අප්පච්චි ...
එයා යන්න ගියා....ඇස්වල කදුලු පුරවගත්තු අප්පච්චි විතේන් දිහා බලලා මාව බලාගන්න කියලා යන්න ගියා ...මෙච්චර වෙලාම නට නට උන්න ගඩාපියා අවසානෙදි ආයම අර ජෑම් බනිස ශෙනෝන්ගෙන් උදුරන් ගිහින් සෝෆාවෙ ඉදගන මීක් නොගා ඒකේ තිබුන ජෑම් ටික ලෙව්වා ඇරෙන්න වෙන මොකුත් කතා නොකර උන්නා.....
මුලු කාමරේම නිහඩ වෙලා ගියා....මගෙ හුස්ම අල්ලන සද්දෙ මටම ඇහෙන තරමට නිහඩ වෙලා ගියා. ..
චූටි මැනික....ඩියෝන්....දොයියන්න එපා දැන් යන්න ඕනා...
සීනි ඇටයක් දෙකක් එක්ක ජෑම් ලෙව කාපු ගඩාපියට ඒ ටිකකිම්ම නිදා වැටෙන්න ගන්නකොට ශෙනෝන් ඒකව ඇහැරෙව්වා ...
නිතේශ් අපි යන්නද මූට නිදිමතේ නිදි පැදුරෙන් අරන් ආවෙ...
ඔයාලා කොහෙද යන්නෙ....ගෙදර යනවද
නෑ....මට ඩ්රයිව් කරන්න බෑ විතේන් මහන්සි ....මං මෙහෙන් රූම් එකක් බුක් කෙරුවා .....ඔයා නිතේශ් ගාව ඉන්න ....හවස් වරුවෙ මම එන්නම්...උවමනා දෙයක් තිබුනොත් කියන්න...
හරි ශෙනොන් තැන්කිව් ...උවමනාවක් උනොත් ගන්නම්....
මම බලන් උන්නා..එයා මහ තැන වගේ ශෙනෝන්ගෙ පිටට තට්ට්ටු කරලා හරි ශෙනෝන් ගෑවා...අවසානෙදි ජෑම් බනිසත් එක අතකට මිරිකගත්තු ගඩාපියා නින්දෙන් වගේ හැප්පි හැප්පි යනකොට ශෙනෝන්ලා යන්න ගියා..මායි එයයි විතරක් ඉතිරි උනා....අවසානෙදි අපි දෙන්නගෙ තනියට ඉතුරු උනේ වැහිමන්දාරම අස්සෙන් ආව ඉර එලිය විතරක් වෙනකොට මාව බලන්න ආව ඩොක්ටර් මගෙ මාස්ක් එක අයින් කරලා සේලයින් එක අනිත් අතට මාරු කෙරුවා .....වේදනාවයි ...ඉදි කටු තුඩ හමපසාරු කරගන නහර වැල් හොයන් යනකොට මගෙ කොට්ටෙ ඇස්වලින් වැටුන කදුලුවලට තෙමුනා...නිදිමරපු ....මගෙ හුස්ම ගන්න වතුරෙ පොරබදපු ඒ මූන මලානික වෙලා....මගෙ වේදනාව ඇස්වලින් එලියට එනකොට ඒ ඇස් මටත් කලින් ඉස්සර උනා....පව්....එයාට මහන්සී....මගෙ විතේන්ට විඩාවයි.....මම හිමීට එයාගෙ අත උඩින් අත තිබ්බා.....
කකියනවද මැනික හුගක්.....
එයා එහෙමමයි.....මම එයාගෙ වේදනාව ගැන අහන්න කලින් එය මගෙ ගැන වද උනා.....ඇත්තටම කෙනෙක්ට ලැබෙන්න ඕනෙම මේ වගේ ආදරයක්.....
මම ලොකු හුස්මක් ගත්තා ..මට බෙහෙත් වලට කොහොමත් නින්ද යනවා...අනේ ඒත් මගෙ විතේන් .....එයා නිදාගනීද..නෑ ....එයා ඇස්පිල්ලමක් වත් නොගහම මං දිහා බලන් ඉදීවි....
ඔයාට මං ගාව ඉන්න එක වදයක් නේද පන .....
එහෙම නෑ සුදු අප්පො.....මං කොහෙ යන්නද....
ඒත්..ඔයා....
නිකන් මෝඩ කතා කියන්න එපා නිතේශ්...තමුසෙ කියන්නෙ මට ගෙදර ගිහින් බුදිය ගන්න කියලද....තමුසෙ මෙහෙ මැරෙන්න වැටිලා ඉන්නකොට ගෙදර ගිහින් නාලා කාලා සැපට නිදාගන්න තිබුනා මාත් තමුසෙගෙ සීයා තාත්තට ජාතක උන එකෙක් නම්....නිතේශ් මම මෙහෙම උන්නට කේන්තියෙන් ඉන්නෙ නිතේශ් ....
මගෙ ඇස් දෙක ලොකු උනා..."උඹ" කියන වචනෙ කොච්චර තරහෙන් කිව්වා උනත් ඒ වචනෙ ඇතුලෙ තියන මගෙ කියන හැගීම මට ඕනවටත් වඩා දැනුනා උනත්....තමුසෙ කියන වචනෙ ඇතුලේ තිබුන වේදනාත්මක තරහව මම ඒ ඇස්වලින් දැක්කා...."තමුසෙ...." ඒ එයා මට බැනපු පලවෙනි වචනෙ.....
මට.....මට...සමාවෙන්න...සුදු මහත්තයා ....මට...මට උඹව දාලා යන්න බයයි...මට...උඹව මෙතන තියලා ගිහින් නිදාගන්න බයයි උඹ මහ මෝඩයි නිතේශ් ....හිතන්නෙ බලන්නෙ නැතිව මැරෙන්න යනවා..මට මොකද වෙන්නෙ නිතේශ් ...ආදරේ කරන්නෙ අතාරින්න බලන් නෙවෙ පන.....උඹගෙ අප්පච්චිට මොකද වෙන්නෙ....මට බෑ උඹව දාලා යන්න මාව කේන්ති ගස්සන මෝඩ ප්රශ්න නාහා ඉදින් රත්තරන් ....
බැනලා එකම එක තත්පරයක් ඇතුලත එයා ආය ආයම සමාව ගත්තා .....එයාට බැ මට රිදවන්න....එයාට බෑ මාව අඩවන්න.....මොකද...ආදරේ උතුරන්න තියන හිතකට බෑ කවදාවත් අනිත් කෙනාට වේදනාවක් දෙන්න.....
මගෙ විතේන් ....එපා පන මට මෙච්චර ආදරේ කරන්න....
මං උඹට ආදරේ නොදී වෙන කාට ආදරේ දෙන්නද මගෙ සුදු මහත්තයා ...
එයා මගෙ ඇද ගාවට හේත්තු වෙලා මගෙ ඔලුව අතගෑවා....මම එහෙම්ම පැත්තට හැරිලා එයා ඇදන් උන්න ටී ශර්ට් එක පොඩ්ඩක් උස්සලා නිරුවත් බඩට මගෙ මූන තද කරගත්තා .....සනීපයි....ඒවගේම උනුසුම් ....සුවදක් කියන්න දැනුන් නෑ....ලාවට වගේ දාඩිය කුයිලයක් එක්ක එයාගෙ හේදිලා ගියපු ෆර්ෆියුම් සුවද ආවා...එක අතකට නෑවම හේදිලා යන ෆර්ෆියුම් සුවද මොකටද...මට එයාගෙන් එන ඇත්තම සුවද නැතිව...
සුදු මහත්තයා .....
මට මෙහෙම ඉන්න දෙන්න.....
එයාගෙ ඇගිලි මගෙ හිස කෙස් පුරාවටම යනකොට මම එහෙම්ම ඇස් දෙක වහන් උන්නා.නැවතිලා තිබුන වැස්ස ආයමත් වහින්න ගන්නකොට මම ජනෙලෙන් එලිය බැලුවා.....
ප්
මට වීදුරුව ගාවට යන්න ඕනා උනා...එයා එක්ක නුවරට වහින වැස්ස බලන්න ආසා හිතුනා ..
විතේන්...මට....අතනට යන්න ඕනා පන....
මම හරි හිමින් මිමිනුවා...බෙඩ් ශීට් එක පැත්තට දාපු මම එය ලව්වම මගෙ ඇදුම් ඇදගත්තා .හැගීම් දැනීම් තියන මිනිහෙක් තමන්ගෙ ආදරේ ගාවදි කොච්චර නොසන්සුන්ද....ආදරේ කරන කෙනාගෙ නිරුවත කියන්නෙම හිත ගස්සවන හැගීමක් උනත් එයා මට ඇදුමෙන් ඇදුම ඇදගන්න උදව් දෙනකොට මම බලාගන ඒ ඇස් දෙක නිකමට වත් ගැස්සුන් නෑ....විතේන් කියන්නෙ මහ පුදුමාකාර මනුස්සයෙක්...ගැස්සෙන්න ඕන තැනවල පවා එයා හරි පරිස්සමින් උන්නා....එයාගෙ ආදරේ ගාව මට හැම වෙලාවෙම සුරක්ශවක් ගෙනවා....ඒක මට කවදාවත් සෙනාරිගෙන් වත් ලැබුන් නෑ...මම කවදාවත් මග ඇරුන ආදරේට ගරහන් නෑ.....අතෑරුන ආදරේට ගරහන් නෑ...මොකද ....කාලයක්...මම ඒ ආදරෙ ඇතුලෙ ජීවත් උනා...
මම මගෙ විතේන්ව කවදාවත් සෙනාරි එක්ක සසදන්නෙ නෑ...නමුත්.....මම පිලිගන්නවා... ....මට සෙනාරිගෙන් ලැබුන හැගීම් වලට වඩා හරි සියුම් වගේම හිතන්නවත් අමාරු ආදරයක් විතේන් දෙනවා කියලා ....විතේන් හරියටම මගෙ අප්පච්චි වගේ...අප්පච්චි කෙනෙක්ට විතරයි කිසිම රාගික හැගීමක් නැතිවම ආදරේ දෙන්න පුලුවන් ...හැබැයි.....ඒ "නියම අප්පච්චි " කෙනෙක්ට විතරයි ....
මගෙ විතේන් ...
කියන්න මැනික.....
එයා උන්නෙ මගෙ කලිසමේ අවසානම බට්න් එක දාන ගමන් වෙනකොට මම එයාට කතා කරා....මීට තත්පර ගානකට උඩදි තමුසෙ කියපු එයාම කට පුරාවටම මැනික කියනකොට මම දන්නෙ නෑ...හැම වෙලේම මගෙ ඇස් තෙමෙන්න බලන් උන්නා....ශෙනෝන් කිව්ව හරි ...විතේන් කියන්නෙම හරි ආදරනීය කෙනෙක්...
සුදු මහත්තයා ...
ම්ම්ම්න්....
මොනවද කල්පනා කරන්නෙ
ඔයා ගැන...
මං ගැන....මං ගැන මොනවද .....
විතේන් .....මට ..තේරෙන්නෙ නෑ ...උඹ හරියටම මගෙ අප්පච්චි වගේ විතේන් .....අප්පච්චි කෙනෙක් දෙන ආදරේම උඹ ගාව තියනවා...එකම හිතක් ඇතුලේ ආදරෙ හුගාක්.....
එහෙම තමානෙ ආදරෙ කරනකොට ...මගෙ සුදු අප්පොට....අප්පච්චි කියලා කතා කරන්න ඕනනම්.....කතා කරන්න.....මොකද..මට ඔනෙ උඹගෙ හිත නිවන්න මිසක්....අවුලන්න නෙවෙ...
එයා මගෙ තෙහෙට්ටු වෙලා තියන මූන අත ගෑවා...අතගාන ගමන් කිව්වෙ.....එයාට අප්පච්චි කියලා උනත් මට කතා කරන්න කියලා....ඇත්තටම මට වඩා...අවුරුදු පහක් බාල මේ කොල්ලා ආදරේ ගැන...ජීවිතේ ගැන දන්නදේවල්....වලව්වක් අස්සෙ හිර උන මම දැනන් උන්නෑ...පොතේ දැනුම තිබ්බට මට කවදාවත් ජීවිතේ ගැන දැනුමක් තිබුන් නෑ....එපා..එපා...එපා.....එපා කියන වචනෙම මාව සම්පූරනම හිර කරලා දානකොට මට හැම දාම උනේ බඩේ බත් ඇටයක් නැති උනත් කට පුරා හිනා වෙන නිමල්ලාගෙ පන්තිය දිහා බලන් හූල්ලන්න.....
මගෙ.....විතේන් ....මට...හිතුනම..මම අප්පච්චි කියන්නද.....
එයා හිනා උනා...ඒ හිනාව හරි ලස්සනයි...සාරසොබාවයි ....පිවිතුරුයි ...ලෝභ කම පිරුන ඇස් හැම වෙලේම හොයන්නෙ මාවම විතරක් වෙනකොට මම පුදුමාකාර තරම් සන්තෝස උනා.....
මගෙ මැනික.....උඹ දන්නවද මගෙ තේශි.....මනුස්සයෙක් ...තව කෙනෙක්ට ආදරේට බබා...පැටියා කියනවා ..ඒත්...ආදරෙ උපරිම තැනකදි...කවදාවත් උන් බබා කියන්නෙ නෑ....උන් එතනට වෙන වචනයක් හොයා ගන්නවා....හරියටම මගෙ බේබි මහත්තයා වගේ....උඹ හංගන් ඉන්න ආදරේ එලියට දානකොට් මට උනත්.දරන්න බෑ මගෙ නිතේශ් ....පන පන...කියලා කතාකරන උඹම....වෙලාවකට අප්පච්චි කියල කතාකරනකොට ඒක දැනෙන්නෙ මගෙ හදවතට මගෙ නිතේශ් ....
මම එයා එක්ක ජනෙලේ ගාවට ගියා...සේලයින් බෝතලේ ඒකේ පාඩුවෙ උන්නා.....මම එයාට වඩා ඕනා නම් අගලක් දෙකක් උස ඇති....ඒ උනත්....අද එයා මාව පිටිපසෙන් තුරුල් කරගත්තා .....
සුදු අප්පො....
කියන්න අප්පච්චි ...
මං පැකිලීමක් නැතිවම අප්පච්චි කිව්ව..මටවත්...එයාටවත් මෙතනදි ටොප් බොටම් මාතෘකාව අදාල උනේ නෑ...ඇවිලෙන හිතක් නිවන්න කවුරු උනත් මොකද ....
ඔයාට මොනවද බොන්න ඕනා තේශි.....ඉගුරු දාපු තේ එකක්....කෝපි එකක්....ඒත් නැති නන්..අපි කිරි කෝපි එකක් බොමුද....
එයා මගෙන් අහනවා...ඇත්තටම වැස්සක් අස්සෙ කිරිකෝපි එකක්.....ඇත්තටම ඒක රසයි නේන්නම්....
අපි...කිරිකෝපි එකක්බොමුද....
හා....ඔයාට පුලුවන්ද මම එනකන් මගෙ මැනිකව පරිස්සමින් බලා ගන්න...
එයා මගෙන්ම මාව පරිස්සම් කරල බලාගන්න පුලුවන්ද අහනකොට මම හිනා උනා.....හිනා වෙලා මම ඔලුව වැනුවා...ඉතින් ....එයා මං වෙනුවෙන් මෙච්චර නැහෙනකොට මම කොහොමද එයා වෙනුවෙන් මාව පරිස්සම් නොකර ඉන්නෙ...
එයා යන්න ගියා...අවසානෙදි මම ඉතිරි උනා....වැස්ස වහිනවා...සුදු පාට ජනෙල් වීදුරුව පුරාවටම සීතලට මිදුම වගේ බැදිලා තිබුනා....
මම ලිව්වා....එයාගෙ නම...විතේන් කියලා...ඒත් එතන මහ හිස් බවක් දැනුනා...මගෙ නෙවෙ බවක් දැනුනා...පපුවට වේදානවක් දැනුනා....මම ආයම ඉක්මනට මගෙ ඇගිලි තුඩු වලින්
"මගෙ විතේන් "කියලා හරි ගැස්සුවා...
පාර පුරාවටම කුඩ ඉහලගත්තු මිනිස්සු යනවා සමහරු නම් කුඩයක් නැතිව අතේ තිබුන දෙයක් ඔලුවට ඉහලන් දිව්වා....සමහර කුඩ ඇතුලෙ ආදරේ කරන අය උන්නා....කොල්ලා උසයි.....කෙල්ල මිටියි....කෙල්ල කුඩේ ඉහලනවා.....කොල්ලගෙ එක උරහිසක් වැස්සට තෙමෙනවා....ඒ උනත් කොල්ලා මොකුත් නොකියම තවත් නැවීගන කෙල්ල ගාවින්ම තෙමි තෙමි උනත් යනවා.....
ආදරේ කරන මිනිස්සු කොයි තරම් ලස්සනද...
"දහසක් මිනිසුන් මැද
මා දුටු හොදම ගැලපීම.....
මම මගින් නැවත්තුවා.....ලිය ලිය උන්න එක නවත්තලා මම පන දීපු වචන දිහා බලන් උන්නා....
සුදු අප්පොයි විතේනුයි නෙවෙද තේශි....??
කන ගාවින් ඇහුන කටහඩ ...බෙල්ලට වැදුන උනුසුම් සුසුම් නහයට දැනුන කිරිකෝපි සුවද එක්ක එයා මගෙ පිටිපස්සෙන් ඉන්නවා කියන එක මට දැනෙන කොට මං එයා දිහාබැලුවා ....
ඇයි තේශි....ඉතිරි ටික සම්පූරන නොකරන්නෙ.....
මට උඹ නැති තැන සම්පූරන කමක් නැති නිසා විතේන් ..
ඇත්තටම එයා නැති තැන තිබුනෙම හිස්කමක් වෙනකොට මං එයා වෙනුවෙන් බලන් උන්නා....
එයා මගෙ දකුන අත අල්ලගත්තා ...හරියටම කියනවා නම් දබැරැගිල්ල .....එයා උන්නෙ මගෙ පිටිපස්සෙන් වම් අත මගෙ බදවටේ වගේම එයාගෙ නිකට තිබුනෙ මගෙ වම් උරහිස උඩ.....දරුවෙක්ට අකුරු උගන්නන අම්මෙක් හා සමානව එයා මගෙ එක්ක ලියන්න ගත්තා ....
"දහසක් මිනිසුන් මැද
මා දුටු හොදම ගැලපීම
උඹයි....මමයි..."
ඉතින් අවසානෙදි එයා මා එක්ක ඒම සම්පූරන කෙරුවා .....
ආදරේ සුරක්ශාව...හැගීම්.....තේරුම් ගැනිම් දැනීම් මේ ඔක්කොම එක්ක විතේන් කියන ආදරනීයතම මනුස්සගෙ අත් දෙක මැද ඉදන් මම නුවරට වහින වැස්ස බලන් උන්නා....
සුදු මහත්තයා ...
ම්න්.....
ජීවිතේ බලාපොරොත්තු තියනවද තේශී....
මොකුත් නෑ....
ඇත්තටම මට කිසිම බලාපොරොත්තුවක් තිබුන්නෑ...වෙන අයට වගෙ මේ කාලෙදිඒ දේ ඕනා කියලා මොකද මගෙ බලාපොරොත්තු පාලනෙ කෙරුවෙ වලව්වෙ මිනිස්සු වෙනකොට මට කවදාවත් බලාපොරොත්තු තිබුන්නෑ....
කවදා හරි මොනවට හරි ආසවෙලා තියනවද තේශි... මහා දේවල් නෙවෙ ....පොඩි දේකට හරි.....
........
මට තේරෙනවා නිතේශ් ...සුදු අප්පො.....අප්පච්චි කිව්වා වගෙ කෙස් ගහක තරම් දෙයක් ගැනවත් බලාපොරොත්තුවක් තියනවා නම්....බලාපොරොත්තුවකට පුලුවන් මැනික මිනිහෙක්ට හුස්ම දෙන්න.....මගෙ තේශි.....බලපොරොත්තුවක් නැතිනම් ....උඹට මන් ගැන වත් බලාපොරොත්තු තියා ගන්න බැරිද තේශි....
එයා මාව සම්පූරනම එයාගෙ පැත්තට හරවන් අහනවා මට එයා ගැනවත් බලාපොරොත්තු තියා ගන්න බැරිද කියලා ...බැරි මොකද...එයා තමා මට ඉන්න එකම බලාපොරොත්තුව...
එයා මගෙන් උත්තරයක් හොයනවා.....කිරි කෝපි සුවද බඩගින්න උසි ගන්නනකොට වහින වැස්ස තව හයියෙන් වැස්සා...ආදරෙ ලෝබ කම පිරුන මිස්ටර් විතේන්ගෙ ඇස් දෙක මගෙ මුන පුරාවටම දුවන කොට මට බොලද හැගීමක් දැනුනා....මම එහෙම්ම එයාගෙ ටී ශර්ට් එක උස්සලා මාත් ඒක අස්සට රිංගුවා ..ඒ උනත්...මගෙ ඔලුව එලියට ගන්න බැරි තැන එයා ගානක් නැතිවම බැනියම් කර ඉරලා දානකොට මම මගෙ බෙල්ල එලියට ගත්තා ....මේ වහින වැස්ස එක්ක මම උන්නෙ එයාගෙ ටී ශර්ට් එක ඇතුලෙ...
රෝමාන්තික හැගීමක්...
මට තියන එකම බලාපොරොත්තුව ඔයයි විතේන් ....
මම මිමිනුවා...ඒ ඇස් හිනා උනා...එතනින් පස්සෙ එයාගෙන් මට හම්බ උනේ උනුසුම් නලල් හාදුවක් වගේම....දෙතොල් හාදුවක් වෙනකොට මම හරි පරිස්සමින් ඒ හැගීම් වින්දා.....
ඔයාව හවසට ඩිස්ජාර්ජ් කරනවා කිව්වා....
උගුරෙ උගුර පල්ලම් බහින කිරි කෝපි එක මම එයාගෙ ඇගට හේත්තු වෙලා ඉදම්ම රස බැලුවා....එයා නම් අප්පච්චිම තමයි....මොනව උනත්...එයාගෙ අම්මා අප්පච්චි එයාට ආදරේ කරන හැටි උගන්නලා තියනවා.....
අප්පච්චි ....
ම්ම්ම්ම්...කියන්න
ඔයාගෙ අම්මයි...අප්පච්චි
ෆ්රාන්ස් වල.....බලන්න ඕනෙද....
එයා මගෙන් බලන්න ඕනෙද අහන ගමන් සාක්කුවෙන් ඵෝන් එක එලියට ගත්තා ....
මේ ඉන්නෙ...මගෙ තාත්තා ....මේ ඉන්නෙ අම්මා.....
එතකොට මේ ඉන්නෙ.....
එයයි...එයාගෙ තාත්තයි අම්මයි එක්ක තව කෙනෙක් උන්නා..හැබැයි සිංහල කෙනෙක් නෙවෙ සුද්දෙක්.....
ම්ම්ම්...මේ ඉන්නෙ...මගෙ අම්මගෙ හස්බන්ඩ් ....
හස් ..බන්ඩ්.....එතකොට ....
ආ...එයාලා ඩිවෝර්ස් උනා....හේතුව නම් දන්නෙ නෑ....හැබැයි අම්මා බැන්දෙ එයාගෙ first love එක...ඔයා බලනවා ඇති....මගෙ තාත්තා කොහොමද හිනා වෙලා ඉන්නෙ කියලා නේ....මිනිස්සු කොච්චර කොහොම උනත්...සමහර තැන්වලදි මගින් නවතිනවා තේශි....ඒ දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කැරැක්ටර් එක ක්ලෝස් කරලා දැම්මත්.....අම්මා තාත්තා කියන චරිත දෙක මැරුවෙ නෑ .....
එයා කියවනවා ....ඒ ඇස්වල චූටිම දුකක් වත් තිබුන් නෑ....එයාගෙ අම්මා අයින් උනා කියලා ....
මම මිස්ටර් පහන් ද සිල්වගෙ පුතා උනාට....මගෙ තාත්තා අම්මට යන්න දුන්න උනාට.....උඹව නම් යවන් නෑ.....එක්කො උඹව මම උස්සන් යනවා ...නැතිනම්....අර ඈත පේන වැවට විසික් කරනවා ....
ඔව්වා වචන විතරයි ....උඹ මේ දෙන ආදරේ එක්ක මාව කොහෙ මරන්නද විතේන් .....
ඉතින්...ඔව් එව්වා වචන විතරයි .....මම කවදාවත් උඹව සැක කරන් නෑ මගෙ නිතේශ් මං විශ්වාස කරනවා මේක අපි දෙන්නගෙම අවසානම නැවතීම කියලා ....
එයා ආයම මගෙ කම්මුලට හාදුවක් තිබ්බා ...එයා කියනවා මේක අපේ අවසානම නැවතීම කියලා .....මට ඕන උනෙත් එච්චරයි ....එයා උන්නෙ මාව අත් දෙකෙම්ම තුරුල් කරගන....ඒ උනත් එයාට තරම් වෙන කාටවත් වැඩ තිබුන්නෑ....මගෙ ඔලුව අතගාන්න....අල්ලෙන් කම්මුලක් අත ගාන්න.....එයාගෙ නහයෙන් මගෙ නහයට තට්ටුවක් දාන්න එයාට ආදරෙ කරන්න ක්රම කෝටියයි....මට ඊරිසියා හිතුනා ...පලවෙනි වතාවට මට අදීශ් එක්ක ඊරිසියාවක් දැනුනා ...මං හේතුවක් නොකියම එයාව කෙනිත්තුවා ....
ඌව්හ් ....ඇයි....ඉතින්...
තරහට ...
මොනවා හරි මනස් ගාතයක් හිතින් හිතන්න ඇති මගෙ මෝඩ හාමුවා .....
නිතේ...ස් අයියේ....දොයිත...මේ දොර අරින්නකො.....චූටි මැනික එලියෙනේ...
අන්න උඹගෙ හොර ගෑනි එනවා..මං ඕකව වැවට විසික් කරනවා...
මං හිනා උනා...ගඩාපියගෙ දොන්ත කට හඩ දොරෙන් එපිට ඇහෙනකොට මගෙ පනට ආයම මිස්ටර් විතේන් වැහුනා..
හරි...උඹත් එහෙනම් චූටි මැනික නොගා ඉදපන්...
හා....හැබැයි.....ලෙඩ කියලා බලන්නෑ නිතේශ් ඇවිල්ලා ඇගෙ ඇලෙන්න ආවොත් මං ශෙනෝනයව අරන් යනවා උඹට ඒ දොන්තයා එක්ක ඉන්න කියනවා ....
නිතේ....ස්...අයියෙ.....ම්හුක්...දොර ඇරපියකො මිනියො.....
අරහෙන් ගඩාපියා මැරෙන්න හදනකොට කාමරෙ ඇතුලෙ උන්න මිස්ටර් විතේන් වගේම මිස්ටර් නිතේශ් ඊරිසියාවෙ පැලෙන්න ආවා
අම්මො....ඒයි....ඇයි අනෙ මේ දොර අරින්න වෙලා ගියෙ ....
අරූ දොර අරිනවා එක්ක විතේනව තල්ලු කරන් මගෙ ගාවට දුවන් ආවා....අර මෝඩ මූසලයා ශෙනෝන්ට උගෙ ගෑනි ගැන වගේ වගක් නෑ ඇත්තටම ගඩාපියා කිව්වා වගේ මූද දන්නෙ නෑ සදරු අයියා....
ශෙනෝන් ....
විතේන් .....
අරූ මා ගාවට ඇවිත් දොස්තර වගේ උන බලනකොට මගෙ විතේන් මා දිහා රවලා බලලා ශෙනෝන් ගාවින් ඉදගත්තා .....මේ යක්ස ඩියෝනයා මොනවා කියයිද මන්දා වෙනදා පුරුද්දට මූ අදත් කුක්කු ඉල්ලුවොත් නම් මට ආයම වැවට පනින්න වෙන්නෙ....
නිතේස්...අයියේ.....
ම්ම්ම්ම්....
ඔයාට කොහෙ හරි රිදෙනවද.....
ම්න්...ඔලුව
අරකා ඇස් දෙක කරකව කරකව බල බල කොහෙ හරි රිදෙනවද අහනකොට මම බයටම ඔලුව කැක්කුමයි කිව්වා...එතකොට වත් සද්ද නැතිව යයිනෙ ....
යෝ...මේ කොලුවට හැම වෙලේම ඔලුව කැක්කුම....ඇයි ඒයි....ඩියෝන් බබා අපේ සෙනෝන් පල්ලයි ගානවා වගෙ විතේනුත් නිතේස් පල්ලයි කියනවත ඒයි...
ඔව්...න්න්..නෑ..නෑ...එහෙම නෑ....
එහෙනම්....ඇයි ඒ....කෝ බාන්න ඔයාට උනත....ම්ම්ම්...උනනම්...නැ...කට තිත්තද එයි .....
නෑ...කට තිත්ත නෑ...
ඒනම්...ඇගපත.....
එයාගෙ ඇගපත කොහෙවත් රිදෙන් නෑ ඩියෝන්...
ආ..ඔයා කොහොමද කියන්නෙ රිදෙන් නෑ කියලා...අපේ නිතේස්ට රිදුනම අපිටනෙ රිදෙන්නෙ....
ආ ඇත්තට.....???
ඔව් ඇයි....මේ....විතේන් මේ අපේ කොල්ලා හරිතේ.....ඔයා මෙයාට ආතරේ නම් හොදට බලා ගන්න ඕනා තේරුනානේත.....කෝ අහකට වෙන්නකො අනේ මට මේ ලමයව බලන්න දීලා....ම්හුක්....අම්මො විතේනයෝ...අහකට පලකො ඒයි.....මගෙ නිතේස් අයියව බලන්න දීල.....ඇත්තමයි ඒයි ඔයා මහ නරකයෙක් අප්පා.....මගෙ චූචි අත....හප්....චුප්....ම්හුක්
හරි....උන් දෙන්නා මරාගන්න පටන් ගත්තා ...ගඩාපි පැටියා මගෙ ඇදට නැගන් මාව අල්ල අල්ල බලන්න ගත්තා විතරයි ශෙනෝන් ගාවට වෙලා පුපුර පුපුර උන්න විතේන් ඇවිත් අද උඩ නැගන් නටන පොඩි එකාගෙ අත තදින් අල්ලනකොට මූ මැරෙන්න හැදුවා උනත් ඒකා නෙවෙ ඇදෙන් බැස්සෙ....
නිතේස්.....අයියේ....ම්හුක්.....ඔයාට අද ගෙදර යන්න පුලුවන්ද.....ඔන්න ලමයො ගෙදර ගියාම හොදට රෙස්ට් කරන්න ඕනේ තෙරුනානෙ.....හොදට කන්න බොන්න ඕනා....බෙහෙත් බොන්න නම් හොදට කන්න ඕනා තේරුනාද .....යෝ...මේ ළමයි මට හරියට වද දෙනවනෙ.....
........
කෝ බාන්න නලලට උනද කියලා ...උන නම් බැහැලා...බෙහෙත් බිව්වද....දොයිය මත නම් දොයිය කරවන්නත....ඈ ඒයි...
එපා...කොහෙද ඔය අත දාන්නෙ ඩියෝන්....අත.ගන්නවකො....
ම්හුක්...පොඩ්ඩක් ඉන්නකො ඒයි.....මගෙ චුම්චුවටත් උනද බලන්න..මම ඒක ගැනත් හිතන්න එපැයිනෙ....මට කියක් දෙනා ගැන නම් හිතන්න තියනවද....ඈ....එහෙන් අර මිනියා ගැන....ඔයා ගැන....විතේන් ගැන...මට හරියට වැඩ අප්පා...
මූ මොන බහුබූත කියවනවද කියන්න දන්නෙ උඩ ඉන්න දෙයියො විතරක්ම වෙනකොට මූ වගේ වගෙක් නැතිව අදත් මගෙ ටීශර්ට් එකට අත දාගන්නකොට මං බලාගන විතේන් අත මිටිමොලවන් ගඩාපියා දිහා රවාගන බලන් උන්නා....
ඩියෝන් ඇති ඩියෝන් ...මට නිදිමතයි ....
ම්හු....ක්...ඔයාට දැන් දොයියමත අල්ලගනද එන්නෙ....
ඔව්...
කෝ එන්න ඔයාව දොයිය පුතා කරන්නම්.....
නෑ....නෑ....මං නිදා ගන්නම්....
ඔයාට තනියම දොයියන්න පුලුවන්ද නිතේස් ...මං ඔලුව චුට්ටක් අත ගාන්නද...කෝ...අහකට වෙන්නකො ඒයි....ඔයා මෙතනම ඉන්නෙ...මට මේ ලමයව නිදි කරගන්න දීල....සෙනෝන්....සෙනෝන්....අඩුකරපන් ඔය බඩකඩුත්තුවෙ සද්දෙ ....
චුට්ටක් ...ඉන්න...අම්මි...අවසානම....
චුට්ටක් ඉන්න....ඈ සෙනෝන්...මම ලගට ආවොත් ඕක පොලවෙ ගහනවා ඈ....මට මේ ලමයව නිදි කරවන්න දෙන්නෙ නෑනෙ....මේ මිනියා ගේම් ලබ්බක් ගහන්න පුරුදු වෙලා....ඇත්තමයි නිතේස් ....අපේ අම්මලා කිව්ව කතාව හරි.....පොඩි කාලෙම මගුල් විසේ ගහන් ජීව්තේ කා ගනින්කො ඩියෝන් කිව්ව මං ගනන් ගත්තෙ නෑනෙ...නොකා නොබි මුලු මුලු ගානෙ හුචු හුචු ගගා අඩ අඩ ඉල්ලුවෙම මේ මිනියව විතරනෙ....දැන් හරි ...නිතේස් ...ඔයාට චුම්චු චුට්ටක් දෙන්නත...
න්න්..නෑ..නෑ...එපා...එපා...
මගෙ ඇදේ ඇලවීගන මහ අම්මන්ඩියෙක් වගෙ ඉදන් ගඩාපියා පුලුවන් තරම් ශෙනෝනයට දෙහි කැපුවත් ඌ තදියම් වෙලා වගේ යටි තොල හපන් පුලුවන් තරම් ගේම් ගැහුව වගෙම මගෙන් චුම්චු ටිකක් දෙන්නද අහපු ගඩාපියා ඒකගෙ ටීශර්ට් එක උස්සනකොට මට විතේන්ගෙ මූන දැකලා ගොත ගැහුනා...ඒ අස්සෙන් ශෙනෝනයා ගඩාපියට අම්මි කියලා කියනකොට මට පිටගැස්මට වගෙ ආවා....
අනේ ලමයො මට වද නොදි දොයියන්නකො ඒයි...සෙනෝන්.....සෙනෝන්.....පොඩ්ඩක් ඉන්න ඒයි මේ මිනිහා දවල් චුම්චු බිව්වා මොකෙන්ද බිව්වෙ කියලා මතක නෑ අප්පා....මගෙ ඔලුව රදෙ වගේ අප්පා මේ ළමයි මට හරියට වද දෙනවා අප්පා...මේ ළමයා ගැන බලන්න එපැයිනේ මම ...සෙනෝන්....සෙනෝන්.....ඇයි ඒයි....කන් ඇහෙන් නැද්ද...දවල් චුම්චු බිව්වෙ කොයි එකෙන්ද....ඈ.....
මං හිතන්නෙ චූටි මැනික ඔයා බැස්සොත් හොදයි....
මම මේ ලමයව නිදි කරවලා බහින්නම් ඒයි
නෑ එයාට නිකම්ම නින්ද යයි...අනික....චුම්චු ඕනා නම් මා ගාවත් තියනවනෙ ....එහෙම නේද මිස්ටර් නිතේශ් .....
ඒ උනාට අපේ සෙනෝන්ට ඔව්වා හරියන් නෑනෙ...ඒයි....
ඩියෝ...න්....මට...අමාරුයි ඔයා..බහින්..නකො....
ම්හුක් ...සෙනෝන්.....ඔයාට අමාරුයි නේද.....ඈ ඒයි....දොයියන්නකො....මගෙ ඔලුව ඇතුලෙ කොච්චර ප්රස්නද අප්පා....මම එපැයි මේ ඔක්කොම බලන්න....
මගෙ ඔලුව පුපුරන්න වගේ ආවා....අරු මට බලෙන් කුක්කු පොවන්න යනකොට විතේන් දැන් දැන් ඩියෝනයව අල්ලා විසික් කරයි කියලා මං බයේ උන්නා ....
ඩියෝන් ...ඩියෝන් ඔය මොකද ඔය...බහින්න බහින්න....බැහැපිය ගඩාපියා....අහක බලන තත්පරේට මොකක් හරි කරලා ..බැහැපන්කො ඩියෝන් ...බැහැපිය...තොට ගහනවා පුක පුපුරන්න...
මං හිතන්නෙ ශෙනොන් ඔයාගෙ බබාව පරිස්සමින් බලාගත්තොත් හොදයි.....තවම පොඩි අතපයනෙ....හදිසියේ කඩලා යන්නත් බැරි නෑ....කව්ද දන්නෙ කොහෙන් කොයි වෙලේ වැටෙයිද කියලා...එහෙම නේද මිස්ටර් නිතේශ් ...පොඩි අතපය හයිය නෑනෙ නේද???
විතේන්....
කියන්න මිස්ටර් නිතේශ් මොකක් හරි උවමනාවක්ද??
ඩියෝන් බබා අපි යමු....නිතේශ් අයියලා දැන් යනවා...අපිත් යන් න එපැයිනෙ...මගෙ හොද අම්මිනෙ....එන්නකො...අරූ උඹ් අතපය කැඩුවොත් මට නහින්න වෙන්නෙ...
ශෙනෝනයට මගෙ ගඩාපියා කියපු දේ තේරිලාද කොහෙද ඒකා හැරෙන තැපෑලෙන් ඩියෝන්ව බස්සවගන මා දිහා ඇස් යටින් බැලුවා....අනේ ඉතින් මං මොනවා කරන්නද .....
ම්හුක්...නිතේස්....පයිස්සමින් ඒයි.....විතේන් අපේ ලමයව පයිස්සමින් ගේන්න ඕනා හරිතේ...බඩගිනි උනොත් මගදි කන්න අරන් දෙන්න තේරුනානෙ..දරුවව බඩගින්නෙ එහෙම අරන් එනවා නෙවෙ.....නිතේස් . ....පයිස්සමින් මගෙ සුදු මහත්තයා .....හිතකින් නෙවෙ ඒයි දාලා යන්නෙ...අපේ සෙනෝන්ට ඩියෝන් බබා නැතුව බෑනෙ ඒයි.....කොච්චර උනත් අම්මා දැන් කියනවනෙ බදගත්ත බෙරේ ගහන්න ඕනා කියලා.....ඔය තුවාල පාරගන්නෙ නැතුව කල්පනාවෙන්...
උම්ම්ම්ම්ම්ම්ම්ම්මියා....ආතරෙයි මගෙ නිතේස් ...ම්හුක්....ඔයාටත් චුට්ටම චුට්ටක් ආතරෙයි විතේන් ...මොනා කරන්නද...දැන් ඉතින් ඔයත් අපේනෙ...මේ ළමයා එහෙම වෙනසක් කරන්නෙ නෑනෙ...මට හරියට වැඩ.....මං යනවා.....
අරූ යන්න ගිහිල්ලත් දොර ගාවදි පච පච ගාලා ආයම හැරිලා ඇවිත් මගෙ කම්මුලට හාද්දක් තියලා මට ආදරෙයි කියල විතේන්ගෙ ඉනට ඇනලා එයාටත් ආදරෙයි කියලා යන්න ගියා....
ඉදා මේකෙන් පිහදගනින්....
විතේ...න්....
විතේන් තමයි.....මිස්ටර් නිතේශ් පිහදගන්නවා....සිංහල තේරෙන්නෙ නැද්ද .....
තරහා ගන්න එපා පන...
නෑ....නෑ..... කව්ද තරහ ගත්තෙ...මම තරහ නෑ....කව්ද කියන්නෙ....පිස්සුද හැටිද .....
ගඩාපි පැටියා දොර වහනවත් එක්ක වෙට් ටිශු එකක් මගෙ අතට දීපු එයා ඩියෝනයා ඉඹපු තැන පිහදගන්න කිය කිය මැරෙන්න ගියා වගේම මාව නොදන්න තාලෙට එයා මගෙ ඇදුම් පැක් කරන්න ගත්තා ...එයා තරහින්....එයාගෙමූන රතු වෙලා.....එයාගෙ හැගීම් හිතන්නත් බැරි විදිහට වෙනස් වෙනස්වෙනවා...
මිස්ටර් නිතේශ් .....
සුදු අප්පො.....සුදු මහත්තයා මැනික...මේ හැමදේම ආයම නැතිවෙලා එයා මට මිස්ටර් නිතේශ් කියනකොට මම බලන් උන්නා...මම නෙවෙ වචනයක් කතා කලේ.....
දෙන්න මම ගන්නම්....
පැත්තකට වෙන්න තමුන්ට හිටන් ඉන්නවත් පන නෑනෙ නේ....
විතේන් ඒ එයාගෙ හැටි විතේන් ...
හැටි... ඒ පුරුදු හැමදම හැම තැනටම ඔබින් නෑ මිස්ටර් නිතේශ් ...එයාට ශෙනෝන් ඉන්නවා...එතකොට තමුන්ට මම ඉන්නවා....නිතේශ් මම හරි පැහැදිලිව කියන්නෙ.....මම ඊරිසියා කාරයි.....හැබැයි....මම ඊරිසියා කරන තැනදි විහිලුවට වත් හිතන්න එපා මම අදරේ නෑ කියලා....
විතේන් .....
මිස්ටර් නිතේශ් මම ආදරෙ නෑ කියලා දැනෙන තැන තමා මම තමුසෙට පැලෙන්න තරම් ආදරේ කරනම තැන.....කරුනාකරලා මගෙන් පරිස්සම් වෙනවා.....මොකද මම තමුසෙට මාර ආදරෙයි ....
එයා මට බැන්නා...මම ඉන්නෙ එයා එක්ක කටගහන්න පුලුවන් තත්වෙක නොවෙනකොට මම සද්ද නැතිවම මගෙ සපත්තු දෙක දාගත්තා ....තව චුට්ට වෙලාවකින් ඩොක්ටර් ඒවි...අදුම්බෑග් එක දඩ බඩ ගාලා දාපු එයා අවසානෙදි ජනෙලෙ ගාවට වෙලා මටවත් හිතන්න අමාරු අනන්තයක් දිහා බලන් උන්නා.....
එයා මහ ආඩම්බරකාර නපුරු බොටමෙක්.....
මගෙ ආඩම්බර කාර විතෙන් .....
මට ලාවට හිනාවක් ගියා....මොකද....එයා කිව්වා...එයා ආදරේ කරන්නෙ නෑ කියන එක මට දැනෙන තැනලු එයා මට ආදරේ කරනම තැන...ඉතින්...ආදරෙ දෙනවා නම් තව පැලුනත් මොකද.....
මෝඩ හාමුවා...එනවා ලගට...ඔක්කොම කරලා බිබික්කම වගේ ඉදන් ඉන්නවා.....
කොච්චර පිපිරුවත් එයා ඊලග තත්පරේදි මට කතා කෙරුවා .....
මිස්ටර් විතේන් .....මම අසනීප නිසා.....පවර් එක පෙන්නනවද.....
නෑ මහත්තයා...මම පෙන්නුවෙ මගෙ අයිතිය....මං උඹට පන වගේ ආදරෙයි තේශි...උඹට හිතෙනවා නම්..මම ආදරේ කරන් නෑ කියලා ....එතන කොහෙද සුදු අප්පො ආදරයක් තිබිලා තියෙන්නෙ ....මගෙ තරහව ඊරිසියාව එක්ක සෙල්ලම් කරන්න එපා.....
ඇත්තට.....එහෙනම් පන මටත් තව දවසක් දෙකක් දීපන්කො.....
කියෙව්වා ඇති....ලගට එන්න සුදු මහත්තයා .....මගෙ මෝඩ බේබි හාමුවා....
මීට තත්පර ගානකට උඩින් බැනපු මිස්ටර් විතේන් ආයම මගෙ විතේන් වෙනකොට මම ගිහින් ආයම එයාගෙ පපුවට හේත්තු උනා....ආදරනීයම හාදුවක් එක්ක එයා මාව තුරුල් කරගත්තා .....
සුදු අප්පො....දන්නවද මගෙ මැනික...මම උඹට ඇරෙන්න තවත් කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තා ....
කාටද පන...
නුවරට !!!!
🤭ආය හෙච ඈ....
කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්
මේ ළමයා බුජි....ඔය ලමයිනුත් බුජිය ගන්න...
ආතරෙයි😘😘😘