Cherreads

Chapter 28 - 27

හැන්ද දිගෙ නෙවෙ බන් අත්තම්මෙ.....හැන්නදිගෙ....හැ....හැ.....හැන්න දිගේ....හැ න් න දි ගෙ....

කැන්නද දිගෙ කිව්වා.....

ටම....හැන්නදිගෙ අත්තම්මෙ..කැන්ද මොන කැන්දක්ද ඔහෙ දොඩන්නෙ...

මන් උන්නෙ මගෙ කට ඔහෙක් කරගන මදිවට මෙහෙක් කරගන.....ගෙටගොඩ වෙන්න හම්බුන් නෑ තේ කෝප්පයක් උස්සන් ආව අත්තම්මා ඒක සීයත්තගෙ අතට දීලා මගෙ හැන්දගෙ නම අහ අහ කෑගහනකොට එක වතාවට දහවතාවක් විතර හැන්න දිගෙ කියාපු මගෙ හැන්දගෙ රතුකටුපැනන් එන හැටි ඇස් පනාපිට දැක්ක මගෙ කට " යක්සාලයෙක්" වගෙ ඇදවෙලා ගියා....

යෝහ්....එක්කො අපෙ මිනිහා නවත්තන්න ඕන.. .නැත්තන් අපෙ අත්තම්මා නවත්තන්ඩ ඕනා.....අත්තම්මෙ ඔය ඉන්නෙ මුනුබුරු බෑනනෙ අත්තම්මෙ යෝහ් පුතාගෙ මිනියා අත්තම්මෙ...

කකුල් දකත් එකට පූට්ටු උන කම්බිකටු දෙකක් වගෙ පූට්ටු කරන් උන්න මං අනිත් පාර හැන්දෙක්ට ඇරගන්න අපෙ අත්තම්මා ගාවට වගේම හැන්දා ගාවට කිට්ටු වෙනකොට මං බලාගන පොලිස් පාට් පුස් පාට් කරන් උන්න අපෙ අප්පච්චි එක අතක් පස්සට බැදගන අනිත් අතින් අතින් උඩු රැවුල උඩු අතට කරකවන වලව් හාමුදුරුවො ගාව මීක් නැතුව ඉන්නකොට ලැව්ගින්නට පෙට්‍රල් දැම්මා වගේ "සූස වෙසංගතා " එකපාරම අප්පච්චි ගෙ රෙදි ගැලෙව්වා.....

" පුකෙ ගහගනින් වලව්ව.....පුකෙ...පුකෙ...වලව්ව...පුකෙ....හලූ...තේජක.....ජරාව බොන්න එපා තේජක්...තුත්තිරි පුකෙ ගහගනින්.... වලව් ඉලව්ව....වලව් ඉලව්ව...මොනරූ....මොනරූ....හලූ.....සාගරිකා....පඩත්තර බ ල් ලා....."

මං හිතන්නෙ අප්පච්චිට දුවන්න පාරවල් නැතිවෙන්න යන්නෙ...එක්කො අප්පච්චි ටවෙන්නෙත් මාත් එක්කම පැනලා යන්න....ඒත් අප්පච්චි කොහෙ කියලා නා එක්ක යන්නද....අප්පච්චි ට පුලුවන්ද මායි අපෙ එක්කෙනයි මැදට එන්න....බෑනෙ.....අපි අතරෙ අද කොච්චර දේවල් නම් වෙන්න තියනවද ...අප්පච්චි ඓක්කන් ගිහින් කොහොමද ...

යෝ අර මූසලයටත් එක්කො ගෑනියෙක් ගෙනත් දුන්නා නම් හරි...සැලලිහිනියෙක් ඕන නෑ එක්කො කාක්කියෙක් හරි....ඇයි අනෙ මෙතනම වෙලාව කීයද....පැනලා යන්නෙ නැද්ද අපෙ මිනිහටත් ගානක් වත් නෑ....ඔව් ඉතින් මං එපැයි පවුලෙ බර කරට ගන්න.....හිටපන්කො ....අද රැයින් පස්සෙ මං උඹගෙ කසාද මෙව්වා කෙනා වෙනවනෙ ..පොඩ්ඩක් ඉදින් මං මේ ඉවසන් ඉන්නෙ හැන්ද අතට ගන්නකන් විතරයි හැන්දො....මුලින්ම මං කරන්නෙ උඹට අපෙ අප්පච්චි ව ආස්සරෙ කරන එක තහනම් කරන එක.....

ඔය සුදුපුතා ගෑම හරියනෙ නෑ...කව්ද අනෙ දන්නෙ මොන මගුලක් වෙයිද කියලා....නෑ...නෑ...අර සසිකා නිසංසලත් කියන්නෙ...හීනෙකින්හෝ.....වෙනකාටවත් උඹ නොදෙමි මන් .....එක්වෙන්න සංසාරෙ පින් නැතුව නම්...අපි දෙන්නා එක තැනම මියෙදෙමු ඉතින් කියලා....හැබැයි මං මැරෙන්නෙ නෑ...ඒ කොටස ඉල්ලීගල්!

මං මායන් වෙන්න ගත්තා ....එහෙන් වලව් හාමුදුරුවො වචන නැතිව අපෙ අප්පච්චි ව සැලන්ඩර් කරනකොට මහ මැනිකෙ අපෙ මිනිහව අල්ලන් නමක් ගැන දොඩවද්දි මේක ඉවරයක් කරගන්න දත කකා උන්න මම මගෙ යක්සාලයෙක්ට අන්තවෙලා තිබ්බ මූන හදාගන මොනර පෙදේ පොඩ්ඩක් ගසා දාගන පිලෙන් පිල විදහව ගත්තා විතරයි මට කලින් මහ මොනරි රැස් විහිදවන්ඩ ගත්තා....

ඔය මොක දිගෙ උනත් වැඩක් යෑ ...ඔය ළමයා දනන්වද මං කව්ද කියලා.....

ඔව්....ඔහෙ අපෙ සුදු අක්කගෙ මහ උන්දැනෙ?ඉතින්?????

මොකෑ කිව්වා.....ඔය ළමයා දන්නවද මං මොන මැනිකෙද කියලා....

පටන් ගත්තා...පටන් ගත්තා...ඉරුවරදෙ දැන් ‍රෑටත් අල්ලනවා....මෙහෙ ඇවිල්ලත් මැනිකෙ පඩංගුව දිගාරිනවා....තේජක...

අ...අප්පච්චි ...

පොවාපන් මේක අපෙ මැනිකෙට...දොස්තර සාප්පුවට ගියහමත් මට කිව්වෙ මගෙ ඉහට මේ කරච්චලෙ බලපාලා කියලා...

අම්මා....මේ මේන් මේ තේ එක බිලා ඉමුද....

මක්කය කිව්වා.....

මේ තේ එක....තේ එක...මේක බීලා ඉමු...

මෙ ළමයා දන්නවද මං මැනිකෙ කෙනෙක් කියලා.....අපි නුවර මිනිස්සුය කියලා නෙ කොල්ලට කියාපන් තේජක.....මට මැනිකෙ කියලා මිසක් ආවට ගියාට කතා කරන්ඩ එපාය කියාපන්....අපි නුවර මිනිස්සු ...ආවට ගියාට ඔහොම කතාබතා කරන් නෑ....මේන්...මෙන්..මේන් බලාපන් මේකා රවනවා...අනෙ...අම්මා...පල්ල...

කොහෙන්ද මේකව හොයාගත්තෙ කියාපන් තේජක...බලාපල්ලකො...මේකගෙ උස....පුවක් ගහක් වගේ.....

ආ...ආ....ඔහෙට මොන්ගල්‍ය....මේ බලකො මාමෙ....මෙයැයි කියන්නෙ පසගපිහිටුවා වදින්ඩ කියලද...පිස්සුවක් ඇතෑ ඉතින් ආය...හොද කෙලිය ඉතින්....මේන් මෙයැයිට කියන්ඩ ඔය ලබ්බවල් මන් නන් දොඩන්නෙ නෑය කියලා හරිය....

පෙනේද...පෙනේද...මේකා මක්ක හරි කිය කිය බෑගිරි තියනවනේද...මං හිතුවා මේකගෙ වාසගම දිගයි කියනකොටම මොකෙක් හරි පෝරිසාදයෙක් කියලා....අපෙ හාමු මහත්තයා....මේන් මේකා මක්කද කියන්නෙ....පෙනේද කිසි ගරුසරුවක් නැතුව මූන දිහා බලන් ඉන්න හැට් ...ආ බොල කොල්ලා වලව් ඈයො ගාව.....විසේසෙම්ම මොනරවිල මැනිකෙලා ගාව ඔහොම මූනට මූන දීලා හිටන් ඉන්නවද බොල....

මගෙ ඉහ ඇම්ම ආයම එනවා...ඕක පොවාපන් තේජක ඔය මැනිකෙට....මගෙකට දිහා බලාන ඉන්නෙ ඕක පොවපන්....මැනිකෙ නෛයියාඩගමක් පටන් අරන්...අනෙ කන්දෙ දෙයියනෙ මාව බීරි කොරාපන්....ඕක පොවාපිය කිව්වම අහල වලව් හාමුදුරුවන්ගෙ උදහසට ලක්වෙන්නෙ නැතුව....

හා..හා..එහෙමයි...එහෙමයි අපෙ වලව් ඇත්තො...අපෙ අම්මා මේ තේ එක බිව්වා නම්....මේක බීලා හිටිමුකො.....මේක බීලා හිට්මුකො...මොන මගුලක්ද දෙයියනෙ මේක...මාව බිරිවෙන්නෙ නෑනෙ.....

අනෙ අප්පච්චි ....අත්තම්මට ඔහොම කියන්නෙ ඇයි...ඔයා දන්නවනෙ අප්පච්චි ඔයාට ඉන්නෙ මැනිකෙ නැන්දම්මෙ කියලා...ඔව්වා ලේවලින් එන දේවල්...අනික සමුද්‍ර අයියෙ ඔයා.....

ඇයිබොල...මේ...සන්තා...නම්....

මෑනියනෙ...මෑනියනෙ....මෑනියනෙ...මාමෙ මට ගෙදර යන්ඩ දී බල....මුන් ඔක්කොටම වලව් ඌස්නෙ සහලවලා....

ආ...ආ....අනෙ ඇත්තමයි අයියෙ ඔයා...

මේ...සිහත්...උඹ හදන්නෙ මගෙ පන්සිල් කඩලා මාව මිනිමරුවෙක් කරන්නද කියපන්....මෙන්න මේකපොවලා එක්ක පලයන් උඹගෙ අත්තම්මව ගෙට...මගුලක් කියන්ඩ ගත්තා....තව එකයි මෙතනට අඩු.....මොකද උඹගෙ හපන් කමත් මෙතන දිගෑරලාවලව්වෙ නම තියන්නද මොකද ම්ම්ම්....එක්කන් පලයන් ...එක්කන් පලයන් ...

මං මැරෙන්න හැදුවා....උඩට උස්සන් උන්න..මගෙ මොනර පෙද ටික දිලිසන්න ගන්නවත් එක්කම අත්තම්මගෙ තනියට කතා කරන්න ගිය මගෙ දිහාව අප්පච්චි බලපු බැලිල්ල එක්ක මගෙ බඩත් එක්ක කොරවෙලා යද්දි මං අප්පච්චි මහෙ අතට මිටමොලවපු කෝප්පෙ දිහා බලාගන උන්නා....ඒ චුට්ටකින්ම මන් අත්තම්මා දිහා බැලුවා....

මගෙ ඇස් දෙක තනිකරම වෙසක් කලාපෙට ගහන වෙසක් තොරනෙට එල්ලන බල්බ් වැලකට අන්ත උනා.....වෙන මොකටවත් නෙවෙ අත්තම්මා සීයත්තට තේ දෙන්න ගෙනාව කොප්පෙ දැකලා....නුවර වැව රවුම පහුකරන් යනවත් එක්කම පහලට වෙන්න් තියන ඇන්ටික් බඩු කඩේ කියන්නෙම නොදන්න කාලෙ ඉදන් මං ඇහැ ගහන් ඉන්න තැනක් වෙනකොට අත්තම්මා අරන් ඇවිත් තිබුනෙ එතන තිබුන ඇත්කද ලිහිනියෙක් සිතුවම් කරාපු තේ කෝප්ප සෙට් එකෙන් එකක වෙද්දි මගෙ ඇස් වල ලයිට් පත්තුවෙන්න ගත්තා....

ආ...නෙ.....නෙ...අත්ත...ම්මෙ...ඔයා අර ටවුමෙ තියන ඇන්ටික් බඩු කඩෙන් ද මේක ගෙනාවෙ.....ඈ අත්තම්මෙ.....සීයත්තෙ....මේ...මං එදා ඉදන් ඉල්ල ඉල්ල උන්න තේ කෝප්ප සෙට් එක.......අනෙ....අප්පච්චි මේ....මේ....මං ඉල්ල ඉල උන්න එක......අනෙ අත්තම්මෙ තරහ නැතුව මේකෙ තියන තේ වෙන එකකට දාලා බොන්නකො....අපරාදෙනෙ මේකෙ තේ බොන්නෙ...මේකෙ කහට ඇල්ලුවොත්...පොඩ්ඩක් හෝව්...ඔයා මේ තේ හැදුවෙ සෙස්ටා වලින්ද ලාඕජිද....අපෙ වත්තෙන් ගෙනාව තේකොල වලින්ද අනෙ ඇ.....???

කහටපාට හරි හරියට තියන මොනරවිල කහටෙන්ද අනෙ....

අප්පච්චි අනෙ...මේ....මේ.....සුදු අයියෙ මෙ...අනේ මේ...ඔයා දන්නවද මේක කොච්චර පරනද කියලා...මේන් ඇත්කද ලිහිනියෙකුත් ඉන්නවා...මේ....මේ....කොහෙද ඉතින් ඔයාලට මෙව්වල වටිනා කමක් තියනවද....මෙව්වා ඉතින් වටින්නෙ උපතිම්ම වලව්කාරයන්ට විතරයි ...නුවරකම ලේ වලතියන උන්ට විතරයි .....අත්තම්මෙ ඔයා අර රාජසිංහ කැටයන් කපාපු කනප්පුව ගත්තෙ නැද්ද අනෙ...නිකන් ඉන්න එකෙ ඒකකුත් ගන්නකො....මොකො අපිට කියලත් යමක් කමක් තියෙන්න එපැයිනෙ....බදින වයසෙ මුනුබුරු පැංචෙක් ඉන්නකොට ඔයාලාට මෙව්වා කල්පනා වෙන්නෙ නැද්ද අනෙ.....

කානුවට බදින්ඩ කල් තිබ්බට මාව දැන් ඇහැට කනට පේනවනෙ.....ඈ අත්තම්මෙ...ඔයාලගෙ වගකීම් මෙව්වා...ඇරත් කව්ද් දන්නෙ මාව ගන්න ඉන්න එක්කෙනා උනත් මෙව්වට ආසද කියලා....එයා උනත් ආස ඇතිනෙ මාව රජෙක් වගේ තියාගන්න...ඔයාලා නම් පුදුමාකාර අය අප්පා...

ආ අර රත්තරන් පාට ගාපු බුලත් පඩික්කම....ඒකත් ඕන...ඔව්වා වටින්නෙ දැන් නෙවෙ තව ඉස්සරහට.....සීයත්තෙ....මේ අනෙ.....සීයත්තෙ.....

මං නෙවෙ අත්ත්ටම්මට තේ එක බොන්ඩ දුන්නෙ ..අතට දුන්න තේ එකත් උදුරගත්ත මං පිස්සෙක් වගේ පඩික්කම් අනන් මනන් ගැන කියව කියවා සීයත්තා ගාවට කිට්ටුවෙනකොට මං බලාගන මහ මොනර මැනිකෙ ඩෙංගු හොය හොය වතු වතුගානෙ පොල්කටු වලට එබිකන් කරන පීඑච් අයි කෙනෙක් වගේ මගෙ සමුද්‍රදිහා බලාගන එබිකම් කරනවා...

අප්පච්චි තනිකරම මැනික් හින්නෙ කට්ටඩියෙක් වගෙ මක්කද මක්කද කියව කියව මගෙ මනුස්සයගෙ කනට කුටු ජුටු ගානකොට අපෙ එකා අත්තම්මා දිහා බලාගන උන්නෙ තලපතෙක් අල්ලගන්න දාපු දැලට අහු උන පුලුන් කාරල්ලා දිහා බලන් ඉන්නවා වගෙ...

ඒ ඔක්කොම නයියාඩගම් බලාගන මන් කෝප්පෙ උස්සන් මහ මොනරා ගාවට දිව්වා...

සීයත්තෙ.....අහන්නකො අනෙ...

මොකද???උඹට බුලත් පඩික්කනුයි තේ කෝප්පයි විතරද දැන් අඩු සුදුමහත්තයා....මුන්ගෙ අම්මටත් ඒ කාලෙ ඉදම්ම පඩික්කන් පිස්සුව.....මුන්ගෙ මහ උන්දැටත් ඒම පිස්සුව...දැන් උඹත් පටන්ගත්තද ...මේ පරම්පරාවෙ එකෙක් නෑනෙ හොදට ඉන්න...

අප්පුච්චියෝ.....ම්හුක්....කවුද අප්පා තේ බොන්නෙ....පුතාටත් තේ ටික දියල්ලකො....හොරෙ බොනවනෙ....පුතාට කල්නතෙ වගෙ....කලන්තෙ මග එනවනෙ........

සුදු පුතාට තේ ටිකක් දියල්ලකො........මං ඉපදුන දා ඉදන් තේ ඉල්ලන්නෙ.....දියල්ලකො....

ඒ අනිකා...ඒ අනිකා....තේම බොනවා...මේ කොල්ලගෙ තේ බීම තාම අඩුවෙලා නෑනෙ...විහාරා....විහාරා....අප්පච්චි ට තේ එකක් ගෙනාවා නම්.....අඩු සීනි නම් මනාපයි ..පන්කාදු තේ කොල එකක් ගෙනාවා........සුදුමහත්තයා උඹගෙ කියවිල්ල අහවර නන් සීයත්තට තේ ටිකක් ඉල්ලුවා කියපන්....තවත් කෝප්පයක් දිහා බලන් ඉන්නවා...අපි නුවර මිනිස්සු බොල.....ඔයාකාර මසුරුකම් කරන්නෙ නෑ බොල...කරන එකක් ගානට කොරාපිය.....

.නැනෑ....තව තියනවා....තව කවිච්චි සෙට් එකක් ඕන....අර සින්හ කකුල කැටයම් කරාපු එකක්....ඒකක් එක්ක මේ අනෙ සීයත්තෙ අර වියන් හතර එන ඇදකුත් දෙන්නකො අනෙ. .බීක්කු බීක්කු කපාපු...ඔයා දන්නවනෙ අනෙ...මං ඔය කැටයම් වලට හරි ආසයි කියලා.....නේ .....ඈ අපෙ හාමුමහත්තයා.....

ඇයි කන්දෙ හාමුදුරුවනෙ ...ඔය කටවහපන්කො සුදුමහත්තයා ....ඔය කටවහපන්....පඩික්කනුයි කවිච්චියි ඉල්ලන්නෙ...උඹට හවරියක් එපාද.....

ඇයි අප්පා....තේ ටිකක් දියල්ලකො.....මට නෑනෙ....අම්මියෙ.....මටත් එකක් හදා දියල්ලකො.......

සුදු පුතා අම්මා ඔතනට එන්නද.....නැත්තන් ඕක දීලා එනවද...මන් දැන් කීයෙ ඉදන්ද මේ බත් එක තියන් ඉන්නෙ...මේ පසන් අයියත් බලන් ඉන්නවා....

කැතයො.....ම්හුක්.....කැතයො.....පුතාට...පුතාට ....

සමනල් අහකට පලයන්...!!හවරියක්.....ම්ම්ම්.....හවරියක්...ඒක හොද හවරියක්ද සීයත්තෙ...ම්ම්...හවරියක්....යෝහ්.....මේ කොල්ලා මට ඒකත් අමතක කෙරුවනෙ...සීයත්තෙ ....අර ඉනට බදින හවඩිය ඒක.....

මං මගෙ මොනරපෙදෙ වැනුවා...ඉල්ලන්න ඕන එව්වා ඔක්කොම බැනුම් අහන් කටත් උල්කරන් ඉල්ලපු මන් අනිත්පාර නියපොත්තකුත් හප හප හවරියක් ගැන කිව්වා විතරයි හවරියෙන් කරන්න පුලුවන් මොනවද කියලා අප්පච්චි ගාව ඉදන් හුරතල් වෙවි ඉන්න අපෙ මනුස්සයා දිහා බලාගන ඇස් හීනි කරනවත් එක්කම කොහෙන්ද ඉදන් කඩන් පාත් උන සමනලයා ආයමත් තෙයක් ඉල්ල ඉල්ල මායන් වෙන්න ගත්තා විතරයි මං ඒකව අහකට තල්ලු කරලා සීයත්තා දිහා බලලා ආපිටමගෙ මනමාල කුරුල්ලා දිහා බැලුවා.....

ම්ම්ම්..මොනා කුටු කුටු ගානවද මන්දා.....දැන් ඊයෙ ඉදන්ද...මෙහෙ බල බල මුමුනනවා....දැන් කීයද වෙලාව.....ආව වෙලේ ඉදන් තවම මෙතන...අඩුම ගානෙ මේ මිනිහා ඇදුමක් කැඩුමක් වත් ලැහැස්ති කරන්ද දන්නෙ නෑ.....එව්වත් මමම අහන්න එපැයි...එහෙන් මේ කොල්ලා වද දෙනවා.....ඇරත් සීයත්තා කතාවටවැටුන වෙලේ අදම මෙව්වා ඉල්ලනවා මිසක් වෙන දවසක ඉල්ලන්න පුලුවන්ද මන් අහන්නෙ ...

මාමෙ....අරූ අර මොනාද දොඩන්නෙ.....?

එක්කො මං ගෙදර යන්නද ..ඔහෙට මුන් එක්ක ඉදලා ඇහැක් උනාට මට බැහැ..අර මහ උන්දැ කට ඇරිය ගමන් වලව් පිත්තන් දොඩනව අනෙ...ඔහෙට නම් වෙනම සම්මානයක් දෙන්ඩ ඕන මුන් එක්ක ඉහගහනවට...

පිස්සුද සුදු පුතා....කාල යමන්...කාල යමන් ....තව ටිකෙන් ලියනගේගෙ කොල්ලා එයි ..මං උන්ට ඉදිආප්ප ගේන්ඩ කිව්වා...ආය මං විතරක් තනියෙන් දුක් විදින්නෙ මොකද....උඹටත් ස්වල්ප පුකෙ අමාරුවක් නෙවෙනෙ තියෙන්නෙ මූවම අරන් යන්ඩ....මාමා එක්ක ඉදින්.....උඹ දැන් මාමට පන උනත් දෙනවා කිව්වනෙ....දියන් ඉතින් පන....අර බල...අර බල අරූ බීක්කු බීක්කු කපාපු ඇදක් ඉල්ලනවා...උඹටත් වෙන්නෙ එක ගහලා දෙක ගහන්න බිම ඉන්න...උඹට ඕන නුවර ඇදක්ද ...නැත්තන් මේ මාමා දෙන මොරටු ඇදක්ද..... .කියපන් උඹ තවමත් මූව ඕනද.....මේ වෙන දේවල් බලලා උඹට තීරනයක් ගන්න පුලුවන් සුදුපුතා...

එකෙක් ඉන්නවා තනිකරම තේවෙත්තක මැරුන සුපිරින්ටන් කෙනෙක්වගේ ...අනිකා තනිකරම වලව්මීමුත්තෙක්.....උඹට තවම වෙලාව තියනව සුදුපුතා .....ඌව එපා කිව්වට මාමව එපා කියන්ඩ එපා ...මාමා ආදරෙයිනෙ .....

ඔහෙත් මගුල් දොඩනවනෙ අනෙ..... මගෙ ඉහ ඇම්මට එන්නෙ...දවල් වරුවම අරකගෙ හෑලි...දැන් රෑ වරුවෙම වලව් පිත්තන්...සුදු චූටියට මොන්ගල්ද එහෙමවත් අහන්ඩ???මොන්ගල් උනාට කමක් නෑ මං ඔහෙගෙ ලොකු එකාට ආදරෙයිනෙ....

ම්ම්ම්...හරි....උඹ එහෙනම් අපාය තෝරගත්තා සුදුපුතා...දැන් ඉතින් ඔහොම්ම ඉදින් .....අපෙ මහ මොනරත් අපෙ ගෑනිව දෙන්න බෑ....දෙන්න බෑ....ගගේ මූදෙ දැම්මත් දෙන්නෙ නෑ කිව්වට මගෙනුත් ඇහුවා තමුසෙට මගෙ දුවව ඕනමද කියලා ...මාත් එදා ගොනා වගේ දුන්නෙ මේම උත්තරෙ....කරන්න දෙයක් නෑ.....දැන් ඉතින් ඉදපන්....

සීයත්තෙ ....මට හවරියක් දෙන්නකො කමක් නෑ...සීයත්තා හිත හොදි දෙන එකනෙ...අර ගෝන අත්තට්‍ටුවයි.....ඉස්සරහා තියන හාන්සි පුටුවයි...ඒකට මොකද අනෙ කරන්න හිතන් ඉන්නෙ....සීයත්තෙ මේ....අර පහල ඉඩම් කෑල්ල.... ඒකනම් අනෙ අන්නාසි ටිකක් හදාගන්න සෝක් කැල්ල .....අනික ඉතින් ඔව්වා අපිටනෙ කවද හරි.....අනික සීයත්තෙ ඔයා දන්නවනෙ .....අපි ඉතින් ඇවිත් මොනරවිල පරම්පරාවෙ නෙ .....ඔව්වා තිතට තියෙන්න ඕන.....

මන් ආයම කියවන්න ගත්තා ...හවරිය එපා කිව්වොත් ආය දෙන්න තියන එව්වත් නැතිවෙයි....

උඹට නම් ඉඩන් තන්නාසෙ තියෙන්නෙ.....ගිහින් පොතක් පතක් බලාගනින්...එහෙ ඉදන් වලව් කරදරෙ අහලා අහලා මෙතනට ආවා විතරයි මුගෙ කනප්පු කරදරෙයි වලව් මගුලුයි....තේජක...තේජක...ඔය ඉලන්දාරියා එක්ක කියව කියව ඉන්න වෙලේ නරක මේ කොල්ලට මොනවා හරි ඉගනගන්න දෙයක් ගැන කිව්වා නම්.....මගෙ ඉහ ඇම්ම වගේ...සුදුමහත්තයා පලයන්...පලයන්...මෙතන ඉදන් කියවන්නෙ නැතුව ...

සීයත්තා මාව එලෙව්වා...ගිහින් පොතක් පතක් බලාගන්න කිය කිය ආපිට මාව ඇතුලට තල්ලු කරනවත් එක්කම මන් බලාගන සීයත්තගෙ කතාව කන්ට නොගත්ත අප්පච්චි ආයම මාව පෙන්න පෙන්නමොනවා හරි කියනවත් එක්කම ඈතින් වෙසක් තොරනක් වගේ ලයිට් වැලක් පත්තු කරගත්ත සුකුමලාගෙ ඉදිආප්ප වීල් එක එනවා...නිකන් නෙවෙ ඊයෙ පෙරේදා වයිරල් උන මැයි මාර සින්දුවෙ අර කෙල්ලො කට්ටියක් කියන සින්දුව.....

මේ හැම මගුලක්ම අස්සෙ කනුත් ඇහෙන්නෙ නැතුව කටත් ඇරන් සමුද්‍ර දිහා බලන් උන්න අත්තම්මා තොරන වගේ ලයිට් දාගන එන සුකුමලාගෙ ත්‍රිවිල් එක දැක්කා විතරයි මොන මොගුලට හරි අත් දෙකත් වැදන් ඉස්සරහට වෙනකොට මං බලාගන කෝටුවකුත් අරගන හැදි අත්තම්මත් ඇදන් උන්න චීත්තපටත් හද හද මේ පැත්තට එනවා...අද පසනා හොදහෝටලෙකින් කන්නයි යන්නෙ.....

මුන් නම් ගිය ආත්මෙ බහිරවයොද මන්දා....මුන්ව ගිහින් දාන්න ඕන වේයන්ගොඩ පැත්තට නිධන් හාරන්ඩ....මුන් ඔක්කොටම පිස්සු බන්...අර බලපන් මහ හාමුවගෙ මූනෙ තියන දුක....අලව්වෙත් ඔහොම එකක් උනා තමයි කියන්න වෙන්නෙ.....සුදුපුතා අරුනුත් එනවා...ඉදලා පලයන්...අනිවාර්යයෙන්ම මහ උන් වැව් මාලු ගෙනත් ඇති.....අඩියක් ගහලා යන්....

ඔහෙත් හෙන වාතයක් අනෙ.....ආන් ඔහෙලගෙනැන්දම්මා වැද ගත්තා....අරමොකද ඒ...

කව්ද බන් දන්නෙ....කන් ඇහෙන්නෙ නෑමදිවට ඇස් පේන්නෙත් නැද්ද කව්ද දන්නෙ...අයින් වෙය. ..අයින් වෙය අරකලා කෙලගෙන එන්නෙ...මං දැන් මුන්ගෙ යාලුකම් පැත්තක දාලා ඉරිකැපුවා කියලා ලියනවා...

ටම....හැම.....කව්ද අඩා අර ශ්‍රී නම්බර් එල්ලෙන ඉබ්බව ටුක් එක නවත්ත්න ඒරියා එකෙ නැවැත්තුවෙ...ස්කීපර් අයියා....සිගිතියා කිරිමාලු එක්ක ඉදිආප්ප මුලක් ඉල්ලුවා සයුරියට දෙන්ඩ කියලා...ඒකිට ඉස්සො වඩ ඕනලු .ඇයි අඩා ඉස්සො වඩ දෙන්ඩපුලුවන්ද කියකො......ඕකිට යක්කු ගහන්ඩද.....???

තනිකරම කොලඹ වෙසක් අපෙ මිදුලෙ වගෙ...සර්ව පිත්තල මංගල්‍යක් උන සුකුමල් ඉදිආප්ප කමු කියලා ලියලා තිබ්බ ටුක් ටුක් එක කනේ වැලිගෑවෙන්න වගේ හරවලා කව්ද ඉන්නෙ කින්ද මන්ද නොබලා ඇතුලට දාපු සුකුමලා නාඩාර් වගේ එලියට බහිනවත් එක්ක ඇස් ගිනිකන පාට වැටුන ලුමිනස් තැඹිලි දැල් දැල් ස්කිනියක් ඇදන් උන්න අපෙ හිච්චි පිනා බැස්සෙම සීයත්තගෙ ඉබ්බට බැනගන වෙනකොට මං බලාගන වලව් හාමුදුරුවො කිරියගෙ කේශාන්තෙ ඉදන් පාදාන්තෙ වෙනකන් බලන් ඉදලා.ඒකට මොනව හරි කියන්ඩ කට අරිනවත් එක්කම කන්නෑහෙන මහ මැනිකෙ මහ සද්දෙට සාදු කිව්වා.....!!

දමාගිය තුත්තිරි මල්මිට

තියාගන ඉන්නවද තව....

මහා...මැයි ...මාර ගසකට

වඩා උසයි මට ඔබේ පෙම...

සාදු ...සාදු...සාදු......අපෙ...අප්පෝ...ආවත් හරි බනක් ඇහුනමයි...මක්කද ගැටයො.මේ තොරනෙ ජාතකෙ...

ඒ..ඒ..හොදවැඩෙ...බොසා...මේන් ඔහෙලගෙ නැන්දම්මා තොරනෙ ජාතකෙ අහනවා....ජාතකනම් බෝමයි හරිය අත්තම්මෙ....මේක තුත්තිරි ජාතකෙ....ටම...සිරිවෙලා.....ගම්පහ යටවෙලා.....ගම ගාල්ල පුක ලෑල්ල...බොසා දෙවනි රාජසිංහ රජ්ජුරුවොත් ඉන්නෙ....තුන්පොට්ටිය කෝ?

කිරියා....

හරි...හරි ඉතින්....පිට් එකටනෙ...අපි ආය ඔහෙලගෙ බඩෙ බත්ටික වගේනෙ ....අපෙ පිය යානාව ඔහෙට කියන්ඩ කිව්වා....ගසනවා නම් ආන් කිතුල් රා පොජ්ජක් මහ හූරා මන්දුකොරන් ඇවිත් කියලා...ඒ පැත්තට මංගජ්ජන්ඩ ඇහැක් නන් මංගජ්ජන්ඩ කියලා අපෙ මහ එකාව මහ හූරා ආන් දඩුකදෙ ලාන්ඩ යන්නෙ පෙරවැරදිවලට...

~

ඇයි බල පසනා.....!!!!මෙහාට වරකො....මූට දාල හමන්නන්ඩ.... පොඩි එකා මූට ඉස්කෝලේ වැඩ තියනවා තෝවත් මුගෙ පොත්පත් බලන් නැද්ද....

අ...අත්තම්මෙ ...

වර මෙහාට පොඩි ගෙවලයා...ආ බොල තොට ආලියන් කෙනෙක්ද මොකෙක්ද අලෝගන එන්ඩ කියලනෙ....සමුද්‍රයා මූගෙ පන්තිබාර මිස් අර වස්සප් එකටද මොන එකටද වැඩ දානවා...දැන් තො මෙහෙට්ට වෙආ උන්නම ආලියන්ව කොහෙන්ද හොයන්නෙ ....වර යන්ඩ ගෙදර....

ඇත්තමයි පසනා තොට මං ගහන එක නම් ගහනවමයි...පොඩි එකා අල්ලා දී ඕකව....ඇයිබොල...මූට ගෙදර ඉන්ඩම බෑ....වර....වර...ගෙදර යන්ඩ...

අ. .ආ....අත්.....ටම...අනෙ...පප්...පෙහ්.....ආලියෙන් කෙනෙක් නෙවෙ..පප්පෙ...බවත්‍රෙක්ව.....යෝහ්...ගහනවා...පසනට ..ගහනවනෙ...පප්පෙ.....අනෙ....තේජකයො...අනෙ....සමනා...ල්ල්.....ටම....හැමනෙන් ....අනෙ...කැතයො...පුක...අනෙ...පුක....එක...පුකයි...තියෙන්නෙ.....එකයි....ඌයීහ්....

අත්තම්මෙ....අත්තම්මෙ.....ඕක නවත්තපන්....මං මූට මොකෙක් හරි එකෙක් අලවලා දෙන්නම්...ඌව්...ඌව්හ් ..මටත් වදිනවා.....ඔය කියන එකාව හම්බුන් නැත්තන් මගෙ එකක් වත් අලවලා දීලා යවන්නම්...ඔහෙ මේකව මරන්ඩද යන්නෙ....

ත්ත්...ත්තාත්තෙ...අනෙ....තාත්තෙ ....යෝහ්...පුක් බෑව....අනෙ...තාත්...කිරියො.....යෝහ්....ගහනවා....

මං හිතන්නෙ මට කලන්තෙ දාන්න ඔන්න මෙන්න.....එහෙන් ලයිට් පත්තුවෙන තුත්තිරියට සාදු කියන අත්තම්මා....අනිත් පැත්තෙන් මහ හූරා එක්ක යොමු වෙමු කියන කිරියව කන්ඩ වගේ බලන් ඉන්න අපෙ සීයත්තා.....

මේ ඔක්කොම එක්ක කෝටුවක් කඩාගන ආව මගෙ අනාගත අත්තම්මා.....

පසනා හූ තියනවා...කොස් ගෙඩියක් වගේ බඩක් තියන තලමස් අත්තම්මා තනිකරම කාලිවැහිලා වගෙ පසනගෙ පුකට දිගට හරහට ගහන්න ගත්ත ගැහිලි නවත්තන්න ගියපු මගෙ මිනිහටත් වැදුනා...

මගෙ මිනිහා විතරක් නම් කමක් නෑ..පසනව බේරගන්න අත තියාපු හැම එකාටම වැදුනා ...කිරියා කාපු පාරත් එක්ක ඌ ගියෙ දෙකට නැවීගන් වෙනකොට මං බලාගන තල්මස් අත්තම්මට නුවර මගුලක් කියන්න ගියපු අපෙ සීයත්තත් කනවා...

ඔයාකාර ලමයිට දඩුවම් දෙන්නෙ නෑ කියලා ඔය බවලති මතක තියාගත්තොත් හොදයි...ඔය බවලති දනන්වය....අපි නුවර.....ඌව්....හ්හ්...අපි මොනර...

.නුවර....මොන නුවර...මේක දකුන...මේක දකුන .....මේක...දකුන...නුවරක් දොඩන්නෙ...මොන මොනර.....මේ ඇග්නස් අක්කට මොනරු ලොකු නෑ හරිය...!!

අනෙ...අත්තම්මෙ ඕක නවත්තපල්ලකො...

සීයත්තෙ ඔහෙත් නවත්තපන්කො.....

උඹ දන්නවද මං කව්ද කියලා....මං ඇවිත් මොනරවිල මැනිකෙ....නිකන් නෙවෙ....කතරිනා මොනරවිල...

ඔහෙ මොකා උනත් මට මොකද....මේ ඇග්නස් කවද කියන්ඩ ඔහෙ දන්නවද කියාපිය....මං ඇවිත් ඇග්නස් හැන්නදිගෙ බොන්ඩියෙ...

අනේ...ඕක නවත්තපියව්කො....

සුදුපුතා...උඹට තාම අපෙ එකාව ඕනෙද...අනෙ අම්මෙ..ඕක නවත්තලා ගෙට යමල්ලකො....විහාරා තමුසෙගෙ අම්මව ගන්නවකො...මුන්දෑ අරුන්දැගෙන් පාරක් කෑවොත් කරවල වෙයි .....අප්පච්චි ...අප්පච්චි ඔහෙත් ගෙට වෙයන්කො....ඇයි යකො.....සිහත්....සිහත්...

අනේ...අම්මියෙ තේ ටිකක් දියව්කෝ...

අත්තම්මෙ...ඕක නවත්තපන් අඩා.....

මං මොනරවිල මැනිකෙ බොල....

මං ඇග්නස් හැන්නදිගෙ අඩා....

අපි වලව්කාරයො....ඇහෙනවද....නුවරමිනිස්සු කවදාවත්...

ඕක නවත්තපල්ලා යකො!!!!

අනෙ අත්තම්මෙ.....රෙද්ද.....!

ටම...මූ අදත් කැඩුවා නේද .....?

...අනෙ...අනේ....අත්තම්මෙ....වැල්ලෙ ගෑනු වගේ....ප්..පුක..නම්..පෙන්නන්න...එපා.....අත්තම්මෙ.....ඕක වහගන්නකො....

සුදු මහත්තයා බලන්ඩ මූන...ඇහැ යට නිල් වෙලා.....

නිකන් ඉන්න අනෙ....නිකන් ඉන්න...ඔයාලට වගෙ වගක්නෑ....මං මේ මූන එක්ක කොහොමද අනෙ අද රෑට පැනලා යන්නෙ....ඔයාට කිසි ගානක් නෑ අම්මෙ....අනෙ අම්මෙ...මගෙ ඉස්සරහම දතත් හෙලවෙනවා...මේක වැටුනොත් නම් මාව බන්දුසමරසිංහ වෙයි අම්මෙ....දැනටමත් වෙලාව දහයයි ....කන්න බොන්න දුන්නා නම් අරකට්ටියව නිදිකරවන්නකො අම්මෙ....

නිදිකරවන්න කියන්නෙ උඹගෙ මිනිහට ගෙදර යන්ඩ කියපන්කො.....ඒකනෙ අපෙ අප්පච්චි එක්කයි මගෙ මිනිහා එක්කයි වරුවක් තිස්සෙ කියවන්නෙ...අපෙ අප්පච්චිත් දැන් උඹගෙ මිනිහා එක්ක හරි හරියට කතාව...පුදුම ද්‍රෝහිවීම් තමයි මෙව්වා.....

අඩ හෝරාවක්....නෑ...ඊට වැඩි.....සෝලංගාරච්චිගෙ ගෙදර ආපිට යතා තත්වෙට පත්වෙන්න හොරාවකට වැඩි උනා...මං හිතන්නෙ ඒ වෙච්ච් කෙරිච්ච දේවල් තේරුම් ගන්න සිහිය තියන මෙලෝ මලකයකෙක්ට බැරුව ඇති.....මගෙ අනාගත තල්මස් අත්තම්මා මොනර මැනිකෙ එක්ක අල්ලපු අඩව්ව අහවර උනෙ දෙවනි පාරටත් උන්දැගෙ රෙද්ද මගෙ අතට ඇවිදින් වෙනකොට පසනට අලවන්න උන ඒලියන්ගෙ පින්තූරෙට මං හිතන්නෙ අපෙ ගෙදර උන්න ඔක්කොම උන්ගෙ මුනවල් ගැලපුනා....

කෑම් බීම් අහවරයි...මැනිකෙලා මැනිකෙලා කොහොම මරාගත්තා උනත් අවසානෙදි වන්නම අරහන් පුරුස සේනාංකෙ සාලෙ ඉදන් දේශපාලනේට බැන බැන ඉන්නකොටමං අහගන කානුවා දැන් දහස් වතාවකට වඩා අත්තම්මා ලව්වා ඌ ආස ගෙඹි කුමාරයගෙ කතන්දර්‍ර් අස්සගන්නවා...මුලු උඩ තට්ටුවෙන් එකයි ගෙම්බගෙ බක බකෙ....

වෙලාව හරියටම දහයයි...තව හෝරා දෙකයි.....රන්ඩු බේරන්න ගිහින් කුනාටුවට අහු උනසරුංගලෙ වගේ වීසවෙලාගියපු මාව කිරියගෙයි සුකුමලාගෙයි ටුක් එකෙ වැදිලා මූනත් තඩිස්සි වෙලා තිබ්බත් අත්තම්මා ඇන්ටික් බඩු කඩෙන් ගෙනාව තේ කෝප්පෙ නම් බිදෙන්න නොදි මං බේරගත්තා.....

සුදු මහත්තයා....

ම්ම්ම්....

අර ටියාර එක වත් කපලා ගන්න....

අනෙ අම්මෙ...ඒකත් කපනවද...ඒක මං අරන් යන්න තියාගත්තෙ . ඇයි අනෙමගදි බඩගින්නක්වත් ආවොත් ...දැන් ඔය කන්න දුන්නා මදැයි...ඔච්චර කන්න ඕනද අනෙ රෑට ....අර වැලි තලප ටික නම් සෝක් අනෙ....හවසට තේ බොන්න.....ඒකයි අත්තම්මා මේ පාර බැදන් ඇවිත් තියන බැට්ටි කැවුම් ටිකත් සෝක් අප්පා.....කිරි අලුවවල සීනිත් පදම....ඔයාලාට නමි ඉතින් ඔව්වා කවදා කන්න බැරිද අනෙ...මාව ඉතින් ඔයාල ටික කාලෙකට පවුලෙන් ඈත් කරපුවාම මටඔව්වා කන්නත් නෑනෙ....ඒ හන්දා ඒ ටික මන් අරන් යන්න ඔතාගත්තා....ආය ඉල්ලන්න එපා..ඔය නිකන් කෝපි බීපු දෙන්....

උඹ යන්නෙ පැනලද...නැත්තන් ට්‍රිප් එකක්ද කියපන්.....එක්කො උඹ යන්නෙ කාන්තාරෙකටද කියපන්.....???මගෙන් හැදිපාර නොකා ඔය අහුමුලු ගානෙ හන්ගපුවා ගනින් සිහත්...පලයන්....

ඔය මොකක්ද අනෙ.....ඔයා අඩුම ගානෙ ගිහින් අරින්නෙත් නෑ.....අතට කීයක්වත් දුන්නෙත් නෑ.....ඔයාට ලැජ්ජානැද්ද අම්මෙ මාව නිකන් යවන්න....අපි නුවර මිනිස්සු අම්මෙ..දීගතුලා යනකොට හිස් අතින් යන්නෙ නෑ එහෙම....

උඹ කොහෙද දැන්හිස් අතින් නොයන්නෙ.....මට ඒකකියපන්....මං බලාගන අම්මා මට බැදන් ආව බත් ගෙඩිය පවා උඹ අතපත ගානවා...දැන් උඹට දීග යන්නකලින් බඩ ඇවිත්ද.....???.ගුටි නොකා බත් එක තියලා පලයන් සුදුමහත්තයා.....

මොකක්ද අනෙ....මං දැන් ගියහම ඔයාලව මතක් වෙලාටික දවසක් අඩනවනෙ.....මට පුරුදු වෙනකන් අඩන්න දේවලුත් එපැයිනෙ.....බත් එකකට මරාගන්න ලැජ්ජා නැද්ද අම්මෙ....

.......

ආ අම්මෙ.....ඔයා කනකර බඩුත් අරන්ද ගියෙ...

.......

බැංකුපොතයි තව මොනවද....ගෙදර ඔප්පුවත් අරන් යන්නද අම්මෙ.....

........

උප්පැන්න සහතිකෙ ඕනා වෙයිනේඅම්මෙ.....රෙජිස්ට්‍රාර් කරන තැනින් ඔව්වත් අහනවනෙ.....අනෙ අම්මෙ... රෙජිස්ට්‍රාර් මොනා අහයිද දන්නෙ නෑනෙ...අද රෑට නම් නිදා ගන්න වෙන එකකුත් නෑනෙ අනෙ....

ආ..අනික.....ඊලග පාර කාවඩියට මාත් එයා එක්ක නටනවා අම්මෙ.....පවුලක් උනා කියලා නටන්න බැරි කමක් නැනෙ අන්.....ඔයාලත් එන්න....අප්පච්චි ඔයාට එන්න නොදුන්නොත් අර ෆිල්ම් වල වගේ ඔයා හොරෙන් ඇවිත් බලලා අඩලා යන්න...මගෙ පුතා කියලා පොඩ්ඩක් අඩන්න හොදද.....

.......

.මේ අනෙ...මගෙ කකුල් ශේව් කරන්න වෙයිද....මෙව්වා කැතයිනෙ...මෙව්වත් හිතන්න එපැයිනෙ ඉතින් .....

.ඔය කියවිල්ල තියලාමේක අරන් යමන්කො සුදුමහත්තයා..මගෙ ඉහ රදෙ උඹගෙ කියවිල්ල අහලා...

අම්මො අනෙ....දරුපැටියා පවුලක් වෙන්නනේ ද යන්නෙ..ඔයාට ඔයා අම්මෙක් නේද .....උපදෙස් දෙන්න බැරිද.....අලුතෙන් පවුලක් පන්සලක් වෙන්නෙ ජීවිත කාලෙම ඉන්න බලාගනනෙ...අනික මෙ පරම්පරාවෙ මුනුබුරුපැටියෙක්ට ඉන්නෙත් මායි කානුවයි විතරයි.....පලවෙනි මගුලනෙ අනෙ...

එක්කො ඔය අප්පච්චි ට අප්පච්චි ඉයන්න වගේ....මාත් අපෙ එක්කනාට අප්පච්චි කියන්නද අනෙ...???

මං දැන් උන්නෙ ආලෙන් අන්දවෙලා....අම්මගෙ කන් ගොඩ වෙනකන් දාහක් ජාති අහපු මං අනිත්පාර අම්මගෙ කෝපි එකේ සුවදට ඉව අල්ල අල්ල සාලෙ ඉදන් කියවන මගෙ සුදු අයියා දිහා බලාගන උන්නා...

එයා හිනා වෙනවා....යන්න හදනවා....ඒත් ආයම අපෙ අප්පච්චි එයාව ළඟින් ඉන්දවගන්නවා...සැරින් සැරේම අප්පච්චි මගෙ සුදු අයියගෙ පිටට තට්ටු කරනවා...මුලින් මුලින් අප්පච්චි එක්ක ඔරොප්පුවෙන් උන්න සීයත්ත පවා දැන් දැන් ආයම අප්පච්චි එක්ක කට පුරා කතා කර කර හිනා වෙනකොට මගෙන් හුස්මක් පිට උනා....

අනෙ සුදු අයියෙ....මගෙ අප්පච්චි මනුස්සයෙක්ට කැමති වෙන්නෙ කලාතුරකින්....මට උඹව ඕනම හන්දා මං උඹ එක්ක එනවා....ඒත්.....සීයත්ත මොන බැනුම බැන්නත් අප්පච්චි අදටත් සීයත්තගෙ වචන ගාව කර බානවා....මගෙ අප්පච්චි ට කට ගහන්න බැරි කමක් නෙවෙ.... ඒත් මගෙ අප්පච්චි සීයත්ට්තට තියන ගෞරවේට ආදරෙට ගරුකිරිමක් විදිහට කරබාන් අහන් ඉන්නවා....

උඹ ඕන තරහවක් මා එක්ක පිරිමහපන්...තරහව දරාගන්න බැරි උනොත් මට ගහපන් මන් ඒකත් දරාගන්නම්.....අනෙ මගෙ අප්පච්චි හිතෙ දුකට ..මං උඹ එක්ක පැනලා ගියපු වේදනාවට බැන්නොත්...වදින්නම්...මන් වෙනුවෙන් එක වතාවක් කරබාපන් අයියෙ...ඒ වගේම මං හිතනවා...අනෙ මං ප්‍රාර්තනා කරනවා..අප්පච්චි ට උඹ ගැන තියන පැහැදීම කවදාවත් නැතිවෙන්න එපා කියලා....උඹ ඒ තරම් හොද මනුස්සයෙක් මගෙ අයියෙ...

ආදරේ වැඩිම තැන මං අන්ද වෙනවා සමුද්‍ර.....ඒකය් දහ අට අවුරුදු හදාපු අම්මා අප්පච්චි දාලා උඹ ගාවට එන්නෙ...මට ඕන උඹ එක්ක එන්න විතරයි....මේ ලෝකෙ මොන ජගතා ඇවිදින් මාව නතර කරන්න හැදුවත් උන් කාටත් බැරිවෙයි උඹ එක්ක මං එන එක නවත්තන්න.....

මේක ආදරෙ එක හැටියක්ද සුදු අයියෙ....මං අහන්නෙ එක හිතකට දරුනුවටම ඇබ්බැහි උනහම උඹව ඇරුනම මුලු ලෝකෙම බොද වෙලා පේන එක....උඹව විතරක් පැහැදිලිව දකින ඇස් වලට මුලු ලෝකෙම බොද වෙලාපේන එක....

මට දුක හිතෙයි...

කොච්චර වාත් මට මගෙ චූටි මල්ලි මතක්වෙයි.....

අප්පච්චි අම්මා....කුනුහර්ප පලන සුසංගතා මතක් වෙයි...තෙත නාහෙ සාගරිකා මේ ඔක්කොම මතක් වෙයි....

.

ඒත්....ම ඒහැමෝවම පැත්තක දාලා උඹව තෝරගන මං උඹ එක්ක නවතින්න මගෙ හිත හදන් ඉවරයි සුදු අයියෙ...මට

මට දුක හිතුනා...තව පැය දෙකකින් මං එයා එක්ක යන්නෙ මගෙ තීරනයක් උඩ උනත් මට මගෙ අම්මව.....චූටි මල්ලිව.....අප්පච්චිව මතක් වෙලා මටත් නොදැනිම ඇස් තෙත් වේගන එනකොට මන් බිම බලාගත්තා.....

සුදු මහත්තයා...

.....ම්..මට....ඇඩෙන්න....එ..එන්නෙ....

අම්මෙ.....

ඇඩෙන්න එනවා නම්.....නොගිහින් ඉදින් ඉතින් ...අම්මාවත් අප්පච්චි වත් යන්න කිව්වද.....නෑනෙ.....

..ඒ උනාට මට සමුද්‍ර නැතුව බෑ අම්මෙ...

...සුදු මහත්තයා.....උඹ ඔය යන්න හදන්නෙ පවුල කියන වචනෙ බර වත් නොදැන...පවුලක බර ගන්න උඹට තව කල් තියනවා සුදුමහත්තයා.....උඹ තාම අම්මට එදා උන්න නොදරුවා.....අප්පච්චිට තාම උඹ පොඩි එකා...උඹ තවම ලමයෙක් සුදු මහත්තයා.....අඩුම ගානෙ උඹට උඹගෙ ලමා කාලෙ වත් ගෙවලා ඉවර කරනකන් ඉන්න බැරිද කියපන්...

.ඔය මොන කතා කිව්වත් මගෙ හිත වෙනස් කරන්න බැ අම්මෙ.....මන් එයා එක්ක පවුලක් වෙන්න තීරනයක් අරන් ඉවරයි.....

...

..මං ඉක්මනට මගෙ කදුලු කැට පිහාගත්තා....වෙනමොකටවත් නෙවෙ.....මෙච්චර වෙලාම මගෙපැත්ත ගත්ත අම්මා හැදුවෙත් මගෙ හිත වෙනස් කරන්න වෙනකොට මන් ඉක්මනට අම්මගෙ කකුල් අල්ලලා වැන්දා.....

මට සමාවෙන්න අම්මෙ...මට එයා නැතුව හුස්මක් වත් ගන්න බෑ....ඔයාට අප්පච්චි ගාවට නොයා ඉන්න බැරි උන තරමටම මට එයා ගාවට යන්න ඕන අම්මෙ....

ඔය කියන තරම්ම උඹට යන්න ඕනා නම්.....යමන් සුදු මහත්තයා .....හැබැයි කසාදෙ කියන්නෙම අඹ ගෙඩියක් වගෙ.....බලන් ඉන්න එකාගෙ කටට කෙල ඉනුවට....කන එකා තමයි රහ දන්නෙ...පැනි රහ උනොත් හොදයි....කටට ගන්න බැරි කායම උනොත්...දත් හිරිවට්ටන් හරි කනව ඇරුනාම වෙන කරන්න දෙයක් නෑ.....

සුදුමහත්තයා....උඹගෙ අම්මගෙ වාසනාවට ගැට අඹයක් වෙනුවට කටට ගන්න පුලුවන් අඹයක් හම්බ උනා.....ඒත්.....උඹගෙ අප්පච්චිට හොරාවට අම්මගෙ ඇස් අඩන තැන් තිබ්බා...මට කවදාවත් උඹගෙ අප්පච්චිට ඇගිල්ල දික් කරන්නබෑ සිහ්ත්...ඒ රත්තරන් මනුස්සයා මට වැන්දෙ නැති ටික විතරයි.....වයස ආවම මොන දේ කරලා හරි අප්පච්චිගෙ කැමැත්ත ගන්නම් එතකන් ඉගන අනින් කියකිය....නෑ.....මාත් උඹ වගේම යන්නම ඕන කිව්වා.....

ලමාකාලෙ එන්නෙ එක වතාවයි සිහත්...ආය ඒ ෆිල්ම් එක කිසිම ෆිල්ම් හෝල් එකක පෙන්නන්නෙ නෑ.....

මට සමාවෙන්න අම්මෙ....මොන කතා කිව්වත් මට බෑ නවතින්න.....

මන් අම්මව මග ඇරියා.... යන්න හදන මගෙ ඔලුව වෙනස් කරන්න හදන අම්මව මගැරපු මන් හිත හදාගන්නත් එක්ක අප්පච්චි ගාව උන්න මගෙ සුදු අයියට මැසේජ් එකක් දැම්මා.....

සද සෙ..බැස නොයා.....මගෙ ලොවෙ.....රැදේ....නම්.....කදුලෙදුක දරා....නුඹ ළඟින් රැදෙන්නම්...සුදු අයියෙ....මන් උඹට හරි ආදරෙයි අයියෙ...අද රැයින් පස්සෙ හුගක් දේවල් වෙනස් වෙයි.....ඒත්.....මගෙ ආදරෙ ඇර....මං උඹට දරුනුවටම ඇබ්බැහි වෙලා අයියෙ....

මං එයාට මැසේජ් එක යවල බලාගන උන්නා....කතවක උන්න එයා දෙදුරුම් කාපු ඵෝන් එක අතට අරන් මං යවපු මැසේජ් එකත් කියවලා කුසිය පැත්ත බැලුවා....ඒඑක්කම එය මාව දැක්කා විතරයි අර ඵෝන් එක පපුවට තද කරගත්තා...හරියටම මට උඹව තුරුල් කරගන්න ඕනා අම්බරෙ කියන්නා වගේ....

*

*.

.

*

23.45...

මගෙබඩත් කැක්කුමයි අප්පා....දොලහ වෙන්න තව පැය කාලයි....පිගන් එකයි...දෙකයි....තුනයි....හතරයි...එක්කො තව පාරක් නැවා නන් හරි...අනෙ මන්දා.....අලුත් ජොකෙක් ඇන්ද නම්.....කව්ද දන්නෙ මගින් මොනවා හරි උනොත්.....කකුල් වල මයිල් හරියට කැපුනා නේ.....

යෝහ් ....මට පිස්සු හැදෙන්න වගේ....හිච්චි සිහත්ව දහ වතාවක් හේදුවා...දැන් නම් සබන් ගාලා අතුල්ලලා ඒකත් දනවා අනෙ....ම්හුක්...පව්.....මං ඒකට කීයක් ජාති ගෑවද.....

අනෙ..අනෙ...මන් බබෙක්ද....නෑනෙ....මෙතනින් එහා කොච්චර දේවල් වෙන්න තියනවද....අනික මං බබාලා හදන එව්වත් බලලා රෙදි කෑල්ලකුත් තියන් ඉන්නෙ....හැමදාම අත්තනායක දෙයියින්ට කරදර කරන්නද.....

අම්මගෙ කුකින් පොත දාගත්තනෙ.....හිටපන්කො රත්තරන් .මං උඹට දොඹෙන් යන්න උයලා දෙන්නම්...

...24.50

මන් තනිකරම පුක කැඩුන මොනරෙක් වගේ....හැමදේම අහවර වෙලා මාව එක්කන් යන්න එන්නම් කියන පොරොන්දුව උඩ සුදු අයියා ගෙදර ගියත් හරි මට තරම් වැඩ කාටත් නැතුව තියෙන්න ඇති .....මං හිතන්නෙ මං වතුර ටැංකිය ඉවර වෙනකම්ම නෑවා.....රේසරයක් අරගන ඇගෙ එක මයිලක් නැතිවෙනකම්ම ගාගත්ත පාර මගෙ කකුල් තනිකරම දවස් හතලිස් පහෙන් මැරෙන්න හදන බොයිලස් කුකුලෙක්ගෙ හමගහපු ගාතයක් වගේ දිලිසෙන්න ගත්තා....

කොච්චර වාත් එහාට මෙහාට වෙවි මගෙ බෑග් එකෙ තිබ්බ පිගන් ගැන්නා....තේ කොප්ප සෙට් එක පරිස්සමින් තියනවද බැලුවා...

.වෙලාව ලන් වෙන්න ලන් වෙන්නහොර හිත වැඩිකමටද මන්දා මට දෙතුන් ගමනක් බඩත් බුරුලට ගියා විතරයි කිරියගෙ අම්මගෙ සම්බොලෙ මිරිස් සැරට මගෙ පුකෙන් දුම් දැම්මා....

23.55

අනෙ දෙයියනෙ...තව විනාඩි පහයි.......

මං නියපොත්තක් කෑවා...මුලු ගෙදරම අන්දකාර වෙලා තියන මොහොතක හොරගල් අහුල අහුල උන්න මගෙ පපුව තනිකරම මිරිස් මෝලෙ මැශිම වගෙ ඩක ඩක ගාද්දි පිගන් බඩු ටික සද්දෙ නෑහෙන්න බාදාගත්ත මං හීන් සීරුවෙ හොරා වගේ එලියට ඇවිදින් අප්පච්චි ලාගෙ කාමරෙ දිහා බැලුව....

අප්පච්චි ට අම්මට නින්ද ගිහින්....කානුව හොරා වගෙ තවමත් අම්මගෙන් කුක්කු බොනවා...

.අනෙ.....කානුවා පුතාගෙ පසනා කියන්න ගිහින් හැදි අත්තම්මගෙන් ගුටිත් කෑවා...හිටපන් අත්තම්මෙ...හෙට ඉදන් තමයි මං හැන්ද අතට ගන්නෙ...

.පුතාට සමාවෙන්න අම්මියෙ...පුතා යනවනෙ....ඔවූ...පුතා යනවනෙ...

පුතාට සමාවෙන්න අප්පච්චි ....ඔයාල පැනලා ගියපු ජාන මගෙ ඇගෙ දුවනවා....ඒකයිනෙ පුතා මේ යන්නෙ...

කැතයා යනවා කානුවො...හෙට ඉදන් තනියෙන් ඉස්කෝලෙ යන්න ...පරිස්සමින් කැතයා ඔයාලව බලන්න එනකොට මං පවුල් කාරයෙක් ...

...මට සමාවෙන්න අම්මියෙ...පුතා අම්මියගෙ අලුත්ම සෙන්ට් එකත් ගත්තා.....ඇදට ඒනකොට මං සුවද ගහගහ ඉන්න එපැයිනෙ...අපි නුවර මිනිස්සුනෙ.....නුවර මිනිස්සු කවදාවත් ගදයි කියලා අහල තියනවද.....නෑනෙ....

00.00

දොලහයි.....

හරියටම දොලහයි වෙලාව...අම්මලාගෙ කාමරේ ගවට වෙලා ත්තපරයක් එ දිහා බලන් උන්න මං ගන්න ඕන සමාව හැමෝගෙම්ම අරගන අත්තම්මලගෙ කාමරේ ගාවින් අර පිගන් ගොඩත් කිටි කිටියට බදාගා දූවගන එනවත් එක්කම මං අහගන අත්තම්මා හීනෙන් කියවනවා....

.අපි.....නුවර...මිනිස්සුනෙ.....මැනිකෙලා...කියන්නෙ...නික...න්ද....බොලව්.....

සාගරිකා....අයියා යනවා පුතේ...

මං හිතන්නෙ මගෙ පපුව ගැලවෙන්න ඔන්න මෙන්න....බදාගන උන්න බෑග් එකෙ තිබුන පිගන් වල සද්දෙ නෑහෙන්න පහලට ආව මං අප්පච්චි ලාට ලොක් කරන්න අමතක වෙලා තිබ්බ දොරත් සද්දෙ නෑහෙන්න ඇරන් එනවත් එක්කම අනෙ පුටුව උඩ සැපට නිදාගන උන්න සාගරිකව දැකලා මට ඒකව ඉහින්නෙ නැතුවම බැරි වෙනකොට මං ඒකගෙ මූනත් ඉබලා යන්නම් කියලා මොන මගුල උනත් සුසංගතා කියන්නෙත් අපෙ පවුලෙ එකක් හන්දා ඌටත් කියලා යන්න කියලා හිතාගන උගෙ පැත්තට හැරුනා විතරයි මේ පරයා රෑත් එකම තැටිය වාදනෙ කරන්න ගත්තා විතරයි ඌට යන්නම් වත් නොකිය මං අඩියට දෙකට මිදුලට පැනලා ගේට්ටුවෙනුත් එලියට ඇවිත් හුස්මක් වත් ගන්නෙ නැතුව එයාට ඉන්නම් කියලා කියපු මාලු ලෑල්ල ගාවට දුවන්න ගත්තා...

" ජරාව....බොන්න එපා තේජක.....ජරාව බොන්න එපා සුදු අයියෙ....තුත්තිරි...පුකෙ....සුදු අයියෙ ......."

පුතට සමාවෙන්න අම්මියෙ....අනෙ .....හෙට උදේට නැගිටලා අඩන්න එපා අම්මියෙ....එ වෙනකොට මන් ලොකු මිනිහෙකුත් වෙලා ඉදී....ඔව්....කැතයා මහ කැතයෙක් වෙලා ඉදී අම්මියෙ....

මන් දිව්වා....මහ රැ රස්සාවට යන බෝට්ටු සදෙ මැද....පෙට්‍රල් සුවදවල් මැද...කසිංජි සුවද මැද මං අර පිගන් කෝප්පටිකත් උස්සන් එයාට කියපු මාලු ලෑල්ල ගාවට ගිහින් බයෙ ගැහි ගැහිම කෝල් එකක් අරන් ඵෝන් එක කනෙ තියාගන අඩ අන්දකාරෙ හැන්ගුනා....

....ඔබ ඇමතු ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත....කරුනාකර පසුව අමතන්න....!!

.

....🥲🥲🥲🥲👉👈

More Chapters