Cherreads

Chapter 50 - රටකින් එහා ඉගිලී

අන්තිමට ඇන්දේ නිකන්ම round neck Vercace t shirt එකයි, denim එකයි. රිප්ඩ් ජීන් එකවත් ඇඳන් යන්න දුන්නේ නෑ. ඒ වුනාට Prada pumps වලින් නම් ඔක්කොම බෝරිං ගතිය ගියා. මන් shoecoholic කෙනෙක් කියලා දැනගත්තේ ඉතින් නුවනි අම්මා එක්ක ශොපින් කරන්න ගියාට පස්සේ තමයි. දැන් ඇඳ යටම පිරිලා තියෙන්නේ සපත්තු පෙට්ටි වලින්. සමහරක් ඒවා එලියට ඇඳලවත් නෑ. මන් boots දෙක කකුල් වලට දාගෙන shoe box එක ඇඳ යටටම තල්ලු කරා. 

"බබා මේවා ඔක්කොම අරන් යන්න වෙනම බරට ගෙවන්න වෙනවා. ඒකාන්තයි!"

"ඒකාන්තයි සුදයියේ! තව නම් ශොපින් යන්න එපා. මන් මෙහේ ආවම උඹට ඕන ඔක්කොම අරන් දෙන්නම!"

"But, ඒවා problems වෙන්න තිබ්බ බබා සවේන් දෙනෙත් පෙරේරාට. But, babes who am I? සවේන් දෙනෙත් ඩී සේරම්" උරහිස ගාවටම තියන කොන්ඩේ රෙශඛ්‍යට පේන්නම ෆ්ලිප් කරාම

"oooh very demure! So boujie" 

"oh! බබා stop" මන් කොන්ඩේ කනක් එහා පැත්තට අයින් කරන ගමන් කිව්වම රෙශඛ්‍යට හොඳටම හිනා ගියා.

කොහොමත් මට දැන් ඔය නිකන් Huff & D, Modano, Moose වගේ නෝලිමිට්, Cool planet ඇඳුම් නම් දැන් ඇඟට දාගන්නම බෑ. නිකන් කසනවා වගේ. ඇඟට වැටෙනවා නම් ඉතින් අඩුම Fendi වත් වෙන්න ඕනා. මන් ගෙදරට දාන්නෙත් Dolce & Gabbana slippers. කොහොමට හිටපු මිනිස්සුද ඉතින්? Sugar නැන්දම්මා තමයි ඉතින්. 

"මේක් අප් එක!" සේරම තියන දේවල් මූනේ උලාගෙන ලිප් ඔයිල් එකත් ගාලා තොල් දෙක පර්ස් කරලා රෙශඛ්‍යට උම්මා එකකුත් දීලා,

"හරිද?" 

"හරි ලස්සනයි. Very good. My good boy!" රෙශඛ්‍ය thumbs up එකක් දුන්නා. 

හරි හොඳයි මගේ බබා. මන් ලෑස්ති වෙනකන් හරි ආසාවෙන් ඉවසීමෙන් බලන් ඉන්නේ එයා. 

"බබා ශූස් ලස්සනයි නේද?" මන් එක කකුලක් පිටිපස්සට උස්සලා අත් දෙකෙන්ම පීස් සයින් එක දැම්මම,

"ලස්සනයි. හරිම ලස්සනයි. cartier Love bangle එකයි necklace එකයි දාන්න."

"අහ් ඉන්න!" මන් අල්මාරිය ඇඳලා මගේ ලොකුම ලොකු jewellery box එකෙන් ඒ දෙක තෝරලා අරන් රෙශඛ්‍යට පෙන්නලාම ඇන්දා. 

"perfect baby!" මන් necklace එක ලස්සනට ස්ථානගත කරගන්නකොට,

"දැනට ඕක දාගන්නකෝ. ඔයිට වඩා ඔයාට ගැලපෙන නෙක්ලස් එකක් තියනවා මා ළඟ. මෙහේ ආවම මගේ අතින්ම දාන්නම්. You just need to say a word baby!"

දැන් මගේ මූණ බලන් ඉද්දි රතු වෙනවා. 

"ම්ම්ම්ම්ම් අහ් අහ් ආහ්

අහ් අහ් ආහ්

අහ් ආහ් ආආආආ..."

"බෙල්ල ගැලවෙයි බලාගෙන! ඔය තරම් නලවන්න එපා!" 

මන් රවලා Bath & Bodyworks perfume එකත් spray කරන්, Hermes birkin එකට බඩු ටිකත් පැක් කරගන්නකොට අංකල් ඇවිල්ලා හෝන් එක ගැහුවා. 

"අන්න අංකල් ඇවිල්ලා රෙශඛ්‍ය. මන් තියන්නද?" 

"ම්ම්ම් හරි මැණික. පරිස්සමෙන්. මට ගිහින් කෝල් එකක් දෙන්න. තනියෙන් ඇවිදින්න යන්න එපා. දැන් රෙහාන් අයියයි, ඉර්ෆාන් අයියයිත් එනවනේ. ඔක්කොමලා එකට ඉන්න"

"හරි බබා. මන් පරිස්සමෙන් ඉන්නම්" 

"සුදයියේ...."

"ම්?" 

"මුක්කාලා මුකාපලා" ඇස් දෙක ටෙනිස් බෝල වගේ.

"බෑ බෑ පරක්කු වෙනවා!"

"අනේ ඊයේ පෙන්නුවෙත් නෑ!!!!" 

"අපෝ හරි හරි ඉඳා!" ටී ශර්ට් එක උස්සල පෙන්නලා බායි උම්මා කියලා cut කරා.

"විසාල කරදරයක් නැද්ද මන් කියන්නේ?" මැලිබන් මහත්තය "වුෆ්" ගාලා එයාගේ එකඟතාවය පල කරා.

සාලේ අම්මයි තාත්තයි tv එක බලනවා. 

"අම්මා, තාත්තා මන් යනවා!" දෙන්නටම වැන්දම

"නිමාලි බලන්නකෝ කොල්ලගේ හැඩ. හින්දි නලුවෙක් වගේ" 

"හප්පේ පුසුඹ! කොල්ලගේ වාසනාව තමයි නිමාලි."

"ඇස් වහක් කටවහක් නෑ නුවනි කොල්ලට පන ඇරලා ආදරෙයි සාගර." 

"නැතුව නැතුව. ඉහේ සිට දෙපතුල දක්වා බැලුවත් ලක්ශ ගානක් නොවෑ" එහෙම කිව්වම මන් channel shades අරන් ඇස් දෙකේ දාගෙන ඇඟිලි දෙකෙන් හාට් එකක් හදලා ඒ දෙන්නට පෙන්නලා බායි කියලා එලියට ගියාම අංකල් මට ඉස්සරහා දොර ඇරලා දීලා.

"ලොකු බේබි, නගින්න" 

"Thanks ජූඩ් අංකල්" මන් බර්කින් එකත් අංකල්ගේ අතටම දීලා වාඩි වුනා. 

"අංකල් මගේ යාලුවෝ ගන්න ඕනා. මේ location එකට යමු" මන් location එක add කරලා youtube එකෙන් ආසම සින්දුවකුත් දාගත්තා.

"අඩෝ සවේන්! දැක්ක කල් මචන්" දේශාන් මාව බදාගත්තම සඳරුයි, හශිරයි, විහඟයිත් ඇවිත් බදාගත්තා. 

"OMG Saven! Is that a real cartier love bangle?" රොශෙල් කෑ ගැහුවම,

"oh! yes නම්කි. අපි අඳින්නේ genuine ඒවා" 

"උඹට ගිය කලක් සවේන්!" සඳරු මගේ උරහිසට ගැහුවම

"ඒක නේන්නම් බන්!" මාත් හිනා වුනා. මගේ phone එක ring වෙනකොට බලද්දි සුදු නංගි.

"හෙලෝ?"

"කොහෙද බූතයෝ ඉන්නේ? අපි දැන් මංචි එක ළඟ ඉන්නේ. උඹලා කොහෙද?"

"ආහ් මේ ළඟ" මන් තොලත් හපන් කියනකොට් වැඩේ ගැස්සි ඇති බව පෙනුන එවුන් දඩ බඩ ගාලා වාහනේට නැගගත්තා.

"අංකල් ඉක්මනට යමු! සුදු නංගිට මල පැනලා"

"අම්බෝ සුදු බේබිට පල පැනලනම් මන් ඉවරයි ලොකු බේබි!"

"නෑ නෑ මන් කියන්නම්. අපි නේ පරක්කු වුනේ" 

ඉතින් හැටට හැටේ පාගලා කොට්ටාවට සම්ප්‍රාප්ත වෙලා මංචි එක ළඟින් හයිවේ එකට වාහන දෙකම දැම්මේ එකට. රෙහාන් අයියගේ Benz GLE AMG එකේ ඒ කපල් එකයි, රෙහාන් අයියයි, සෙයිනබ් අක්කී! අපි මගදි හූ තියලා අත වැනුවා. 

"අඩෝ තුර්ශත් හිටියනම් බොකු නෑ බන්!" දේශාන් කිව්වම

"කියලා වැඩක් නෑ ඕයි!" හශිර කෑ ගැහුවා.

"අඩෝ ගමුද වීඩියෝ කෝල් එකක්? සවේන් ඌ ගෙදරද අද?"

