Cherreads

Chapter 14 - 14

පේරාදෙණි ...එයා කිව්වෙ පේරාදෙණි කියලා ....මගෙ මුලු සර්වාංගෙම සීතල වෙලා ගියා.. පේරාදෙණි ...මට පේරාදෙණි කිව්වම මතක් උනේ එක දෙයයි....සෙනාරිව විතරමයි.....

මගෙ නොවුන මගෙ ආදරේ....ඒත් ....

එකම දේ ආය අය හිත හිත එකම තැනට වැටෙන්න එපා බබා...

මම මගෙ ඔලුව එහෙම්ම ශටර් එකට ගහගන්නකොට එයා මගෙ කකුලට උඩින් අත තියලා මට මොන මොනවද කිව්ව වගේම බබා කිව්වා...මට තවත් මේක කරන්න බෑ...මම කෙලින්ම විතේන් දිහා බැලුවා...

මිස්ටර් විතේන්..මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද ...

කියන්න....personal ද professional ද.....

Personal දෙයක්.....

කියන්නකො අහන් ඉන්නෙ....ශීට් බෙල්ට් එක දාගන්න ඔයා ශීට් බෙල්ට් එක වත් දාගන නෑනෙ...

මේ යකා මහ බක පන්ඩිතයෙක් ...මූ මට වඩා පහක්ම බාල ඒ උනත් මට අණදෙන නිලධාරියා වගේ අරක එපා මේක එපා ගෑවා.....මොනවා උනත් මෙවෙලෙ කියල තියෙන්නෙ වැරදි දෙයක් නොවෙච්ච කොට මම ශීට් බෙල්ට් එක දාන් එයාගෙ පැත්තට හැරුනා...

මිස්ටර් විතේන් .....මෙහෙම කිව්වට සමාවෙන්න....ඔයා හිතයි මට හිතක් පපුවක් නෑ කියලා ...ඒත්...මට මේක කියන්නම ඕනේ.....

ඔයා කියන්න හදනේ මිස්ටර් විතේන් ඔයාගෙ හිතේ මං ගැන අදහසක් තියනවා නම් ඒක දැම්ම අමතක කරන්න ..මම ආවෙ ඔයාගෙ makeup artist ට මිසක් වෙන දේකට නෙවෙ ..මං ඔයා හිතන කෙනෙක් නෙවෙ කියලා නම්...

හරි බබා...ඒත් මම හිතනවා...නිතේශ් මිනිස්සුන්ට හැගීම් දැනීම් ඇති වෙන්නෙ ඔය කියන ජෙන්ඩර් එකට නෙවෙ කියලා.....අපිට ඕනම කෙනෙක්ට ආදරේ කරන්න අයිතිය තියනවා...සහ...උත්සහ කරලා බලන්න නිදහසක් තියනවා...ඔයා ඊලගට කියන්න හදන්නෙ ඔයාගෙ ග්‍රැනීලා අරහෙමයි මෙහෙමයි කියලා නම්...මට එයාලගෙන් වැඩක් නෑ....මට පුලුවන් ඔයාට ආදරේ කරන්න...ඒවගේම උත්සහ කරන්න....ඔයාට මාව එපාම නම්...මම උත්සහ කරන එක නතරකරලා දානවා..එච්චරයි ....

.

මම හුස්ම හිරකරන් මේ කුපාඩි කොල්ලා දිහා බලන් උන්නා...අර යක්ස පැටියා විසිහතර පැයේම විතේන් අයියෙ විතේන් අයියේ ගගා ඉදලා මූට ඔක්කොම කියලා ...කියන්න ඕන දේ කිසිම තැටමිල්ලක් නැතුව කියවලා දාපු එයා ඊලග පාර මා දිහා නොබලාම කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා .....

මිස්ටර් නිතේශ් ...ඔයා මට ආදරේ කරයිද නැද්ද කියන්න මම දන්නෙ නෑ.....

නෑ මිස්ටර් විතේන් ඒක කීයට වත් වෙන්නෙ නෑ 

හැම දේටම දුර තියලා පේන බලන්න එපා සුදු අප්පො...මොකද ....අවසානෙදි බලන හින සැබෑ කරගන්න බැරි උනහම මිනිස්සු ඇතුලතින් මැරෙනවා...හරියටම විතේන් නෙලීශ වගේ. හරියටම නිතේශ් සෙයෝන් වගෙ....අනික...ඔයා හිතනව නම්...මම ඔයාගෙන් අදීශ්ව හොයනවා කියලා ...නෑ බබෝ...අදීශ් කියන්නෙ මගෙ අතීතේ....මගෙ ආදරේ...මම පන වගේ ආදරේ කෙරුවා.... අපි හීන දැක්කා....අවුරුදු ගානක් එක වහල යට උන්නා..හිනා උනා රන්ඩු කෙරුවා...මං එයා එක්ක නිදා ගත්තා ....විදින්න පුලුවන් ආදරේ මම වින්දා ..ඒත්....එයා මේ ලෝකෙ තව දුරටත් නෑ නිතේශ් .....හැබැයි මම ඇඩුවා....මාව වැටුනා...මට ඩිප්‍රෙශන් උපරීමේට ආවා මම අදටත් ටැබ්ලට් අහුරක් බොනවා...නින්ද යන්නෙ නැති දවස් අනන්තයි අප්‍රමානයි ..ඒත් නිතේශ් ....හැමදාම ඇඩුවොත් වෙන්නෙ....එකම තැන ඉන්න...එහෙම නේද ....

හරි...මං ඔයාට ආදරෙයි ....මම කෙලිම්ම ඔයාගෙ මුනටම කියන්නම්...හැබැයි...මම අදීශ් ව ඔයාව පටලවන් නෑ...මට පුලුවන් ඔයාට ආදරෙ කරන්න....උත්සහ කරන්න...ඔයාට පුලුවන් ආදරේ කරන්න වගෙම ප්‍රතික්ශේප කරන්න. ..මට ආය අමුතුවෙන් නැති වෙන්න දෙයක් නෑ බබී....

මට එකම එක වචනයක් කියන්න ඉඩක් නොදුන්න එයා අවසානෙදි සිල්වර් පාට බොක්ස් එකෙන් සිගරට් එකක් අරන් අව්ලගත්තා .....වගේම මා දිහා නිකන් වත් බැලුවෙ නැතිව ඔහේ ඩ්‍රයිව් කෙරුවා

මිස්ටර් විතේන් .....ඔයා කියවලා ඉවර නම් මම පටන් ගන්නද...

Sure ..

ඔයා හිතන් ඉන්නෙ මිනිස්සුන්ට හිතෙන හිතෙන විදිහට හරි ලේසියෙන් ආදරේ කරන්න පුලුවන් දෙයක් කියලා නම්...ඒක විහිලුවක්...අනික...මට ඔයාට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...ඔයා මට පැල් බැදන් ආදරේ දුන්නත්...මම කවදාවත් ඔයාට ආදරේ කරන්නෙ නෑ මිස්ටර් විතේන් ....ඒක කවදාවත් වෙන්නෙ නෑ...

හරි ....ඒක ඔයගෙ කැමැත්ත මිස්ටර් නිතේශ් .....මං බල කරන්නෙ නෑ...මම මගෙ හිතේ තිබුන දේ කිව්වා....මොකද නිතේශ් මට ආයම ජීවත් වෙන්න ඕනා...අලුත් ජීවිතේකට යන්න ඕනා...මම ඇඩුවා දෙඩුවා කියලා කවදාවත් ආයම අදීශ් එන්නෙ නෑ...ඒකයි යතාර්තය...ඔයා බලන් උන්නා කියලා අර සෙනාරිද කව්ද කියන එයා එන්නෙ නැ..ඒකයි යතාර්තය...අනික මේක ඇවිත් මිනිස්සු අලුතෙන් හිතන කාලෙ මිසක් නැමිපනාව ගහන හාමුලාට වදින කාලෙ නෙවෙ බබා.....

ඔය මිනිස්සු තව අවුරුද්දක් දෙකක් ඉදීව් මැරිලා යයි...මිනිස්සු ඉපදෙන්නෙ මැරෙන්න බලාගන නිතේශ් .....ඒ ජීවත් වෙන ටික කාලෙටවත් ඔයා ඔයාම වෙන්න...මං ඔයාට ආදරෙයි ....ඔයාට පුලුවන් ඔයාට මාව දැනුන දාකට ආදරේ කරන්න ..බැරි නම් ඔයාගෙ හිත නවතින තැනක නවතින්න...ඔයා කැමති කාටද ආදරේ කරන්න...මම ආදරේ බලෙන් ගන්න කෙනෙක් නෙවෙ..අනික...මටත් කාවවත් හොයා ගන්න බැරි කෙනෙකුත් නෙවෙ...ඒත් නිතේශ් මිනිස්සුන්ගෙ හිත් නතර වෙන තැන් හරි සීමිතයි...

මූ මහ යකෙක්...මීට කලින් සොහොන ගාවදි උන්න අහිංසකයා නෑ..දැන් මෙතන තනිකරම උන්නෙ යක්ස කොල්ලෙක් වෙනකොට මට ආව ඔලුව කැක්කුම එක්ක මන් දත් මිටි කාගන කට වහන් ඉන්න ගමන් ආහන්නෙ බලන්නෙ නැතිව ඒකගෙම සිගරට් බොක්ස් එකට අත තියනකොට ඌ මගෙ අතට ගැහුවා ....

ඔයාට සිකරට් හොද නෑ නිතේශ් .....ඔයාට මට ආදරේ කරන්න බැරි උනත් ඔයා ඔයාටම ආදරේ කරන්න...මොකද මට විදවන්න පුලුවන් උපරිම සීමාවට මං විදවලා ඉවරයි....ඊට එහා තව බෑ...ඔයා මට ආදරේ කරන්නෙ නැතිව ඇති....ඒත්...මන් ආදරෙ කරන කෙනෙක් වේදනා විදිනකොට මට ඒක වේදනාවක්.....මොකද...මට ඔයාව වටිනවා...මට ආයම පිස්සෙක් වෙන්න බෑ නිතේශ්

හරි මිස්ටර් විතේන් ...ඔයා මට ආදරෙයි කියනවනෙ....මට ආදරේ කරන්න එක හේතුවක් කියන්න....

මිස්ටර් නිතේශ් ....මිනිස්සුන්ට ආදරේ කරන්න හේතුවක් ඕන් නෑ.....හේතුවක් හොය හොය ආදරෙ දෙනවා නම්.....ඒකෙ තේරුමක් නෑ...ඒත්...ඔයාට හේතුවක් ඕනෙම නම්...මම එක හේතුවක් දෙන්නම්.....අදීශ්ගෙන් පස්සෙ මගෙ වේදනාව දැකපු එකම කෙනා ඔයයි නිතේශ් ...මට සැපේදි ඉන්න කෙනාට වඩා මගෙ වේදනවෙදි ඉන්න කෙනා මට දැනෙනවා නිතේශ් ....මට ඔයාව වටිනවා.....සෑහෙන්න....මං ඔයාව අදීශ් එක්ක පටලවගන්නෙ නෑ....එච්චරයි .....මං දන්නවා බබා....මිනිස්සුන්ට එක පාර හිත හදාගන්න අමාරුයි ....ඒත්...නිතේශ් ....අඩන්න අඩන්න අපිව වැටෙන්න ආයම හිටපු තැනටම නේද.....

මං දන්නවා නිතේශ් ...ඔයාට...එයාව එක පාර අමතක කරන්න අමාරු ඇති...මං කියපු දේවල් ඔයාට විහිලුවක් වගෙ ඇති....ඒ උනත්...නිතේශ් ...ඔයාට වඩා වැඩියෙම්ම දුක් වින්දෙ මම...මැරි මැරි ඉපදුනෙ මම.....එහෙම බැලුවම...ඔයාට හිත හදාගන්න හේතුවක් තියනව එයා ජීවත් වෙනවා කියලා ...ඒත් නිතේශ් මට...මට කෝ....මට ඔයාට ආදරේ කරන්න ඕනේ...ඒ වගෙම එයාට සමු දෙන්න ඕනෙ.....

ඔයාට පුලුවන් නම්...මට ආදරෙ දෙන්න.....බැරි නම්...මමම හති වැටුන දාකට නවතින්නම්...සදහටම....

එයා එයාට කියන්න පුලුවන් උපරිමේටම කිව්වා..... එයාගෙ දුක වේදනාව...වගේම මගෙ දුක වේදනාව ගැන පවා එයා කිව්වා....එයාගෙ ඇස්වල තිබුනෙ බලාපොරොත්තුවක් විතරමයි.....ඒ උනත් මම ඒ හැම වචනයක්ම අහන් ඉදලා අහක බලාගත්තා වගේම මං අහගන එයාගෙ ඵෝන් එක රින්ග් වෙනවා...මම නෙවෙ ඒ පැත්ත වත් බැලුවෙ... මගෙඇස් දෙක තිබුනෙම පාරෙන් එහා පැත්තට වෙනකොට මං අහගන එයා ඵෝන් එක ආන්ස්වර් කරනවා...

කියන්න මිස්ටර් අකිල.....ඔව්...හොටෙල් hanthana ....vip දෙකක්...එක ගාව .....

........

අනික අර ලේඩි මොඩල්ලාට වගේම ස්ටාෆ් එකේ ගෑනු ළමයි...උන් ඔය වතුර දැක්කම දුවනවා උන්ට පොඩ්ඩක් කියන්න නටන්නෙ නැතිව ඉන්න කියලා ....

......

ඩිනර් එකට එන්න පුලුවන් ...ඔව්..මගෙ එක්කෙනෙක්....හුම්..හුම්....මොකක් හරි උනොත් ගන්න...මං මග....

ශීට් එකට ඔලුව ගහගත්තු මම පාරෙ යන එන මිනිස්සු දිහා බලන් උන්නා.....සමහරක් මිනිස්සු තමතමන්ග් ලෝකවල යනකොට සමහරක් අය හදිසි කාරයො වගේ දිව්වා...සමහරක් මූනු වල සතුටක් තියන කොට සමහරක් මූනු වල දුක තිබ්බා ..මිනිස්සු ජීවිතේ වින්දා...විදවන ගමන් හරි විදින්න උත්සහ කෙරුවා....අඩ අඩ හරි හිනා වෙන්න බැලුවා...

එයා හරි එයා කියපු කතාව හරියටම හරි....ඒ උනත්...මම කොහොමද එයාට ආදරේ කරන්නෙ.....මිනිස්සුන්ට බලෙන් හැගීම් පන ගස්සවන්න බෑනෙ .....මේ වෙනකන් පිරිමි පරානයක් ගැන හිතේ කිසිම හැගිමක් ඇති නොවුන මම කොහොමද එයා ගැන හිතන්නෙ .....

සමහර වේදනාවල් තියනවා මොන බෙහෙත දැම්මත් සුව නොවෙන....සමහර මිනිස්සු ඉන්නවා අපෙන් ගැලවිලා යනකොට පපුවම වේදනා දෙන....නිතේශ් පන ගැහුවෙ එයා නිසා කියන්න මං ලැජ්ජා වෙන්නෙ නෑ...ඒ උනත් එයා ගියා....හැබැයි මාව මරාගන ...ඉතින්...මේ ආදර කතාවෙන් පස්සෙ හැම දේම නවතීවි.....

අවංකවම මං දැන් ඉන්නෙ වෙදනාවෙන් .....මං දන්නෙ නෑ කියවන ඔයාට කොහොම දැනෙයිද කියලා .....මං ඉන්නෙ පපුව පාරවන වේදනාවෙන් ...

මෙච්චර වෙලාම ඉර පායලා තිබුන අහස ලාවට අන්දකාර වැටීගන ආවා...අවුරුදු මාසෙ පිපුන මල් තවමත් පිපිලා තියනකොට මම ඒ දිහා බලන් උන්නා...මට එහාපැත්තෙන් උන්න එයා ඉවරයක් නැතිවම සිගරට් උරන ගද ඇරෙන්න මෙලෝම දෙයක් ඇහුන් නැති වෙනකොට මම නිදි වගේ ඇස් දෙක පියාගන උන්නා ... මොකද මට මූන දෙන්න බෑ .....straight කෙනෙක් මට කොහොමද ඒ හැගීම් දැනෙන්නෙ ..මගෙ තුන් හිතකවත් පිලිකුලක් නෑ...ඒ උනත්....

එක පාරක් තැලුන මම ආයම කොහොමද තැලෙන්නෙ...

නිතේශ් ....ඔයා නිදිද.... තේශි බබා.....

මගෙ කනක් රතු උනා....නිතේශ් ගගා උන්න එයා එක පාර තේශි බබා ගානකොට මම හොදටම ඇස් පියා ගත්තා වගේම මට දැනුනා එයා මගෙ ඔලුව අත ගානවා....ඒ ඇගිලි තුඩු අස්සෙ වේදනාව තිබුනත් වේදනාව අස්සෙන් සනීපයක් ගෙනාවා....

වහින්න ඔන්න මෙන්න තිබ්බ අහස එකපාරක් ගොරවන කොට ඇරපු ශටර් වලින් ආව දූවිලි සුවද මගෙ නාස් පුඩුවලට දැනෙනකොට මම හොදටම නිදිවගෙ රග පෑවා වගේම එයාට කෝල් එකක් අවා.....

හෙලෝ...කියන්න බබී....

බබී....??අනේ මුගෙ බොරුවනෙ....අමු බොරුව...මීට කලින් මට මැරිගන ආදරෙයි කියපු එකා මට නින්ද ගියා විතරයි ...මුන්ගෙ බොරුව...පටන් ගත්තු තැනම බොරුව....හොර නින්දෙන් උන්න මම අනිත් පැත්තට හැරුනා.....

මග බබී....මොනවද....තව හුගක් දුර යන්න ඕනනෙ...

......

දන්නෙ නෑ ...

මං කන් දෙක දික් කෙරුවා ...ඒත් ඇහුන් නෑ .....මං නින්දෙන් වගේ දැගලුවා ...ඒත් ඇහුන් නෑ.....අවසානෙදි එයා බොරු කරමතේ ගහල උන්න මගෙ ඔලුව අරන් ආයම ශීට් එකට තියලා කතා කරන්න ගත්තා ...

චුට්ටක් ඉන්න බබී මං ඉස්පීකර් දාගන්න...මට තනි අතින් ඩ්‍ර්යිව් කරන්න අමාරුයි ....

අන්න ඔව්...දාපන් බලන්න මොකාද උඹගෙ ඔය ලන්තෑරුම කියලා බලන්න.....

මං හිත යටින් මිමිනුවා..

එයා ඵෝන් එක තියලා ස්පීකර් ඔන් කරා...

දැන් හරි...කියන්නකො....

අපේ මනුස්සයා බුජිද විතෙන් අයියේ ....

ම්ම්ම්ම්ම්....ඔව්....

අයියෝ.....මේ අනෙ...ඔයා අපේ කොල්ලව ගස් ගල් ගානෙ අරන් යන්න එපා ඒයි ඒකට පීනන්න දන්නෙ නෑනෙ...මොල්ලිගොඩ මැනිකෙලා...අර නාකි පාපිස්ස අපේ මනුස්සයට හරියට වද දීලා ඉන්නෙ.....

හා...මං අරන් යන් නෑ...

ඊ විතරක් ශෙනෝන්ගෙ ගඩාපියානෙ...මූට වැඩ නැද්ද අම්මපා.....මහ කුඩික්කියක් මූට මොන නෑ කමක්ද මේ....

මාව රුපියල් දහ දාහකට විකුනලා....ලැජ්ජා නැති පොඩි ඇටයා...මං නින්දෙන් වගේ ආයම චුට්ටක් හෙළ උනා....

චූටි මැනික...චුට්ටක් හෙමින් කතා කරනවද....ඔයාලගෙ සර්ට හොදටම නින්ද ගිහින්.....

හී....ඇත්තටත.. ...හොදටම දොයිත.. පව් අප්පා....මේ අනේ.....අහන්නකො ඒයි...

ම්ම්ම්ම්ම් කියන්නකො.....

අපේ මනුස්සයව හොදට බලා ගන්න ඒයි හොදද...පව් අප්පා....කොල්ලගෙ හිත අර නාකි අම්මන්ඩියි අර ගෑනු සතයි කෑවනෙ....ගෑනු නම් ඕනෙත් නෑ....

ඒකනේ...නේද...

චූටි මැනික....??? ඒ ඇයි....නෑ ඉතින් චූටි මැනික කියන්නෙ මොකටද මම වත් ඕකට එහෙක කියන්නෙ නෑනේ නම කිව්වා නම් ඉවරනේ...ඩියෝන්...ඩි..යෝ...න්... ඕක ඔච්චර අමාරු නෑනෙ...නේ...

මම හිතින් බැන බැන අහන් උන්නා වගේම මට තේරුනා ලාවට වගේ වැහිපොද යනවා...ලයින් එකේ ඉන්න ගඩාපියා මොනවදෝ චක බක ගගා කියවනකොට එයා හිනා වෙනවා මම හොරෙක්වගේ බලන් උන්නා....අරූගෙ සිරික්කිය .....

විතේන් අයියේ.. .

ඔව්...කියන්නකො...

මට පොරොන්දු වෙන්න....

මොනවද බබී....

මට පොරොන්දු වෙන්න...අපේ නිතේස් ව ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා ....අර ගෑනු සතා වගේ දුකක් දෙන්නෙ නෑ කියලා...මට නම් සෙනෝන් ඉන්නවා...ඒ උනාට....එයාට....එයාට කවුරුත් නෑනෙ...අපි විතරක් නෙවෙනෙ...එයත් සතුටින් ඉන්න ඕනා...ඔයත් සතුටින් ඉන්න ඕනා.....මටයි සෙනෝන්ටයි ඔය දෙන්නම එකයි.....ඉන්න හිටින්න තැනක් නැති වෙලාවෙදි අපිට පිහිට උනේ එයා.....කන්න බොන්න නැතිව ඉද්දි තාත්තෙක් වගේ හැම දෙම දුන්නෙ එයා.....එහෙම කරලා අද අපි සතුටින් ඉන්නකොට ..එයා දුක් වෙනද්දි අපිට වේදනයිනෙ....

මට තේරෙනවා බබී....

එයා කවදාවත් සතුට විදපු කෙනෙක් නෙවෙ විතෙන් අයියෙ....එයා කවදාවත් ජීවිතේ විදපු කෙනෙක් නෙවෙ.. පුලුවන් නම්...එයාට වලව්වෙන් එහා...සෙනාරිගෙන් එහා ලෝකයක් පෙන්නන....කොච්චර නපුරු උනත්....නිතේශ් ගෙ හිත ගැන දන්නෙ අපි...

මං පොරොන්දු වෙන්නම්...එයාට පුලුවන් නම්...මගෙ ගාවට එන්න.....මං කවදාවත් අඩුවක් කරනෙ නෑ ඩියෝන් ...ඒ උනත්...මම බල කරන්නෙ නෑ...මොකද....කිසිම මිනිහෙක්ට එක පාර ගෙවලා ඉවර කරන්න බැරි වේදනාවන් තියනවා.....අපි එයාට කල් දෙමු.....ඒත්...මම පොරොන්දු වෙනවා....මම එයාව සතුටින් තියනවා කියලා ...ඒක ඔයාට දෙන පොරොන්දුවක් නෙවෙ ඒක මටම වෙන පොරොන්දුවක්...

පොරොන්දු වෙන්නම් සන්සාරෙ දුකක් නම් නොදී.....

පරිස්සම් කරන් ඔබව මන් එක්කන් යමී.....

මේ හිරිහැර ලොකෙන් පිටවී

අපි අපිටම පමනක් අයිති

නැවතුමකදි කොහෙ හෝ හමුවී

විදගමු මේ ආදරේ....

මං එයාලා කියන වචනයක් පාසාම අහන් උන්නා.....මුලින් මුලින් ඩියෝන් ගාව තිබුනෙ තනිකරම හුරතල් මෝඩ කතා උනත් උගෙ කතා අස්සෙ ඌ මං ගැන මට උගෙ හිතේ තියන තැන ගැන ඌ වචන කරනකොට වලව්වෙ ලමා තැනී නොදකින ගති ගුන අඩු කුලෙ පර හැත්ත ගාව මම තියනවා දැක්කා...මම ගේ නෙවෙ....ඒ උනත් මට උන්ගෙ ආදරෙ පපුවටම දැනුනා.....අකමැති උනත් විතේන්ගෙ හැගීම් මට දැනුනා....

මම ඔහේ උන්නා...මොකද මට ලැජ්ජා හිතුනා...මම රගපෑමක් කරන්නෙ කියන එක දන්නෙ මගෙ හිත උනත් මම බොරුවට දගලන වාරයක් ගානෙම එයා මාව අල්ල ගත්තා..සමහරක් වෙලාවට හිමින් තට්ටු කෙරුවා..කටර් එකක් වගේ කියවන ඩියෝන්ට හිමින් කතා කරනන්න මම නිදි කිව්වා...

මං එයාට ආදරේ නෑ...ඒ උනත්...මම මේ කරන්නෙ ඒ මනුස්සයගෙ අවංක හැගීම්.එක්ක සෙල්ලම් කරන එක කියන එක මතක් වෙනකොට මගෙ පපුව වේදනා දෙන්න ගත්තා .....

හුම්...හා.....මේ ඒයි....බඩ්ඩක් අහන්නද....

ඩියෝන් මොන මොනවදෝ කියවලා කියවලා අවසානෙදි බඩ්ඩක් අහන්නද කියලා අහනකොට මං දැක්කා එයා හූමිටි තියන ගමන් හිනා උනා....

උඹ පව් විතේන්...උඹ යන්නෙ තනිකරම මිරිගුවක් පස්සෙ විතරමයි...කට හද හද උන්න ගඩාපියා හොර ගල් අහුල අහුල තටමන හැටි මන් අහන් උන්නා.....

දැන් ඔය දෙන්නගෙන් ටොප් කව්ත බොටම් කව්ත අයියෝ...අපේ නම් ටොප් සෙනෝන්....ඩියෝන් බබා බොටම් නේ....

හොරට නිදාගන උන්න මට මේ පාර අවංකෙටම ඔලුව පුලුරන්න ආවා වගේම මගෙ කන් දෙක අගුරු කෝච්චියක් හා සමාන උනා .....මේ යක්ස කොල්ලා අහන්නෙම කුනු හර්ප....අනික මං බොටම් වෙන්න.....

ලැජ්ජාව කකුල් දිගෙ පෙරෙනකොට මං එයාගෙ උත්තරෙ අහන් උන්නා....

මං හිතන්නෙ අපි ඔයාගෙ නිතේශ්ව ටොප් කරමු නේද ...

ඒකනෙ ඔයා එන්න මගෙ පැත්තට ...ඔය ටොපාලා හෙන නීරසයි....

මං යටි තොල හපාගන ඉවසන් අහන් උන්නා වගේම අවසානෙදි එයා මොන මොනවද කියලා කෝල් එක කට් කරලා දැම්මා.....

ගෙන්දගම් පොලව පහු කරන් පැය ගානක් එනකනුත් එයා තනියම සිගරට් පැලෙනකොට මං කෙරුවෙ හොරට නිදා ගත්තු එක සෙංකඩගල ගල අහසට කිට්ටුවෙනකොට මන්දරම එන්න එන්න වැඩි උනා වගේම ඇරලා තිබුන ශටර් වලින් වැහි සීතල එනකොට වහින එක මට දැනුනා .....

බිංදුවෙන් බිංදුව වැස්ස වහින්න ගන්නකොට එයා වයිපර් ඔන් කරලා ශටර් වහල දැම්මා....උදේ පායපු ඉර කලු වලාකුලු ගිල ගන්නකොට මෙච්චර වෙලා පාරේ එහා මෙහා ගිය මිනිස්සු කුඩ ඉහලගන ඉක්මන් ගමනින්.අඩිගහන්න ගත්තා ..සමහරුන්ගෙ කුඩ අස්සෙ වැසේසෙත් ආදරේ පිරිලා තිබුනා....

වැස්ස කියන්නෙම ආදරේ කරන හිත් වලට තවත් ආදරෙන් බැදෙන්න දෙවියොම මවපු දෙයක් වෙනකොට මං වැස්ස දුහා බලන් උන්නාන්. 

තනියමවත් යන්නට මදි

කුඩ යටින් ඔබේ ළඟින්

නොතමි තෙමි තෙමි සතුටින්

යන්නට තිබුනා...

යන්නට තිබුනා...

යන්නට තිබුනා...

මෙච්චර වෙලාම ලාවට වැටුන පොද එන්න එන්න තද වෙද්දි බක්මහෙ අමෝරා වැහි වහින්න ගත්තා ....එයාගෙ ඇස්දෙක පාර පුරාවටම යනකොට නොහිතපු වෙලේක මගෙ බඩෙන් බඩගින්නට ආව සද්දෙත් එක්ක එයා නොදැක්ක උනාට මම ඒ මූන අමුතු වෙනවා දැක්කා වගේම එයා මේ වැස්සෙම පාර දෙපැත්තෙ තියන කඩ පේලියක් හොයනවා කියන එක වතුර බිංදු වහගත්තු ශටර් එක මැදින් එබිකම් කර කර බලනව දැක්කම මට හිතුනා ..... ඒත්මට එයාව තෙම තෙම යවන්න බෑ...ආදරේ නැති උනත් මනුස්සකම වෙනුවෙන්....එයයි මායි දෙන්නම ඉන්නෙ එකම බෝට්ටුවෙ වෙනකොට තැලුන හිතක අවසානම නැවතුම හුස්ම අතාරින එක වෙනකොට මට එයාව මං වෙනුවෙන් මහන්සි කරවන්න බැරි කමට මම ඇස් ඇරියා...මොකද්.මට තව රගපාන්න බෑ අමාරුයි

විතේන් ....

ම්ම්ම්ම්ම්

ඔයා මොනවා හරි හොයනවද...

ම්ම්ම්ම්ම්

මොනවද....

ඔයා ඉන්නෙ බඩගින්නෙ නේද....බඩගින්නෙ ඉදලා ගෑස් වැඩි උනහම පපුවට ගහනවා....

මට බඩගිනි නැහැ විතේන්.....

එ උනත් මට ඔයාව බඩගින්නෙ තියන්න බෑ

ඒ වගේම මට ඔයාව වැස්සෙ යවන්න බෑ....

එයාගෙ වචන මගෙ වචන එක්ක අපේ ඇස් වැස්සට සමානත්රව එකට පැටලෙනකොට එයා හිනා උනා....හැබැයි...ඒ හිනාව අස්සෙ තිබුනෙ මැරුන හීන පන ගස්සවන්න කියන ඉල්ලීමක බලාපොරොත්තු වෙනකොට මම හරි අමරුවෙන් ඒ ඇස් මග ඇරියා වගේම එයා ඉස්සරහා බලාගත්තා ...

ආදරේ කරන අයට ගුලිවෙන්න...තුරුල් වෙන්න වැස්ස ආදරනීය වෙනකොට එදා වේල හම්බ කරගන්න දෛවය එක්ක පොරබදින මිනිස්සුනට වැස්ස කියන්නෙ කරදරයක් වෙනකොට එකම අහස යට ඉරනම් ගොඩක් තිබුන මිනිස්සු සෙංකඩගල අහස යට එහා මෙහා දුවන කොට අපි දෙන්නා නිහඩවම මුනි වත රැක්කා....

තේශි බබා...

ම්ම්ම්....

මෙච්චර වෙලාම සද්ද නැතිව උන්න එයා මට තේශිබබා කියනකොට වැස්ස එක්කම සිහියත් දියවෙලා තිබුන මම ම්ම්ම් ගාන ගමන් හූමිටි තියන කොට එයාගෙ මූනෙ හිනාවක් ඇදෙද්දි මම අහක බලා ගත්තා .....වගේම එයා ලොකු හුස්මක් ගන්න සද්දෙ ඇහුනා....

අවසානය කුමක් වුවත් නුඹ හමුවීමම ප්‍රේමයක්.....

එතනින් තත්පර ගානකට පස්සෙ ඵෝන් එක අතට ගත්තු මම දැක්කෙ එයා මේ දැන් ටිකකට කලින් අප්ඩේට් කරපු ඵොටෝ එකෙක් වෙනකොට උඩ තිබුන වචන එක්ක මගෙ හිතම හෙල්ලුනා වගේම මං එයා දිහා බැලුවා ....

දවසක මාවත් එක්කන් වැව රවුමට එන්න පුලුවන්ද ...

එයාගෙ ඇහෙන නෑහෙන කටහඩ එක්ක එයා මගෙන් ඉල්ලිමක් කරනකොට මං ඔලුව විතරක් වනලා වැහැපු වැස්සට සීතල උන ශටර් එකට මගෙ කම්මුල තියා ගත්තා ....

මෙච්චර වෙලාම අඩපු අහස අවසානෙදි කදුලු නවත්තන කොට පාර දෙපැත්තෙ තිබුන පුංචි පුංචි රොටී කඩවල තිබුන පැට්‍රොල් මැක්ස් එක වගේම සමහඑඅ කඩවල තිබුන කනා මැදිර් ලයිට් එලිය දිහා මන් බලන් උන්නා....ඔව්වල පුච්චන් රොටි හරි රසලු...ඩියෝන් තමා කිව්වෙ....මොකද මගෙ ජීවිතේට මම ඔය වගේ කඩේකින් කාලා නෑ...

බහින්න....

මෙච්චර වෙලාම සද්ද නැතිව උන්න එයා අවසානෙදි මගෙ කල්පනාව බිදින ගමන් බහින්න කිව්ව වගේම මං බැස්සා...කාර් එක නවත්තලා තියෙන්නෙ රොටි කඩයක් ඉස්සරහ වෙනකොට කබලෙ පිච්චෙන රොටී සුවද නාස් පුඩුවලට දැනුනා...

තෙත් උන පාරත්...වංගුවෙ තිබ්බ පොඩි කඩෙත්...එහා පැත්තෙ තිබුන මහ හෙලත් හිතට අමූතු හැගීමක් ගේනකොට එයා කාට කාට හරි කතා කරකර photo shoot එකක් ගැන කියනකොට මම වංගුවට චුට්ටක් එහා නවත්තලා තිබුන කාර් එක ගාවට වෙලා පිටිපස්සෙන් තිබුන ප්‍රපාතෙ වදින්නත් එක්ක ඵොටෝ එකක් ගන්න දැගලුවා වගේම කන ගාවින් ඇහුන හෝන් සද්දෙ එක්ක ඵොටෝ ගන්න සිහියෙන් උන්න මාව කවුරු හරි අදලා ගත්තා වගේම අපිව පහුකරන් ගියපු ලොකු කන්ටේනර් එක මඩ වරුසාවක් වසස්සගන යනකොට මාව ඇදලා ගත්තු එක්කෙනාව මඩවලින් නෑවුනත් එයා මාව අත් දෙකෙම්ම මුවා කරගත්තා .....

වි...වි...තේ..න්න්....

මඩ නාගන මාව අත් දෙකෙම්ම වහන් උන්නෙ වෙන කවුරුත් නෙවෙ විතේන් ...මඩ වැක්කෙරි වැක්කෙරි මාව අත් දෙකෙම්ම වහන් උන්නෙ විතේන් වෙනකොට මට පලවෙනිම පාරට ඒ ඇස් වල මං වෙනුවෙන් හැංගුන හැගීම් පේන්න ගත්තා ...

ඒ ඇස් වල කලු ඉන්ගිරියාව එහා මෙහා දුවනකොට ආයමත් ලාවට වහින්න ගත්තු පොද වැස්සෙ තෙමි තෙමි මඩ නාගන උනත් එයා මාව තුරුල් කරන් හා සමානව අල්ලන් උන්නා..

එක දවසක අපි

නුපුරුදු සුවදක

හිත හිමිහිට බැදුනා...

අප හමුවුන හිනැහුන මතකය

සසර පුරුදු හැගුනා...

ජන්මෙන් ජන්මේ

ඔබට හද පිදුවා...

මේ භවයෙදි හමුවන පැතුමන්

සිහිනෙකැයි සිතුනා....

තුන් හිතක සීතලේ ගුලිවුන

පෙම් කවක් තියෙනවා කියන්න...

දිවුරන්න ආදරේ නාමෙන්

මා හැරදා නොයන බව

ඔබෙ සුවද දැනුනා...

හද මගේ නිවුනා...

පරිස්සමින් මගෙ නිතේශ් ....

එයා මාව දාලා ගියා...මම තවමත් උන්නෙ ගල් ගැහිලා වෙනකොට පිටිපස්සම මඩවලින් නෑවුන එයා මාව දාලා යන්න ගියා වගේම කාර් එක ගාවට ගිහින් සම්පූරනම ටීශර්ට් එක ගලවලා දානකොට මම දැක්කා එයාගෙ වම් පැත්තෙ උකුල් ඇටේ ගාව ටැටු එකක් තිබුනා...

බඩ පිරේන්න කන්න.....

එතනින් එහා එයා ආයමත් ගොලු උනා...මාත් ගොලු උනා අතට දීපු රොටිය උඩ තිබුන ලුනු මිරිසට දිව පැලෙනකොට එයා ගානක් නැතිව කෑවා වගේම මගෙ ජීවිතේ පලවෙනි පාරට කාපු රසම රොටිය මේක උනා.....

ලුනුමිරිස් වල සැර එක්ක කදුලු පුරවන් කාපු මං අවසානෙදි කට දැවිල්ලට කිතුල් හකුරු කෑල්ලක් සූප්පු කර කර කාර් එකට නැගලා ඉදගත්තා වගේම එයා පුරුදු විදිහටම එයාගෙ ස්ටාෆ් එකට එක එක අන දුන්නා....

නිතේශ් .....

ම්ම්ම්ම්

තව පැයකින් අපි හොටෙල් එකේ.....අද හැමෝගෙම ඵොටෝ ශූට් එකක් තියනවා.....ඔයාව ඕන් නෑ..මං ගාව තව මේකප් ආර්ටිස්ලා ඉන්නවා..මං එයාලා ලව්වා කරවගන්නම්...ඔයා ගිහින් රෙස්ට් කරන්න .....

එයා මට යන ගමන් උපදෙස් දුන්නා....වට පිටාවෙ තිබුන තනි කොල පාට ගස් කොලන් වගේම සුදුපාට වලාකුලු සිපගන්න කදු දිහා මම ඇස් පිල්ලම් නොගහා බලන් උන්නා...ඇත්තටම ලස්සනයි...

මෙච්චර වෙලාම ඩ්‍රයිව් කරන් ආව එයා ලොකුම ලොකු ගේට්ටුවකින් කාර් එඔඅ ඇතුලට දානකොට මම පැත්තක නවත්තලා තිබුන අදීශ් ගෙ ලොකු පින්තූරෙ ගහපු බස් එක දැක්කා....එයාගෙ ස්ටාෆ් එකේ අය එහෙ යනව මෙහෙ යනවා...එයා කිව්වත් වහේම පැජන්ට් එක යන්නෙ international level එකට වෙනකොට අද ඵොටෝ ශූට් එකක් තිබුනා.....

Bride and groom 2022

කියලා ගහපු බෝර්ඩ් හැම තැම වෙනකොට උඩ රට විදිහට ඇදපු මනනාලියො වගේම නිලමෙ කිට් එක ඇදපු නිලමෙලා එක එක ලොකේශන් වල ඵොටෝ ගන්නකොට මම ඒ දිහා බලන් උන්නා.....

නිතේශ් ....ඔයා රූම් එකට යන්න.....ඔයාට මහන්සී මම ඔයාගෙ කී කාර්ඩ් එක ඉල්ලන් එන්නම්....

මගෙ ගාව උන්න විතේන් මගෙ උරහිස උඩට අත තියලා මට යන්න කිව්වා වගේම එයාට ඔලුව හොලවලා.උත්තර දීපු මට අඩි දහයක්.වත් එන්න හම්බුන් නෑ....

පූල් එක ගාව තිබුන අරලිය ගහ යට උන්න කෙනාගෙ රූපෙ එක්ක මගෙ කකුල් දෙකම පන නැතිවෙලා ගියා ....මමම මේඩප් කරපු මගුල් ඔසරිය...මමම තෝරපු ජුවලරීස් එක්ක මනමාලියෙක් උන එයාව හිතේ දුකටම නොබැලුව මට අද එයාව ආයම ඒ ඇදුමෙන්ම එයාගෙ නිලමෙ අතේ එල්ලිලා කැමරාවට හින වෙලා ඉන්නවා දැක්කම මගෙ පපුව පැලෙන්න ආවා...

සෙ..නා..රි...මගෙ මැනික...

මොන අහම්බෙටද මන්දන්නෙ නෑ එයාව අහම්බෙන් දැක්කා වගේම නොහිතපු වෙලාවක එයා දිහා වේදනාවෙන් බලන් උන්න මාව එයත් දැක්කා.....

ඒත් තත්පර ගානයි..මට ඒ මූන දිහා බලන්න බැරි උනා...කවුරු හරි මගෙ ඇස් දෙක අත් දෙකකින් වහගත්තා ....ඒ උනත් මම තත්පරයක් යන්න කලින් ඒ සුවද අදුන ගත්තා ....විතේන් ....ඒ විතේන් ...

එපා පන....

ගිය අයට යන්න දෙන්න..

එන්න ඉන්න අයට එන්න දෙන්න.....

ගියපු අයට යන්න නොදි උන්නොත්....

එන්න ඉන්න අයටත් එන්න නොදී

උන්නොත් වෙන්නෙ හැමෝම දොරකොඩ ගාව හිරවෙන එක.....

මගෙ ඇස් දෙක් වහන් උන්න එයා ඊලග පාර මගෙ ගාවට ඇවිත් හිට ගත්තා .....

හැමදාම මතක එක්ක විදවන්න බෑ නිතේශ් ....මතක කියන්නෙ වේදනාවක් ....ඉතින්...මට එන්න නොදුන්නත්....එයාට යන්න දෙන්න...මොකද...වේදනාව විදපු කෙනා දන්නවා වේදනාවෙ රස....

මං එයාව සදහටම අමතක කෙරුවා විතේන් .....

සෙනාරි මගෙ දිහා බලන් ඉන්නකොට මම පලවෙනිම පාරට ඒ ඇස් දෙක මගෑරලා නිතේන් දිහා බැලුවා.....

එයා තව දුරටත් මතකයක් විතරමයි විතේන්....

කි කාර්ඩ් එක අතට එනකොට මම කෙලිම්ම කාමරේට ඇවිත් ඇදට වැටුනා....

උඹේ මතකෙන් මම විදපු දුක අදින් සදහටම ඉවරයි සෙනාරි උඹ අතීතයක්ම විතරයි.....

යන අයට යන්න දෙන්න....

එන අයට එන්න දෙන්න....

ඒත් අමතක නොකර යන එන දොර

අවහිර නොකර ඉන්න....

මොකද යන අය නොගින් දොරකොඩ උන්නොත්....

බැරි වේවි කවදාවත් එන්න ඉන්න අයට

ඇතුලට එන්න.....

ඉතින් අවසරයි,

උඹ වෙනුවෙන් ඇරපු දොර

අදින් සදහටම වහන්න....

ආය කවදාවත්

විවර නොකරන්නම....

🙂ආයම කොටසකින් එන්නම්....

🙂කතාව කියවන.හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters