Cherreads

Chapter 38 - 37

මගෙ අම්මෙ...සයුරියව බැබලෙනවා...ඒකි තනිකරම වෙසක් කලාපෙට බේරෙ ගහන වෙසක් තොරනෙ වගෙ....

ඒකත් තනි රත්තරන් වලින්...ඒකිගෙ කදෙන් උඩ මුතුකරුප්පන්චෙට්ටියාර් එක වගෙ...බෙල්ලෙන් එකයි මාල මංගලම්....කන් දෙකට එල්ලා තියන කරාබු තනිකරම දොරරෙදි වලට එල්ලන ටසල් වගේ.....ඔලුව එහෙට හරවද්දිත් ලෙල දෙනවා...මෙහෙට හරවද්දිත් ලෙල දෙනවා...

ඊටත් මොකක්ද බොල අර ඇදන් ඉන්න සරුවාලෙ..ඒකි තනිකරම තුල්සි විරානි වගේ.....මගෙ....අම්මෙම සරුවාලයක්. ඒක....යකො ලමා සාරියක් නෙ හරි නම් අන්දන්න ඕන...

රත්තරන් වල දිලිසෙන දිලිසිල්ලට වඩා ඒකිගෙ ඇදන් ඉන්න සරුවාලෙන් රැස් විහිදෙනවා...රත්තර පාට ලෙහෙන්ගද මොකක්ද මගුලක් පටලන් ඉන්න ඒකිගෙ කොන්ඩෙත් හදලා.....ඒ මදිවට මූනට පොටිපාරකුත් දාලා....කිව්වත් වගේ ඒකිට අඩු මනමාලයෙක් විතරයි......

ඇවිදින රත්තරබඩු කඩෙ වගෙ උන්න සයුරියා දිහාව කටත් ඇරන් බලාගන උන්න මං තවමත් හිටගත්ත විදිහටම හිටන් ඉන්න මව්පිය යානා දෙක දිහා හැරිලා බැලුවා...

.ඇත්ත...මගෙ වගේමයි...අම්මගෙයි අප්පච්චිගෙත් කටවල් දනහිස් ගාවට ඇරිලා...ගෙදරින් එනකොට කොච්චර හැඩ වැඩ උනත් මොකද මං හිතන්නෙ අපි විතරද මන්දා දැන් මෙතනින් චාමෙටම ඉන්නෙ....අපි නිකන් ළඟ කඩේකට යනවා වගේනෙ.....

යකො ලයිට් ඕනනෑ...ලයිට් ඕන නෑ...කොටහලු පාටියට ඇවිදින් උන්න මාලුකාරයන්ගෙ අතෙ කනෙ බෙල්ලෙ එල්ලෙන කඹවලින් විහිදෙන රැස් වලලු එක්ක ලයිට් මොකටද.....

මුලු දික්වැල්ලම පරාදයි හැන්නදිගෙ තල්මස් අත්තම්මට.....යකොඩෙ උන්දෑ සයුරියට හපන්.....වෙනදට කතරගම දේවාලෙ කපුවා වගේ ඉන්න තල්මස් අත්තම්මත් අද රත්තරන් පාට රෙද්දක් ඇදන්....

අම්මෙ .....අපි නිකන් ගෙදරට ඉන්න පිටින් ඇවිත් වගේනෙ අනෙ....මෙතන ඉන්න උන් ඔක්කොම දිලිසෙනවා....අපි විතරනෙ අනෙ දිලිසන් නැත්තෙ.....සයුරියා තනිකරම අර පෙරියමුල්ල හන්දියෙ තියන නානගෙ ලයිට් කඩේ වගෙ අම්මෙ.....මගෙ ඉහත් එක්ක ඇදුම් කනවා....

මන්දා සුදුමහත්තයා.....දිලිසනවා කෙසේ වෙතත් මගෙත් දැම්මම ඔලුව කැක්කුමට වගේ.....අපරාදෙ අප්පච්චි එන්න බෑ බෑ කියනකොට අපි ඇදන් ආවෙ....අපිටත් තිබ්බෙ ගෙදර ඉන්න.....කිව්වත් වගේ මේ මිනිස්සු දිලිසනවා....එක්කො යන්ද සුදුමහත්තයා...සමුද්‍ර හොයන් ආවොත් කෑම එකක් ගෙනත් දෙයිනෙ...ඔන්න ඔහෙ යන්

ආ.....ආ...ආ....යසට හිටි...යසටම හිටි.....යස කෙරුවාව...

මෙතන මිනිස්සු දිලිසුනා කියලා අපිට නෑවිදින් ඉන්න බෑනෙ අනෙ.....ඔයාට පිස්සුද...ඔයත් සෝක් සෝක් කතා තමයි කියන්නෙ...හෙට අනිද්දා වෙන්න තියන කසාද එක්ක අපෙ බැදීමුත් අලුත් වෙනවනෙ අනෙ...නෑවිදින් කොහොමද....අනික මාවත් දැන් එයාලා එයාලගෙ නෑයන්ට අදුන්නලා දෙන්න එපැයිනෙ...ඔයලත් එයාලව දැනගන්න එපැයිනෙ.....

අනික අම්මෙ සුදු අයියලාගෙ හත්මුතු පරම්පරාවටම වලව් නෑකමක් තියනවද.....චුට්ටක් හිතන්නකො අනෙ...හුරුල්ලො ඇතිලියකට රතු ඉස්සෙක් වැටුන්ම හුරුල්ලද වටින්නෙ අර රතු ඉස්සද....???රතු ඉස්සනෙ අනෙ....ආන් ඒ වගේමයි මේ හැදි යායටම ඉන්න එකම වලව්කාරයො අපි විතරනෙ...

ඇයි යන්නෙ.....ඔයත් හරි කතා තමා කියන්නෙ.....අනික සුදු අයියලාගෙ අම්මයි...ඔයයි දැන් හොදට දැන අදුනගන්න ඕන....ඔයාලට නම් මගෙ ගැන වගේ වගක් නෑ අම්මෙ...

ඕ...හ්...සුදුමහත්තයා...කට වහපන්කො කොල්ලො...මට දැන් ඔලුව කකියන්නෙ මේ මිනිස්සුගෙ රත්තරන් දැකලා නෙවෙ උඹගෙ මේ කරච්චලෙ හන්දා...උඹගෙ කට දවස ගානෙම වැඩිවෙනවා...

ඉතින් අනෙ ඇත්තනෙ...හැමදාම එකම තැටිය කරවන්න එපැයි....

එහෙනම් වෙන තැට්යක් කරකපන්...උඹත් අර මිනාලයා වගෙ...ඌටත් කොච්චර උඹ ඌට කැමති නෑ කිව්වත් තේරුම් ගන්නෙ නෑ...උඹටත් ඔය මගුල් කෙරුවාව පැත්තක තියලා මෙ අවුරුදු දෙක වත් අඩුම ගානෙ හොදට ඉගනගනින් කිව්වට අහන් නෑ.....කොච්චරවාත් කියවන්නෙ පවුල් වෙන කතාව.....

ම්හුක්.....ම්ම්මෝ...අනෙ....ඇයි අනෙ මේ....ඔයාගෙ අඩිපාරෙ තමා මාත් යන්නෙ....මහ කක්කුට්ටි ඇදට යනගමන් පැටව්ට කෙලින් යන්න කියලා වැඩක් නෑනෙ අනෙ...

ඇති ඕක....නවත්තපන් සුදුමහත්තයා.....

මෙච්චර වෙලාම හක්කෙ පොට යවාගන කට ඇරන් කොටහලු මගුලට ඇවිදින් උන්න ඇවිදින තොරන් දිහා බලාගන උන්න මං අම්මා දිහා බලාගන කුටු කුටු ගාන්න ගත්තා.....හැබැයි කුටු කුටුව ඩින්ග ඩින්ග යනකොට වචන වලින් කෙලගන්න තරමට ලන් වේගන එනවත් එක්කම අම්ම මගෙ කට වහලා දැම්මා....

අපි හතර දෙනා තවම ආව තැන.....වෙනදට විසි හතරපැයම ආවේස උන කපුවා වගේ උන්න සමනලයත් අද තටු අකුලන් උන්නා...කොටින්ම කානුවා උන්නෙ කම්පියුස් උන්ගා බුන්ගා වෙලා වෙද්දි ඒකා මගෙ මහපට ඇගිල්ල අල්ලන් කටත් ඇරන් අනිත් අතින් ඔලුවත් කස කස උඩු වියන් බැන්දා වගේ ඇවිලෙන ලයිට් දිහා බලාගන උන්න....

මූ තාම ට්‍රැක් එකට වැටුන් නෑ....පසනව දැක්ක ගමන් මේ අකුලන් ඉන්න තටු යස අගේට දිගෑරෙනවා....

අනිත් පැත්තෙන් අම්මා.....මා එක්ක කා ගන්න ආව අම්මගෙ වැඩේම ගවුමෙ හැඩ බලන එක...අප්පච්චි ගෙනාව ගවුම වෙනුවට වෙන ගවුමක් ඇදන් ආව අම්මා ආයම වතාවක් අපිටත් තිබුනෙ ගෙදර ඉන්න කියන ගමන අතේ පාලුව යවන්න තිබුන එකම දේ උන කසාද මුද්ද දිහා බලලා එයාගෙ ලගින්ම ගියපු "ස්වර්නමහල් " එක වැහිලා වගෙ උන්න ගෑනිගෙ අතෙ තිබ්බ රත්තන් වලල්ල දැකලා ඇස් ලොකු කරගත්තා.....

හැබැයි මේ ඔක්කොම රුදාවන්...විපරියාස....විලම්බීත විලාසිතා මදිකම්....එකි මෙකී නොකි හැම මගුලම තිබුනෙ මටයි අපෙ අම්මටයි විතරයි.....වෙනදට හැන්දා කිව්වම වෙන දෙයක් නැති අප්පච්චි අද උන්නෙ තනිකරම අත්තඩංගුවට ගත්ත හොරෙක්ගෙ ගෙදරකින් රෑ කෑමට ආව ආරධනාවකට වගේ වෙද්දි මං බලාගන සාක්කු දෙකට අත් දෙක ඔබාගන උන්න අප්පච්චි ඇස් දෙකත් හීන් කරගන එබි එබි බල බල කාව හරි හොයනවා....

ආයම අපිට නොතේරෙන්න එහා මෙහා වෙවි බලනවා...

ආයම නිස්කාරනෙ මේ අපි දිහාවටත් රැවිලි ගෙරවිලි දානවා....ළඟින් යන එකෙක් අහම්බෙන් වැදීගන ගියත් චක් චුක් ගගා තපුල්ලනවා...

දැන් මෙතන ඉන්නද ආවෙ...ඔය ලග ටේබල් එක්කින් ඉදගනින් සුදුමහත්තයා...මං තව විනාඩි පහෙන් යනවා...මට මේක හරියන් නෑ....අපරාදෙ....නයිට අදින්න තිබ්බෙ අද....විහාරා තමුසෙත් ඔය කනදෙයක් කාලා එනවා මට තමුසෙ නැතුව නින්ද යන්නෙ නෑ....සුදුමහත්තයා උඹත් කන දෙයක් කාපන් ....පිට තැන්වල ටැග් ගැහෙන්න බෑ....අර බල්ලයි අරුයි ගෙදර තනියම...පව් අසරනයො....මුන්ගෙ මේ බීරංග පත්තුවෙන හැටියට කන් අඩි පුපුරල ඇති.....

මේක පුදුම කරදරයක්නෙ....කොටහලුවක් උනාට මේක උතුරෙ යුද්දෙ වගේනෙ...රතිඥ්ඥා පත්තුවෙනවා ඉවරයක් නෑ...හිතුනොත් වන් වන් නයින් ගහනවා...නැත්තන් හෙඩ් ඔෆිස් එකට anonymous මැසේජ් එකක් දානවා...

මේක තනිකර අසල්වාසීන්ටත් කරදරයක්නෙ....විහාරා....තමුසෙට මේ සද්ද බද්ද හොදත් නෑ....සමනල්ට හෙට පන්ති නේද..සුදුමහත්තයා...උඹටත් හෙට පන්ති නේද....කාපන්...කාලා යන්...

මෝ....අනෙ ඔයත් ආයම පටන් ගත්තද...මේ මොන තරහ පිරිමැහිල්ලක්ද අප්පච්චි ....කන දෙයක් කාලා යන් කියන්නෙ....අපි සයුරියට කතා කරන්න යන්නෙ නැද්ද...ඇරත් අත්තම්මලා කොහෙද දන්නෙත් නෑ...අනික මොකද අනෙ පිට පිට ගාන්නෙ.....මේක අපෙත් පාටියක්නෙ....

ඔයා ඔය නම් පුද්ගලික තරහවක් ඈ පිරිමහන්නෙ....මේක අපිටත් අයිතියිනෙ...

ඇත්තට....ඒ උඹට ...මට මෙවුන් පිට උන්.....සුදු එනවා යන්න අර කෙල්ලට කතා කරලා ගෙදර යන් ...මගෙ ඔලුව රිදෙනවා....හිතෙ ඇති .......බලන් ඉදින්....

උඹට අපෙන් කාවද දෙන්නෙ කියල.....මේ සෝලංගාරච්චි කාව හරි බ්ලොක් කෙරුවොත් මිසක්....සෝලංගාරච්චිව බ්ලොක් කරපු එකෙක් මේ සක්වල වත් නෑ විහාරා.....තමුසෙත් ආය ඕකගෙන් හාල්මැස්සෙක් තරම් දෙයක් ගන්නෙ නෑ ආ.....

අනෙ තේජක.....මෙතනට ඇවිල්ලත් පටන් ගත්තද.....???

ඔව්.....මේක තමුසෙලාගෙ වලව්වෙ ලොකු බෑනගෙ නම්බුව පිලිබද ප්‍රශ්නයක්...තමුසේගෙ වෙන්න බෑනා මාව බ්ලොක් කරලා...දිවෙන් දිව ගාගන උන්නෙ.....බඩෙ බත් ඇටෙ දෙන ගානට උන්නෙ.....ඒ ඔක්කොම ඕකගෙ මායන් ...මූව දෙන්ඩ වචනෙ ගන්නකන් විතරයි ඒකගෙ රගපෑම්....කතාව හරි...බෙන්තර ගගෙන් එහා බලල් පැටියෙක් වත් ගන්ඩ හොද නෑ...මෙවුන් කට්ටයො!!

ඔය තරම් පුපුර පුපුර අවදානෙද ඉල්ලන්නෙ තේජක...ආ....???අවදානෙද.....???

......මට...ඒකගෙ අවදානෙ...මේ මට???හහ්....අනෙ යනවා ඕයි....මට ඕන අවදානයක් නෑ....අපි රගනකොට අප්පගෙ දනිහෙවත් උන්නෙ නැති එකෙක්ගෙන් මං අවදානෙ ඉල්ලනවද????පිස්සු.....මට ඕන අවධානයක් නෑ.ඕයි....

එහෙනම් ඔය කියව කියවත් ඉල්ලන්නෙ ඒකනෙ...නැත්තන් ඔය තරම් කියවන් නෑනෙ.....බ්ලොක් කෙරුවා නම් ඔයත් රිපෝර්ට් කරලා.බ්ලොක් කරන්නකො...ඉවරනෙ කතාව...

අනෙ...මට මගෙ වෙලාව නාස්ති කරන්න ඕනකමක් නෑ....මට පාඩුද....බලමුකො....උඹ පාරෙ යන්නත් එපැයිනෙ.....ඩබල් ඉරි කැපුවා කියල හරි මං උඹට හොද දඩකොලයක් ලියවන්නම්....

මං අහක බලගන මගෙ අතේ ඇගිලි දහයම මිරිකගන දත් ඇන්දම පූට්ටුකරගත්තා...අප්පච්චි ඒ පාර මගෙ මිනිහට දඩකොල ලියවන්න හදනවා....

ඊඊ.....ඊ...හ්...අප්පච්චියි මිනිහයි උනාට මොකද...මං වගෙ දැන් අපෙ මිනිහගෙ හොර එකා...ඇයි යකො.....මේකනෙ නැව...දැන් යාත්‍රා කරන්නෙ තෙමුද්‍ර නැවනෙ....මමනෙ දැන් හොර මිනිහා.....අවදානෙ එපා කිය කිය අප්පච්චි කරන්නෙම ඇස් කරක කරක හැන්දව හොයන එක.....එක වචනයක් අල්ලන් මුන් දෙන්නා නටන නාඩගම් ගොඩ....

අර හුජ්ජ දෙබරටත් මං දහවතාවක් කිව්වනෙ අපෙ අම්මගෙ කසාද මනුස්සයව අන්බ්ලොක් කරන්න කියලා...ඒ එක පඩත්තරයෙක් ඒ....ඒකත් ඉන්නෙ අප්පච්චි ලගට එනකන්.....අප්පච්චි ලගට ඇවිත් හුජු පුච උඹ හරි කියල බදාගන්නකන්....

අප්පච්චි ඉන්නෙ ඒකා ලගට එනකන්....පුක කඩාගන උන් දෙන්නෙගෙ පනිවිඩ ඇදලා ඇදලා පුකත් ගෙවුන මට දැන් මූදට පනින්න හිතිලා ඉන්නෙ....

ඔය කෙසේ නමුත් වැඩිකල් නොයා මටයි අම්මටයි වෙන්නෙ අප්පච්චිගෙම ස්ටේශන් එකට ගිහින් පැමිනිල්ලක් දාන්න.....මුන් අපිව රවට්ටල කියලා....

අප්පච්චි ....දැන් වත් යමුද....

අහක බලාගන පුපුර පුපුර උන්න මං ආයම මගෙ ඇවිලෙන හිත යන්තමට හිත හදාගන අප්පච්චිට කතා කෙරුවා...ගෙදර යන් ගෑවත් මොකද එයාගෙ වැඩෙත් ඇදුම හද හද හැඩ වැඩ වෙන එක.....

යමන් යමන් ඉතින්....දැන් යන්න කියලා තමයි කිව්වෙ.....

තනිම සුදුපාට රෙද්ද දාලා ගෝල්ඩ් පාටින් බෝ එක දාපු පුටු වලින් මුලු හැදි ගෙදරම මිදුල වැහිලා තියනකොට මං ඒ පුටු අස්සෙන් යන්තන් පාරක් හදාගන මනමාලියෙක්ට අන්තව හැඩවෙලා අර මල්ගොඩක් මැද ඉදන් උන්න සයුරියා දිහාවට ඇදුනා...

මේස වටේ වට උන මිනිස්සු උන්නෙ අද හෙටක උනත් කියවලා ඉවරකරගන්න බැරි උන්ගෙම ඕපදූප කතා මලු වල ගිලිලා වෙද්දි අනෙ අම්මෙ පුටු මැද තිබුන අර රවුම් මේස උඩ මේස රෙද්ද මොනපාටද කියලා හොයන්න බැරි තරමටම කෑමපිගන් වලින් වැහිලා තිබුනා...

තනිකරම මාලු මංගල්ලයයි...මං හිතන්නෙ මුලු මූදම අද හැන්දගෙ ගෙදර!!

නානාප්‍රාකාර සුවදවල් හුලගට මුහුවෙලා තියන තරම කොයිතරම්ද කියනවා නම් අද අර මූදටම උරුමකම් කියන කසිංජි සුවද පවා අතුරුදන් වෙලා තිබුනා....

එ වෙනුවට අතුරුදන් උන කසිංජි සුවදෙ හිස්තැන් පුරවන්න දත්වලට තදවෙනකොටම කරස් කුරුස් ගාන රන් වන්පාට වෙන්න බැදුන අලපෙති වල සුවද එක්ක තව දාහක් ජාතිවල කෑම සුවද උඩට ඇවිදින් තියනකොට මෙච්චර වෙලාම නොතිබුන බඩගින්නක් හීන් සීරූවට බඩ ඇතුලෙන් නැගිටින්න ගත්තා....

අත් දිගට ආව තනිම සුදුපාට ශර්ට් එකට කලු බෝ එක බැදපු වේටර් කොල්ලොත් මේස ගානෙ එබි එබී බල බල පිගානක සුදුපාට හිස්තැනක් මතු වෙනවත් එක්කම ඒ හිස්තැන් වැහුවා.....වෙන තැන් වගේ නෙවෙ.....වෙන තැන්වල ඩෙවල් එකක් ඉල්ලුවොත්.ළූනු කිලො දහයට එක කුකුල් තට්ටයි ...ඒත් මෙතන...ළූනු වෙනුවට කුකුල් කොටුවක්ම පිගාන උඩ තිබුනා...

ඒ විතරක්ද?

සා.....ස්...සූස්....ගාන සද්දෙන් කැඩෙන ස්ප්‍රයිට් කොකාකෝල බෝතල් හිස් වෙන්න කලියෙන් මේසෙට බඩු වැඩම කෙරුවා....හැට නවයක්.....අතිවිශේශයක්...කලු ලේබලේක මුද්‍රාවක් කැඩෙනවත් එක්කම තව එකක් ස්ටෑන්ඩ් බයි හිටන් උන්නා....

කන එවුන්ගෙ කටවල් වලට සැනසීමක් නෑ....කියවන එවුන්ගෙ කටවල්වලට සැනසීමක් ඇත්තෙත් නෑ...ගහන ගෲප් එකත් තවම මුල හින්දා සුමටව යනකොට මං මගෙ අතේ උන්න සමනලය වෙන කා දිහාදො බලන්න ගිහින් වේටර් කොල්ලෙක්ගෙ ඇගේ හැප්පිලා හොම්බෙන් යන්න යනවත් එක්කම ඒකව ඇදලා අරන් වඩාගත්තා....නැත්තන් මූවත් කාගෙ හරි ඇගක වැදිලා වැටුනොත් අපි පවුලම කොටහලු වෙනවා....

මං ඇවිදින් තවම විනාඩි ගානයි.....හැබැයි විනාඩි ගානට දැකපු දේවල් නම් කෝටියයි.....හැබැයි ඉතින් ආය ලෝස් නැතුව කෑම තියනවා...දැකල දැකලා එපාවෙන තරමටම කෑම තියනවා...කෑම නම් කෑම....ඒකට මොකද අපෙ අත්තම්මගෙ පැත්තෙ වෙඩිමකට ගියා....කන්කුන් විතරමයි....අර මාලුව තියනවා මේ මාලුව තියනවා බෙදාගන කන්න කියලා ගිහින් බැලින්නම් අපෙ උන් කට රවුම් කරලා කියලා තියෙන්නෙ වට්ටක්කෙටත් මාලු කියලා....

කරන්න දෙයක් නෑ.....වලව්ව අස්සෙත් සුලු සුලු චොර තැන් තියනවා.....අපිත් ඉතින් පතෝලෙට උනත් මාලුව කියනවා...

අම්මියෙ.....අම්මියෙ...අර....සයුරි අක්කා....කැතයො අර.....සයුරි අක්කා...සයුරියක්කව දිලිසෙනා නේ අම්මියෙ...පුතාටත් දිලිසන්න ඕන...කැතයො අර සයුරියක්කනේ...

ඔව්...ඔව්.....සයුරි අක්කා තමයි...

ඇයි ඒ සයුරි අක්කා මල් පුටුවක ඉන්නෙ කැතයො.....

එහෙම තමයි....අද එයාගෙනෙ පාටිය...ඒකයි ඒ...

මෙච්චර වෙලාම නඩේ ගුරා කස්තුරි මාමා වගේ සමනලයවත් වඩාගන ඉස්සර උන මං මල් දාහක් මැද පිපුන කෙහෙල් මලක් වගෙ උන්නෙ සයුරිය වඩම්මලා උන්න මන්ඩපේ කිට්ටු කරලා ටිකක් පස්ස ගැහුවා...

මෙච්චර වෙලාම පස්සෙන් ආව අප්පච්චි ඉස්සර උනා වගේම අප්පච්චි වැලමිටෙ එල්ලිලා උන්න අම්මත් අපිට ඉස්සර උනා.....

සයුරියා දිලිසෙනවා.....හම්බෙන තෑගි ටික පරිස්සමින් තියාගන්ඩ සයුරියට ටිකක් එහායින් ඒකිගෙ අම්මත් දිස්නෙ ගගහා ඉන්නකොට මං බලාගන අපෙ අප්පච්චි දැක්කා විතරයි සයුරියාගෙ මූනෙ මල්පිට මල් හතක් පිපෙනවා....

ඒකිගෙ දිස්නෙ දරාගන්න බැරුව මගෙ මං හිතන්නෙ මගෙ කට ඔහෙක් වෙලා...ඇස් දෙක මෙහෙක් උනා....ඒතරන් ඒකිගෙ අලංකාරෙ....ඇස් වල සෙන්සර් යන්න එනවා....ඊටත් ඒකි උන්න තැනට පාට පාට කැරකෙන ඩිස්කො ලයිට් එකකුත් දාලා....මූනෙ තියන පොටිපාරයි.....කටට උලලා තියන රතු පාටයි එක්ක ඩිස්කො ලයිට් එකෙ රතුපාට කොලපාට එලි වදිනකොට සයුරියා තනිකරම මෝහීනි වගේ..

අම්මයි අප්පච්චි සයුරියා එක්ක හිනා වෙලා කතා කරන්න ලගට යනකොට මාත් තව චුට්ටක් කිට්ටු උනා...

මගෙ අම්මෙ මං මේකිව දැන්නෙ හරියටම දැක්කෙ....ඈතින් ඉන්නකොට මං දැක්කෙ මේකි බැබලෙනවා විතරයි..ලගට ආවමෙන් යකො තොරනෙ විස්තරෙ හරියටම පේන්නෙ....

ගවුමක් අන්දනවා ගවුමක් ගන්නව කිව්වට සයුරියා ඇදන් උන්න මගුලෙන් පස්සෙ මනමාලියො හෝම් කමින් එකට අදින අර ලෙහෙන්ගා කිට් එකක්...ඒකත් කැරට් විසි හතරෙ රත්තරන් පාට .....අල්ලලා තියන ගල්වල හැටියට සයුරිය එහෙට හැරුනත් ආලෝක ධාරාවක් විසි වෙනවා....බෙල්ලෙන් එකයි රත්තරන් කඹ ගොඩ....කඹ සීයක් තිබ්බත් මොකද මං ඒකිගෙ කඹගොඩෙන් මගෙ සුදු අයියා හදවන් ආව කඹේ හොදාකාරවම දැක්කා..යකොඩො ඒක මාලයක් යෑ...තනිකරම බහුදින යාත්‍රාවල නැංගුරම ගැටගහන කබෙ වගේනෙ...

සයුරි...පුතේ....හා...හා...නැගිටින්ඩ ...

රැස් විහිද විහිද උන්න සයුරියා අම්මටයි අප්පච්චි ටයි බිම වැටිගන වදිනකොට මං වඩාගන උන්න සමනලයව බිමින් තිබ්බා.....ඇයි...දැන් ඉතින් ඕකි මටත් වදින්න එපැයිනෙ...

මොනා උනත් පසනගෙ විතරක් නෙවෙ මං මේකිගෙත් තාත්තනෙ.....අනෙ මන්දා. ..අප්පච්චි ට ඔය ඉන්නගමන් මතක් කරන්න ඕනා...මට විතරක් නෙවෙ...ඔයාලගෙ මිනිබිරීටත් අඩුම ගානෙ බුරුත කකුල් ආව කනප්පුවක් වත් දෙන්න ඕන කියලා.....

තෙරුවන් සරනයි දුවෙ.....හැමදාමත් අම්මට හොද දුවෙක් වෙන්න...ඔයා දැන් ලොකු දරුවෙක්....හොද නරක හැමදේම හිමින් හිමින් ඉගන ගන්න...තව ඉස්සරහට යනකොට ඔයාට හුගාක් දේවල් තේරෙයි.....කට වහරෙට ඔයා ලොකු දරුවෙක් කිව්වට....වයස අතින් වත්...හිතෙන දේවල් අතින් වත් ලොකු නැ.....පුංචි දරුවෙක්.....

ඔයාට තව ලොකු වෙනකොට හුගාක් දේවල් තේරේවි...අම්මා හුගක් දේවල් කියලා දේවි...

ඒ වගේම වයසෙන් ලොකු වෙනකොට අනිත් ගෑනු ලමයිට වගේ ඔයාට හුගක් දේවල් ඕන වේවි.... රැල්ලට යන දේවල් කරන්න ආස හිතේවි.....ලස්සන වෙන්න දාහක් ජාති කරන්න හිතාවි....සයුරි...ලස්සන දුවෙක් වෙන්න උත්සහා කරනවා වගේම වැදගත් දුවෙක් වෙන්න ඊට වඩා උත්සහ කරන්න.....

තේරුනාද....

මේක ඔයාට මාමගෙනුයි නැන්දගෙනුයි දෙන්නගෙම්ම.....තෙරුවන් සරනයි....හැමදාම මෙ ලස්සන මල....මෙ විදිහටම ඉන්න ඕන.....

මං බලාගන උන්නා...බිම පෙරලීගන වැදපු සයුරියව උරහිස් වලින් අල්ලන් නැගිට්ටවපු අම්මා ඒකිගෙ මූනත් ඉඹලා සයුරියට ලස්සන දුවෙක් වෙන්න උත්සහ කරනවට වඩා වැඩියෙන් වැදගත් දුවෙක් වෙන්න උත්සහ කරන්න කියල තවත් මොනව හරි කියන්න කට හදලත් ආයම සැරයක් තෙරුවන් සරනයි කිව්වා...

මං දන්නවා...අම්මට මීට වඩා හුගාක් දේවල් කියන්න ඇති...ඒත්.....එක අතකට අම්ම කියන්න ‍යන දේවල් ඒකිගෙ වයසට බර වැඩි ඇති කියලා අම්මටම් හිතෙන්න ඇති....සයුරියා වදිනකොට ඒකිව උරහිස් වලින් අල්ලන් නැගිට්ටවපු අම්මා වැදගත් දුවෙක් වෙන්න කියලා ඔලුව අත ගාන ගමන් ඒකිගෙ කොටහලු මගුල කන්න ඇවිත් තිබුන සෙනග දිහා බලලා හුස්මක් ගත්තා...

මන් දන්නවා....ඇද පැලදගන ආවා උනත්....හිත් බිදගන්න බැරි හන්දා ආව උනත්...කොටහලුවක් මෙහෙම ප්‍රසිද්ද කරන එකට අම්මගෙ හිතෙ ඒ තරම් කැමැත්තක් නෑ කියලා....

එකම රටෙ පරිසරවල් ගානක් තියනවා....එකම රටෙ තැන් තැන් වල චාරිත්‍ර වාරිත්‍ර ගනින්න බැරි තරම් තියනවා.....කොච්චර උනත්.....මොන දේ උනත් මං හිතනවා මගෙ අම්මගෙ කතාව හරි...කොටහලුවක් කියන්නෙ ප්‍රසිද්ද කරනවට වඩා....දැන් තියන සමාජෙත් එක්ක හන්ගන්න ඕන කාරනාවක්....

පාටි දාලා කනවට වඩා....කෙල්ලව ලගට අරන් අදින් පස්සෙ මේ සමාජෙ අස්සෙ කොයි විදිහටද පරිස්සම් වෙන්නෙ කියල අකුරෙන් අකුර කියලා දෙන එක වටින කාරනාවක්....

කොච්චර කියවන් ගියත්....වක්කඩ වගේ එල්ලුනත්...මටත් මේ වගේ නංගි කෙනෙක් උන්නා නම්....ඒකිගෙ අයියා විදිහට ඒකිගෙ කොටහලුවෙන් පස්සෙ ලොකු වගකීමක් උරහිස උඩට වැටෙන්න තිබුනා.....මං එහෙම උනා නම් සමනල්ට වඩා ඒකි රකිනවා...මලක පෙති හැලුනොත් හැලුනමයි...

කොටහලුවක් ජයටගන්නවා කියන එක මේ මිනිස්සුන්ගෙ හැටිය.....ඒකට අපි මොනවා කියන්නද.....

සයුරියා හිනා වෙනවා....අම්ම ඒකිගෙ අතට දුන්න ලියුම් කවරෙ දෑතින්ම අරගත්ත ඒකි අනිත් පාර සහයට දිලිසෙන ගමන් උන්න ඒකිගෙ අම්මා දිහාවට පෙන්නලා විරිත්තුවා....

අම්මෙ මේන්....අපෙ පප්පාගෙ මායියා වෙන්ඩ ඉන්න එකාගෙ ගෙදරින් ලොකු කරවයක් දුන්නා.....

සයුරියගෙ කට තනිකරම හුලු අත්තට බොරලු දැම්මට හපන්.....!

මන් හිතන්නෙ මගෙ මූන තනිකරම හත් අවුරුද්දක් විතර ෆ්‍රිජ් එකෙ පල් වෙලා ඥොරොක් උන තක්කලි ගෙඩියකට අන්ත උනා....සයුරියා වෙනුවෙන් අහිංසක හිනාවක් මවාගන උන්න මගෙ ඇස් දෙක ඔහෙක් වෙලා කටටත් මෙහෙක් වෙන්න වත් වෙලාවක් තිබුන් නෑ...

මේකි කොටහලු උනා කියලා නෑ.....අර පරන බෝක්කුව බෝක්කුවමයි.....පරන වක්කඩෙ තවම එහෙම්මයි...

පප්පගෙ මායියා වෙන්ඩ ඉන්න එකාලු.. මං කොහෙද මායියෙක් වෙන්නෙ.....අපෙ ගෙදර ඩිපියුටි ගෘහමූලිකයත් මම නම්.....ඒකිගෙ පප්පගෙත් ගෘහමූලිකයා මමනෙ ....???

මායියලු...හිතෙ ඇත්නෙ පප්පට මම මායියකම් කරන හැටි බලන් ඉන්න.....නොකියා නොකියා උන්නට උඹගෙ පප්පා අපෙ පියයානාව එක්ක නටන නාඩගම හන්දත් මං දැන් ඩින්ගිරිත්තක් විතර පරල වෙලත් එක්ක ඉන්නෙ.....පප්පට දුවන්න වෙන්නෙ මං හැන්ද අතට ගත්තම තම....

මායියා.....කව්ද දන්නෙ නෑ මේකිට ඕක කනෙ තිබ්බෙ .....

මේකිගෙ ලමිස්සි කම දෙපිටින් යන්ඩ ගහන්ඩ හිතෙන්නෙ දැන් තමයි.....හිතුනොත් මේකිට මං දැන් මෙතනම පිට පුපුරන්ඩ ගහනවා...ඇයි යකො ..වරෙන්කො දැන් උඹ මටත් වදින්ඩ එපැයිනෙ නේ.....

ඔහෙලා පාටිය ඉවර වෙනකන්ම ඉන්ඩ ඕන හරිය....ටිකිරියත් ඉන්නෝනේ....

අපෙ පසනා තාම ටිකිරියා දැක්කෙ නැ.....?

ටිකිරියො....මං සයුරි අක්කා...ඔහෙට මාව මේ ටික දොහෙට අදුනන්ඩ බෑ...මං දැන් ලමිස්සියෙක් උනානෙ....අපෙ අම්මා කිව්වා තව ටික කාලෙකින් මටත් බොඩියක් අදින්ඩ වෙයි කියල ....අපෙ අත්තම්මා කිව්වා මං මහත හින්දා ඉක්මනට බොඩියක් ගේන්ඩ කියලා...

අපෙ පප්පත් මට විහිලු කරනවනෙ ගැට වන වන දුවන්ඩ එපාය කියාලා....

අම්මෙ...පප්පමායියලෑන් දුන්න සල්ලි මගෙ බොඩිය ගන්න අරන් තියන්ඩ හරිය...ඔහෙ මට දුන්න සල්ලි මට හොරාවට ඔහෙගෙ බොඩියෙ ගහගන්නවා නෙවෙ .....

සයුරියා.....කටවහකො බල......කිව්ව නේ ඔහොම කෑගාන්නෑ කියලා.....ඇයි...අම්...මේ...මේකිගෙ කට අඩු නෑනෙ....ඔහෙලා ගනන් ගන්ඩ එපා අක්කෙ මේකිට අපෙ අම්මා බොඩියක් ගැන දැන් ඔලුවෙ තියෙන්නෙම බොඩිය අදින එක...පිස්සු මේකිට....එන්ඩ අක්කෙ...ඇවිත් මේසෙකින් වාඩි වෙන්ඩ....කිරියලත් ඉන්නො...ලියනගෙ අක්කලත් ඉන්නො....

තේජකයියෙ...හොදට කාලා බීලා යන්ඩෝනා හරිය...මේකිගෙ කොටහලුව ගම් හතටම කිව්වෙ ලෙවකන්ඩ නෙවෙනෙ....අපෙ සමුද්‍රයා ලෝස් නැතුව කන්ඩ ගෙනාවා...අනිකත් නාන්ඩ තරම් බොන්ඩ ගෙනාවා...යනකොට කියන්ඩ හරිය.....ඇයි අප්පා...නිකන් යන්ඩ දෙන්ඩ බෑනෙ...ඔතලත් දෙන්ඩ එපැයිනෙ ආය...

න්...නෑ...නෑ...නංගි....අනෙ ගෙනියන්න නම් ඕන නෑ.....ස්තූතියි ගොඩක්.....සුදුමහත්තයා ..නංගිට කතා කරලා එන්න....

මාව නිකන් බ්‍රමනය වෙනවා වගේ.....කොටින්ම අරකි හාලි කුයින් වගේ කෑගහලම බොඩියක් ගැන කියනකොට මට දැනුනා මගෙ සර්වාංගෙන් ආත්මෙ ගැලවිලා දූවනව වගේ....අත්තම්මගෙ රෙද්ද කඩපු දාවත් මට මෙහෙම ලැජ්ජ හිතුන් නෑ....ආ දවස්‍වලම අපෙ මනුස්සයගෙ සරම කඩලවත් මෙහෙම ලැජ්ජා හිතුන් නැ......

ඇරත් සමුද්‍රයා හුජ්ජ දෙබරා මොකක්ද අර ගැට කතාවක් කියලා තියෙන්නෙ...අනෙ අම්මාපා...ලමිස්සියෙක්ට කියනකතාද අපෙ එකත් කියලා තියෙන්නෙ...??ආව දෙන්කො...මන් ඕකටත් ගැට පෙන්නන්නම්...

ඇයි අනෙ නුවර වලව්වක බෑනෙක් වෙන්ඩ ඉන්න උන් මෙහෙම වල් වැදුන කතා කියනවද...

සයුරියගෙ අම්මා ගාව උන්න අම්මා මට සයුරියට කතා කරන්න කියනවා....මං බලාගන අප්පච්චි අහල බලාගන යටි තොල හපාගන හිනාව කාගන ඉන්නවා...සමනලයව අතින් අල්ලන් උන්න මං අනිත්පාර මගෙන් ඈතට දුවලා ගියපු මගෙ ආත්ම මෙව්වා එක ආපිට ඇදලා අරගන ඇග ඇතුලට දාගන වෙනදා තියන අහිංසක...සීලාචාර නිවුන පෙනුම වෙනුවට වයසින් මුහුකුරා ගියපු පෙනුමක් ආරූඪ කරගන්න ගමන් සයුරියා ගාවට ගිහින් හිටගත්තා විතරයි මේකි මා දිහා බලාගන ඉදලා විරිත්තුවා...

ඔහෙ දැන් අපෙ අප්පගෙ මායියා හන්දා ඔහෙටත් මං වදින්ඩෝනනෙ....කිරියටත් වැන්දා අඩෙ...මං සුකුමලාටත් වැන්දා....උන් දෙන්නත් මට කවරෙ කවරෙ දුන්නා...දැන් ඔහෙත් දෙනෝනෙ??

ඔව්...ඔව්...දෙනවා....ඇයි වදෙ....ඔය ළමයා වැඩිවියට පත් උනා විතරයි ඔහොම සල්ලි ඉල්ලන්නෙ නෑ ලමයො....

මේකි සල්ලි ඉල්ලනවා...මං හිතුවා වගේම පොඩි හැන්දි මගෙන් සල්ලි ඉල්ලුවා...මේකිගෙ තරම දන්න හන්දම ස්ටෑන්ඩ් බයි කුඩික්කිය කඩලා මොනරෙක් දෙන්නෙක් දාගන ආව මං ඒකි මගෙදෙපතුල අල්ලා වදිනකන් මං මහදැන මුත්තා වගෙ බලාගන උන්නා .....රත්තරන් වගේම දරන්න බැරි ඇදුමක් ඇදන් උන්න පොඩි හැන්දි අවසානෙදි වැන්දා විතරයි මං ඒකිගෙ උරහිස් දෙකෙන් අල්ලා ඒකිව කෙලින් කෙරුවා...

සයුරි දුවෙ...හොද දරුවෙක් වෙන්න...අපෙ අම්මා කිව්වා වගෙ වැදගත් විදිහට ඔයාගෙ චරිතෙ තියාගන හොද දුවෙක් විදිහට ඉන්න...මේ සමාජෙ හුගාක් කුරිරුයි දුවෙ.....අංක එක ඔයාගෙ නම්බුව....තේරුනාද...ඔයා තවම පොඩි දරුවෙක්....මේ සමාජෙ ගැන හුගක් දේවල් දන්නෙ නෑ.....ඔයාගෙ නම්බුව රැකගන්න...ඉගනීමට මුල් තැන දෙන්න...ඔය එක එක මනස්ගාත වලින් ඔලුව පුරවගන්න එපා තේරුනාද...

මං දැන් කියවගනම ඉන්නවා...මං බලාගන අරකි මං දුන්න ලියුම් කවරෙට බෙල්ල දාලා මගෙ දිහා බලාගන මූන ඥොරක් කරගත්තා....

එද්දාස් පන්සීයනෙ........අපෙ ප්ලේට් එකම හය දාස් ගානට වඩා ගනන්...ඔහෙ මෙතන එද්දාස් පන්සීයක් දාලා දාදාක විතර ඇඩ්ඩයිස් දෙනෝනෙ..... අපෙ කිරියා නම් මට පහෙ කොලයල් දාලා තිබ්බා...ඌ නම් මට ඔහොම බන කිව්වෙ නෑ.....ඇරත් ඔහෙ මට දැන් නම්බුව ගැන කියන්නෙ...ඔහෙ දැන් අපෙ පප්පා එක්ක යන්ඩ ගියාලු නේ....අපෙ පසනා එහෙම් කතාවක් දෙඩ්ඩා....එතකොට කොයි ඔහෙගෙ නම්බුව.....

මට නේද....දැන්.....මේකි කියවගනම ඉන්නවා.....මට නේද දැන්.....ඇයි යකො මේකිට එක්දාස් පන්සීයක්ම දැම්මා....ඒ මදිද....මගෙ මනුස්ස කමට මේකිට එක්දාස් පන්සීයක් දැම්මෙ...මේකිට වටින් නෑනෙ....අනික මේකි ගෙට වෙලා උන්න ටිකට මගෙ වෙන්න පුතා ඒකත් මෙකිගෙ කනෙ තියලා....

සායම ඉවරයි...මගෙ මොනර නම්බුව ඉවරයි.....

මං ඉක්මනට වටපිට බැලුවා....

ඇස් දෙක වාමාවර්තව ගිහින් උඩුතොල යටි තොල දක්ශිනාවර්තව යාගන ආවා....මේකි හුස්මක් නොගෙම මට ලැජ්ජා කරනවා....

අම්මෙ....මේන්...ඔහෙ දැක්කයි...අපෙ පප්පගෙ මායියා මට එද්දාස් පන්සීයක් දාලා මට හොදට ඉගනගන්ඩලු...මෙයැයිගෙ කතාව බලකො නේ....මනස්ගාතවලින් ඔලුව පුරවගන්ඩ එපාය කියන්නෙ....පප්පා එක්කත් යාලුවෙලා ඉන්නෙ දැන් ඉස්කෝලෙ යන ගමන්නෙ .....මෙයැයිට මොනාද බල වෙලා තියෙන්නෙ

මාව දැන් වෙව්ලනවා...කොට්න්ම මට අපෙ මිනිහව මරලා මැකරල් කරන තරම් තරහවක් ආවා...

ඒකිගෙ කට එහා යනව මෙහා යනවා.....කියවන් යන වාරයක් පාසම ඒකිගෙ අර දිස්නෙ ගහන ටසක් කරාබු දෙක එහාටත් හෙලවෙනවා....මෙච්චර වෙලාම හොදට උන්න මං අනිත්පාර මගෙ ඇග ඇතුලෙ උන්න මොනර ආත්මෙට පන දෙනවත් එක්කම මට දැනුනා මගෙ මොනර පිල් ටික එකින් එක විහිදෙනවත් එක්කම මොනර පුක තව කිලෝමීටර් බාගයක් පස්සට ගියා .....

මට මොනාද වෙලා තියෙන්නෙ කියපිය බලන්ඩ.....ආ....ඇත්තමයි සයුරියා මං තොට ගහනවා කොටහලුව දෙපිටින් යන්ඩ.....ඇයි යකො...මුන්ට හැදෙන්ඩ දෙයක් කියන්ඩ බෑනෙ...පප්පා එක්ක ගියෙ මන්නෙ...උඹට ඒ දේවල් නොවෙන්න තමයි මං කියන්නෙ.....අක්කෙ ඔහෙටත් ඇහෙන්ඩ මං කියන්නෙ....මං මේකි මකෝනවා...අපෙ එක්කෙනා වගේ මන් මෙවුන්ව හුරතල් කරන්නෙ නෑ...අක්කට අද තියන සමාජෙ ගැන මං අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ...අපෙ එක්කෙනා වගේ අය හැමතැනම නෑනෙ.....අක්කා බය නැතුව හිටින්ඩකො...මන් මේකිව හදලා ගන්නම්...අපි වලව් කාරයො.....

නම්බුව තමා අක්කෙ අංක එක....අනික අක්කලාට උනත් කොච්චර නම්බුවක්ද අක්කෙ වලව්වක අයට නෑකම් කියන්න හම්බුන එක.....හිටපිය.....මං අද මගුල හින්දා යනවා....

උ...ඌයි....යාහ්.....පප්පගෙ මායියට මොන්ගෙලේ ගලද මන්දා....අපිට එපා වලව් ලබ්බො....ආ වෙලේ ඉදන් දොඩන්නෙ වලව් වන්නම....පප්පා කිව්වා මූ මූදෙ දානො කොයලා...ඌයි.....හ්හ්...මගෙ පිට පුපුරන්ඩ එනවා....අමාකර කැතයා.....මූට නම් අපෙ පප්පා ගහන්ඩම ඕනා....අපෙ පප්පගෙන් ගුටිම කාපිය.....ඌ..ඌහ්....ආය ඇන්නා.....

මං එන්න ආවා...අරකිගෙ හැකර කටින් දාහක් ජාති අහගත්ත මන් ඒකිගෙ කියුම් මටම විතරක් ඇහුන එකටත් මගෙ සායම බේරපු සන්ගීත සාජ්ජෙ ට පින්දිදි මං අර පබාවතීගෙ මල් යහනෙන් හීන් සීරුවට බැහැලා අපෙ මව්පිය යානවව හෙව්වා...

අර ඉන්නෙ........ඇති යාන්තන්....ටම සිරි...යකො....කිරියයි සුකුමලාගෙයි දිලිස්සිල්ල....ලියනගේ බොසා යකො....

නිලමෙ.......

කිරියා....

මේසෙන් එකයි සෙනග.....ඊටත් කරච්චලෙ.....මගෙ ඇස් අන්දවෙලා ගියා.....අන්දවෙලා කියන්නෙ කිරියගෙ අම්ම සයුරියට හපන් තොරනයක්.....කිරියයි සුකුමලයි තවත් තොරන් දෙකක්....

සුදු මහත්තයා...

මේසෙ ගාවට ආව මාව දැක්ක අම්මා මට අම්ම ගාවම තිබුන පුටුව පෙන්නලා තට්ටුවක් දැම්මා....මං එහෙම්ම අම්මා ගාවින් ඉදගත්තා....

අම්මට පුලුවන් උනෙ මට සුදුමහත්තයා කියන්න විතරයි ....එතනින් එහා අම්මගෙ සම්පූරනම අවදානෙ තිබුනෙ ලියනගේ නැන්දට වෙනකොට කානුවට උගෙ සවල් මේට්ගෙන් තොර ලෝකයක් තිබුන් නෑ....

දිරාපු ඉන්දියන් බෙදුම් කට්ටක් වගේ ඉන්න පසනා තනිකරම අද තමිල්නාඩු නලුවෙක් වගේ....එකගෙ අර මුලු කොන්ඩෙටම ට්‍රාන්ස්පෝමරයක් කඩන් වැටිලා වගෙ එකම එක කෙස් ගහක් නෑරම මුලු කොන්ඩෙම ඉත්තෑකූරු වෙලා තිබුනා මදිවට උගෙ කෝටු අතට උහුලන්ඩ බැරි වෙන්ඩ රත්තරන් බඩු පිරිලා තිබුනා....

මං එහෙම්ම ඊලග පුටුදෙකේ උන්න අපෙ මොනර යුවල දිහා බැලුවා.....මං හිතන්නෙ අපෙ මොනර මැනිකෙටයි සීයත්තටයි අද හූල්ලල විසේ යනවා...ගෑනුන්ගෙ හීනිපටි ගවුමක් දැක්ක දැක්ක තැන සීයත්තා අහක බලාගන්නවා... දිවංගත රදල උත්තනයන්ටත් අඩ ගහගහ අපෙ හප්පෙ....අපෙ හුප්පෙ ගානකොට අත්තම්මා නම් මහ සද්දෙටම නොදෝමකින් කියලා කම්මුකට අතගහන් මුලු නුවරම මිනිස්සු ගැන මතක් කෙරුවා.....

උන්දැ හිතන් ඉන්නෙ එයාට වගේම අනිත් එවුන්ටත් බීරියි කියලා...අනිත් පැත්තෙන් දඹානෙ අත්තම්මලා....කිරියගෙ වන්නිල ඇත්තා නන් මං බලාගන ඩෙවල් කරපු ඌරුමස් තසිම එක හුස්මට ඇදලා අරිනකොට මහ හූරි අපෙ අත්තම්මට මොනාද කියලා කටවහන්ඩ කලියෙන් අත්තම්මා ඈ....හ් ගානවා...එතන තනිකරම බීරි හටන වගේ....

ඈ...හ්!!

මට ඒ පැත්ත බැලිල්ල ඇති උනා.....කොටින්ම මට වයසක නඩේ දැකලා ඔලුව රදේට ආවා...

දැන් ඉන්නෙ අපෙ අප්පච්චියි ලියනගේයි.....එන්ඩත් කලින්ම කිරියගෙ පිය යානාවට සූර් වෙලා....කිරියලාගෙ කොන්ඩ ස්ටයිල් එකමයි...ලියාගෙත් මුලු කොන්ඩෙම ඉස්සිලා මදිවට ඇසුත් ඩින්ගිරිත්තක් රතු වෙලා....ලියනගේ අන්කල් නම් එන්ඩත්කලින් මොනවා හරි අනුමත කරන්ද කොහෙද

සර්.....

ලියා රත්තරන්....මොකො එන්ඩත් කලින් දෙක වැදිලා නේද මගෙ වස්තුවට ...

අ...අයියො...නෑ සර්...නෑ.....මන් කෙලින්...ලියා කෙලින් .....මෙ තනි කෙලින්...වස්තුව තනි කෙලින් සර්

කෙලින් වෙන්නෙ කොහෙද.....මගෙ කොල්ල දැම්මම වක ගහලනෙ රත්තරන්...අනික සර් සර් ගාන්ඩ එපාබන්...සර් ගාන්නෙ ඇයි.....උඹ මගෙ පපුවෙ වම් පැත්තෙන්නෙ ඉන්නෙ....එහෙම උන් සර් ගාන්නෙ නෑ....තේරුනාද ම්ම්ම්ම්ම්ම්ම්...මට ඉන්නෙ උඹ විතරයි ලියනගේ.....මට උඹ විතරයි ඉන්නෙ...සෝලංගාරච්චිගෙ පන උනාම කෙලින් ඉන්ඩ ඕනා.....තේරුනාද....කෝ කෙලින් කෙලින්....

සර්....

හ්ම්...

මං සර්ගෙ පනද....

අනිවාරෙන්ම.....මොකො.....ඇගිල්ල තුවාල කරලා ලේවලින් ලියුමක් ලියල දෙන්න ඕනද....

ප්...පිස්සු....එපා.....ව්...වෙඩි....තියන්ඩෙ...පා....හ්..හදවත..ට...මගෙ...සර්...අපෙ ගෑනි ඉන්නවනෙ...අපෙ..ගෑනි....ඕකි....

රත්තරන් ගෑනි.....ඒ උනාට...ඒකිට වඩා...මං දැන් සර්ට ආදරෙයි.....

හා...හා...කෙලින් කෙලින්.....‍රත්තරන් අද පිස්සු කෙලියට හෙට වැඩ ආ...කෝ...කෝ....කෙලින්

කෙලින් තමා...කෙලින් තමා...කොල්ලා...හෙට හයවෙනකොට සර් ගාව.....කොහෙද...මට...මේකි උදෙම්ම පොල් ගාන්ඩ දෙනවා....මට දැන් පොල් ගාලා...ගාලා...ගාලම...මේකි එපා වෙලා.....සර්ට බැරිද...මේකි බරපතල වැඩ සහිත හිර ගෙට යවන්ඩ......එ..එක්කො එපානෙ.....දඹානෙන් අරන් ආවෙ හිරෙ යවන්ඩ නෙවෙනෙ...

ලියනගේ .....ඕයි....කෙලින් ඉන්නවකො...මේ වාහෙට එන්ඩ කලින් වෙරිනෙ.....ලියනගේ ....

සමනලයො....ආ...මේ කටලිස්.....ටිකිරියො.....බලයි බලයි.....අපෙ පප්පගෙ බලයි මාලු.....

මෙ මොනාද ටිකිරියො...

ඉස්සො.....ඉරට්ටෙ ගහල තියෙන්නෙ...සෝස් එකෙ ඔබාගන්ඩ.....ඔහෙට පසනා මේක ඔබලා දෙන්ඩද.....

සර්...

ම්ම්ම්...

මට සර් එක්ක.....යුග ගීයක් කියන්ඩ ඕන...

රත්තරන්ට ආසද මා එක්ක කියන්ඩ...

හු...ම්ම්ම්....සර් දන්නවා....සර් දන්නවා...මං ඔය පඩත්තර ස්ටේශමෙන්...පන වගේ ආදරෙ කරන්නෙ....සර්ට විතරයි කියලා....එ...එහින්දා...මට සර් එක්ක අද කියන්ඩම ඕනා...උම්මා...ද...ඌ....ප්‍රේමා...දරේ....

හා...හා...හෙමින්.....රත්තරන් මොකද මේ ම්ම්ම්ම්....කෝ කෙලින් ඉතින්...ආ මේ ඇපල් කෑල්ල කාලා ඉමුකො.....මාත් උඹට විතරයි ආදරෙ....

වැඩක් නෑ...මුන් හැමෝම මුන්ගෙ ලෝක වල.....උන් හැමෝම උන්ගෙ කතාවල....නිලමෙ කියලා කතා කෙරුවත් මොකද අද කිරියට සුකුමලා එක්ක කතා කරන්න හුගක් දේවල් තිබුනා....

අම්මට ලියනගේ නැන්දා එක්ක කතා කරන්න හුගක් දේවල් තිබුනා....මෙච්චර වෙලාම සුදු අයියගෙ බ්ලොක් එක ගැන කිය කිය උන්න අප්පච්චිත් අනිත් ඔආර බ්ලොක් එක අමතක කරලා ඩෝප් උන ලියනගේ අංකල් එක්ක කතා කර කර ඉන්නකොට මෙච්චර මේ සෙනග ගොඩෙ මට මහා පාලුවක් දැනෙන්න ගත්තා...

සුදු අයියෙ ...උඹ කොහෙද.....??

උඹ තවමත් අර දැල් ගොඩ ගාවද.....දවසකුත් පහු වෙලා...මෙච්චර සෙනග ගොඩක් මැද මං තවම උඹ දැක්කෙ නෑ සුදු අයියෙ.....

පසනෝ.....පුතාගෙ කට දනවනෙ...මෙව්වා එපානෙ.....

මෙව්වා එපා කියන්නෙ....මේවා කුකුල් මස් ඩෙවල්නෙ....චිකන්....චිකන්...ඔහෙට මං මේවා හෝද දෙන්ඩද.....?නැත්තන් පැටිසක් දෙන්ඩද ?

පැටිසක්.....කටදනවනෙ.....ම්හු...ක්...

ඔහෙට බීම ඉල්ලා දෙන්ඩද...

බීම.....සන්කූක්ද.....

අර කහ බීම....දොඩන්..දොඩන්.....

තේ නැද්ද....මෙහෙ තේ නැද්ද පසනො....

ඔහෙට තේද ඕනෙ...මෙහෙ තේ නෑනෙ....බීමයි ඉස්ප්‍රයිටුයි තියෙනො.....ඒත් ඔහෙට තේද ඕන ටිකිරියො.....

ම්ම්ම් හු....මට ඇතිනෙ....

ඔහෙට පසනා තේ හදා දෙන්ඩද...පසනා පප්පටත් තේ හදනෝනෙ.....නැත්තන් වතුර දෙන්ඩද.....තේමද ඕනෙ....

පසන් එපා....චූටි එන්න අයියා ගාවට...

ක්..කැතයො...පුතාට..දනවනෙ....

ඔයාට ස්ප්‍රයිට් දෙන්නද...

මට නිකන් දැන් සාංකාව වගේ...මට තේරෙන්නෙ නෑ.....සතුටින්ම ඉන්න ඕන වෙලාවක් වෙලත් ගෙදරින් එනකොට තිබ්බ අර කිසිම උද්‍යෝගි කාරී හැගීමක් මගෙ ගාව නෑ...පසනත් එක්ක හරි හරියට කාපු සමනල්ට මිරිස් කෑල්ලක් හැපිලද කොහෙද කට දැවිල්ල අරන් අඩන්න හැදුවා....රාජ බෝජනෙ ගෙනත් තිබ්බත් අවසානෙදි හිත නතර වෙන්නෙම කහට එකක් ගාව වෙන සමනල් මෙතනත් තේ ඉල්ලනකොට කොච්චර කරච්චලයක් උනත් සමනල්ට පන ඇරන් ඉන්න පසනා අනිත් පාර එකගෙ පොඩි කමට තේ හදන්න යන්න හදනවත් එක්කම මන් පසනව නවත්තලා සමනල්ව ලගට අරන් ස්ප්‍රයිට් ටිකක් පොවලා අල පෙත්තක් අතට දුන්නා ...

දැන් හරි...කැතයො...කට දැවිල්ල ඉවරයි පුතාගෙ ...

හ්ම්...

මං හූ මිටි තිබ්බා....කොටින්ම මට කන්නවත් හිතක් නෑ.....

සුදු අයියෙ ඔයා කොහෙද අයියෙ...?ආවත් හරි...මං ඔයාව දැක්කෙවත් නෑනෙ අයියෙ...

ලයිට්වලින් එලිය උන හතර දිග්බාගෙම වැහිලා ගියපු සෙනග ගොඩේ මං එයාව හෙව්වා.....වෙනදට ස්කීපර් අයියා.....සමුද්‍ර අයියා...පොඩි එකා කියාල දහයක් දෙනා එයාට කතා කෙරුවත් අද ඒ කාටත් එයාගෙ නම නිකන් වත් මතක නැති වෙන තරමට උන් උන්ගෙ කතා ලොකු වෙද්දි මං එයාට මැසේජ් එකක් දැම්මා....

සුදු අයියෙ .....ඔයා කොහෙද

මං දෙවනි මැසේජ් එකත් දැම්මා....ඒත් උත්තර නෑ.....බැරිම තැන කෝල් එකක් ගත්තා ....ඒත් රින්ග් වෙනවා විතරයි ආන්ස්වර් කරන්නෙ නැතිවෙද්දි මට ඉන්න හිතුන් නෑ...අවස්තාව ඇතුලෙ මොන තරම් සතුට පිරිලා තිබුනත් මට දශමෙකින් වත් සතුටක් නැති උනා....

දාහක් සෙනග උන්නත් මට මහ තනිකමක් දැනුනා....අදුරන මිනිස්සු අහුරක් මැද උන්නත් මට කියාගන්න බැරි තනිකමක් දැනුනා...

ඒ එක්කෙනෙක් හන්දා....ඒ එකම එක්කෙනෙක් හන්දා.....

අනෙ සුදු අයියෙ...ඒ උඹ හින්දා.....උඹ මගෙ ලෝකෙම හින්දා....මේ ලෝකෙ මොනතරම් සතුටු හිතෙන කාරනා තිබුනත් උඹ නැති නම් මට සතුටක් නැති හන්දා....

මට නිකන් ඇඩෙන්න වගේ... ..කෝ මගෙ සුදු අයියා කියලා කාගෙන් හරි අනෙ කෝ බන් මගෙ සුදු අයියා කියලා අහන්න හිතුනත් මගෙ කටම ගොලුවෙලා හිතේ තියන වචන ඇස්වලින් විතරක් එලියට එන්න හදනකොට මං තවත් පාරක් එයාට මැසේජ් එකක් දාන්න යනවත් එක්කම මගෙ අතෙ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා. ..

එක තත්පරයයි....මගෙ බඩබොක්කම සීතල වෙලා ගියා...තුන් තිස්පැයම උනත් එයාව දකින්න පාරමි පුරන මගෙ පපුව එ නම දැක්කත් ඇති අමුතුම හිරියකින් වැහිලා ගියා....

."sudu ayya❤️😘🌎

ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි....

පින්තූරෙ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි....

අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි...!!

අම්බරෙ .....ඇයි ඔය දුකෙන් ම්ම්ම්ම්ම්ම්?

සුදු අයියෙ .....අයියෙ ඔයා කොහෙද...මං ඔයාව හැම තැනම හොයනවා අයියෙ....

..මගෙ ඇගිලි වලට තනිකරම කරන්ට් එක වැදිලා වගෙ....එයාගෙන් මට සින්දුවක් ...ඇපල් මලෙ චූටිම කොටසක් එක්ක ඇයි දුකෙන් වගේ අහල තියෙද්දි අනෙ මං වටපිට බැලුවා...මේ සෙනග අස්සෙ එයා කොහෙද ඉන්නෙ කියලා හොයන්න මං වටපිට බැලුව...

එයා නෑ....

අනෙ මට එයාව හොයා ගන්න බෑ.....

එඒ චුට්ටකින් ආයමත් මගෙ අතෙ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා.....

.

" ඔය දගල දගල හොයන්නෙ මාවද...ම්ම්ම්?ඔය තරම්ම දගල දගල හොයන්න තරම් උඹට මාව වටිනවද අමාකර ??

අනෙ ඔව් දෙයියනෙ....ඔව්.....උඹ මගෙ පන ඉන්ධීවර්...කොහෙද ඉන්නෙ කියපන්කො... මෙච්චර සෙනග ගොඩෙත් මගෙ හුස්ම හිරවෙන්න එනවා....මට උඹව දකින්න ඕන අයියෙ ....

මට ඇඩෙනවා.....ආදරෙ වැඩිම තැන හිත රිදවන් උන්න මගෙ ඇස් වලින් කදුලු කැට කඩාගන වැටෙද්දි මං ආයම එයාට මැසේජ් එකක් දැම්මා.....ඒ චුට්ටකින්ම ආයමත් එයාගෙන් මට උත්තරයක් ආවා....

.."ආදරෙයි.....අඩන්නෙ ඇයි.....ලගනෙ ඉන්නෙ ම්ම්ම්ම්.....එක පාරක් එහෙනම් හිනා වෙයන්...මෙ හැන්නදිගේ ආදරේම උඹගෙ ඔය හිනාවට.....ලෝබ හිතෙන හිනාවක් අමාකර....උඹව මට හදකට සාමාන කරල කවි ගොතන්න අමාරුයි.....

එක අතකට හදක් වෙන එකත් හරි අමාරුයි...කවියො කී දෙනෙක්ගෙ කවි අස්සෙ එකම හදක් ඉන්න ඕනද ම්ම්ම්ම්ම්ම්....

මං බලාගන ඉන්නෙ...එකපාරක් හිනා වෙයන් . ....

එයා මට හිනා වෙන්නලු ....මෙච්චර වෙලම අඩ මානෙට ඉදන් උන්න මං අනිත් පාර ඇස් වල කදුලු පිහදන් අඩන්න කට හද හද හිනා වෙනගමං නැගිට්ටා....නැගිටලා එයාව හොයාගන යන්න හැදුවා....

ඒත්...,

මට යන්න බැරි උනා...අතෙ තිබුන ඵෝන් එකත් බිම වට්ටගනම මගෙ ඉන වටෙ හයිය අත්දෙකක් හරි තදට එතුනා වගේම මගෙ වම් උරහෙත් බරවෙලා ගියා....

"මෝඩ අම්බරෙ.....හිනා වෙන්න කියලනෙ කිව්වෙ ම්ම්ම්ම්...."

ස්...සුදු අයියෙ...අනෙ....අනෙ.....

මට ගොත ගැහුනා...එයාගෙ හයිය අත්දෙකම මාව තදින්ම තුරුල් කරගත්තා මදිවට මගෙ උරහිස එයාගෙ නිකටෙන් බර උනා...හතරවටම නානාප්‍රකාර සුවදවල් වලින් වැහිලා ගියත් මොකද මෙ තත්පරෙ පටන්ම මගෙ සර්ව ආත්මෙ පවා වැහිලා ගියෙ මගෙ සුදු අයියගෙ සුවදින් වෙනකොට මං එහෙම්ම එයා දිහා හැරිලා බැලුවා.....

අප්පච්චි අරන් දුන්න ශර්ට් එක ඇදපු එයා මගෙදිහා ඇස් පිල්ලමක් වත් නොගහා...හිනා නොවී...හිනා වෙනගමන් ආදරෙ මෙට්‍රික ටොන් ගානක් ඇස් වල හන්ගන් මගෙ දිහා බලගන ඉන්නවා....

"මගෙ සිහත්....."

ස්.....සුදු අයියෙ....

මෝඩයා.....අඩන්න හදනවා....මොකද මේ ම්ම්ම්ම්.....දුර ඉදන් බලන් උන්නෙ....

ලස්සන මූන...අඩන්න හදලා කැත කරගන්නවා.....එපා...මන් කැමති නෑ සිහත්....මගෙනෙ....ම්ම්.....මගෙ විතරනෙ...

මං බය උනා.....මං...හුගක් බය උනා අයියෙ.....මෙහෙම අතුරුදහන් වෙන්න එපා බන්...මගෙ පපුවට ඔරොත්තු දෙන්නෙ නැ සමුද්‍ර....මගෙ පපුවට දරන්න බැරි තරම් කැපෑසිටි එකකින් මං උඹට ආදර්‍ර් කරනවා මගෙ අයියෙ....

මන් එකම දිගට කියවන් ගියා ....මෙච්චර වෙලාම තමන්ගෙ ලෝකවල උන්න එවුන් අපි දිහා බලනවද.....මං කියන දේවල් කාටත් ඇහෙනවද.....මේ කිසිදෙයක් නෙවෙ මං ගානකට ගත්තෙ.....මේ කිසිම දෙයක් නෙවෙ මං හිතුවෙ...මෙතන කී දෙනෙක් උන්නත්.....අපි දෙන්නා දිහා ඇස් කීයක් බලන් උන්නත් මට නෙවෙ ගානක් ගියෙ...

මේ මොහොත ඇතුලත මට වටින එකම දේ මගෙ සුදු අයියම විතරක් වෙද්දි මන් මගෙ හිතට එන හැමදේම එයා ඉස්සරහා එකම දිහට කියවන් කියවන් යනකොට එයා මගෙ දිහා බලගන ඉදලා ඉදලා ඒ අතට මගෙ අත පටලවගත්තා....

දෙයක් පෙන්නන්න ඕන....

ම්..මොකක්ද...

.......මෙතන පෙන්නනවා නම් පෙන්න්නවනෙ...

සුදු අයියෙ ...

.එයාට මොනවද පෙන්නන්න ඕනලු....එහෙම කියනගමන් මගෙ අතින් අල්ලන් උන්න එයා මාව එයා ගාවට ඇදලා ගන්නවත් එක්කම මෙච්චර වෙලාම පිස්සට හැතැප්ම නෑ වගෙ කියවන් ගියපු මන් නිකමට අපෙ අප්පච්චි දිහාවට හැරිලා බැලුවා ....

අප්පච්චි ඉන්නවා....මා දිහා නොබලා ...කෙලින්ම මගෙ සමුද්‍ර දිහා බලාගන අප්පච්චි ඇස් හීන් කරගන බලන් ඉදලා ඉදලා මොකුත් නොකියම බ්ලැක් ලේබල් එකෙන් ග්ලාස් එකට ටිකක් හලාගන්නවත් එක්කම මගෙ අතත් මිරිකලම වගේ අල්ලන් උන්න සුදු අයියා අප්පච්චි ගෙ අතෙ තිබුන ග්ලාස් එක උදුරලා වගෙ අරගන ආපිට මේසෙ උඩින් තිබ්බා...උඩින් තිබ්බ කියනවට වඩා මහ සද්දෙන් මේසෙට ගැහුවා කිව්වා නම් හරි...

මොකො.... සෝලංග ආරච්චි මුරන්ඩු කම් කරනවද.....?

ඔව්...ඇයි අවුල්ද...??මොකක් හරි වෙන්න ඕනද.....මොකො අවුල??

ම්න්...අවුලද.... මට අවුල් තමයි ඔහොම මුරන්ඩු වෙනකොට මන් ආස නෑ....

.උඹ කියන්නෙ මන් ආසයි කියලද...ම්ම්ම්ම්ම්??මුරන්ඩු වෙනකොට මං ආසයි කියලද උඹ කියන්නෙ.....

එ උනාට.....කැලේට උනත් සින්හයො දෙන්නෙක් ඉන්න බෑනෙ සෝලංග ආරච්චි....නේ...මේකෙ ඉන්නෙ එකයි...ඒ මම විතරයි...

ඇත්තට.....ඒ වගේමයි කිසිම කදු මුදුනකටත් ව්‍යාග්‍රයො දෙන්නෙක් ඉන්න බෑ...ඉන්නවා නම්...ඒ මම විතරයි...බ්ලොක් එක.....?

නෑ අරින් නෑ......!!

ඕකෙ...එහෙනම්...පාඩුවෙ යන්න පුලුවන් .....මේක ආතල් එක

ගනන්ද.....ම්ම්ම්....ගනන්ද....

.අනිවාර්යයෙන්ම මේ සෝලංගාරච්චි සිල්ලරේට විකිනෙන්නෙ නෑ....බෙල්ල ගහලා ගියත් සිල්ලරේට නෑ...

බ්ලොක් එක ඇරලා තියෙන්නෙ.....ඔහෙයි මායි අරූගෙ ගෙදර යන්න ඕන...

මුගෙ අප්පච්චි මමනෙ...නෙ.....මම යන්නම්.....දල ඇත්තු කවදාවත් රැගුවෙ නෑ....

ඒ උනාට මං මූව ගන්න ඉන්න එකානෙ...ඔය මොන ඇතා උනත් හෙන්ඩුව ගත්ත ගොව්වට මෙල්ලයි.....මාත් එක්ක යන්...ගියා වචනෙ දැම්මා ආවා...කොලිටියක් තියන්ඩ ඕන....

උඹගෙ ඔය උද්දච්චකම තමයි මට දිරවන්නෙ නැත්තෙ....හැබැයි මන් ආදරෙත් ඒ ගටටමයි.....

ම්න්...ආදරෙයි....ඕනාවට වඩා බොන්ඩ එපා....බීමත් කම අහිතකරයි...අරුන් මුන් චොර උනාට මගෙ උන් බීලා වන වෙන්නෙ නෑනෙ ....

ඒ කියන්නෙ උඹ මට ආදරෙයි.....

ම්න්....ආදරෙයි...පන තමයි....

උඹ ලස්සනයි....මං හිතුවා වගේම උඹට ඕක මැච් වෙනවා.....මරු....තවත් කැල්ල වෙලා...අපරාදෙ මං බැදල උන්නෙ....

ඒ උනාට මුදුන් ලී දෙකක් එකට සෙට් වෙන්නෙ නෑනෙ...?

......ඒක හරි...පොඩ්ඩක් පහත් වෙයන් ඔය කොන්ඩෙ මොනවද තියනවා...

මන් හිතන්නෙ ඒ ගින්නත් ඉවරයි...මෙච්චර වෙලාම බ්ලොක් එකක් අල්ලන් දෙපැත්තට වෙලා කා කොටා ගත්ත අප්පච්චියි මගෙ සුදු අයියයි ආයම සමාදාන උනා...කොච්චර කියෙව්වත් දෙන්නට දෙන්නා මොන සද්ද දාගත්තා උනත්.....මං දන්නවා මගෙ අප්පච්චි මගෙ සුදු අයියට පුදුම තරම් ආදරෙයි ...ලෙන්ගතුයි...ඒක ආය මට වචන වලින් කියන්න ඕන නෑ...හරියටම ලියනගේ කිරියට වඩා සුකුමලාට පන ඇරලා වගේ.....ඌට ලෙන්ගතුයි වගේ අප්පච්චි මගෙ සුදු අයියට ආදරෙයි කියන්න මට හැම මොහොතකම දැනුනා....

මං නෙවෙ වචනයක් කිව්වෙ....පොඩ්ඩක් නැවියන් කියනවා එක්කම දෙපාරක් නොහිතපු මගෙ සුදු අයියා අප්පච්චි ගාවට නැවෙනකොට එයා ,එයාගෙ ඔලුවෙ තිබ්බ මොනවද පිහලා තවත් මොන මොනවද කියවනවත් එක්කම මං බලාගන සුකුමලා ඩෝප් වෙලා උන්න ලියනගේගෙ කට දෙපැත්ත අතෙ පිට අල්ලෙන් පිහනවා...

මොන තරම් සම්මතෙන් අසම්මතෙ එලියට වීසි කෙරුවත් මොකද සමහර තැන්වල සම්මත බැදීම්වලට වඩා අසම්මතයි කියලා ලේබල් කරපු අසම්මත බැදීම් ගාව ඕනාවටත් වඩා ආදරෙ තියනවා..මං මේ දෑහින් දකිනවා...

සුදු අයියෙ ...

තවමත් අප්පච්චි එක්ක කතා කර කර එයාගෙ ඵෝන් එකට එබීගන මොන මොනවද බලන මගෙ සමුද්‍රගෙ අත අල්ලගත්ත මං හිමීට එයාට විතරක් ඇහෙන්න සුදු අයියෙ ගානවත් එක්කම එයා මගෙ දිහා බැලුවා...

සීදේවි තත්පරයක් ...ඔහෙ ආසද මේකට.....

ආස නෑ බන්...නිකන් පෙන්නුවා විතරයි....

මේක මරු හැබැයි....තෙල් වැඩකරනවා......ඔහෙ ආස නම් ඉතින් අරන් දෙන්නම්.....

විකාරද උඹට.....මේ මගුල් වලට සල්ලි යටකරලා හරියන් නැ සුදුපුතා...තුනක් තවම ලෝඩ් වෙනගමන්...

ඔහෙ කියන දෙයක් තමා...

*

*

*

අප්පච්චියි සමුද්‍රයි ආයම් කිරියි පැනියි උනා.....මගෙ අත අතනෑරම අප්පච්චි ගෙ ඵෝන් එකට එබීගන මොන මොනවද බලපු එයා අනිත් පාර මාවත් අතින් අල්ලගනම ගෙට ආවා...

එලියෙ වගේමයි...ගේ ඇතුලෙත් එකා එකා එහා මෙහා යනවා..නන්නාදුනන මූනු ගොඩයි.....ඒ කවුරු ගියත්....එයාට නෙවෙ ගානක් තිබුනෙ...උඹලා මොකද ගෙයි කරන්නෙ වත් නාහම එයා මාවත් අතින් අල්ලගන කෙලින්ම එයාගෙ කාමරේට ආවා....ඇවිදින් එහෙම්ම දොර වැහුවා...

දැන් මුලු කාමරේටම එයයි මායි විතරයි....එයා මගෙ දිහා බලාගන ඉන්නවා.....වචන නෑ...එක්කන් ආවෙ දෙයක් පෙන්නන්න කිව්වත් මොකද දොරවහපු එයා කෙරුවෙ සාක්කු දෙකට අත් දෙක දාගන ඇස් හීන් කරන් මගෙ දිහාව බලාගන උන්නා.....

ඇයි සුදු අයියෙ.....

ඇයි අහන්නෙ.....මොකද බයද....ම්ම්....

න්..නෑ....මං මොකට බයවෙන්නද....

...........ඒ උනාට පොඩි ගැස්මක් වත් නැද්ද .....මේ කාමරේටම ඉන්නෙ මායි....උඹයි විතරනෙ....බය නෑ...නෑ කියන්නෙ ඇයි.....මේ පපුව ගැහෙනවනෙ ම්ම්ම්ම්.....බය හින්දා නෙවෙද ගැහෙන්නෙ සිහත්.....

අ....අයි....යෙ...

මට ගොතගැහුනා...සාගරයක් තරම් කාමරයක් මැද මං තනිකරම සින්හ ගුලකට අහු උන මුවපැටියෙක්ට අන්ත වෙනකොට අහේතුක කරනාවකට මගෙ පපුව ගැහෙන්න ගත්තා....

දොර වහපු එයා අඩියෙන් අඩිය ලන් වෙනගමන් මගෙන් ඇයි මගෙ පපුව ගැහෙන්නෙ අහනව....

කිව්වත් වගේ මගෙ පපුව ගැහෙනවා....එයා කිව්වත් වගේම මටත් නොදැනිම සර්වාංගෙම ගැහෙන්න ගත්තා.....එයා අඩියෙන් අඩිය ඉස්සරහට එනකොට මං කරපු එකම දේ නම් අඩියෙන් අඩිය පස්සට ගියපු එක වෙද්දි අවසානෙදි මාව බිත්තියක හැප්පෙනවත් එක්කම මාව බිත්තියටත් එයාටත් මැදි උනා...බැරිම තැන මං ඒ ඇස් මගෑරලා බිම බලාගත්තා...

මං කොහොම කියලා නම් ඒ ඇස් බලන්නද...

ඒ ඇස් අද වෙනදට වඩා අමුතු වෙලා....නිතර දකින හීන් උන නිල්මහ සාගරේ පාට ඇස් අද අමුතු කතාවක් කියනවා...

ඒ ඇස්වලින් කාන්දුවෙන බැල්මෙ බරදරාගන්නම බැරිම තැන මං බිම බලගන මගෙ යටි තොල හපාගත්තා...

මොකද මගෙ දිහා නොබලන්නෙ....ම්ම්ම්ම්ම්....

ලැජ්ජද....

නැත්තන් බයද.....

මට උඹව බලන්න ඕන...

අ..අනෙ...මං මෙහෙම ඉන්නද....සමුද්‍ර....මං...චුට්‍ටක් මෙහෙම ඉන්නම්...

මගෙ හුස්ම හිරවෙන්න එනවා.....මේක පලවෙනි වතාව නෙවෙ මන්.එයා ගාව තනි වෙන...මේක පලවෙනි වතාව නෙවෙ එයාගෙ උනුහුම...ඒ ස්පර්ශයන් මං විදින...ඒත්...අද.....අද මේ හැම දේම මට කුලුදුලේම විදින හැගීම් හා සමාන වෙද්දි මං එයාගෙ මිමිනුම් මැදම වචන ගැට ගහගත්තා ...

මෝඩයා මගෙ.....

.......ස..මුද්‍ර....

ඇයි...මෝඩයා නෙවෙද උඹ.....ම්ම්ම්.....මගෙ මෝඩයා උඹ...

අයියෙ....අනෙ ..ඇයි මේ...

එයා මගෙ නිකටෙන් අල්ලගන හීන් සීරුවට මගෙ මූන ඉස්සුවා.....හීන් උන ඇස් වල ආදරෙත් අර අමුතු කතාවත් උතුරුනවා.....මං එයාගෙ මෝඩයා කියන ගමන් මගෙ මූන උස්සපු එයා එයාගෙ නාහෙන් මගෙ නාහෙට වදින නොවදින ගානට තට්‍ටුවක් දාන ගමන් ආයමත් මුමුනන්න ගත්තා...මුමුන මුමුනම අනිත් පාර ඇදන් උන්න ශර්ට් එකෙ බොත්තෙමෙන් බොත්තම ගලවන්න ගත්තා....

මෝඩයි......ආදරෙයිලු.....මං නැතුව බැහැලු....ඒ උනාට උඹට එක තත්පරේකට මා එක්ක තනිවෙන්න බයයි

සමු...ද්‍ර....ඇයි...මේ....

ඇයි අහන්නෙ ඇයි ම්ම්ම්...බයද...

නෑ.....මං බය නෑ....මං අ..අනෙ....අයියෙ...

මට කෑගැස්සුනා....කොච්චර බය නෑ බය නෑ කිව්වත් මොකද මටත් හොරාවට මගෙ යටිබඩ පුරාවටම සමනලකෝශ දාස් ගනන් ඉපදීගන එනවත් එක්කම කමිස පලු දෙක ඈත් කරනවත් එක්කම ඒ පපුව දැක්ක ගමන් මට කෑ ගැස්සුනා

අනෙ ඒ පපුව රතු වෙලා....

මුහුදු අවුවට යන්තමට පාට පිලිස්සුන කාලෙකට කලියෙන් ඇත්දල පාටට තිබුන පපුවෙ වම් පැත්තම රතුවෙලා ගිහින්....වෙන මොක හින්දා වත් නෙවෙ....ඉන්‍ග්‍රීවැල් අකුරෙන් එ පපුව උඩ මගෙ නම ලියවිලා.....

"SIHATH"

මගෙ ඇස් අඩනවා...මෙච්චර වෙලාම එකට ගුලිකරන් උන්න අත්වල වෙව්ලන ඇගිලි වලින් මං ඒ පපුවෙ බරම තැන....ආදර විලට උඩහින් හීන් සීරුවට අත ගෑවා..මං බලාගන ඒ ඇස් ගැස්සෙනවා.....

ඇයි ...සමුද්‍ර.....ඇයි මේ.....නමකට උනත්....මට මෙච්චර ආදරෙ උනත්.....ඇයි...මේ....අයියෙ........අනෙ ඇයි කියපන්...මට සතුටුනෑ සමුද්‍ර....මට කිසි සතුටක් නෑ.....

මෝඩයි....මීට වඩා තදට මං උඹගෙ නම හිතෙ කොටන් අහවරයි මගෙ සීදේවි.....උඹගෙ මෝඩ කතාවක් හන්දා එකම තත්පර ගානකට මං මීට වඩා විදෙව්වා.....මං උඹට පුදුම විදිහට ආදරෙයි සිහත් ...කියපන්...මෙක ලස්සනද.....

මං පේන නොපෙනන ගානට ඔලුව උඩට පහතට කෙරුවා.....ඒ මුලු පපුවම රතු වෙලා...කොලට හුරු වැල් අකුරු ටිකම හරි පරිස්සමට අතගාපු මං අනිත්පාර මගෙ ඇගිලිතුඩුවලින් ඉස්සිලා එහෙම්ම ඒ පපුවට හාදුවක් තියල ඒ ඇස් දිහා බැලුවා....

මාත් ආදරෙයි....මාත්...හුගක් ආදරෙයි.....ඒත් මේ ඇති....ආදරෙ තරම පෙන්නන්න උඹටම රිදවගන්න ඕන නෑ මගෙ අයියෙ....මං දන්නවා...උඹ මට මොන තරම් ආදරේද මං දන්නවා...උඹගෙ එක බැල්මකින් පවා මං ආදරෙ තරම ආදරෙ බර අදුනනවා අයියෙ....

එයා හිනා උනා...හිනා වෙලා මගෙ ඔලුව අතගෑවා....ඔලුව අතගාපු එයාම දෙතොල් හාදුවකට මුලපුරන ගමන් මාව ඒ සර්වාන්ගෙන් බිත්තියට තදකරගන්නවත් එක්කම මං මගෙ අත් ඒ බෙල්ල වටේ ඔතාගත්තා....

උඹව මන් කවමදාවත් නැති කරගන්නෙ නෑ වස්තුවෙ....කවමදාකවත්....හීනෙකින් වත්.....

ලබ් ඩබ් ගගා මෙච්චර වෙලාම ගැහින පපුව නවතින්න අහනවා....එලියෙන් ඇහෙන ආදර ගීයක් එක්ක මගෙ දෙතොලම ආදර සමුද්‍රෙට සින්නකරෙට දුන්න මගෙ ඇස් අඩවන් උනා....උඩු තොල..යටි තොලට දැනෙන ඒ රලුදෙතොල් හාදුවෙ රසත් එක්ක අඩමානෙට පිය වුන ඇස් අනිත් පාර සම්පූර්නම පියවිලා ගියා....ඒතරමටම ඒ හාදුවෙ ආදර රස මගෙ ආත්මෙමම අයිති කරගත්තා.....

යටිබඩ පුරාවටම හැදුන සමනල කෝශ ආය ආයමත් පනගහන් එනකොට දෙතොල් හාදුවකට සීමා වෙන්න බැරිව ද කොහෙද එයා එහෙම්ම ගෙලපාමුලත් උනුහුම් වගේම තෙත් හාදු වැස්සකින් තෙමෙන්න ඇරියා.....

සුදු චූටි....

අයියෙ....

මා එක්ක යනවද.....ම්ම්ම්ම්ම්...අම්මා අප්පච්චි දාලා...සමනල්ව දාලා හිත හදාගන එන්න පුලුවන්ද උඹට....

එයා මගෙන් යන්න එනවද අහනවා..අම්මා අප්පච්චි දාලා සමනල්ව දාල එන්න හිත හදාගන්න පුලුවන්ද අහනකොට මගෙ ඉහට එකපාරම හෙනයක් ගැහුවා වගේ හැගීමක් දැනුනා....

මං අහනවා විතරයි...බෑ කිව්වත් මං තරහා නෑ...ආදරෙ...ආදරේමයි.....මං බයයි මුරන්‍ඩු කමට ආයම කදබැදගන පාරවල් දිගෙ එහෙ මෙහෙ දුවයි කියලා....

ම්..මං එනවා...මං එනවා අයියෙ...

හැමදේම දාලා.....?

ඔ..ඔව්.....මං එනවා......මං එන්නම්..මට උඹ ලැබෙන එකම ඇති සමුද්‍ර...

ම්න්.....ඕන දුකක් විදින්න පුලුවන්ද....කතාවල ෆිල්ම්වල තියන තරම් යථාර්තෙ රහනෑ සිහත්....ලුනුයි බතුයි හරි කන්න පුලුවන් කියලා කයිවාරු කතා ගැහුවට ඔව්වා ප්‍රායෝගිකත් නෑ.....මං අහන්නෙ...උඹ තවම ලමයෙක්.....ලමයෙක්ගෙන් පිරිමියෙක්ගෙ චරිතෙට මාරු වෙන එක උඹට දැන්ම දරාගන්න පුලුවන්ද....මං අරගන යන්න කලින් අහන්නෙ....ගියොත් ගියාමයි...හැරීම් කලකිරීම් හීල්ලිලි බෑ....

සෙක්ස් ගැනත් නෙවෙ මං කියන්නෙ....එතනනින් උඹව ඉදුල් කරන එක ගැන නෙවෙ මං කියන්නෙ...උඹත් මාත් පවුලක් සිහත්...තව කල් දෙන්නම්...අම්මා අප්පච්චි ගාව ඇති තරම් ජීවිතෙ විදින්න පුලුවන්........

න්...නෑ....මට...මට පුලුවන් ...මට.පුලුවන් .....ඕන දුකක් මට විදින්න පුලුවන් අයියෙ....මට පුලුවන් මං එන්නම්....

විස්වාසද.....කලකිරීම් බෑ...හිත් රිදීම් බෑ......සිහත්...ආදර්‍ර් කරනකොට ඉන්න මමයි....පවුලක් උනහම ඉන්න මමයි දෙන්නෙක්......හුරතල් කතා වලට වඩා උබත් මාත් යතාර්තෙ ඇතුලෙ ඉන්න ඕන....පොලවෙ පයගහන්න ඕන....විස්වාසද ම්ම්ම්ම්ම්ම් මා එක්ක යන්න එනවා කියන එක.....කල් වැඩි නෑ කියන එක හොදටම විස්වාසද.....

ඔව්...මට විස්වාසයි.....මාව අරන් යමන් සමුද්‍ර..මට මේ ඇති...මට මේක හොදටම ඇති....

එයා මගෙ දිහා බලාගන උන්නා....දාහක් ජාති කිය කිය එයා මගෙන් මේ උත්තරෙ ගැන විස්වාසද කියලා දහ වතාවක් විතර අහනවත් එක්ක මට මේක විස්වාසයි කියලා කියපු මන් ආයමත් ඒ පපුවට තුරුල් උනා.....

ම්න්....මං එක්ක යන්න එන්නම්...නිදාගන්න එපා.....හැබැයි.....ගෙදරින් කියල තඹ සතයක් ගේන්ඩ එපා තේරුනාද...ඒවා. උඹ හම්බකරපුවා නෙවෙනෙ...අලුතින් ජීවිතයක් පටන් ගන්න අම්මා අප්පච්චි අතෑරලා මගෙ ගාවට එනවා නම්....එව්වත් අතෑරලා එන්න ඕන...

ම්ම්ම්ම්....

..........

සුදු අයියෙ....

ම්න්...

අද රෑටනෙ අපි පැනලායන්නෙ නේ.....

...........

මේ අනෙ.....ලියුම් කෑල්ලක් වත් ලියලා එන්න වෙයිනේද....මං ගැන හොයන්න එපා මං සතුටින් ඉන්නෙ කියලා...

නැකත් බලල ඇහුවොත් අහන්නෙ මෝඩ කතාවක්මයි උඹ....

ම්හුක්....මෝ...අනෙ....ඇයි අප්පා...සුදු චූටියා දන්නෙ නෑනෙ පප්පෙ....සීදේවියා දන්නවද.....නෑනෙ......

......

පප්පෙ.......මේ අනේ....

ම්න්....

ඔයාට හෙට උදේට මන් මොනවා හරිඋයලා දෙන්න වෙයි නේද....ඔයා පරිප්පු තෙල් දාලා කනවද....

........ම්න්...හදන දෙයක් හදපන්කො....අවසානෙට රහ බලලා මන් නම දාගන්නම්....දැන් වරෙන් යන්න....

ම්හුක්....ඒ උනාට අර...කෝප්ප සෙට් එක.....ඒක නම්....සෝක්...සුදු අයියෙ...ඒ ටික.....ඒටික නම් අරන් එන්නම්.නේ....ඇදුම්.....ඇදුනුත් ගේන්න වෙයිනෙ හුගක්.....ඔයා.කොච්චර ඇදුම් ගෙනියනවද ඒයි...??ඔයා එන්නෙ කියටද.....අද රෑම යනවා නන් වේලාසන ගෙදර යන්න වෙයි.....මෙතන ඉදලා පැනලා යන්න බඩු මුට්ටු හදාගන්න බෑනෙ ඒයි.....මේ අර කහපාට මල් වැටුන කෝප්ප පීරිසි සෙට් එක ...ඒක අරන් එන්නම්.නේ අනෙ...කැක්කුම් පෙති වගේකුත් තිබ්බා....මොකටත් කියලා.මන් ඒකත් ගේන්නම්.....

.......

කියන්නකො ඒයි.....ඔයා ඇදුම් හුගක් ගේනවද...ආය එන්නත් නෙවෙනෙ යන්නෙ....අපි හුගක් දුර කොහෙට හරිද යන්නෙ....අනෙ මේ ලගපාත නම් ඉන්න බෑ...දුරකට යන්....

මට කියන්නකො....

ඇයි වදෙ කටවහන් ඉන්නෙ කියපන්කො....

ඒක නෙවෙ....අපෙ ගෙදර ඩිපියුටි ගෘහමූලිකයා මම.....දැන් එතකොට...අපෙ ගෙදර....අපි දෙන්නගෙන් මූලික මම නේද අනෙ.....ඈ ඒයි.....

යෝ කියපල්ලකො......

සුදු අයියෙ....කටවහන් ඉන්නෙ කියපල්ලකො...මට දැන් ගෙදර ගිහින් බඩු අස් කරගන්නත් තියනවා.....ඔයා දන්නවනෙ සීදේවියා නුවරනෙ...කොච්චර උනත් හිස් අතින් එන්නෙ නෑනෙ ...අපි මොනරවිල අයනෙ.....වලව්කාරයො කවදාවත් හිස් අතින් එන්නෙනෑ....ඔයාට මොනවද දෑවැද්දට ඕන...ඈ ඒයි.....අපෙ මහත්තයා.....දෑවැද්දට මොනාද ඔනා...

..........

අලුත් ඇදුම් ටිකක් පස්සෙ ගන්න බැරියෑ.....ඔයා මොනාද ගේන්නෙ ඒයි.....

අනික...අපෙ...මංගල රෑ....අද නේද අනේ.......ලැජ්ජත් එක්ක...අනෙ හෙමින් කරන්න හාද.....?

මෙච්චර දවස් සුදු චූටියෙ ඇගෙ හයිය අතට අරගත්තා මිසක්....ඔව්වා සහයෝගෙන් කරලා නෑනෙ.....වර්ගයා බෝකරන වීඩියො බැලුවට අත්දැකීම් නෑනෙ...

ම්හුක්...අනෙ පප්පියො....චිත්ත රූප මැවෙනවනෙ.......

සුදු අයියෙ...මේ....එක්කො මට ඔයාට හෙට පරිප්පු උයන්න බැරිවෙයි...මට හුගක් අමාරු වෙයි නේද?නෑ මං අහන්නෙ...පලවෙනි දවසනෙ.....ඒකයි

මේ එක්කො මාත් ඔයාට නිලමෙ කියන්නද සුදූ...ඈ සමුජ්ජ අයියෙ.....

මං කොහොමත් වලව්වක කෙනෙක්නෙ ..නුවර මිනිස්සු ...විසේසෙන් වලව් ඇත්තො කතා කරන්නෙත් එහෙමනෙ...

මගෙ සීරියස් මූඩ් ඔක්කොම ලෙෆ්ට්...

මෙච්චර වෙලාම කනට නෑහෙන්න කතාලරපු මං අනිත්පාර ආයමත් එක එක ජාති අහ අහ එයාගෙ ඔලුව කන්න ගත්තා විතරයි මාව දාලා අල්මාරිය ගාවට ගියපු එයා අල්මාරියෙන් මොනවද අරන් ඇදෙන් තිබ්බා....

සරම් දෙකයි බ්ලෙන්ඩරෙයි...මෙච්චරයි...මේ ඇති මට!

👉👈🌸 කොටහලුව ඉවරෛ.....දැන් ඊලග එක.....ඊලගට තියෙන්නෙ පවුල් කන්න....HAPPY HONEYMOON CATHAYOO!

More Chapters