Cherreads

Chapter 49 - 49

තේශීහ් ...හිමින්...යකො...හිමින් පලකො.....

හිමින් ගියොත් මේ පහුවෙන තත්පරේට අරකිට උඹගෙන් ලමයිනුත් වදවල තියේවි ඒක් හින්දා ශීට් බෙල්ට් දාන් අල්ලගනින්....

කොහෙන්ද.....

කොහෙන් හරි.....

කොහෙන් හරි.....කමක් නෑත මගෙ නිතේස්.....

මොන...හු...විතේනයා....හ්හ්හ්හ්හ්...

මට බෑ බන් උඹ එක්ක....

ඉතින් කොහෙන් හරි කියලා කිව්වනෙ සුදු අප්පො...

මම එයාට කොහෙන් හරි අල්ල ගන්න කියනකොට එයා නම් කැත නැතිවම මගෙ කකුල් දෙක මැදින් අල්ලනකොට මම කෑ ගැහුවා...මේකට නම් ඇටයක් වැඩි වෙලාද මන්දා...

රිදෙනවා විතේන් ..උඹ කෙනිත්තුවද මන්දා ....ඉන්නෙත් ඔච්චරයි...

එයා හිනා වෙනවා....අහක බලන් හිනා උන එයා වෙලා අවසානෙදි ආයම මගෙ කම්මුලට හාදුවක් තිබ්බා....මහ පිස්සෙක් මේකා...

මගෙ බිබික්කම....හරී....යට තරහ යනවා අප්පා ඒ ලමයට....ඔහොම බුම්බන් ඉන්න එපා ඒයි...මේ ලමයට කවුරුත් නෑනෙ....ම්හුක්....සුදු අප්පෝ...

ඇයි දරුවෝ...ඇයී...

මොනවා හරි කියපියකො අඩේ....බිබික්කමක් වගේ ඉන්නෙ

බිබික්කම නෙවෙ බන් දැන් ඉතින් එතනට ගිහින් තාත්වීක රංගනේක යෙදෙන්න තියෙන්නෙ....

යෝ...හ්....ඔව්වා හිතන්න එපා ඒයි....වැල යන අතට මැස්ස ගහනවා වගෙ අපිත් ඒක ශේප් එකේ ගොඩ දාගමු...අනික...මම එහෙම ඒකිව ඉස්සුවා කියලා කියන්න බෑනෙ.....මේ....කැකුලු මූන පොජ්ජ ජැක්කම කාටත් එහෙම මංගච්චන්න පුලුවන්ද අපෙ ඇත්තෝ...

අපෙ ඇත්‍තො නෙවෙ අපෙ හුත්තො තමා ලොකු අප්පච්චි දැනගත්තොතින් ඇට පොජ්ජ කොට පොජ්ජක් උඩ තියලා ජොක් ජොක් ගාලා කෙටේරි පොජ්ජෙන් මන්දු කරාවි ඕන්....එහෙම උනොත්...අනින්ට නිලමෙ අනින්ට ගෑවත් ඇනගන්න එකක් නැතිව යාවි ඈ...මැනිකෙට හුලන් ....!!!

ඒව්ව්ව්...මේකගෙ කට...කුඩික්කියක් වගෙ...හැච හැච ගාන ලස්සන....තේශී...

ම්ම්ම්ම්...කියන්න පන අහන් ඉන්නෙ.....

උඹ ඉස්සරත් මෙහෙමද??

එයා මගෙන් අහනවා මම ඉස්සරත් මෙහෙමද කියලා...එයා අහන්නෙ...එයා එන්න කලින්...අරයගෙන් වෙන් වෙන්න කලින්....එතකොට එයාට ඕනා සෙනාරි එක්ක මම කොහොමද උන්නෙ දැනගන්න.....ඊට පස්සෙ තනියම දුක් වෙන්න....හිතින් මනස් ගාත මවාගන්න.....මම කාර් එක ස්ලෝ කෙරුවා ... පාරෙ අයිනෙ වයසක මනුස්සයෙක් බඩ ඉරිගු තම්බනවා...කෙල්ල ඉන්නෙ අපිගාව නිසා ගෙදරින් එන කෝල් වලට මම පුලුවන් තරම් බොරුඇද බාන ගමන් ගාන වත් නාහා බඩ ඉරිගු දෙකක් ගත්තා ....

උනුයි....උනුයි.....දෙකට කඩා ගන්න...ඉන්න මේක ඔයාට....

දන්නවා...මං මේක කැඩුවෙ ඔයාට...

මන එයා දිහා බැලුවා...මගෙ අතේ තිබුන ඉරිගු කරල මම කැඩුවෙ එයා වෙනුවෙන් වෙනකොට එයා මන් වෙනුවෙන් කඩලා තිබ්බා...අපි දෙන්නගෙන් කවුරුත් ඉල්ලුවෙත් නෑ...හදවතට දැනෙන තරම....මං කටින් පිඹලා එයාට දික් කරනකොට එයත් මං වෙනුවෙන් කඩපු එක දික් කෙරුවා ....

මගෙ විතේන් ...

ම්ම්ම්...සුදු අප්පො...

ඔයාට දැනගන්න ඕනෙ...ඔයා එන්න කලින්...එයා යන්න කලින් ??එහෙමනෙ....

ම්ම්....

එයා ඉරිගු ඇට දෙක තුනක් එයාගෙ ඉස්සරහ උඩ ඇන්දෙ තිබුන හා දත් වලින් ලෑටි ගෑවා.....මං බලන් උන්නා...කියන කතාව අවසානෙදි එයාට ගේන්නෙ වේදනාවක්...වෙන මොකුත් නෙවෙ....එයා හිතන්නෙ...ඒ වෙනුවට මම උන්නා නම් කියලා...මම උනත් එහෙම හිතනවා....මොකද ....මේ ලෝකෙ කිසිම කෙනෙක් සීයට සීයක් යතාර්තෙට මූන දෙන්නෙ නෑ....හේතුවක් නැතුව හරි...ආදරේ කරන කෙනාගෙ කලින් එකා එක්ක තරහ ගන්නවා...ඒක හැමෝටම පොදුයි...මං හිතන්නෙ...ඒ තරහව ඇති කරන්නෙ වේදනාව එක්ක....

විතේන්.....දන්නවද...මිනිස්සු හිනාවෙන තැන් වගේම සැහැල්ලුවෙන තැන් තියනවා...හිනා වෙන තැන් වල සීමා වෙච්ච තැන් තියනවා...තුරුල් කරගත්තට හාදුවක් දෙන්න බැරි තැන් තියනවා....හාදුවක් දුන්නත් අල්ලලා මිරිකලා, අතගාලා ,ඇගිලි තුඩුවලට හැගීම් දැනෙන්න දෙන්න බැරි තැන් තියනවා....ඇගිලි තුඩු වලට හැගීම් දෙන්න පුලුවන් උනත්...එතනින් එහා යන්න බැරි තැන් තියනවා...

මම ඔය හැම කඩුල්ලකටම අහු උනා..නිදහසක් නෑ.....ආදරේ කෙරුවා උනත් සමහර සමහර හේතු....හින්දා මම එයාව පරිස්සම් කෙරුවා ...විතේන් ...ගැහැනියක් පරිස්සම් කරන එකයි ..පිරිමියෙක් පරිස්සම් කරන එකයි හරි වෙනස්....උඹ මගෙ හින්දා....මට උඹට ගහලා අතක් පයක් කඩලා දාලා හරි මගෙ ගාව තියා ගන්න පුලුවන් වෙයි....ඒත්.....ගැනුන්ට එහෙම බෑ...උන් වෙලාවකට පෝර්සිලේන් වගේ.....ලාවට වැදුනත් පුපුරනවා.....ඉතින්....පෝර්සිලේන් එකක් ලගතියනකොට...හිනා උනාට....සැහැල්ලුව තියනවද මගෙ මැනිකේ....මට ඕන වෙලාවට අර අත පය විසික් කරන්න පුලුවන්ද ...

........

ඉතින් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මගෙ විතේන් සමහර දේවල් මං උඹට දෙන දේවල් එක්ක සසදන්න එපා...ඒකෙන් වෙන්නෙ. ..අද තියන සතුට නැතිවෙලා ගෙවුන ඊයෙ ගැන වද වෙන්න....අපිට ඊයෙ දවසටත් වඩා....හෙට දවසටත් වඩා වටින්නෙ අද දවස නේද මගෙ පොඩි හාමු....ම්ම්ම්ම්

එයා මගෙ දිහා බලලා හිනා උනා...

එයා හිනා වෙලා පුරුදු විදිහටම මගෙ කලවයක් හිමින් පිරිමැද්දා ...ඇදන් උන්න ශර්ට් එකේ උඩ බොත්තම්ම දෙක තුන ගලවපු මම එයා ලව්වාම අත් දෙක උඩට නවාගත්තා ....

දැන් හොටෙල් එකට ගිහින් තේරුමක් නෑනෙ....අපි වලව්වට ගිහින් බලමුද විතේන් ....

ඔව්..දැන් ඉතින් හතත් පහුවෙලා මෙච්චර වෙලා යනකන් උන් හොටෙල් එකේ ඉන්නෙ නෑනෙ...

ම්ම්....ඩියෝනයට කෝල් එකක් අරන් කියන්න අපේ එකීට කාමරෙන් එලියට බහින්න දෙන්න එපා කියලා මොකද දැනාමත් හාමුවලා ටික බයිනෙත්තු බට අරන් හොර බෑනව හොයනව ඇති පෙති ගහන්න.....

මම එයා ලව්වා ඩියෝන්ට කෝල් එකල් ගත්තා වගේම ස්පීකර් ඔන් කරපු කෝල් එකෙන් ඌ එහා පැත්තෙ ඉදන් නහින්න හදනවා.....

හලූ...නිතේස්...ඔයාලාගෙ නංගි බබා නාගන්න ගියා ඒයි...අනේ මන්දා.....ඒ කෙලීව අපිට ඇහැක්වගේ බලාගන්න වෙයි නේත නිතේස් ...

ඔව්..ඒක තමයි මං ගත්තෙ .....

මේ ලමයිනුත් හරියට ගින්දර දෙනවා අප්පා...ගෑනු ලමිස්සියෙක්නෙ.....ඈ නිතේස්....ඉන්න තැනකින් ඉක්මටනට එන්න අයියෝ....අපේ විතේන් වත් පයිස්සමින් එක්කන් එන්න ..විතේනයො...බිබික්කම වගේ ඉන්නෙ නැතිව පොඩ්ඩක් ඔය සුක්කානම අතට ගන්නවා ඒයි.....අපේ නිතේසුත් පුස්නාම්බුව වගේ ඉදන් ඇති මල කෝලන්...මට මේ සෙනෝන්ගෙ වැඩයි..ලමයගෙ වැඩයි...නංගි බබාගෙ වැඩයි එක්ක ඔයාලා දෙන්නව මග ඇරුනා ඒයී .....වරදක් කලත් සිතකින් නෙවෙ රිදවන්නෙ පලිගන්නෙ ඇයි...ඒ...යි...

යෝහ් ....ඔය කන් දොස් කිරියාව නවත්තහන්කො.....

ආ...මේ...විතේන් මේ...එන්න එපා ඔව්වට විතරක්..අපේ නිතේස්ව දැලේ දාගන්නකම්ම සැලුන් එකට බඩගාලා...හොදට උන්න මේ ලමයටත් සල්ලි දීලා රවට්ටගන...දැන් අපේ නිතේස් අයියව රවට්ටගන....සැරත් කරන් එන්න එපා හරිතේ..... ම්හුක් ..අනේ නිතේස් ගහපිය ඔන්න ඕකට...

මං අහන් උන්නා ..අරකා කැඩුන රේඩියෝ එකක් වගේ ඉවරයක් නැතිවම කියවනකොට මම අහන් උන්න වගේම මට තේරුනා මට තව චුට්ට වෙලාවකින් ශකබුම් වෙනවා කියන්න.....මගෙ බොටමයි හොර ගෑනියි ආයම වලියක්....

අනේ ඇත්තමයි විතේන් .....

ඇයි මොකද

ඇයි මොකත අහන්නෙ..මට එන තරහවට ඔයාව යට කයිසමකුත් නැතුව පොල්පරාලයක් උඩ රූට්ටවන්න හිතෙනවා.....

එපා පගො....අනේ...නිතේශ් ...අහන් ඉන්නෙ...බැනකො මූට...ඇට දෙකත් එක්ක හිරි වැටිලා ගියා....මං ආවොත් උඹව ඇදුම් නැතුව අන්නාසි වත්ත මැද්දෙන් දුවවනව ඩියෝනයා. .හරි...අපි දන්නෙ නෑ.....අන්නාසි වල යුශ බොන්න ආව නයෙක් හරි ගැරඩියෙක් හරි උඹගෙ ඇට කුට්ටම දැක්කොත් බොක් ගාලා අල්ලයි ආ...

එව්ව්ව්....යැයියා...අනේ...සෙනෝන්...මේ බාන්නකො...සෙනෝ....න්න්...මේ නිතේසයගෙ බොටමා පුංචි පැටියට අනම් මනම් කියනවනෙ.....සෙනෝන්.....ඔයාගෙ ලමයගෙ අම්මියට අර ජූතක බමුනා අනම් මනන් කියනවනෙ.....සෙනෝ.....න්න්

නිතේශ් ..බැනපිය මූට....බැනපන් මේ අදින්න පුබ්බකයට...

උන් දෙන්නා මරාගන්නවා....මිස්ටර් විතේන් දැන් අනිත් පාර දොන්ත විතේන් කෙනෙක් වෙනකොට මයි ශෙනෝනයයි මුන් දෙන්නා හින්දා හත් පොලේ ගාගන්න ගමන් උන්නා...සනී මාමා...රිරි ගාගා..පාගා...පාග....ගාගනි...!!! ඔලුව කැක්කුමයි....වලවේ නාඩාම් මදිවට මුන්ගෙත් නාඩගම් බලන්න එපැයි.....

මගෙ දොන්ත විතේනයා මාව හොලව හොලව අරූට බනින්න කියනකොට ගුටිකන එකේ ඉවරයක් නැති හින්දම උන් දෙන්නටම එක වර බහු වචනෙන් බැන්නා...

අනේ පින් සිද්ද වෙයි දෙන්නම කට වහපල්ලකො වදේ.....මේ මොන මගුලක්ද....ඩියෝන් තියපන් ඵෝන් එක...

හ ඉතින්....ඕකට බයින්නෙ...ඔයැයිගෙ බොටමනෙ.....

හරි.....මන් ඌ ගැන බලා ගන්නම් තියපිය ඵෝන් එක....

හ....ඉතිම්...පයිස්සමින් මගෙ ආදරනීයම රන් කද විතේන් සුදු මහත්තයෝ....

ආ.....ව්ව්.....හ්හ්හ්.....

හොර ගෑනි සුදු මහත්තයො ගානකොට මූනෙ තිබුන මන මාල කම...උඹ මහ ගෑනු හොරෙක් නිතේශ් ..උඹ මහ හෑනු හොරෙක් ....නරකාදියා...උඹවයි හෙලුවෙන් පරාලයක් උඩ රූට්ටවන්න ඕනේ....පොල් කීරි ඇනිලා මැරෙන්න....ඇයිවදේ.....

මොන්ද යකෝ කියන්නෙ...චූ බරකුත් අවා...

මන් බලන් උන්නා.....එයා මට බැනලා බැනලා මගෙ අත් ගොබෙත් හයියෙම්ම හැපුවා ඒ විතරක් නෙවෙ මගෙ නහයෙ රෝම ගහකුත් ඇද්දා මට දඩාරියන් සයිස් කිඹුහුමක් එක්ක කුනුහර්ප පහක්වැලක් කටින් විසිවෙනකොට බොරූවට රන්ඩුවෙන ඊරිසියා කම් කරන මගෙ විතේන් ගස්ස පද්දන් අහක බලාගත්තා උනත් මං බලාගන ඒ කට වැඩ කරනවා ..මට බනිනව...මගෙ යක් පැටියා ....

මගෙ විතේන් ...

ම්ම්හුක්...

මැනික....මේ බලන්නකො....පුංචි දේවල් වලටනෙ මේ රන්ඩු වෙන්නෙ....

ම්හුක්....

යෝ...ඉතින්...මගෙ චූටි බිබික්කමට තරහා ගිහින් නේ...

ම්හුක්....ඇයි...අර හොර ගෑනි ඉන්නෙ...

ආ....ගොර ගැනී වගේද මගෙ මැනික....නෑනෙ.....අනින්ට නිලමෙ කියලා කෑ ගහන්න හරි ඉන්නෙ මෙච්චරනෙ....

යමන් සුදු අප්පො...උඹටත් බොරු මොත්තෙ දාන්න දන්නෙම නෑනෙ..

එයා මගෙ පැත්තට හැරුනා....එයා හිනා වෙනවා ..

පුංචි පුංචී කෝලම් ගොඩකින් උනත් ආදරේ ලස්සන කරගන්න පුලුවන් කම තියෙනකොට මොකට මිනිස්සු ආදරෙයි කියලා පෙන්නන්න තමන්ට උහුලන්න බැරි දේවල් කරකර නහින්නෙ..

තේශී....

ඕ..පන ..

වලව්ව දැනටමත් ඉලව්වක් වෙලා වගෙ තේශී...

කන්ද උඩින් ඇවිත් ගේට් එකෙන් ඇතුලට නොදාරතු පාට මැයි මල් ගහ හරියෙදි මන්කාර් එක නවත්තන් උන්නා වගේම ලයිට් බබල වලව්ව එකම යුද්දයක් වෙලා කියන එක මං දැක්කා.....මේක ලේසියෙන් ඉවර නොවෙන යුද්දයක් වේවි...

මං නොදැන උනත් කරලා තියෙන්නෙ ලොකු වරදක් තේශී...ඒත් ඒකි අවිත් ඒකිව හංගන්න.....පොඩීට වගෙ ඒකිට වෙන්න දෙන්න එපා කියලා ඒකිව බේරන්න කියලා අත් දෙක වැදලා ඉල්ලනකොට මම කොහොමද නිතේශ් අහක බලන්නෙ...මට ඒකිගෙ කදුලු වලට වඩා ඒකිගෙ නොකියපු දුක දැනෙන කොට මට දුක හිතුනා තේශි .....

මම බලන් උන්නා..ගිනි ගත්ත වලව්ව ඇතුලෙ තව තව ගිනි ගන්නකොට එයා මට එයා වැරද්දක් කෙරුවා ඒත් ඒකට හේතුව මේකයි මේකයි කියනකොට මං වචනයක් නොකියම අහන් උන්නා..එයා හරි....එයා උන්න තැන මම උන්නත් මං කරන්නෙත් ඒක....මන් බලන් උන්නා වැරන්දාවෙ උන්න සීයා තාත්තා එහා යනවා මෙහා යනවා ...පොඩී ගෙදරින් ගිහින් මෙහෙම නම්....

මගෙ එක දැනගත්තු දාකට ....අනිවාර්යයෙන්ම මට වෙඩි තියලා දාවි...

සුදු මහත්තයා ..

ඇයි මැනිකේ...

පොඩී ගිහින් මෙහෙම ...නම්...

එපා පන.....

මං එයාගෙ කට වහලා දැම්මා....මොන පවටද මන්දා මං තත්පරේකට උඩදි හිතුන් හිතපු දේ එයාට වචන වෙනකොට මං බය උනා...

විතේන් .....මං...එහෙම දවසක් එනවට වත් කැමති නෑ මගෙ විතේන් ...

මගෙ අත තිබුනෙ තවමත් එයාගෙ කට උඩ වෙනකොට එයාගෙ නලලට මං මගෙ නලල ගහ ගත්තා ...උන් මාව මරාවි ...මෙච්චර මං දන්නෙ..මාව මැරුවත් කමක් නෑ මගෙවිතේන්ට මොකුත් නොකර...

සුදුමහත්තයා ...වලව්වක් කියන්නෙම මහ උලු ගෙදරක්....උන්ට තියන නීති....උන්ට තියන උද්දච්ච කම් හින්දා කීයක් දෙනා නම් විදවනවද ....නොදැනුවත්ම උනත්...මං අවුලලා තියෙන්නෙ මහ ගින්නක්.....උන්ට ඒකිව දැන් අහුනෝතින් කෑලි කරාවි තේශී....මේ උනත්....ඔය මොන පට්ටමටත් වඩා....හැගීම් දැනීම් ලොකු නැද්ද .....ඒකිට එහෙන නම්...අපිට මොනා නොකරයිද තේශී....

මොන ප්‍රශ්නෙ ආවත් අල්ල ගත්තු අත අතාරින් නෑ කියලා අපි අපිටම පොරොන්දු උනත්....අපි බය වෙන තැන් එනවා ...ඒ කොහොම උනත් මේක ..අපේ ආදරේ සුරංගනා කතාවක් නෙවෙ අමු ගිනි ගොඩක් කියන එක දැන දැනමෙ අපි ලන් උනේ....මොන දේ උනත්...අපි එකට ඉමු සුදු මහත්තයා ....

එයා කියවනවා...සීයා තාත්තගෙ ගොරනාඩුව ...ලොකු අප්පච්චිගෙ ගොරනාඩුව එක්ක මං එයා කියපු දේ අහන් උන්නා වගේම මං අපේ එකට පැටලුන අත් දිහා බැලුවා ..

මගෙ මැනික....සම්මතද ....අසම්මතද.....

සම්ප්‍රාදායකද නැතිද උනත්....මං ප්‍රාර්තනා කරන්නෙ මෙච්චරයි මගෙ විතේන් හැමෝටම ලබා ගත්තු ආදරේ හිමිවෙන්න ඕනා ජීවිත කාලයටම පුරාවටම ...ආදරේ කරන්න ඕන හදවතට මිසක්....ලේබලේකට නෙවෙ .....එන්නෙ මොන ප්‍රශ්නෙද....වැටි වැටි හරි මූන දෙමු....හැබැයි ....මේ අත අතාරින් නැතිව....

මං හිනා වෙලා කාර් එකෙන් බැස්සා වගේම එයත් බැස්සා කාර් එක ගේට්ටුවෙනුත් පිට නවත්තපු මන එයා එක්ක වලව්වට ගියා...

ඔය එන්නෙ ඔය එන්නෙ.....ඔය එන්නෙ.....ඇත්ත කියපන් පරයා...තෝ නේද මගෙ කෙල්ලව ගෙනිච්චෙ ..මෙතනට ආවෙ මුන පෙන්නලා යන්න එහෙමනෙ...මං තෝව අද බාවනවා යකො.....

ලොකු අප්පච්චි ....ලොකු අප්පච්චි...අතෑරපන්...අතෑරපන් යකො....ඌ කොහෙද තොගෙ දුවව අරන් ගියේ අතෑරපන්...වෙච්ච දේ නොදැන ගහන්න එපා යකො...අතෑරපන් මිනිහො...මෙන්න මූව අල්ලපියව්කො තොපි ගල් ගිලලා වගේ ඉන්නෙ මූසල හැත්ත....

අතාරින්න.....අතාරින්න....අහපන්...මූ මගෙ එකීව කොහෙද ගෙනිච්චෙ කියලා ...මං මූව බාවනවා අද....අතාරින්න නෙවෙ යකො...මූ එක්ක තමයි ඒකි අවසානෙට ඉදලා තියෙන්නෙ...මූම තමයි අරන් යන්න ඇත්තෙ ...

ලොකු අප්පච්චි .....නවත්තපන් යකො.....කියන රෙද්ද අහලා ඒ කොල්ලව අතෑරපන්...

කියාන් ....පර බල්ලා....කොහෙද මගෙ කෙල්ල...කොහෙද ...කොහෙද ....කියපන්.....කොහෙද යකෝ...මගෙ..කෙල්ල...මං තෝව වරු දහ අටක් දඩු කදේ ගහනවා....

ලොකු අප්පච්චි ....මිනිහො....කිව්වම අහලා ඇතෑරපන්...ඌ තොගෙ කෙල්ලව ගෙනිච්චා නම් මෙහෙ එයිද යකෝ....අතෑරපන්....කිව්වම අහලා අතෑරපන්...සීයා තාත්තා....මං මූව..

මරනවා.....අතාරින්ඩ කියපන්...

..

නි...තේ.....ආහ්...ව්...

මං එයා එක්ක වලව්වට එනවත් එක්කම මාරාවේස වෙලා උන්න ලොකු අප්පච්චි අතේ තිබුන බෙහෙත් තුවක්කුවත් අරගන එන ඒමටන මගෙ අසරනයට ගැහුවා වගේම මං පොර බැදුවා....ඌ මගෙ කොල්ලගෙ මූනට දෙක තුනක් අනින කොට මම ලොකු අප්පච්චිව අල්ල ගත්තා උනත් මාරාවෙසෙන් උන්න ලොකු අප්පච්චි මගෙ කොල්ලට ඉවක් බවක් නැතිවම හැහුවා.....අනිත් උන් බලාගන උන්නා මිසක් මගෙ අප්පච්චිවත් පිහිටට උන්නෙ නැත්තෙ අපේම කරුමෙට වෙනකොට සීයා තාත්තා පවා බලාගන උන්නා....එකෙක් නැවැත්තුවෙ නෑ...

තේ...ශී....හ්...තේ...ශ්...

එයාට ආපිට පාරක් ගහනවා තියා හිතන්නවත් ඌ ඉඩක් ඉතිරි කෙරුවෙ නැතිවෙන කොට ලොකු අප්පච්චි කියන තිරිසනා එයාට තුවක්කු බදෙන් යටි බඩට ගහපු පාරත් එක්ක විසික් වෙලා ගියා වගේම ඒ මූනෙ තිබුන කියා ගන්න බැරි වේදනාව මං දැක්කා වගේම මගෙ ඉවසීම නැත්තටම නැති වෙලා යනකොට මං කෙලිම්ම ලොකු අප්පච්චිව බෙල්ලෙම්ම අල්ලගන අත මිටිමොලවලා මූන පුරවලා එකක්.....නෑ...නෑ..දෙක...ක්.....ඒත් නෑ....තුනක්...හතරක්ම

ගැහුවා ....අත් දෙක එකට තියලා පිටි පස්සෙන් අල්ල ගත්තු මං අනිත් අත කෙලිම්ම උගුරු දන්ඩ හරහා යවනකොට ගහපු පාරට නාස් පොල්ල කැඩිලා ගිහින් තියනකොට මං කෙල්ලිම්ම බෙල්ල මුලිම්ම හිර කරන් අල්ලන් උන්නා ආය හුස්මක් කටක් වත් ගන්න ඉඩක් නොතියම ...

නිතේශ් ....නිතේශ් ....අතෑරපන්....අතෑරපන්.....

ලන් වෙන් නෑ...තොපි එකෙක් හරි ලන් උනොත්...මං මුගෙ උගුරු දන්ඩ කඩලා දානවා ....තොපි එකෙක් වත් ලන් වෙන් නෑ.....මූ අච්චර අර කොල්ලට ගහනකොට තොපි එකෙක් බේරුවෙ නැ....තොපි ඔක්කොම බලන් උන්නා...තොපි....ඔක්කොම බලන් උන්නා.....තොපිට කොන්දක් නෑ...

තේ....ශ්...

විතේන්....පලයන්...උඹ පලයන් ...මං අද මුන් ඔක්කොම මරාගන මැරෙනවා යකො.....

තේ... .ශීහ්..

නොහිතපු වෙලාවක වැදුන පාරවල් එක්ක එයාටකර කියා ගන්න දෙයක් නැතිවෙනකොට තුවක්කු බදෙන් වැදුන පාරවල් සැර උනා නොසෑහෙන්න....හිතේ තිබ්බ තරහව තුවක්කි බද දිගේ යවපු ලොකු අප්පච්චි මගෙ විතේන්ට දෑත බදලම අනිනකොට මම ඇරුනම එකෙක් වත් පිහිටට උන්නෙ නැතිවෙනකොට අනිත් ඉන් බලන් උන්නා...

නිතේශ් .....නවත්තපන්.....

සීයා තාත්තේ....උඹ ආවොත්...උඹ අඩියක් හරී ආවොත්...මං මූව මරනවා....මන් උඹවත් මරනවා...දලදා හාමුදුරුවො පල්ලයි....මං උඹලව මරන එකම මරලා දානවා ...උඹට දැන්ද කට පන ආවෙ යකො...වරදක් නොකරපු එකාට තොපි ඌ වරදක් කතා කෙරුවෙ නෑ කියන්නවත් කට අරින්න ඉඩක් තිබ්බෙ නෑ.....නඩු බඩු ඕක්කොම තොපේ ..අනික මේ වේස ගුබ්බෑයමෙන් ගෑනු හොරකන් කරන්න ඌට අහේනියත් නෙවෙ අන්න ඒක මතකතියා ගන් ....

මම ලොකු අප්පච්චිව දෑතිම්ම මිරිකන් ඌට හෙලවෙන්න බැරි කරන තරමට දරදඩු කරන් කෑ ගැහුවා....සීයා තාත්තගෙ මූනට ලේ පිරිලා තිබ්බා....ආය වලව්වෙ පස් වත් පාගන්නෙ නැති තැනටම මම කෑ ගැහුවා.....ඒ එක්කම අම්මා ඇවිත් මගෙ අතේ එල්ලුනා වගේම මට අම්මා එක්ක ඊට වඩා කේන්ති යනකොට මම අම්මා දිහාවට හැරුනා....මොකද අම්මා තමයි මේ ඔක්කොටම සාප වලට හේතුව.....

සුදු මහත්තයා.....අනේහ්..අතෑරපන්කො.....අනේ අතෑරපන්...

අතාරින්ඩ..මන් තොට කිව්වද අනීතා....මං තොට කිව්වද නැද්ද මුගෙ එකීව ඌ ගෙනිච්චෙ නෑ කියලා ....තොට මං කිව්වද නැද්ද...මම සුද්ද සිංහලෙන් නේද කිව්වෙ...තොපිලා ඔක්කොම එකතුවෙලා ඒකිව මුගෙ කාමරේට රිංගවනකොට ඒකිගෙ අප්පා උන මූ උන්නෙ තොපෙ රෙද්ද අස්සෙ රිංගලද....ආ යකො.....

සුදු...පුතා...අනේ...ඇතාරපන්කො...අප්පච්චි ...එන්නකො ...මේ මනුස්සයව මැරෙයි...

මේ...මේ..මේ.....හ්හ්..තොපි මාව...දැන් අල්ලන්න හිතන්නවත් එපාහ්....තොපි ඔක්කොම එකයි...තොපි ඔක්කොම එකයි...තොපිදන්නෙ මරාගන්න විතරමයි ...එහෙම එකේ මූව මැරුවට මොකද...ආ?

මම කෑ ගැහුවා....අම්මා ලොකු අප්පච්චිව අතාරින්න කියනකොට මම අම්මට අම්මවත් නොකියම කෑ ගහනකොට මාව අල්ලන්න ආව අත්තම්මව මම තල්ලු කරල ඇරියා....

දෙයියන්ගෙ නාමෙට නිතේශ්....ඕක නවත්තපන් නිතේශ් .....මේ කොහෙවත් යන එකෙක් හින්දා උඹගෙ උන්ට අත උස්සන්නෙ....

නවත්තන්නඩ...නවත්තන්න.....අත ගනින් මහ මැනිකෙ....තොපි එකෙක් වත් මූට ගහනකොට බේරගන්න ආවෙ නෑ...දැන් අතාරින්ඩලු...ඇයි තොපේ උන්ගෙ ඇට බිදෙන කොට විතරද අමාරු...එතකොට..මූ...ඇයි මුගෙ අම්මා අප්පා මූව හැදුවෙ තොපෙන් ගුටි කන්නනෙ.....ඇයි මූට රිදුන් නැද්ද...අනික කොහෙවත් යන එකෙක් හින්දා තමුන්ගෙ උන්ට අත උස්සන්නෙ කියන්නෙ....මුන්ට කොන්දක් තියනවද .....ගෑනු තොපි තමයි මුන්ව කාලා තියෙන්නෙ අපිව කෑවෙ...බලපිට අර කොල්ලගෙ වෙදනාව....අරූට විතරද රිදෙන්නෙ. ....

නෑ මං මූව අතාරින් නෑ....මං මූව අද මරලමයි නවතින්නෙ....තොපිට මරන්න හොදනම් ඇයි යකො මට බැරි....තොපිට පුලුවන් උනා තොපේම උන්ව මරාගන්න....අර කොල්ලා වරදක් කරේ නෑ කියලා මම උගුර කඩාගන කෑ ගහනකොට තොපි එකෙ ආවෙ නෑ....පල අහකට...පල....මට තොපි මේ වලව් සංහතියටම වැහි නැති හෙන ගහලා හැදිගෑවිලම යන්නෙ නෑනෙ.....

ආ...හ්ව්....

අනේ...අම්මාහ්....

මම අත්තම්මව අල්ලා තල්ලු කරලා යැව්වා වගේම උන්දට එක පාර වාරු නැතිව ගිහින් එතන තිබුන රෝස පදුරෙ ඇමිනුනා...මම ලොකු අප්පච්චිව අතෑරියා අතෑරලා කොලර් එකෙන් ඇල්ලුවා...

නිතේශ් මාව අතෑරපන්....මාව අතෑරපන් යකො කිව්වම අහලා...

ඇයි...අතෑරියම උඹ ආයම අත පයේ හයිය පෙන්නන්නද...තොට තොගෙ කෙල්ල ඕනා නම්...පල...ගිහින් හොයපිය ....ගිහින් නුවරම පීරපිය....මෙතන මේ ගෑනුඅස්සෙ රිංගන් නාකි පකාගෙ කතා අහන් බයිනේත්තු බට අරන් නැහුනට වැඩක් නෑ....තෝ අප්පච්චිනෙ පල...ගිහින් හොයපිය ....හැබැයි....තෝ නොදන්න කෙහෙල් මලවල් කරන්න ගියොත්...මං තෝත් මරලා...තෝව උසිගන්නපු උන්වත් මරලා දානවා හරි....ලොකුඅප්පච්චි ගගා කතා කෙරුවට මොකද....තෝ මහ අමු ගොනෙක් යකො...ගෑනිගෙ ගෙදර බින්න බැහැලා...තොපි වලව් කාරයොලු...ඒකට මොකද....

වලව් කාරයෙක් නෙවෙ...තෝ තනිකරම මහ මල් පොන්නයෙක්....

යකො අහපිය ගෑනි තොගෙ දුවව මහ පාන්දර මොකටද එක එක කොල්ලන්ගෙ කාමර අස්සෙ යැව්වෙ කියලා...ඒකිට තලපිය...තොපි ඔක්කොම පිරිමි උනත් එක පකෙක්ට කොන්ද නෑ...තොපි කටේ ගහන් ඉන්නෙම වලවේ කෙරුවාව නෙ....එතකොට මැනිකෙලා නටන නාඩගම්...ඒවා...ඒවා දන්නෙ නෑ....

තේ...ශි....හ්...මූව මැරෙයි...

මැරෙයි....මැරෙයි නෙවෙයි....

අනේ අතෑරපන්කො..මට අමාරු ...වක්...නෑ....

ඊලග පාර උඹට කන්න ආස නම්...මගෙ ඇගේ එල්ලියන් විතේන්....කරුනා කරලා...මාව අතෑරපන්....හරි...මාව අතෑරපන්....මං ආය කියන් නෑ...මාව අතෑරපන් යකො....

මම උන්නෙ ලොකු අප්පච්චිව බිත්තියට තද කරන් වෙනකොට මගෙ ඇස් දෙක එලියට පනින තරන් වෙලා තිබ්බා...කවදාවත් තරහා නොයන මට තරහා ගියහම අමු සතෙක් වෙන කොට මගෙ කම්මුල් පවා වෙව්ලුවා....එයා මගෙ ඇගේ එල්ලි එල්ලි මාව ඇද්ද උනත් මම කෙරුවෙ අරූගෙ බෙල්ල තද කරපු එක වෙනකොට ඒකගෙ මූන නිල් වෙලා තිබ්බා වගේම මම විතේන්වත් තල්ලු කරලා දැම්මා.....

ලොකු...හා...මු.....ලො...කු....හා...මූ...

මොකද බොල කියාපිය....කියාපිය.....ඕකි ඇදුනුත් අරන් ගිහින්ද....

ඔ...ඔ...ව්...හාමු.....මේන්...මේ...ලියමන.....ති...බ්බා...ඇද...කොට්ටෙ...යට...

ලියමන.....මෙහාට දීපිය බලන්න...පරට්ටි...ලියමනවල්...ලියලා.....මේකි අපේ මූනෙ දැලි අතුල්ලලා ගිහින් තියෙන්නෙ ලියමනවල් ලියලද .....සියාතු...ගනින් ඔය කාර් එක....මං අද ඕකිව හොයාගන ඒකව එතනම බාවලා...ඕකිව ගෙදර අරන් ඇවිත් හම ගහනවා....පරට්ටියො.....

මම ලොකු අප්පච්චිව අතෑරලා විතේන් දිහා බැලුවා..මගෙම වමතින් ලියපු ලිවම සීයා තාත්තා අතේ තියනකොට මං බලාගම ඒ මුන තරහෙන් පුපුරන්න එනවා.....

අත්තම්මගෙ අත පය පරන වෙලා කටු නාකි වෙච්ච රෝස ගහට හීරිලා තියනකොට ..රන්ඩුවට අත ගහන්න බය උන ගෑනු බයේ වෙව්ලන ගමන් උන්නා...

ඇයි...මොකෝ...මේකගෙ දුව කියලා ගිහින් තියෙන්නෙ.....වෙන මිනිහෙක් එක්ක යනවා කියලද....ඔව් ඒකිලා වෙන උන් එක්ක යන එක සැපයි...උන්ගෙ අම්මලා එකතු වෙලා උන්ව එක එකාගෙ කාමර වලට තේ අදින්න දානවට වඩා....ඒක නම්බුයි...ඒක උන්ට හොදටම නම්බුයි....

නිතේ...ශ්....උඹ..මොකක්..ද..කිව්වෙ.....

ආ....ඇයි...ලොකු අප්පච්චි ...අඹුවගෙ කෙරුවාව දන්නෙ නැද්ද...ආ.....හරි...ශෝක්...හරිම ...

ශෝක්....හොද සෙල්ලමනේ...උඹ දන්නෙ නෑ....උඹ දන්නෙම නෑ...උඹ..බබා...ආ යකො.උඹ මේ හිතේ සැකේට අරකිලාගෙ හංගලා වචන කියපු කතා අහලා කුලප්පු වෙලා ඇන්නට....උඹගෙ ගෑනියි..මේ මහ එකියි.....

නිතේශ් ...

ඇයි විනීතා ලොකු අම්මෙ...උඹට අමාරුද...අනීතා...විනීතා...සුනීතා...

නම් තුනම එකයි....එක වගේ මී හරක්....රෙද්දෙ පිහන්න ඕනා උන් වැදුවම ඔහොම වෙනවා.....මුන් ඉපදිලා තියෙන්නම මොල නැතුව....තූ උඹලා...තූ.....විතරක්.....ඈ විනිතම්මෙ උඹ නෙවෙද මහ එකිගෙ පදේට නටලා ඒකිව අරූගෙ කාමරේ අස්සෙ රිංගෙව්වෙ....නිදි ඇදුමෙන්ම....ආ....උඹ නෙවෙද ...උත්තර දියන්..උඹේ මේ නල්ල මලේ බින්න බැහැපු හොර හාමුවා දන්නෙ නෑ....වීර සේකර හාමු දන්නෙ නෑනෙ උඹේ කෙරුවාව...කියපන් කට ඇරලා.....අමු හොරෙක්...මූ මූගෙ කට විතරයි.....පින් බත් ගිල ගිල අත පයේ හිරි අරින්ඩ....මතක තියා ගනියව් ....තොපි එකෙක් වත්..මගෙ අප්පච්චි තරන් නම්බු නෑ..හරි.....අහපිය අඹුවගෙන් කරාපු හරිය මොකක්ද කියලා.....

මොක...ක්...විනීතා...උඹ....

අයියෝ....පව්....මේ පේනවනෙ.... උඹගෙ වාහෙ දන්නෙ නෑ....අනේ යකො....ඔයිට වඩා නම්බුයි ඒකිව පිටකොටුවට යැව්වා නම් බෝ ගහ යට හිටන් ඉන්න....මිනිස්සුන්ව අල්ල ගන්න කාමර අස්සට තේ අද්දවන්නෙ...ඒකත් මහ පාන්දර..මෙ නැකිටන් උන්න අපිට එව්වා නම් කමක් නෑ..වැඩ කරන අපිට එව්වා නම් කමක් නෑ....බුදියන් ඉන්න උන්ට ඇහැරවලා තේ පොවන සිරිතක් තියනවද බොලව්...නෑ...කතා කරපියව්....බුදියන් ඉන්න උන්ව ඇහැරවලා තේ පොවනවද....

උඹට ඕනා උනෙ මොකක් හරි කරලා ඒකිව මුගෙ කරට ගස්සවන්න...ලැජ්ජයි යකෝ..උඹලට අපි අම්මා කියනවට ගහන්න ඕනේ බූවල්ලකට හුජ්ජ කරල....ඒකට මොකද වලව්වෙ මැනිකෙලලු....පත්තිනි වගේ උන්නට මුන් ඔක්කොම තනිකරම රෙදි වල තුත්තිරි අමුනවගත්තු උන්...අනික ඔව්වා ලේවලින් එන වෙට්ට ගති....මහ එකත් එක එකාගෙ ගෑනු එක්ක්ක් බුදිය බුදිය යනවා..දුවලා උන්ගෙ දුවලව නයිටි පිටින් එක එකා ගාවට යවනවා.....සල්ලි වලටයි....වලව්ව්ව් නමටයි වහ වැටුන උඹලා මහ

නිතේශ් ...කට..වහපන්....

චටාස්...!!!

මම කියාගන කියාගන ගියා...අඩුම ගානෙ කිව්වෙ මොනවද...මොන කුනු හර්පද කියන්න මමවත් නොදැන ඉන්නකොට මගෙ වම් කම්මුල හරහා වලලු දාපු අතක් ගියා වගේම කන රත් වෙන්න වැදුන පාරත් එක්ක මම මූන අනිත් අතට හරවන් උන්නා....විනීතා අම්මා....බිනරිගෙ අම්මා....මගෙ විතේන්ව බලෙන් කර ගස්සවන්න හදපු ගෑනි...සුදූට උන් එදා වහපොවනකොට දගලන කකුල් දෙක අලන් උන්න ගෑනි....පොඩීව එහෙට දෙන්න ඕනවටත් වඩා කැමැත්තෙන් ඉන්න ගෑනි...මාව අර කොහෙවත් නැති එකීට දෙනකම්ම සිහියක් පතක් නැති ගෑනි...අපේ අම්මටත් වඩා අත්තම්මගෙ ඔලුව කන ගෑනී.....එ ඔක්කොම හිතට එකින් එක එකින් එක වද දෙනකොට මම හරවන් උන්න මූන කෙලින් කෙරුවා වගේම මගෙ පුපුරු ගහන කම්මුලට වඩා උන්ගෙ වද බන්දන මතක් වෙනකොට තරහව වැඩි කමට මගෙ තොල්පට පවා වෙව්ලනකොට මම හිතේම තරහව දකුනු අතේ අල්ලට අරන් අත දිගෑරියා...

චටාස්ස්ස්ස්ස්...!!!!!!!!

ආ...ව්හ් ....අම්...මා...

චටාස්....!!!

ලැබූ ජය සාමකාමිව සමරන්න.....!!!දහසකුත් මල් විකසිත වෙන පීතීමත් සුභ උජෑසනක් වේවා...

මම නෙවෙ මේක ලිව්වෙ....ඇතුලෙ උන්න සාතන්ද කොහෙද ...ම්හුක්....පුම්චි පැටියා මොනවා නම් දන්නවා කියලද.....

ආය එන්නම් ඈ.....දැනට ඩෑස් දෙකක් කෑවනෙ...

බෝනස් ඉල්ලන්ඩ නම් එපා....සගෝ...මේ ටිකේ හොදටම මේ ලමයගෙ ට්‍රැක පැනලා ඉන්නෙ.....කොච්චරද කියනවා නම් උදේට කන්න ගත්තු බිස්කට් එක කෝපි එකේ කියලා පොගවන් කටේ දාන් තිබුනෙ පාස්තා තම්බපු සුප් වතුරට..පැනි රහ වෙනුවට ලුනු රහ එනකොට තමා ඇස් ඇරලා බැලුවෙ...අව්ලක් නෑ...වේපස් එහෙමත් රසයි....

පුම්චි පැටියට මොනවා කියලා නම් තේරෙනවද.....😂😂😂😂😂👉👈

මං යනවා සගෝර්...

ආතරෙයි....ආසියෑන් එක්ක එන්නම්....ඒ ළමයත් ඉවර වෙන්න ලගයින්‍ර්...පව්....ම්හුක්...මේ ලමයට දුකත් එක්ක....(ඔය බොරුව මගෙ😂😂)

අලුත් කතවක් දැම්මා...දැක්කෙ නැති ඈයො...බලන්ඩෝ.....ව්ව්ව්....eewww!!!

Ferdeesha ❤️💚😘 ...

More Chapters