Cherreads

Chapter 67 - 67

සීනු හඩින් ලොව පිඹිදෙනවා ..

නත්තල දොර ළඟ හිනැහෙනවා....

ගව හලකට තරුවක් යනවා....

අහසට පොළව ගැටේ....

අහසට පොලව ගැටේ...

ඊයෙ රෑ නිදා ගත්තෙ කීයටද කියන්නවත් මං දන්නෙ නෑ....අඩුම දැන් වෙලාව කීයද කියන්නවත් මං දන්නෙ නෑ මං දන්නෙ එක දෙයයි...අදයි හෙටයි එයාලට නත්තල් ....

ලාවට ඇහෙන නත්තල් ගීතිකාව...මේ කොලඹදි මං ඕන තරම් ඔය ගීතිකාව ඇහුවා .ඒත් මේ නත්තලේ තරම් මගෙ හිතට වෙන කිසීම නත්තලක් නොදැනෙන්න ඇති...

ගේ අස්සෙන් ඇහෙන නෑහෙන ගානට ඇහුන නත්තල් ගීතිකාව අහන් මම තවත් නිදි කිරුවා.....මං එහෙම්ම ඇද පුරාවට අතපත ගාලා බැලුවා...එයා නෑ මාව පොරවලා එයා ඇදෙන් බැහැලා යන්න ගිහිල්ලා...මං එහෙම්ම උඩ බෙලි අතට හැරුනා...

විතේන් අයියෙ....මගෙ නිතේස් අයියා කෝ...

නිදි....

නිදි.....?මේ නත්තල් දවසේ.....ආනේ....අනේ.....හරි ශෝක්....ඈ නිතේස් අයියෙ නමයත් පහුවෙලා .....මෙච්චර වෙලා නිදා ගන්නෙ....ඔය දෙන්නා අතර යම් කිසි දෙයක් වත් සිද්ද උනාද....

නෑ බන්...මෙන්න මේ පිටි එකට මේක කලවම් කරපන්....

මෙච්චර වෙලාම සීනු හඩ ගේ ගාවට ගෙනාව ගීතිකාව නැවතුනා...කුසිය අස්සෙ එකම සද්දෙ වගේම කේක් සුවද කාමරේට පවා දැනුනා ශෙනෝනයගෙ පිස්සු හුරතලේ මොන මොනවද අහනකොට මගෙ විතේන් ඒක්ගෙන් පුලුවන් තරම් වැඩ ගත්තා .....

කේක් එකක් කඩෙන් උනත් ගන්න පුලුවන්නෙ මැනිකෙ කිව්ව මට එයා හරි අපූරු උත්තරයක් දුන්නා....එයා කිව්වෙ...මෙ නත්තල එයාගෙයි මගෙයි....ඉතින් ඒ අත් දෙකෙම්ම නත්තල් කේක් එකක් හදන්න ඕනා කියල කිව්වා..මොකද ....ඒකෙ සීනි හැන්දක් ගානෙම තියෙන්නෙ එයාගෙ ආදරේ...එයාගෙ මහන්සිය...එයාගෙ කැපවීම....ඉතින්....එයාට ඕන උනේ ඒක වෙනකොට මම කොහොම කියන්නෙ කඩෙන් ගේමු කියලා ....

ඇදන් උන්න සරමෙ ගැටේ නින්දෙම්ම ලෙහිලා තියනකොට මම නිදාගන ඉන්න ගමන්ම ඒක ගැටගහගත්තා ....පාර පුරාවටම වෙනදට ඇහෙන කෑකෝ සද්ද ඉවරයක් නැතිවම ඇහුනා... ගහපු කොළඹ මහනුවර.....යාපනේ කොළඹ.....කන්කසන්තුරේ කොළඹ....දකුන කොළඹ.....ගහපු අශෝක් ලේලන්ඩ් වලට නිවනක් තිබුන් නෑ.....ඔය ඔක්කොම වට ගහලා ටර්න් එක එනකොට ගුනසිංහපුරේට යනවා..නැත්තන්....ලංගමේට ගහනව....හෙට කියලා වෙනසක් නැ ඒ මිනිස්සුන්ටත් හෙටත් වැඩ.....නැත්තන් නත්තලට නෑගම් යන දුප්පත් උන්ට මොකද වෙන්නෙ.....

සුදු මහත්තයා නැකිටින් නැද්ද ඒයි.....

ඔලුවෙ ඉදන් පොරවන් නිදාගන උන්න මං ගාවට ඇවිත් එයා මාව හෙලෙව්වා ....

මම රෙද්ද අස්සෙන් ඔලුව එලියට දැම්මා...

තව විනාඩි....පහක්...

විනාඩි පහක් කියන්නෙ දහයත් පහුවෙන්න එනවා තේශි අදනම් මාව කෑ ගස්සවගන්න එපා ආ...ඔයා පොරොන්දු උනා ඇදුම් ගන්න එක්ක යනවා කියලා නැකිටපන්කො මිනිහෝ.....

ඕ....හ්හ්...ම්ම්ම්හුක්...

එයා මාව හොලවනවා...හොලව හොලව කෑගස්සවන්න එපා ගගා කෑ ගහනවා ....

ඇදුම් ගන්න යනවා නම් කන්න දීලා එක්කන් පලන් විතේන් උඹලට ඇදුම් දැක්කම ආවේස වෙනවා අපි හාමතෙ මැරෙන්න ඕනා....

මං ඇදෙන් නැකිට්ටා ....නැකිට්ටෙ නෑ ගුටි කාන් නැකිට ගත්තා ...මගෙ වස්තුව එයා හිනාවෙනවා....ඒ මූන ....ඒ ඇස් පුරාවටම සතුට පිරිලා තිබුනා.....කොච්චර කෑ ගැහුවත් එයාගෙ ආදරේ තරම මම අනිත් හැමෝටම වඩා හොදා කාරවම දැනන් උන්නා....

ඇදන් උන්න සරම එක පාරක් ගසපු මම ආයම ඉනට කරලා තදින් ගැට ගහගත්තා . අවුල් වෙලා ගියපු චුට්ටක් වැවුන කොන්ඩෙත් මං ගැටගහගත්තා . 

උඹ හරි හැඩයි තේශී...

එයා බලන් ඉන්නවා .....මං හිනා උනා....ඒ එක්කම මගෙ ගාවට ආවා....පිරුන පපුවෙ වැවුන රෝම කූප අස්සෙන් එයා මගෙ හදවත හෙව්වා .....ඉතින්...විනාඩි ගානකට වත් එයා ඔතනින් අයින් වෙන් නෑ... ..පව් මගෙ මැනිකට අම්මා මතක් වෙනවා ඇති.....එයාගෙ තාත්තා මතක් වෙනවා ඇති..අද කොහොම හරි ඉදී...හෙට ගඩාපියලගෙ ගෙදරින් ආවම...

මගෙ අම්මා අප්පච්චි වගේ නෙවෙ මගෙ විතේන්ගෙ අම්මා අප්පච්චි එයාට පන ඇරලා ආදරෙයි...ඉතින් ඒ පාලුව තනිකම කොච්චර උනත් දැනෙනවා ඇතිනෙ....

මං එහෙම්ම එයාව තුරුල් කරන් ඔලුව අතගෑවා ....

මං නාගන එන්නම් මැනිකෙ....

එයාගෙ හිත මට අද පොඩි දේකින් වත් රිදවන්න හිතුන් නැතිවෙනකොට මම බාතෲම් එකට රිංගලා නාගත්ත .....ඔලුවට වැටෙන හැම වතුර බින්දුවක්ම කිලිටි හෝදන් පහලට යනවා වගේ ..මිනිස්සුන්ගෙ හිත්වල තියන දුක වේදනාවත් නාන වාරයක් ගානෙම හෝදන් යනවා නම්.....

එහෙම උනා නම් මං හිතන්නෙ මේලෝක්ට වතුර හිගක් එන්න ගියා....ඇයි ඉතින් මේ ලෝකෙ මිනිස්සු බගෙට බාගයක්ම ඉන්නෙ අඩන වැලපෙන උන් නෙ....

ඇත්තටම එහෙම පුලුවන් උනා නම්...දුක වේදනාව හෝදන් යන්න පුලුවන් උනා නම්...හිතේ තියන කුහක කම හෝදන් යන්න පුලුවන් උනා නම්...අනේ ඇත්තමයි

..දුක වේදනාව කෙසේ වෙතත් හිතේ තියන කුහක ගති හෝදන් ගියා නම්.සත්තයි මම මොල්ලිගොඩ වලව්වෙ උන්ව අතපය හතර ගැට් ගහලා උදේ රෑ වතුරක බස්සලා තියනවා....

පිටට ගිහින් කතා කෙරුවොත් අහන් ඉන්න එකාට මාර්ගඵල හම්බෙනවා ඒ තරම් ස්‍රද්දාවක් සීයා තාත්තා ගාව තියෙන්නෙ.....හැම පෝයකම සිල් ගන්න යන අත්තමා ගාව තියන දර්ම්ගෙ අරන් පොතක් ගැහුවොත් සිල් මාතා කායිව් පරාදයි...

දලදාවට ගිය දාට අම්මගෙ ඔලුව වටේ බුදු රැස් විහිදුන් නැති ටික විතරයි...ගෙදරට එකක් පිටට තව පොත්තක් පෙන්නන් ඉන්න මොල්ලිගොඩ ඇත්තො කතා කෙරුවොත් සිල්පදයක් හැබැයි ඇතුලෙන් අමු කුහක දේව දත්තලා...වෙලාවකට මටම ලැජ්ජයි උන් මගේය කියන්නත්.....

අද වගෙ දවසක ඔය මිනිස්සුන්ට හිතින් බැනලත් පවු පුරවගන්න එක මට ඊට වඩා පව්.....මට එකම දුක පිටට හොදයි හොදයි කියලා පෙන්නන උන් ගෙ ඇතුලාන්තෙ දන්න අපිවම උන් තලන එකට .මගෙ විතේන්ට නම් ඔවුන්ගෙ හෙවනැල්ලක් වත් ඕන් නෑ...

අතට ගත්තු ශැම්පු අහුර පෙනවෙලා යනකොට කන්ඩිශනර් ටිකක් දාපු මං තත්පර දෙක තුනෙන් වතුරෙන් එලියට ආවා ..අර යක්ස පැටියා මාව කාලා....

ඊයෙ පෙරෙදාවක පාපු ආලිංගන වල සාක්කි මගෙ සර්වාංගෙ පුරාවටම තිබුනා....දොරපියනක් සයිස් ඉස්සරහ දත් දෙකෙන් හපපු පාරවල් ටොනික් මූඩියක් වගෙ තියනකොට මටම හිනා ගියා...

මගෙ වස්තු කැටේ...

මං එහෙම්ම කන්නාඩියෙන් මගෙම රූපෙ දිහා බලන් උන්නා.....

මගෙ ජීවිතේ මට මේ තාක් වෙනකන් කිසිම සතුටක් තිබුන් නෑ ....නොතිබුනාම නෙවෙ....හැබැයි.....ඒ හැම දේම අවසානෙදි මගෙ ඇස්වලට කදුලු දුන්නා....දුන්නත් නෙවෙ දෙන්න සිද්ද උනා...

මවපු හීන ඇස් පනාපිට කඩාගන වැටුනා.....අඩුම ගානෙ දූවිලි පොදකින් වත් හිත සනසගන්න බැරි වෙන්න කුඩු පට්ටම් වෙලා...

ඇස්වලින් කදුලු නොගියපු දවසක් වෙනකොට මං මහබඹාට පවා සාප කෙරුවා මට අයිති නැති මිනිස්සුන්ව එක මොහොතකට හරි මං ගාවට එවලා අවසානෙදි උන් යන්නෙත් ඔක්කෝම අරගන ගියපු එකට....

අවසානෙදි දෙයියන්ටත් මගෙ කදුලු බලන්න බැරිව වෙන්න ඇති මට විතෙන්ව එව්වා.....බැදපු තටු ලෙහල දාන්න.....

අහස කොයි තරන් නම් ලස්සන බලන්න....

ජීවිතේ කියන්නෙ කදුල සුසුමම නෙවෙ කියන්න....

විදවනවට වඩා විදින එකයි රහ කියන්න....

දෙයියන්ගෙන් මට ඉල්ලන තියෙන්නෙ මෙච්චරයි ....අඩල....අඩලා හෙම්බත් වෙලා උන්න මට ජීව්තේ දුන්න මගෙ විතේනව මගෙ අවසානම හුස්ම යනකම්ම මගෙ ගාවින් තියන්න එච්චරයි .....මොකද....මම හැමදාම එයා එක්ක හැබෑකරගන්න ආස හීන තනියමත් මවන හින්දා ...

සිහින මවන්නැති

අහස උසට තනියම....

ළංවෙන්න වෙන්න ඇයි

සමහර දුර...

ඇහෙන දකින දේවල්

කොතරම් තිබුණද

හදට දැනෙන දේවල්

ඇයි එතරම් බර.....

සිරවෙලා....නැවතිලා....නැතිනම්

සීමාවක...

නිදහසේ....ඉගිලිලා යමු...

එක රෑනක...

සුදු මහත්තයා ....

ඕ....

මුල් ඇදලද....තේශී වරෙන්කෝ....

එනවා...එනවා....

එලියෙ ඉන්න එයා මැරෙන්න හදනකොට මං එලියට ආවා..නාන්න යනකොට තිබුන ඇද රෙද්ද වෙනුවට තනි රතු ඇද රෙද්දක් මාරු වෙලා තිබුනා...

වතුරෙ පාවෙන රතු පාට ඉටිපන්දම් දාපු බෝල් දෙක තුනක් එක්ක සිල්වර් පාටින් පාට උන ෆයින්ස් අතු ගස් දෙක තුනක් එක්ක තවත් නත්තල් සැරසිලි වගයක් එක්ක එයා කාමරේ සරසලා තිබුනා.....

මම ඇදගත්තා...මිස්ටර් විතෙන්ට අද නිවනක් නෑ...හොස්ස ගාවින් මැස්සෙක් ගියොත් මිනිමැරුමක් වෙන තරමට අද එයා එහෙ මෙහෙ දිව්වා....

ගේ පුරාවටම පිච්චෙන් කේක් සුවදවහන් තියනකොට මම කුසියට ගිහින් කෑම මේසෙන් ඉදගත්තා ....

ලමයෝ....

මම කෑම මේසෙ ඉදන් එයාට කෑ ගැහුවා.....පස්සෙ මටම හිනා ගියා...මොකද මම ඉදලා හිටලා දරුවෝ කියලා කලාතුරකින් කිව්වට ලමයෝ කියලා කියලා තිබුනේ නැති හින්දා....

මම හදලා තිබුන මැගී නූඩ්ල්ස් එකෙන් ටිකක් බෙදාගත්ත ....එයා උදෙම්ම හැමදේම හදලා....මට පව් කියලාත් හිතුනා....

ලුනු නෑ.....

පලවෙනි කටම උගුරෙන් පහලට යනකොට ලුනු නාමයක් නැ කියන එක දැනෙනකොට මම වචනයක් නොකියම බෙදාගත්තු ඔක්කොම කාලා දැම්මා....මොකද මගෙ එක වචනෙකින් ඒ ඇස් වලට කදුලු පිරෙන්න පුලුවන් හින්දා...ලුනු ටිකක් නැති උනා කියල මම මැරෙන් නෑ...හැබැයි මගෙ එක වචනයක් හින්දා එයාගෙ කැඩෙන්න පුලුවන්...ඉතින්...ලුනු ටිකක් ණැතිව කෑවා කියලා මැරෙන් නෑනෙ...

කොහෙටද දැන් යන්න ඕනා....

ඩ්‍රයිව් කරන ගමන් මම පිටිපස්ස ශීට් එකෙ උන්න මගෙ ගඩාපියටයි ශෙනෝන්ගෙ ගඩාපියටයි මන් බැලමක් දැම්මා විතරයි උන් දෙන්නා යන්න ඕනා තැන් ටික කියාගන කියාගන යනකොට ඇදුම් ගන්න එක මහ එපාම කරපු දෙයක් විදිහට දැකපු මම වගේම ශෙනෝන් උන් දෙන්නට කාර්ඩ් දෙක දුන්නා. ...

වෙලාවට ගින්ගහන අව්ව...වෙලාවකට ඇගට නොදැනෙන මහ ලෙඩ කාරි සීතල මේ දෙකම ඇදුම් කඩ අස්සෙ සම්පූරනම ම්ැති වෙලා ගියා....."merry christmas ....happy x mas" කියලා ගහපු සැරසිලි හැමතැනම තියනකොට තවමත් කඩ අස්සෙ සෙනග උතුරන්න උන්නා....මං හිතන්නෙ මේ දවස් වල තිලකවර්ධන එකට නම් නිවනක් නැතිව ඇති...කිරිබත්ගොඩ එක...ජාඇල එක...මීගමුව....හලාවත....ඔය ඔක්කොම වල උතුරන්න සෙනග ඇති....වත්තල කැන්ඩි එක..... ආය ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එක.....හමීඩියා....නෝලිමිට් ශ්‍රියානි එක...ග්ලිට්ස්.....රටේ නැති ඒවා....ඇයි ඔඩෙල්...

ඔව්වා උතුරනවා ඇති...ඇති උන් ඒව්ද්ලින් ගන්නකොට අනේ ඉතින් එදා වෙල කන මිනිස්සු දිනපතා පොළෙන් ගන්නවා ඇති....ඔය දෙගොල්ලොම අස්සෙ ඇදුමක් ගන්න සතයක් වත් නැති මිනිස්සු කොච්චර ඇතිද.....

මම කල්පනා කෙරුවා....ශෙනෝනයත් කට්‍රෙ තිබුන බබල් ගම් එකෙන් බෝලා පුම්බ පුම්බ එහා මෙහා යන උන්ගෙ ඇදුම් කැඩුම් වල ඇද කුද බැලුවා...මටත් කරන්න දෙයක් නැති කමට ඒකම.කෙරුවා.....එයා යනවා එනවා...යනව එනවා...උන්ගෙ කකුල් වලය යෝද බල යෝද හයිය හම්බෙලාද මන්දා....

තේශි...මේ ..මේක...

අපො එපා...

ඇයි ඒ ...

ආ නෑ..නෑ...ලස්සනයි....

බොරු .....මෙක කැතයි....

ඔව්...කැතයි....

ආව වෙලේ ඉදන් පැය ගානක් මායි අරුයි එහාට ගියා මෙහාට ගියා...ඇදුම් කඩ සීයකට ගියත් උන් දෙන්නට නෙවෙ ඇදුම් තිබ්බෙ...හැබැයි අරගත්තු මගුලකුත් නෑ සින් සින් ගාලා බිලුත් වදිනවා ..

මම බලන් උන්නා...එයා එනවා මගෙ ඇගට ඇදුමක් තියනවා යනවා...එයාට ඒක සෙට් නම් මම දිහා බලනවා.....අනේ ඉතින් මගෙ කැමැත්ත අකමැත්ත මොකද....එයාගෙ ඇස් වලට මාව ලස්සනට පේනවා නම් එච්චරනෙ...

තේශි මේක.....

මේක කොට නැද්ද මැනිකෙ...

එයා මගෙ ඇගට තිබ්බ කලිසම මම අදින්න කලින් මගෙ අතට දාලා බැලුවා....

කිව්වත් වගේම ටිකක් කොට වෙනකොට මම ආයම එයා දීපු වෙන එකක් ඇන්දා....

මේක හරි...

එහෙනම් මේක.....ඒකත් එක්ක මේක....අද රෑට මේක අදින්න.....අලුත් අවුරුද්දට සුදු අදිමු....එහෙම හොදයි නේ සුදු මහත්තයා ....

හා ....ඔයාට ඕන කෝකද...ඒක කරමු....

ඒ ඇස් දිලිසෙනවා....එල්ලලා තිබුන සැරසිලි වලටත් වඩා දිලිසෙනවා...ලාවට වගේ දාලා තිබුන feliz navidad එකට තාලෙ අල්ලන ගමන් උන්න මම එයාගෙ පස්සෙන් රෙදි බෑග් එක උස්සන් එහාට මෙහාට ගියා...

සුදු මහත්තයා ....

ම්ම්ම්...කියන්න....

එයා මාව අතින් අල්ලන් පැත්තකට එක්ක ගියා...

තේශි....

කියන්න....

හෙට ඩියෝන්ලගෙයි ශෙනෝන්ලගෙයි අම්මලා එනවා....

ඔව්....ඉතින්...

අනේ තේශි.....හරි නම්...අපි එයාලට මොනවා හරි දෙන්න ඕනා...එන වෙනි පාර...අනික...මටයි නත්තල්....

ඔයාට හොදයි කියලා හිතෙන දෙයක් කරමු.....

මම ඒයාලගෙ චාරිත්‍ර ගැන ලොකූවට දැනන් උන්නෙ නැති උනා...ඒ කොහොම උනත්..මගෙ අප්පච්චි ඇරුනම අපිට ඉන්නෙ ඒ මනුස්සයො විතරක් වෙද්දි ගෙදර එන පලවෙනි දවසෙ හිස් අතින් යවන්න බෑ කියන එක මටත් දැනෙනකොට මම එයා එක්ක එයාගෙ අම්මට තාත්තලාට ඇදුමක් තේරුවා....

තේශි.....

ම්ම්ම්ම්ම්....

ඔයාට මහන්සී නම් ඉදගන්න...දැන් පැය ගානක් ඔකත් උස්සන් මගෙ පස්සෙන් එනවනෙ .

එයා මගෙ අතේ තිබුන රෙදි බැග් එක දකලා මට ගිහින් ඉදගන්න කිව්වා...එයා කිව්වා හරි...මිනිස්සුන්ගෙ ඇගවල් වල හැප්පිලත් මට ඇති වෙලා තියනකොට කස්ටමර් කෙයාර් එකේ කොල්ලෙක් ඇවිත් ඇදුම් බෑග් එක අතට ගන්නකොට දෙයියනේ කියලා මම නිදහස් උනා.....

බලන බලන තැන මිනිස්සු ....එහෙ බැලුවත් මිනිස්සු....මෙහෙ බැලුවත් මිනිස්සු.....පාරවල් අයිනෙ රතිඤ්ඤා වෙළෙන්දෝ....බැලුම් වෙලෙන්දො නත්තල් සීයල...නුවර එලියෙන් ගේන ෆයින්ස් ගස් එකා කාරෙට වෙනකොට පේමන්ට් එකේ පොත් විකුනන වයසක මනුස්සයව දැකපු මම එලියට ගියා....

ලයිට් කනුවල බැදලා තිබුන ලවුස් පීකර් වල කන්කරච්චලෙ එකා කාරෙට....වාහනවල කන් කරච්චලේ එකා කාරෙට.... රූකාන්තගෙ...සුනිල් පෙරේරගෙ චන්ද්‍රලේකගෙ කටහඩවල් හැම තැනම වෙනකොට මං පපුවට කතාකරන අකුරු ගොඩක් තිබුන පේමන්ට් එක ගාවට ගියා....

බබාට නමක්....සින්දු දාහක්....සූපසාත්‍ර්රය.....නවකතා...කෙටි කතා....දෙමබල බසට අත් වැලක්.....ජපන් බසට අත් වැලක්...හිරගන කතනගන දැන ගමු....මගෙ දෙයියනෙ පොත් මැල්ලුමක්....

මම එහෙම්ම පොත් ගොඩේ මගෙ ඇස් දෙක ගෙනිච්චා ..මොනවා උනත් පොත් විකුනන්න ඉන්න මනුස්සයගෙ ඇස් වලින් පන ගිහින් තියනකොට අනේ ඒ වයසක උන්දෑ මෙ ගිනිමද්දහනෙ බීඩියක් උරවන්න ගත්තා .....

"අලුගෝසුවා " තනි කලු පොතක සුදු අකුරු....අනිත් හැම පොතටම වඩා මගෙඇස් දෙක නැවතුනේ අලුගෝසුවා ගාව වෙනකොට මම පොත අරන් පිට කවරේ පුරාවටම ඇස් ඇරියා කලු පොතක සුදු අකුරු...මං පොතෙ අකුරු වලට යන්න කලින් කවරෙ පුරාවටම බලන් උන්නා...

අලුගෝසුවා ...කියපු ගමන්ම මතක් වෙන්නෙම මිනිමරුවෙක්...

ඇත්තටම .....අලුගෝසුවා කියන්නෙ එයාටමද.....මිනිමරන එක්කෙනාටමද.....?මිනියක් නොමරා....හැගීම් දැනීම් මැරුවොත්....හිතක් බින්දොත්....ඒත් අලුගෝසුවා නෙවෙද....??

අනික ..මේකට කලු පොතක සුදු අකුරු දැම්මෙ ඇයි....අන්න ඒකත් එක දෙයක්....කලු චරිතයක් අස්සෙ...සුදු දෙයක් තියෙන්න බැරිද....ඇයි බැරි....සීයක් වැරදි කෙරුවත්...එකක් තියෙන්නෙ බැරිද....අපෝ පුලුවන් ...අපෝ මොකද බැරි.....හැබැයි....එකම අවුල මිනිස්සුන්ට අර වැරදි සීයටම බනින්න කට තියනවා...කරපු එක හොද ගැන කියන්න බෑ....

මම පලවෙනි පිටුව පෙරලුවා.....

පටන් ගන්නෙම ඒකෙ අලු ගෝසුවා ග්ලවුස් දෙක ගලවලා ඈත අහස දිහා බලන් ඉදල එයාගෙ අත් දෙක දිහා බලන තැනින්...

ලීවරේ පහලට අදිනව එක්ක තොන්ඩුව වැටිලා තිබුන කෙනාගෙ කකුල් දෙක උඩ පාවෙනවා.....එහාට ගැස්සෙනවා...මෙහාට ගැස්සෙනවා.....

අලුගෝසුවා බලන් ඉන්නවා...ඒ කකුල් ගැහිලා ඉවරවෙනකන්...බෝගම්බර මහ උලු ගෙදර අවුරු ගානක් හිරේ උන්න කෙනෙක්....කරපු එකම වරද....අම්මව දූශනේ කරලා මරපු වරදට.....සනුහරයක්ම මරලා දාපු එක....

අලුගෝසුවා අඩනවා...

ඒ උරහිස් ගැස්සෙනවා.....

මූන අත් දෙකෙම්ම වහගන්නවා....

" එයා මිනිමරුවෙක් නෙවෙයිනෙ....."

හොටු දියර පහලට එනට අලුගෝසුවා කියනවා එයා මිනිමරුවෙක් නෙවෙ කියලා..ඒඇස්වලින් කදුලු එන එක පවා ලියලා තියනවා....

"කදුලු නාලිකාවලටත් මගෙ වේදනාව...එයාගෙ නිර්දෝශී බාවෙ දරන්න බැරිම තැන පිට වාන් දැම්මා"

ඒ කියන්නෙ අලුගෝසුවට හැගීම් දැනීම් තියනව...මිනිමරුවට හැගීම් දැනීම් තියනවා.....

මං අව්වෙ කර වෙවී දාඩිය පෙරාගන අලු ගෝසුවා එක්ක තනි උනා..මගෙ මැනික මොනවා කරනවද කියන්නවත් මට නිනව්වක් නැති උනා...

අලුගෝසුවා.....කදුලු පිහිදන් නැකිට්ටා....

එයා අවුරුදු ගානක් උන්නා....වටේ උන්න හැමෝම එයාගෙ කතාව අහන් උන්නා....අපි ඉන්නවා කිව්වා ...මරන්න දෙන් නෑ කිව්වා ...ඒත්....අද??එයාව මරලා දාන්න මුල උනේම....එයාව බලාගන්නම් කියපු උන්මයි.....

නඩුකාර හාන්දුරුවො අහන් උන්නා..පෙරකදෝරුවො අහන් උන්නා...මිනිස්සු අහන් උන්නා...

විත්ති කූඩුවෙ ඉන්න " මිනිමරුවගෙ " කතාව.....

උන්ට ඕනෙ උසාවියෙදි අහන්න කතාවක් විතරයි....

කතාව අකුරක් නෑරම අහන් ඉදලා...." මිනිමරුවා කිව්වා" අවසානෙදි .....කතාව අහන් උන්න හැමෝම නඩු කාර හාමුදුරුවන්ගෙ ඇගිල්ල දික් වෙච්ච තැන බලලා උන් හැමෝම ඇගිල්ල දික් කරලා කෑ ගැහුවා....." ඔව්.....මිනිමරුවෙක්...මිනිමරුවෙක්...මිනිමරුවෙක්"

හරියටම ජුදාස් ස්කාරියුස් පාවා දුන්නා වගේම....ළඟින් උන්න එකාම පාවා දුන්නා...

අලු ගෝසුවා කදුලු පිටිම්ම යන්න ගියා....

කලු ගැහුන ඩයරිය අතට ගත්තා ...අරන් බික් බෝල්ට් පොයින්ට් පෑන අරගත්තා .....දිනෙ දැම්මා....

පපුව අල්ලන් බලන් උන්නා...හැගීම් දැනීම් තියන" මිනිමරුවා" කියලා අහගන්න.....එයා පොත අතේ තියන් බලන් උන්නා.....

1999.01.21

සමූහයක් ඒ කතාව මුල ඉදම්ම අග වෙනකන් අහන් උන්නා.....

අවසානෙදි එක්කෙනෙක් ඇගිල්ල දික් කෙරුවා

පටන් ගැම්මෙ ඉදන් අග වෙනකන් "එයාගෙ" කතාව අහන් උන්න...කදුලු හලපු හැම කෙනාම අවසානෙදි නඩුකාර හාන්දුරුවන්ගෙ පැත්තට ඔලුව නැවුවා.....

දන්...

දන්...

දන්....

තුන් පාරක් ලී මිටිය මේසෙට වැදුනා...

අහන් ඉන්න කතාවක් කියපු එයා

" මිනිමරුවෙක්"....

මට මහන්සී...

සමා වෙන්න..අගෙ හිතට වැදුන කොටසක් මං බයිබලෙන් හොරකම් කරනවා.....

" රබ්බෝනී"(ගුරු දේවයනී")

"ජූදස්..නුඹ මා සිඹීමකින් පාවා දෙන්නෙහිද....?"

ඒලී....ඒලී...ලේමා සබක්තානී(මාගෙ දෙවියනී....මාගෙ දෙවියනී....ඔබ මා අතහැරියෙ මන්ද...?)

හැමෝම අතෑරියා.....

මට මහන්සී...

තවත්....ජීවිත කතාවක්...අහන් ඉන්න කතාවක් කියපු....හැගීම් වෙනුවෙන් සාදරනයක් හෙව්ව එයාව මරපු...

මමත්...මිනිමරුවෙක් ....

මීට....

ග්ලිසරින් වෙනුවට ඇත්ත කදුලු හලන...

අලුගෝසුවා ...

මගෙ ඔලුව පොඩි පට්ටම් වෙන්න ආවා ....

අලුගෝසුවෙක්...මේවගෙ දෙයක් ලියන්න..මට මීට වඩා හිතන්න වත්..කියවන්නවත් බෑ..හැබැයි...මට පොත දාලා යන්නත් බැ....

මම අලුගෝසුවව තුරුල් කර ගත්තා .....හැහීම් දැනීම් තිබුන අලුගෝසුවව තුරුල් අර ගත්තා .....

මම ගාන බැලුව.....

අනේ ..ගානක් ගහලා නෑ....කෝ ගාන.....

සීයා..මේක ...

සීයා මගෙ අතින් පොත ගත්තා ....ඒ ඇස් අස්සෙ මම නොදන තව කතවක් තිබ්බා....

" මහත්තයා .....සමහර කතාවලට මිලක් නෑ...."

වෙව්ලන කට හඩින් දුන්න උත්තරෙ මට මහා අමුත්තක් ගෙනාවා.....එයාට මේ පොත් විකුනන්න ඕන් නැද්ද....

අඩුම ගානෙ.....ඕතර්ගෙ නම වත් නෑ...

පබ්ලිශර් ඉන්නවා...

මහත්තයා....ඕක...කොච්චර බැලුවත් ඔච්චරයි...ලෝකෙටම එකම පිටපතයි...එ කතාවට මිලක් නෑ...ලියපු කෙනාට නමක් නෑ....මොකද...

ඇත්ත නම මිනිස්සුන්ට මතක නෑ.....

මහත්තයා .....

මමයි.....ඔතන අලුගෝසුවා.....

එයා යන්න ගියා...පොත මගෙ අතේ ඉතිරි කරලා.....සල්ලිත් නොගෙනම ...

තවත් උන්ට කියවන්න නම් නැති පොත් හුගක් ඉතිරි කරලා....

මට තාම හිතා ගන්න බෑ...ම්.

මමයි ඔතන අලු ගෝසුවා ....

ඒ වචන.....

මාව පිස්සු වට්ටවන්න ආවා...

මං තවමත් කට්ට අව්වෙ හිටන් උන්නා.....මිනිස්සු මාව පහු කරන් යන්න යනවා...එක එකා කියන කතා ඇහෙනවා .....ඒත් මම තවමත් එතන...

ලොකු පුතා...කෝ තවම නැද්ද...

මං ගන්නවා අම්මා...එයා ආන්ස්වර් කරන් නෑනෙ.....

වෙලහට කොහෙ හරි මුල්ලක් අල්ලන් බලාගත්තු අතේ බලාගන ඇති...අනෙ මූසල කමක මහත...

දෙයියන්ගෙ නාමෙට අම්මා ....පින් සිද්ද වෙයි....අනේ....වදින්නම්....පින් සිද්ද වෙයි.....ඔයාලගෙ කතා අහලා මට දැන් මැරෙන්න හිතිලා ඉන්නෙ....

මැරෙන්න...උඹ මොකටද මැරෙන්නෙ ....බැලුවොත් හූල්ලනවා..බැලුවොත් හූල්ලනවා....ඔය ගෑනිට ඉන්න තැනින් එන්න කියපන්...අපෙත් කරුමෙ...අපිත් අහු උනනෙ....

දෙයියනෙ ඔය කට පියාගන්න අම්මා...කට පියාගන්න....ඒ මගෙ ගෑනි....

උඹගෙ ගෑනි ...ඒ උනාට....ඒ උනාට ....

මං අහන් උන්නා...කව්ද කටද බනින්නෙ කියන්න මට තේරුමක් නෑ...මොන හේතුවටද බනින්නෙ කියන්න තේරුමක් නෑ හැබැයි...කතාව නොදැන....සිද්දිය නොදැන.....දෙස් දෙවොල් තියන ගෑනු කෙනාගෙ කටින් පිට වෙන වචන එක්ක මම තේරුම් ගත්තා මේ නම් අපේ අම්මගෙම ජාතියෙ ගෑනියක් කියලා...හිතක් පපුව නැති යක්ස ගෑනියක් ...මිනිස්සු ජීවත් වෙලා ඉද්දි පන පිටින් මරා ගන්න ගෑනියක්....

කෝ.....තවම නැද්ද...

අර එන්නෙ...

සුදු මහත්තයා .....

මම හැරුණා....මගෙ මැනිකෙගෙ කටහඩත් එක්ක මම හැරුනා....එයා එනවා...අත් දෙකෙම්ම රෙදි මලු ගොඩක් එක්ක එයා එනවා.....මම හිනා උනා....ඒ මූනෙ සන්තෝසෙ දැකලා හැබැයි....මගෙ මූනෙ හිනාව තත්පරෙන් නැති උනා...

එයා එන රේඛාවෙම තවත් කෙනක් එන ගමන් උන්න.....

" අර එන්නෙ....."

"සුදු මහත්තයා " කියන වචන දෙකත් එක්කම හැරුන මගෙ මූනෙ හිනාව නැත්තටම නැති වෙලා ගියා...නත්තල් තෑගි ගොඩක් එක්ක හිනා වෙවි මගෙ ගාවට දුවන් එන එයා ගාවට මම යන්කොට ඇස් යට ගිය.... මූනම මලානික උන....ඇස්වලින් පන ගිය තවත් කෙනෙක් මගෙ මැනිකෙගෙ පිටිපස්සෙන් ආවා.....

" සෙනාරි...."

මම හැරිලා බැලුවා...රවීන් එක්ක එයගෙ අම්මා..එතකොට මෙච්චර වෙලා දෙස් තියපු ගෑනි රවීන්ගෙ අම්මා....

සුදු මහත්තයා ...

මැනිකෙ.....

සෙනාරිගෙ ඇස් අහම්බෙන් මාව දැක්කා...මගෙ ගාව එල්ලීගන උන්න එයාව දැක්කා.... "සුදු මහත්තයා ...මැනිකෙ"කියන වචන පවා ඇහුනා.....ඒ මූන තවත් මලානික වෙලා ගියා.....

මම මගෙ විතේන්ට දකින්න වත් දුන්නෙ නෑ ඒ මූන....අඩුම ගානෙ මම වත් බලන් උන් නෑ...එක පැත්තකින් මගෙ හිත අලුගොසුවා තලනකොට අනිත් පැත්තෙන් සෙනාරි...කොහෙ හරි හැංගිලා ගිහින් උන්න එයා ආයම මතුවෙලා තිබුනා.....මට ඕනෙ එක දෙයයි....මගෙ කොල්ලව අඩවන්නෙ නැතිව තියා ගන්න විතරයි .....

විතේන්...බඩගිනී නේද මැනිකේ.....කන්න අරන් දෙන්නද...

.ම්හුක්...මහන්සී තේශි.....අපි ගෙදර යමු...අම්මෝ සුදු මහත්තයා ...කකුල් කැඩෙන්න එනවා..

ඩියෝන්ගෙ මූනෙන් පන ගිහින් තිබ්බා....ශෙනෝනයාගෙ මූන දෙක වෙලා තිබ්බා...කකුල් කඩන් ඇවිදපු මගෙ මැනිකෙ නිදා වැටන ගමන් උන්නා...මගෙ උකුල උඩ අලූගෝසුවා උන්නා...මගෙ මැනිකට කන්නවත් බෑ...ඒ තරම් මහන්සිය...

මම කාර් එක හිමින් සැරේ රිවර්ස් කෙරුව....පිටිපස්සෙන් වාහනය එනවද බලන්න මම සයිඩ් කන්නාඩිය බැලුවා....

පාරෙ කියල බැලුවෙ ණෑ එයාගෙ කම්මුල ඉදිමෙන සයිස් පාරක් නැන්දම්මගෙන් එයකෑව වගේම ගුටිය කාගන් උනත් එය මගෙ කාර් එක දිහා බලනවා මම බලන් උන්නා....

ආය මගෙ ඇස් ඉස්සරහට එවන්න එපා දෙයියනේ.....

ඇදුම් ගන්න ඇවිදපු එයාට නින්ද ගිහින් තියනකොට මම එහෙම්ම නැවිලා ඒ කම්මුලට හාදුවක් තිබ්බා ....මගෙ රත්තරන් ....

උඹයි මගෙ ජීවිතේම...අතඇරුන අතු...ආයමත් එපා කවදාවත්ම මට....

අලු ගෝසුවා මගෙ උකුල උඩම ඉන්නකොට පාර දෙපැත්තෙ තිබුන ලව්‍ස් පීකර් වලින් ඇහුන නත්තල් ගීතිකා එක්ක මං ගෙදර එන්න ආවා....ගෙදර ආව මම නින්ද ගිය එයාව ඇහැරවන්නෙත් නැතිවම මං හරහට උස්ස ගත්තා .....

මගෙ පින්තූරෙ ගහපු ලොකුම ලොකු ඩිලිවරි ලොරියක් අපිව පහුකරන් යන්න ගියා .....

මෙතනයි මං ආයම ඉපදුන තැන....මැරුන මලකදන්වල දිරපු ඇටකටු මොකටද .....

තව පැය ගානයි.....අපි හැමෝම පල්ලි යනවා....

තව පැය ගානයි....මං එයා වෙනුවෙන් එයා ගාව හිටගන්නව ....

මට සමාවෙන්න ....මේ නත්තලේදි මට ඉල්ලන්න ලොකු දෙයක් තියනවා....

මගෙ මැනිකව මටම දෙන්න.....එපා කිසිම දවසක හිස් තැනක් බැදෙන්න ඉඩ තියන්න ...

ඔන්න ඔච්චරයි මගෙ නත්තල් පැතුම...

ආය එන්නම්.....

කතව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters