Cherreads

Chapter 13 - 13

එයා යන්න ගියා...හැබැයි මට එතනින් එහාට යා ගන්න බැරි උනා....මගෙ අත නැවතුනෙ තවමත් එයාගෙ සුවද වගේම එයාගෙ උනුසුම ඉතුරු උන හාදුව ගාව වෙනකොට මාව ගල් ගැහුනා...එ හාදුවෙ උනුසුම තවමත් මගෙ ඇගිලි තුඩු වලට දැනෙනෙනකොට මං බලාගන එයාගෙ කලුපාට කාර් එක සිග්නල් ලයිට් දාලා අපේ ලේන් එකෙන් එහා පැත්තට හරවනවා...

ඒක වෙන්නෙ කොහොමද ...එයා ජීවත් වෙන්නෙ තවම අදීශ් ගාව....එයා මගෙන් දකින්නෙ අදීශ්ව....එයා මගෙන් හොයන්නෙ අදීශ්ව....එයා ඉන්නෙ තවම ඒ අතීතෙ ...

ඩියෝන් කිව්වා වගෙ විතේන්ගෙ හිතේ...මං ගැන ...ඒ මොන විකාරයක්ද....නෑ නෑ...ඒ කොල්ලා තවම ජීවත් වෙන්නෙ අදීශ් එක්ක...මං ජීවත් වෙන්නෙ තවම ආදරේ විරහව එක්ක...එහෙම එකෙ...

ඒ උනත් එයා ආවෙ eyebrows හදනවට වඩා පපුව පාරන වේදනාව අමතක කර ගන්නද මන්දා .....එයාගෙ ඇස්වල දුක තිබුනා කප්පරකට.....ඇහිබැමක් ඉගිල්ලුවට දැනෙන වේදනාව ඉහිලුවත් ...එයාගෙ ඇස් වලින් වැටුනෙ තනිකරම වේදනාවෙ කදුලු විතරක්ම කියන මට දැනුනා.. ....

එන්නෙ නැති බව දැන දැන කොහෙන් හරි ආයම එයි කියලා බලන් ඉන්න එක වේදනයි කියන එයා කියපු විදිහ.....ඒ ඇස්වල තිබුන වේදනාව...ඒක මම දැක්කා දෙයියනේ...ඒක මට දැනුනා....

විතේන්.....උඹ මාව හොයන් ආවෙ.....ක්ලීනප් එකකටවත් ඇහිබැමකට වත් නෙවේ නේද විතේන් ...උඹට ඕනා උනේ....උඹෙ දුක පිට කර ගන්න මිසක්...වෙන දෙයක් නෙවෙනේද....

මම එහෙම්ම අහස දිහා බැලු....හදවත් තරුවත් මොන මගුලක් වත් නැති අහස අන්දකාරෙම පාලුවෙලා ගිහින් තිබුනා..හරියටම උගෙයි මගෙයි හිත වගේ....මම කොහොම හරි හිත හදා ගනීයි...ඒත් විතේන් උඹ....

උඹ තවම බලන් ඉන්නවා...අවුරුදු ගානක් ගිහිනුත් බලන් ඉන්නවා....

විතේන් කිව්වා හරි ...වේදනාව දෙන්නෙම වචනයි මතකයි.....

මට මෙහෙම නම්....එයාට...

මෙච්චර වෙලාම පාලුවට ගියපු අහස දිහා බලන් උන්න මම ආපහු එන්න හැරෙනකොට වෙනදට පාලුවෙලා ගියපු එයාලගෙ ගෙදර කහපාට ලයිට් එලියක් ඇවිලෙනවා දැක්කා.....

එයා අද රෑට ජීවත් වෙන්න හදන්නෙ එයා එක්කද....එයා අද රෑට හුස්ම අල්ලන්න හදන්නෙ අදීශ් එක්කද පපුව පාරවන මතක එක්කද.....

නිස්සාර සංසාර හීනේ අතීතේ

ඔබ ඉන්නවා දැනෙනවා.....

කවදාක හමුවන්න

දැකගන්න වේදෝ

තුන් යාමෙ මම අහනවා...

හැම රෑම (ඔහු)ගාව ඔබ නිදනවා...

ඔබ නැතිව ඔය හිතම මං ඉඹිනවා...

අපි දෙන්නම පව් විතේන් .....

එයාගෙ පාලුවට ගියපු කූඩුවෙ අද ඇවිලෙන ලයිට් දිහා බලන් උන්න මම එහෙම්ම ලිෆ්ට් එකට නැග්ගා.....

ගෙදර යන්නත් හිතට හරි නෑ...ගෙදර ගියහම වෙන්නෙම හදාගත්තු හිත ආය ආයම පෑරෙන එක වෙනකොට මම තුන්වෙනි තට්ටුවෙන් නැවතුනා....ඒ උනත් මම උන්ගෙ දොර ගාව සෑහෙන්න වෙලා කල්පනා කර කර උන්නා.....

උන් ඉන්නෙ සතුටෙන් ...මම දුකෙන් උන්නා කියලා උන් ඒකට පලිද ....උන්ට නිදහසේ උන් විදිහට වෙන්න තියෙන්නෙත් ටික වෙලාවයි...ඒකත් මම ඇවිත් කන්නෙ මොකටද....

මම ආයම පඩි පෙල දිහාවට යන්න හැරුනා....ඒ උනත් ආව මැසේජ් එක හින්දා මම නැවතුනා ඒක ශෙනෝන්ගෙන්...

මචන් රෑට කාලා යන්න වරෙන්....

මම මැසේජ් එක දිහා විනාඩි ගානක් බලන් උන්නා....උන් දෙන්න හින්දයි මම අද මෙහෙම හරි ඔලුව කෙලින් කරන් ඉන්නෙ...උන් දෙන්නත් නැති උනා නම්...??මම මැරුන තැන ගසුත් පැලවිලා...

මම උන්ගෙ පාස්වර්ඩ් එක ගහලා දොර ඇරියා...

ටීවි එක දාලා ඒ උනාට මෙලෝ සද්දයක් ඇහෙන් නෑ .....

නිතේශ් .....

දොර අරිනවත් එක්ක මට ශෙනෝන්ගෙ කටහඩ ඇහුනා...හැබැයි ඒක ඇහුන් නෑ..රහස් කියනකොට හොරෙන් කතා කරනවා වගේ තමා ඇහුනෙ....

සෝෆාවෙන් පහලට අන්ඩක් එල්ලුනා .....පොඩි ගඩාපියා නිදි...

මං සද්දෙ නෑහෙන්න හොරෙක් වගෙ අඩිතියන ගමන් සොෆාවෙන් ගිහින් ඉදගත්තා ...ශෙනෝන්ගෙ උකුල උඩ ගඩාපියා නිදි...ඒකගෙ කකුලක් සෝෆාවෙන් එල්ලෙන කොට මුනයි එක අතකුයි සම්පූරනම තිබුනෙ ශෙනෝන්ගෙ ටීශර්ට් එක අස්සෙ වෙද්දි මම ගානක් නැතිව ටීවි එක දිහා බලන් උන්න ශෙනෝන් දිහා බලනකොට ඌත් මං දිහා බැලුවා...

ආ...මූ ගුටි කාලා අඩලා කුක්කු බීලා දොයි...

ශෙනෝන් කිව්වා ගුටි කාලා කුක්කු බීලා දොයි කියලා....මූ කට හින්දා කනවා. දවසට එක පාරක්වත් ගුටි කාල මුල්ලකට වෙලා ඇඩුවෙ නැත්තම් ඌට උන.....දවසට එක පාරක් ගැහුවෙ නැතිනම් අරූට උන...

ඒ කොහොම උනත් ඩියෝන් උන්න හැටි මම බලන් උන්නා...අරූට ලැජ්ජා හිතුනෙත් නෑ...මොකුත් නෑ..නිදාගන ඉන්න ගඩාපියගෙ රවුම් පොඩි පස්සට හිමින් තට්ටු කර කර ඉදලා ඌව වඩා ගත්තා වගේම අරුත් නින්දෙම්ම කූඩැල්ලා වගේ ශෙනෝන්ගෙ ඇගේ එල්ලිලා පොඩ්ඩක් කෙදිරි ගෑවා...

පොඩ්ඩක් ඉදින් මචන් මං මූව ඇදට විසිකරල එන්නම්.....

ඩියෝන්ව වඩා ගත්තු ශෙනෝන් යන දිහා මං බලන් උන්නා....ඇත්තටම මිනිස්සු නොදන්නව උනාට...තේරුම් නොගත්තට මේ ලෝකෙ කොච්චර නම් ආදර කතා තියනවද බලන් ඉන්න ආස හිතෙන...මට වඩා අවුරුද්දක් බාල ශෙනෝන් ඩියෝන්ව බලාගත්තෙ තාත්තෙක් වගේ....අවුරුදු හයක ගැප් එකක් උනත් මට තේරුන් නෑ අරූ කොහොම මෙහෙම ආදරේ දෙන්න ඉගන ගත්තද කියන්න...මොනවා උනත් ඩියෝන් කියන්නෙ පින් කරපු කොල්ලෙක්...

ඒ අතින් මම මාරම අවසනාවන්තයි.....උන්ට ඇති දේකුත් නෑ..උන් දෙන්නා වෙනුවෙන් මම අරන් දීපු ෆ්ලැට් එක ඇරුනම උන් දෙන්නට ඉතුරු අම්මා තාත්තා ව්තරයි.....නෑදෑ සනුහරේම ඇතෑරියා ..ඩියොන් එකම ළමයා.....එතකොට ශෙනෝන්....ශෙනෝන් කෙසේ වෙතත් ඩියෝන්ගෙ ගෙදරින් මොන තරම් ප්‍රශ්න ආවද උන්ගෙ සහෝදරයො යාලුවො .....උන්ව හැමෝම අතෑරියා...අවසානෙදි සෑහෙන කාලෙකට පස්සෙ තමයි අම්මා තාත්තා ආය කතා කරන්න ගත්තෙ.....

මිනිස්සු මොන දේ කිව්වා උනත්.....ආදරෙ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙවෙ....ආදරේ කරන දෙන්නෙක්ව දෙපැත්තට කරපු වේදනාව මම මේ මොහොත වෙනකනුත් විදවනවා.....

මට හෙන වැදුනා උනත් ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා....මං ඉල්ලන්නෙ එච්චරයි ..

වරෙන් බන්....

යන කොට ටීශර්ට් එක ඇදන් උන්න ශෙනෝන් ආවෙ ටීශර්ට් එකක් නැතිව උගෙ සුදු පාට පපුවෙ පැත්තක ලේන් දත් පාරක් තිබ්බා.....

අරූ මගෙ ටීශර්ට් එකේ හොටුයි කෙලයි නාවලා....නරකාදියා ...දුන්නා එකක් පස්ස පැලෙන්න....කියවනවා කියවනවා ඉවරයක් නෑ මුරන්ඩු කම ඕකගෙ. මම එකක් කිව්වොත් ඌ දහයක් කියනවා ඇයි බන් පාරෙ යන්න බෑනෙ දකින දකින උන්ව ජෝඩු කරනවනෙ...නරකාදියා හුරතලේ ඒකගෙ....පව් පොඩි එකා මගෙ

මං අතහෝදන අතර තුර ශෙනෝන් හුස්මක් නොගෙන උගෙ ගඩාපි පැටියගෙ හපන් කම් කියන කොට මං අහන් උන්නා.... ඌ කොච්චර බැන්නා උනත් ඒ හැම වචනයක් ගානෙම තිබුනෙ උතුරන ආදරේ කියන එක මට දැනුනා...ඇත්ත ආදරේ කියන දේ කටින් කියනවට වඩා හිතට දැනෙන්නයි ඕනේ...

මේ බලපිය මූ කාලා තියන හැටි තමා..ගහලා මදි ඕකට..

රෑට කන්න ගෙනත් තිබුනෙ ආප්ප. ගඩාපියා උගෙ ආප්පවල වටේ ඔක්කොම කාලා මැද ටික ඉතුරු කරල ගිහින් තිබ්බා...

මගෙ පිගානට වැටුන ආප්ප එකේ මැදට මම උම්මලකඩ දාලා අඹරපු ලුනුමිරිස් දාන් පොඩි කෑල්ලක් කටේ දාගත්තා ....

මගෙ ජීවිතේට මම කවදාවත් කඩේකින් ආප්පයක් කඩචෝරුවක් කාලා තිබුන් නැති මට කඩේ ආප්පෙක රස ඉගැන්නුවෙ උන් දෙන්නා.....සයිවර් කඩේක පරාටෙක රස ඉගැන්නුවෙ උන් දෙන්නා.....

පොඩි කාලේ ඉදන් අම්මෙ අරක අරන් දෙන්නකො....අම්මෙ මේක අරන් දෙන්නකො කියනකොට කවදාවත් පාරෙ යන මනුස්සයෙක්ගෙන් අච්චරු මුලක් අරගන්න වත් අපෙ මිනිස්සුන්ගෙ ඔලුව නැමුනෙ නැති කොට මම මහ නීරස ජීවිතයක් ගෙව්වා.....

උඹ හෙට කීයටද යන්නෙ බන්...

පහට... ....කට දනවා.....

දැවිල්ල කාලා පුරුදු නැති මට නාස් කුහරවලින් හොටු දියර එනකොට මම වතුර ජෝගුවක් විතර බිව්වා..වගේම හොටු පෙරන් ආප්ප ගිලින මං දිහා ශෙනෝන් බලන් උන්නා...

උඹ මහ පව් බන්...උඹට මේ ලෝකෙ දෙයක් උන් දීලා නෑ..දීලා තියෙන්නෙ එකම දේ උන්ගෙ මහ ලොකු වලව්කාර කම විතරක් රකින්න කියන එක විතරයි...මොල්ලිගොඩ හාමු...අනේ....ඉතින් හාමුගෙ පක තමයි කටට එන කුනුහර්ප කියන්න ගියොත් උඹත් බඩ වෙලා නවතින්නෙ.....

උන් උඹව අමු පොන්නයෙක් කරලා නිතේශ් ..මම නේ බනින්නෙ තරහට නෙවෙ හිතේ වේදනාවට ...ආසාවට බස් එකක යවලා නෑ....යන්න දීලා නෑ පාරෙ අයිනෙ කඩේකින් කඩල ඇටයක දෙයක් අරන් දීලා නෑ ඔක්කොම වලව්වෙ කුසියෙ තැම්බෙන බිජ්ජවල් තමා ගිල්ලලා තියෙන්නෙ...

උඹට එක අතකට තාම හිත හදාගන්න බැරිව අඩන එක අහන්න දෙයක් නෙවෙ මොකුත් ඕන් නෑ...සුදූවයි පොඩීවයි බලපන්....උන් දෙන්නට උන ටික වෙන එකියෙක්ට උනා නම් උන් මේ වෙනකොට පැනලා ගිහින් පවුලුත් කනවා....උන් උඹලගෙ පිට කොන්ද ඉපදෙනකොටම ගලවලා....

උඹ මෙතන මොන ඩෙගාව නැටුවත් සීයා තාත්තා ගාව සැලැන්ඩර්. ...මොකටද බන්..අනික උඹලගෙ ඔය ලොකු අම්මලාගෙ නැන්දලාලගෙ මිනිස්සු මොක්කුද කියපන්කො...උනුත් නටන්නෙ නාකි හාමුවගෙ පදේට....එතනින් එකයි හොද...උඹලගෙ අප්පච්චි විතරයි ඒ මනුස්සයාට දෙයියො මොලේ දීලා තියනවා අර පඩංගු හැත්තට දීලා නෑ.....

නිතේශයා මං අද කිව්වා කියලා හිතා ගනින් ඔය ඔක්කොම ඉන්නෙ ඔය වලව්වට ඇස් ගහගන....

වලව්ව...මගෙ නමට බන්....

අනේ...වාසනාවන්....උඹට නම් තියෙන්නෙ ගහපිය ඉස්සරහින් බෝර්ඩ් එකක් මොල්ලිගොඩ කටු ගෙදර කියලා...එහෙම කරල අර නාකි පාපිසි දෙකට පුලුන් පුරවල ඉස්සරහින් තියපන් එන උන්ට වැදගන යන්න කියලා....

මට කන එක ආප්ප කෑල්ලක්වත් දිරෙව්වෙ නැද්ද කොහෙද ...ශෙනෝන් අනක් ගුනක් නැතිව බනිනවා බනිනවා ඉවරයක් නැති වෙනකොට මම සද්ද නොකර අහන් උන්නා....මට කියන්න බෑ ශෙනෝන් කටවහපන් කියලා කියන්නෙ කොහොමද දෙයියනේ ඌ කියන්නෙ අමූලික ඇත්තනේ....

ඒ වලින් වැඩක් නෑ.....මේ අහපන්

ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

කටදනවට කන්න දෙයක් නැති කමට මම ෆ්‍රිජ් එක් පීරුවා.....අයිස් ක්‍රීම්.....

ඔය මාලු එකක් බන්...

අයිස්ක්‍රීම් පෙට්ටියෙ දාලා තියෙන්නෙ....?

පෙට්ටියක් නැති හින්දා

ෆීසර් එකේ තිබුන elephant house ටබ් එක එක්ක හැන්දක් අරගත්තු මට මගෙ හීන ලෝකෙ දියවෙලා යනව වගේ දැනුනා....මොක ඒක අයිස්ක්‍රීම් නෙවෙලු මාලු එකක්ලු....කන්න කිසිම දෙයක් නැති තැන මම නෙස්ටමෝල්ට් හැන්දක් කටේ ඔබන් ආයම ඉදගත්තා ...උන්ටත් බඩු නෑ මටත් නෑ...යන්න කලින් කීයක් හරි දීලා යනවා ගෙවල් දෙකටම බඩු ගෙනත් දාන්න කියලා ...

නිතේශ් ....

ම්ම්ම්

උඹ දැන් හැමදාම ඔහොම ඉන්නද කල්පනාව ...

ඔහොම කිව්වෙ

ඔහොම කිව්වෙ හැමදම ගෑනි මැරුන එකා වගේ අඩ අඩ නහින්නද යන්නෙ...වෙච්ච දේවල් උනා මං කියන්නෙ දැන් උඹ කාට හරි ආදරේ කරන්න හිත හදා ගනින් බන්..... ...

........

උඹට විතේන් ගැන මොනවද හිතෙන්නෙ....

එහෙම ලොකු දෙයක් නෑ....මොනවා උනත් කොල්ලා හෙන පව් ...අවංකවම ඌ පව් බන්....මං දන්නෙ නෑ ඇයි දෙවියො මේ මින්ස්සුනටම මෙහෙම කරන්නෙ බන්...පව්....

මං උඹෙන් ඇහුවෙ පව් පින් කතාවක් නෙවෙ නිතේශ්..අනික උඹ අනුකම්පා කරන්න ඌ අබ්බගාත අම්මා තාත්තා නැති අන්ද ගොලු බීරෙක් නෙවෙනෙ....නේ....මං අහන්නෙ උඹට ඌ ගැන දැනෙන හැගීම.....

විශේශයක් නෑ...මට මොනවා දැනෙන්නද...

මං හිතන්නෙ ..විතේන් උඹට ආදරෙයි...

..ශෙනෝන් උඹ....

කියන්න කලින් පනින්නෙ නැතුව ඉදපන් නිතේශ් ...හැමදාම ලින් ගෙම්බා වගේ අත්තම්මගෙ මගුල් වලට යට වෙලා නොයිද ඇස් ඇරලා ලෝකෙ දිහා බලපන්.....උන් ගැට ගහලා තියන අතපය හතර ලෙහා ගනින්....මම කිව්වෙ ඌ උඹට ආදරෙයි කියලා මිසක් කැමතී කියලා නෙවෙනෙ..නේ...මං හිතන්නෙ එහෙමයි...මට දැනෙන්නෙ එහෙමයි...

උඹලට මනස්ගාත ශෙනෝන්....උඹලට පිස්සු ...ඒ කොල්ලා තවම අර උගෙ නැති උන එකා මත්තෙ නැහෙනවා...ඒ අස්සෙ තොපි දෙන්නා මගුලක් කියවනවා.....

ඔව්...ඌ නැහිලා නැහිලා හරි ඌව අමතක කරයි...තෝ වගේ හැමදාම ලිද අස්සෙ ඉන්නෙ නැතිව....නිතේශ් පොඩ්ඩක් තේරුම් ගනින්.....අපි ජීවත්වෙන්නෙ අර රාජසිංහගෙ කාලෙ නෙවෙනෙ...අමුඩෙ ඇදන් මඩ නාන් හාමුවා එනකොට වලව්වෙ හාමුදුරුවනේ ගාලා බිම දිගාවෙන කාලෙ නෙවෙ නිතේශ් ...

මන් දන්නවා ශෙනෝන් මං දන්නවා....එහෙම කියල මට කියන්නෙ විතේන් එක්ක යාලුවෙන්නද...මං ගේ නෙවෙ..මං ගේ එකෙක් නෙවෙ....

ගේ නෙවෙනම් බයි හරි වෙයන්...මොකද අපිට උඹ ඔය විරෝ විරෝ ඉන්නව බලන්න බෑ...කොහෙවත් යන සෙනාරියෙක් හින්දා අඩනවා ඉවරයක් නෑ..යකො ආදරේ කරනවා නැති වෙනවා ඒක හරි....එහෙම කියලා .....උඹට යන කලදසාව මොකක්ද...ඒකි යන්න ගියා..තව ටික කාලෙකින් බඩක් උස්සගනි....උඹ...උඹ හැමදාම අඩ අඩ ඉදපන්....

ශෙනෝන් ...දැන් ඇති නවත්තපන්..නැවත්තපන්..මගෙ ඔලුව පැලෙන්න වගේ...

පැලෙන්නෙ නැතිව තියෙයිද කොයි වෙලෙත් අඩන කොට...

හරි...මං මං මගෙ ගැන බලාගන්නම්....මට ඔය විතේන් ගැන නොකියා ඉදින් මම උඹලා වගේ නෙවේ...

ඇයි උඹට මට වඩා ඇටයක් වැඩියෙන් තියනවද ....අනේ නිතේශ් මේ.....වදුරු බන නොකියා ඉදින් බන්...ආදරේ ඇතිවෙන්නෙ හිතවල මිසක් ඔය ජාති පාට වර්ග එක්ක නෙවෙ.....

දෙයියන්ගෙ නාමෙන් කට වහන් ඉදපන් ශෙනෝන් ..මට මේ කෙලවුන තරම ඇති....උන් ඔක්කොම එකතුවෙලා මාව කෑවා..යකො..තොපි එකෙක් දන්නවද මගෙ වේදනාව...මට තොපි වගේ ආසාවට මනුස්සයෙ ගෙදරට ගෙන්න ගන්න බැරි උනාම පපුවට දැනුන වේදනාව දන්නවද ...ඉස්කෝලෙ අනිත් හැම එකාම ඉනටර්වල් එකේදි කට්ටි ගැහිල කනකොට මම හැමදාම කෑම පෙට්ටිය එක්ක මුල්ලක තනි උන එකේ වේදනාව තොපි දන්නවද....

ගහකට ගලකට නගින්න ආසා උනත් කෙල්ලෙක් වගේ ගෙට කරපුවාම කොල්ලො කුරුට්ටො දුවන හැටි ජනෙල් කූරුවල එල්ලීගන බලන් ඉන්නකොට පපුවට දැනුන වේදනාව දන්නවද ..මම අමනුස්සයෙක් නෙවෙ ශෙනෝන් මම අමනුස්සයෙක් නෙවෙ....මට හැගීම් දැනීම් මේ ඔක්කොම තියනවා...හැබැයි තේරුම් ගනින්...උඹ මම හැදුනෙ ලෝක දෙකක...

උඹලා මාව තේරුම් ගන්නෙ නෑ...උඹලා හැමදම මට කියන්නෙ අරක කරපන් මේක කරපන් කියලා ...පොඩි කාලෙ ඉදන් අපි හැදුනෙ හිටු කිවොත් හිටු කියපු තැන මිසක් දුවන තැන නෙවෙ.....අපි කෙරුවෙ උන් කියපු දේ මිසක් අපේ හිත කිව්ව දේ නෙවෙ ශෙනෝන් ...මමත් උඹලා වගේ උනානම්.. මම ඒකිව අරන් ගිහින් ශෙනෝන්.....මමත් උඹලා වගේ උනා නම් ඒකිව එක්ක ගිහින් බැදල ශෙනෝන්.....අපිට පුරුදු අන දුන්නම අහන එක මිසක් අපිට ඕන කරන දේ කරන්න නෙවෙ ....මාව අසරන කරන්න එපා බන්...දෙයියන්ගෙ නාමෙන් කියන්නෙ...මට මේ ජීවිතේම තිත්තයි....

උඹලා වගේ මාත් ආසයි ඔය විදිහට හිනා වෙන්න...සතුටින් ඉන්න...ආදරේ කරන්න ඒත් උඹ කියනවා වගේ ඒ විතේන් එක්ක නෙවෙ බන්..ඌ ජීවත් වෙන්නෙ තවම අදීශ් එක්ක...ඌ තවම හිතන්නෙ අදීශ් එයි කියන එක.....මට කවදාවත් උඹලාව පිලිකුල් නෑ..මොකද...මට අත්තම්මලා වගේ පටුවට හිතන්න බෑ...මං කියන්නෙ මට විතේන් ගැන එහෙම හැගීමක් නෑ....නිකන් බොරුවට තැලිලා ඉන්න කොල්ලව තලන්න එපා ශෙනෝන්...ඌත් පව්...මාත් පව්.....

මං එක හුස්මට කියන්න ඕනා ටික කියලා පපුවට අත තියාගන එහෙම්ම පුටුවට කඩන් වැටුනා....මගෙ හදවත පුපුරන්න වගේ.....කොයි වෙලේ පුපුරයිද කියන්න දන්නෙ නෑ....ඉහලට ගන්න හුස්ම හරියට ඇදගන්න බැරිවෙනකොට මම කට ඇරන් හුස්ම අල්ලන්න ගත්තා ....මට හතිය පපුවෙ මහන්සිය.... සැරින් සැරේ අල්ලන පපුවෙ කැක්කුම එක්ක මම හුස්ම අල්ලන්න ගත්තා ...මට මං ගැනම දැනුන අනුකම්පාව වචන වලින් කියන්න බැරි වෙනකොට දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගෙ මම හුස්ම ඇල්ලුවා ...

ඉදා මේක උරවපන්.....

මගෙ පපුව වගේම පිට අත ගාපු ශෙනොන් මගෙ කටට ඉන්හේලර් එක ගහනකොට මම හෙමින් හෙමින් හුස්ම අල්ලන්න ගත්තා .....

සෑහෙන්න වෙලාවකට පස්සෙ මම නැකිටලා හිට ගත්තා .....

මන් යනවා බන්....

.ම්ම්ම්.....ගියාට කමක් නෑ අරක්කු සිකරට් පැලෙන්නෙ නැතිව නිදාගනින් තේරුනාද ....

හ්හ්..හා....

මම ඇද ඇද වගේ කතා කෙරුවා වගේම ඌ ගාව තිබුන මගෙ බෙහෙත් එකෙන් රෑ වරුව මගෙ අතට මිටිමොලවනකොට මං බිව්වා....හැම වෙලේම නැති උනත් ඉදලා හිටලා හතිය මතුවෙනකොට මම වේදනා වින්දා...බෙහෙත් වේල ගිල්ල ගිලපු මම ආයම වචනයක් නොකියම එන්න ආවා වගෙම ශෙනෝන් මට ආයම කතා කෙරුවා ...

නිතේශ් ....උඹ කවදම හරි මට පින් දෙයි.....ආදරේ තියෙන්නෙ හිත් අස්සෙ මිසක් වෙන කොහෙවත් නෙවෙ...උඹට කවදා හරි අපරාදෙ කියලා හිතෙයි....උඹට කවදා හරි සෙනාරිට කලින් විතේන්ව හම්බුනා නම් හොදයි කියලා හිතෙයි...මොකද ...උඹ පිස්සුවෙන් වගෙ ආදරේ කෙරුවෙ කොහොමද ...ඌත් ඊට අන්තයි.....

......

උඹ හිනාවෙනවා දකින්න අපිත් ආසයි.....උඹම හිතපන්...

හිතන්න දෙයක් නෑ....කියලා කියන්න ඕන උනත් මං කටවහන් එන්න හැරුනා වගේම අපි දෙන්නගෙ කෑ කෝ සද්දෙට ගඩාපියා බයවෙලා ඇහැරිලා තිබ්බා...

ශෙ..නෝ....න්...ඇ...යි..කෑ..ගහ...න්නෙ...

මොකුත් නෑ චූටි මැනික...එන්න දොයි කරන්නම්...

මන් එන්න ආවා...හිතේ වේදනාව එක්ක.....වෙනදා වගේම බැල්කනියෙ ඉදගත්තු මම ඔහේ උන්නා.....හතිය දෙපිටින් යමන් කියලා අවුලගත්තු ඩන්හිල් එක ඇගිලි අස්සෙ හිර වෙනකොට තවමත් ලයිට් ඇවිලෙන එයාගෙ අපාර්මන්ට් එක දිහා මං බලන් උන්නා.....

මට තේරෙන්නෙ නෑ විතේන් ....උඹගෙ හිතේ හිතේ තියෙන්නෙ මොනවද කියන්න....ඒ උනත් මගෙ තුන් හිතකවත් එහෙම දෙයක් නෑ විතේන් ...

මම ඔහේ මගෙ ඔලුව ගහන් උන්නා වගේම එයාගෙ ගෙදර මෙච්චර වෙලාම ඇවිලුන ලයිට් නිවිලා ගියා.....

උඹම උගෙ මතකෙන් විදවනවා නම් තව මොනවද විතේන් ...

ඇගිලි අස්සට හිර උන සිකරට් එක උගුරට දෙකට ඇදපු මම අවසානෙදි අන්දකාර වෙච්ච අහස දිහා බලන් ඉදලා ඉදල අදත් බැල්කනියෙ දොර ඇරලා දාලා ඇවිත් ඇදෙ පෙරලුනා....

නිතේශ් ඒයී...

පැය ගානක් එක දිගට එක ඔලුවට වද දෙන මතක එක්ක විදවපු මම යන්තම් ඇස් පියාගන ආයම නැකිටගත්තා.....

තවම ඉරපායන්න හිතලවත් නෑ.....කන ගාවින් ඇහුන ඵෝන් එකෙ රින්ග් වෙන සද්දෙ එක්ක ඇහැරුන මාව ආයම ඩියෝන් ඇහරවනකොට මම ගිහින් සීතල වතුර යට හිට ගත්තා ...තවමත් කලු ගැහුන ඇස් දෙක හැගීම් නැතිව ඔහේ තියන කොට හිස් මුදුන තෙමන් ගිය වතුර බින්දු දුර්වල වෙලා ඇට පෑදීගන එන ශරීර කූඩුවම තෙමුවා....

හවස ගහපු ටෙම්පරි ඩයි එක හේදීගන ගිහින් ආයම කලු කොන්ඩෙ විතරක් ඉතිරි වෙනකොට එයාම අරාබු ගලවපු කන් පෙති පාලුවට ගිහින් තිබුනා වගේම රැවුල් කොට වැවුන මුනට මම මැශින් එක පොඩ්ඩක් අල්ල ගත්තා වගේම නාන්න කලින් ගලවලා පැත්තකට තිබ්බ එයාගෙ කරාබුවම මම ආයම දාගත්තා ...

හැමදාම වෙනසක් නැතිව කලු ජගලාත්තු පොරවපු මම අදත් වෙනසක් නැතිව කලු පොරවගන ඇදුම් දෙක තුනක් එක්ක මේකප් ටූල්ස් ටිකයි ෆුල් සූට් එක දාපු කවරෙයි අරන් එලියට එන්න හදනවා එක්කම මගෙ ගෙදර දොර ඇරුනා..

ඒයි...ඔයා යන්නද යන්නෙ.....ගුම් මෝනිම් අයියෝ...

ශෙනෝන්ගෙ ගඩාපියා ....රෑ ගුටිකාලා අඩපු හින්දා ඒකගෙ චූටි ඇස්දෙක තවමත් ඉදිමිලා තිබ්බා ...බබ්බු බබ්බු ඉන්න පිජාමා එකක් එක්ක ඔලුවට දාන් උන්න නත්තල් පප්පා තොප්පිය එක්ක මූ නිදි ඇදෙම්ම නැකිටන් මෙහෙ ඇවිල්ලා.....ඒකට පාන්දර නැකිටින්න බෑ පීනසේ පොඩ්ඩ බැරි වෙනකොට හොටු පෙරන් කිඹුහුම් යවනවා.....

මේ ඔක්කොම අරන් යන්නද ඒයි....

ම්ම්ම්ම්

කෝ බුරුසුව....

ඇතුලෙ.....

සබන්...කෝ රැවුල කපන එක....ම්ම්ම්....මේ තියෙන්නෙ.....මේ ඔයා සූප්පු කර කර යන්න මොකුත් ගත්තෙ නැද්ද ඒයි....මන් ලොලි පොප් ගෙනාවා ගෙනත් දෙන්නද...නැත්තන් ඇඹුල් චුයින්ගම් සෙන්ට සොක්.....ඒත් නැත්තන් බෝලා කඩල.....

මං ට්‍රිප් එකක් නෙවෙ බොල යන්නෙ.....

ඒ උනාට....

මං බලගන මූ මගෙ ඇද උඩ නැගන් බැගේජ් එක ඇර ඇර අඩු පාඩු බලල බල එහා ඔලුව කස කස එබිකම් කරනවා.....

ඔයා කවදද ඒයි එන්නෙ....

අනිද්දා ..

ම්ම්ම්ම්....අනිද්දා .....හුම්...හුම්....

පයිස්සමින් හරිතේ..ඇලවල් දොලවල් වල නාන්න යන්නෙ නෑ....අපෙ විතේන් අයියා ගාවටම වෙලා ඉන්න ඕනා...පපුවෙ කැක්කුම හැදුනොත් ඉක්මනට ඉන්හේලර් එක ගන්න ඕන තේරූනානෙ..

ම්න්....කෝ දැන් මිනිහා

තාම බුජි...එයාට මහන්සි හැදිලා

මන් කට තද කරන් උන්නා ශෙනෝන්ගෙම සෙරෙප්පු දෙකක් ඇදන් උන්න ඩියෝනයා නිට්ටෑවෙක් වගෙ එහා මෙහා යන ගමන් අරක එපා මේක එපා ගගා කියවනකොට මං මට මග ඇරුන ටිකත් හොයලා බැගේජ් එකට දාලා වහනකොට ඒකා මගෙ බ්ලේසර් එක අතට ගත්තා ...

දැන් එනවා කිව්වද...අපි කෝල් එකක් දාලා බලමුද...

කටට නිවනක් නැති ඩියෝන් මගෙ ඵෝන් එක අරන් මොන මොනවදෝ එබුවා වගේම ආයම ඵෝන් එක ගෙනත් මගෙ සාක්කුවට එබුවා..

ඩියෝන්...ඩියෝන්...බබා ..ඔයා මෙහෙද...

ඕ..මේ..ඉන්නවා.....

කොහෙද කොල්ලො යන්නෙ උදෙම්ම...

යන්න ඔන්න මෙන්න තියනකොට ගඩාපියගෙ අයිති කාරයා තනි ඇහෙන් ඌව හොයන් ආවා වගේම මං මගෙ ඩෙබිට් කාර්ඩ් එක ශෙනෝන් අතට තිබ්බා....

මේකෙන් අඩුපාඩු ගනින්....තව සැලොන් එකේ...එකෙ අඩු පාඩු...ලමයිට හවසට කන බිස්කට් නෑනෙ...ඒ ඔක්කොම අරගනින්....

හරි මචන් ...මං ඒවා බලා ගන්නම් පරිස්සමින් ගිහින් වරෙන් .....

මාත් මොනව හරි ගන්නද ඒයි....ඩියෝන් බබත් මොනවා හරි ගන්නම් නේ....

ම්න්...

ශෙනොන්ගෙ අතේ තිබ්බ කාර්ඩ් එක දිහාවට ඇස් දාපු ගඩාපියත් මොනවා හරි ගන්නද කියලා අහනකොට ඔලුව වනපු මම එලියට ආවා වගේම එක අතක උන් දෙන්නා අතෙ මගෙ අනිත් බඩු තිබ්බා...

කහපාට ලයිට් එලි පාර එලිය කරනකොට එහෙන් මෙහෙන් ගියපු අශෝක් ලේලන්ඩ් එකක හෝන් එකක් වගේම උදේ පාන්දර කොහෙ හරියන එකම එක කාක්ක්ගෙ සද්දයක් ...සයිවර් කඩේක දාලා තිබුන බගවත් ගීතාවක් වගේම පැය විසිහතරෙම ඇරලා තිබුන නානගෙ කඩේ ඇතුලේ යන සින්දුව මේ ඔක්කොම අහන් මම එයා එනකන් බලන් උන්නා.....

කොළඹ මිනිස්සු බාගෙට බාහයක් තවමත් නිදි වෙනකොට එයාගෙ අපාර්මන්ට් එකෙ ලයිට් එලියක්වත් තිබුන් නෑ.....

ඩියෝන් මොනවා හරි කිය කිය කන් කෙදිරි ගානකොට මන් බලාගන් ශෙනෝන් ඒකගෙ කුඩික්කි කටට ඇබිත්තන් හාදුවක් තිබ්බා ...

අන්න එනවා...විතේන් අයියා..

තාර පාර පුරාවටම එලිය කරන කහපාට ලයිට් එලි දිහා බලන් ඉදපු මම ඔහේ කල්පනා කරනකොට ඩියෝන් මැරෙන්න හැදුවා වගෙම මං පාර දිහා බැලුවා ...ඌට දැන් අයියලා ගොඩයි

ගුඩ් මෝර්නින් මිස්ටර් නිතේශ් ...

ගුඩ් මෝර්නින් මිස්ටර් විතේන්...

බටු ඇටේ....ගුඩ් මෝර්නින් ..

ගුම් මෝනිම් අයියෝ.....හෑව් අ නයිස් ඩේ.....

ශටර් එක පහත් කරපු විතේන් ඇහෙන නෑහෙන ගානට ගුඩ් මෝර්නින් කියන් ගියා වගේම ශෙනෝන් දිහා බලලා ලාවට ඔලුව හෙල්ලුවා ...

මචන් පරිස්සමින් ගිහින් වරෙන් ...

විතේන් අයියෙ අපෙ මනුස්සයව බලා ගන්න.....ඔය කොල්ලව ඇලවල් වලට එක්කන් යන්න එපා හරිතේ.....තව මේ...ඔය එනගමන් කොහෙන් හරි බෝගන් විලා අත්තක් කපන් එන්න අනෙ...

කාර් එකට නගින්න ගිහිල්ලත් අරූගෙ කියවිල්ල ඉවරයක් නැති වෙනකොට බැරිම තැන ශෙනෝන් ඌව ඇදන් යන්න ගියා....

මෙච්චර වෙලාම අන්දාකාරෙට තිබුන කාර් එක මන් නගින්න යනවා එක්කම එයා ලයිට් එක ඔන් කෙරුවා ..

මිස්ටර් නිතේශ් මේ මල් එකයි කේක් එකයි පොඩ්ඩක් තියා ගන්න..

ඊයෙ රෑ මගෙ කම්මුලට හාදුවක් තිබ්බෙ එයාද කියන්න බැරි තරමට එයාගෙ මූන වෙනස් වෙලා තිබුනා...

සීට් එක උඩ තිබුන ලිලී මල් පොකුර වගේම කේක් එක කකුල් දෙක උඩට ගත්තු මං ඉදගන්න ගමන් එයගෙ මූන දිහා බැලුවා ...

වැවුන රැවුල් කොට මූන පුරාවටම තියනකොට ඒ ඇස් දෙක ගොරකා පාට වෙලා තිබ්බා...හරියටම එයා මුලු රෑම ඇහරන් උන්නා කියන්නද කොහෙද ..

මිස්ටර් නිතේශ්

කියන්න..

ඔයාට කොහොමද දැන්..

මං හොදින්....

කොච්චර

සෑහෙන්න ...

ම්ම්ම්...එහෙනම් කමක් නෑ....මං ඒසි එක ඕෆ් කරන්නම් හතිය තියෙන කොට ඒසි එක හොද නෑ

එයා ආයමත් මගෙන් කොහොමද කියලා අහන ගමන් කාර් එකේ ඒසි ඕෆ් කරලා ශටර් එක ඇරියා ...එයා කොහොමද දන්නෙ මට හතිය තියනවා කියලා අනිවාර්යයෙන්ම ශෙනෝන් කියන්න ඇති....

හිනාව කියන දේ නාමයක් නැති අපි දෙන්නගෙ මූනවල් දෙක ඔහේ තියනකොට AVON COSMETICS කියලා ගහපු ටුවරිසම් කරන ජාතියෙ ඩබල් ඒසි බස් එක අපිව පහු කරන් ගියා වගේම එයා ඒ බස් එක දිහා බලන් උන්නා....

මොකද බස් එකේ සයිඩ් එකක් වැහෙන්නම තිබුනෙ අදීශ්ගෙ එඩිට් එකක් වෙනකොට රැයක් එලිවෙනකම්ම ඇස් ගොරකා පාට කරන්න හේතුව මම හොයා ගත්තා ....

මිස්ටර් නිතේශ්

කියන්න විතේන් ...

සෙමෙට්‍රි එකට පොඩ්ඩක් ගිහින් යමුද...ඒ අය අපිට කලින් ගියාට කමක් නෑ...

ප්‍රශ්නයක් නෑ....

අතේ තිබුන මල් පොකුර කාටද කියන්න මට දැන් තේරුනා....මෙච්චර වෙලාම රැවුල් කොට පිරුන මූනෙ හැගීම් හොය හොය උන්න මට අතේ තිබුන ලිලී මල් වල වේදනාත්මක සුවද දැනෙනකොට එයා රේඩියො එකෙන් ඇහෙන නෑහෙන ගානට සිංදුවක් දැම්මා.....මොකද අපිදෙන්නගෙන් කිසිම කෙනෙක් වචනයක් වත් කතා කෙරුවෙ නෑ...එක්කො..දෙන්නගෙම තියන අහන් කාර කම...නැති නම්...අපි දෙන්නගෙම හැගීම් මැරුන කම.....

වසා යන්නකො හද දොර සෙමින්

මගෙ හැගුම් තව නොරිදමින්

කොහෙ යම්ද මා ඔබගෙ පෙමින්

බැදි උන් ආලෙ නමින්...

නුඹ මිහිදන් කල සෙනෙහේ කදුලැල්

සෝබර ගිම්හානෙ.....

සිත සිහිලැල් කර ගෙනේවි සැනසුම්

ඊලග වස්සානෙ.....

එයා සද්ද නැතිව උන්න වගේම සැරින් සැරේ මා දිහාත් බැලුව වගේම මාත් එයා දිහා බැලුවා උනත් ශෙනෝන් ඊයෙ කියපු කතාව එක්ක මගෙ හිතට මොකක්ද දැනෙනකොට මං කෙරුවෙ පුලුවන් තරම් ඒ ඇස් මග ඇරපු එක වෙනකොට එයා මගෙ අත උඩින් අත තිබ්බා ඊලග තත්පරේදි මං මගෙ අත ඇදලා ගත්තා

බේබි හාමු ඔය තරම් බයද මගෙ මූන දිහා බලන්න

එහෙම නෑ...

ශෙනෝන් මොනවා හරි කිව්වද නිතේශ්

නැ විශේශ දෙයක් කිව්වෙ නෑ ඇයි

මොකුත් නෑ...ඔයාට බඩගිනි නම් අර පිටිපස්සෙ ශීට් එකෙ මයිලො වගයක් ඇති අරන් බොන්න...

තැන්කිව් මිස්ටර් විතේන් ..මට බඩගිනි නෑ...

ඒත් අර බටු ඇටේ නම් කිව්වෙ ඔයා ගෙදරින් ආවෙ ඇල්වතුරවත් නොබී කියලා ....

එයා මගෙ මූන දිහා නොබලම මට මයිලො අරන් බොන්න කිව්වා වගේම ගඩාපියගෙ හපන් කමක් කියනකොට මං ඌ වෙනුවෙන් ධර්ම සංගායනාවක් තියන්න හිතන් ඵෝන් එක සාක්කුවෙන් අතට ගත්තා උනත් ඊලග තත්පරේදි මගෙ ඵෝන් එක මටම ඇතෑරුන ....

අරූ මගෙ ලොක් ස්ක්‍රින් එක වෙනස් කරලා....

ස්ක්‍රීන් එක වැහෙන්න උන්නෙ විතේන් වෙනකොට මං එයා දකින්න කලින් ඵෝන් එක ගන්න නැවුනා උනත් මගෙඔලුවත් වැදුනා වගේම එයා දැක්කත් නොදැක්කා වගෙ ඉදලා මගෙ නලල වැදුන තැන අත ගෑවා.

කල්පනාවෙන් ...

සොරි මිස්ටර් විතේන් මේක අර පොඩි එකාගෙ වැඩක්

මං ඔයාට බැන්නෙ නෑනෙ...

ඒත් ඒක හරි නැහැනෙ නේද...

ඒ ඔයාට නෙ.....

මිස්ටර් විතේන් මං...

බහින්න අපි ආවා

මට එයාට කියන්න ඕන උනා...එයා මං ගැන බලාපොරොත්තු තියන් ඉන්නව නම් ඒක එහෙම එපා කියන්න...මට ඕනා උනා එයාගෙ හිතේ අදහසක් තියනවා නම් ඒක එපා කියන්න ඒත් වෙනද වගේම මේ අහන්කාරයා අදත් කතාව මගින් නවතලා කාර් එකෙන් බහින්න කියනකොට අපි උන්නෙ සෙමෙට්‍රි එක ගාව නිසා මම කට පියා ගත්තා වගේම එයා ඇවිත් මගෙ අතේ තිබුන කේක් එකයි මල් එකයි ඉල්ල ගත්තා ...

නිතේශ් ඔයා කැමති නම් ඉන්න..නැතිනම් එන්න.....

අර අහංකාර මුන ආයම වෙනස් වෙලා තිබුනා...මිනිහෙක්ගෙ සතුටක නැති උනත් දුකේදියි ළඟින් ඉන්නම ඕනෙ වෙනකොට මට ඒ මුන දිහා බලන් මෙතන ඉන්න බැරි උනා....එයා මොකුත් නොකියා අඩ අන්දකාරෙ මිනි කදු මැදින් යනකොට මාත් ඒ පස්සෙම්ම ගියා ....

ශෙනෝන් කියන විදිහට වේදනාව විතේන්ව ගලක් කෙරුව මිසක්...විතේන් කියන්නෙ ඉස්සර පොඩි ගඩාපියට අන්ත චරිතයක්ලු ඒ උනත්... එයා අද ඉන්නෙ එයා කවදාවත් හිනා උනේ නැති ගානට...

ඉර එලිය වැටෙන්න දම්පාට වෙන අහසෙ කාක්කො පියාඹන්න පටන් ගන්නකොට එයා අවසානෙදි එක තැනක නැවතුනා....

අදීශ් ඔකිදු.....

සමාදානයේ සැතපේවා.....

ඒ අකුරු මට එයාගෙ හිතේ වේදනාව දැනෙන්න දෙනකොට මම බලන් උන්නා...කොන්ක්‍රීට් එකක් ගහපු මිනි වල ගාව දන ගහගත්තු එයා අතේ තිබුන මල් එක තියලා කේක් එක අරන් පොඩි ඉටිපන්දමක් ඇවිලුවා .....

මට සමාවෙන්න.....මට...එන්න බැරි උනා....අමතක උනා නෙවෙ.....ඒත්.....තනියෙන් එන්න හිත හදාගන්න බැරි උනා .....ඔයාට කොහොමද පන...මම හොදින්.....හොදින් කිව්වට....ඔයා මාව දකිනවා ඇති....මං පොරොන්දු උනා අඩන් නෑ කියලා .....ඒත් ඔයාට බැරි උනානෙ මට ඔයා නැතිව ජීවත් වෙන හැටි කියලා දෙන්න....

මට ඔයා එක්ක තරහ වෙන්නත් බෑ...ඒත් තරහා නොවීත් බෑ....මං ..අහ්න්නෙ මෙච්චරයි රත්තරන් ...උඹට මාව දාලා යන්න පුලුවන් උනාද ...අවුරුදු ගානක්...ඇගිලි ගැනලා අවසානෙදි ...හැම හිනෙම හැබෑ වෙන්න එක මොහොතක් තියලා නවතින්න තරම් උඹට මහන්සි දැනුනද අයියෙ....

මං ..කේක් එකක් හැදුවා.....ඒත්..මගෙ රස නහර දැන් මැරිලා....මට රසක් ගුනක් දැන් දැනෙන් නෑ...මං අදටත් බලන් ඉන්නවා උඹ ඉස්සර වගේ ආයම එයි කියලා .....මට අයම මමම වෙන්න ඕනා...මට පරන විතේන් ම වෙන්න ඕනා.....

මං අහන් උන්නා....එයා මං ඉන්නව කියන එක අමතක කරලා එයාගෙ පන එක්ක කතා කෙරුවා ...මේවෙනකන් තිබුන අර තද කටහඩ වෙනුවට මෙවෙලෙ තිබ්බෙ වේදනාවෙන් පිරුන කටහඩක් ...එයා බනිනව....ඇයි දාලා ගියෙ අහනව...පොඩි දරුවෙක් වගෙ එකම ප්‍රශ්නෙ ආය ආයම අහනවා...එයා තනියම ඉන්න බයයි කියනවා....නින්දයන්නෙ නෑ කියනවා ...එයාට හුගක් මහන්සි කියනවා.....එයත් එන්නද අහනවා.....වෙලාවකට කෝච්චියට බෙල්ල තියන්න තරම් දුකයි ලු...

මට ඒ වේදනාව දැනෙනකොට ගහක් ගලක් වගෙ උන්නත් ඇතුලතින් ඩියෝන් හා සමාන උන විතේන් ගාවින් මං දන ඔබන් එයාගෙ උරහිසට අත තිබ්බා....

මට...ඔයා නැතුව පාලුයි අදීශ් ...මට උඹව අමතක කරන්න ඕන ...මට ආය ජීවත් වෙන්න ඕන....ඒත් මට දැන් මහන්සී පන....ඇයි මාව දාලා ගියෙ.....අද උඹ උන්නා නම්.....නිතේශ් ගෙ වයස...මාව දාලා යන්න දුක හිතුන් නැතිද.....

ඇයි අදීශ් මට මෙහෙම කෙරුවේ ....මං බලන් ඉන්නවා ....තවමත් ....අදටත් ....

දුකක් ගෙනෙනා මතකෙ රැදුනා

පෙමක් තිබුනා මගෙ නොවෙනා

කලක් ගෙවුනා තනිව හිදිනා

නුඹත් නොඑනා දුරක දැනුනා....

එයාගෙ ඇස්වලින් කදුලු කැට වැටෙනකොට මියැදුන ආදරයක් වෙනුවෙන් තවමත් විදවන එයා එහෙම්ම එයාගෙ බෙල්ලෙ තිබුන අර ලොකට් මාලෙ ගැලෙව්වා ....ඒ විතරක් නෙවෙ ඒකෙ තව රත්තරන් මුදු දෙකක් තිබ්බා...ඒවා කසාද මුදු...

මට මහන්සි පන.....මං බලන් උන්නා....ඒත් උඹ ආවෙ නෑ.....මට තවත් උඹවෙනුවෙන් බලන් ඉන්න බෑ...මට උඹ වෙනුවෙන් මැරෙන්න ත් බෑ....හැබැයි....ජීවිත් වෙන්නත්බෑ...ඒත්...මට දැන් මමම වෙන්න ඕනෙ....මට ආයම මුලට යන්න ඕනෙ....උඹව දැකපු මුල් දවසට ගිහින් උඹව නොදැක්කාවගෙ ගිහින් ආයම ජීව්ත් වෙන්න ඕනෙ....

එයා සෑහෙන වෙලාවක් එයාගෙ දුක කිව්වා අවසානෙදි ඉටිපන්දම නිවිලා ගියා ...කම්මුල් තෙමපු කදුලු කැට සොහොන් කොත තෙමනකොට එයා කේක් එක එක කැපුවා ..

සුභම සුභ උපන්දිනයක් වේවා පන....ආයම කවදා හරි කොතනක හරි හම්බවෙකන්....පරිස්සම් ඉන්න...

එයා කපපු කේක් කෑල්ල අඩ අඩම කටේ දාන් බැරි බැරි ගාතෙ කොන්ක්‍රීට් ගලෙ කොනක් උස්සනකොට මට ඒ අසරනයගෙ වේදනව බලන් ඉන්න බැරි තැන මාත් උදව් උනා වගේම ඇබිත්තන් හිඩැසෙන් අර මාලෙයි...මුදු දෙකයි මේ ඔක්කොම මිනි වලට දාපු එයා සොහොන් කොතෙ තිබුන අදීශ්ගෙ පින්තූරෙට හාදුවක් තියලා සදහටම සමු දිලා එන්නත් හැරුනා ...

මං කාර් එක ගන්නම්...

කමක් නෑ..ඔයාට මහන්සි ...මං කැමති නෑ නිතේශ් එකම දේ ආය අයම මගෙ ඇස් ඉස්සරහා වෙනවට...මට තව දරාගන්න තරම් හයියක් නෑ.....

මෙච්චර වෙලා කුඩ දරුවෙක් වගේ දුක කියපු විතේන් ආයම වෙනස් වෙලා තියනකොට මම සද්ද නැතිව උන්න වගේම එයා මගෙ අතට දීපු මයිලෝ එක හිත රිදවන්න බැරි කමට මම කටේ ගහගන්නකොට එයා ලාවට හිනා උනා.....

දම්පාට අහස ලා නිල් පාට වෙනකොට මහ ලොකුවට යන්න ආවත් යන්නෙ කොහෙද නොදන්න මම එයාගෙන් ඒ ප්‍රශ්නෙ ආයම ඇහුවා වගේම ඊලගට දුන්න උත්තරේ එක්ක මට මයිලෝ එක පිට උගුරෙ ගියා...

මිස්ටර් නිතේශ් අපි මේ කොහෙද යන්නෙ...

පේරා ...පේරාදෙණි.....!!

....??

🙂ආයම.හෙට එන්නම්.....

🙂කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

කොමඩ් එකක්.වෝට් එකක් දාන් යන්න අයියො.....

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters