Cherreads

Chapter 89 - 89

මං වගේම එයා තාත්තා දිහා කට ඇරන් බලන් උන්නා ...අතේ තිබුන සමපෝශ ගුලිය මගෙ හිස් පිගානෙ පැත්තකින් තිබ්බ එයා තවත් හරි බරි ගැහිලා ඉදගත්තා...හරියටම තව මොනවා හරි කියනවා නම් අහන් ඉන්න වගේ....

නිතේශ් . .තමුන් මේ හැම දේම අතෑරලා ෆ්‍රාන්ස් යන්න ලෑස්ති වෙන්න ඕනා...බැන්දුවා කියලා කට වචනෙට මගුල් කරන්ඩ බෑනෙ...අනික ස්වර්ගෙට ගිහින් කසාද සහතිකෙ අස්සන් කරන් ආවත් අර තුප්පහි හැත්ත කියයි වේස කොල්ලා අපේ එකාව කාලා..මට ඔය ගුබ්බෑයම් වල ඉන්න මාන්න කාරයන්ගෙන් මගෙ එකා ලැජ්ජා වෙනවා බලන්ඩ බෑ....

හ්..හරි...තාත්තා ...

අනිකා විතේන් උඹ...උඹට යනු විතරයි ආය මේ තුන් හතර මායමක පස් පෑගිලි නෑ.....දහම් ...තමුන් අනිකා...තමුන්ට පුලුවන් නම්...ඔය අපායෙන් ගැලවිලා එන්න ලැහැස්ති වෙනවා....නමට ගෑනියෙක් තියන් දුක් විද විද ඒකිට හොරෙන් ආදරේ කරන්න අරගත්තම වෙන්නෙ තවත් වේස පද අහන්ඩ වෙන එක...

රටේ මිනිස්සුන්ට තමුන් වලව්වෙ පැටිකිරිය කොහොම ගැහුවා උනත්...ඒකි තවම කසාද ගෑනිනෙ ...බදින වයසෙ ළමයි ඉන්න එකෙක් මගුල් නැටුවා කියන පඩත්තර කතා අහන්න ලෑස්තිනොවි ඔය මගුලට‍ත් මොකක් හරි කරනවා ...

මං අහන් උන්නා....එයාගෙ තාත්තා අපි හැමෝටම අන දුන්නා...."කරන්න පුලුවන්ද " ගගා ඥන් පඥන් ගැහුවෙ නෑ....එක වචනයයි කිව්වෙ....එක්කො කරපන් නැත්තන් ඒත් කරපන් වගේ කතා ගොඩක් එලියට පනිනකොට අප්පච්චි වගේම මං අහන් උන්නා...

නිතේශ් ....විතේන් ....

.......

දැන් තමුන්ලා බැන්දට පස්සෙ මොකක්ද කරන්නෙ ...නිතේශ්ට නම් සැලෝන් එකක් කර ගන්න බැරි කමක් නෑ...හරි...ඒ මගුල් වැඩක් නෑ...මං අහන්නෙ...බැන්දට පස්සෙ මොකක්ද කරන්නෙ....

තේශී.....

ම්ම්ම්..

තාත්ති අහනවනෙ බැන්දට පස්සෙ මොකද කරන්නෙ කියලා ...

ඇත්ත ...එයාගෙ තාත්තා අහනවා බැන්දට පස්සෙ මොකද කරන්නෙ කියලා ....අවංකවම මට තිබුන ලොකුම හීනේ ආදරනීය පවුලක්....ගෙයක් තිබ්බට වැඩක් නෑ පවුලක් නැත්තන්.....මට ඕනා ලුනු ටිකක් ඉහන් බත් කමු ගාලා ලද බොලද කියලා පහුවදාට කොත්තු ර්ස්‍යිස් ඉල්ලලා නහින්ඩ හදන එකෙක්ට වඩා මට හයියක් වෙන කෙනෙක්...මොකද ඔය කියන තරම් ලුනුයි බතුයි කාල ඉමු කියන දේ සුන්දර නෑ.....පහු පහු වෙනකොට හැම දේම කොහු කොහු වෙන්න ගන්නකොට ලුනුයි බතුයි නෙවෙ බත් උයන්න මුට්ටි පවා නැති වෙනවා..... මට ඕනේ මරා ගත්තා උනත්..මාව හීනෙකින් වත් දාලා යන්නෙ නැති කෙනෙක් වෙනකොට මට එ දේ අද ලැබිලා තියනවා....මට ඕන ගහ මරන් හරි....ඒ තත්පර ගානකින් ආයම තිබුනටත් වඩා ආදරේ වැඩියෙන් දැනෙන කෙනෙක් ගාව නවතින්න වෙනකොට දෛව කොයිතරම් අසාදාරන කම් කෙරුවා උනත්....ඒ පැත්තෙන් මට සහනයක් දීලා තිබුනා....

ඉතින් මට ඕනේ ආදරනීය පවුලක්....මම එයාගෙ අතින් අල්ලගත්තා ...එයාගෙ තාත්තා මගෙන් උත්තරයක් ගන්න බලන් මා දිහා ඇස් පිල්ලමක් වත් නොබලම බලන් උන්නා....ඒ බැල්මෙ තිබුනෙ මම හරි හමන් උත්තරයක් නොදුන්නොත් මරලා දානවා වගේ දෙයක් වෙනකොට ඕන මගුලක් වෙච්ච දෙන් කියලා කට ඇරියා ....

මට ලමයෙක් හදන්න ඕනා....

මහ් හිතේ කියන්න කියලා හුගාක් වචන පොදි ගැහිලා තිබ්බා...ඒ උනත් කටින් මුලිම්ම එලියට පැන්නෙ මට ළමයෙක් හදන්න ඕනේ කියන දේ වෙනකොට ඒ ඇස් හීනි උනා....ඒ උනත්....ඒ ඇස් හීනි උනා නැතා....අවංකවම මට ලමයෙක් හදන්න ඕනා...මං මගෙ අප්පච්චිට අප්පච්චි කියලා කතා කරනකොට ඒ පපුවට දැනෙන හැගීම කොයි වගේද බලන්න ..දැනෙන්න....විදින්න...මට අප්පච්චි කෙනෙක් වෙන්න ඕනෙ ....සංසාරෙ කිසිම තැනක අම්මෙක් අප්පච්චියෙක් වෙන්න පින් නොලද මිනිස්සු ඉන්නවා ...සංසාරෙ කිසිම තැනක අම්මෙක්ගෙ අප්පෙක්ගෙ ආදරෙ විදින්න අහිමි දරුවො ඉන්නවා.....මම එතනින් එකෙක්...මට ඕනා...මට නොලැබුන හැම දේම මගෙ දරුවට දෙන්න....

දරුවෙක් හදන්න....??

මගෙ උත්ත්රේ එක්ක එයා ටික වෙලාවක් බලන් ඉදලා මං කියපු දේම ආපස්සට කියවනකොට මමත් ඒක ඇත්තටම එහෙමයි කියලා උත්තර බැන්දා...

ඔව් තාත්තා ...මට ළමයෙක් හදන්න ඕනා.....මට වෙන දේවල් වැඩක් නෑ....කසාද බැන්දට පස්සෙ මොනවද කරන්න්ව් ඇහුවම....මට සැලුන් එකක් දාන් ආයම පුරුදු ජීවිතේම ගෙඉයන්න බෑ....ගෙයක් තිබුනත්...පවුලක් නැත්තන් මොන ජීවිතයක්ද තාත්තා ....මට ඕනා...මගෙ අප්පච්චි කාලෙකට කලින් දැකපු හීනයක් හැබෑ කරන්න....මගෙ අප්පච්චිට හැබෑ කරගන්න ඕනමයි කියලා හිතුන දෙයක් හිත සතුටින් මම හැබෑ කරගන්න....අප්පච්චි මට නම දුන්නා වගෙ..මට මගෙ නම දෙන්න ඕනා ....මට වෙන දේවල් වලට වඩා...ඇත්තටම දරුවෙක් ඕනා තාත්තා ....

ම්න්...දිසානායක කියලා නම තියන්නද....

ඔව්.....මට .....මගෙයි....කියන්න ...එයාගෙයි...කියන්න....දරුවෙක් ඕනෙ ....

එතනින් එහාට තාත්තා කතා කෙරුවෙ නෑ...මගෙ අප්පච්චි මා දිහා බලන් ඉදලා ඇස් පිල්ලම් ගැහුවා.....ඒ ඇස්වල කාලෙකට කලින් අතෑරුන මියැදුන හීනෙක මතක, කදුලු විදිහට දිලිසන්න ගත්තා ....මට කියන්න හිතුනා තව දුරටත් කිරි මුහුද දිහා බලන් හූල්ලන්න එපා කියලා ...මට කියන්න හිතුනා....තව දුරටත් දලදාවට දුක කියන එපා කියලා ....මට කියන්න හිතුනා...තව දුරටත් හන්තාන අහස එක්ක අඩන්න එපා කියලා ....මොකද....ආදරනීයම ම්නිස්සුන්ව එකතු කරපු ඒ නුවරම....එක කාලෙකදි හරි අපූරුවට වෙන් කෙරුවත්.. ඒ නුවරම පහු කාලෙක ආදරේක පුරුක් දෙකක් හරි ලස්සනට පාස්සවලා තිබුනා..

දිසානයක කෙනෙක්ට නමක් හොයපු දහම්ට ඒ හීනෙ එයාගෙම ආදරේ එක්ක බලන්න බැරි උනත්.....ඒ දිසානයකගෙම පුතා උන මට.....තව දිසානායක කෙනෙක්ට නමක් හොයන්න.....අප්පච්චිට අතෑරුන අතක පුරුකක් මගෙ ගාවට ඇවිදින් තිබුනා ...

නුවර වැව දෙබෑ කරන් හොයා ගත්තු මගෙ ආදරේ.....මගෙ ආදරනීයම විතේන් .....

මැයි මල් කාලෙට පිපෙන රතු කැට....රොබොරෝසියා ගස් වල මල් වැහි වහින කාලෙට ආදරේ බෙදන සුවද බෙදන ඒ නුවරම මහවැස්සට කානු උතුරලා නැති නාස්ති වෙලා යනවා.....වැව රවුමෙ ඉදගත්තම ආදරේ කරන වෙලාවට ඔලුවට වැටෙන කාක් බෙට්ටහිනා වෙලා පිහද ගත්තා උනත්.....තනියෙන් ඉන්න වෙලේක ඔලුවට වැටෙන කාක් බෙට්ට සාප තිය තිය පිහිද ගන්නවා...ඇසලෙට කලින් පව් හේදෙන්න වහින වැස්ස ගැන කවියො ලිව්වත්....කානු උතුරන් වහින වැස්ස ගැන සාප මිසක් නුවර කවදාවත් හොදක් ඇහුවෙ නැති තරම්.....

මිනිස්සුන්ගෙ ජීවිතත්....හරියටම නුවර වගේ...වෙලාවකට මිනිස්සු වර්නනා කරන කටිම්ම පහු කාලෙක චී තූ උඹ කියනවා.....ඒ කොහොම උනත්.....ආදරෙ පැත්තක දැම්මත්.....නුවර කියන්නෙම පින් කදක්...

මං පපුව පුරවලම හුස්මක් ගත්තා ..පිට අල්ලට දැනුන් තෙත් ගතිය එක්ක මං ඔලුව හරවලා බලනකොට ආදරනීයම ඇස් දෙකක් හැගීම් දිය කර කර එලියට දානවා ....වැටෙන්නෙ කදුලු උනත්....ඒ තිබුනෙ සතුටු කදුලු වෙනකොට උන ගතිය එයාගෙන් උදුර ගත්තු බඩගින්න එයාට ආයම දීලා තිබුනා....

සුදු පාට රවුම් පිගාන උඩට වැටුන ඇට වෙන් වෙන්න ඉදුන සම්බා හාලෙ බත උඩට වැටුන වේලුන හාල්මැස්සො කරවල එක රතුම රතුපාටින් දිලිසනකොට මම අම්මට බෙදන්න දීලා මගෙ බත් පත අල්ලන් උන්නා ..

තේශි මටත් කවනවද.....

කවන්නම් මැනිකේ....

එයා අහනවා එයාට කවනවද කියලා ...එයාට කවන්නෙ නැතුව මම වෙන කාට කවන්නද.....නෑ...නෑ....මට වැරදුනා... තව කාලෙකින්....මට කවන්න තව කෙනෙක් ඉදීවි.....එයාට දෙන මගෙ ආදරේ එයගෙන් ඇබිත්තක් උදුර ගන්න ..එයාගෙන් මට ලැබෙන උනුසුම මගෙන් ඇබිත්තක් උදුර ගන්න...ඇද මැද තවත් පොඩි දිසානායක කෙනෙක්ට ඉඩක් වෙන් වෙන දවසක් එනවා....

ඒ හැහීම හරි පුදුමාකාරයි ...ආදරනීයයි....සෙනෙහෙ

බරයි...

ඇගිලි තුඩු වලට තද උන කරස් කුරුස් ගාලා කැඩිලා බිදිලා යනකොට මං බලාගන මල් පපඩමක් දිහා බලන් උන්න ගඩාපියා මොන මොනවාදෝ සෑහෙන්න වෙලා කල්පනා කරලා පපඩම පැත්‍තක දාලා ගිල ගිල උන්න ශෙනෝනයා දිහා බැලුවා....

සෙනෝන්.....

ම්ම්ම්ම්.....

මටත් බබුච්චෙක් හදාගන්ඩ ඕනා...ම්හුක්...

මොකක්....

මොකක් නෙවෙ ..නිතේස් අයියලා වගේ අපිත් බබුච්චෙක් හදමුකො සෙනෝන් ...

අනේ...මට ළමයි තමයි මදි උනෙ...උඹව බලාගන්නෙත් හරි අමාරුවෙන් .....ඒ මැදට තව ලමයිනුත් ගේන්නද කියන්නෙ.....

අනේ....අප්පච්චියෝ.....මේ මිනියට කියන්නකො අප්පච්චියෝ.....සෙනෝන් බබාටත් බබුච්චෙක් ඕනා කියලා .....

අරූ නහයෙන් අඩන්න ගත්තා ලමයෙක් ඕනෙ කියලා අර කිව්වත් වගෙ තවමත් දොන්ත වෙන්න හදන ඩියෝනයා කොහෙ ළමයි බලාගන්ඩද...

කෝ ආ ගන්න ..

හාල් මැස්සෙක් කවන්න නිතේස් මේ ලමයට...

හරියට කතා කරපන් උඹත් ළමයි හදන්න කතාව මැරුම් නොකා කාලා ගිහින් බෙහෙත් ගන්න ලෑස්තිවෙයන්.....

නිතේස්.....ම්හුක්...බනින්න එපා අනේ.....දැන් අප්පච්චි කෙනෙක් වෙන්න නේත ඔයා ඉන්නෙ....ඈ නිතේස්....ඈ....

ඇයි උඹත් දැන් අම්මෙක් වෙන්නනෙ ඉන්නෙ.....කෝ ආගපන්කො විතේන් ...කටේ තියන් බබරෙ වගේ කැරකෙන්නෙ.....

මං එයාව මරන්න හැදුවා .....බදින්න ලෑස්ති වෙන්න කිව්වා විතරයි එයාගෙ උන දෙපිටින් ගියා ළමයෙක් ගැන කිව්වා විතරයි මගෙ විතේන් හැසිරුනේම ගෙදර කිසිම ප්‍රශ්නයක් නැති උන ගානට වෙනකොට එක අතකින් ඒක මගෙ හිතට පුදුමාකාර තරම් සහනයක් ගෙනාවා....

තේශී.....

ඕ මැනික.....

ඇග පත හෝදන් ආව මම ටවල් එක ඉනට ගැටගහන් ඇදගන්න සරමක් හෙව්වා...සරුම් තොගයක් තිබුන මට අප්පච්චි තාත්තයි ආව දවසෙ ඉදලා මගෙ අල්මාරියෙ තිබුන සරම් තොගෙන් එකින් එක අඩුවෙලා තිබුනා...

මැනිකෙ මගෙ කලු සරමකෝ.....

තේශි....ගගා උන්න එයා ඇදේ පෙරලීගන උන්න එයා ඊලග පාර මීක් නොගා ඵෝන් එක ඔබ මොන මොනවදෝ කල්පනා කර කර උන්නා වගේම මම මගෙ නැති කලු සරම හෙව්වා ...

විතේන් ...කෝ මගෙ කලු සරම.....යෝ.....හ්....මේකට කන් ඇහෙන් නැනෙ ...කෝ බන් මගෙ සරම....

ඇයි මිනිහො...ඔය තියෙන්නෙ....ඇත්තමයි නිතේස් මම අවිත් හොයලා දුන්නොත් ගහන එක ගහනවා...

හා හොයලා දියන්කො බලන්ඩ....මට පේන් නැති එක උඹට පේනවද බලන්ඩ....

ඇත්තමයි...ඇට දෙක තලනවා තිබුනොත් ....ඔය කියන්නෙ මම අරන් දීපු එක නේද.....

හැව්...හැව්...ඒක තමයි...ඇට දෙක තලපන් මැද එක ඉතුරු කරලා....

ඇදුම් අල්මාරියම පෙරලුවත් මට මගෙ කලු සරම හොයා ගන්න බැරි උනා.....අනිත් සරම් වගේ නෙවෙ ..කලු සරම ඇන්දම ඒක ඇගේ තියනවද කියන්න හොයා ගන්න බෑ...ඒක මාරම සනීපයි....කවුරු හරි මගෙ ඇගේ තියන වටිනම දේ වෙච්ච හදවත ගහලවා ඉල්ලුවත් දෙනවා....ඒත්...ඔය කලු සරම නම්....තිස්තුන් කෝටියම ස්වර්ගෙන් බැහැලා ආවත් දෙන්න බැහැයි කියන්න තරම් මම ඒකට ලෝභ උනා....

ලෝබ කමෙන් ආදරේ කරනකොට ඒක ලේ නහරවලට පවා දැනෙනවා කියන්න මට ඉගැන්නුවෙ මගෙ විතේන් වෙනකොට මම එයා මට කියලා අරන් දුන්න හැම දේකටම අසීමාන්තිකව ආදරෙ කෙරුවා ....නැතිනම් අර මැටි කටු ගොඩ ළඟ තියන් මම අඩයිද...

මිනිස්සුන්ට ආදරේ කරන්න දන්නෙ නැති නම්....ආදරේ කරන මිනිස්සුන්ට කරන්න දෙන්න ඕනා.....ගරු කරන්න බැරි නම්...දෙයියනෙ කියලා අපහස නොකර ඉන්න ඕනා....අමුතු ඇටේ පුරාවටම තව මොල්ලිගොඩ වලව් දෙක තුනක් තිබුනා නම්...මං හිතන්නෙ නෑ...මිහිපිට තවත් නරකාදියක් තියේවි කියලා .....

උන් කොච්චර දේවල් කිව්වද.....කොච්චර නිග්‍රා කෙරුවද .මොන ලේබල් තොගයක් නම් ඇලෙව්වද...මොල්ලිගොඩ හැතිකරේ විතරක් නෙවෙ...අමුතු ඇටේ පුරාවටම තිබුනෙ හරි අමුතු නීතී රීති....එක ජාතියෙ කුරුල්ලො දෙන්නෙක් ආදරේ කරන්න ගත්තම උන්ගෙ තත්ත්වෙ අනුව දෙන ගරු බුහුමන් ප්‍රමානෙ අඩු වැඩි වෙනවා ..සාමාන්‍ය පවුලක දුප්පත් පවුලක උනෝතින් මං හිතෙන්නෙ උන් දෙන්නා තමයි මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම කපල් එක....ගේ කියයි...ආප්ප කියයි...සීයා තාත්තා ඇහුවා වගේ මෝල්ගස් මෝල් ගස් එකට හැප්පුනාම පිටිකෙටෙන් නෑ කියයි.....

හැබැයි ඕකම වෙන රටක හරි අපේම රටේ හරි ධනපති පන්තියේ හරි උනෝතින්....."ආදරේ කියන්නෙ ආදරේට"

දාඩාරියන් සයිස් හෙඩ් ලයින් එක්ක එෆ් බී එකේ කොයි තරම් පෝස්ට් වැටෙයිද .....එතකොට කවුරුත් යන්නෙ නෑ උන්ගෙ කෙටෙන්නෙ මොනවද බලන්න...අමු සිංහලෙම්ම කිව්වොත්...ඇතිල්ලෙන්නෙ මොනවද බලන්න....

මිනිස්සු හරි අමුතුයි සහෝදරයා ....රූපේ ගාව...බලය ගාව සල්ලි ගාව ඕන බලු බෙට්ටට උනත් මල් තියලා වැදලා පිළිගනී....ඒත්.....ඔය කියන එකක් වත් නැත්තන් ඌ අවසානෙදි පිස්සෙක් වෙලා මැරෙන තරමට ඌව මානසීකව වට්ටලා දායි...අවසානෙදි උන්ට දරන්න බැරිම තැන උන් ගිහින් කෝච්චි පාරක දිගා වෙලා පවර් සෙට් එකකට....අගුරු කන යකඩ යකෙක්ට බෙල්ල තිබ්බ ගමන්....ආයම හෑලි දායි....ඩිප්‍රෙශන් කියන්නෙ විහිලුවක් නෙවෙ කියලා..."ඉතින් යකො ඩිප්‍රෙශන් හැදුවෙ තොපිමනෙ" කියලා කියන්න ඒ මලකදන් වලට බැරි හින්දා පේජ් ඇඩ්මින්ලා මලකදෙනුත් හම්බකරන් කනවා..ඔන්න ඕකයි...ඇත්‍ත තත්වේ...අමුතු රටෙ උන්ගෙ පකෙ ලොජික් කියන්නෙ ඔව්වට...

මොල්ලිගොඩ වලව්වෙ උනුත් එහෙමයි....උන් අහනවා මට මේ අසික්කිත කම් කරන්නෙ ගෑනියෙක් හම්බ උනේ නැද්ද කියලා ...උන් මයි මට උන්න ගෑනිව නැති කෙරුවෙ....සම්මත නෑ සම්මත නෑ ගගා මෙතන අඩි හප්පපු උන්මයි...මම සම්මතේ තෝරගන්නකොට වලවල් කැපුවෙ.....

සම්මතේද..අසම්මතේද වැඩක් නෑ....මිනිස්සු හැමදාම නැවතුනේ ...ආදරේ දැනුන තැන.....දුකට කාරනාව නම්.....ඒක මේ දැන් ඉපදුන කිරි දරුවෙක් පවා තේරුම් ගත්තා උනත්...මොල්ලිගොඩ හැත්තකවදාවත් තේරුම් ගන්නෙ නැති එකයි....

ජීවිතේ එපා වෙද්දි

ජීවත් වෙන්න

කියලා දෙනවා

ආදරේ ගැන කලකිරෙද්දි

ආදරේ

හොයාගන එනවා

සම්මතය

පුපුරා යද්දි

අසම්මතය පැල පදියම් වෙනවා

ඉදා මේක ගන්...තොට ඇස් නෑ..කටේ දාන් බලන්නෙ....

මම උන්නෙ වෙනමම ලෝකෙක...හුගාක් දේවල් ඔලුව් ඇතුලේ කැරකෙනකොට මගෙ හදවත "ශිවන්ති ඩී සිල්වගෙ ඇත්තටක අපි ට්‍රැක් පැනපු ගෑනු "න්ගෙ පොතේ වචන ටිකක් අල්ලන් උන්නා....ඒ එක්කම මෙච්චර වෙලා සරම හොය හොය උන්න එයා මට සරමෙන්ම දමලා ගහනකොට මාව ආයම පියවි ලෝකෙට ආවා .....

මොකද යකෝ ගහන්නෙ...

මේ තියෙන්නෙ...මේ තියෙන්නෙ මොනවද....දැන් තෝ නෑ කිව්වා නේද.....

හරි...හරි....ඉතින්.....මෝ...මගෙ මැනිකෙට තරහ යනවා හරියට

නිතේස් ....මාව තරහා ගස්සවන්න එපා...මං දැන් අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ.....

ඇත්තදූ.....කව්ද අප්පච්චි ....මං නම් නම දෙන්නෙ නෑ ඕකට...උප්පැන්නෙ පියාගෙ නම ලියන තීරුවෙ පියාගෙ නම හිලක් උනේ කොහොමද අම්මෙ ගානකොට උඹ මොනවද කියන්නෙ ආ...ම්ම්ම්...මෙහෙට වර...තොට පිට පුපුරන්න දෙකක් දෙන්න....

ඌයීහ්...ගහන්න එපා...නිතේ.....ස්...උන ලමයට නෙද මේ ගහන්නෙ...පියාගෙ නම හිලක් උනොත් මම දෙනවා ලමයට මහ මොල්ලිගොඩයගෙ වාස ගම...

චිහ්...මූනටවත් මුනිච්චි කරවන්නෙ නෑ...

මම උන කියාලා බලන්නෙ නැතුව එයාගෙ පිට මැදට ඩෑස් එකක් දීපු මම බෙරිහන් දෙන එයාවත් ඇදගන ඇදට වැටුනා....

මගෙ විතේන්ට වැඩ ගොඩයි.....මං බලාගම එයා දෙපාරක් තුන්පාරක්ම එයාටම අම්මා කියා ගන්නවා.....

එක අතකට...මම එයා ...නොදැක්කා උනත්....අපි ගාවට එන්න ඉන්න පැටියා කලු උනත්...සුදු උනත්.....ලස්සන අඩු උනත්....මොන විදිහෙන් උන්නා උනත්...එයා ඇත්තටම වාසනා වන්ත වේවි....

දෙමපියො දරුවන්ට ආදරේ කරන්න පටන් ගන්නෙ රූපයක් දකින්නත් කලින් ඉදන් කියන්න මට තවත් සාක්ශි ඕනා උනේ නෑ....මම කිව්වෙ මට අප්පච්චි කෙනෙක් වෙන්න ඕනා කියන එක විතරයි ...එයාට පුලුවන් තාත්තා වෙන්න...එත්....එය කිව්වෙ එයා අම්මා කියලා ...

එක අතකට ඒකෙ වැරද්ද මොකක්ද...මගෙ අම්මයි තාත්තයි දෙන්නම උනේ අප්පච්චි ....අම්මා ගැන රචනාවක් ලියන්න කියපු හැමදාකම මගෙ රචනාව උනේ...දසමාසයක් කුසේ නොදැරුවත්.....හැමදාමත් මාව හිතේ දරාගත්තු මගෙ අම්මා " අප්පච්චියි " කියලා ....අවංකවම මට අම්මට අප්පච්චිට දෙන්නටම උන්නෙ අප්පච්චි ....

මං මේ මෑතකදිති දැක්කා....පියවරුන්ගෙ දවසෙ හැපි ෆාදර්ස් ඩේ කියලා පොඩි කෙල්ලෙක් අම්මව අත් දෙකෙන් අල්ලන් ඵොටෝ එකක් දාලා තිබුනා..සමහරක් හිනා වෙලා තිබුනා...උන් කැප්ශන් එක එක්ක ඵොටො එක සසදලා තිබුනා...ඒත්...ඇත්ත කතාව නම්...කැප්ශන් එක ඇතුලෙ උන් හිනා වෙනවට වඩා හුගාක් බර කතාවක් හැංගිලා තිබුනා....

හරියටම මගෙ අම්මා අප්පච්චි දෙන්නම උනේ මගෙ අප්පච්චි උනා වගේ...කෙල්ලගෙ අම්මා තාත්තා දෙන්නටම උන්නෙ ඒ අම්ම වෙන්න ඇති.....මිනිස්සු හිනාවෙනවා ....කකුල් මැද තියන එක බලල හැගීම් බෙදනවා ...

අවංකවම කිව්වොත් අප්පච්චි නැති ගෙවල් කීයක නම් අම්මලා අප්පච්චිගෙ බරත් අදිනවා ඇද්ද.....නැති උන අප්පච්චිට පන දෙනවා ඇත්ද....

රට ඉදන් දහදුක් විදින අප්පච්චිගෙ අඩුව දරුවන්ට දැනෙන්න දෙන්නෙ නැතිවෙන්න අම්මලා කීයක් නම් අප්පච්චිලා වෙනවද...

ඉපදෙන්නත් කලින් උප්පැන්නෙට හිස් තැනක් තියලා මගෙ සීයා තාත්තා වගෙ පැනලා ගිය තාත්තලා හින්දා අම්මලා කීයක් නම් තාත්ත වෙනවද ...

එතකොට මම වගේ අම්මා උන්නත් අම්ම නැති උන් කියකට අප්පච්චිලා අම්මලා වෙනවා ඇතිද 

එහෙම බලන් ගියහම ඇත්තටම අම්මා අප්පච්චිට ඕන ලිංග බේදේ නෙවේද කොහෙද පපුවෙ පන ගැහෙන හැගීම් විතරමද කොහෙද ....

තේශියෝ...

ම්න්...

මං උන්නෙ සෑහෙන්න දේවල් කල්පනා කර කර...කට තිබ්බ පලියට දරුවෙක් හදන්න ඕනා කිව්ව පලියට කවදාවත් දරුවෙක් හදන්න බෑ කියන එක මගෙ ඔලුවට වද දෙන්න ගත්තා .....මට උන දේවල්...සුදු අක්කට....අපි කාටවත් උන දේවල් නම් මගෙ ජීවිතේට මගෙ ලමයට වෙන්න දෙන්න එපාය කියලා මගෙ පපුව කෑ ගැහුවා....ඒ එක්කම මෙච්චර වෙලාම ඵෝන් එකට බෙල්ල දාන් උන්න එයා මගෙ අත උඩ ඔලුව තියාගන මගෙ පැත්තට හැරුනා....

අපි මොකක් කියලද නම දාන්නෙ තේශි.....

කාටද....

අපේ බබුච්චට....අරිසෙන් අහුබුදු දාපු නමක් වගේද ගන්නෙ ..

කාගෙන්වත් නම් මොකටද..මගෙ ලමයට මම නමක් දාන්නම්...උඹ ඉදින්කො පහෙන් නැතුව...මගෙනෙ ළමයා.....ආය අනුන්ගෙ නම් මොකෝ....

අම්මෝ...අනේ...මේ මිනිහගෙ ලොකු කම....දැන් මාව ගනන් ගන්නෙත් නෑ

එහෙම තමයි.....ගහප් පයින් එකක් විසික්ක වෙන්න....

එයා නමක් ගැන අහනකොට මම එයාට සැර උනා....මූනෙන් ඇත්තටම වගේ උනාට මට ඕනා උනේ එයාව අවුස්සන්න විතරක් උනත් මං බලන් ඉන්නකොට ඒ ඇස්වලට කදුලු ඉනුවා ...

යෝ....බොරුවට බොරුවට අප්පා ....මගෙ ඇට්ටර විතේනයා...ඇත්ත කියපන් ..උඹට ඊරිසියා හිතුනා නේද....

ම්ම්හ්ක්...

යෝ.....ඉතින්...මගෙ බිබික්කම...බොරුවට නෙ මැනිකේ....

ඒ උනාට...අවංකවම මට චූට්ටම චුට්ටක් විතර ඊරිසියා හිතුනා තේශී.....අවංකවම මං ආදරේට ලෝභයි...පෙරේතයි ....කොච්චර කොහොම කිව්වත්....ආදරේ බෙදා ගන්න මිනිස්සු හරි ලෝභයි තේශී....

මන් දන්නවා මැනිකෙ....මන් උඹ ගැන නොදැන ඉදීවිද .....නමක් හොයන එක නෙවෙ විතේන් මං ඉල්ලන්නෙ මෙච්චරයි ...මට තරම් නීරස....කටුක ලමා කාලයක් කවදාවත් ඒ දරුවට දෙන්න එපා....ඒක මහ පවක්...වේදනාවක්....තුරුල් වෙන්න ඕනා කිව්වොත් ..තුරුල් කර ගන්න...වඩා ගන්න කියලා කිව්වොත් වඩා ගන්න....කවන්න හුරතල් කරන්න කිව්වොත් ඒ දේ කරන්න විතේන් . ..මොකද ළමයෙක්...ලමයෙක් වෙන්නෙ එක පාරයි ...ලමා කාලෙ එන්නෙ එක පාරයි ..

මට නොලැබුන ....උඹට ලැබුන ....ඒ ජීවිතේ එයාට දෙන්න...තුරුල් කරගන්න කියන වෙලාවෙදි තුරුල් කර ගන්නෙ නැති උනාම...ඒක පපුවට මාර වේදනාවක් විතේන් ....වැස්ස දවස් වලට පුංචි උන් ආසයි අම්මා අප්පච්චි මැදට රිංගන්න...එහෙම උනාම කවදාවත් ආපිට හරවන්න එපා...ඒක පොඩි හිතට වද දෙනවා විතේන් ...හරියටම මට වද දුන්නා වගේ ....ළමයා අපි දෙන්නගෙම....උඹ කැමති නමක් දාපන් රත්තරන් .....ඒත්.....ළමයෙක් ළමයෙක් වෙන්නෙ එක පාරයි....උවමනා කාලෙදි තුරුල් කරගන්නෙ නැති වෙලා අවසානෙදි ළමයා ලොකු උනාට පස්සෙ අපිට එයාව තුරුල් කරගන්න ඕන වෙනකොට ළමයා අවසානෙදි හෙම්බත් වෙලා අපිව පැත්තකට කරයි....

ඒ දේ වෙන්න දෙන්න එපා මැනිකෙ...මට එච්චරයි ඕනේ....මං කැමති නෑ...මගෙ ඇස් ඇස්වල කදුලු තව ඇස් දෙකක් අස්සෙ දකින්න...

මම කියන්න පුලුවන් සරලම වචන වලින් එයාට වෙන්න ඕන දේ කිව්වා...මීට තත්පර ගානකට කලින් ඊරිසියයි කියපු එයාගෙ මූන වෙනස් වෙන හැටි මම බලන් උන්නා.....අවසානෙදි එයා ම දිහා බලලා හරිම කෙටි උත්තර දුන්නා හැබැයි...ඒ උත්තරේ ඇතුලෙ මම ප්‍රාර්තනා කරපු හැම දේම තිබුනා.....

මාව විස්වාස කරන්න.....

මට එයාව විශ්වාසයි.....මගෙ හුස්ම හා සමානවම විශ්වාසයි...ළමයෙක් කියන්නෙ පෙති සිනිදු මලක්...එක පාරක් පර උනෝතින් කවදාවත් ආයම පිපෙන් නැති ....ලමයෙක් කියන්නෙ සමනල තටුවක්....එක පාරක් කුඩු උනෝතින්...ආය කවදාවත් හදන්න අමාරු.....මගෙ නීරස ලමා කාලෙන් එකම අංශු මාත්‍රයක්වත් මට මගෙ දරුවට දෙන්න හිත හදාගන්න බැරි උනා.....මට ඕනා නමට අප්පච්චි කෙනෙක් නොවී.....වචනේ පරිසමාප්තියෙන්ම අප්පච්ව්හි කෙනෙක් වෙන්න...හරියටම දහම් දිසානායක වගේ.....

එහෙනම්...එච්චරයි මැනිකෙ...

මම එයාගෙ නලලට හාදුවක් තිබ්බා....

ඒ උනාට මට නමක් හදන්න පුලුවන් නේ සුදු අප්පො....

මොකද බැරි....හදපන් මගෙ හිච්චි අරිසෙන්...

මං එකක් හදලා ඉවරනෙ....

මෙච්චර ඉක්මනට....

අපො...ඔව්.....ඔයා දන්නවනෙ සුදු මහත්තයා ....මේ විතේන් නෙලීශ ගැන....

අම්මෙ...ඔව්...දන්නව මගෙ බිබික්කම ගැන....මොකක්ද හැදුවෙ...

එයා ඒ හදිස්සියට නමක් හොයලා..මහ ලොකු අම්මා...මං බලාගන උන්නා...එයා නම කියනකන්....එයාගෙ අම්මට වගේම අනිවාර්යයෙන්ම එයාටත් ලස්සනට නම් තියන්න පුලුවන් ඇති...මොකද...නිතේශ් සෙයෝන් කියන නමට පන දුන්නෙ එයාගෙ අම්මා...

නිහාර විවේන් දිසානායක...

නිහාර විවේන්...

ඕ...නිතේස්....විතේන්...නිහාර විවේන්...

මම හිනා උනා....මගෙ ආදරනීයම විතේන්ගෙ නම අහලා....නිහාර විවේන් දිසානායක .....මම ඒ නම මගෙ හිත ඇතුලෙන් සියපාරක් කියන ගමං ඔලුව හෙල්ලුවා...එයාගෙ හිනාව කොතනද තියෙන්නෙ .අන්න එතනයි මගෙ සතුට තියෙන්නෙ ....

ඒ කොහොම උනත් කමක් නෑ...අරිසෙන්...හැන්දෑවටලෑස්තිවෙයන් බෙහෙත් ගෙන්න ආ....

අනේ.....

මෙ..මගෙ මාරයා අවුස්සගන්න එපා විතේන් ..ආය ආය කියන් නෑ...නිද ගනින් හවස බෙහෙත් ගේන්න යන්න ඕනා එච්චරයි ....

ම්හුක්.....වමනෙටත් වගේ ....

ඒක තමා කිව්වෙ .....

මොකද ලොකු පුතා ඩොක්ටර් කිව්වෙ.....

මූ මොකක් හරි ජරාවක් කාලා ඇති කියන්නෙ....අජීර්නයක් ද දන්නෙ නෑ කිව්වෙ....ආ අම්මා...අජීර්න වලට බඩ යන්න එපැයිනෙ...මේකට බඩ යන්නෙ නෑනෙ වමනේ විතරනෙ යන්නෙ...වමනෙයි උනයි....අනික...ඈනුම් ඇරඇර ඉන්නවා ඔව්වා අජීර්න වලය එනවද....අනේ මන්දා....දවස් තුනකට බෙහෙත් දුන්නා.....වමනෙට කැද දෙන්න කිව්වෙ....

ම්හුක්....ඒකනෙ.....මට බඩ යන්නෙ නෑනෙ...අනික...ඌට ලෙඩ්ඩු බලන්න යන්නෙ එක තත්පරයයි...නලාව තිබ්බෙ නෑ....වද්දලා ගත්තා ...සෙනග වැඩි වෙනකොට උන් ලෙඩ්ඩුන්ගෙ මූන විතරයි බලන්නෙ. .....

හරි..හරි . ..උඹ බෙහෙත් ටික බීපන්කො...පලිගුවා වගේ අහුවෙන හැම මගුලම කටේ ඔබා ගන්නෙ නැතුව කට පරිස්සමින් විතේන් ආ.....

නහයෙන් අඩ අඩ උනන් එයාව මම.මරන්න හදලා වදෙන් පොරෙන් බෙහෙත් ගෙන්න අරන් ගියා යනකොට හවස පහ විතර උනත්..එනකොට හත කිට්ටු උනා...එ යක ගාව ඇගිල්ලක් ගහන්න බැරි තරන් සෙනග.කිව්වත් වගේම දොස්තරයා නලාව වද්දලා ගත්තා මිසක් පපුවෙ සෙම තියනවද කියලා වත් බැලුවෙ නෑ.....

බෙගෙත් අරන් ගෙදර ආව මම එහෙම්ම බාතෲම් එකට ගිහින් ශවර් එක යට හිට ගත්තා ...සෙනග ගොඩේ හිටපු හින්දදො...බෙහෙත් වල ගද නහයට ගියපු හින්දදෝ මන්දා මගෙ ඔලුව කැරකවෙන්න ගන්නකොට නාන්න ගියපු මම ඇග විතරක් තෙමාගන එලියට ආවා.....

ඔය මොකද දරුවො.....බත් එක එහෙම්මමනෙ.....

කන්න බෑ අම්මා.....මගෙ ඔලුව කැක්කුමයි...ඊටත් කන්න පිරියකුත් නෑ...

තේශී.....ඇයි...

මට පේන්නෙ....ඔයාගෙ අජීර්නෙ මටත් බෝ වෙලාද කොහෙද ....

රෑට කන්න ගත්තු මට කන්නවත් පිරියක් නැති උනා....සැරින් සැරේ ලාවට අල්ලපු ඔලුව කැක්කුම නලල දෙපැත්තට ඇන ගහනවා වගේ දැනෙන්න ගන්නකොට මට කන්න පිරියකුත් නැති උනා වගේම මම බත් පත තියල එහෙම්ම නැගිට්ටා ....නැගිටලා හිට ගත්ත විතරයි මගෙ ඔලුව කෙලින් කරගන්න බැරි උනා වගේම මාව විසික් වෙලා වගේ ගිහින් වැටෙන්න වගේ යනකොට මම එහෙම්ම මේසෙ අල්ල ගත්තා...

තේශී....

😒මේ මුකත මේ.....ජැක්කනෙ....😒

ම්හුක්....

ආය හෙට දිහාවට එන්නම්කො...ඈ...

පයිස්සමින් ...සතුටින් ඉන්ඩෝ....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters