මං නලල මිරිකන් කල්පනා කෙරුවා එයා රයිස් කුකරෙකේ ඉදෙන කැකුලු හාලට කිරි දාලා හැන්දෙන් කූරු ගෑවා...
සුදු මහත්තයා .....ඇයි..
පොඩිගෙ පිරිතලු...
මාස හතෙ...අර අංගුලිමාල කියන්නෙ....
ම්ම්ම්....
ඇයි ඉතින් මේ...ගිහින් එන්න සුදු අප්පො ...නොයා බෑනෙ...උඹට දුක මාව දාලා යන එකනම්...මට මාව බලා ගන්න පුලුවන් නෙ...අනික ...යට ඉන්න හොර ගෑනියි...හොර මිනිහයි....අපි හැමෝගෙම ළමයත් ඉන්නවනෙ ...
එහෙම නෙවෙ මැනිකෙ...
.
එහෙනම් ...උඹ දන්නවනෙ තේශී...මං කියපු කියුම් වලට...මට ඒ වලව්වෙ පස් පාගන්නවත් බෑ කියලා ...අනික....මුන්ගෙ හැටියට උඹ මම පරිස්සම් වෙන්න ඕනා තේශි ...තේරුනාද මගෙ සුදු අප්පොට...ගල්බන්ඩා මොන පර වැඩ කෙරුවත්...මොන තරම් මැනිකේ මැනිකේ ගාලා දෙකට නැමුනත්....නිමල්ව රකින් නැතිව සුනිල්ව රැක්කා උනත්....වලව්ව වෙනුවෙන් දිය උනත්...වලවේ මැනිකෙ කවදාවත් ගල්බන්ඩලාට ඉස්සරහා පැත්තෙ දොර ඇරියේ නෑ සුදු අප්පො....එහෙම කරන් නැති බව දැන දැන උන් කෙරුවෙ ඉස්සරහා දොරින් නොයා උදහසෙන් බේරුන එක වගේම උන්ව රැක ගත්තු එක වෙනකොට ...උඹගෙ මැනිකෙටත් සමහර තැන්වලදි පහු බහින්ඩ වෙනවනෙ නිලමෙ...
මං බලන් උන්නා එයා කියවනවා....මට එයාව එක දවසකටත් තනිකරන්න ලෝබකමක් දැනෙනකොට මං ඔහෙ අහන් උන්නා...එයා කියන කතා ඇත්ත.....නූලකින් වත් ගස්සගන්න මට උවමනාවක් නැතිවෙනකොට මං අහන් උන්නා...
රැවුල වැඩිද අනෙ...ඈ මැනිකෙ....
උය උය උන්න එක පැත්තට දාපු එයා මං හිරවෙන තැනින් ලෙහලා එලියට ගත්තා ...එයාගෙ අත් දෙක තියෙන්නෙ මගෙ වැවුන රැවුලෙ වෙනකොට මං එයාගෙන් රැවුල වැඩිද අහද්දි එයා කටකොනින් හිනා උනා...මුගෙ වල් කම..
රැවුල තියෙනකොටත්....ආ....සයි.....ඒත්...කිචියි...වගේ අප්පා...හ්....
උඹ නම් මහ වල් වැදිලා අප්පා....දෙයක් ඇහුවොත් කියන්නෙම දෙපිට කැපෙන කතා ...ඇයි බන්...ඒ එහෙම....
මම එයාගෙ නහය මිරිකලා හාදුවක් තිබ්බා...
නිතේස්...නිතේ.....ස්.....ම්හුක්...මේ දොර ඇරපල්ලකො....අනේ....එක්කො මේකෙ....පාස්වර්ඩ් එක මට දීපල්ලකො.....ඇරපියල්ලකෝව්ව්.....
අන්න හොර ගෑනිඇවිත්.....අනේ ඒයි අර ලුනුමිරිස් එක ඉල්ලගන්න....මං ලූනු අල්ලන්න ගියෙ නෑ ගදගහනවා....
එයාගෙයි මගෙයි ආදරනීයම කතාව මැදට එකපාරම සුනාමියක් ආවා....වෙන කවුරුත් නෙවෙ පහල ගෙදර ගඩාපි පැටියා වෙනකොට මම සරමත් එක පැත්තකින් උස්සන් දොර ගාවට ගියා....මේකා වැඩ අල්ලන ටයිම් එකෙදිත් දෙපාරක් තුන්පාරක්ම ගෙට ආව දා ඉදන් අපේ එක්කෙනාට මලපැනලා එදා ඉදන් පාස්වර්ඩ් එක මාරු කෙරුවා...
මං දොර ඇරියා....
.
කෝ බොල කලිසම....
ගන්න ඒයි...කයිසන් දදා ඉන්න වෙලාවක් තිබුන් නෑ.....අනික ලිප්ට් එකේ ආවෙ...මේක ගනිල්ලකො අනේ.....
මං බලන් උන්නා..දෙසැම්බර් මාසෙ හින්දමද කොහෙද ලොකුම ලොකු පිනිමුවෙක් ව ඇදපු පිජාමා එකක් ඇදන් නත්තල් පප්පා තොප්පිය දාන් උන්න ගඩාපියගෙ යයට කලිසම තිබුන් නැ.....හමගහපු කුකුලා වගේ එකම රෝමගහක් වත් නැතිවෙන්න වීට් කරපු කකුල් දෙක රෝස පාට වෙනකොට බොටමලා දෙන්ගෙම කකුල් රාබු අල වගේ උනා....අපි දෙන්නගෙ කකුල් කොහිල දඩු වගෙ උනා.... ..
කෝ පලිගුවා....
ඒ ළමයා තවම නිදි ඒයි.....මං ඇහැරුවෙත් නෑ...පව්.....නිදා ගන්න ඕනා වයසෙ නිදා ගන්න දෙන්න ඕනා ඒයි ....විතේ ....න්.....විතේන් ...මේ ඒයි....ලුනුමිරිස ගෙනාවා.....
අදිනවා...අදිනවා බොල.....කෑ නොගහා ගිහින් හොයා ගනින්....
ඌයියා .....මිරිකන්න එපා අප්පා...ඇයි වදේ...අනේ....විතේනයෝ...මේ වලත්ත නිතේසයා මගෙ පුප මිරිකනනේ.....
..සුදු මහත්තයා ....
න්න්..නෑ...මුගෙ බොරු...ඒයි....
පෙනේද...පෙනේද.....මේකගෙ බොරුව....අනුන්ගෙ ගෑනුන්ටත් කෙල හලනවනෙ අනේ....කෝ බලන්න මොකටද මේක දාන්නෙ කියලා...මේ ලමයට කොච්චර වැඩද අප්පා....ම්හුක්
මම බලන් උන්නා....එකා දික් කරගන කුසියෙ තියන බඩු මුට්ටු හොයනවා...මං ඌට ඕන දෙයක් කරගන්න දීලා මගෙ මැනිකෙව හොයන් ගියා.....
එයා එනවා...
මන්දරම් කතවේ....සද කින්නාරාවී...
මොකද තේශී වෙලා තියේන්නෙ...
මගෙ...
නවත්තපන් මිනිහො...මල කරච්ච්ලේ....
මං හිතට දැනුන මෙව්ව එක එක්ක කෑගහලම සිංදුවක් කියනකොට එයා මැරෙන්න හැදුවා....දැන් ඉතින් මෙතන හුරතල් විතේන් නෑ...ආයමත් අර නැට්ට පාගගන්න විතේන්....මිස්ටර් විතේන් ....මිස්ටර් කුරේ...කුකුල් බෙට්ට කරේ....!!!

නාලා කනවද....කාලා නානවද...
කුසියෙන් එන සුවදත් එක්ක බඩගින්න ඇවිලෙනකොට මං මොකක්ද ලේසිම කියලා කල්පනා කරනකොට පොඩි ගඩාපියා යටට ඇදුම නැති උනත් අපූරුවට අපේ ගෙදර වැඩ කෙරුවා .....ඒකගෙ යට කලිසම බටස ආර්මි කියන්නෙ...අනේ මන්දා..මං ඔව්ව දන්නෙ නෑ අනෙ.....මං දන්නෙ දම් පාට විතරයි.....බටස දම් ලු...බ්ලින්ක් රෝස ලු....මං ඔව්වා දන්නෙ නෑ..මුගෙ සැලරි එකම යන්නෙ අලීබාබටයි ඊ බේ එකටයි...මගෙ අම්මේම ගැජමැටික් ගොඩක් තියෙන්නෙ....
සුවදයි....
මම කිරිබතේ සුවදට ඉව කෙරුවා....
ඩියෝන් ඔයාලට ඇති වෙන්න බෙදාගන්න.....
ලමයටත් එක්ක නේත ඒයි....ඈ විතේන් අයියෙ.....
ඔව්...ඔව්...ලමයටත් එක්ක තමයි..අරගනින්.....
ඒක තමයි...ඒ ළමයා හරි ආසයි අනේ කිරිබත් වලට..පව් හැදෙන වයසෙ ලමයිනෙ අනේ...
ඔව්...ඒකනේ...හැදෙන වයසෙ ලමයට හොදට ගිල්ලපන් ...විතේන් දෙහි බෑවක් ගන්න මූට ලුනුමිරිසට දෙහි දාන්න අමතක වෙලා....
මං ලුනුමිරිසෙ තිබුන උම්මලකඩ කෑල්ල කටේ ඔබාගන දෙහි බෑවක් ඉල්ලන් මිරිකලා අත සෝදගන්නකොට එයා උදෙම්ම නලින්ගෙ ඔලුව කන්න හදනකොටම මන් ඒ ඵෝන් එක ඉල්ල ගත්තා....
එපා විතේන් .....උදෙම්ම කෑ ගගලා ඔෆිස් යන්න එපා එකක් ඔයාට හොද නෑ...අනික එයාට හොද නෑ.....
නිතේශ් ..
කතා ඇති ලේ පුච්චගන්නෙ නැතිව කන්න....
හ්ම්ම්ම්...ඔයා එකොලහට විතර එන්න එහෙනම්....මං දැන් යන්න ඕනා...
ම්න්...පරිස්සමින් ගිහින් එන්න මැනික...ගිහින් මට කෝල් එකක් දෙන්න ...ආදරෙයි ගොඩක්.....
එයා යන්න යන්නෙ....එයාගෙ කාර් එක ඇක්සිඩන්ට් උනයින් පස්සෙ මන් හැමදාම එයා ඔෆිස් එකට ගිහින් කෝල් එකක් ගන්න කන් බලන් උන්නා...කටක් දෙකක් කාපු එයා යන්න හදනකොට කන පැත්තකට දාපු මම එයා එක්ක දොර ගවට ගියා....කියන්න කිසිම ඇදයක් නැති එයා කඩවසම්.....මං බලන් උන්නා....ආදරෙ පිරුන ඇස්දෙක..ලෝබ කම පිරුන ඇස්දෙක....මා දිහාම බලන් ඉන්නකොට මම එයාට හාදුවක් තියනකොට එයා මට ආපිට පෙරලලා ආදරෙයි කිව්වා...හැබැයි...ටිකක් නෙවෙ මහ ගොඩක්...
සුදු මහත්තයා ...ආදරෙයි ගොඩක්....පරිස්සමින් .....
ඒ වචන ටික අස්සෙ ආදරෙ උතුරන්න තියනකොට මම බැල්කනි එකට වෙලා එයා යන හටි බලන් උන්නා...
ඉතින්....එයාගෙ සුවද පිරුන ගෙදර ඉතිරි උන මම එයා වෙනුවෙන් ගෙදර තිබුන වැඩවලින්....එහෙම නැතිනම්....රටේ ලෝකෙ මිනිස්සු...."මේ ටික ගෑනු කරන වැඩ "කියල ලේබල් එකක් අලවපු වැඩ කොටස කරන්න ගත්තා ....රෙදි ටික මැශින් එකේ හේදෙනකොට මම අතුගෑවා....
මට ඕනා උන් නෑ අතපය බැදගන ඉන්න...එයාට පුලුවන් නම් මට තුන්වේලම තම්බ තම්බ ගිල්ලන්න මට බැරි ඇයි එයාට උදව් වෙන්න....
මම මුලු ගේම අතු ගෑවා...අතු ගාලා දාලා නාගන්න ගියා.
මං පොඩීව දැක්කෙ නෑ මාස ගානටම ...අඩුම ගානෙ කෝල් එකක් වත්.....පොඩීගෙ හිත අරහෙමයි කියන්න දැනගත්ත දා පටන් මං සහෝදර කම නොමැරුවත් එයාට කතා නොකර උන්නා.....බිනරි ඉදලා හිටලා කතා කෙරුවා ....ඒකිට කොල්ලෙක් ඉන්නවලු...
මං නානගමන් කල්පනා කෙරුවා හුගක් දේවල් ....උන් සුදු අක්කව අමතකම කරලා දැම්මා...බිනරි පනපිටින් ඉද්දි මරලා දැම්මා....
දවසක මගෙයි විතේන්ගෙයි සම්බන්දෙ අහු උන දාට..අන් හිතන් නෑ මාව නම් ලේසියෙන් මරයි කියලා....උන් මාව අමු අමුවෙ මරයි....ඒත් එහෙමයි කියලා මේක මගෙ ජීවිතේනෙ ...
මං නාගන කාමරේට ආවා.....
වැවුන කොන්ඩෙ හැමදාම වගෙ බැදපු මං කන්නාඩිය දිහා බලාගන උලන්න ඕනා එව්වා මූනට ඉලුවා....
මැනිකෙගෙ හාමුවා හැන්ඩියා....

ශෙනෝන්.....
කියහන්...
මගෙ ටික අද බලපන්...මං තව ටිකෙන් විතේන්ගෙ ඔෆිස් එකට ගිහින් එහෙම්ම නුවර යනවා...
හදිසියේ....
ම්ම්ම්ම්...පොඩීගෙ හත්මාසෙ පිරිතලු ...හෙට එනවා...
තනියමද ....
ම්ම්ම්...එදා වෙච්ච දේවල් එක්ක....මට එයාව එක්ක යන්න බෑ ශෙනෝන්....හුගාක් දේවල් උනා...උන්ට අනිත් උන්ව අතාරින්න පුලුවන් උනාට මාව අතරින්න බැරි කමට උන් කතා කරනවා.....වෙනදෙයක් නම් මං නොගිහින් ඉන්නවා බඩදරු අම්මනෙ කියලා මට නොයා ඉන්න බෑ ඒකයි....
ම්ම්ම්...හා මචන් ....මොනවා උනත්...ප්ර්වේසමෙන්....
මං එනකන් විතේන් එක්ක ඉදින් ....
මම ශෙනෝන්ගෙ උරහිසට තට්ටුවක් දාලා මගෙ කැබින් එකට ගියා...ගඩාපියා කොල්ලෙක්ට හෙයා කලර් එකක් දානවා.....
මේ කලර් එක නම් ලස්සනයි....අනික ඔයා සුදුත් එක්කනෙ ...අනිත් එක නම් අනේ නෑ .....මෙක දාමු...නේත....කෝ චුට්ටක් උඩට එන්නකො...ඔහොම බෑ අනේ...තව එන්නකො ඒයි.....මට ඔයාව උස්සන්න බෑනෙ හලෝ....
මං බලන් උන්නා ..ශෙනෝනයා පුපුරනවා....අරූ අර කොල්ලව බිබික්කමක් කරනවා...අද හම්බෙයි ඕකට අම්බානෙට....
මම උන් දෙන්නා තුන්දෙනාම දිහා බලන් උන්නා....ඒ එක්කම එයාගෙන් මට කෝල් එකක් ආවා...
ශෙනෝන් මම යනවා...
පර්ස්සමින් ගිහින් වරෙන්....
අනෙ..නිතේ....ස්...නේ කොල්ලො පොඩ්ඩක් ඉන්න ඒයි...මගෙ නිතේස් යන්න යනවා....මේ ඔහොම ඉන්න ඕනා ආ සක බබරෙ වගේ කැරකෙන්නෙ නැතිව...නැත්තන් දෙන්නෙ එකක්.ඇගිලිපහ හිටින්න.....
මරු කස්ටමර් කෙයාර් එක...
මම එන්න ආවා උනත් ගඩාපි පැටියගෙ බෙරිහන් දීම එක්ක මම නැවතුනා....
නිතේස්.....මේ ඒයි
ඇයි....
කොහෙත ඒයි යන්නෙ.....
විතේන් ගාවට ගිහින් එහෙම්ම නුවර යනවා...
නුවර. ...වලව්වට...අර කටුගෙට.....
ම්න්...
අරමක්කටැයි ඒයි නුවර යන්නෙ...ඈ
පොඩීගෙ පිරිතලු...
ආ ..අර පොඩි බිසව...අනේ මෙ....නිතේස්....එයාට බබුච්චෙක් හම්බෙන්න නම් ඉන්නෙ....බබුච්ච්ව හම්බකරන් පාඩුවෙ ඉන්න කියන්න හරිත අනේ...ඔන්න කිව්වා අපෙ විතේන් අයියට දුකක් දෙන්න නිකන් වත් හිතන්න එපා...ඔය දන්නවනෙ ඒයි.....
ම්ම්ම්..දන්නවා දන්නවා....
බය වෙන්න එපා ඒයි....ඔයා එනකන් මේ ලමයා... ඩියෝන් බබා පයිස්සමින් ඉන්නම්.....විතේන් වත් ඇස්දෙක වගේ බලාගන්නම්.....ඔයා දනන්වනෙ අනෙ...මේ ලමයට කොච්චර වැඩ තිබ්බා උනත් වැඩ ටික අකුරට කරනවා කියලා....
ආ...ම්මෙ...ඔව්...මොකද මං නොදන්නෙ....
පයිස්සමින් ගිහින් එන්න පුතේ...හෙමින් යන්න ඕනා හරිතේ ..පාරෙ රේස් ගහන්නෙ නෑ...කල්පනාවෙන්....නිදි මතක් ආවොත් ඩියෝන් බබාට කෝල් එකක් ගන්න ඒයි...හරිතේ....අනේ ලමයො...මේහ් ..ඔය එක එක උඩැක්කි නම් පටලවගන්නවා නෙවෙන් ...ම්හුක්....මගෙ ඔලුව කැක්කුමයි හරීයට...දැන් ඉතින් මේලමයා කීයක් කියලා නම් හිතන්නද ඒයි.....පයිස්සමින් මගෙ රත්තරන් ...
හා..බන්...හා....දැන් වත් අතෑරපන්කො...
ඒකා මගෙ ඇගේ එල්ලීගන පරිස්සමින් කියන එක සියපාරක් විතර කියලා මාව අතෑරියා වගේම මම එන්න ආවා.....
හෙලෝ.....නිතේශ් ...ඔයා කොහෙද
මේ එන ගමන්.....
මම එන්න ආවා...පාරෙ වාහන එකා කාරෙට වෙනකොට එයා මට මේ වෙනකොට දහපාරක් විතර ගත්තා ....උදේ වරුව දවල් වරුව...රෑ වරුව....වෙලාවක් නෑ...මහ පාර කියන්නෙම කොලඹට නිවනක් නැති තැනක් වෙනකොට ට්රැෆික් එක හින්දා සමහර තැන් වල මං හිර උනා....එයා බලන් ඉන්නවා
ට්රැෆික් එක වැඩී මැනිකෙ...
මං බඹ ගානක් දිග වාහන පෝලිමෙ ඉදන් එයාට මැසේජ් එකක් යැව්වා...
පරිස්සමින් එන්න සුදුමහත්තයා ...
කවුරුත් ඉන්න තැන නිතේශ් කියන එයා මැසේජ් එකේදි ආයම මගෙ මැනිකෙ වෙනකොට එයා මට පරිස්සමින් එන්න කිව්වා.....වෙලාව ඕනා නම් එකොලහට විතර ඇති .....ඒ උනාට ගිනි ගහන අව්ව....අව් පූටකෙ පාරෙ යන මිනිස්සු දිහා මම බලන් උන්නා....පාර අයිනෙ තියන තොග කඩවලට බඩු මුට්ට කරගහන් යන නාට්ටාමිලා..... කොදු කඩාගන බඩු කර ගැහුවා...
කාගෙ උනත් තාත්තෙක්...බඩ වියත රකින්න...පවුලෙම බර කර උඩට අරන් ටින් ගනන් බර අදිනවා...ඒකත් මේ ගිනින්ගහන අව්වෙම....
මට දුක හිතුනා....සමහරක් උන්ට හිටන් ඉන්නත් පන නෑ...ලෑලි වෙලා ගිහිල්ලා...බඩ කොන්දට ඇලිලා...මේ ඔක්කොම දුක් උහුලන්නෙ බත් පිඩක් වෙනුවෙන්නෙ.....
පෝලිමට තිබුන වාහන එකින් එක ටිකෙන් ටිකෙන් ඉස්සරහට යනකොට මම මුට්ට කරගහන මනුස්සයා දිහා බලාගන හිමින් සැරේ ඉස්සරහට ඩ්රයිව් කෙරුවා.....
AVON COSMETICS .....

AVON .....මං ඒ ඵොටෝ එකදිහා බලන් උන්නා.....එයාගෙ හිනාව පිරුන ලොකුම ලොකු කටවුට් එක දිහා බලන් උන්නා...ඒ ඇස් පවා හිනාවෙනවා....මට එලියට බැහැලා කෑ ගහන්න තරම් හිතුනා එයා මගෙ කියලා...මොකද....ඒ මුන....ඒ හිනාව දකින දකින වාරයක් ගානෙම මගෙ හිත මටවත් කියාගන්න බැරි තරම් ලෝභ කමෙන් පිරෙනකොට එයාට කෝල් එකක් දීපු මම එහෙම්ම උඩට ගියා...
...මිස්ටර් නිතේශ් සර් කැබින් එක ඇතුලෙ ...
මන් ගාවට ආව නලින් මට එයා කැබින් එකේ කියලා කියනකොට මම හොරා වගේ ගිහින් දොරට තට්ටු කෙරුවා ....
එන්න.....
එන්නත...
ඒව්ව්ව්ව්.....මගෙ බිබික්කමානෙ.....
රවාගන වගේ උන්න මූනෙ හිනාවක් ඇදුනා....මගෙ මැනිකෙට තරහා ගිහිල්ලා....මම එහෙම්ම ගිහින් එයාගෙ මේසෙට බරවෙනකොට එයාහිට ගත්තා .....
කොහෙද මගෙ මනමාල හාමුවා මේ සුවද ගහන් යන්නෙ....ම්ම්ම්..අනේ....චුට්ටක් පහත් වෙයන්කො ඒයි කිස් එකක් වත් දෙන්න... අද රෑ ඉදන් ඉදන් හෙට එනකම්ම මේ ළමයා කාන්තාරෙ පතොකක් වගෙ වේලෙන්න එපැයිනෙ . ..
ඇයි මේ ටිකෙ මොකුත් හම්බුනේම නෑ උඹට.....මගෙ මැනිකෙ වල් වෙලා හරියට .....
මම එයාගෙ නහය උඩට පොඩි හාදුවක් දුන්නා...එයා හිනා උනා හැබැයි හිනාව නම් මහ බලහත් කාර හිනාවක් වෙනකොට එකා මාව බලෙන්ම ඇදලා අරන් හාදුවක් තිබ්බා .....

බලෙන් වගෙ පටන් ගත්තු හාදුව අවසානෙදි ඉවර උනේ මම එයාව උස්සන් ගිහින් සෝෆා එකට පෙරලගන නලින් කාරයත් දැක්කට පස්සෙ වෙනකොට අපි දෙන්නම අද ඒ මනුස්සයා ඉස්සරහා කාර්ඩ් කුඩු කරගත්තා ....
ස්...සමා...වෙන්න...මං...තට්ටු...කරා...මිස්ටර් ...විතේන් ....
ඇත්තට...මට ඇහුන්නෑ....
මං....තට්ටු කෙරු...වනෙ.....
මං හිතන්නෙ මට ඇහුන් නෑ....
ඔය ඇති විතේන් ...ඔහොම කරන්න එපා.....
මම එයාව කෙනිත්තුවා...මෙක මහ යකෙක්.....
මිස්ටර් විතේන් ....එයාලා ආවා.....ස්ටූඩියෝ එකත් රෙඩි...දැන්...එන්න පුලුවන්ද.....
නෑ...මගින් නවත්තපු ටික කන්ටිනිව් කරන්න ඕනා එහෙම නොවුනොත් මදි පාඩුව පිරිමහන්න මම තමුන්ව අරන් යනවා මගෙ ගෙදරට
.විතේන් .....!!....ඔයා යන්න නලින්.....
මාව රතු උනා....මාව ඇබිල්ල ගෙඩියක් තරමට රතු උනා...එයාගෙ කතාවලට නලින්ව සුදුමැලි උනා...මේ ඔක්කොම කරන එයා නම් ගානක් නැතිවම ඉන්නකොට මාව දියවෙලා වැක්කෙරෙන්න ආවා...හරියටම ඉටිපන්දමක් වගෙ....
ම්හුක්.....හොදම හරියනෙ ඒයි....
ඒමිනිහට පපුවෙ අමාරුව හදවන්න එපා විතේන් ...තමුසෙ මහ වැද්දෙක්....වල් කම තියන. .ඇටයක් වැඩිද මන්දා...
වැඩිද නැද්ද කියලා රෑට කටේ ඔබාගන්නකොට තේරෙන් නැද්ද සුදු මහත්තයට .....ඈ නිලමෙ.....
අනෙ.. උඹ එක්ක බෑ විතේන් ....
මං උඹ එක්ක් ජීවත් වෙන්න ඇවිල්ලත් දැන් මාස ගානක්....ඇයි සුදුමහත්තයා තවම රතුවෙන්නෙ.....තවමත් බිබික්කම් ගතිය ගිහින් නැද්ද.....ඒ උනාට ...මං ආසයි උඹගෙ ඒ ගතියට.....වෙලාවකට මාව ගල් කරන.....මගෙ ඇස් වලට කදුලු ගෙන හාමු මහත්තයම වෙලාවකට මේ වගේ වෙනකොට ...ආයමත්...ඇද උඩදි ආදරීනය වෙන...දගකාර වෙන....එක වටේකින් දෙකකින් කවදාවත් සැනසෙන්නෙ නැති උඹ...අනිත් වෙලාවට මම බනිනකොට කරබාගන අහගන ඉන්නකොට ....මං ඒ හැම දේටම පුදුමාකාර තරම් ආසයි...ආදරෙයි නිතේශ් ...
සුදු අප්පො....උඹ නිකන්...හරියටම වෛරස් එකක් වගේ.....එක එක වෙලාවට...එක එක විදිහට වෙනස්වෙනවා....
මං බලන් උන්නා...මගෙ මැනිකෙ මුල මුල කියවලා අවසානෙදි නිකන් අඩන්න ඔන්න මෙන්න උන්නා....
පරිස්සමින් ගිහින් වරෙන් සුදුමහත්තයා ...මාව දාලා යන්න බෑ කියලා ගියාට...මං නැතුව ඉන්නත් බෑ කියලා මහ රෑ මැද එන්න එපා...එහෙම උනොත් මගෙ ඇස් දෙකට නිවනක් නැතිවේවි උඹ ගෙදරට එනකන්.....මං දන්නවා....උඹට මාව දාලා යනවටත් වඩා උඹ බය මම අඩාවි කියලනෙ....මේ හිතට දුක් විදල පුරුදුයි මගෙ තේශි.....
අනේ මැනිකෙ.....
ණෑ..මං දන්නවා දැන් පොඩිත් එනවා...පොඩි එනවා කියන්නෙ...අනිවාර්යයෙන්ම අර කෙල්ල එනවා....ගෑනු එකට සීයක් ආවත්...උඹගෙ හිත තියෙන්න මාව ගාව කියන්න උඹටත් වඩා මම දන්නවා නිතේශ් ....ඒක නිසා...පරිස්සමින් ගිහින් වරෙන් සුදු මහත්තයා ...උඹ පරිස්සමින් එනකන් මම බලන් ඉන්නවා....
එයා පව්...එයා කියවනවා....ඇත්ත...මට එයාව දාලා යනවට වඩා එයාව අඩවන්න බය හිතුනා ....ඒ උනත් අප්පච්චි ඉන්නවා කියන එක මතක් වෙනකොට මගෙ පපුවට ලොකු සැනසීමක් දැනෙනකොට මං අත් දෙකෙම්ම ඒ මූන අල්ලන් නලලට හාදුවක් තිබ්බා...
පරිස්සමින් ඉදින් මගෙ මැනික මගෙ පන තියෙන්නෙ උඹ ගාව.....
නිතේශ් ...මාව ටිකක් තුරුලු කරගන්නවද.....
එන්න.....

" සැළලිහිනියෝ....උඹ දන්නෙ නෑ.....
සැළලිහිනියෝ.....උඹ දන්නෙ නෑ.....
පෙම් හිතක සුවය හදුනන්නෙ නෑ...
සාගරය බදු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවෙ ඉන්නෙ නෑ...."
මං එයාව අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා ...එයා ටික වෙලාවක් මගෙ ඇගට හේත්තුවෙලා ඉදලා හරී කියලා මගෙ මූන දිහා බලලා හිනා වෙනකොට ඒ ඇස් වල කදුලක් මෝදුවෙලා තිබුනා.....
මිස්ටර් නිතේශ් ....මේ පැත්ත බලන්න...
හිනා වෙන්න එපා...
එයා කොහොමත් හිනහා වෙන්නෙ නෑ...ඔය ඉන්න විදිහටම ගන්න. ..
එයාගෙ ස්ටූඩියෝ එක ඇතුලෙ
studio 3000 එකෙ අය හතර පස් දෙනෙක් උන්නා...තනි කලු ඇදුම ඇදන් උන්න මට එයාලා එක එක පෝස් කියනකොට මගෙ එකා මැදින් පෝර දැම්මා....

තව චූට්ටක් විතර...හරි....මේ දිහා බලන්න....

.
උන් මාව එහාට හරවනවා මෙහාට හරවනවා.....අවසානෙදි මකුනු දැලක්ද මන්දා මූනට දැම්මා....සැක් ලස්සන නිසානෙ මේ ඔක්කොම කරදර...

හරි.....
මිස්ටර් විතේන් ....කපල් එක...
හරි....
මන් ඉනට අත්දෙක තියාගන ගත්තු ඵොටෝස් බැලුවා ....වරදක් නෑ...කොල්ලගෙ ලස්සන එක්ක බලනකොට චාල්ස් කුමාරයා මොකෙක්ද කියලා හිතුනා..
ලයිට්....කැමරා...
මිස්ටර් විතේන් ඔයා විතරක් චූටි හිනාවක් දෙන්න....නිතේශ් ඔයා එපා...

මන් ඉදගන එයා හිටගන.....
ආය මං හිටගෙන එයා ඉදගන.....අපි දෙන්නම හිටන්...ආය අපි දෙන්නම ඉදන්....

එක එක කොස්මෙටික්ස් අතේ තියන් විරිත්තන එක මට එපාම වෙලා ගියා....උන් හිනාවෙන්න කියනවා මං විරිත්තනවා...මට එයාට තරම් ලස්සනට හිනාවෙන්නත් බෑ..කව්ද මන්දා එකෙක් උන්නා කොන්ඩෙත් වවාගන තනිකරම චිත්රාල් සෝමපාල වගේ...ඌ මගෙ විතේන්ගෙ මූන හැට පාරක් ඇල්ලුවා මේකප් එකට හෙනගහපන් කියලා මට මේකගෙ මූන දියවෙනකන් හෝදවන්න හිතුනා .....
තේශී...
ම්ම්ම්...
දැන් යනවද ...
ඔව් මැනිකෙ...නැත්තන් රෑවෙනවා...
පැය ගානක් රූකඩයක් වගේ එහාට මෙහාට හැරි හැරි උන්න මම අවසානෙදි උන්ගෙන් නිදහස් වෙලා ආයම මගෙ ඇදුක ඇදන් යන්න ලැහැස්ති උනා.....
නිකම්ම නිකන් ටීශර්ට් එකට උඩින් ජැකට් එකක් එක්ක කැප් එකක් දාලා නිල් ඩෙනිමක් ඇදන් උන්න මන් දිහා එයා සෑහෙන්න වෙලා බලන් උන්නා.....වගෙම මම එය වෙනුවෙන් හිනාවක් දුන්න හැබැයි හිනාවක්....විරිත්තිල්ලක් නෙවෙ....

සුදු මහත්තයා ...පරිස්සමින් මට ගෙදර ගියහම ගන්න ....
මං එයාගෙ කම්මුලට හාදුවක් තියලා හිනා වෙලා එන්න හැරුනා.....
අහසෙ පායල තිබුන ඉර එන්න එන්න රස්නෙ වැඩි කරනකොට කොළඹ පිරෙන්නම තිබුනෙ වාහන වල කලු දුම විතරක් උනා... .
පුරුද්දට වගේ මගෙ අත එහා පැත්තට ගියා වෙනදට අහුවෙන එයගෙ කලවය වෙනුවට අහු උනෙ නිකම්ම නිකන් ශීට් එක වෙනකොට එයා නැතිවයි මම යන්නෙ කියන එක මතක් උනා....
මට එයා නැතිව පාලුයි...
තේශී....තේශී....සුදු මහත්තයා ...හාමුවො....නිලමේ...සුදු අප්පො ගාන එයා නැති පාලුව මට තදිම්ම දැනුනා.....
අව්ලගත්තු සිගරට් එකේ දුම කාර් එක අස්සෙ කැරකෙනකොට මම ශටර් එක ඇරලා ඒසි එක ඕෆ් කරලා රේඩියෝ එක දැම්මා.....

සින්දුවෙන් සිංදුවට මාරු උනා...එයා සිය පාරක් විතර ගත්තා ...සුදු මහත්තයා හිමින් යන්න...පරිස්සමින් යන්න....ගෙදර ගිය ගමන් මට කියන්න....
මං දන්නෙ නැ එයා කීපාරක් ඔය.වචන ටික කිව්වද කියන්න...
ආයමත් කෝල් එකක්...මං උන්නෙ නුවර...පැය ගානකට පස්සෙ මම ආයම නුවර ....
සුදුමහත්තයා .....
කියන්න මැනිකෙ....
දැන් කොහෙද ....මං ගෙදර ආවා.....ඔයා නැතුව ගේම පාලුයි ඒයි....
දැනුයි නුවරට ආවෙ.....
කොයි හරියෙද...
වැව හරියෙ.....
වහින් නෑ....
අද නම් නෑ....
ම්හුක්.....ඔන්න ඔහෙ හරවන් වරෙන් හාමුවො.....මට පාලුයි බන්...මං පලිගුවව පේ ගෙදර ගෙනාවා...හොර ගෑනිත් මෙච්චර වෙලාම මෙහෙ ඉදලා ගියේ...ඌ මගෙ මුරුක්කු බෝතලේම ඉවර කරලා ගියා ඒයි .....
මන්දන්නවා මැනිකේ...මන් ඉවර උන ගමන්ම එන්නම් හරිද.....එනකොට මුරුක්කුත් ගේන්නම්....හිර ගෑනියි..ලමයයි එක්ක මගෙ කෑල්ල පරිස්සමින්....
එයා චර චුරු ගානවා....වචන සීයක් කිව්වත්..... එයා කිව්වෙ පාලුයි කියලා වෙන එක වෙනකොට ඩියෝනයා කඩචෝරු මාස්ටර් ගෙ මුරුක්කු බෝතලේ ඉවර කරලා ගිහින් කියලා ඒකටත් නහයෙන් අඩනවා...
.
එයාතිබ්බා....මං නුවර වැව රවුම දිහා බලන් උන්නා.. වෙනද තරන් අද එතන ලස්සන නෑ කියලා හිතුනා...ඒ වෙනමොකටවත් නෙවෙ....එයා නැති නිසා කියලා මගෙ හිත කෑ ගහනකොට තවත් ආදරේ කරන දෙන්නෙක් වැව රවුමෙ උන්නා...

සුදු මහත්තයා ....
කාර් එක ගේට් එකෙන් දානවත් එක්කම ඉස්සරහානුන්නෙ අත්තම්මා වෙනකොට එයා පොඩීව ඇවිද්දවන ගමන් උන්නා...
ඒකි වෙනස් වෙලා...මහත් වෙලා....දරුවො දෙන්නෙක්ට සයිස් බඩ ....කකුල් අත පය බෝලා වෙලා...ගෙඩිය බැදපු කොන්ඩෙ....බෝරිච්චි දාපු අත වගේම කම්බායක් ඇදන් උන්න පොඩී ඇත්තටම හුගාක් වෙනස් වෙලා....තනිකරම මැනිකෙ කෙනෙක් වෙලා...
සුදු ...
මං ගාවට එන්න එපා...නාලා එන්නම්....සිකරට් ගදයි....
කොන්දට අත තියාගන උන්න පොඩි අත්තම්මගෙ අත්වාරුවෙන් මගෙ ගාවට එනකොට මම පස්සට ගියා...ඇත්තටම මං ගාව සිගරට් ගද හින්ද මට දුක හිතුනා...
සුදු මහත්තයා .....කුසියෙ අලුවා හදපුවා තියනව....
දානෙට හදපුවා.....?? කමක් නැද්ද . .?
නෑ..නෑ.....සුදු මහත්තයට වෙනම හැදෙව්වා....මැනිකා මේ දැන් හැදුවෙ .....
අත්තම්මා ගෙට යන මට කතා කරලා අලුවා හදපුවා තියනවා කිව්වා වගේම එයාට උත්තර දීලා හැරෙනවත් එක්කම මාව කාගෙ හරි ඇගක හැප්පුනා....
ආ ...ව්හ්....
ඒත්...ආව්හ් කිව්වෙ මම නොවුනකොට වැටෙන්න ගියපු එකා කෙල්ලෙක් උනා වගේම ඒ වෙන කවුරුත් නෙවෙ....රන්දෙනිගල මැනිකෙ නාද්යා වෙනකොට මම වැටෙන එකීට වැටෙන්න දීලා සමවෙන්න කියලා එන්න ආවා....
අනේ....මට බෑ ඔය් මගුල් ඇහිද ඇහිද ඉන්න.....හෙටයි පිරිත....අදම ලැගන්...ඇයි මගුල.....රෑට ගියොත් හොදයි...නොගියොතින් .....සොරි..මට මගෙ මැනිකෙගෙ කට කුලියට අරගන්න වෙනවා.....
මැනිකා....
වැටුන නාද්යට කුනුකුනු ගගා උන්න මම මැද මිදුලෙන් ගිහින් කෙලිම්ම පරන කුසියට ගියා.....
ආනේ. .අනේ. ....ආ බොල කෙල්ලෙ....
බ්බ් බේබි...මහත්තයා.....
මම යනකොට මැනිකා වෙනුවට කුසියෙ උන්නෙ මැනිකගෙ දුව වෙනකොට ඒකි අලුවා ලෑල්ලෙ තිබුන අස් කොන් කකා උන්න වගේම මම ඒකිව ගිහින් පිටිපස්සෙන් බය කෙරුවා....තව ටිකෙන් කෙල්ල බයවෙලා අලුවා පිට උගුරෙ යනවා.....
මොකො මේ අස් කොන් ගිලින්නෙ....
අස් කොන්වලනෙ රසම හරිය තියෙන්නෙ....
ඇත්තට...කෝ බලමු....
අපෙ..අප්පො....ලොකු මැනිකෙ දැක්කොතින් පරල වෙයි....
ඉතින්.....උන දෙන්...මට මොකෝ.....
මං මැනිකෙගෙ කෙල්ල ගාව ඉදන් ඒකි එක්ක අලුව වල අස්කොන් ගිලින්න ගත්තා ....ඒකි කියවනවා.....කියවනවා....ඉවරයක් නෑ...පව්.....ඒකිට කියවන්න දීලා මම ගිල ගිල අහන් උන්නා...
බේබි මහත්තයා ....
ම්න්...
කෝ අර සිරියාවන්ත මහත්තයා....
මොන.....කොහෙ ඉන්න සිරියාවන්ත මහත්තයෙක් ගැනද ඔය කියන්නෙ.....??
ඒකි අහනවා කෝනර සිරියාවන්ත මහත්තයා කියලා.....මන්දන්නවා කෙල්ල අහන්නෙ මගෙ මැනිකෙ ගැන කියලා .....
අර එදා උන්නෙ...අපේ ගෙදර ආවෙ.....
ඉතින්.....
ඒ මහත්තයා කොයි....
ගෙදර....
අපරාදෙ ....
ඇයි...උඹටත් දැන් මාව නෙවෙ සිරියාවන්ත මහත්තයා තමා හොද නේ....
අපේ...අප්පේ...බේබි...හාමු....එහෙම කියන්ට එපා.....ඒ මහත්තයා හරි හොදයි...හරියටම අපේ බේබි හාමු වගෙ.....
ඇත්තට ....හොදයිද ඒ ඔය ළමයා දන්න තරම තමයි.....
අනේ...එහෙම කියන්ට එපා බේබි හාමු.....මටනම්...බේබි මහත්තයයි....සිරියාවන්ත මහත්තයි...අර කික්කිගෙ අම්මා....
ඩියෝනයා....
ආන්න ඒ මහත්තුරු දෙන්නා තමා හොදම....වෙන නම් කවුරුද අපි එක්ක කතා කරන්නෙ...ගස්සන් යනවා මිසක්කා....
ම්ම්ම්ම්....ඒකනෙ...අපි කොහොමත් ඉන්නෙ හොද උන් එක්ක තමා...අපි.තේ එකක් බොමුද.....
හා....ඉගුරු දාපු එකක්ද ...
ම්ම්ම්....ඔය ලමයට හදන්න දන්නවද...
අපෝ...ඔව් මහත්තයා ...මං ඉතින් මේ වලව්වෙ උයනවත් එක්කනෙ.....
ඔව්..ඔව්...උඹ උය උය ඉදින්කෝ...ඊට පස්සෙ අඩගන වරෙන්.....
එහෙම නෙවෙ මහත්තයා ...අපි ඉතින් අහස අල්ලන්ටද .....
පන්ඩිත කම උඹෙ...අනිනවා ඔලුව හිල්වෙන්න...
මං කෙල්ලගෙ මූන දිහා බලන් උන්නා...ඒකි කියවනවා....පව්...ඒකි අද නම් අලුත් චීත්ත ගවුමක් ඇදල..මං එහෙම්ම මගෙ විතේන්ට වීඩියෝකෝල් එකක් අරන් කෙල්ලගෙ අතට ඵෝන් එක දුන්නා ..අනේ ඒකි අත්දෙකෙම්ම අල්ලන් එබිකම් කරනවා....මගෙ විතේන්ට කට පුරාවටම සිරියාවන්ත මහත්තයා කියපු කෙල්ල ගඩපියා එක්ක පලිගුවා ගැන කිය කිය උන්නා.... දර ලිපේ වතුර එක පැහෙනවා..මං එහෙම්ම ඉගිරු කෑල්ලක් තලලා කෝප්පදෙකක් ගත්තා ...එකක් ඒකිට....අනික මට...
අනේ..අපෙ....අප්පේ.....මහත්තයා ....අර පොඩි කික්කිද ඔච්චර ලොකු...අපෙ...අප්පො....ඒකගෙ...
දාන්ගලෙ.....
ඔව්...ඒ කික්කි තමා අනේ...අනේ...එයි...නංගි බබා...මහත්තයා කියන්න එපා අනේ....ලැජ්ජයිනෙ...
පව්...මේ වලව්වෙන්...මේ නුවරෙන් පිට ලෝකයක් නොදැකපු කෙල්ලට එයාලා කොළඹ පෙන්නුවා.....නත්තල් ගහ පෙන්නුවා....ටීවි එකෙන් ඇරුනම..ඒකත්..වලව්වෙ ටීවි එකෙන් ඇරුනම නත්තල් ගහක් නොදැකපු කෙල්ල නත්තල් ගහ දිහා ආසාවෙන් බලන් ඉද්දි මම මට හදවපු අලුවා පන්ගුව උන්ගෙ පන්මල්ලට එබුවා...මොකද...අලුවා කෑල්ල කනවට වඩා...අස් කොන් හුගක් රසයි කියලා ඒකි මට ඉගැන්නුවා....මං ඒකිට මගෙ විතේන් එක්ක කියවන දීලා එහෙම්ම කුසියෙන් එලියට බැස්සා.....නුග ගහ ගාව ලිද...අපින්දෙන්න නැතිව පාලුවට ගිහිල්ලා ....කෙල්ල පින් දෙනවා...තව හිනා වෙනවා.....මම ආවම හැමදාමත් ඒ පර උන මල ආයම.පිපෙනවා.....
අනේ...මහත්තයට....පින්.....
🙂ආයම හෙච එන්නම්....
කතව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්
මම
Ferdeesha ❤️💚😘 ....