"සුදයියේ මන් ඔයාට Links වගයක් එව්වා. ඒ pages ටික හොඳට කියවන්න. ඔයා දැන්ම උත්තරයක් දෙන්න ඕන නෑ. උඹ මෙහෙ ආ ගමන් අපි මුදු මාරු කරගන්න නිසා ඔයාට මෙහෙ ඇවිත් ඕක කියවන්ම වෙලාවක් නැති වෙයි."
"මොනාද රෙශඛ්‍ය?"
"ඔයා කියවන්නකෝ. එතකොට තේරෙයි. කොහොම වුනත් පළවෙනි දවසේ එහෙම වෙන්නේ නෑ හොඳද? ඔයා අකමැති නම් අපි ඒ විදිහටම continue කරමු. මන් ආදරෙයි. මන් දැන් යන්න ඕනා. මන් ගිහින් ආවට පස්සේ හෙට යනකොට අඳින ඇඳුම් ටික ඇඳලා පෙන්නන්න ඕනා!"
"හරි බබා. ගිහින් එන්න එහෙනම්. මන් ආදරෙයි!"
හෙට දේශාන්, සඳරු, විහඟ, හශිර එක්ක එලියට යන්න දාගත්තා. හුඟ කාලෙකින් හම්බුනෙත් නෑ කට්ටියව. ගාල්ලේ යන්න දාගත්තේ. මට නම් ගිහින් එපා වෙලා. ඒත් ඉතින් රොශෙල්ටයි, විශාඛාටයි යන්නම ඕන කියලා මැරෙන්න හදනවනේ. මන් හූලා හූලා එකේ චීස් කොත්තු ගැන කියපු වෙලේ ඉඳන් මැරෙන්න හදනවා ඒකෙන්ම කන්න ඕනා කියලා.
දැන් තෝරන්න ඕනා ඇඳුම් දෙකක්. ඇඳන් යන්න එකයි, නාලා අඳින්න එකයි. ඇඳපු නැති අලුත්ම ඇදුම් දැන් අල්මාරියේ එක පැත්තක පිරිලා. අම්මලා එක්ක ශොපින් යනවට වඩා මන් ආස කරන දෙයක් තව නෑ. අපි තුන් දෙනා හිතුන හිතුන වෙලාවට ශොපින් යනවා. අපේ අම්මත් දැන් ගානට හැදිලා. මන් ගිය සතියේ ආසාවෙන්ම ගත්ත ඩෙනිම් එක හොයාලා එලියට ගත්තා. මේකේ දෙපැත්ත දණිස්සෙන් උඩටම වෙනකන් දෙපැත්තෙන් පලලා තියෙන්නේ. මාර ස්ටයිලිශ් අප්පා. නුවනි අම්මා තමයි තේරුවේ. දැක්ක ගමන් මටත් ආස හිතුනා. ලේඩීස් උනාට මොකෝ! මගේ ඉන ඊටත් වඩා හැඩයි කියලා එතන හිටපු අක්කි කිව්වම මට ලැජ්ජ හිතුනා.
ඒකත් අරන් එලියෙන් තියලා තව beige colour cargo pant එකයි ඒකටම යන brown shade එකේ ක්‍රොප් ස්වෙටර් එකකුයි අරන් තිබ්බා. දැන් අර ඩෙනිමට උඩට එකක් හොයන්න එපැයි.
"අහ් මේ තියෙන්නේ! මේක මරු" කලුපාටයි අලුපාට අත් දිග ටොප් එක.
තෝරගත්තු ඇඳුම් ටිකත් පුටුව උඩට දාලා ඇඳෙන් ඉඳගත්තේ ඉන්ස්ටා එක පැත්තේ යන්න. රෙශඛ්යගෙයි මගෙයි photos වලට පුදුම විදිහට likes, comments වැටෙන්නේ. ඒ අස්සේ ජරා comments උත් වැටෙනවා. ඒවාත් මට ඉඳලා හිටලා තමා හම්බවෙන්නේ. මොකද රෙශඛ්‍ය ඔක්කොම බලලා delete කරනවා.
"අහ් මොකෝ මැලිබන් මහත්තයා? අම්මා කන්න දුන්නේ නෑ?"
කූක් කූක් ගාන්නේ බඩගිනි වුනාම තමයි. මන් ඔලුව අත ගානකොට මිනිහා ඇඳ උඩට නැග්ගා.
"අම්මේ මේ රෙක්ස් ට බඩගිනීලූ!!!!"
"හරි හරි!! නිවෙන්න තියලා තියෙන්නේ. තව ටිකකින් දෙන්නම්"
"අන්න දැක්කනේ පුච්චු නිසා කන්න බෑ. අම්මා කතා කරනකන් හිටපං" රෙක්ස් මගේ ඔඩොක්කුවෙන් හොම්බ තියා ගත්තා.
"අපි දාමු photo එකක්!" ගැලරියේ ස්ක්‍රොල් කරලා
"අහ් මේ තියෙන්නේ මේ mirror selfie එක! අනේ මගේ බබාගේ muscles!!!! හපන්න ඕනා!!! හව් හව් හව්"
ඒකත් අප්ලෝඩ් කරා. දැන්.... links ටික. බලමු මේ කියන pages වල තියෙන්නේ මොනාද කියලා. පළවෙනි ලින්ක් එක ටච් කරා.
'What is BDSM sex?' "ඇහ්?" මගේ කටත් ඇරුනා. මට ලැජ්ජයි! රෙශඛ්‍ය එතකොට විහිලු නෙමේද කරලා තියෙන්නේ? අපි ඇත්තටම යන්නේ මේ relationship එකකටද? මට මොනාද හිතෙන්නේ? මට තාම තෝරගන්න බෑ. රෙශඛ්‍ය කිව්වා වගේ මේක කියෙව්වම මට තේරෙයිද?
"අම්මෝ මේකේ දිග!" මන් කොට්ටෙට හේත්තු වෙලා කියවන්න ගත්තම
"මහත්තයා!!!! කන්න එන්න!!!" කියපු ගමන් මැලිබන් මහත්තයා කඩාගෙන බිඳගෙන දිව්වා.
වි.20ක් විතර ඒක කියෙව්වා. දැන් මේ ටික process කරගමු. කෙටියෙන්ම B කියන්නේ Bonadage. ඒ කියන්නේ 'වහල් බව'. ඊටපස්සේ D- dominance ආධිපත්‍යය, S- sadism පරපීඩාකාමය, M- Masochism ස්වපීඩාකාමය.
මේ relationship එකේ ආධිපත්‍යය තියන කෙනෙක් ඉන්න ඕනා. වහල්බාවය තියන කෙනෙක් ඉන්න ඕනා. එතකොට,
එතකොට දැන් අපේ relationship එකේ Dominant රෙශඛ්‍ය. එතකොට මන් Submissive වෙන්න එපැයි. මන් කොට්ටයක් අරන් හපාගෙන හපාගෙන ගියා. එයාගේ නහර ඉලුප්පුන අත් මට මැවි මැවි පේන්නේ ඇයි දැන්?
මගේ බඩේ සමනල්ලු සට සට ගානවා. එතකොට මේක දැන් කැටගරීස් කීපයකට බෙදෙනවා. විනය, අධිකාරය, කීකරුකම සහ වේදනාව ලබා දීමෙන් හෝ ලැබීමෙන් සතුටට පත් වීම. එක්කෙනෙක් හිතාමතාම ප්රමුඛ භූමිකාවක් ගැනීම, චරිත නිරූපනය, වේදනාවෙන් වින්දනය ලැබීම, බැඳ දැමීම, උච්චතම අවස්ථාවේ නතර කර නැවත ආරම්භ කිරීමට , ඉන්ද්‍රීන් වල දැනීම නැති කිරීම, වගේම නින්දා කිරීම, ඉටි වැක්කිරීම.
"ඉටි වැක්කිරීම?" ඒක නම් අපි දැන්ටම කරලා නේ තියෙන්නේ! ම්ම්ම්ම් අහ් අහ් ආ... අහ් අහ්... මන් ඒක වින්දද? මට ආයේ ඒක ඕනාද? ඔව් මට ඒක ආයේ ඕනා! එතකොට මන් machoist කෙනෙක් තමයි. මේක කියෙව්වම තේරෙයි කිව්ව එක හරි නේ.
BDSM කියන්නේ දෙන්නටම විඳින්න පුලුවන් සම්බන්දයක් වෙන්න ඕනා. දෙන්නම ඒකෙන් විනෝද වෙන්නේ නැත්තම්, එතන BDSM එකක් ඇත්තටම නෑ. දෙදෙනා තුල ඇති අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය, සහකරු අවදානමකට ලක් නොකිරීමට ගොඩක් වැදකත්. BDSM වලින් ආතතිය අඩු ක්රනවා කියලා ගවේශන වලින් හොයාගෙන තියනවලු. දෙදෙනා අතර ඇති බැඳීම වැඩි කරන්න පුලුවන් දෙයක් කියලත් කියනවා. හාකෝ!
වැදගත්ම දේ 'කැමැත්ත හා අවසරය' විශේෂයෙන්ම පීඩාවට පත් වෙන්නාගේ. මේමට ලිඛිත ගිවිසුමක් තිබීම වඩාත් හොඳයිලු. පැහැදිලි සීමාවන් පැනවීම විශේෂයෙන් ලිංගික සෙල්ලම් බඩු පාවිච්චියේදී, ආරක්ශිත වචන තෝරා ගැනීම වැදගත්. මේ වගේ සම්බන්ධයක් පටන් ගැනීමට කලින් දෙදෙනාම කියවා දැනුවත් වීම ඉතා වැදගත්ලු.
"ආ... ඒකයි කොම්ලා මේවා මට එවන්නේ! Well played Reshakhya!"
Light BDSM එකේ තියන එව්වා කියෙව්ව නම් ඇත්තටම ආස
හිතෙනවා
කොණ්ඩය ඇදීම, මාංචු, ස්කාෆ් එකකින් හරි ලණු වලින් හරි බැඳලා දාන එක, ඇස් වැහීම, මෘදු පහර දීම්, චරිත නිරූපණය..... ආ... හවුස් මේඩ්.... ම්ම්ම්ම් අහ් අහ් අහා...
After care කියන දේ BDSM relationship එකකදී සාමාන්‍ය ලිංගික සම්බන්ධතාවයකටත් වඩා ගොඩක් වැදගත්. හුරතල් කිරීම හෝ නාවා, පිරිසිදු කිරීම වැනි පසු සත්කාර මගින් කායික, මානසික සහ චිත්තවේගීය යහපැවැත්මට ගොඩක් වැදගත්. මේ ටික හරියට වුනේ නැත්තම් දෙන්නා අතර තියන සම්බන්ධතාවය පලුදු වෙන්න පුලුවන්.
"අහ් ඒක මට ඕන නැති කොටසක්! ඒක රෙශඛ්‍ය කරන්න එපැයි. හැබැයි කලේ නැත්තම් වලිය අදිනවා අදිනවමයි!"
අම්මෝ!!!! නිකන් රෝලර් කෝස්ටර් එකක ගියා වගේ. දැන් reply එකක් දානවද? එක්කො එපා. පොඩ්ඩක් අවුස්සන්න ඕනා ආවම! බඩගිනී!!!!
"අම්මා!!! කන්න ඕනා!!!"
"බබා? ගෙදර ආවද?" මන් phone එක අරන් ඇඳ උඩට ගියා.
"ඔව්..." රෙශඛ්යත් ඇඳ උඩට වැටුනා.
"මහන්සි පාටයිනේ!"
"ඔව්! Group project එකක්"
"හ්ම්ම්... මන් ඇඳුම් ටික එලියෙන් තිබ්බා. බලනවද?"
"බලමු! ඇඳන් එන්නකෝ!" රෙශඛ්‍ය හරි බරි ගැහිලා වාඩි වුනේ මගේ ෆැශන් ශෝ එක බලන්න. මන් phone එක මේසය උඩින් පොතකට වාරු කරලා පැත්තකට ගිහින් ඇඳුම් මාරු කරනකොට කුප්ප අදහස් එන්නේ!
ඉස්සෙල්ලාම ශර්ට් එක ගලෝලා අත විතරක් රෙශඛ්‍යට පේන්න දික් කරලා ශර්ට් එක බිමට දැම්මා.
"සුදයියේ!!! උඹ මට ටීස් කරනවද?"
"ඔව්! එපාද?"
"නෑ!!!! I love this!"
ඉතින් කලිසමත් ගලෝලා එහෙම්මම දැම්මා.
"පොඩ්ඩක් මෙහෙට වරෙන්කෝ!"
"ආස ඇති!" මන් අත දාලා උඩම තිබ්බ බේජ් කාගෝ පෑන්ට් එක අරන් ඇඳලා, බ්‍රවුන් ක්‍රොප් ස්වෙටර් එකත් ඇඳලා, ටුකු ටුකු ටුකු ගාලා phone එක ඉස්සරහට ඇවිලා කැරකිලා ඉනටත් අත තියලා ආයේ අත් දෙකේ පිට අල්ල ත්‍රිකෝණයක් වගේ හදලා නිකට යටින් තිබ්බම ඇහැක් ගැහුවම,
"මේ මොකක්ද?" මූන දෙකක් වුනා!
"ඇයි? කැතද?"
"කැත? කැත නෙමේ! බලහන් මුලු ඉනම එලියෙනේ ඕයි! කලිසම හොඳයි! උඩ එක වහාම මාරු කරනවා!"
"හැපෝ!!! ඔයාගේ අම්මා තේරුවේ ඉතින්!" මන් මූන බෙරි කරගත්තා.
"ඒක තමයි අම්මා මගේ චොයිස් එක දන්නවා." රෙශඛ්‍ය හිනා වුනා
"මොකා? එතකොට ඔයා මේකට කැමතීද?"
"මන් කිව්වේ නෑ නේ මන් අකමැතී කියලා මැණික! මන් කිව්වේ ඇඟ පේන නිසා අඳින්න එපා කියලා. ඕවා ඔක්කොම එනකොට අරන් එන්න. මාත් එක්ක යනකොට ඔය ඔක්කොම අඳින්න. උඹ පුදුම ලස්සනයි ඕයි!"
"හනේ!!!! මට මිරිකන්න හිතෙනවා ඔය තුදු කම්මුල්!" මන් phone එක ඉස්සරහට අත් දික් කරලා මිට මොලෝලා මිරිකුවා.
"අහ් ඉන්න ඊළඟ එක පෙන්නන්න! මේක මන් නාලා ගෙදර එනකොට අඳින්නේ හොඳේ?"
"හරි. හැබැයි උඩට ඕක බෑ. වෙන එකක් තෝරලා ඇඳලා පස්සේ පෙන්නන්න ඕනා!"
"හරී!!!" ඊළඟ කිට් එකත් ඇඳලා ආවම රෙශඛ්‍ය අල්ල නලලේ ඉඳන් මූනේ පහලට ඇදන් ඇවිත් හොඳ හුස්මක් පිට කරා.
"හෙලුවෙන් ගියානම් ඉවරයිනේ බබා! ආ? Why? Do you want extra breeze up there? ම්? I, I Cant understand the purpose behind this jean is. ආ? මදුරුවෝ එහෙම කන්නේ නෑ? දැන් සීදූවේ සකුරා or bloody කඩවත කාස් බාස් ශෝ එකකට ගියොත් මදුරුවෝ කනවනේ බබා. What is this nonsense? Hell no! You are not wearing any of that love!"
මොනාද මේ කියන්නේ? මෙච්චර ලස්සන ඇඳුමට! මට නම් දැන් කේන්තී!
"රෙශඛ්‍ය!!! I can't stand you reshakhya!" මන් අත් දෙකත් බැඳගෙන මූන හැදුවම
"Then babes sit on me! On my face." වලත්ත මූන!
"රෙශඛ්‍ය!!!"
"මේ පොඩ්ඩක් කැරකෙනවකෝ!"
"ඕන නෑ මන් මේක ගලවනවා!"
"මට පෙන්නන්න! වෙන අයට පෙන්නන්න එපා!"
"ඕන නෑ!"
"අනේ සුදයියේ! ඔය සුදු ගල දැකලා මට නැග්ගා ඕයි! ඩිංගිත්තක් පෙන්නපන් මැණිකේ!"
"ඩිංගිත්ත තමයි!" මන් ගස්සන් ගිහින් ඇඳුම් මාරු කරනකොට,
"අර ටික කියෙව්වද?"
"ම්ම්ම් කියෙව්වා"
"ඉතිම් හාම්ද?" පොඩ්ඩක් අවුස්සන්න ඕනා!
"මන් තාම තීරණයකට ආවේ නෑ!"
"මොනා?"
"දැන් ඔයා කිව්වනේ දැන්ම උත්තරයක් ඕන නෑ කියලා. මන් හිතලා බලලා කියන්නම්" මන් ආයේ phone එක අතට ගත්තා.
"මේ එන්න කලින් තීරණය කරලා කියපන් සුදයියේ!!!"
"ඇයි මේ හදිස්සි?"
"මුකුත් නෑ!"
"අඩෝ!!!! සවේ!!!" phone එක ඉගිල්ලිලා ගියා. මගේ මස්සිනාරත්නය දැන් මූන ඔබන් ඉන්නවා.
"මොකෝ වෙන්නේ?"
"අනේ ඕයි ඉක්මනට වරෙන්කෝ! අපි උයන ඒවා බල්ලෙක්ටවත් කන්න බෑ ඕයි!!! මට බඩේ අමාරුවකුත් හැදුනා මූගේ අල කරිය කාලා!"
"අනේ තෝ හිටපන් මන් ඒක 'අපේ අම්මා' එකෙන් බලාගෙන කියපු විදියටම හැදුවා!"
"ඔව් ඔව් තෝ හදලා තිබ්බා. අල පොත්ත පිටින් හොද්දට දාලා!" මට හිනා යනවා.
"හොඳ වැඩේ තොපිට. ඉන්නකන් අගයක් තිබ්බේ නෑනේ!"
"මේ උඹලා හෙට සෙට් වෙනව නේ? මන් යනකන්ම හිටියානේ අරුන්! Photos දාපන් group එකට හොඳේ!"
"photos නෙමෙයි මට යන්න වෙයිද දන්නේ නෑ!"
"එව් මොකෝ?"
"උඹේ මල්ලි මන් අඳින අඳින ඇඳුමේ ඇද කියනවා"
"අපෝ!!!! මට නම් පේන්න බෑ යකෝ ඔහොම කොල්ලෝ! උඹලා දෙන්නටම හොඳයි ඔය නාඩගම්."
"අනේ මේ තෝ කියයි ලොකූ! මූගේ පස්සෙන් එකෙක් ඇල්ලුවම යන මග! මොකෝ අපි ඉන්නවද බේරන්න?"
"ඒකෙත් ඇත්තක් නැතුවම නෙමෙයි හැබැයි!"
"හරි මන් යනෝ!!!!" තුර්ශ phone එක රෙශඛ්‍යට විසික් කරලා ගියා.
"මාත් වොශ් එකක් දාගෙන එන්නම් මැණික. අලුතෙන් ඇඳුම් තෝරලා මට photos ගහලා එවන්න. In every angle. හරිද?"
"අපෝ හරි!"
මතු සම්බන්ධයි.....