙයි , වම්බටු මෝජුයි... "
" ෂා.. නියමයිනේ... "
" ඔහොම ඉන්නකෝ... "
එහෙම කියලා එයා බයික් එක ගාවට ගිහින් එයා අරන් ආව අර උණුම උණු බත් පාර්සල් එක සත්සිඳුගේ අතින් තිබ්බා.
" අනේ thank you සර්... "
" අනේ ඇයි මේ..? මට ස්තූති කරන්න එපා.. ඔයා තමයි මගෙ ලොකුම වගකීම... "
" ඒ කිව්වේ... "
" ඔයාව මං බලාගන්නවා මගෙ දරුවෝ.. මගෙ ඇස් දෙක වගේ පරිස්සම් කරනවා.. මලක් වගේ රැක ගන්නවා.. මගෙ වතුසුදු මල.. ඔය සුදු පාට මල් පෙති පොඩි වෙන්න නොදී , පරවෙන්න නොදී මං පරිස්සම් කරනවා.. ජීවිත කාලෙටම... "
මිගාන් සත්සිඳුගේ ඇස් දිහා බලාගෙනම කියද්දි සත්සිඳුගේ ඇස්වලට කොහේදෝ ඉඳන් ආව කඳුළු බිඳිති දෙකක් ඒ ඇස් කෙවෙනි අස්සේ රැඳෙන්න වුණා. එයාගේ ඇස් කඳුළු වලින් බොඳ වෙද්දි මිගාන් එහෙම්මම ඒ මූණ එයාගෙ දෝතටම ගත්තා.
" ඇයි මේ ඇස් දෙකේ කඳුළු...? "
" හිත රිද්දන්නෙ ඇයි..? "
ඒ සත්සිඳු . එයා ඒ බොඳ වුනු ඇස්වලින් මිගාන්ගේ ඇස් දිහා බලාගෙනම ඇහුවා.
" මං...! "
" ඔව්.. හිත රිද්දනවා..ගොඩක්... "
" ඒ කොහොමද..? "
" වචනවලින්... "
මිගාන් ඒ මූණ දෝතින්ම අල්ලගෙන ලොකු හුස්මක් ගත්තා. ඒ උණුසුම් සුසුම් වැල් සත්සිඳුගේ මූණේ ලාවට වගේ තැවරුණා.
" දන්නවද.. ඒ වචන නෙවෙයිනේ , මගෙ ආදරේනේ.. ඉතින් සමාව දෙනවා නේද..? "
" කවදාවත්ම නෑ... "
මිගාන් ඒ ඇස් දිහා බලන් උන්නේ පුදුම වෙලා. වික්ෂිප්ත සිත එහෙම්මම ගොළු වුණා.
" ඇයි..? "
" ඒ වචන කියන්නෙම ඔයාගෙ ආදරේ නම් කවදාවත්ම ඒ වචන නවත්තන්න එපා.. ඒ වචන හංගන්නැතුව කියන්න.. හිත රිදුණට කමක් නෑ.. ඒ වචනවලින් මාව රිද්දන්න.. මං ඒ වචනවලට ලෝභයි.. හැබැයි , ඒ වචනවලට මං කවදාවත්ම සමාව දෙන්නෙත් නෑ... "
සත්සිඳු ඒ ඇස් දිහා අර බොඳ කරගත්තු ඇස් දෙකෙන් බලාගෙනම කිව්වා.
" ඒ කියන්නේ.. ඒ කියන්නෙ ඔයා.. ඔයා මට... "
" ෂ්... මං එහෙමම කියන්නෑ... "
එයා එහෙම්මම මිගාන්ගේ දෙතොලට එයාගෙ දකුණු අතේ දබරැඟිල්ල තියලා තද කළා. මිගාන් ඔහේ නිහඬවම බලන් උන්නේ ඒ ඇස් දිහාමයි.
" එහෙනම්... "
" නමක් නැති හැඟීමක් ඒක.. මට කල් දෙන්න... "
එයා එහෙම කිව්වම ගැරඬියගේ ඇස්වල පිරුණේ සතුටු කඳුළු. ඒ කඳුළු බිඳිතිත් එක්කම එයාගේ මූණේ මැවුණේ සතුට ඉහ වහා යන හිනාවක්. අර කිව්වත් වගේ ඒ හිනාවත් ඉනාවක්..
" ඕනි තරම් කල් ගන්න දරුවෝ.. ඕනි තරම් කල් ගන්න.. ඔයාට කැමති කාලයක්.. අද හෙට , මාස ගණන් අවුරුදු ගණන් බැරි නම් කල්ප කාලයක් වුනත් ගන්න.. මං බලන් ඉන්නවා.. මගේ babybabe, මගේ වතුසුදු මල මගේ වෙනතුරු මං ආත්ම ගාණක් වුනත් බලන් ඉන්නම්... "
එයා එහෙම කිව්වෙ එයාගේ දෝතටම ගත්තු සත්සිඳුගේ මුහුණ දිහා බලන් , ඒ ඇස් දෙකෙන් හිටි හැටියෙම වගේ වැගිරෙන්න වුනු කඳුළු බිඳිති යුග්මය එයාගෙ අත් දෙකේ දබරැඟිලි වලින් පිසදාන ගමන් .
" ආත්ම ගානක් වුනත් ඉන්න පුළුවන්ද..? "
" හ්ම් ඔව්.. බොළඳයි වගේ ඇති.. ඒත් මං ඉන්නවා. ආත්ම ගාණක් වුනත් මුළු සංසාරේ පුරාවටම මං ඉන්නවා. මගේ පණ පුදලා හරි මං ඔයාව පරිස්සම් කරනවා. ඔය ඇස් මට හරි හුරු පුරුදුයි දරුවෝ.. මීට ඉස්සර මේ සංසාරේ කොහේ හරි තැනක අපි අපේ වෙලා ඉන්න ඇති.. මං හිතන්නේ මේ ඒ සංසාර පුරුද්ද.. මට දැන් ඔයාව නැති කරගන්න බෑ. ඔයා මට ඇබ්බැහියක්.. මේ ඇස් දෙකට.. මේ හිනාවට.. ඔය හදවතට මං හරි ලෝභයි... "
" සර්... "
" හිත අස්සේ පොරකන හැඟීම් හරියට මාළු රංචු වගේ දරුවෝ.. ඒවා ගොළු කරලා බිල්ලට දෙන්න එපා.. හංගන්නැතුව කියන්න.. හිතුණු දවසක කියන්න.. මං කිව්වත් වගේ කල්පයක් වුනත් මං බලන් ඉන්නම්... "
" සර්... "
එයාට කතා කරන්න ඉඩක් නෑ. තිබුණෙම සර් සර් සර් කිය කියා ඉන්න එක විතරමයි.
" ඔය ඇස් දෙක ඔච්චර අහිංසක වෙද්දි මට මගේ හිත නවත්තගන්නත් බෑ..හැමතිස්සෙම මගෙ ගාව දැවටෙන ඔය හිතට , ඔය ඇස් දෙකට මෙච්චරක් කියලා කියන්න බැරි තරම් මං ආදරෙයි... "
සත්සිඳු ආයෙත් සර් කියලා කිව්වෙ නෑ. එයා ඒ ඇස් දිහා නිහඬවම බලන් උන්නා විතරයි. මුළු ලෝකයම හරියට නිහඬ වෙලා වගේ. එයාගේ ගොළුවතත් මිගාන්ට හරියට දැනුනේ එයා වෙනුවෙන් කරන අනිමිස ලෝචනයක් වගේ.
ඔව්, ඇස් පිය නොහෙලාම මිගාන්ගේ ඇස් දිහා බලන් ඉන්න සත්සිඳු ත් හරියට අනිමිස ලෝචනයට සමවැදිලා වගේ උන්නේ.
" ඉතින් අහන්නකෝ... "
" ම්... "
" දැන් සර් කිව්වට කමක් නෑ.. ඔයාට මං ගැන අරහෙම ආදරයක් හිතුණු දවසක.. මං කියන්නෙ අර නමක් නැති හැඟීමට නමක් ලැබුණු දවසක මට වෙන නමකින් කතා කරන්න... "
එයා හරි ආදරෙන් කියද්දි සත්සිඳු අහිංසජ බැල්මකින් එයා දිහා බලන් උන්නා. ඒත් එක්කම වගේ සත්සිඳු එයාගේ අතේ තිබුණු බත් පාර්සල් එක තද කරලා අල්ලා ගත්තා.
" කොහොමද කතා කරන්නේ..? "
" මගෙ babybabe ට හිතෙන නමකින්.. ඔය පපුවට මං ගැන දැනෙන නමකින්.... "
ඇත්තමයි, එයාට කතා කරන්න තරම් නම් තියෙනවද.. එයා දෙවි කෙනෙක් වගේ මනුස්සයෙක්. බෝධිසත්ත්වයෙක් වගේ මනුස්සයෙක්. සම කරන්න තරම් හිතට උපමා රූපක නැති විශ්වීය ප්‍රාණියෙක්. ඉතින් කොහොම නම් කතා කරන්නද..
ඒ නිමේෂය තුළ දෙගිඩියාවෙන් පෙළුනු සත්සිඳුගේ සෞම්‍යවත් හිත එයාට කතා කරන්න නම් හෙව්වා. සංසාරයේ කෙළවරක හමු වූවා හා සමාන සංසාර පුරුද්දක් වගේ හැඟීමක් එක්ක ඒ ඇස් දිහා බලන් ඉද්දි සත්සිඳුගේ මුවින් පිට වුණේ එකම එක වචනයයි.
" රත්තරන්..... "
ඒ වචනයත් එක්ක මිගාන්ගේ මූණේ ඇඳුණු අර සුපුරුදු ආදරණීයම ආඩම්බර හිනාව.. සත්සිඳු ඒ හිනාව දිහා ආදරෙන් බලා උන්නේ ඉන් එහාට තවත් එකම එක වචනයක්වත් කතා කරන්නෙ නැතුව.
" රත්තරන්...! "
මිගාන් සත්සිඳු කිව්ව ඒ වචනය පුනරුච්චාරණය කළේ ඒ මූණේ තිබුණු අර සුපුරුදු හිනාවත් එක්කමයි .
" ඔයා ඒකට ආසද babybabe...? "
එයා ආයෙමත් ඒ ඇස් දිහා බලන් ඇහුවා. සත්සිඳු ඒ ප්‍රශ්නයත් එක්ක හිනා වුණේ හරි අහිංසක විදිහට. ඒ හිනාව තමයි ඒ ප්‍රශ්නයට උත්තරය වුණේ. වචනවලින් නොකියා එයා ඒ පුංචිම පුංචි අහිංසක හිනාවෙන් කිව්වෙ එයා එහෙම කතා කරන්න කැමති බව. ඒ කළු පාට හීනි ඇස් දෙකේ දීප්තිය එන්න එන්නම වැඩි වෙනවා.
හරියට රෑ අහස් ගව්ව සිසාරා යන වල්ගාවක් ගානට ඒ ඇස් දෙක දීප්තිමත්.
හන්තාන පිරිමදින මීදුම් සළුවක් ගානට සියුම් සුසුමක් එක්ක ඒ වචනය මිගාන්ගේ හදවත ස්පර්ශ කරන්න වුණා. ඒ වචනයත් එක්ක හිතේ කොණක ඇති වෙලා තිබුණු අර හැඟීමට එක්කහු වුනේ නව පණක්.දැන් නම් ඒ හැඟීම මිගාන්ගේ මුළු හදවත පුරාවටම පැතිරිලා ඉවරයි.
සියුම් ඉසියුම් සිතුවිලි සිහින් මන්දස්මිතයක් එක්ක එයාගෙ මුහුණෙන් පිළිබිඹු වුනා. සත්සිඳු දිහා බලාගෙනම උන්නු ඇස් දෙක පිරිලා තිබුණේ ප්‍රහර්ෂය මුහු වුනු ආදරයකින්.
" මගෙ වතුසුදු මල.. ඒ වචනෙට මං ලෝභයි.. රත්තරන්.. රත්තරන්.. ඒ වචනෙ ඇතුලේ තියෙන්නෙ ඔයාට මාව කොච්චර වටිනවද කියන තේරුම.. ඉතින් මගෙ දරුවෝ.. මං ආසයි එහෙම කතා කරනවට.. අද හෙට නෙවෙයි.. අපි අපේ වුණු දවසක.. සමහර විට මගෙ babybabe ට මං ගැන ආදරේ දැනුනු දවසක.. එදා ඉඳන් මට රත්තරන් කියන නමින් කතා කරන්න.. ඒ වෙනතුරු දැන් කතා කරනවා වගේම සර් කියලා කතා කර්න්න... "
" රත්තරන් කියන වචනෙ අස්සෙ තියෙන්නෙ වටිනාකමක් විතරක්ම නෙවෙයි සර්.. සර් ගැන මගේ හිතේ තියෙන ලොකූ විශ්වාසයක්.. ඒ විශ්වාසය කවදාවත්ම කඩ කරන්න එපා සර්... "
එයා එහෙම්මම සත්සිඳුගේ මූණ තවත් තද කර ගත්තා.
" දෙයියනේ...! මොනාද මගෙ දරුවො මේ කියවන්නේ.. මගෙ babybabe, මේ අහන්න.. කවදාවත්ම ඔය හිතේ මං ගැන තියෙන විශ්වාසය එකම එක අංශු මාත්‍රයක්වත් අඩු වෙන්න මං ඉඩ තියන්නෙ නෑ.. මං ඔය හිතේ මං ගැන තියෙන විශ්වාසය උපරිමයෙන්ම රකිනවා මගෙ දරුවෝ... "
" සර්... "
ඒත් එක්කමයි මිගාන් සත්සිඳුගේ හිස මතින් එයාගෙ දකුණු අතේ අත්ල තිබ්බේ.
" ඒක නිකන්ම වචන ටිකක් නෙවෙයි.. ඒක පොරොන්දුවක්.... "
සත්සිඳු එහෙම්මම ඇස් පියා ගත්තේ හිත ඒ වචනත් එක්ක පෑරෙන නිසා. පෑරෙන බව දැන දැනත් ඒ වචනවලට හිත ලෝභ කරන්නෙම ඒ වචනයක් වචනයක් පාසා ගැබ් ගැන්විලා තියෙන්නේ ආදරයම බව දන්න හින්දා.
හරි ඉක්මනට ගෙවිලා යන කාලය නම් හරිම මුරණ්ඩුයි. ඒ හැම තත්පරයක්ම ගෙවෙන්නේ එයාට ඕනි විදිහටමයි . කාල සංග්‍රාමය නිසා හිත් එක්කහු වෙන බව ඇත්තක්. ඒත් සමහරක් සුන්දර නිමේෂයන් කාලය හරි ඉක්මනට ගෙවාලන්න උත්සාහ කරනවා.
ඒ කාලයත් තත්පර විදිහට මිනිත්තු විදිහට ගෙවිලා යන්න වුණා. සත්සිඳුට නම් වෙලාව ගැන හරි හැටි නිනව්වක් නොතිබුණේ එයා හිර වෙලා නැවතිලා උන්නු රෝමාන්තික මායාකාරී ලෝකය නිසාවෙන්.
ඒත් මිගාන්ට නම් වෙලාව ගැන තිබුණේ හොඳ මතකයක්. හෙමින් සීරුවේ එයා අතේ බැඳන් උන්නු ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව උදේ අටටත් කිට්ටු වෙලා. සත්සිඳු office එකේ ඉන්න ඕනි වෙලාවත් ඇවිත්.. ඒ දැකලා ඔහේ බලන් ඉන්න සත්සිඳු දිහා ගැරඬියා බැලුවේ පුදුමයෙන් වගේ.
" babybabe.. දෙයියනේ...! අටටත් කිට්ටුයි මගෙ දරුවෝ.. මගෙ babybabe ට late වෙන්නෙ නැද්ද... "
" පරක්කු වුනාට නම් මොකද.. දැන් මට තියෙන්නෙ මෙතනින් යන්න බැරි විදිහේ ලෝභකමක්... "
" ඒ ඇයි..? "
" සමහරක් මතක අත් හරින්න බැරි තරමට හිත් අස්සෙ නලියනවා.. අඩු තරමින් එකම එක තත්පරයකටවත් ඈත් කරන්න බැරි තරමට.... "
" ඒ තරමටම මාව වටිනවද...? "
" ඒකනේ රත්තරන් කියන්නේ... "
එයා හරි හුරතල් විදිහට කියද්දි මිගාන් එයා දිහා බලන් උන්නේ අර සුපුරුදු හුරු පුරුදු ආදරණීය ඇස් දෙකෙන්මයි.
" පරිස්සමින් යන්න මගෙ දරුවෝ.. ආදරෙයිනේ මං... "
එයා කිව්වෙ එච්චරමයි . සත්සිඳුට අහන් ඉන්න වුණෙත් එච්චරමයි . අඩි හයක් උසැති කඩවසම් පිරිමියගේ දෙතොල් පෙති නොසිතූ මොහොතකදී තැවරුණේ සත්සිඳුගේ නළල් තලයේ . ඒත් එක්කම සත්සිඳුගේ ඇස් පියවුණේ හරියට එයා ඒ දේ බලාපොරොත්‍තුවෙන් උන්නා වගේමයි.
" ඔයත් පරිස්සමින්.. speed යන්න එපා.. මට වටිනවා ගොඩක්... "
සත්සිඳු කිව්වෙ ඒ දෙතොල් පෙති ඒ නළල් තලාවෙන් ගිලිහෙන ඇසිල්ලෙදී.
" මටත්... "
එයත් කිව්වෙ එයාටත් අහිංසක කටකාරයව වටින බව. ඔව්, ඒ වතුසුදු මල එයාට වටින්නෙ නැතුව වෙන කාට නම් වටින්නද.. එයා සත්සිඳු එක්ක අහිංසක විදිහට හිනා වෙලා එතන නුග ගස් හෙවණ යටින් ඈත් වෙලා පාර පැන්නා. නපුරු ගැරඬියත් ඇස් දෙකේ ආදරේ පුරවගෙන එයා යන දිහා බලන් උන්නා. පාර පැනලා රැජින පාරට පිවිසෙන තැනදී ආයෙමත් වතාවක් පිටිපස්සට හැරිලා මිගාන් දිහා බලලා එයා අහිංසක විදිහට හිනා වුණා. මිගාන් එයාට අත වැනුවාම එයත් අත වැනුවේ මූණේ පුරවගත්තු අර සිහින් මන්දස්මිතයත් එක්කමයි.
සියොළඟ නැලවෙන සියුම් ඉසියුම් ස්වරයක් වයන තත් වීණාවක් වගේ වැයෙන හදවත ගැහෙන්නේ ඔරලෝසුවේ තත්පර කටුව කැරකෙන වේගයටත් වඩා වේගයෙන්. හිත මිහිරි තනුවක් අල්ලගෙන අලුත් ගීයක් ගයන්න අරන්. මද සුළං රැල්ලක දැවටුණු මිහිරිතම තනුවකින් අර හිත් පතුල පිරි මැදි වීණා තතෙන් නික්මුණු ස්වරයක් ගානට ඇවිත් නුග ගස් හෙවණ යට උන්නු නපුරු ගැරඬියගේ පිරිමි දේහය සිප ගත්තේ නුරාවටත් වඩා උතුම් හැඟීමකින්.
රැජින පාරට වැටුණු එයා යනතුරුම මිගාන් ඒ නුග ගස් හෙවණට වෙලා බලන් උන්නා. අද්භූතාත්මක විදිහේ ප්‍රෞඪ පෞරාණිකත්වයක් එක්ක මුහු වෙලා වැජඹෙන ධජයක් වගේ අර රූස්ස නුග ගහ අතු පතර කොළ රිකිලි විහිදා නංවා ගෙන බලන් ඉන්නවා.
මිගාන්ගේ ඇස් මානයෙන්ම අර අහිංසක කටකාරයාගේ රුව මැකී යන තුරුම බලන් ඉඳලා එයා එහෙම්මම බයික් එකට නැඟලා start කරගෙන ආයෙමත් කිරුළපන දිහාවට ඉගිළෙන්න වුණා.
වෙලාව අටට වෙලා තිබුණත් අර රළු හිතේ අයිතිකාරයා නම් තාමත් හොඳටෝම නින්ද ගිහින් උන්නේ. හරිත පැහැති රළු සිත්තරාගේ හිතත් හැබැයි කොහේදෝ නතර වෙලා වගේ. නතර වීමකටත් වඩා ඒක හරියට අතරමං වීමක් වගේ.
එයා ගෙදරට එක්කගෙන ආව කොල්ලා නම් ඇස් ඇරලා උදේම ලෑස්ති වෙලා උන්නේ. එයා කාමරෙන් එළියට ඇවිත් කාටත් හොරෙන් හෙමින් සීරුවේ පඩිපෙළ බහින්න වුණේ ඒ බිත්තිය දිගට එල්ලලා තිබුණු අර ලස්සන ලස්සන සිතුවම් පෙළ තවත් වතාවක් පැහැදිලි ඇසින් දැක ගැනීමේ අදිටනින්. එයා හෙමින් සීරුවේ අඩි තියමින් ඇවිත් පඩිපෙළ දිගට බිත්තියේ එල්ලලා තිබුණු ඒ සිතුවම් පෙළ දිහා බලන් ඉන්න වුණා.
එයාගේ ඇස් මානයට එක් වරම යොමු වුණේ ලා කහ පාට දිය සායමින් වර්ණ ගන්වලා තිබුණු ඇහැළ මල් කිණිත්තක්. බැලූ බැල්මට හිත කහ පැහැති ලෝකයක අතරමං කරවන ඒ සිතුවම අසලට ඇවිදන් ගිහින් එයා එතන නතර වුණා.
එයා ඒ සිතුවමට ලං වෙලා ඒ ඇස් දෙක ඒ සිතුවමටම යොමු කරන ගමන් හිතත් කහ පාට ඇහැළ මල් ගොන්නක් අස්සෙ නතර කර ගත්තෙ වුවමනාවෙන්මයි. ඇත්තමයි , හිත ඒ කහ පාට ඇහැළ මල් කිණිත්තත් එක්ක සන්සුන් වෙලා පිවිතුරු හැඟීමක් මුහු සිතුවිල්ලකින් පිරිලා යන අපූරුව..
එයා හෙමින් සැරේ පොඩ්ඩක් දෙපැත්ත බලලා හොරෙන් හොරෙන් ඒ සිතුවම ඇඟිලි තුඩු අගින් යාන්තමට ස්පර්ශ කරන්න වුණා. ඒ ස්පර්ශයත් හරි මෘදුයි. එයා ඒත් එක්කම සිහින් මන්දස්මිතයකින් මුව සරසාගෙන කල්පනා කරන්න වුණා.
' මෙච්චර රළු මිනිහෙක් මේ තරම් සියුමැලි විදිහට නිදහසේ චිත්‍රයක් ඇන්ද එකම පුදුමයක්.. හිතන්නවත් බෑ.. නපුරෙක්ට පුළුවන්ද මෙච්චර ලස්සනට අඳින්න.. ඊයේ රෑ කොච්චර කිව්වත් මට තාමත් හිතාගන්න බෑ.. මේ ඒ නපුරු සිත්තරාමද... '
ඒ එයාගේ හිත. එයා ඒ සිතුවම දිහා බලාගෙන අර සුපුරුදු මන්දස්මිතයත් එක්කම එහෙම හිතුවා.
එයා ඒ සිතුවම දිහා බලාගෙන කොච්චර වෙලාවක් නම් හිටියද කියන්න බෑ. ඒ තරම් වෙලාවක් ඒ කහ පාට ඇහැළ මල් කිණිත්තේ සිතුවම දිහා බලන් උන්නා. ඇත්තමයි , ඒ සිතුවම හරියට භාවනාවක් වගේ. ඒ සිතුවම දිහා එයා බලන් උන්නේ භාවනාවකට සමවැදිලා වගේමයි.
උඩ කාමරේ තිබුණු කාමරයක දොරක් විවර වෙන හඬින් තිගැස්සුණු එයා එහෙම්මම පඩිපෙළ නගින්න වුණේ ගොඩක් කලබලෙන්. ඒ කලබලෙත් එක්ක එයාට මතක් වුනේ ඊයේ රෑ ආපු වෙලාවෙම අර නපුරා කියපු සීමාවන් ගැන.
ඒ ටිකත් මතක් වෙලා දෙයියෝ සිහි කරන් පඩිපෙළ නැග්ග එයා දැක්කේ පහළට එන්න හදන ශහිල් අයියව. ඒ නපුරා කළු පාටින්ම ඇඳගෙන හිටියේ හරියට මාර දූතයා වගේ. කොල්ලට හිනා යන්න ආවත් එයා හෙමින් සීරුවේ එතනින් අයිනට වුණාම ශහිල් හෙවත් ශේන් සල්ගාදු එයාව දැකලා පහළට යන එක නතර කරලා එයා ගාවින් නතර වුණා.
" ආ... තමුසෙ නැගිට්ටද..? "
" ඔව් ශහිල් අයියේ.. good morning... "
එයා කතා කළේ අර හුරු පුරුදු සුපුරුදු හිනාවත් මුව පුරවගෙනමයි .
" Good morning.. තමුසෙ bed tea එක බිව්වද..? "
" තාම නෑ ශහිල් අයියේ.. ඔයාටත් එක්ක හදන්නද..? "
" මට...! "
" ඔව්... "
එයා ඔව් කිව්වෙ දඟකාර විදිහට.
" තමුසෙට පුළුවන්ද..? "
" තේ එකක් හදාගන්න බැරි කාටද අනේ.."
එයා එහෙම කියලා ශේන්ගේ අත අල්ල ගත්තම ඒ ස්පර්ශයත් එක්කම එයාගේ රළු හිත ගැස්සුණා. ශේන්ගේ අතත් අල්ලගෙන ඒ අත ඇදගෙන කිඳුරු ඉස්සර වෙලා පඩිපෙළ බහින්න වුණා. පිටිපස්සෙන් එන ගමන් ශේන් ඇහිපිල්ලම් නොගසාම වගේ බලන් ආවේ ඒ දඟකාර කොල්ලා දිහා.
මොකක්දෝ හේතුවකට කොහේදෝ ඉඳන් ආව දඟකාරකම හංගන් උන්නු එයා දැන් ශේන් නැත්නම් එයා දන්න ශහිල් හිමසර ඉස්සරහා දඟකාර වෙන්න අරන්. බියෙන් බියෙන් වගේ බාප්පාගෙන් හැංගි හැංගී ජීවත් වුණු කාලය ගෙවිලා ගිහින්. දැන් ඒ අසීමාන්තික කාලයෙන් අනතුරුව ඇවිත් තියෙන්නේ නිදහසේ පුරුදු දඟකාරකමින් ගත කරන කාලය.
රුදු පිරිමියෙකුගේ යදම් වලින් අසීමාන්තික හිංසා මැද ගෙවූ කළු වලාවක් වන් ජීවිත පරිච්ඡේදයේ අවසන් වැකිය එයා ලියලා ඉවර කළා. දැන් අවසන් නැවතීමේ තිතත් ඒ පරිච්ඡේදයට තියා අවසන්..
මින් මත්තට එයාට දැනුනෙම සතුට උතුරන ජීවිතයක්ම විතරක්ම එයාට උරුම බව. ජීවිතේ වැයෙන සත්සර ගීය දැන් දැන් දෙසවනට ඇහෙනවා.
එයා ශේන්ගේ අතින් ඇදගෙනම ගියේ kitchen එකට. ඒ ගිහින් එයා වතුර කෙට්ල් එකට වතුර එකක් තියලා බලන් උන්නේ උණු වෙනතුරු.
" මෙහේ වැඩට කෙනෙක් නැද්ද..? "
" තමුසෙට මොකටද ඒක..? "
" ඇයි එහෙම අහන එක වැරදිද..? "
" නෑ.. වරදක් නෑ... "
" එහෙනම් උත්තර දෙන්නකෝ... "
" මෙහෙ උයන්නෙ මමමයි.. නැත්නම් කෑම order කරනවා.. ගෙදරයි වත්තෙ පිටියෙ වැඩවලටයි විතරයි කට්ටිය දාලා තියෙන්නේ... "
" එතකොට ඔයා තනියෙන්ද උයන්නේ..? "
" ඔව් ඉතින්.. ගොඩක් වෙලාවට ඉතින් order කරලා ගෙන්නනවා... "
" අපරාදෙනේ.. ඔය කඩ කෑම කන්නෙ නැතුව ගෙදරම උයා පිහාගෙන කන්න පුළුවන්කම තියෙද්දි.. විකාරනේ... "
එයා කිව්වෙ පැන්ට්‍රි එකෙන් තේ කොළ bottle එක අර ගන්න ගමන්. ශේන් උන්නේ එතනම තිබුණු ෆ්‍රිජ් එක ගාවට වෙලා.
" තමුසෙට උයන්න පුළුවන්ද..? "
" ඔව් ඉතින්.. කොල්ලෙක් කෙල්ලෙක් කියලා නෑ.. මං නම් කියන්නෙ හැම කෙනෙක්ම කෑම හදන්න ඉගෙන ගන්න ඕනි... "
කිඳුරු වතුර එකත් අරගෙන ටී කප් දෙකකට කහට වත් කළා.
" එහෙනම් අද තමුසේ උයනවා... "
ශේන් ෆ්‍රිජ් එක විවර කරලා ඇපල් ගෙඩියක් අරන් භාගයක් කාලා ඒක කොල්ලා දිහාවට විසි කළා. ටී කප් දෙක පැත්තකින් තියලා සීනි දාලා තේ හදන ගමන් උන්නු කිඳුරු එයා එව්ව ඉතුරු ඇපල් භාගෙ එහෙම්මම අල්ල ගත්තා.
එයා ඒකෙන් භාගයක් කාලා තිබුණා වුනත් කිඳුරු ඒ ගැන හිතන්නෙ නැතුවම ඒ ඇපල් කෑල්ල එහෙම්මම කටේ දාගත්තම ශේන් ඒ දිහා බලන් උන්නේ ඇස් උඩ දාගෙන. එයා බලන් උන්නේ පුදුමෙනුත් පුදුම වෙලා.
ඒ දැක්ක දෙයින් එයා උන්නේ හරියට කම්පනය වෙච්චි රෝගියෙක් වගේ. එයාට ඇත්තෙන්ම හරි පුදුමයි. ඒත් එක්කම මොකක්දෝ මන්දා පපුවේ පතුලේ ඉඳන් ඇවිලී ගෙන එන ගින්නක් වගේ දෙයක් එක්ක ශේන් බලන් උන්නේ වචනයක්වත් කතා කරගන්න බැරුව. මුළු ලංකාවම හොල්ලගෙන ඉන්න පාතාලකාරයෙක් වුනාට මොකද එයා අර දඟකාර කොල්ලා ඉස්සරහා එහෙම්මම ගොළු වුණා.
ඒ වුනේ මොකක්ද කියල නම් එයාටත් හිතාගන්න බෑ. එයා දිහා එක වතාවක් බලලා කිඳුරු එයා හදපු එක tea එකක් එයා දිහාවට දිගු කළා. ඇහිපිල්ලමක්වත් නොගසා කිඳුරු දිහා බලන් උන්නු ශේන් ඒ තේ එක ගත්තෙත් වෙවුල වෙවුලා වගේ.
අතට ගත්තු තේ එකත් නිකන් මහ සයුර කැළඹුණු ගානට වෙවුලන්නේ එයාගෙ අතේ වෙවුලිල්ලත් එක්ක.
" බොන්න ඉතින්.. බලන් ඉන්නේ... "
කිඳුරු එයාගේ අර පුරුදු දඟකාර හඬින්ම කිව්වම ශේන් එතුවක් වෙලා එයාගෙ අතේ තියන් උන්නු තේ එක තොල ගාන්න වුණා.
" රස්නෙයි.. බලාගෙන... "
ඒ කිඳුරු. එයා එහෙම්මම කිව්වෙ එයා බිබී උන්නු තේ එකට කටින් පිඹ පිඹ බොන ගමන්. එයා කරන විදිහ බලන් ඉඳලා ශේනුත් එයාගෙ අතේ තිබුණු උණුම උණු තේ එකට පිඹ පිඹ තොල ගාන්න වුණා.
ඇත්තමයි , හැමදාමත් වගේ ඒ අහඹු හමුවීම් ජීවිතය වෙනස් කරන අපූරුව. එයාට ඒ හමුවීමත් හරියට හීනයක් ගානයි. හමුවීම් දුලබ ලෝකයේ එමට වෙන්වීම් මයි. ඒ වෙන්වීම් තමයි දරාගන්න අමාරුම..
කඳුළින් සමුදීලා සිනහවෙන් පිලිගන්න ලෝකයට හමුවීම් කියන්නෙම ඉතින් ප්‍රහර්ෂයේ නිමිත්තක්. එසේ මෙසේ නිමිත්තක් නෙවෙයි, සුභ නිමිත්තක්..
විශ්වයේ කෙළවරක අත්සන් කළා වූ සංසාර ගනුදෙනුව කෙසේද යත් මේ වත්මන තුළ ඒ ගිවිසුම්කරුවෝ කොහේදී හෝ මුණ ගැසෙනු නියතයි.
ඒ තේ එකත් බීලා ශේන් කිඳුරුත් එක්කම ගිහින් පඩිපෙළ නගින්න වුණා. ඒ පඩිපෙළ නගින අතරතුරේදිත් කිඳුරුගේ ඇස් යොමු වුණේ අර කහ පාට ඇහැළ මල් කිණිත්තේ සිතුවම දිහාවට. ඒ සිතුවම දිහාවට නෙත් යොමාගෙනම එයා පඩිපෙළ නගින අතරේ ශේන් එයා ඒ දිහා බලන හැටි හොඳාකාරවම දැක්කා.
" ඇයි..? "
ශේන් ඇහුවේ කිඳුරුට උඩින් එක පඩියක නතර වෙලා එයාට පහළින් අර සිතුවම දිහා බලන් ඉන්න කොල්ලා දිහා යාන්තමට හිස හරවලා බලන ගමන්.
" මේ චිත්‍රේ.. ඒක හරි ලස්සනයි... "
" ඇත්තට... "
" හ්ම්.. මං ආසම කහ පාටට.. සමහර විට ඒ නිසා වෙන්න ඇති... "
" කහ පාට...! "
" හ්ම්... "
" තමුසෙ දන්නවද.. කහ පාට කියන්නේ මායාකාරී පාටක්.. මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන, නිවා සනසන පාටක්.. ඊටත් එහා ගිහින් උද්‍යෝගිමත් කරවන විදිහේ පාටක්.. නිදහසේ පාටක්... "
" කොහොමද ඔච්චර ලස්සනට කහ පාට ගැන කියවන්නේ...? "
" මොකද මගෙත් ආසම පාට.. කහ පාට... "
එයා එහෙම කියද්දි නම් කිඳුරුගේ මූණ ලස්සනම ලස්සන හිනාවකින් පිරුණා. ශේන් මොහොතක් ගල් ගැහිලා වගේ ඒ හිනාව දිහා බලන් උන්නේ හිත අස්සේ බුර බුරා නැගෙන උත්කර්ෂවත් ප්‍රහර්ෂයත් එක්කමයි .
" තමුසෙ හරියට කොහේදෝ ඉඳන් ආව මායාකාරයෙක් වගේ ඕයි.. කැලෑවට පිපිනු ලස්සනම ලස්සන කැලෑ මලක් වගේ.. ඔය කැලෑ අස්සෙ ඉන්න පාදඩයින්ට ඔය ලස්සන කැලෑ මල විනාස කරන්න ඉඩ තියන්න එපා.. මෙතන ඉඳලා දවසක තමුසෙට යන්න වෙයි.. ඒත් එදාටත් මං මේ කිව්ව දේ මතක තියාගන්නවා... "
" ශහිල් අයියේ... "
" තමුසෙ කැලෑවට පිපුණු ලස්සනම ලස්සන මලක්.. මං ආයෙ ආයෙත් පුන පුනා කියන්නේ ඒකමයි.. දන්නවද, තමුසෙ හරියට පුරහඳ එළියට පිපුණු මලක් වගේ.. මං මහා ලොකු උපමා අලංකාර දන්නෑ.. ඒත් මං දන්නෙ ඔන්න ඔය ටික තමයි... "
එයා එහෙම කියද්දි කිඳුරු හරි අහිංසක විදිහට එයා දිහා බලන් උන්නා. කාලයක් තිස්සෙ හිත අස්සෙ ගොළුවත රැකපු සමහරක් හැඟීම් එළිබහින්න අරන් වගේ. ඒ හැමදේම නිදහසේ ශෝභමාන උත්කර්ෂයත් එක්ක සිද්ද වෙන දේවල්..
" මං ඇහැළ මලක් වගේද...? "
ඉඳලා ඉඳලා කිඳුරු ඇහුවේ මල් මල් ප්‍රශ්නයක්. ශේන් ඒ අහපු දඟකාර ස්වරයත් එක්ක යාන්තමට වගේ හිනා වෙලා ඒ දඟකාරයට උත්තර දුන්නා.
" නෑ.. තමුසෙ කහ පාටට කැපෙන දම් පාට බිනර මලක්... "
එයා කිව්වෙ කිඳුරු කොයි යම් වෙලාවකවත් බලාපොරොත්තු වුණු විදිහේ උත්තරයක් නම් නෙවෙයි. ඒ උත්තරයත් එක්ක කිඳුරු ටිකක් විතර ගැස්සිලා ගියාට මොකද එයා ඊළඟ තත්පරේදී ආයෙමත් හරි ලස්සනට හිනා වුණා.
ඒ හිනාවෙන් එයා අදහස් කළේ ඒ උත්තරය භාර ගත්තු බව. ඇත්තමයි , රළු වුනත් එච්චර ලස්සනට වර්ණ ගලපලා මනෝරම්‍ය සිතුවම් අඳින ඒ සිත්තරා හැරෙන්න වෙන කවුද දන්නෙ කහ පාටට කැපෙන පැහැය.. කහ පැහැයට කැපෙන්නෙම ඒ දම් පාට විතරමයි. ඔව්, ශේන්ගේ වර්ණ සංකලනයට අනුව නම් එයා කියන්නෙම දම් පාට බිනර මලක්..
එයත් එක්කම ශේන් පඩිපෙළ නැගලා එයාගෙන් වෙන් වෙලා ශේන්ගේ කාමරයට ගියපු ඒ තත්පරේ කිඳුරු එයා යන දිහා බලන් උන්නේ නිවුණු හැඟීමකින්. සිත පුරා නලියමින් තිබුණු අලුත් වර්ෂාවක් බට මහ පොළෝ තලය සරුසාර වූවාක් වැනි පිබිදුනු නැවුම් හැඟීමකින් එයා ශේන් දිහා බලන් උන්නා.
අසීමාන්තික කාලයේ අවකාශාත්මක දොරඟුළු අභිබවා යන පියගැටපෙළ බොහෝ දුරට ගිහින් ඉවරයි. ඒ පියගැටපෙළ ජීවිතයේ මුල් ඉසව්ව පහු කර ගිහින්. වුණ දේවල් වෙලා ඉවරයි. ඒ හැමදේම අතීතයට ගිහින්.. ගත වෙන හැම තත්පරයක්ම අයිති වෙන්නෙම ගෙවෙන ඒ අතීතයට විතරමයි.
වෙලාව අවිනිශ්චිතයි . වෙලාව ගැන එයාට නිනව්වක් නෑ. ජේකබ් කියන ඒ සුන්දරම පිරිමි පරාණය ගැන දැන් දැන් හිත ලතැවෙන්න අරන්. එයා කිව්වෙ ඇත්තක්. හුදෙකලාව ඉන්නවට වඩා සබැඳියාවක් ඇතුළෙදි දැනෙන්නෙ මහ මෙරක් තරම් විසල් වූ පාළුවක්.
ඒ පාළුව දරාගන්නම අමාරුයි. එයා ඇඟ දවටගත්තු සුදු පැහැති ටවල් එකක් විතරක් ඇඳන් bathroom එකට ගිහින් වතුර මල යටට වුණා. ගත සිප ගන්න සිහිල් දිය බිඳිතිවලට අනවසරයෙන් වුනත් ඉඩ හසර වෙන් කරලා දීලා එයා අර ඇඳන් උන්නු තුවාය එහෙම්මම උනා දැම්මා.
ක්ලෙයාරා තොම්සන් ගේ නග්න නාරි දේහය ඒ සිසිල් දිය බිඳිතිවලින් තෙත් වෙනවා. ගතේ ගිමට වඩා සිතේ ගිම ඒ සිහිල් දිය බිඳිතිවලින් තෙත බරිත වෙන්න වුණා. ක්ලෙයාරා ඒ ඇස් අඩවන් කරන් ඒ සැහැල්ලුව විඳ ගන්න වුණේ හරි අපූරුවට.
නා අහවර වෙලා එයා bathroom එකෙන් එළියට ආවේ තවත් අර වගේම සුදු පැහැති තුවායක් ඇඟ දවටගෙන. තෙත කොණ්ඩය ඉහළට කරලා තවත් තුවායකින් ගැට ගහලා. Bathroom එකේ ඉඳන් එයාගේ room එකට ඇවිත් ක්ලෙයාරා ගියේ කැඩපත ඉදිරියට. ඒත් එක්කම වගේ එයාගේ පිටිපස්සෙන් තිබුණු දර්ශනය කැඩපත තුළින් දැක්ක ක්ලෙයාරා මර හඬ දීලා කෑ ගැහුවේ නොසිතූ ඇසිල්ලකදී..
මීළඟ කොටසට ...