Cherreads

Chapter 99 - 99

පලිගු.....පලිගු....

අනේ....ඒ කියන්නෙ බල්ලෙකුත් ඉදලනෙ...

මම අතේ තිබුන සිල්වර් පාට මස් කටුව උඩ ලියවිලා.තිබුන නම උඩ ඇගිලි ගෙනිච්චා .....අත්තම්මගෙ නම තිබුන බැල්ලියක් ඉදල.....

අනෙ..දෙයියනේ....ඇයි මට එකම එකක් වත් මතකෙට එන්න නොදෙන්නෙ.....

මම සාක්කුවෙ තිබුන ඵෝන් එක අරගන ආය ආයම බැලුවා....මෙලෝම මගුලක් නෑ...ඩිලීට් කරපු ඵොටෝ ගන්න තැනින් ගිහින් චෙක්කෙරුවා ....නෑ....ඵෝන් එක අලුතෙන් ගත්තා හා සමානවම තිබුනා.....

වැඩක් නෑ ...එකම එක ඵොටෝ එකක් නෑ..අඩුම ගානෙ මගෙ එකක් වත් නෑ....මම කොහොමද දෙයියනේ ඒකව හොයා ගන්නෙ.....

අතට හිර උන සිල්වර් පෙන්ඩන්ට් එක සාක්කුවෙ දාගත්තු මම ගේ පුරාවටම ඇවිද්දා...හැම ලාච්චුවක්ම ඇරලා බැලුවා.....අඩුම ගානෙ දෙයියො මෙවෙලෙ හරි මගෙ මූන බලලා එකම එක සාක්කියක් වත් මං වෙනුවෙන් ඉතිරි කරලද කියලා...නෑ...ඒත් නෑ.....කිසිම දෙයක් නෑ....පුටු කකුලක තිබුන බලු දම්වැලක් ඇරෙන්න වෙන මොකුත්ම නෑ....

අඩුම ගානෙ උන්ගෙ සුවදක් වත් නෑ....

අනේ...මේ ගේ ඇතුලෙ සතුට පිරිලා තියෙන්න ඇති..මගෙ ගෙදර සතුට පිරිලා තියෙන්න ඇති...උන් අපේ ගෙදර එන්න ඇති....අපි උන්ගෙ ගෙදර එන්න ඇති.....

කාලකන්නි... .මොල්ලිගොඩ කාලකන්නි.....

මම එහෙම්ම නිදින කාමරේට ගියා. මෙට්‍ටයක් වත් ඉතිරි නොවුන ලෑලි විතරක් ඉතිරි උන ඇද උඩ මම ඉදගත්තා ....ඇදුම් දාන අල්මාරියෙ හැගර් ඇරෙන්න වෙන මොකුත් නෑ....කොන්දට අමාරු බව දැන දැන උනත් මම ඇද උඩ උඩ බෙලි අතට පෙරලිලා කිසිම දෙයක් නොගාපු සුදු පාට සිවිලිඅ දිහා බලන් උන්නා...

සිරියාවන්ත මහත්තයා ...අනේ උඹ කොහෙද මැනිකෙ ඉන්නෙ .. ..පලිගුවො.....උඹට ඉව නැද්ද පලිගුවො මං ආවයි කියලා හොයා ගන්න...

මගෙ ඇස් වලට කදුලු ඉනුවා....මං ඵෝන් එක අතට ගත්තා .....මේලෝකෙ නැති කුන්ඩාවාලයෙක් නැති තැන් දෙකතුනක් තිබුනා...එකක් ඉන්ස්ටා ...එකක්....ෆේස්බුක්...අනික අලීඑක්ස්ප්‍රස්....අනිත් මගුල් ගැන මං දන්නෙ නෑ...මං ඔය දෙක තුනෙන් එහා දෙයක් හොයන්නෙත් නෑ....මට හිතුනා ෆේස් බුක් යන්න...අඩුම ගානෙ...අඩුම ගානෙ මට අමතක මගෙ පනව මට හම්බෙයි කියලා මගෙ හිත කිව්වා....මගෙ කියන එකවුන්ට් එකෙ මං ශෙයාර් කරපු කිසිම දෙයක් නෑ....ෆ්‍රෙන්ඩ්ලා නෑ...මැසෙන්ජර් එක හිස්....මෙලෝම මගුලක් නැති වෝල් එකේ මම ඔහේ උඩට පහලට ගියා.....

මෙලෝම මගුලජ් නැති වෝල් එකේ මම අහම්බෙන් වගේ පෝස්ට් එකක් දැක්කා.....

සෑම සාර්තක පිරිමියෙකුගේම ජීවිතේ ගැහැනියක් ඇත...ඇය නමින් අම්මා විය...-අනුශ්ක උදාන

අනෙ පක....

මට සද්දෙට කියඋනා...අනිත් හැමෝගෙම අම්මලා.....ශක්තියක් වෙන්න ඇති...වැටෙන තැන නැගිට්ටවන්න ඇති.....ඒත්..මගෙ අම්මා නෙවෙ...මගෙ අම්මා කරලා තියෙන්නෙ මාව පාගපු එක...

මගෙ මතකෙ මරලා මාව මරපු එක...කොටිම්ම කියනවා නම්.....අනීතා මොල්ලිගොඩ කියන්නෙම මිනිමරුවෙක්.....හැගීම් මරුම...දැනීම් මරමු....තමන්ගෙම කුසින් වදාපු එකාට කොඩිවින කරපු.....මිනී මරුවෙක් ...

අනේ මාත් ඌට පන ඇරලා ආදරෙ කරන්න ඇතිනෙ....මම ඌව ඇස් දෙක වගේ බලාගන්න ඇති....

මං දන්නවා..දැන් මං ආතක් පාතක් නැතුව උන්නට....මම ආදරනීයම මනුස්සයෙක් වෙන්න ඇති....එයාව ආදරෙන් බලාගන්න ඇති....කොඩි වින කරලා වෙන් කරන්න තරම් ...කොයි තරම් බම් බැදීමක් අපි අතරෙ තියෙන්න ඇතිද .....

අනිවාර්යයෙන්ම ...ඒ ආදරෙ හයියට තියෙන්න ඇති...නැත්තන් ..නියං කාලෙදි කොහොමද මල් පිපෙන්නෙ.....

මගෙ මැනිකෙ....සුදු අප්පො ආවා...අනේ....උඹ ඉන්න තැනින් වරෙන්....අඩුම ගානෙ.....මට එක ඉගියක් වත් දියන්.....සක්වල ගලින් එහා හරි මං උඹව හියන් එන්නම් මගෙ මැනිකෙ...මෙ ජීව්තේ මට හරි බරයි....මේ ජීවිතේ හරි හිස්...අනේ...අඩුම ගානෙ...උඹගෙ නමක් වත් මතක නැති මම මොන තරම් අසරනද බලපන් මැනිකේ.....

මන් ඇඩුවා....දැනුන අසරන කම කොයි තරම්ද කියනවා නම්...එයාගෙ නම පවා අමතකයි කියන එක මගෙ පපුවට පුදුමාකාර තරම් වද දෙනකොට මම ඇඩුවා...

ආදරේ කියන්නෙම...හරියටම .....මැජික් එකක් වගේ.....මායාකාරයෝ ගාව තියන මැජික් වගේ නෙවෙ...ඒ මැජික් එක...ලේසියෙන් කාටවත්.....කරන්න බැරි...පපුවටම දැනෙන මැජික් එකක්...කවදාවත් නාද්‍යට වත්....මොල්ලිගොඩ පරම්පාරාවට පෙන්නන්න බැරි මැජික් එකක්...

හරියටම ...එයා වගේ...ජීවිතේට ඇවිත් යන්නෙ කවදාවත් අමතක කරන්න බැරි මතක ඉතිරි කරලා උනත්..උන් ඒ මතක පවා මකලා තිබුනා.....මලගිය ප්‍රානකාරයෙක් එයාගෙ ආදරෙ මතක ආය ආයම ගොඩ දානකොට ඒ මතක මොන තරම් බරද කියනවා නම්..මාව නොමර මරනකොට ඒ කියපු වචන අස්සෙ තිබුන ආදරේ මට උහුලගන්න බැරි උනා.....

ඒ මතක අමතක උනත්...ඒ වචන මතක් වෙන වාරයක් ගානෙම මම හිතින් දස දසහස් වාරයක් විදෙව්වා ..... ....

මට අප්පච්චි මතක් උනා.....මං අප්පච්චි ගෙ වට්සැප් නම්බර් එකට අරන් බැලුවා.....ඒක වැඩ නෑ.....මං මැසේජ් එකක් දැම්මා....අප්පච්චි කියලා.....ඒත් නෑ....

අප්පච්චි කොයි වෙලාවක හරි මේක දැක්කොතින් මට කෝල් එකක් ගන්න අප්පච්චි ....

මං නිකන් මැසේජ් එකක් දැම්මා...අවසානෙදි වැඩ නැති බව දැන දැන උනත් කොයි වෙලාවෙ හරි ගනී දකී කියන බලාපොරොත්තුවෙන් මම අප්පච්චිට වොයිස් මැසේජ් එකක් දැම්මා.....

අප්පච්චි ...ඔයා කොහෙද අප්පච්චි ඉන්නෙ.....අනෙව් ඇයි අප්පච්චි ඔයා ආවෙ නැත්තෙ .....අම්මලා මට මොන අපරාදයක්ද අප්පච්චි මෙ කෙරුවෙ....

මුන් කියන කරන මෙලෝ මගුලක් මට තේරෙන්නෙ නෑ අප්පච්චි ....රන්මලිඔ මැරිලලු....නෑ...නාද්‍යා ඒකිව මරා ගත්තලු....එහෙම ගැනියෙක්ව ඇයි අප්පච්චි අම්මලා මගෙ කරේ එල්ලුවෙ....අනේ අප්පච්චි ...මට මේ තනිකම දරන්න අමාරුයි....අම්මලා කියන වචන විස්වාස කරන්න අමාරුයි .....ඔන්න තැනකින් එන්නකො මගෙ අප්පච්චි ...අනේ...මට උඹ විතරයි හයියට ඉන්නෙ.....

අප්පච්චි ...මගෙ මුලු ගේම හිස්...පහල ගේම හිස් ...අනේ...අප්පච්චි ...මට සුදු අප්පො කියලා කතාකරපු මගෙ මැනිකව මට හොයා ගන්න උදව් කරන්න අප්පච්චි ...මට පිස්සෙක් වෙන්න බෑ...අනේ...මට තවත් නම් පිස්සෙක් වෙන්න බෑ අප්පච්චි ....

අනේ ..මට උන් එකෙක්ව වත් මතක නෑ අප්පච්චි .....මට මගෙ කොල්ලගෙ නමවත්...මූන වත් මතක නෑ අප්පච්චි...මාව තව තව පිස්සෙක් වෙන්න කලින් වරෙන් මගෙ අප්පච්චි ....නැත්තන් මට මාවත් නැතිවේවි මගෙ අප්පච්චි ..අනෙ පින් අයිති වෙයි.....වරෙල්ලකෝ.....

මං එක පිට එක මැසේජ් කෝටියක් යැව්වා ....මගෙ පපුවෙ තියන වේදනාව කියා ගන්න කෙනෙක් නැති වෙනකොට මම අප්පච්චි අනේ ඉන්න තැනකින් වරෙන් මගෙ අප්පච්චි ගගා වොයිස් ක්ලිප් යැව්වා .....ඒත්...මට කාගෙන් වත් සරනයක් තිබුන් නෑ....

සාගරයක් තරම් ආදරයක් දීලා දීලා අවසානෙදි ඒ ආදරේ මතකයක් වත් නැතිවෙනකොට දැනෙන වේදනාව.....මහ මුහුදෙ ගිල්ලලා මැරුවා හා සමානවම පපුවට දැනෙන්න ගත්තා...මම ආයම පිස්සෙක් වගෙ අහු මුලු ගානෙ ගියා...මොකක් හරිම හම්බෙයි කියලා හිතුවා...අනේ..මම මුලු ගෙවල් දෙකේම ලාච්චු පවා ඇද ඇද හෙව්වා ...ඒත් මගෙ කරුමෙ කොයි තරම්ද කියනවා නම් මට එයාගෙ කෙස් ගහක් වත් හම්බ උනේ නෑ....

මං හෙම්බත් උනා...හොයලා හොයලා බැරිම තැන මං අවසානෙදි හෙම්බත් වෙලා එහෙම්ම බැල්කනි එකට ගියා..මගෙන් බැනුම් අහපු නාද්‍යාට බෙඩ් ශීට් එකක් වත් නැති ඇදේ නින්ද ගිහින් තිබුනා ....බැල්කනි එකේ දොර පලු අරිනවත් එක්කම ආව හුලන් රැල්ල ගෙට ඇතුල් වෙනකොට ඒකි කෙදිරි ගාගනම ඇකිලුනා .....ඇයි....ඒකිට තිබුන් නැද්ද බෙඩ් ශීට් එකක් දාගන්න...තේ බීපු කෝප්පෙ ඇද යට...

අද මෙතන ඒකි වෙනුවට එයාම ඔය විදිහට උන්නා නම්...මම මොනවා නොකරයිද ....

දෙයියනේ මිනිස්සුන්ට බලෙන් ආදරයක් ගන්න පුලුවන්ද ...තව කෙනෙක්ගෙ ජීවිතයක් උදුර ගන්න පුලුවන්ද .....

උඹගෙයි මගෙයි එකතු වීම කොයි විදිහෙන් උනත්....උඹට මගෙ අත සදහටම අතෑරෙන්නෙ නැත්තන් එච්චරයි .....උඹගෙයි මගෙයි එකතු වීම අද නෙවෙ උනත්...හෙට නෙවෙ උනත්.....මම අල්ල ගත්තු උඹෙ අත සදහටම අතෑරෙන්නෙ නැත්තන් එච්චරයි ...

මං විශ්වාස කරනවා මගෙ පන...උඹ මේ ලෝකෙ කොහේ උන්නත් .මම වගේම අඩනවා ඇති ..උඹටත් මාව ඕන ඇති ...නොයන් කාලෙදි මලක් පිපෙනවා නම්...ඒ මල තරම් හයිය මලක් තවත් කොහෙවත් නැතිව ඇති....

ඉවසන් ඉදින්.....මම පිස්සෙක් වෙලා හරි ...මගෙ අන්තීම හුස්ම යවන්න හරි උඹ ගාවට අනිවාර්යයෙන්ම එනවා මගෙ මැනික.....

මම පපුවටත් වඩා බර ලොකුම ලොකු හුස්මක් අරගන තව තත්පර ගානකින් ඉර පායන්න ඉන්න අහස දිහා බැලුවා .....මද අන්දකාරෙ එක්ක තැනින් තැන පායලා තිබුන තරු දිහා මං බලන් උන්නා...

කමක් නෑ...හැම නියං කාලයක්ම අවසානම වෙලා අවසානම තත්පරේ හරි එකම එක වතුර බිදක් වැටෙනවානෙ...මහ වැස්සක් වැස්සත්.....අවසානෙදි දේදුන්නක් පායනවනෙ.....දවසක් එයි .....කොයිම.මොහොතේ හරි...උඩ ඉන්න තිස්තුන් කෝටියෙන් එකම එක දෙවියෙක් හරි මා දිහා බලාවි....ඒ දවස කවදා උනත් ..මන් උඹ වෙනුවෙන් ඕන දුකක් උහුලන් ඉන්නම් ....මට එච්චරයි උඹ වෙනුවෙන් කියන්න තියෙන්නෙ.....

මෙච්චර වෙලාම ඉදල හිටලා වාහනයක් ගියපු මහ පාරෙ කහ පාට ලයිට් අස්සෙන් දැන් දැන් වාහන දෙක තුන යන ගමන් මහ පාර අයිති කරගන්න ගන්නකොට මම ආපහු එන්න හැරුනා...

උදේ පාන්දර කියලා නෑ....එකාට එකා ඉස්සර කරන්න තදියම් වෙනකොට හෝන් ගහන සද්දයක් එක්ක මම ආපහු හැරිලා බැලුවා....

AVON COSMETICS ..

කොස්මෙටික්ස් ඩිලිවරි ලොරියක හෝන් එකක් ගහන් යනකොට මම එ නම දිහා බලලා පින්තූරෙ දිහා බලනවා එක්කම කස්ටම් එකේ කන්ටේනර් එකක් කන් දෙක බීරි කරගන යන යනවා එක්කම අර ලොරිය සම්පූරනම වැහිලා ගියා....

*

*

*

නාද්‍යා ...නාද්‍යා ....නාද්‍යා ...

කලින්දා රෑ එකොලහට මනමාලියෙක්ට අන්දවන්න ගෙදරින් ගිය පාර දවල් දවසෙත් සැලෝන් එකේ මැරිලා මැරිලා මං ගෙදර ආවෙ බඩගින්න කියන දේ උපරිමේටම තියගන....මොල්ලිගොඩ හැත්තගෙ හපන් කම් වලට පින්සිද්ද වෙන්න ස්ටාෆ් එකටම දැන් උන්නෙ කෙල්ලො තුන් හතර දෙනෙක් වෙනකොට මට උන්ගෙ සැලරි වලට ගෙදර වියදම් හොයන්න රැයක් දවාලක් නැතුවම නැහෙන්න උනා...

වෙලාවට කටට රහට කෑමක් නැති මට කඩෙන් කාපු හැම දවසකම කෙලින් ඉන්න බැරි වෙන්නම වමනෙ යන හින්දම මම ඇල් වතුර වීදුරුව පවා ගෙදරිම්ම බිව්වා ....

ඇස් වලට නිවනක් නැති හින්දදෝ මගෙ ඇස් සම්පූරනම ගිලා බැහැලා ඇස් යට කලු වෙලා තිබුනා....අනුන්ව කොච්චර ලස්සන කේරුවත් මට බැරි උනාමාව ලස්සනට තියා ගන්න.....රැවුලත් වැවිලා කොන්ඩෙත් වැවිලා...මං තනිකරම වැද්දෙක් හා සමාන වෙනකොට අද දවසටත් වලදක් රත් වෙලා නැති බව දැකපු මට යක්සාවේස වේගන මම කෑ ගැහුවා වගේම මං දැක්කා සෝෆා එක උඩ ඔඩෙල් එකේ රෙදි බෑග් එකක් තිබුනා ....

මේකි අදත් මගුලෙ ගිහින්ද....

මං අඩියට දෙකට ඇදුම් බෑග් එක ගාවට ගිහින් ඇදුම් උරේම සෝෆාවට හැලුවා ...තිබුනෙ ඔක්කොම අන්ඩවෙයාර්ස් විතරමයි.....ඒ ඔක්කොම තනි රතු....නැත්තන් සම්පූරනම ලේස් අල්ලපු බ්‍රා වෙනකොට මං එකක් අතට අරන් බැලුවා ..

මේකිගෙ...අප්පට....යකෝ...රුපියල් පන්දහක් දීලා තොට යටට බොඩි අදින්ඩද මන් මේ පිස්සෙක් වගේ නැගෙන්නෙ නාද්‍යා .....නාද්‍යා කොහෙද උඹ.....

මං අතට ගත්තු බ්‍රා එකත් අරගබ කෙලිම්ම කාමරේට ගියා.....

බ්‍රාතෲම් එකේ වතුර සද්දෙ ඇහෙනවා ....ඒකී නානවා ..මාව තරහටයි දුකටයි දෙකටම වෙව්ලන්න ගත්තා .....ඒකි කරන්නෙ මගෙ සිහිය අවුල් වෙලාව බල බල මගෙන් සූරන් කන එක වෙනකොට හොද සිහිය ආවම මට මාවවත් පාලනේ කරගන්න බැරි උනා...මං හිතන්නෙ නාද්‍යා මගෙන් තරම් නම් කාගෙන් වත් ගුටි කාලා නැතුව ඇති....

නාද්‍යා ....

මේ එනවා නිතේශ් ...මොකද දොර මඩන්න හදන්නෙ....

ආ...වරෙන්කො එලියට ...වරෙන්කො ....

මන් දොර ගාවට වෙලා බලන් උන්නා...ඒ එක්කම ඒකි දොර ඇරියා ....

නාද්‍යා ...උඹ අද කොහෙද ගියේ....

ශොපින් කරන්න...

හරි....ශොපින් කරන්න...මට කියපන්...උඹට මේන් මේ මගුලට පන්දහක් දික්කරන්ඩ හතර මහ නිදානෙ පහල උනාද කියලා ...ආ...??ආ යකො...ම මැරීගන හොයන්ඩ....තෝ ඔක්කොම කාබාසිනියා කරන්ඩ ...

නිතේශ් මං තමුසෙගෙ කසාද ගෑනි....තමුසෙ මට නොදි කාට දෙන්නද.....ආ...

ඔව්...උඹ මගෙ ගෑනි..හැබැයි නමට....ආ යකො...ගෑනි නම් තෝ දන්නෙ නැද්ද මිනිහා ගෙදර එනකොට කන්න හදලා තියන්න...ආ...බලපිය ....තෝ කවදා ඉදලා රෙදි හෝදලා නැද්ද...කිලුටු ඇදුම් කදු ගනන්.....තෝ කවදද යකො ගෙට කොස්සක් ගැහුවෙ ...

නිතේශ් ...මං එදත් කිව්වා .....තමුසෙට බත් තම්බ තම්බ ඉන්ඩ නෙවෙ මං තමුසෙව කසාද බැන්දෙ .....ඇරත්...තමුසෙ මගෙ මිනිහලු....තමුසෙම කියනවා නිතේශ් මිනිහෙක්ගෙ අතින් වෙන්න ඕන එක දෙයක් වත් තමුසෙ මට කරනවද කරනවද කියලා ...

ඔව් ..මං තොට මේ වෙනකන් ඔක්කොම කරලා තියනවා ...තො එක්ක බුදියනවා ඇරෙන්ඩ...එ හින්දනෙ තෝ මදී නොකියන්ඩ ක්ල්බ් ගානෙ ගිහින් එකඑකා ලව්ව කා ගන එන්නෙ නේ...උඹට ඇත්තටම මගෙන් මෙච්චර ගුටි කාලත් ලැජ්ජාවක් නැද්ද නාද්‍යා ..තෝ මෙච්චර ගනන් දීලා යට ඇදුම් අරන් ඇදන් යන්නෙ වේසකමේ කියලා මං දන්නෙ නෑ කියලා හිතුවද ....ආ නාද්‍යා ...උඹම ගැනලා බලපන්....දවස් කීයක් අර ක්ලබ් එකේ මිනිහා මට කතා කරලා සර් වයිෆ් ට වැඩී වගේ අරන් යන්න අරන් යන්න ගගා කෝල් කෙරුවද කියලා ...තෝ ඒ හැමදාම ආවෙ මගෙ කරෙන් නේද....ඈ නාද්‍යා ...අඩුම ගානෙ තොට ලැජ්ජාව නැති උනත් පොඩි දුකක් වත් නැද්ද කියපන් ..

මං අතේ තියන් උන්න බ්‍රා එක පොලවෙ ගහලා,පයින් පාගලා දැම්මා ....කොටිම්ම නාද්‍යා කියන්නෙ රන්මලී කිව්වා හා සමාන බැටලු හමක් පොරවගත්තු කැනහිලියක් කියන්න මට වැඩි කල් නොයා තේරේන්න ගත්තු දා ඉදන් ඒකිව මං බාගෙට මැරුවා .....

හම්බකරන සතයක් වත් මගෙ අතේ නොරැදි ලුනු දිය කරන්නා හා සමානවම දිය වෙවි යන්න ගත්තා ....දරන්න බැරි දුක් ගැහැට විදල විදලම ....තුන් වේලටම සිගරට් උරවලම මාව ඇටගැහෙන්න ගත්තා .....ගෙදර කියන්නෙ අමු අපායක් වෙනකොට නාද්‍යා කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම මාර දූතියක්ම වෙනකොට ඒකි මගෙ රීරි මාන්සේ උරාගෙන බොන්න ගත්තා .....

දෙයියනෙ නිතේශ් ....නවත්තපන් මිනිහො....ඔය කරන අපරාදෙ .....

අපරාදෙ ...අපරාදෙ කෙරුවෙ වෙන කවුරුත් නෙවෙ අර මොල්ලිගොඩ වේසියො....තෝ වගෙ හැපින්නක් කරේ එල්ලපු දා ඉදන් මට වගතුවක් නෑ...මට කියපිය තෝ අද මොකාගෙ කාර් එකේද නැගන් ගියේ...ආ...මං තෝව අද නම් මරනවමයි නාද්‍යා .....මගෙ සල්ලි කකා...මාව කකා...

චටාස් ...

නිතේ....ශ්....ආහ්....නිතේශ් ....අතෑරපන්.....මිනිහෝ....අනේ.....ආව්....හ්.....එපා..නිතේශ් ....අතෑරපන් කෝ.....

මං ඒකිට අත දිගෑරලා ගැහුවා ..එක පාරක් දෙපාරක් නෙවෙ .....ඇදන් උන්න ටවල් එක ගැලවිලා බිමට වැටෙනකොට මගෙම කලිසම් බෙල්ට් එකේ පාරවල් හිටලා ඒකිගෙ ඇගෙ දම්පාට පාරවල් හැම තැනම තිබ්බා .....

ඒකි මැරෙන්න හදනවා ....බඩ ගින්දර හිතේ ගින්දර මේ ඔක්කෝම එකට එක කැල තෙනකොට සතේ ඉදම්ම සූරන් කන නාද්‍යාව මං අදත් බාගෙට මැරුවා වගේම මගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක රින්ග් උනා...

අම්මා....

ඒ අනිත් එකී.....

මං එහෙම්ම අරකිව තල්ලු කරලා දාලා ඵෝන් එක අතට අරන් ආන්ස්වර් නොකර ගුටි කාපු නාද්‍යා දිහා බැලුවා ...

තෝ මෙතනින් හෙලවෙන්නෙ නෑ හරී.....

මං ඵෝන් එක ආන්ස්වර් කෙරුවා .....

හෙලෝ...

හෙලෝ..සුදු මහත්තයා .....

මොකද ...

මොකද කියල අහන්නෙ....ආ නිතේශ් උඹලා කොළඹ ගියා ගියාමයි...අට මාසෙකුත් පහුවෙන්න එනවා.....නිකමට වලව්වට ආවද.....අත්තම්මට ඇවිදින්ඩ බෑ මටත් කොන්දෙ අමාරුව අල්ලලා තෙල් ටිකක් ගාගන්ඩ කෙනෙක් නෑ කියලා ඔය නාද්‍යට කී දොහක් මං කතා කෙරුවද.....

ඒකිට දැන් ඔහෙ එන්ඩ වෙලා නෑ...උදේ ඉදන් රෑ වෙනකන් වේසකමෙ යනවා ඇරෙන්ඩ ...

නිතේශ් ...

නිතේශ් ...නිතේශ් තමයි...තොපි මගෙ කරේ ගැහුවෙ ගෑනියෙක්ද වේසියෙක්ද.....සිංහලෙම්ම අහන්ඩ ....

මොනවද නිතේශ් උඹ මේ කියවන්නෙ...

කියවන්නෙද...උඹලගෙ ලේලි පොඩ්ඩගෙ හපන් කම්...කතා කරලා අහපන් මේ ගෙවුන අට මාසෙටම මේකි කවදද ගෙදර වලදක් රත් කෙරුවෙ කියලා ....උදේ ඉදන් නැහිලා නැහිලා ගෙදර එනවා...ඒ එන හැම දාකම වලදක් රත් කරලා නෑ...ෆන්න පඩිය මදි මේකිගෙ ජංගි වලටයි බොඩි වලටයි...

නිතේශ් ...උඹ ඔය මොනවද කියවන්නෙ නිතේශ් ...

කියවන්නෙද....කියවන්නෙ මගෙ හිතේ දුක යකො.....තොපි මට මොන අපරාදයක්ද මේ කෙරුවෙ...හොදට බලාගනින් අනීතා ...උඹලා මට මේ කර ගස්සපු හුනියම හින්දා මං දවසක මිනිමරුවෙක් වෙන්නෙ නැද්ද කියලා...එක පාරකුත් මං දැන් දවස් තුනක් කූඩුවෙ ඉදලා ආවෙ...ආ

සීවරන් දෙයියනේ ....නිතේශ් උඹ මේ මොනවද කියන්නෙ නිතේශ් .....

ආ...ඇයි...මේකි කිව්වෙ නැද්ද ...මේකිරෙ ළඟදි මිනිහෙක් එක්ක ගිහින් අහුවෙලා මගෙන් කාපු කෑමට දවස් දෙකක් සිහි නැතුව ඉස්පිරිතාලෙ උන්නා කියලා .....කිව්වෙ නැද්ද ....කොහෙ කියන්ඩද ..රන්දෙනිගල මැනිකෙ වේස ගෑනියෙක් කියලා කට ඇරලා කියන්ඩ පුලුවන්ද ....මේකිට ගහලා සිහි නැතිවෙනකොට මමයි ගිහින් පොලිසියට බාර උනේ....දෙයියනෙ කියලා මං ඒ දවස් දෙකේ සැනසීමෙන් උන්නා..මේකිමයි ලැජ්ජාවටයි බයටයි ඇවිත් ඇපදීලා එලියට ගත්තෙ....ඒත් ලැජ්ජා නෑ..ඒත් ලැජ්ජා නෑ....

නිතේශ් ...උඹ ඔය හොද සිහියෙන්ද ඉන්නෙ නිතේශ් ...

හොද සිහිය ....දැන් මගෙ හොද සිහියක් කොහෙද අනීතා...මට උඹට දැන් අම්මෙ කියන්නවත් හිතෙන් නෑ ඉස්සර අඩුම ගානෙ කට වචනෙට හරි අම්ම කිව්වා.....මට දැන් එකවත් හිතෙන් නෑ....උඹලා මගෙ හොද සිහිය නැති කරල...මොන හිතකින්ද දැන් අහන්නෙ මම හොද සිහියෙන්ද කියලා ...මං මේ පලාතටම ලැජ්ජා වෙලා ඉවරයි.....

හැමදාම මේකි එක එක සංගම්වල රැස්සීම් කියකිට යනවා ....ගියපු හැම දාකම ආවෙ මිනිහෙක්ගෙ කරෙන්....ඔන්න මගෙ ගෑනිගෙ කෙරුවාව...

නිතේශ් ...මං කලිම්ම කිව්වා ...බැදපු දාම කිව්වා ....ළමයෙක් හදපන් කියලා ...

තුහ්....ඔය කතාව මගෙ කනට ඇහෙන්ඩවත් කියන්ඩ එපා...මේකි එක්ක ළමයි හදලා මටත් ලෙඩ ගැදිලා අවසානෙදි අර මෙලෝ මගුලක් නොදන්න නොදරුවත් ලෙඩෙක් වෙලා ඉපදෙන්න තමයි ..ඇරත් මේකිට දරු කැක්කුම් නෑ...

නිතේශ් ඇති...නිතේශ් ....

කටවහපිය ...මං තොපෙ වලව්වට ගත්තෙ නෑ තාම....තොට දවස් ගානක් අම්මා කතා කර කර එන්න කිව්වලු නේ....තෝ ගියාද .....

අනෙ නිතේශ්...මට බෑ ඔය නාකි ගෑනුන්ට තෙල් උල උල යන්ඩ.....ඇරත් ඉස්පිරිතාලෙට යන්ඩ බැරි ඇයි...මටනම් බෑ නිතේශ් මාව ගහල මැරුවත් කමක් නෑ....මට බෑ ඔය ජරහන්ත අල්ලන්ඩ....

ආ...අනීතා මැනිකෙ....ඇහුනනේ...උඹගෙ දූ සිගිත්ත දීපු උත්තරේ.... .ඇහුනනෙ ....දැන් සතුටුයි ද ...ආ....මං මගුල් දවසෙත් කිව්වා

....මට මේකිව දැනෙන් නෑ කියලා ...අට මාසයක් පහුවෙන්ඩ ආවා....මේකි ඒ අටමාසෙම කෙරුවෙ මාව කාපු එක....උදේ ඉදන් රෑ වෙනකන් ජවුසන් නටපු එක....උඹලා මට මේ කරපුවට පන පිටින් පනුවො ගහන්ඩ ඕනා...

දෙයිඅනෙ නිතේශ් ...

ඇයි...ඇයි...මන් කියන්නෙ ඇත්ත අනීතා මැනිකෙ..මං දැන් පිස්සෙක් ....පිස්සෙක් කියන්නෙ පිස්සුම හුත්තෙක්....වෙලාවට කෑමක් බීමක් නෑ...කඩෙන් කෑවොත් මැරෙන්ඩ වැටෙනවා ...හිතේ සතුට මෙලෝ දෙයක් නෑ....උඹලා මාව කාලා...මගෙ අප්පච්චි උන්නා නම්...අද මට මෙහෙම වෙන්නෙ නෑ....කරුමෙ කොච්චරද කියනවා නම්...ඒ රත්තරන් මනුස්සයා ආ ගිය අතක් නෑ....බිස්නස් වැඩකට රට ගියා නම් කෝ...අටමාසයක් පහුවෙලත් කෝ.....තොපි අපිව කෑවා....කාලා නැත්තටම නැති කෙරුවා ...

මං කෑ ගැහුවා ..මේ අටමාසෙ ඇතුලෙ වෙච්ච කෙරිච්ච දේවල් අකුරක් නෑරම මං අම්මගෙ කනෙ තිබ්බා.....මට දැන් අම්මා කියන්නෙ ....අනීතා කියන්නෙ කෙලිම්ම පිට ගෑනියෙක් තරම් වත් වටින් නැතිවෙනකොට මන් කටට එන කුනුහර්ප එහෙම්ම කියලා දැම්මා ....

අත්තම්මා ඇදට වැටිලා කිය කිය නාද්‍යට එන්න කිව්වත් ආවෙ නෑ කිය කිය අම්මා නාද්‍යට දොස් කියන කොට මං නාද්‍යගෙ පැටිකිරිය විතරක් නෙවෙ මොල්ලිගොඩ වලව්වෙ මුනුබුරා ලැජ්ජාවක් නැතුව රිමන් එකෙත් උන්නා කියලා කිව්වා....අවසිහියෙන් මොන රූලඩ නැටුවත් හොද සිහියෙන් ඉන්නකොට මන් තරම් යකෙක් මේ හතරමායිමෙ උන්නෙ නැති තරම් උනා...

නාද්‍යා කිව්වත් වගේ වෙන වෙන පිරිමි එක්ක ජවුසන් නටන්න යනකොට මම මට නැති උන එයාව පිස්සුවෙන් වගේ හෙව්වා....මතක නැති උනත් අහම්බෙන් හරි හම්බෙයි කියලා පාරක් පාරක් ගානෙ ඇවිද්දා .....රෑ එලිවෙනකම්ම වැඩ කෙරුවා ...එ හැම වේදනාවක් එක්කම නාද්‍යාගෙ හැසිරීම එක්ක මට මාව පාලනේ කරන්නම බැරි තැනක වෙරියෙන් උන්න ඒකිට ගහපු ගැහිලි වලට සිහිය නැති උන ඒකිව ඉස්පිරිතාලෙ දාපු මම මමම ගිහින් බාර උනා...ඒ තරමට මම මානසීකව වැටිලා උන්නා.....

නිතේශ් ....ඔය ගෑනිව එක්කන් වරෙන් මෙහෙට ....ඇවිත් නතර වෙන්ඩ කියපන්...අත්තම්ම දැන් එක තැන..මට ඇවිදින්ඩ බෑ.....සාත්තු කරන්ඩ බල්ලෙක් නෑ....ඕකිට එන්ඩ කියාපන්....

මං කියන්ඩ ඕන් නෑනෙ....ඒකි දැන ගන්ඩ එපැයිනෙ....උඹලනෙ මේකිව කර ගැස්සුවෙ...නේ...දැන් මම මේ දුක් විදින්නෙත් උඹලා හින්දනෙ....උඹලා කරගස්සපුවාට උඹලම කියපල්ලා.....

අම්මා නාද්‍යව එක්ක එන්න කියනකොට මම එයාටම කියන්න.කියලා නාද්‍යගෙ අතට ඵෝන් එක දුන්නා...කන් අඩි රත් වෙන්න කාපු නාද්‍යා එන්නම් කියන එක කොදුරල වගේ කියනකොට මම.ඵෝන් එක අරන් කෝල් එක කට් කරල දැම්මා....

ඇහුනනෙ...යන්න ලෑස්ති වෙයන් හෙට....ඒ උඹගෙ නැන්දම්මනෙ....

නිතේශ් ....

නාද්‍යා...කතා එපා...උඹ මගෙ ගෑනිනම්...එහෙම ඉදපන්...නැත්තම්...ඩිවෝර්ස් එක දීලා පලයන්...හැබැයි...උඹ ඩිවෝර්ස් උනොත්...මම උඹව ඒත් ලේසියෙන් අතාරින් නෑ...තෝ ඉන්න ඕනා..මගෙ ගාව...විදව විදව තෝ මගෙ ගාවම ඉන්න ඕනා...දැන් ලෑස්තිවෙයන් යන්න...

කොහෙද ....නිතේශ් මට..බෑ...මට නම්...බෑ.....

මාව තව අවුස්සන්ඩ එපා හරි...ඇදුමක් දාගන ඔය ගත්තු අමුඩ කෑලිත් අරන් වරෙන්.....ඒ ඔක්කො මාරු කරපන්...කරලා....විලි වැහෙන්ඩ ගනින් ඇදුමක්....තෝව මට පාරෙ එක්ක යන්ඩ ලැජ්ජයි....වේසකමේ ගිහින් ගිහින්..යකො මිනිස්සු හිතයි මං බඩුවක් බැන්දෙ කියලා ....නැගිටපන්...නැගිටපන්....

නිතේශ් ....මන් කිව්වනෙ...මං කිව්වනෙ...මට බෑ...මං ඒ එකක් වත් මාරු කරන් ..ආඅ....හ්හ්....ආහ්ව්ව්....අත....අත..දෙයියනේ...මගෙ අත...

නැගිටපන් එහෙනම්....නැගිටලා ලෑස්ති වෙයන්.....මං උඹට විනාඩි පහක් දෙන්නම්..හැබැයි.....විලි වැහෙන්ඩ ඇදපන් මන් කොයි වෙලේ හරි තොට රත් කරපු තෙල් එකක් හලනවා එහෙන් මෙහෙන් පෙන්නන් යනවට ..

.අන් නාද්‍යට කෑ ගහලා කෑ ගහලා ඇවිත් තත්පරෙන් නාගන එනකොට ඒකි ලෑස්ති වෙලා ඉදන් උන්නා...

දීපන් බිල බලන්ඩ .. .

යට ඇදුම් විතරක් උස්සන් ආව ඒකිගෙන් බිල ඉල්ල ගත්තු මට තරු පේන්ඩ ගත්තා ...

ආයකො...තෝ මේ පනහකට කිට්ටු වෙන්ඩ ගත්තෙ මේ අමුඩා කෑලිද???තොටයි මටයි දෙන්නටම අදින්ඩද මෙච්චර බොඩි ගෙනාවෙ....තෝ නම් මාව කන්නම ආව එකියක්....වර යන්ඩ දැන් වත්.....

නිතේශ් ....දෙයියන්ගෙ නාමෙන් කටපියා ගන්නවා දැන් වත්....මාත් කරුමෙකට කර ගැහුවා ....

කට පියාගන්ඩ කියන්නෙ කසන සල්ලි තියනවා කියලා හිතුවද මන් ගාව ආ යකො...තෝ කියන්නෙ තොටයි කරුමෙ කියලද ...මගෙ න් මැරුම් නොකා වර යන්ඩ ලේ පුච්චනවා මගෙ ..වේස ගෑනි. ..

ඔව් මන් වේස ගෑනි තමා...උඹෙන් හම්බෙන් නැති හින්දනෙ මං....

වටේටම කියල කා ගන්නෙ....ඒක මං නොදන්නවා නෙවෙ.....පට්‍ට බැල්ලි උඹ.....මාව කෑවා .....

මන් ඒකිට බැන්නා.....ඒකිත් ආපිට බැන්නා....කොච්චර ගුටි කෑවත් ඒකිගෙත් කටේ හයිය අඩු නොවෙනකොට මග දිහටටත් ඒකි මගෙන් ගුටි කෑවා...එක පාරක් තල්ල කරපු පාර්ස් ඒකිගෙ මූන ශටර් එකේ ඇනුනා...ඒත් ඒකි නෙවෙ කට පියන්නෙ.....

යනවා..පින් අයිති වෙයි...මගෙ ලේ කෝප නොකර.....විලිවැහෙන ඇදුමක් ගනින් නාද්‍යා හරි...

මන් රිටන් කරන ඇදුම් ටික එතනට දුන්නා ...යට ඇදුම් මාරු කරන්නෙ නෑ ගානකොටම ගුටි කන්න බැරි කමටද කොහෙද නාද්‍ය මොන මොනවදෝ කියලා රිසිට් එක අරන් ඇවිත් මගෙ අතට දීලා මාත් එක්කම කැරෙනකොට මං ඒකිව තනියෙන් යවලා මම එහෙම්ම පිරිමි ඇදුම් ගොඩට ගියා...ඒකි එක්ක ගිහින් මටත් ලැජ්ජා වෙන්ඩ....

මේ ඔක්කොම ලොකුයි ..බඩ වැල වගෙ....

මන් කැරකුනා...මාස ගානකට පස්සෙ ඇදුමක් ගන්න,ආව මාව කරකවලා අතෑරියා වගේ උනා...

තිබ්බ ඇදුම් වලින් බාගෙට බාගයක් ලොකු වෙනකොට මන් තවත් එකක් අරන් ෆිටෝන් රූම් ගාව තිබුන කන්නාඩිය ගාවට යනකොටම කවුරු හරි මාව ඇදලා ෆිටෝන් රූම් එකට ගත්තා ....

ඔ...ඔයා කව්ද....??

ඇතුලට ගත්තු කොල්ලා මොකා උනත් ඌ මාව දැකලා බය වෙලා වගේ බලන් උන්නා,වගේම ඇස් වල කදුලු පුරවන් එක පාරම මාව ඇදලා අරන් තුරුල් කර ගත්තා ....

නිතේශයා.....

සෙනෝන්.....මේ දොර අරින්න....කහ පාට කොනඩ කුරුල්ලෙක් ඉන්න එකක් හම්බුනා මේක හොදද බලන්න ඒයි...සෙනෝන්....ඉක්මන් කරන්නකො....දෝනියා තනියමනේ....

ජැක්කනේ.....!!!!

මේ චැපි මන් නෙවෙ ලියන්නෙ....ඇතුලෙ ඉන්න සාතන් ම්හුක්🥺🥺🥺

දෝනියෝ.....!!!

ඉහි.

.ඉහි.....අජ අනූ නම වෙනි කොටස අප්ජේට් කෙරුවෙ ....හෙට...100!!!

මුව පැතියත හිම්චි එදිරි මුම්නී.....පීලින් එකක් එනවානේ...🙈🙈🙈😂😂

තවත්...අරුම පුදුම ඩෑස් සමගින් හෙටත් එන්නම්....

FERDEESHA ❤💚 ...

More Chapters