"අහ් ඔව් දැන් ඇති. ගන්නවනම් ඉක්මනට ගනින්. තව ටිකකින් මහත්තුරු දෙන්නා ජිම්" 

"හුත්තෝ!!!" ඔව් ඉතින් මගේ හොඳම යාලුවා සහ මස්සිනාගේ කටේ ඔයිට වඩා ලයාන්විත ඇමතුමක් නෑනේ

"තුර්ශයා! අපි යනවා බන් ගාල්ලේ"

"අඩෝ කැරියෝ! මන් යනකන් හිටියා උඹලා ඔය බඩකඩිත්තුව දාගන්න. තොපිලට වැල්පොලී සමානුපාතික ක්‍රමයට හෙන ගහනවා ගංකබර හිපාටු තිබ්බටු ගොන් හිකනල්ලු ටික!" 

"සොරි වෙන්න ඕනා. ඒත් අපේ ආතල් එක අපි ගන්නවා!" 

"කෝ අර තිබ්බටු ඔට්ටපාලු රුක් සුන්ඛ වේසාවා?"

"ඇයි තොට මොනාද වෙන්න ඕනා?" සඳරු phone එක ඇදලා අරගත්තම,

"තොට messages දැම්මා උඹ reply කරේ නැත්තේ ඇයි වේසාවෝ?" 

"අඩෝ සිරා? මන් දැක්නේ නෑ නේ!"

"උදේ නැගිට්ටගමන් කතා නොකර පිරිසිදු අබ තෙල් මේස හැන්දකට අමු කහ, පත්පාඩගම්, අරූද කොල පත අට එකට සිඳුවා පැය 2ක් දාලා තිබ්බම පේනවා"

"මොනාද?"

"මගේ messages" 

"පිස්සුද පකෝ තොට?" 

"සීතලට මොලේ පෙඟිලද කොහෙද!" විහඟත් මරු මරු ඒවා කියනවා

කතාවෙන් කතාවෙන් Jetwing Lighthouse එකටත් ආවා. කාමර වලින් බඩු ටික තියලා ටිකක් relax වුනා. කපල් කපල් තැන් තැන්වල photos ගහද්දි තමයි මෙතන ඔක්කොම කපල් කියලා මට මීටර් වුනේ. මන් තනියෙන්! ජිම් කියලා හරියන්නේ නෑ. ගන්න ඕන මිනිහට කෝල් එකක්.

"සුදයියේ!" අනේ ලස්සන!!! දාඩිය දාලා මෙහෙම තමයි ආසම. මටනම් පිස්සු වගේ. 

"You look fucking hot මල්ලි බබෝ"

"oh yeah? So what are you gonna do about it අයියා බබෝ?"

"කරන දේවල් කියන්නේ නෑ. ඒත් බලනවා. ඔක්කොම කපල් කපල්" මන් බැක් කැම් එක ඕන් කරලා කට්ටියව පෙන්නුවා

"අද තනියෙන් මා

හඬන්නෙ නෑ මා

මා දමා

ඈ ගියා කියා

මා දමා

සිත දුක් දෙන්නෑ

අද මට තනි නෑ

ඔබ නෑ කියා

මා ළඟින්

මා සිතින්

ඔබ ගියා කියා"

"අපෝ හරි හරි drama queen. දැන් ඔතන තැත් ගැහි ගැහි ඉඳලා බීච් යන්නේ කීයටද?" 

"දැන්ම යන්නේ නෑ. දවල්ට කාලා යන්නේ. දැන් ගියොත් අපේ skin out යයි! Babes ඔයාට අමතක වුනාද? I'm a groom to be! මන් සති කීපයකින් එන්ගේජ් වෙනවා!"

"oh yeah? Someone is excited" කොහෙදෝ ඉඳන් විහඟ ඇවිත් කැම් එකට හොම්බ දැම්මා.

"හායි සයෝද්!"

"හායි විහඟ අයියේ!" 

"මේ අපි ඔයාගේ කොල්ලව අරන් යනවා දැන් බායි!" කියලා cut කරා.

"ඕයි!"

"යන් යන්!" විහඟ මාවත් ඇදන් ලොබී එකට ගියා. 

"අපි කමු. කාලා චුට්ටක් ඇල වෙලා ඉඳලා අවුව බැස්සම බීච් එකෙන් නාලා, ඊටපසේ යන් ඇවිදින්න. හූලා හූලා එකෙන් කාලා එමු එහෙනම්" රෙහාන් අයියා සුදූගේ කරට අත දාන් කිව්වම ඔක්කොම ඔලුව වැනුවා.

බුෆේ එකන් කාලා ටිකක් නිදාගෙන ඉඳලා හවස් වුනාට පස්සේ බීච් එකට ගියේ නාන්න. 

"අනේ මට බෑ බබා! මන් බයයි වතුරට! ඔයා promise වුනා මාව වතුරට දාන්නේ නෑ කියලා" හශිර විහඟව උස්සන් මුහුදට අරන් යද්දි විහඟ මරලතෝනි තිබ්බා.

"බුබූ ඔය බය නැති කරගන්න අනේ. ඔහොම ජීවත් වෙන්න පුලුවන්ද?" 'ජබෝස්' 

"බේරගනියෝ!!!!" 

රෙහාන් අයියයි සුදුයි නම් කෙලින්ම ප්‍රේම ජවනිකා පැත්තකින් තියලා හතර වටේ යන සුදු නංගිගේ කොන්ඩේ එකතු කරනවා. 

"අයියෝ මන් මේක කපලා දානවා අනේ! මාව ගිලෙනවා මේකේ බරට!" 

"පිස්සු නම් කතා කරන්න එපා රූ! ඉන්න මන් අල්ලගන්නම්. කෝ ඉන්න!" රෙහාන් අයියා කොන්ඩේ අල්ලලා ඔලුව උඩටම කරලා කට්ටක් ගැහුවා. 

"ඉරූ මේ බලන්න!" වැල් වගේ මුහුදු කොල ඔලුවේ උඩ දමාගෙන සෙයිනබ් අක්කි ඉර්ෆාන් අයියට එක එක විදියේ පෝසස් දෙනවා. සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවක් වගේ නෙමේ සෙයිනබ් අක්කි සුදූ වගේම ටීශර්ට් එකකුයි ශෝර්ට් එකකුයි ඇඳලා ෆුල් ජොලියේ ඉන්නේ. 

"බෝල ගහමු!" ළඟ බෝල විකුනන මනුස්සයගෙන් බීච් බෝල් එකක් අරන් මන් ඒකත් අරන් මුහුදට පැන්නා. 

 

"සුදුමහත්තයා! නැගිටින්න! අද ෆිට්ඔන් එකට යන්න ඕන නේද?" අම්මා උදේ නැගිට්ටනකොට උදේ 9යි. 

"හුටා!" 10ට appointment එක. Phone එක අරන් බලද්දි රෙශඛ්‍යගෙන් මිස් කෝල් 10යි. 

"හැමිනෙනවා!" මන් call back කරා.

"දැන්ද සුදයියේ නැගිට්ටේ? බැරිම තැන මන් අම්මට කෝල් කරා"

"පරක්කු වෙලානේ රෙශඛ්‍ය"

"හරි හරි ඔයා ලෑස්ති වෙන්න අංකල් හරියට 9.30ට ඒවි. ඔයා ඉක්මනට ලෑස්ති වෙලා යන්න. මල් ටික මන් ලෑස්ති කරලා තියෙන්නේ. ෆිට්ඔන් එක ඉවර වෙලා යනගමන් ගන්න. මට කෝල් එකක් දෙන්න"

"හරි පන. ඔයා නැත්තම් මන් මොනා කරගනීද දන්නේ නෑ. බායි"

ෆිට්ඔන් එක කරාට පස්සේ දෙයියනේ කියලා කිසිම වැරැද්දක් තිබ්බේ නෑ සූට්ස් වල. ඒ ටිකත් අරන් තෑන්ක් කරලා, Malshan එකට ගියේ 18 white roses boquet එක ගන්න. ඒකත් අරන් ගියේ කැළණි ගඟ උඩින් යන පාලම උඩට. හරියටම ආශුගේ අලු පා කරපු තැනට. 

"හෙලෝ රෙශඛ්‍ය මන් ආවා" වීඩියෝ කෝල් එක ඔන් කරලා මන් ඒක ජූඩ් අංකල් අතට දුන්නා.

"ආශු, මේ මල් ඔයාට..." මන් මල් 18 එකින් එක ගඟට විසික් කරා. 

"මන්, හෙට යනවා ආශු. ඔයා කියපු හඳ ළඟට. ඔයා මුහුද වගේ අපි දිහා බලන් ඉන්නවා නේද? ඔයාව කවදාවත් අමතක කරන්නේ නෑ ආශු. ඔයාගේ මතක මන් අරන් යනවා."

"අයුශ් අයියේ, මන් එදා වගේම අදත් ඔයාට පොරොන්දු වෙනවා ඔයාගේ සවීව ඇහැක් වගේ බලාගන්නවා කියලා. එයාව මගේම කරගන්න මට අවසර දෙන්න අයුශ් අයියේ" 

මට ඇඬෙනවා. මන් ලේස්න්සුව අරන් කඳුලු පිහිදගත්තා. 

"ආශු, මන් තව දවස් කීපෙකින් රෙශඛ්‍ය එක්ක විවහ ගිවිස ගන්නවා. ඔයාගේ ආශිර්වාදය අපිට දෙන්න. මට ඔයාට නොකියා යන්න ඕන වුනේ නෑ. ආයෙ මෙතනට මන් එයිද කියලා මට විශ්වාස නෑ ආශු. ඒත් මන් ඔයාට ආදරෙයි. හැමදාම" 

"බබා...." මගේ තුරුලේ ඉන්න මගේ ලස්සන වස්තුව. හිස් මුදුනෙන් තොත්තුවක් තිබ්බත් ඇහැරුනේ නෑ. ඒත් phone එක අරන් බැලුවම රෑත් වෙලා. රෙශඛ්‍ය Airport යන්න තියෙන්නේ තව පැය කීපයයි. මේ සතියෙම කරේ බඩු පැක් කරන එක. අද දවල් අපි දෙන්නා හොඳට කාලා බදාගෙන දොයියගත්තා. ඒ නිසා දැන් ඇහැරවන්නම ඕනා.

"බබා... නැගිටින්න!" කම්මුලට පොඩි තට්ටුවක් දුන්නම ඔන්න පොඩ්ඩක් හෙල්ලුනා. 

"නැගිටින්න බබා. රෑ වෙලා. Last minute packing තියනවා" 

"ම්ම්ම්ම්ම් යන්න බෑ...."

"එහෙම කියලා හරියනවද? කෝ කෝ නැගිටින්න!" 

ඒගමන පොඩ්ඩක් උඩ බැලුවා. අත තාම මගේ ශර්ට් එක අස්සේ. තව ටිකක් උඩට ගෙනිහින් කුක්කුවක් මිරිකුවම

"ආව්!" 

"I will miss you so damn much සුදයියේ!!!" 

"හැමදාම කතා කරනවා නේද?"

"හැමදාම කතා කරනවා මගේ අම්මේ" රෙශඛ්‍ය මගේ තොල් වලින් හාද්දක් තිබ්බා. 

"මන් ආදරෙයි මගේ පන!"

"මාත්!" 

"කෝ මේ ළමයි? අහ් හරි ශෝක් ඔහොම බුදියන් ඉඳලා හරියනවද? මංජු පහලට එන්න!" අම්මා කඩන් බිඳන් කාමරේටම

එනකන් අපි ගැරඬි වගේ එතිලා හිටිය එවා නිකන්ම ගැලවුනා. 

"මංජු, ඔක්කොම ලෑස්තී නේද?" තාත්තා අපි දෙන්නම පහලට එද්දි ඇහුවම රෙශඛ්‍ය ඔලුව වැනුවා.

"මොකද සයුල් අඬන්නේ?" මන් ඇහුවම මිනිහා ආයේ තාත්තගේ බඩ අස්සේ ඔලුව ඔබාගත්තා 

"පේනවනේ ඉන්නකන් ගහමරාගෙන, දැන් අයියා යනවා කියලා අඬනවා" 

"අඩෝ ඉඳිබුවෝ උඹ අඬනවද? ඉකේ...." කියලා සයුල් ව උස්සලා අරන් කරේ තියාගත්තම කොල්ල කකුල් ගගහා අත් වලින් රෙශඛ්‍යගේ පිටට ගගහා මරලතෝනි තියන්න ගත්තා.

"ඔය කොල්ලව බිමින් තියහන්!" අම්මා කෑ ගැහුවා. ඉතින් ඌව බිමින් තිබ්බම ආයේ රෙශඛ්‍යට රවලා ගිහින් තාත්තගේ ඔඩොක්කුවෙන් වාඩි වුනා.

"ඇත්ත, රෙශඛ්‍ය ගියාම ගොඩක් පාලු හිතෙයි. තුර්ශ්‍යත් යනවනේ....වැඩනම් ගොඩක් තියනවා තමයි. ඒත් රෙශඛ්‍ය නැතුව ඉන්න විදිහ මට මතකත් නෑ දැන්. එයා ළඟට යනකන් මේ මාසේ ඉවසන්න වෙනවා. අපේ engagement එකේ ඇඳුම් වලට මෙශර්මන්ට්ස් දීලා ඒවාත් අරන් එපැයි මන් යන්න. රෙශඛ්‍යට නම් ෆිට් ඔන්න් කරන්න ඕන නෑ කිව්වා. මොකද එයා එතනින්මයි කෛන් ඉඳලම කිට්ස් මහගන්නේ. මන් තමයි අනිද්දට ෆිට් ඔන් එකට යන්න ඕනා. ඊටපස්සේ..."

"මොකද සවී? ඔයත් අඬන්නද යන්නේ?"

"අහ්?" කකුලකුත් උඩ දමාගෙන කවුච් එකට වෙලා මනෝ ගහගෙන හිටපු මාව එකපාරම තාත්තගේ කටහඬට ගැස්සුනා. රෙශඛ්‍යත් phone එකෙන් මූන අරන් මන් දිහා බැලුවම මන් 'නෑ' කියලා හිනා වුනා.

"රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ

සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා

අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා

ගෙන යමි ඔබේ ආදරේ ආදරේ"

තාත්තාට ඕනම වෙලාවකට කියන්න සින්දුවක් තිබ්බා. රෙශඛ්‍යටත් හිනා. නැගිටලා මට අත දීලා

"May I have this dance?" කිව්වම මාත් හිනා වෙලා අත දුන්නම එයා මගේ ඉනෙන් අල්ලගත්තම මන් එක අට්බක් එයාගේ උරහිසෙන් තියලා බෝල් රූම් ඩාන්ක් එකක් දානකොට අම්මාත් ඇවිත් ඉඳගත්තා.

"නා දළු දෙතොල් හසරැළි මත වෙලී

ආ ගිය ගමන් සිහිව එයි යලි යලී

අසමාන වු ඒ අප ආදරේ

කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ

සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා

අතිනත වෙලා පටලලා රන් හුයෙන්

ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්

හෙට ඒ දිනේ දී සයුරෙන් එහා

පිළිගන්නවාදෝ පැමිණි වහා

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ

සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා

අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා

ගෙන යමි ඔබේ ආදරේ ආදරේ"

පාන්දර හතරට සිරිවර්ධන නිවසට පය තියනකොට සේරමල්ලා එහේ. හෙනම කාල ගෝට්ටියක්.

"අහ් මංජු ලොකු අයියව එක්කන් එන්න. මන් දැන් කීප සැරයක් කතා කරා. අර වින්ඩ්චයිම් එක දිහා බලාගෙන කල්පනා කරනවා" මහප්පා කිව්වම රෙශඛ්‍ය උඩට ගියා.

ටික වෙලාවක් යද්දි දෙන්නම පහලට ආවා. 

"අහ් හරි එහෙනම් ඔක්කොම දැම්මා නේද මිහිරි?"

"ඔව් ඔව්."

"ආච්චි අම්මේ අපි ගිහින් එන්නම් එහෙනම්. ආච්චි අම්මා අසනීප නොවී පරිස්සම් වෙලා ඉන්න ඕනා. නැත්තම් බකින්හැම් බලන්න යන්න බැරි වෙයි." තුර්ශ කිව්වම ආච්චි අම්මා,

"පොච්චියෝ ඔය කිව්වේ කට කැඩිච්ච කතාවක්. මන් එනවා බොලව් ඒරොප්පේ!" 

"හාරි හාරි.... ආච්චි අම්මා ඒරොප්පේ එනවා. ඈවරයි දෑවරයි තුන් ඈවරයි" රෙශඛ්‍ය ආච්චි අම්මාගේ ඔලුව ඉඹලා වැන්දාම, තුර්ශත් වැන්දා.

"තුණුරුවන්ගේ සරණයි මගේ කොල්ලෝ දෙන්නට! ප්‍රවේසමෙන් ගිහින් වරෙල්ලා"

"අහ් එහෙනම් ඔන්න දෙන්නම දකුණු කකුල පෙරට තියලා එන්න!" ලොකු අම්මයි, අම්මයි මල් වතුර වීදුරු දෙකක් තියන් ඉඳලා දෙන්නා එනකොටම ඒවා පෙව්වා. 

"සියලු පැතුම් ඉටු වෙන්න ඕනා. කරදරයක් නැති ගමනක් වෙන්න ඕනා!" කියලා ප්‍රාර්ථනා කරා. 

"නගින්න එහෙනම්" ඔක්කොමලා වාහන වලට නගින කොට තුර්ශ උඩ බැලුවා. 

"මොකද?" මන් ඇහුවම

"මට බෑ බන්!" 

"මොනා? උඹට පිස්සුද? ඔය කොහෙද දුවන්නේ?"

සේරමල්ලා භය භිරාන්ත වෙලා ඉදිදි, ටික වෙලාවක් යද්දි මූ වින්ඩ්චයිම් එක ගලෝගෙන එනවා. ඔක්කොමල්ලා සැනසුම් සුසුමක් පිට කරා. 

"උඹේ වලටත් ඕක දාන්නම්. දැන් නැගපන්!" රෙශඛ්‍ය කෑ ගැහුවා. 

Airport එකට යනකන්ම මන් රෙශඛ්‍යගේ අතේ එල්ලිලා උරහිසට ඔලුව තියන් හිටියා. කී පාරක් මගේ ඔලුව ඉම්බඳ මන් දන්නෙ නෑ. 'මාසයයිනේ. ඉක්මනට යයි.' මන් නිතරම මටම කියා ගත්තා.

Airport එකෙන් බැහැලා 'Departure' එකට ගිහින් රෙශඛ්‍යයි, තුර්ශයි දෙන්නම ඔක්කොලාටම වැන්දා. අම්මයි, ලොකු අම්මයි චුට්ටක් ඇඬුවා. ඒත් ඉතින් මාසෙකින් ආයේ පුතාලා දෙන්නව බල්න්න ලැබෙන නිසා ලොකුවට හිතේ අමාරුවක් කාගේ හිතේ වත් නෑ. අයාන් ගෙඩියව අල්ලලා උඩ දාලා ඉඹලා ඉඹලා තුර්ශයි රෙශඛ්‍යයි ඌව නාදි නැන්දාටම දුන්නා.

"මන් එහෙ පොලිසියේ මගේ යාලුවෙක්ට කියලා තියෙන්නේ මංජු, ලොකූ බබා. මන් ඔයාලගේ whatsapp එකට මිනිහගේ details දාලා තියෙන්නේ. හදිස්සියක් වුනොත් මිනිහට කතා කරන්න" චූටි මාමා කිව්වම රෙශඛ්‍යයි, තුර්ශයි ඔලුව වැනුවා.

යන්තන් ඇති මාව මතක් වුනා. පැත්තක හිටි මාව හොයලා හොයලා හම්බුනාම එයා හිනා වෙලා ළඟට ඇවිත් මගේ අත් අල්ලගත්තා.

"ළඟට එනකන් පරිස්සමෙන් ඉන්න මගේ රත්තරන්!" 

"හ්ම් ඉන්නම් බබා. ඔයාලා පරිස්සමෙන් යන්න!" 

"තනියම යන්න එපා කොහෙවත්. මගේ කලු ප්‍රාඩෝ එක ඔයාටම අයින් කරලා තියෙන්නේ. අංකල් ට කෝල් එකක් දෙන්න එයා එයි ඔයාව ගන්න." 

"හරි බබා."

"ඇඟ වැහෙන්න ඇඳුම් ඇඳපන්! එහේ ආවම ඕන එකක්" 

"හරි දෙයියනේ!!!!" 

"හරි තමයි මෙතන!" රෙශඛ්‍ය මාව බදාගත්තා. නලලෙන් හාදුවකුත් තියලා තොල් වලිනුත් හාද්දක් තියලා යන්න ලෑස්ති වෙනකොට තුර්ශත් ඇවිත් මාව බදාගත්තා. 

"ගිහින් එන්නම් සවේ. සුදූ එක්ක වැඩ ටික බලලා කරගනින්." 

"හරි බන්! උඹලා පරිස්සමෙන් පලයං!" 

"අහ් තාත්තා," මන් phone එක රෙශඛ්‍යට දුන්නම එයා ඒක speaker phone දැම්මා.

"හෙලෝ තාත්තේ!"

"පුතා එහෙනම් පරිස්සමෙන් යන්න. අපි එනවනේ ටික දවසකින්"

"හරි තාත්තේ."

"ඉන්න අම්මා ඉන්නවා"

"හෙලෝ පොඩි පුතේ..."

"අම්මා!"

"පරිස්සමෙන් ගිහින් එන්න ඕනා! සියලු දෙවි රැක වරණයි!. කෝ තුර්ශ පුතා?"

"අහ් ඉන්නවා ආන්ටි!" තුර්ශත් phone එකට එබුනා.

"පරිස්සමෙන් යන්න දෙන්නම! බුදු සරණයි!"

"හොඳයි ආන්ටි!"

"අම්මේ මන් තියනවා එහෙනම්. ගිහින් කෝල් එකක් දෙන්නම්!"

"හොඳයි පුතේ!"

මගේ හොඳම යාලුවයි, මගේ ආදරෙයි දෙන්නම ඈතට යනවා බලන් ඉන්නකොට රෙශඛ්‍ය ආයේ හැරුනා. දුවන් එනකොට මන් අත් දෙක ඈත් කරා. ඉතින් ආයෙත් ඒ උනුහුමේ ගිලුනේ අඩි හතරක් උඩටම වෙලා. කකුල් දෙක එයා වටේ යැවිලා ඒ බෙල්ලේ මූන හොවාගතතම,

"ඉක්මනට මා ළඟට එන්න සුදයියේ!"

"ඉක්මනට එන්නම් පන!"

ඉතින් මගේ 'දෙව්ලොවේ සමාව' සයෝද් රෙශඛ්‍යගේ අත ටික කාලෙකට ඒ විදිහට අත ඇරුනා. 

"සුදු නංගි කොල ටික හරි නේද?"

"හරි අයියේ. ආ මෙන්න ඔයාගේ ටික." එම්බසි එකේ නම කතා කරනකන් බලන් ඉන්නකොට

"Miss. Thurshyaa Ruseehi Siriwardhane!" 

"Good luck රූ!" 

"Thanks ආරූ!" සුදූ රෙහාන් අයියගේ අත අල්ලලා ඇතුලට යනකොට මටත් විශ් කරා,

"මන් යන්නම් අයියේ! ඔයාට good luck!"

"ඔයාටත්!" මන් තම්බ්ස් අප් එකක් දුන්නා

"Mr. Saven Deneth Perera!"

"Good luck සවේන්!" රෙහාන් අයියා මගේ පිටට තට්ටුවක් දුන්නා.

"Thanks රෙහාන් අයියේ!" 

ගැම්මෙන් නැගිට්ටට මොකෝ, සුද්දි දැක්කම සරුවාංගෙම ගැහෙනවා. ඒ වුනාට එහෙම කියලා බෑ. මේක කරන්න එපැයි. අද පාන්දර රෙශඛ්‍ය කිව්ව වචන මත වෙලා හිනා යනවා

'මේ All jokes aside! මේ උඹ ස්‍ට්‍රෙස් වෙලා හුත්තක් කරන්න එපා! පරාක්‍රමභාහු ගැම්ම ගනින්! දඹදෙනි යුගයේ අවූ.... ගනින් සුදයියේ වලගම්බා ගැම්ම ඇඟට! අපි රාවණා පරපුරේ පුත්තු! අහූ....!'

හිනා වෙවීම ගිහින් පුටුවෙන් ඉඳගත්තම තමයි බර අවි වලින් වැදෙන්න ගත්තේ,

"Why did you choose to study law in the UK?"

'ගනින් සුදයියේ වලගම්බා ගැම්ම ඇඟට'

හොඳ හුස්මක් අරන්,

"The UK has a world-renowned legal system and several prestigious law schools. I believe studying law in such an environment will provide me with a top-notch education and enhance my legal knowledge and skills. Additionally, the practical approach to legal education in the UK aligns well with my learning style."

"Why did you choose this specific university and course?"

'අපි රාවණා පරපුරේ පුත්තු අහූ!!!'

I chose Balliol University college and the Bachelor of Law program because of its strong reputation for research opportunities, practical training, and faculty expertise The course curriculum aligns perfectly with my career aspirations, and I believe it will equip me with the necessary skills to succeed as a lawyer.

කොහොමහරි ඒකටත් සාර්ථකව මූන දීලා අපි ගියා පිච්චුන ලේ වලට ලේ වඩෝගන්න Hilton එකේ Graze kitchen එකට. මට ඉතින් හැපිකව්වයි, පෞකාර තාර පැටියයි මතක් වෙලා හිනා ගියාම, සුදු නංගි මාව දැකලා

"වස්සල් වස්සල්!"

"එක පාරක් නම කියපන් හුත්ත!" 

"මොනාද මේ ඔයාලා දෙන්නා කියවන්නේ?" රෙහාන් අයියාගේ වික්ශිප්ත මූන බලන්න වටිනවා ඒත් වැඩි වෙලා ඒ මූන තිබ්බේ නෑ. මොකද සුදූගේ චූටි හෑන්ඩ් බෑග් එකෙන් රෙහාන් බොසාට ගුටි කන්න වුනා.

"ඇයි ඇයි මේ මට ගහන්නේ රූ?" මූන දෙකක් කරන් ඉන්න සුදූව අල්ලන් රෙහාන් ඇහුවම,

"මන් එව්ව ඒවා කියෝලා නෑ! ඒකයි ඔහොම ඇහුවේ! මන් තවුසෙව බඳින්නේ නෑ! ම්හුක්!"

මන් අතින් කට තද කරන් හිනාව නවත්තගද්දි,

"මොනාද රූ?"

"මොනාද? මොනාද නෙමේ ආරූ! ඔයා මට කියන්නේ සේපාලිකා, Broken mirrors කියෝපු නැති කෙනෙක් එක්ක මට කසාද ජීවිතයක් ගත කරන්න කියලද? Not going to happen! කියන්න සවේන් අයියේ! එහෙම නේද?"

"I agree" මන් අත උස්සලා මගේ එකඟතාවය පල කරා. 

"ආ! අර රධ්‍ය ඩයල් එක ඉන්න කතාව නේ? ඒක මන් කියෝනවා බබී. ඒත් මන් තාම කස්තුරි සුවඳ කියෝලා ඉවර කරේ නෑනේ"

"අනේ උයා!!!! මන් ආදරෙයි අනේ!!!" මෙන්න ඒ ගමන චන්ද්‍රමුඛී, සරස්වතී වෙලා. අතේ එල්ලිලා උම්මා දෙනවා.

"ඔයා වෙනුවෙන් මට පොතක් කියවන්න බැරිද රූ?" 

"බලන්න නයනී ඒ උනන්දුව!" මන් කිව්වම දෙන්නම හිනා වුනා. කෑම මේසෙට ආපු නිසා මායි, සුදුයි දෙන්නම ඒවයේ photos ගත්තා. Instagrama දාලා, Whatsapp දාලා ඕනේ බඩට දාගන්න.

මතු සම්බන්ධයි...

දවල් update එක නැත. ආයේ update එකක් එන්නේ රෑ වෙලා 😌

Cr cHerRy_MinShi_

More Chapters