Cherreads

Chapter 48 - 48

ස්..සුදු....අයියෙ...

ඇයි මොකද...මුරන්ඩු කම් කරලා දැන් නහයෙන් අඩන්නෙ....

වලව්ව පේන මානෙදි කාර් එක නවත්තන්න කියපු මම බහිනකොට ඒකි හැංගිගන වගේ ඉදන් බෙල්ල එලියට දැම්මා....

ඔක්කො...ම...ගේන්න.....

ඔක්කොම කියන්නෙ උඹට වලව්වම ගේන්නද...මං දන්නෙ නෑ....මට අතට අහුවෙන ඒවා විතරයි මං අරන් එන්නෙ...මං දන්නෙ නෑ ඔය ගෑනුන්ගෙ මගුල්....

අනේ....

අනෙ පනෙ නෙවෙ කට පියන් ඉදපන්...

මම යන්න හැරුනා....ඒ එක්කම එයත් බැස්සා....ඒකි මෙතන හොර වැඩ කරලා තව ඔක්කොම ගේන්නලු...හිතේ ඇති මම ආවතේව කාරයා කියලා .මගුල එන තරහවට ගහන්න හිතයි ඔලුව හිල් වෙන්න එලදෙනගෙ....එන්න කිව්ව ගමන් යැයි ...ගාගන පැනගන එන්න ඇති....ඕකි ඇත්තටම මගෙ එකාට කැමති වෙයිද.....ආ..එහෙනම් ඉතින්....මරනවා.....

බිනරි ගැන හිත හිත උන්න මම ඒකි මගෙ විතේන් එක්ක යාලුවෙයිද කියන මෝඩ අදහස හිතට එනව එක්කම මගෙ ඉස්සරහින් යන ගමන් උන්න විතේනයට මම දඩාන් ගාලා පිටට එකක් ඇතැරියා..ඌ ඇබරිලා ගියා නිකන් ගැරඩියෙට භූමිතෙල් ගැහුවා වගේ....

ඌ.....ව්ව්හ්.....මොකද පගෝ ගහන්නෙ...

මං හීනෙන් දැක්කා තෝ කෙල්ලෙක් එක්ක යාලුවෙනවා...හීනෙන් උනත් එහෙම ඕන් නෑනෙ....ම්හුක්....!!

උඹගෙ පැලියාව තේශිහ්.....වෙන මොකුත් නෙවෙ....හීන දකින්න උඹ නිදාගත්තද ...ඌව්හ්...අප්පා....රිදුනා.....පලකො යකො යන්න.....ම්ම්හුක්...ඌයිහ්....අතගාපන්

...නැත්තන් මටත් ගහන්න දියන්.....

බෑ...උඹ හයියෙන් ගැහුවොත්....

නෑ...නෑ..හයියෙන් ගහණ් නෑ...අද හයියෙන් ගස්සගන්නවා.....

උඹ මහ මොකෙක්ද මන්දා විතේන් ...ඇත්තමයි.....මම නෙවෙ වල් හාමුවා....උඹයි.....ඇයි මගුල...

අවුස්සන්නනෙ...සුදු අප්පො....හුගක් වෙලා රන්ඩු වෙලා....තරහා වෙලා ඉදලා මට මහන්සී තේශි....දැන් ඇති....

එයා මගෙ දිහා බලන් කියෙව්වා ...ඇත්ත...මටත් රන්ඩු වෙලා තරහා වෙලා මහන්සී.....පව්...ඒ කම්මුල රතු වෙලා...ඒකා මට ගහපු පාරත් ලේසි නෑ....ඒ උනත්...ඉතින් කම්මුලේ වේදනාව වගේද....හිතේ වේදනාව.....මම එයා දිහා බැලුවා....මන්දාරමත් එක්ක හිතට මහ පාලුවක් දැනුනා....

අනේ නිතේශයා...මේකගෙ කික්කිව ඉල්ලන් වරෙන්...නැත්තන් මගෙ බෙල්ල කයි...ඒ කාලා බේරුනොත් ඇති.....මූ හීනෙනුන්ත් කික්කි ගැන කියවනවා....

මග දුරක් එනකොටම ශෙනෝනයා කෑ ගහලා ගඩාපි පැටියගෙ කික්කිව ගේන්න කිව්වා...ඇත්ත තමා....ඒකගෙ කික්කි නැති උනොත්....වහ කන්න වෙන්නෙ...

මැනිකෙ

ම්ම්ම්ම්ම්

මං කික්කිව අරන් එන්නම් චුට්ටක් ඉන්නවද

අපෝ ..බෑ..මාත් එනවා...කව්ද දන්නෙ...බේබි හාමුවා එන ටිකට පුංචි පැටියට මොනවා වෙයිද කියලා...

හරි පව් පුංචි පැටියට..කොහෙද දන්නෙ නෑ පුංචි පැටියා....

ඉන්නවා...බලන්න ඕනෙද...අල්ලන්න ඕනෙද ....කෝකද හොද..බලලා ඇල්ලුවත් කමක් නෑ.....

අනේ ඔය ලබ්බ තියාගනින්....නිකන් ඉදින්කො විතේන්.....

මගෙ සුදු අප්පොගෙ ලෑලි පුම්ක.....

හිටපන්...මං මේක අර ස්පා ඒකෙ ඉන්න සචිනි ලව්වා මසාජ් කරවන් ලොකු කරවගන්නම්....

ඒ...නම්...ඉතින් නිලමෙ ඇටෙත් එක්ක පලාගන්න තමයි....ලෑලි උනත් කමක් නෑ මගෙනෙ....

මට හිනා ගියා ..මාත් එක්ක මගෙ පස්ස පාරෙන් ආව මගෙ ආදරනීයම විතේන් ආයම පිස්සු කියවන්න ගන්නකොට එයාගෙ ඒ චරිතෙ දකින්නෙ මමම විතරක් වෙනකොට මගෙ හිතේ තිබුන හැම වේදනාවක්ම මැකිලා ගියා වගේ උනා.....

විතේන් කියන්නෙම වැස්සක්.....කතරට වහින වැස්සක්...මම හරියටම පතොකක්....වසන්තය එනකන් නොයිද මල් පිපුනත්...එයා එනකන් බලන් උන්න පතොකක්...

කොහිල කොටුව පහුවෙනවා එක්කම මම එයාගෙ කම්මුලය හාදුවක් තිබ්බා...

තේ...ශී...ඇයි සුදු මහත්තයා ....

මට...හෙටට කලින් අද ජීවත් වෙන්න ඕනේ මැනිකෙ....

මම මිමිනුවා...එයා කිව්වා හරි....මට හෙටට කලින් අද ජීවත් වෙන්න ඕනා...එයා ඈතින් පේන කුඹුක යට තිබුන ලිද දිහා බලන් උන්නා .....

තේශී....

ම්ම්ම්ම්...කියන්න විතේන් ....

අපි මේ වත්ත පුරා ඇවිදපුවා....ලිදෙන් නාපුවා....උඹ මාව තුරුල් කර ගත්තුවා....හාදු දීපුවා.....මේ හැමදේම දවසක මතකයක් වේවි නේද සුදු අප්පො....

එයාගෙ ඇස් දෙක ඇතුලෙ හැගීම් පිරිලා තිබුනා...එයා කිව්වෙ ඇත්ත.....ඒ හැම දේම මතකයක් වේවි.....හැබැයි ආදරනීයම මතකයි ...

විතේන් ...

කියන්න සුදු අප්පො.....

දන්නවද ...ඒ හැමදේම ආදරනීය මතකයන් වේවී...

කවදා හරි....මේ අත වයසට ගිහින් නහර වැල් පෑදුන දාකත්...ඔය අතට පැටලිලා...අපි ඒ කලෙදි මෙහෙම උන්නා නේද මගෙ මැනික කියලා අහන දාක....උඹගෙ වගේම මගෙ රැලි වැටුන මූනෙ....රතු වෙලා හරියටම පේන්නෙ නැතිව යන ඇස්වල හිනාවක් මතු වේවි.....එහෙමනේද විතේන් ...

මන් හරි හැගීම්බර උනා.....අපෙ කතාවෙ අදක් මිසක් හෙටක් නැතිඋනත් ..මං ආස උනා....එයා එක්ක වයසට යන්න.....මට...අසූවක් විතර වෙනකොට ....එයාට හැත්තෑ පහක් වේවි....එතකොට නම් මට එයාව වඩා ගන්නවත් බැරි වේවි.....

දන්නවද මැනිකෙ....

දවසක මේ තදින් අල්ල ගන්න අතපය මට අල්ල ගන්න බැරි වේවි....උඹව එක්කන් උඹට ඉස්සරහින් යන මට උඹේ අතෙ හයියෙන් එන්න වේවි....අදට මෙ තදට තියන අත්පය වැහැරේවි ....

ඒත්....උඹ..මා එක්ක වයසට යනව නේද මගෙ මැනිකේ....

විතේන් ....මේ සංසාරෙ කොච්චර දිගද....කොච්චර පලල්ද මම දන්නෙ නෑ....අවසානයක් පේන්නෙ නැති අන්තයක් ගාව...දිග පලල නොදැනම මං උඹට ආදරේ කරනවා ....ටිකක් නෙවෙ ...මග හුගක්....කල්ප කාලාන්තරයක් තරම්...ආය ආයමත් ..මං කවදාවත් ...උඹ නැවතුන ...තැන්...උඹ රස හොයපු තැන්....උඹට රිදුන තැන්....මේ කිසිම දෙයක් මං අහන්නෙත් නෑ....මොකද ....රිදුන තැන්....රස විදපු තැන්....අඩපු තැන් හිනා වුන තැන්....මටත් තිබුනා ...ඒත්...මං හිතන්නෙ නෑ මගෙ විතේන් .....මට කවදාවත් කා එක්කවත් කියන්න පුලුවන් වේවි කියලා ..."මං විතේන්ට පන වගෙ ආදරේ කෙරුවා කියලා.....මං මගෙ මැනිකත් එක්ක ජීවිතේ වින්දා " කියලා ....

මොකද ....මං විස්වාස කරන එකම දෙ....උඹ මගෙ අවසානම ආදරේ කියලා විතේන් .....

අනේ....මහත්තයා ....ඔච්චර ආදරේ කරන්න එපා සුදුඅප්පො ...මටම අහන් ඉන්න ලෝභයිනෙ තේශී....

මං හිනා උනා...එයාට ලොභලු....මං ඒ අත අල්ලන් පිට අල්ලට හාදුවක් තිබ්බා.....එයා එක්ක හිනා උනා...ගොරකා කැලේ පහු කරන්...ගඩා ගෙඩි මැදින්...ගල් අන්නාසි කොටුව පහු කරන්....සීනි පේර ගහ යටින්...නිමක් නොපෙනන වලව්වෙ වත්තෙ මැනිකගෙ කටු මැටිපැල ආයමත් මට අපේ වැරදි පෙන්නුවා ....

චූටි මැනික....චූටි මැනික මේ..මේ...

අපි යනකොට මැනිකෙගෙ කෙලි බැල්ලි පැටියා එක්ක මිදුලෙ නටනවා ...පැටියට විසේ හොදටෝම....චූටි බඩ ගෙඩිය රවුමට රවුමෙ තියනකොට එකි අර ඇබිත්තන් හුරතල් කටහඩෙන් බුරනවා ඉවරයක් නැතිවම ...

පලිගුවෝ....චූචි මැනික.....කෝ මගෙ චූචි මැනික....

මිදුල පුරා එදා වැව රවුම ගාවින් ගත්තු බෝලෙ පස්සෙන් පන්න පන්න උන්න ඒකිට පලිගුවෝ කිව්වා විතරයි අයියෝ...බැල්ලි කික්කිට සන්තෝසෙ වැඩිකමටම චූ ගියා.....චූ කකුල් දෙක තෙමිගන ගියා..ඒකි අඩනවා....චූට්ටකට නැති උනත් ඒ හිතේ තියන ආදරේ....

බේබි හාමු.....

ම්ම්ම්ම්ම්...

මං කික්කිගෙ කකුල් දෙල එතන තිබුන වතුර කොරහෙන් හෝද්වන් මගෙම ලේන්සුවෙන් පිහලාඅතට ගන්නකොට ඒකිට් නෙවෙ හුස්මක් ගන්න සිහියක් තිබ්බෙ...දත් එන්න හදන චූටි කටට නිවනක් න්ආ ඒකි අඩ අඩම ලෙව කනව.....

මගෙ විතේන් බලන් ඉන්නව..මැනිකෙගෙ කෙල්ලට දුක හිතිලා....කික්කිව අරන් යන නිසවෙන්න ඇති.....

ඒ චූටි තෙත නහයයි දිලිසෙන ඇස්දෙකයි අස්සෙ ආදරෙ උතුරන්න තියනකොට කෙල්ලගෙ අතට මගෙ විතේන් මොනරු පහක් ඉන්න කොල දෙකක් මිටිමෙලෙව්වා අනේ කෙල්ලගෙ ඇස්වලින් කදුලු වැටුනා ...

ඔය ලමයා ඔය සල්ලි වලින් අඩු පාඩු ගන්න...අනිත් එක මොනම දේකට වත් ඉස්කෝලේ නොයා ඉන්නෙත් නෑ.....තනි පංගලමෙ ලින් ගාව නාන්න යන්නෙත් නෑ තේරුනාද ...නාන ඇගහෝදන වෙලාවට අම්මා එක්ක යනවා මිසක් තනියම යනවා නෙවෙ තේරුනාද ඔය ලමයට ..

එහෙමයි බේබි හාමු....

හුම්...හුම්....ගෙට ගියානම්....දොරවල් වහන් ප්‍රවේසමෙන් ඉන්න...අපි යනවා ඕකට ඕන දෙයක් අරගන්න...ආස දෙයක් කන්න...

පින් අයිති වෙනව බේබි හාමු...දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි බේබි හාමු...

කෙල්ල පින් දෙනකොට ඒකිව ඒ කටු මැටි පැලේ තනිකරලා එන්න හැරෙනකොට අනේ එකි පින් දුන්නා...වලව්වට පෑගෙන මල්.....කැලේ පිපිලා කැලේම පරවෙලා ලෝකෙම්ම හැංගෙන මල්....ඒකිත් හරියටම ගුනාදරී වගේ...ඒකිත් හරියටම පිච්චි වගේ....ඒකිත් හරියට කෙටි හාමි වගේ...ගහට කොලට සතාට සීපාවට ආදරෙයි පන ඇරලම ...

අතෙ තඹ දොයිතුවක් නැතත්...

ගිලින්නෙ වලව්වෙ උන්ගෙ ඉතිරි උන දන්කුඩක් උනත්....

උන්ට අහස උසට හීන මාලිගා නැති උනත්....

පපුව පිරෙන්නම ආදරේ සෙනෙහස තිබුනා....දුවනකොට හෙලවෙන කැකුලු තන වහන් කරගන්න රෙදි පටියක් නැති වෙනකොට කාටත් වඩා මං බය උනා ....

ගුනාදරීලගෙ පරපුරෙන් ආව කෙල්ල ගෙට ගිහින් දොර පොල්ල දාලා නපුරු ඇස්වලින් වහන් වෙනකොට ඒකිම ඉන්දපු මිරිස් පාත්තියක් මැදින් මං එන්න එනකොට ...

මට මානික්කාවතේ සුවද හදවතටම දැනුනා...

මහ පොලවෙ...මව් හදවත මානික්කා වත....

වලව්වෙ පයට

පෑගෙන...

මලත් ආදරෙ හෙවනට....

සුදු අප්පො...ඔච්චර ඕකිව ඉඹින්න එපා තේශී උඹට හොද නෑනෙ...

මගෙ වැඩේම වලව්වට එනකන් කික්කිව ඉඹපු එක....

මගෙ මැනිකෙ...

ම්ම්ම්

උඹ දන්නවද ...සමහර හිත් ළඟ...මං ආසයි පොඩි එකෙක් වෙන්ට....හරියටම ...උඹ ගාවදි වගෙ....

කෑ ගහන බනින ගහන වෙලාවට ඉන්නෙ යකෙක් උනත්....හැම රෑකම උඹට තුරුලු වෙන්නෙ පොඩි එකෙක්.....දැන් මෙතන ඉන්නෙත් පොඩි එකෙක්....

පොඩි උන්ගෙ හිත්වල කවදද සුදු අප්පො වේදනාවක් .

ඒ විදිහ ලේසි නැද්ද විතේන් ජීවත් වෙන්න...උඹ දන්නවද මගෙ විතේන් ....සමහර වෙලාවට මට ඕනෙ මාව දරා ගන්නවට වඩා මාව අහන් ඉන්න....හරියටම මම විතේන් කිව්ව ගමන් ඊලග තත්පරේදි කියන්න සුදු අප්පො මං අහන් ඉන්නෙ කියන්නා වගේ..

මගෙ විතේන් ...උඹ දන්නවද ...මං ආසයි කඩුපුල් මලක් වෙන්න ....

ඉර එලියක් නොදැක මහ රෑල ලෝකයක්ම නිදියන වෙලාවක මගෙ පෙති දිගාරින්න....කාටවත්ම රොන් ගන්න නොදී....උඹ වෙනුවෙන් විතරක්ම පිපෙන්න....පලාතම සුවද නොකර...උඹ ගාවදි විතරක් සුවද බෙදන්න .....

කඩුපුලක් පිපුනෙම කාගෙත් ඇස් වහලා උනත්...කරුමෙට පිරිමින්ට අකැප උනා කවදාවත් මලක් වගෙ මෘදු වෙන්න...පිරීමින්ට සිද්ද උනේම දුක උහුලන පර්වතයක් වෙන්න.....

තේශී....උඹට පුලුවන් ...රටේ ලෝකෙ උන් ඉස්සරහා ගලක් වගෙ හයියට ඉදලා...උඹගෙ මැනිකෙ ගාව හැමදාමත් මලක් වෙන්න....

මං එයා දිහා බැලුව ...වලව්වෙ දොරකොඩ ගාවදි එයා හිනා උනා....ආයමත් මුරන්ඩු ඇස් ආදරෙන් පිරිලා තියනකොට දාලා යන්න ලෝභ කමටමද කොහෙද එයා මායි එයයි නිදි වැද්ද ඇදට පෙරලෙනකොට මම මගෙ මේසෙ උඩින්

දයාද සිල්වගෙ එකෝමත් එක කාලෙකයි.....රුචිරා සුරංගි ප්‍රේම කීර්තිද අල්විස්ගෙ දුවකගෙ කදුලු පොතයි ගත්තා ...මොකද මිනිස්සු මැරුනට.....මතක මැරෙන් නෑ කියලා ...ප්‍රේම කීර්තිද අල්විස්ගෙ නෝනා උන දයා වගේම දුව වෙච්ච සුරංගි පොත් දෙකක හැගීම් දෙකක් අකුරු කරලා තිබුනා...

මං එයාට එහෙම්ම ඉන්න ඇරලා තව හෝරා ගානකටවත් වලව්වට මැනිකෙලාගෙන් යකෙක් වත් එන්නෙ නැති හින්දා ප්‍රේම කීර්ති වෙනුවෙන් ග්‍රැනඵෝන් එකට තැටියක් දාලා ඇහෙන නෑහෙන ගානට සිදුවක් දැම්මා ....

මං එහෙම්ම බිනරිගෙ කාමරේට ගියා....ඒකි කොලඹටත් ඔසරි අදීවිද ...කියන්න බෑ...උන්ට ගවුමට වඩා වලව්වෙ උන් පංගරාත්තු කෙරුවෙ ඔය මගුලනෙ....

මං බිනරිගෙ කලුවර අල්මාරිය ඇරියා...ඇරලා පාට පාටින් තියන කපු ඔසරි වඉන් පාටක් ලස්සනක් තෝරන් නැතිවම ඔසරි අහුරක් ගත්තා .....යට සායවල්...අනෙ මං දන් නෑ අහුවෙන ටික මං ගන්නවා මොකද ඒකි රෙද්ද උස්ස උස්ස යනවද ....නෑනෙ....අපෙ අප්පො....මේක තොරනක් වගේනේ....

තේශී.....

මගෙ කන්දෙක රතු උනා.....එයත් ඇවිත් කතා කරනකොටම මඑ අතෙ දේදුනු පාට බ්‍රා අහුරක්ම තිබුනා....මෙව්වා ඉතින් ඕනනෙ...අනික මොන මගුලටද ලැජ්ජ වෙන්නෙ මං මේක දැකපු නැති එකෙක්ද.....නෑනෙ ...එයා ගානක් වත් නැතිව ඇදුම් බෑග් එකට බෙල්ල දාලා මං ඔබන ඔබන ටික ආයම හැදුවා .....යට ඇදුනුත් එබුවා...මේක.....මේකත් දාමු.....බාගෙට ඉවර උන සනීපාරක්ශ තුවා පැකට් එකක්....

මේක කොලේකින් ඔතන්න ඕනද.....???

අපි දෙන්නම මූනට මුන බලන් උන්නා....

නැතුව ඇති නේ.....

ඕන් නෑ තේශි.....අපි දන්නෙ නැද්ද...දැකලා නැද්ද...හෙන ගහන්න කකා ඉන්නකොට සාරංගයා එනවා නිල් එක කොමඩ් එකට රතු එක බාතෲම් එකට ගාන් හාපික් උස්සන්...ඒකත් එක්කම ඊවා එකේ ඇඩ් එක යනවා....ඔය වෙලාවට අපි හැමෝම ටීවිඑක ගාවනෙ සුදු අප්පො...රටම දකින්න ඇඩ් එක යනවා...කඩේට ගිහින් කෙල්ල කට ඇරලා මුදලාලි මට ඊවා පැකට් එකක් කියනකොට මුදලාලිට මෙන්සස් උනා වගේ ඌ අහු මුලු දිගෙ බඩගාලා...අරක පත්තර පිටු සීයකින් විතර ඔතලා උර දහයක බස්සවල දෙනවා...මොන විකාර වැඩද තේශි ඔව්වා.... අනික එෆ් බීවල පෑඩ් වෙනුවෙන් හෑලි ලියන උන්....මෙන්සස් වෙන කෙල්ලට වේදනාව තියෙන්නෙ ඒවා කියවලා මිසක්කා වෙනදේකින් නෙවෙ .....

ම්ම්ම්....

මං හූමිටි තිබ්බා....එයා කියන දේ ඇත්ත ...ගෑනු ඉන්නෙ දරා ගන්න.....පිරිමි ඉන්නෙත් දරා ගන්න ඔය වගෙ හෑලි.ලියලා කරන්නෙ ගෑනුන්ට තියන හයිය උන් නැති කරන එක....උන් කරන්නෙ පෙනඩෝල් දෙකක් ගහලා කෝපි එකක් බීලා කාටත් නොකියා උහුලගන්න එක....ඒක වේදනාවක් ....ඒත් උන් උහුලනවා ....

හෑලි ලියන උන් කරන්නෙ උන්ගෙ හිත් වට්ටන එක...ඒක නිකන් අතිශයෝක්තියෙන් ලියනවා වගෙ....ලෝකෙ තියන ලොකුම වේදනාවත් උහුලන ගෑනුන්ට උන් කරන්නෙ අසාදාරනයක්ද මන්දා....

සුදු අප්පො....

ම්ම්ම්..කියන්න පන...

උඹත්....එයා..වෙනුවෙන් ....පෙනඩෝල් පෙත්තක් දීලා තියනවද ....

මං එයා දිහා බැලුවා ....පෙනඩෝල් පෙත්තක් දීලා කෝපි එකක් හදපු දවස් තිබ්බා ..

මන් එයාගෙ ගාවින් ඉදගත්තා ...ඉදගන ඒ අත් දෙක අල්ල ගත්තා ....

මගෙ මැනික....හිතපන් ...උඹට උනක් හැදුනොත් මම අහක බලන් ඉන් නෑනේ....පෙනඩෝල් දෙකක් පොවලා පොරවනවා...උඹේ උන අඩුවෙනකන් මං උඹව තෙමනවා ....උඹට දරාගන්න පුලුවන් තැන වෙනකන් මං ඉන්නවා ....ඒක,ඇවිත් ආදරේ විතරක් නෙවෙ මගෙ විතේන් ...මනුස්ස කම...මං ...පොඩීට..සුදූට...බිනරිට.....අනන්තවත් හදලා තියනවා ...අම්මට අප්පච්චි හදලා දෙනවා ...ලෙඩක් දුකක් උනහම අපි බලන්න ඕනා..උඹ මගෙ ගාව ඉද්දි අසනීප උනොත් ..මං උඹවත් බලා ගන්නවා ....

ඒකයි මගෙ විතේන් මනුස්ස ධර්මෙ කියන්නෙ..

මට දුක හිතුන් නෑ මෝඩයා...ඇයි මේ...

මං බයයි....රිදුන හිතක් රිදවන්න....මන් උඹ ගාවදි හරි පරිස්සම් විතේන් ...

ඇත්තට....

ම්න්....

ඒ උනාට..අගෙ සුදු අප්පො..මං..දන්නවා උඹ මට පන වගේ ආදරෙයි කියලා .....ඒත්....උඹ...

නෑ...නෑ..මේ..ඌ...යිහ්...ඌයි...යකෝ....

ඇයි කියපන්...ඇයි....එකිට ලස්සනයි කිව්වෙ...

අනෙ...අනෙ...විතේන් ....අඩෙ...කට...කට...ම්හ්හ්හ්ක්...ම්ම්ම්ම්හ්හ්...ඌ.....ව්ව්හ්....යක්....ම්ම්ම්ම්හ්හ්..

නාජ්‍යා....ඔයෑ ලැස්සනයි.....යැයි යැයි.

....හැව්...හැව්...ewwww....

ඌව්හ්....විතේ....න්න්...කම්...මුල...ඌ.....

ඇයි...ඒකිට ලස්සනයි කිව්වෙ...

ඉතින් අප්පා...මං ආපිට කිවනෙ....අනික...අනික...ඇ...යි....උඹ....

උඹ..ත් යැයි යැයිගාන් ආවෙ..

එහෙම තමා...

මගෙ කම්මුල් දෙක නැ වගේ...කට ඉදිමිලා වගේ.....ඒකා ආදරෙයි ආදරෙයි කිව්වට පලි ගන්නවා...තාම වයසත් විසි පහ එකේ මූ ශුවර් එකට යුද්දෙන් මැරුන කොටියෙක්ද කොහෙද දැන් ඉපදිලා තියෙන්නෙ...හිටපන්...රෑට දෙන්නම් අර බොත්තම් දෙකට.....

මම කම්මුල් දෙක අත ගගා රෙදි ටික ඔබා ගත්තා .....

තේශි...

ම්හුක්...

ඇයි....

මන් තරහා වෙලා ඉන්නෙ.....

ඒ ඇයි අප්පෙ ඒ....

කොයි වෙලෙත් මේ ලමයට රිදවනවනෙ....

ලමයා මොන මගුලටද ගෑනුන්ට ලස්සනයි ගාන්න ගියෙ .....

ම්හුක්....

මම චුට්ටක් එයාම.මට දාන ඇක්ශන් දැම්මා...එයත් එහෙමයි...මං දෙයක් කිව්වොත් කොයි වෙලෙත් ම්හුක්..ම්හුක් ගානවා...චූටි කික්කි ගේ අසෙ දෙතුන් පලකම හිනාවෙන කැවුම් දෙක තුනක් දාලා තිබුනා.....ඉලක්කෙ බලලම සීයා තාත්ත්ගෙ හම් පටි සෙරෙප්පුව උඩ ඉදන් චූ කෙරුවා ...

බිනරිගෙ ඇදුම් බෑග් එක මම අතට ගන්නකොට එයා චූටි පලිගුවව වඩා ගත්තා ....යන්න ඔන්න මෙන්න මොහොතක් තියලා එයා ආයමත් මගෙ කාමරේට බෙල්ල දාලා බලන් උන්නා....

මේක ඇතුලෙ උඹෙයි මගෙයි සුවද තවමත් තියනවා තේශි....සමහර වෙලාවට...කගෙවත් ඇස්වහලා ආදරෙ කරනකොටත් ඒ ආදරේ හරි ලස්සනයි .....

මම එයාගෙ කම්මුල පිට අල්ලෙන් අතගානකොට එයා මා දිහා බලලා හිනා උනා....

අපි යමු මැනිකෙ.....

නිතේස්.....නිතේ....ස්...අනෙ..මගෙ..

දෝනියා.....අනේ...අම්මෙ....විතේන් ඔය ලමයව පයිස්සමින් ඒයි....තාම හැදිලවත් නැති අතපයනෙ ...

අපි එනකන් ශටර් එකෙන් බෙල්ල එලියට දාන් උන්න ඩියෝනයා මගෙ විතේන් ගෙ අතේ උන්න කික්කිව දැක්කා විතරයි ලවුස්පීකර් එකක් ගිල්ලා වගේ මැරෙන්න හැදුවා....

අන්න පුතේ ඔයාගෙ බේබදු අම්මියා.....

අයියෝහ්...නිකන් ඉදින් ඒයි...ඇත්තමයි...විතේන් ඔයැයිට නම්....ලමයට ඔව්වා කියනවද.අනේ....නේත බිනරියෝ.

ඔ...ඔ...ව්....න්න්..නෑ..නෑ....

මොකක්ත අනෙ...ඕ...නැ..නෑ..ගාන්නෙ...එකක් කියන්නකො....ඒක නෙවෙ බිනරියො...දැන් ඔයලමයා කොහෙද හැංගෙන්නෙ....

ඇදුම් ටික ඩිකියට දාපු මම බිනරිව එක කෙරෝලකටයි....මගෙ විතේන්ව අනිත් කෙරවලටයි තල්ලුකරලා මම කේක් ගෙඩිය වගේ මැදින් ඉදගත්තා .....නැත්තම් මගෙ ඔලුව පැලෙයි.....

නුවරට රෑ වෙනවා...හීනියට යන වැහි පොද කවදාවත් අලුත් දෙයක් නොවුනකොට මගෙ විතේන් එලිය බලන් උන්නා වගේම පාන්දර නැකිටපු බිනරිට මගෙ උරහිස උඩ නින්ද ගියා....එයා හපපු දත් පාරවල් කම්මුල් දෙපැත්තෙ උඩට මතු වෙනකොට මං මගෙ කම්මුල් දෙක පුලුවන් තරම් බිනරිගෙන් වහන් කෙරුවා වගේම හිතුවෙ වත් නැති වෙලාවක හොටෙල් එක ගාවින් බහින්න ඔන්න මෙන්න තියලා සාක්කුවෙ තිබුන ඵෝන් එක රින්ග් වෙන්න ගත්තා වගේම උරහිස උඩ නිදාගන උන්න බිනරි ගැස්සිලා ඇහැරුනා වගේම ඩිස්ප්ලේ එකේ තිබුන නම්බර් එක එක්ක මට හරිම ඔලුවෙ කැක්කුම හැදුනා.

අනේ...සුදු...අයි...

ශ්ශ් ...සද්ද නොකර ඉන්නවා...

අම්මගෙ නම්බර් එකෙන් එක දිගට රින්ග් වෙනකොට මං ඵෝන් එක ආන්ස්වර් කෙරුවා ....

හෙලෝ අම්මා...

සුදු පුතා උඹ කොහෙද ....

ඇයි අම්මා අඩන්නෙ...අත්තම්මට මොකක් හරි කරදරයක් ද...පපුවෙ අමාරුව වත් ආවද..මන් උදෙත් කිව්වා අම්මා ඔය මනුස්සයට....ඔච්චර කෑ ගහන්න එපා කියලා ...අයියෝ

...හුහක් අමාරුද අම්මෙ....

වෙන දේ දැන දැන උනත් මං කෙරුවෙ අම්මගෙ ඔලුව කුරුවල් කරපු එක වෙනකොට හොදට උන්න අත්තම්මට මේලෝකෙ නැති ලෙඩ මතු කරලා බොරූවට වික්ශෝප උන එක වගේම ඒක අහන් උන්න,පොඩි කටට අත තියා ගත්තා එහා පැත්තෙ උන්න විතේන් ඇස්දෙක ලොකු කෙරුවා වගේම අම්මා මාව මරන් කන්න හැදුවා ...

උඹට මොලේ හොද නැද්ද නිතේශ් ..උඹට මොලෙ හොද නැද්ද අපි මෙහෙ ගිනි පත්තු වෙලා ඉන්නවා උඹ මරු කියවනවා .....

ඇයි දැන් ගිනි පත්තු වෙලා තියෙන්නෙ ඇයි කිව්වා නම්...බොරුවට කෑ ගහන්නෙ....

කෑ ගහන්නෙ කියන්නෙ....බිනරි නෑ....

බිනරි නෑ....මොකක්...මේ අපේ බිනරි...

ඔව්...අපේ බිනරි තමයි..මේ කෙල්ල නෑ නිතේශ් .....උඹගෙ අර කොල්ලා එක්ක වත් ඕකි ගියාවත් ද...කෝ ඒකා...

අම්මට මොලේ හොද නැද්ද ...ඒ කොල්ලා මේ නිදි ...

උඹ වැරද්ද වහන්න ඒකව සුද්ද කරන්න බොරු කරනවා නේවෙ නිතේශ් ලොකු අප්පච්චි මාරා වේස වෙලා ඉන්නෙ...ඇත්ත කියපන් ඕකි ඌ එක්ක ගිහින් නේද ...ඕකිව අහු උනෝතින් සීයා තාත්තා පෙති ගහයි....ඇත්ත කියපන් අරූ ඒකිව පන්නන් ගිහින් නේද

මේ අම්මෙ...මේ මොලේ කියන එක හොද නැද්ද...ඒ කොල්ලා මොකටද ඒකිව අරන් යන්නෙ.....ආ...ඌ අම්මලාගෙ මුනටම....ක්...

දෙන්න තේශි මම කතා කරන්නම්...

අම්මලාගෙ හිතේ බිනරි විතේන් එක්ක පැනලා ගිහිල්ලා කියලා වෙනකොට එයා මගෙ කනේ තිබුන ඵෝන් එක ඇදල ගත්තා ....

හෙලෝ....අනීතා මැනිකෙ.....අනේ මං නම් උස්සන් ආව බිනරියෙක් නෑ...ඊයෙ පෙරේදා ඉදන් අනුන්ගෙ මගුලකට නැහුනෙ මේ නිතේශ් හින්දා මිසක් ඔව්වලින් ගෑනු ගන්න බලන් නම් නෙවෙ..මට ඕනා නම් මං ඒකිව නම්බු පිට අරන් යනවා.....අනික මං ඔය ඔසරි අඩ්ජින උන්ට කැමතිත් නෑ...මන ආස නිදහසේ ජීවිත් වෙන කෙනෙක්ට...එහෙම බාලුවම බිනරිව කොහොමත් මට ගැලපෙන් නෑ.....මම ඔයාලාගෙ බිනරියෙක් ව ගෙනාවෙත් නෑ.....ඒකිව උස්සන් එන්න තිබ්බා කලු ඇදුම් අදිනවා නම්..කලිසම් ඇදලා .බෙල්ල ගාවට කොන්ඩෙ කපලා කනට එක කරාබුවක්ක් දාලා කොන්ඩෙ ටිකක් පාටකරලා පොශ් ගතියට උන්නා නම්.....කොහෙද ..ඒ එකක් වත් නැති කෙල්ලව මම මොන දේකට උස්සන්නද ...

අනික ඔයාලමනෙ ඒකිව බලෙන් මගෙ කරේ ගස්සවන්න ගියේ..මමමනෙ එපා කිව්වෙ...ඔයාලා හිතන්නෙ එපා කියපු මමම ඒකිව උස්සයි කියලද???අනේ අනීතා මැනිකෙ මාව නම් ඔය ගෑනු උස්සපුවට ගාවගන්න එපා....

මං එයාදිහස් බලන් උන්නා...අතින් පයින් කටින් මේකා ඔක්කොම වලින් රගපානවා...ඒ මදිවට මගෙ දිහා බල බල මගෙහැඩ රුව කියවනකොට මම එයාව පුලුවන් තරම් හොරාවට කෙනිත්තුවා වගෙම මම ඵෝන් එක ඉල්ල ගත්තා

.

අම්මෙ...දැන් හරිනෙ....?? අහගත්තනෙ....ඒකි එක්කො වලව්වටයන්න ඇති ඔයා කා එක්ක හරි...නැති නම් ඔය කොහෙ හරි ඇති.....බොරුවට නොකන් ඔන්න අහිංසායන්ව අල්ලන් පද හදන්න කලින් වටපිටාව බලන්න...

බලන්න පුලුවන් හැම තැනම බැලුවා..හැම තැනම බලුවා නිතේශ් ...ඒකි ගියපුතැනක් නෑ...ඒකිගෙ ඵෝන් එකත් ඕෆ්..අත්තම්මා එහෙන් පලි ගහනවා.....ඉන්න තැනකින් වරෙන් නිතේශ් මේකි කොල්ලෙක් එක්ක ගිහින් නම් ඕකිව මරාවි....ඊට කලින් හොයා ගන්න වරෙන් නිතේශ් .....

මම එයා දිහා බැලුවා..බිනරි අත් දෙකෙම්ම කට වහන් හූල්ලන් බලන් උන්නා....මන්දන්නවා මම ඔය වැඩේ වෙන හින්දමයි කිව්වෙ.....

අනේ...සුදු ..අනේ...සුදු....ලොකු අප්පච්චිට කියන්න..දහම් අප්පච්චිට කියන්නකො මාව එක්ක යන්න කියලා..මට නම්..තවත් ඒ නරකාදියෙ ඉන්න බෑ සුදු අයියේ...මාවත් නාකියෙක්ට දේවි සුදු....පින් සිද්ද වෙයි..අනේ විතේන් හාමු....අනේ....කියන්නකො...

සුදු...අත් දෙක අල්ලා වදින්නම්...අප්පච්චි මාව හම ගහයි

අම්මගෙ කෝල් එකෙන් පස්සෙ සුදු ගෙදර යන්න බෑ කිය කිය අත් දෙක එකතු කරලා වදිනකොට මගෙ විතේන් මන් දිහා බලන් උන්නා...

ශෙනෝන්...මට යතුර දියන්...මෙයාව අපේ කාමරේට එක්ක පලයන් ...

උඹ කොහෙ යන්නද ....

බිනරිව හොයන්න....වෙන කරන්න දෙයක් නෑ....නොගියොත් අනිවාර්යයෙන්ම සැක හිතනවා ..අපේ අප්පච්චි ආවොත් එයාව දීලා අරින්න හැබැයි අප්පච්චි විතරයි වෙන උන් බෑ තේරුනානෙ ශෙනෝන්....

බිනරි ...

සුදු...අයියෙ...

අප්පච්චි ඇරුනම උඹ වෙන වෙන නාඩගම් නටලා නම් අහුවෙන්න එපා බිනරි....තේරුනානෙ...අප්පච්චි ආවොත් යන්න පුලුවන් නැතිනම් හෙට අපි එක්ක යනකන් ඉන්න ඕනා..එතනින් පස්සෙ වෙන දේ බලා ගමු .....අකීකරු කම් කරල මැරුම් නන් කන්න එපා ආ....

න්..නෑ....නෑ....

විතේන් ....

නිතේශ් ..

මා එක්ක ආවා නම්...දැන් ගෑනු හොරකම තමුන්ගෙ පිටින්නෙ ගිහින් තියෙන්නෙ....එනවා යන්න....වලව්වෙ හැත්තට මූන පෙන්නන්නවත් උන්ගෙ එකිව හොරකම් කෙරුවෙ නෑ කියල වත්..

🙂ආයම කොටසකින් එන්නම්

තා චුට්ටෙන් ...මේකෙන් එකක් දෙන්නම්🤭🤭🤭....

🙂පයිස්සමින් ඉන්ඩෝ

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters