Cherreads

Chapter 6 - 06

උඹල දන්නවද ලමයව හිර උනා....ලමයව හිර උනා.....

උඹලා දන්නවද ඊට පස්සෙ මං මොකක්ද කොරේ කියලා.....මේ...න් මෙහෙම වප් පිහිය ලන් කොලා....මේ..න්...මෙහෙම ලන්කොලා...

මේන්...හිච්චා...කෑගහගන එලියට පැන්නා.....

උගෙ නම කෝදුරු හාමි...ඌට දැන් දරුවොත් ඉන්නවා....

හතිරියන් රාල කෙටි හාමිට වින්නඹු කම් කරපු හැටි කියනවා...හිච්චව හිර උනා...වප්පිහිය ලන් කොලා කියනකොට ගේ ඇතුලෙ උන්න පිච්චිගෙ මූන අමුතු උනා....කෙල්ල බය උනා....බය නොවී තියේවිද කෙටි හාමි වින්නඹුකම් කරන්නද.... ..ඇරත්...ගෑනිට මිනිහා නැතිව ඒ කැලේ මොකා කියලා ඉන්නවද වින්නඹු කම් කරන්න...හතරියන් රාල කියපු කතාව ඇත්ත...ඇග උඩ නැගන් දාඩියමුගුරු දාගන උඩ පනින්න හොද නම් ඕක ගත්තම මොකද වෙන්නෙ.....ඒකට...වලව්වෙ මැනිකෙලාගෙ නීතියට හාමුට ගැනිගෙ නිරුවතත් අකැපලුනෙ...කාරිය කෙරුවා...අහවරලු.....

සෙංකඩගල අහසට අදත් ඉරපායාලා තියනකොට මම මහින්ද ප්‍රසාද් මස්ඉඹුලත් එක්ක තනි උනා...දැන් ඉතින් මගෙ දුක අහන්න වෙන්නෙ එක්කො සෙන්කඩ ගල අහසට වගේම ගෙන්දගම් පොලවට විතරක්ම වෙනකොට මම තවමත් මේසේ උඩ ඔලුව ගහන් උන්නා..ඊයේ රෑ තෙත ඇදුම මේ ඔක්කොම තවමත් ඇගේ තියනකොට මට මේසෙට ඔලුව ගහන් නින්ද ගිහින් ....කීයට ඇස්පිය උනාද කියන්න මම දන්නෙ නෑ..හැබැයි මම නැකිට්ටෙ විරහා වේදනාවෙන් හම්බෙන ලොකුම දෑවැද්ද ඔලුව කැකුම එක්ක වෙනකොට මම එහෙම්ම තවමත් ඇද උඩ නිදාගන ඉන්න සුදූ දිහා බැලුවා.....

ඒත් එයා නෑ.....ඇද හිස්.....එයා අම්මෙක් වෙන්න යනවා කියන එකයි....හිත ඇතුලෙ තවමත් විලාප ගහන පලමු ආදරේ මිනිමල් සුවදයි එක්ක දරන්න බැරි ඔලුවෙ කැකුමට ලාච්චුවෙ තුබුන පෙනඩෝල් කාඩ් එකේ ඉතුරු වෙලා තිබුන පෙනඩෝල් හයම මම බීලා දැම්මා....

මැරෙන්නෙ නෑ...ඒ උනත් ....මං බීලා දැම්මා....වේදනයි...අඩන්න හේතු දාහක් තිබ්බා ..ඒ උනත් හිනාවෙන්න එකම එක හේතුවක් තිබුන් නෑ....සමහරු කියනවා අඩන්න හේතු දාහක් තිබ්බත් හිනාවෙන්න එක හේතුවක් තියනවා නම් ඒ ඇතිලු....ඒ උනත් ඒ සමහරු දන්නෙ නෑ හිනා වෙන්න එකම එක හේතුවක් නැතිව අඩන්න හේතු විතරක් සමහර තැන්වලදි ඉතිරි උනා කියන එක...

මගෙ ඇදේ ලා පාට ඇද රෙද්ද.....සුදු නිදා ගත්තු මගෙ ඇදේ ලාපාට ඇද රෙද්ද ඒයාගෙ ඇද රෙද්ද මතක් කරනකොට මගෙ තුන් හිතම ඇවිලිලා ගියත්.....ගහක් ගලක් වගේ දරා ගන්නවා ඇරෙන්න අඩලා වැඩක් නෑ ..මොකද...අපි අඩන්න ඕනේ අඩනකොට "අනේ අඩන්න එපා..ඔයා අඩන එක මට දරන්න බෑ" කියන මිනිස්සු ගාව මිසක්....අපි අඩනකොට දෙස් දෙවොල් තියන මිනිස්සු ගාව නෙවෙ...මොකද....ලුණු රස කදුලු බින්දුවට හිනාවට නැතිවටිනා කමක් තිබුනා..මොකද....කදුලු බිංදුවක් කියන්නෙ හැගීම් ගොඩක්...

අනේ....අප්පච්චි .....අප්පච්චි ....ගහන්න එපා...අප්පච්චි ....වදින්නම්....අත්තම්මා...අනේ...අත්තම්මා.....සුදූ...අනේ...සුදු...කැහ්...කැහ්...සු..දු...ම...ල්....

තවමත් මේසෙට ඔලුව ගහන් උන්න මට සුදු අක්කගෙ විලාපෙ ඇහෙනකොට මම පිටිපස්සට කඩන් දුවනකොට පොඩි නංගි අල්ල ගත්තා ....

සුදු අයියේ එපා යන්න...සුදු අක්කව මරන්න හදනවා....

මොකාද....සීයා තාත්තා .....???

නෑ..ලොකු...තාත්තා ...සුදු අක්කා..අම්මෙක් වෙන්න..කියලා....අත්තම්මාදැනගන.....

පොඩි එකීගෙ ඇස් දෙක මේ දැන් මරන්න ගෙනියන මුව පැටියෙක්ට හා සමාන වෙනකොට කෙල්ල මගෙ අත් ගොබේ අත් දෙකෙම්ම අල්ලගන යන්න එපා කිව්වා....

අනේ....සුදු යන්න..සුදු අයියේ...යනවකො...අත්තම්මා...

ගුරුන්වහන්සේ සීයගෙන් මොන මොනවද මතුරන් ආවා...යනවකො...ඊලග පාර එන්නෙ තමුසෙව හොයන්...අනේ සුදු අයියේ...යමන්කො....

එයාලා දැනගන ...අනේ ඊයෙ මගෙ කකුල් ගාව වැද වැටුන..සුදු මල්ලි මාව හංගපන් රත්තරන් කිව්ව සුදු අක්කව උන් අල්ලගන තියන් ඉන්නකොට පොඩි උන් මාව අල්ලගත්තා .....උන් බයවෙලා...එලි පහලියට වලව්ව කියන්නෙම මහ උසස් තැනක් උනත්...වලව්වෙ ඇතුලාන්තෙ දන්න අපි හැමෝම වලව් නීතියට බයවෙනකොට ඊලගට ඒ ඊතලේ එන්න මගෙ දිහාවට කියල දන්න උන් මාව ගෙදරින් යවන හැදුවත් උන්නත් දාහයි මලත් දාහයි වෙනකොට මම පොඩි උන් දිහා බැලුවා....

මිනිස්සු බය නැතිවෙන්න දෙයක් තියනවා නම් විතරයි නිශී....නැතිවෙන්න දෙයක් නැතිනම්.....මොකටද බය වෙන්නෙ.....මට නැති වෙන්න දෙයක් නෑ....උන් මාව මැරුවත් මට දුක නෑ...මොකද උන් මාව මරලා ඉවරයි.....

මගෙ අත් ගොබේ අල්ලන් උන්න නිශේලා ඇස්වල කදුලු පුරවන් මං දිහා බලන් උන්නා..මොකද ඊයෙ අවුරුදු උනාට....සීයා තාත්ගෙ වචනෙකින් ...අත්තම්මගෙ වචනෙකින් වලව්ව අස්සෙ මල්ලගෙයක් කරන්න පුලුවන් හින්දා ....

එකම කොල්ලා උන මම නුවර මැනිකෙලාව තල්ලු කරන් සුදූ උන්න තැනට ගියා....ගැට අන්නාසි කෑලී තැන් තැන් වල තියනකොට වරු ගානකට උඩදි වැරදිකාරයා උන සුදු අක්කා වැලහින්නක් වගේ කුසියෙ බිම ඉදන් උන්නා...

කාපන් ඕක..කාලා මේක බිපන් විගහට....හිගන සනුහරේ බෝකරන්න මෙතන

අත්...අම්මා...අනේ...එපා...අත්...තම්මා...මගෙ...යටි..බඩ වේදනයි.....

වේදනයි.....ඔව්...ඔය කුනු කොහොමත් හේදිලා යනකොට වේදනයි තමයි...බීපන්...උඹ හැංගි..හැංගි ඉදල මෙතන හිගන්නො බෝකරන්නද.....ආ සුදු ...කියපන්....තොපිව අපි හදන්නෙ ඔය කොහෙවත් යන මරක්කලයන්ට දෙන්නද ....

අනේ....මට...තව..කන්න....බෑ....අමෙ...බ්වෑක්....බ්වෑ....ක්ක්....

අතේ තිබුන ගැට අන්නාසි ගෙඩිය එහෙම්ම අතින් බිමට වැටෙනකොට සීයගෙ බස්තම් පාර ඒ සුදු අත් පුරාවටම දම් පාට රටා ඇදලා තිබුනා...අත්තම්මගෙ අතේ කහ වතුර එකක් තිබ්බා වගේ ඒකට දෙහි එක්ක තව මොනමොනවදෝ දානකොට සුදූ ඇඩුවා...බොන්න බෑ..කිය කිය විලාප තිබ්බා...

ඇයි අත්තම්මෙ.....නොපෙනන කුලයක් හින්ද බඩේ ඉන්න දරුවව මරාගන්නෙ...අනේ..සුදු....සුදූ..මගෙ දරුවව මරන්න එපා කියපන්..සුදු...අනේ.....සුදු මල්ලි...

අත්තම්මා ...එපා...මොන පවු කාර වැඩක්ද අත්තම්ම මේ කරන්නෙ.....ඔයාලා කාටත් මේ කෙල්ල ගැන දුකක් නැද්ද.....ඔයාලත් ගෑනු නේද...ආ අත්තම්මා...වංශෙ වෙනුවෙන් මිනියක් උනත් මරන්න හිත හදාගත්තෙ මොන හිතකින්ද අත්තම්මා....

සුදු මහත්තයා ....උඹ අහකට වෙයන්...ඊලගට විසදන්නෙ උඹේ නඩුව...අපි ඇස් කන් පියන් උන්නානම්...අද වලව්ව අස්සෙ අඩුකුලේ හිගන හැත්ත වැහි වහින්නගියා....

අත්තම්මා .....දෙයියනෙගෙ නාමෙට පින්සිද්ද වෙයි ඔය පන්සල් යෑම නවත්තලා ගෙදර ඉන්න.....පව් කර කර..පව් කරකර පින් කෙරුවට මේ වැඩක් නෑ....උඹලට යන්න අපායවල් මවන්න වෙයි....උඹලාට යන්න අපායවල් මවන්න වෙයි....පව් නැද්ද...මේකි බඩේ එකෙක් තියන් ඒ පන රකින්න නැහෙනකොට හැමෝම එකතුවෙලා මෙහෙම කරන්න පව් නැද්ද....බුදුන් වදින අත්වලිම්ම මිනිමරන්නෙ කොහොමද අත්තම්ම...මොන හිතකින්ද අත්තම්මෙ ඔය සහගහන වැඩ කරන්නෙ.....

නිතේශ් ...උඹලට මේවල වටිනා කමක් නැති උනාට...අපි පරම්පරාගත වලව් කාර මිනිස්සු ..අවුරුදු ගානක් රැකන් ආව දේවල් කොහෙවත් යන මරක්කල හැත්තන්වල් වලටයි අඩුන්කුලේ සක්කරවට්ටම් වලටයි දෙන්නද...

හිගන්නියක් වගේ වැටිලා ඉදන් කුසේ පනගහන ලේ කැටිය රැක ගන්න පැය ගානක් ඔට්ටු උන සුදු අක්කට උන් ඉර නගින්නත් කලින් ඉදන් ගැට අන්නාසි ගිල්ලවලා කෙල්ලට කෙලින් කටින් ඉන්න බැරි වෙන්න වමනේ ගිහින් තිබුනා....මගෙ වචන හිස් වචන විතරක්ම වෙනකොට හිත් පිත් නැති වලව් හාමුලා මැනිකෙලා ඔක්කොම එකට එකතු වෙලා හුස්මක් ගන්න පන නැති උනත් අම්මෙක්ගෙ හයිය හිතේ තිබුන මගෙ කකුල් ගාව වැද වැටිලා දරුවව මරන්න දෙන්න එපා මාව බේරපන් සුදූ කියපු සුදු අක්කගෙ අත පය හතර විලංගු දැම්ම හා සමානව අල්ලන් මතුරපු කහ වීදුරුව කටට හලනකොට ඒකි පුලුවන් තරම් දැගලුව...සීයා තාත්තා නහය මිරිකගන්නකොට හුස්ම අල්ලන්න කට අරින සුදු අක්කට කහ වතුර එක ආන්තිම අඩියටම පෙවිලා යනකොට ඒ අසරනී පපුවම මිරිකන් හුස්ම අල්ලනකොට එතන උන්න මහ හාමුලගෙ ඇස් වලින් එක කදුලක් නොවැටුනට මගෙ අප්පච්චි විතරක් කරගන්න දෙයක් නැතිව එතනින් යන්න ගියා.....

ස්.....ස්...සුදූ.....

ඒකි...අඩ අඩම මගෙ පැත්තට අත දික් කරනකොට මම ඒකිව මගෙ උකුලට ගත්තා ...

සුදු..මල්ලි.....වලව්වෙ...මැනිකෙලා...මගෙ...දරුවව..මරා...ගත්.....තා...සුදු...මල්ලි....මගෙ...දරුව...මරා...ගත්තා ....සුදු...මල්ලි...

අඩාගන්නවත් හයියක් නැති තැන සුදු අක්කා උන් හිර කරපු හුස්ම එකට ඇද ඇද අඩ අඩ වල්වේ මැනිකෙලා දරුවව මරා ගත්තා කියනකොට තාත්‍තෙක් වෙන්න හීන දැකපු මට පවා දරු දුක දැනෙනකොට ඔසරි පටවල් උර හිස උඩ ගහන් උන්න එක මැනිකෙක්ගෙන් කදුලක් නොවැටුනකොටඒ මුනවල් වල තිබුනෙම පිලිකාවක් අයින් කරා හා සමාන හැගීමක් උනා.....

අම්මා....අත්තම්මා .....ලොකු අම්මා....මිනිස්සුන්ට මෙහෙම විදවන්න දෙන්න එපා අත්තම්මා.....උඹලට වැහි නැති හෙන ගහාවි.....කොහෙවත් නැති බම්බුවක් හින්දා...අමු අමුවෙම මරාගත්තෙ නූපන් දරුවෙක්ව නේද අත්තම්මා ...ඔය අත්වලින් බුදුන් වදින්න එපා ....ඔය අත්වල තියෙන්නෙ ලේ තනිකරම.....

ස්..සුදු.....

අනෙ....සුදු අක්කෙ.....

සුදූ...අනේ..සුදු...මල්ලි...මගෙ....යටි..බඩ...අනේ...අම්මේ.....හ්...අම්මෙ....හ්...

කකියනවා...අම්මෙ....

සුදු..අක්කෙ....සියා තාත්තා ..අනේ..පින් සිද්ද වෙයි සීයා තාත්තා .....සුදූට අමාරුයි....සුදුට අමාරුයිනේ....උඹලට ළමයා එපා නම් ඒකිව හරි ජීවත් කරපල්ලකො.....

සුදු...ම...ල්..ලී...මගෙ...දරුවා....එයා...යනවා....එයාගෙ....අම්මව..දාලා.....

මට එච්චරයි ඇහුනේ....ඇස්වලට උනලා තිබුන කදුලු බින්දුව එයාගෙ මූන උඩට වැටෙනකොට පැය ගානක ගැට අන්නාසි වගේම මතුරපු වහවලට පින් සිද්ද වෙන්න ල කහපාට ගවුම පුරාවටම ලදරුවෙකුගෙ අවසානම හුස්ම වලව්වෙ සිමෙන්ති පොලවට වැටෙනකොට ඒකිගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනා.....

උන් හැමෝම දරුවව මරා ගත්තා .....

උන් හැදු පලමු කරලම

නපුරු අතින් උදුරාගන....

ලා කහපාට ගවුම පුරාවටම ලේ කැටියක මලගම වෙනකොට කොන්දත් කුදු කරන් බයේ මුලු ගැන්විලා උන්න වින්නඹු අම්මා කදුලු බොන සුදු අක්කට ලන් වෙනකොට හැමෝම එතනින් යන්න ගියා....

පපුවම පාරවන වේදනාව කොයි තරම්ද කියනවා නම් මං දත් මිටිකාගන උහුලන් උන්නා...

සුදුපුතා ....මොනවද හොයන්නෙ....

යතුර

යතුර මොකටද

මං යනවා ...මං යනවා...මට කියන්නෙ මිනිමරුවො රොත්තක් මැද ඉන්න කියලද අම්මා....

නිතේශ් ...කට පියාගනින්.....උඹලා අහන ඕනෙ අපේ කීම...උඹලා නටන්න ඕනෙ අපේ පදේට...නැතිව කොහෙවත් යන සංකර කාරියො කියන විදිහට නෙවෙ.....

තව එක මොහොතක් ගෙදර ඉන හිත දෙන්නෙ නැති කොට මම ආයම කොළඹ එන්න ලැහැස්ති උනා.....සුදු අක්කගෙ කකුල් තෙමන් එලිය ආව රතු පාට ලේ මාව අන්තෙටම වට්ටවනකොට ඊයෙ රෑ මගෙ ගාවදි මාව බේරගනින් කියපු වචනෙ මතක් වෙන වාරයක් ගානෙම පපුවට පිහි තුඩවල් බැස්සුවා හා සමාන වේදනාවක් ගේන කොට මං ගොරකා ලෙලි වෙලා ගියපු ඇස්වලින් අම්මා දිහා බැලුවා.....

මහාලොකු නුවර මැනිකෙලා.....බැලුවොත් පන්සලේ.....තුන්සිය හැට පස් දවසෙම අහන්නෙ බන...ඒ උනාට ඔය අත් තනිකරම මිනි මරු අත් ඇගේ දුවන්නෙ මිනුමරු ලේ අම්මා.....ඔය අතෙ තියන කිරි එකේ ගුරුන්වහන්සෙ මතුරපුවා තියනවා නම් ඕකටම වහ කලවම් කරලා මට පොවන්න අම්මා...මොකද වංසෙ කබල් ගෑවට කරන්නෙ තුප්පහි වැඩ

නිතේශ් කටවහපන් ....

පුරුදු විදිහටම වංශෙට ගරහනකොට මට හම්බුනේ කන පුපුරු ගහන කම්මුල් පාරක්.....මැනිකෙගෙ වලලු දාපුඅතින් වැදුන කම්මුල් පාරට රිදුනෙ කම්මුලට වඩා හිත උනත් මම ඇස්වල කදුළු ඇස්වලටම හිරකරන් අම්ම දිහා දත්මිටිකාගන බැලුවා ....

ගහන්න අම්මා...තව ගහනන්න...තව...මෙහෙම නෙවෙ...මේ කම්මුල් ලේ පාට වෙනකන් ගහන්න.....නව මාසයක් බඩෙ තියන් උන්නට...ලේ කිරිකරල පොවපු ණය ගෙවා ගන්න නම් ගහන්න...ගහලා..ගහලා....අවසානෙදි මරලම දාන්න...දසමාසෙ උරේ කත්වා කියල ආය ඔය කකුල් අල්ලා වදින්න එකෙක් නැත්තටම නැතිවෙන්න ගහලා වහටිකක් දීලා මරලම දාන්න...

නිතේශ් නවත්තපන් නිතේශ් ....

මට පොවන්න ගෙනාව කිරි කෝප්පෙ බිම වැටිලා කැලි කෑලිවලට බිදිලා යනකොට මම එයාගෙ වලලු දාපු අත් අරගන මගෙ කම්මුල් වලට ගහගත්තා ...මට නෙවෙ ඕන යකෙක්ට මේ දෙන ගින්දර උහුලන්න අමාරුයි....එහෙන් එකෙක්ව කනවා මෙහෙන් මාව කනවා...අපි දෙන්නම වින්දේ සුලුපටු දුකක් නොවෙච්ච කොට පපුවට ඉවසන්න පුලුවන් අවසානම අඩියෙ මම ඉනකොට මමත් කෑ ගැහුවා....

සුදූගෙ කාමරේ ඇතුලේ ඇහුන වේදනාත්මක කටහඩ යන්න යනකොට වින්නඹු අම්මා කටක්වත් හෙල්ලුවෝතින් මල කද හොයන්න බැරිවෙයි කියන තර්ජනේ එක්ක පස්ස දොරෙන් පැනලා යනකොට මම අම්මා ලව්වාම ගස්සවගන අවසානෙදි ඒ අත අතෑරල දැම්මා....

අම්මලත් ගෑනුද...හිතක් පපුවක් කියන එකක් නැතිද අම්මෙ.....ආ අම්මෙ.....මේ ලෝකෙ එලිය දකින්න හිතුවෙ වත් නැති එකෙක්ව මරල දැම්මෙ ඇයි අම්මේ....මං එක දෙයක් අද තේරුම් ගත්තා මගෙ අම්මෙ...උඹලා මේ වලව්කාර කම හින්දා දරුවො පවා මරල දාන තැනට වැටිලා ඉන්නවා කියන එක මම අද තේරුම් ගත්තා ...ලැජ්ජයි...අම්මෙ...ලැජ්ජයි...

උඹලා හදලා තියෙන්නෙ උඹලගෙ ඕනා එපා කම් කරන්න ළමයි මිසක්.....නැතුව නිදහසේ ජීවත් දෙන්න වත් ආදරේට වත් නෙවෙ උඹලා අපිව හදලා තියෙන්නෙ උඹලගෙ වාසියට ...

චටාස් ...!!!

කටට වැදුන පාරට යටි තොල පුපුරලා යනවත් එක්කම කටට ලේ රස දැනෙන්න කලින් පිට පිටම තව කම්මුල් පාරවල් වදිනකොට "හිටු කිව්වොත්" එක තැන ඉන්න තැනට හදපු අපි ගුටි කාගන ඉනන්ව ඇර ඊට එහා කරන්න දෙයක් නැති කමට අසරනව බලන් ඉන්න එක විතරක් කරන්න දැනන් ඉද්දි මම පාර කාල ගහක් ගලක් වගේ උන්නා....

මම කවදාවත් සංසාරෙ කිසිම තැනක උඹව ප්‍රාර්තනා කරන් නෑ මගෙ අම්මෙ...මරන්නෙ නැතුව මේ ලෝකෙය ගෙනාවෙ තාත්ගෙ නම්බුව හින්දා වෙන්න ඇති.....ඒ උනත්.. ආය ජාති ජාතිත්...මට උඹව නම් එපා මගෙ අම්මෙ....

නිතේශ් ...උඹ පව් පුරවගන්නෙ උඹටයි....

උඩ ඉන්න දෙයියො පවා සාක්කි දේවි උඹලා අපිට කරපු අපරාද ගැන....ලමා කාලයක් නෑ..යාලුවෙක් නෑ...ආදරයක් නෑ..තනිකරම වල්ව් නීතියට කොටු කරලා හදපු අපි විදවන තරම් දන්නෙ අපියි අම්මෙ.....එහෙන් ඒ අසරන කෙල්ලගෙ වේදනාව දැක දැක පන ගහපු දරුවව මරල දැම්මා...අවුරුදු ගානක් පන වගේ ආදරේ කරපු කෙල්ලව වෙන එකෙක්ගෙ උනා....අපි වෙස්සන්තර ලා නෙවෙ අම්මෙ ...අපිට හිත් පපු තියනවා...අපිට හැහීම් දැනෙනවා.....මේ පපුවෙ වේදනාව දැනෙනවද අම්මෙ...අත තියලා බලන්න...අඩුම ගානෙ කන තියලා අහන්න.....සුදු පුතාගෙ වේදනාව...මං උඹලා හින්දා ඒකිව අතෑරලා විදවනවා....අපිට කවදාවත් ආදරේ කරන්න බැරිද අම්මෙ....ආ...අපිට කවදාවත් අපි කැමති කෙනෙක්ට ආදරෙ කරන්න දෙන්නෙම නැද්ද.....මම කාගන ඉන්නෙ කොයි වෙලෙත් අඩාගන්න බැරි නිසා මිසක්...මේ පපුවෙ දුක නැතිව නෙවෙ.....අම්මා අඩුම ගානෙ ආදරේ ගැන දන්නවද.....අම්මා කවදාවත් ආදරෙ විදලා තියනවද .....අම්මා ආදරේ නොකර කොහමද අම්මෙ විරහ වේදනාව වත් දන්නෙ....

කොහෙ දැනගන්නද...

අම්මා තාත්තට වත් ආදරෙ කරලා තියනවද.....නැනෙ.....මට දුක නෑ... මට දුක නෑ...මොකද මම මැරිලා ඉවරයි.....ඒ උනාට ජීවත් වෙන්න ආස මනුස්සයන්ව මරන්න එපා අම්මෙ උඹලට යන්න අපායවල් හදන්න වෙයි.....

හිත ඇතුලෙ වේදනාව ගොජ ගොජ ගානකොට තරහට වෙව්ලන මූන දිහා බලාගන කියවපු මම වේදනා දෙන පපුව අල්ලගන ඉදගත්තා .... ..මගෙ පපුවට උහුලන්න බැරි තරම් වේදනයි.....මගෙ ආදරේ මට නැත්තටම නැති උනා....සුදූගෙ දරුවගෙ පන අනු අමුවෙම උදුර ගත්තා .. සෙංකඩගල අහස යට දලදාවෙ අනුහස් තියනවලු...ඒ උනත් දළදා හාමුදුරුවන්ටවත් බැරි උනා වල්ව්වෙ පව් හෝදවගන්න මුන්ගෙ හිත හරවන්න...

කිරි වීදුරුවෙ කටු තැන් තැන් වල විසිරිලා තියනකොට කෝප්ප කටු කෑල්ලක දියනොවුන කලු ගුලියක් තිබ්බා.....මෙච්චර වෙලාම හිරකරන් උනන් කදුලු බිංදු සිමෙන්ති පොලව තෙමනකොට සුදු අයියේ ....කියන විලාපෙ සුදූගෙ කාමරෙන් මට ඇහෙද්දි කෑලි කැඩුන වීදුරු කටු පාගන් මම දිව්වා...

සුදු...අයි..යේ...අනේ...සු..දු...අයියේ....

සුදූ.....දෙවියනේ .සුදූ....!!!!

අප්පචී.....

සුදූ අනේ...රත්තරනේ සුදු.....අක්කෙ.....

වින්නඹු අම්මා අවසානෙට අත දාලා දරු ගැබම පිහල ගියත් තවමත් ඇද රෙද්දෙ ලේ පාරවල් තිබ්බා....සුදු කකුල් තෙමන් ආව රතු ලේ බිංදු රතුසිමෙන්ති පොලව තෙමුවත් ලේත් රතු හින්දා....පොලවත්‍ රතු හින්දා නොපෙනුනත්....ගැහැනියකගෙ ආදරේ....පිරිමියෙකුගෙ ආදරේ එකතුවෙලා හැදෙන ආදරනීයම තැග්ගක මලගමක් මහපොලව උහුලන් ඉන්නකොට ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම තැන නැති උන ආදරෙ වගේම දරු දුක පපුවම පලනකොට ඒකි ඇගේම බර වලව්වෙ බාල්කෙය දීලා යන්නම යන්න ගිහින් තිබ්බා....

වලව්ව් හාමුගෙ බස්තම් පාරවල් වලට නිල් උන අතපය තවමත් උනුසුම් වෙනකොට ඉර නගිනත් කලින් කවපු අන්නාසිගැට තවම දිරන්න හිතලවත් නැතිව ඇතිද මන්දා ....අන්තීම හුස්ම පොද සෙංකඩගල අහසට යන්න දෙනකොට දැනුන වේදනාවට උනපු කදුලක් තවම ඇහිපිහාටුවෙ එල්ලිලා තියනකොට මිනිහත් නැති දරුවත් නැති වංසෙකබල් ගාන මිනිමරුවො ගොඩක් මැද හැම දේම නැතිව ගිය නූතන පටාචරාවක් රහත් වෙන්නත් කලිම්ම ඇස් පියන් උන්නා....

ඒකිගේ ආදරේ මැරිලා....

අහිංසා...නමින් අහිංසා වෙච්ච මගෙ සුදු අක්කා....වලව්වෙ පොඩි මැනිකෙ....අවසානෙදි ආදරේ මරපු තැන ඉවසුවත් දරු දුක ගාවදි එකි පරාද වෙලා තිබුනා.....

ඉතින් ආදරෙ මැරුන තැනදි ඇස්වලින් වැටෙන කදුලු වලට හම්බුනේ මැනිකෙලගෙ සරදම් හිනාවක් වෙනකොට ඒකි යන්නම යන්න ගියා.....

වියෝවූ පසුවයි දැනෙන්නෙ

ප්‍රේමයේ අභිමන්.....

හැඩුදා කදුලයි දකින්නෙ

සිනාවෙ සරදම්.....

මට සමාවෙයන්...මගෙ...රත්තරනෙ ..කකුල් ගාව වැද වැටුන වෙලෙ උඹව නොගෙනිච්චට...

දම්පාට පාරවල් පිරුන ලේ වැදුන කකුල්. තවමත් එල්ලෙනකොට මම ඒ කකුල් බදාගත්තා ...නුවර මැනිකෙලා එකෙක්ගෙන් වත් ඇහෙන් කදුලක් නොවැටුන කොට මමම පිහිය ගෙනත් ඒකිගෙ මල කද බාලා උකුලට ගන්නකොට අඩල ඉදිමුන ඇස් බාගෙට ඇරිලා තිබුනා....

සබ්බං පහාය ගමණීයං!...

දිනක සියල්ල හැරදා යායුතුම වේ....

වලව්වෙ මැනිකෙලාට අකැප අතහැරීමෙ බන පදෙ මගෙ උකුල උඩ යතාර්තයක් වෙනකොට අඩාගන්න බැරි අක්කලා නංගිලා පපුවම මිරකන් බලන් ඉන්නකොට වලව්මැනිකෙ මොල්ලිගොඩ වලව් හාමුදුරුවන්ට වෙන් වෙච්ච පරම්පරා කැරකොප්පුවෙ අඩිහයේ වලක් කපන්න දැම්මම කට්ටිය යවලා තිබ්බා.....

මට නැති උනෙ මගෙ සුදු අක්කා උනත්...උන්ට නැති උනේ මැනිකෙලගෙ නම්බුව කාපු එකෙක් වෙනකොට එකම වලව්වෙ හැගීම් දෙකක් විදින මිනිස්සු උන්නා.....

සුදු මල්ලි.....උන් මගෙ දරුවව මරාගත්තා ....

පින් සිද්ද වෙයි....මාව බේරලා යවපන් සුදු.....

සුදූ අපි හිමින් හිත හදාගමු.....

අවසානෙදි ඒකිගෙ කටහඩ පපුවෙම ඉතුරු වෙනකොට මලකද ගන්න ආව උන් මැනිකෙලා ගාව කොදු නමාගන යන්න යනකොට නැත්තටම නැති උන නිතේශ් සෙයෝන් දිසානයක වෙච්ච මම සුදූගෙ දරුවගෙ ලේ පිටින්ම ඉස්තෝප්පුවෙ බිම ඉදගත්තා ...

මොල්ලිගොඩ වලව්වෙ ඉලව්වක්....

වැරදුනා.....මිනිමැරුමක් ...

සුදු මහත්තයා .....

උඹලා මිනිමරුවො.....

ලොකු අම්මගෙ අත මගෙ උරහිස උඩ නවතිනකොට යක්කු ගස් නගින වෙලේ මම ගොරකා ගස් පෙලිය යට තිබුන ගල් බංකුවට ගියෙ මෙලෝ සිහියක් නැතිව වෙනකොට තවත් කවුරු හරි මගෙ උරහිසට අත තිබ්බා...

අප්පච්චි .....

මට උඹගෙ මලකද බලන්න හයියක් නෑ....මෙහෙන් පලයන් නිතේශ් .....මට උඹගෙ මලකද බාගන්න හයියක් නෑ.....

අතට ගුලි කරපු කාර් එකෙ යතුර ගත්තු මම පයට සෙරෙප්පුවක් වත් නැතිව කාර් එකට යනකොට පොඩි නංගි මගෙ ඵෝන් දෙක ගෙනත් දුන්නා.....

මගෙ සුදු අකට කියපන් පොඩි....සුදු මල්ලි සමාව ඉල්ලුවා කියලා .....උඹගෙ වලව්වෙ අත්තම්මට කියපන්....උන්ගෙ මල කද කරගහන්නවත් බල්ලෙක් නැති වෙයි කියලා....මං උන්ට හෙන ඉල්ලනවා..

ඊට එහා කතා කරගන්න හයිය නැති මම කාර් එකට නැග්ගා.....

ඇය යන්න ගියා මැකිලා...

මම වනාන්තරයක් නම්....උඹයි මට වැස්ස උනේ සුදු අක්කෙ....ජාති ජාතිත් .....එපා ඉපදෙන්න මෙ වගේ කුලෙක.....

ඉතින් සෙංකඩගල ගල අහස...මං යනවා ආයම ගෙන්දගම් පොලවට....නුවර මැනිකෙලා අමු අමුවෙ මැරුවෙ අපේ ආත්මෙ වෙන්කොට අඩි හයක් පහලට යනදාට ඉහට උඩින් රකින නම්බුව ගෙනියන්න බැරිබව ගිහින් කියපන් උන්දලට....

අද ඉදන් කතාවෙ කවර් එක මෙක.....හැමදාම්ත් ලස්සනම.කවර් එකක් දෙන XZhan_1005 ට ස්තූතියි ගොඩාක්...😘😘😘

ඒවගේම සෙනුම්.මල්ලිට ස්තූතියි හදවතිම්ම තවත් ලස්සන කවර් එකක් හදල එව්වට....😘😘

සේමිනි නංගිට...වගේම.....😘😘😘

වට්සැප් එකෙන් එවලා තිබුන නංගිට ස්තූතියි හදවතිම්ම...😘😘😘😘

🥺දුකයිනෙ අයියො...

🙂ඒ ලමයා කොළඹ ගියා ...

ආයම හෙට ඈ....

අහිම්සකයි මං...බබෙක් වගෙ තොම්ත...

කතාව කියවලා කපටිච්චෙක් වගෙ යන්න එපා අයියො.....පුංචි එකාගෙ හිත තැලෙනවනේ....ම්හුක්...

තරුවට තට්ටුවක් දාලා කමෙන්ට් එකක් දාන්න..කම් නොවෙ.....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters