බේබි මහත්තයා ....
ම්ම්ම්....ඇතිද කතා කෙරුවා....
මම උන්නෙ ඈතින් පේන කුඹුකෙ ලිද දිහා බලාගන වෙනකොට මැනිකගෙ කෙල්ල මට ඵෝන් එක ගෙනත් දුන්නා....
මහත්තයා අර තේ දෙක...
එකක් මට....එකක් ඔය ලමයට.....
අනෙ...බේබි හාමු....
ඇයි මොකො....නහයෙන් අඩන්නෙ...?මේ ගිහින් ඔන්න ඔය තේ දෙක අරන් වරෙන් කෙල්ලෙ..මහන්සී....දැන් ඉතින් හෙට යනකම්ම මට ඉන්න වෙන්නෙ මෙ කුසියෙ තමා..
අර මක්කටැයි මහත්තයා .....
නෑ ඉතින් අර බෝම්බයක් ඇවිත්නෙ...
නාද්යා මැනිකෙද....
හුම්...හුම්....ඒ චින්චි මානවිකාව තමා....
මම බලන් ඉන්නකොට කෙල්ල තේ දෙක ගේන්න කුසියට දිව්වා...දැන් ඉතින් හෙට යනකම්ම ඒකි එක්ක තමා මට ඉන්න වෙන්නෙ.....වෙන උන් එක්ක උන්නට වැඩක් නෑනෙ.....
මහත්තයා ...මෙන්න තේ එක....
ඇයි ඔය අතට සීනි අරන්....
මෙහෙම රහයිනෙ...
කොහොම සීනි අල්ලට අරන් බොන එක.....??
ඔව්...ඇයි බේබි හාමු බීලා නෑ.....ඔව්නෙ...බේබි හාමුලා කොහෙ බොන්නද.....එහෙම රසයි.....
දැන් ඉතින් මට බොන්න බෑනෙ .....ඔය ළමයා මේකට සීනි ඔබලනෙ...
අනෙ...අපෙ...අප්පේ....සීවරන් දෙයියනේ....බේබි හාමු....මාව මරවන්නද හදන්නෙ....
ඇයි.....
ඇයි අහන්නෙ....අනේ.....මාව මරාවි හාමු....
ආ.....එක හරි මගුලක්නෙ.....
මම කෙල්ලගෙ අතේ තිබුන සීනි අහුරට දිව දැම්මා විතරයි ඒකි මැරෙන්න හැදුවා....
රන්මලි....
බේබි හාමු.....
ආස දෙයක් තියනවද....මං අහන්නෙ මෙ වලව්වෙන් එහාට.....වලව්වෙ ඉදුල් හෝදනම එක නෙවෙ ලෝකෙ කියන්නෙ....මං ආසයි....ඔයා හොදට ඉගන ගන්නවට....අනිත් ලමයි වගේ ඇවිදල....ජීවිතේ විදිනවට.....
මම කෙල්ල දිහා බලන් උන්නා...සීයා තාත්ත්ගෙම කපාපු පලුව උන කෙල්ල බිම බලන් උන්නා...
බේබි මහත්තයා
ම්න්.....
බේබි මහත්තයා කොහොම ඔච්චර හොද උනේ....
හොද උනෙ කියන්නෙ...?
වලව්වෙ මැනිකෙලා එක්ක ගත්තම මහත්තයා අහසට පොලව වගේ....දහම් හාමුගෙ ගතිම තමා මහත්තයට තියෙන්නෙ....පොඩි මැනිකෙත් දැන් හරියට වෙනස් වෙලා...
ඒ මොකො....?
පොඩ්ඩබැරි වෙනකොට කෑ ගහනවා....වලව් ඌස්නෙ ගහලද මන්දා.....අනේ බේබි හාමු...සමාවෙන්ට....මං...
කාරි නෑ....එක වල්ලෙ පොල් කවදද වෙනස් උනේ...ඒ ඔක්කොම එකම වල්ලක පොල්....
ම්ම්ම්ම්....ඒත් බේබි මහත්තයා ඇරෙන්න.....
ම්ම්ම්ම්ම්....අර කෙල්ල යන්නෙ කවදලුද....
අනේ මන්දා මහත්තයා .....එයාවලුනෙ මහත්තයට කතා කරලා තියෙන්නෙ...
මොකාද කියන්නෙ...
ලොකු මැනිකෙනෙ කියන්නෙ....
ඇත්තට...එහෙනම්.ඉතින් මැනිකෙට බැදල....
මට කුනුහර්පයක් කියවෙන්න ගියා...ඒත් පොඩි එකී ඉන්න හින්දා මම කටවහගත්තා .....හිතේ ඇති මට ඒකිව බන්දවන්න.....
සුදු....ඔයා...කොහෙද....ආ...මේ ඉන්නෙ.....ආ කෙල්ලෙ...මං උඹට අර කජු ඇට තලන්න කිව්වෙ කොයි වෙලේද..උඹ මෙතන භජනෙ දාන් ඉන්නවා...අර නාද්යා මැනිකෙ මගෙන් කීප වතාවක්ම ඇහුවා.....
ස්..සමාන්වෙන්න....පොඩි..මැනිකෙ....
සමාවෙන්න...උඹට නම් මොකද ..කොහෙට හරි මුල්ලක ඉදන් ගිලින එක නේන්නම්....
ඔය ළමයා ගිහින් වැඩක් බලා ගන්න....කජු ඕන උන් කජු කන්නෙ නැතෑ..මොකද මේ ඒකිලාට අතපය නැතුව ඈ....ඊටත් මේ යක්කු ගස් නගින වෙලේ ලමිස්සියො කජු තලනවද..ලමයො මේන් මේ තේ කෝප්පෙ...
මම මගෙ අතේ තිබුන තේ එක උගුරට ගහලා දාලා අහක බලාගත්තා ...මගෙ ඉස්සරහා උන්නෙ බඩ ගෙඩිය උස්සගත්තු පොඩී...ඇත්ත....පොඩී වෙනස් වෙලා...ටිකක් නෙවෙ නොසෑහෙන්න... .වෙලාහට නිලමෙලා දෙන්නෙක්ගෙන් කාපුවල සැර වෙන්න ඇති... කොහොම ඇඩුවා උනත් ගෑනුනෙ.....
රන්මලී...
පොඩි මැනිකේ.....
පලයන් වතුර එකක් ලිපේ තියපන් මගෙ මෙ කකුල් තවා ගන්න...මගෙ කකුල් වලට ක්රීම් ටිකක් ගාවගන්න ඕනා....වේදනයි.....
හා ..මැනිකෙ...මං තියන්නම්....
ඇයි උඹ බඩ උනේ ඒ කෙල්ල අතින්ද.....නෑනෙ.....
සුදූ....
මොකද.....සුදූ ගාන්නෙ....
මම කෙල්ලට රැව්වා....ඒකි බිම බලන් ඉන්නවා..පව්....ඒකිට මට පිටින් යන්නත් බෑ.....පොඩීට පිටින් යන්නත් බෑ....ඒ එක්කම නාද්යා ආවා....
නාද්යා .....
මම ඒකිට බුරුලක් නොපෙන්නම කතා කෙරුවා ....
නිතේශ් ....
මෙහාට පොඩ්ඩක් ආවා නම්....
මම වෙනදා වගේම අත් දෙක පිටිපස්සට කරල බලාගන ඒකිට පස්ස හැරෙව්වා.....ඒක හැටි.....කවදාවත් ගෑනු එන්නෙ නෑ මුනට මුලිච්චි වෙන්න.....
නිතේශ් ....
ඔය පොඩීගෙ කකුල් ඉදිමිලාලු....
එහෙමයි ....
ක්රීම් ටිකක් ගෑවනම්....මොකද ...ඔය ඉතින් අපේ උන් නෙවෙනෙ...රන්දෙනිගල වස්තු තමානෙ....
සුදූ....
අහන් ඉන්නෙ පොඩි ..කියන්න දෙයක් නැතිනම්...ඔය මැනිකෙ ලව්වා ගාව ගන්න පුලුවන් ....
මම හැරිලා බැලුවා...නාද්යගෙ මුන සතයක් වගේ වෙලා.....පොඩීගෙ මූන අත්තම්ම වගේ වෙලා....මං අර කෙල්ල දිහා බලලා ඔලුව පොඩ්ඩක් හොලවනකොට ඒකි කුසියට දිව්වා....
මං කරන්නම් නිතේශ් ...
බොහොම හොදයි....දැන් යන්න පුලුවන් ....
මම ආයම අනිත් අතට හැරුනා.....මට දැනුනා...මං දන්නවා...පොඩි ගියෙ නෑ.....ඒකි මට පිටිපස්සෙන් හිටන් උන්නා....
පොඩී...ඔය බඩ උස්සන් හිටන් ඉන්න බෑනෙ...උඹලට මොනවා හරි උනොත් අන්තීමට මට ළමයි හදලා දෙන්න වෙයි.....
මම ඒකි දිහා නිකන් වත් බැලුවෙ නෑ... .මට තරහා ඒකි හැසිරුනේම නිකන් අහසින් පහත් උන එකෙක් විදිහට වෙනකොට මට අර තිබුන ලෙන්ගතු කම පවා වාශ්ප වෙලා ගියා වගේ උනා....
සුදූ...
මං හැරුනා.. .....එයා මා දිහා බලන් කොන්දට අත් දෙකම තියන් ඉන්නවා...
උඹ හුගක් වෙනස් වෙලා සුදු...
නෑ...මං වෙනස් උනේ නෑ...හැබැයි ඔයා දැන් හැසිරෙන්නෙ මේ වලව්වෙ මහ මැනිකෙටත් අන්ත විදිහට.....
මම ගානක් නොගන අහක බලන් උන්නා..ඒකි ඇවිත් මට එහා පැත්තෙන් ඉදගත්තා ....අහන්න දේවල්...කියන්න දේවල් හුගක් ඇති...මං අහන දෙයක් අහන්න දීලා...කියන දෙයක් කියන්න දීලා පාඩුවෙ උන්නා....
සුදු...
ම්ම්...
ලැබෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලා වත් අහන්නෙ නැතිද?
කවුරු උනත් දරුවෙක් නෙ නිකිනි.....අනික...දුවෙක් උනත් පුතෙක් උනත්....අප්පච්චිලා දෙන්නෙක්ම ඉන්නෙ...
ම්න්.....ඒ දෙන්නා ගැන වරදක් කියන්න බෑ සුදූ....මං හිතන් උන්න ජාතියෙ අය නෙවෙ....ඇස්දෙක වගේ මාව බලා ගන්නවා ...අතට පයට හැම දේම ....මනුස්සයන්ව පිටතින් මනින්න බෑ සුදූ....
ම්න්..ඒක හරි....
ඉල්ලන්නෙ මොනවද ...ගෙනත් දෙනවා ..අපෙ අප්පෙ.....දොලදුක් කෑමවලින් නම් අඩුවක් තිබුන් නෑ....
ම්න්...ඇත්තට. ..
ඔව්....දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන එක මහ පුදුම දෙයක් සුදු...එයා මගෙ ගාවට ආවා කියල දැනගන්න දවස...මං හිතන්නෙ...අම්මෙක් අම්මෙක් වෙන්නත් කලින් පපුව පිරෙන්නම හුස්ම ගන්න දවස එදා වෙන්න ඇති....දවසින් දවස කුස මෝරන හැටි බලන් ඉන්න...ආස හිතෙන දෙ එයා වෙනුවෙන් කන්න...එයාව පරිස්සම් කරන්න....එයාවෙනුවෙන් පේ වෙන්න....බෝසත් කුලේ පුතෙක් ඉල්ලන්න....අප්පච්චිලාගෙ මූනෙ තියන සතුට දැක්කම දැනෙන හැගීම මට වචනෙන් කියනන් බෑ සුදූ.....
.......
මන් අම්මෙක් වෙන්න යනව කියන එක දැනගත්තු ගමන් කිව්වෙ අත්තම්මට....අත්තම්මා එදාම ආවා....මලු මලු පුරවගන.....
.......
අම්මට අප්පච්චිට වඩා.....අත්තම්මගෙ සීයා තාත්තගෙ මූනෙ ආඩම්බරේ පිරිලා තිබුනා.....
ම්න්....
මම අහන් උන්නා...මෝරපු කුස අත ගගා එයා කියවනවා.....
මං එයාට කියවන්න ඉඩ දුන්නා....මොකද...මටත් දෙයක් කියන්න තියෙන හින්දා ....
මං අද හුගක් සතුටින්....මං හිතුවටත් වඩා සතුටින් සුදූ....අම්මා අප්පච්චිලා කවදාවත් අපිට වරදක් කරන්නෙ නෑ සුදූ.....
ම්න්...ම්න්...
දැන් ඉතින් අපි හැමෝම් බලන් ඉන්නෙ අපේ පැටියා එනකන් තමයි....
හොදයි ....මං ප්රාර්තනා කරනවා උඹට කරදරයක් නැතිව දරුව හම්බෙන්න කියලා .....හැබැයි...ඔතන ඉන්නෙ මොල්ලිගොඩ වලව්වෙ පලවෙනි මී.මුනුබුරා නම් නෙවෙ....
සුදු....
.උඹට දැනුන හැගීමම දැනුන එකියක් ඉන්නවා...
උඹ ගැබ්බරයි කියන එක දැනන් සන්තෝසෙන් මැරෙන්න හදපු අත්තම්මලම තමයි එක තැනකදි පරල උනේ....
උඹ වගේම ඒකිත් අම්මෙක් වෙන්න කලින් අම්මෙක් උනා....උඹ අද ඇගිලි ගනිනවා.....
දැන් උඹ කියනවා මිනිස්සුන්ව පිටින් මනින්න බෑ කියලා....මට කියන්න තියෙන්නෙත් උඹලා බලපු හැම මනුස්සයම පිටින් පේන විදිහ නෙවෙ ඇතුලෙන් කිව්වෙ කියලා....අනික....අම්ම අප්පච්චිලා වරදක් කරන් නෑ කියන මුවාවෙන් උඹ කියන්න හදන්නෙ...නාද්යා ගැන නම්....හැම එකාටම හරියන් නෑ කියන එකත් මතක තියා ගන්න කියලා ..අනික මං ගැන මෙ වලව්වෙ මිනිස්සු හිතන්න ඕන් නෑ...ඒකට මගෙ අප්පච්චි ඉන්නවනෙ...
මම නැකිට්ටා....මොකද ඒකි වටින් ගොඩින් කියන්නේ මොනවද කියන්න මට ඕනාවටත් වඩා තේරෙනකොට මම කතාව පටන් ගන්න කලිම්ම නැවතීමෙ තිතක් තිබ්බා.....
පොඩී ගෙට ආව නම්...මට උඹව මෙතන දාලා යන්න බෑනෙ....නේ....
මම බලන් උන්නා.ඒකි මගෙ අතේ එල්ලීගන නැකිට්ටා...හත් මාසයක් සම්පූර්න කුස ඒකිටත් බර වැඩිද මන්දා....
මට පිච්චිව මතක් උනා...කැලේ අස්සෙම බඩ වෙල...කැලේ අස්සෙදිම වැදුව පිච්චිට මොනවද තිබුනේ....මෙලෝපන් දෙයක් තිබුන් නෑ....දොස්තරලා කියලද....නෑ....විටමින් ජාති කියලද....ඒත් නෑ..... දරුවව වදන වෙලාවෙ කව්ද උන්නෙ....කෙටි හාමි එක්ක වප් පිහියක් විතරක් පිහිටට උන්න ඒකිගෙ හිත හයියයි ඔක්කොටම වඩා....
පරිස්සමින් ...
මං පොඩීව අල්ලන් ඉන්දෙව්වා...දර ලිප අවුලගන්න බැරි නාද්යා දුම් කාගන ලිපට පිඹිනවා...පොල්කොල දුසිමක් වත් ඔබනවා.....මුලු කුසියෙන් එකයි දුම...මම බොරුවට මගෙම රිගින් ටෝන් එක දාන් ඵෝන් එක කනේ ගහගත්තා .....
ආ සුදු මැනික....මොකද කරන්නෙ.....මොනවද....වටලප්පන් හදනවා...?
මොක්ද හදන්නෙ...දර ලිපේද ....ආ.....එහෙමද...ඒකනෙ...ගෑනු ළමයෙක් උනාම එහෙම තමයි හැම දේම ඉගන ගන්න ඕනා නැත්තන් කොහොමද දීගෙක යන්නෙ...බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.....ඒකනෙ...
මම ලිප අවුල්ගන්න බැරිව දගලන අරකිට පුලුවන් තරම් හින්ට් ගැහුවා අවසානෙදි ඒකි වතුර මුට්ටිය ලිපේ හලා ගත්තා .....
නිතේශ් ...
කියන්න නාද්යා
මට මේක අවුලලා දෙන්න පුලුවන්ද ?
නාද්යා අඩන්න ඔන්න මෙන්න උන්නා ...මට මගෙ මැනිකෙව මතක් උනා...ඒකට වටලප්පමක් තියා වටලප්පම හදන්නෙ කොහොමද.වත් කියන්න දන්නෙ නෑ...
පැත්තට වෙන්න....
මම එයාට අහකට වෙන්න කිව්වා.....
කසාද බදින්නෙ නේ ඉන්නෙ....ලිප අවුලගන්න දන්නෙ නැද්ද.....බැන්ද දාට මනුස්සයගෙන් ගුටි කාලා මැරෙන්න වෙයි..මගෙ එකාට මෙහෙම උනොත් මම හමගහනවා.....
මම ඒකිට ඇහෙන්න දෙස් තිබ්බා..වෙලහට මලෙන් උපන් කුමාරියෙක් වෙන්න ඇති ඒක තමයි....මං බලාගන ඒකි මූන දික් කරන් ඉන්නවා...ඉතින් මට මොකද...මට පාන්ද නෑනෙ...
මම ලිප අවුලලා දීලා එහෙම්ම මගෙ කාමරේට ගියා...එයයි මායි නිදාගත්තු ඇද මට එයා නැති අඩුව තදිම්ම දැනෙන්න දෙනකොට මට එයා ගැන වචනයක් හරි කතා කරන්න ඉන්න අප්පච්චිත් තවම නැති කොට මම එයාට කෝල් එකක් ගත්තා ..අනේ ..පලවෙනි පාරම රින් වෙන්නවත් නොදි ආන්ස්වර් කෙරුවා ...
සු....දු...මහත්...තයා.....
මැනිකෙ....අනෙ ඇයි මේ....
එයා අඩනවා ....
ඉන්නෙත් අන්දකාරෙ ....අඩන ඇස් දෙකයි ඒ මූනයි දැකපු මට ඉබේටම සාක්කුවෙ තිබුන යතුර අත ගෑවුනා.....

විතේන්...ඇයි මේ.....ඇයි මේ අඩන්නෙ.....??
න්..නෑ.නෑ....
නෑ නෙවෙ කියන්න මොකක්ද උනෙ මං එන්නම්...අනික අන්දකාරෙ....ඇයි මේ මාව බය නොකර කියපන්කෝ....
මගෙ...මෝඩ මිනිහෝ...බය නොවී ඉදපන්කෝ....ඒයි...
මගුල මොකක්ද විතේන් උනේ කියන්නකො....
මොකුත් නෑ...ඔයා නැති ගෙදර මට හරි තනී නිතේශ් ...

එයා ලයිට් එක දැම්මා...මන් ඒ මූන දිහා සෑහෙන්න වෙලා බලන් උන්නා...අඩන්නෙ එයාට මං නැති අඩුව දරා ගන්න බැරි තැන වෙනකොට මං මෙහා පැත්තෙ ඉදන් එයාට වඩා හීල්ලුවා ..
මං හිතන්නෙ ආදරෙ කරන මිනිස්සුන්ට දරන්නම බැරින දේ එක මොහොතකටවත් තනිවෙන එකද කොහෙද ....
සුදු මහත්තයා ..
අහන් ඉන්නෙ කියන්න මගෙ මැනිකේ.....
අදත් නුවර අහසට හද පායලද...
ම්ම්ම්ම්.....
කාමරේද ඉන්නෙ....මම නැතිවම මම එක්කද .....
එයා අහනවා මම නැතිව මම එක්කද කියලා...ඇත්ත..මම ඉන්නෙ....එයා නැතිව එයා එක්ක වෙනකොට එයාට මාව දැනෙන තරම ගැන මම බලන් උන්නා....
එයා කියවනවා.....හිනා වෙනවා...ඇනුම් අරිනවා....එයාට නින්ද යන්නත් එනවා...ඒ උනාට එයාට මාව දාලා නිදියන්නත් ලෝභ කම තියාගන එයා වැහෙන ඇස්පියන් හරි අමාරුවෙන් ඇරගන්න හැදුවා....ඒත් මම එයාට නිදා ගනන් කිව්වෙත් නැ ...පව්.....අටටත් නෑ තවම.....ඒත් එයාට අද මහන්සි සෑහෙන්න...මම සද්ද නොකර උන්නා...මොකද මම උත්තර දෙන්න ගියෝතින් එයා කතා කරනවා.....අවසානෙදි එයාගෙ අස් දෙක මම බලන් ඉන්නකොටම පිය වෙලා ගියා වගේම අතේ තිබුන ඵෝන් එක අතෑරුනා...
මං උඹට් හුගක් ආදරෙයි මගෙ මැනික...

එයාට නින්ද ගියා.. .මං දන්නවා ..එයාගෙ හැම හීනෙකමත් ඉන්නෙ මම කියලා...නිදාගන උන්න එයගෙ මූන දිහා බලන් උන්න මම එහෙම්ම මගෙ ටවල් එකත් කරේ දාගන මම බාතෲම් එකට ගියා...
අටට නැති උනත්... කෑම මේසෙ පිගන් බඩු සද්ද බද්ද ඇහුනා....හෙට පිරිතෙන් පස්සෙ හාමුදුරු වරුන්ට වෙනම කැවිලි පෙවිලි ලැහැස්ති වෙනකොට මැනිකෙලාට අද හුස්මක් ගන්න බැරි උනා...රන්දෙනිගල වලව්වෙන් හාමුලා.එනවා යනවා....අවසානෙදි මට මෙච්චර වෙලාම හිස රදේකට උන්න නාද්යා යන්න යනකොට නාපු මම සරමට උඩට මොකුත් නැතිව එන්න හදලා නිකමට කන්නාඩියෙන් මගෙ සර්වාංගෙම දිහා බැලුවා....
වල් විතේනයගෙ ටොනික් මූඩි කටේ දත් ඇන්දම මගෙ උඩ හරියෙම හිටලා තිබුනා...මම එහෙම්ම සරමෙ ගැටෙ පොඩ්ඩක් ලෙහලා බැලුවා නෑ එක්කො බලන්න ඕන් නෑ ඒකව යවන්න ඕනා බතික් කරන්න ඉගන ගන්න....
සුදු මහත්තයා .....
එනවා....
මම උඩට ඇදගන්න ශර්ට් එකක් හොයනකොට අත්තම්මා කතා කෙරුවා වගේම මම එලියට ගියා....
කෑම මේසෙ පුරාවටම තිබුන එක එක සුවදවල් වලට ඉව අල්ලපු මම සුදු බත් හැන්දක් එක්ක එලවලු වලින්.චුට්ට චුට්ට බෙදා ගත්තා .
සුදු පුතා..මොන මාලුද කන්නෙ.....
මොක්කුද ඉන්නෙ...වැව්ද...මුහුදුද.....
මුහුදු මාලු කොහෙද දරුවො මෙ හවස....ඇරත් තියන ඒවට මැස්සො පවා වහනවා...උන්ගෙ කුනු මාලු කනවට වඩා හොදයි හවහා අල්ලන වැව් මාලුව...
හා..හා...ඔය දාන එකක් දාන්න..... ඇයි අම්මා අප්පච්චි නාවෙ....
එදා රන්ඩුවෙන් පස්සෙ අම්මා සෑහෙන්න මෙල්ල වෙලා උන්නා...කසාදයක් කටු ගාන එක දරන්න පුලුවන් ලැජ්ජාවක් නොවුන කොට.මේ පාර අප්පච්චි අම්මගෙ කට වහලම දාලා තියනකොට මම උනත් බොරුවට ඇදගන නාන්නෙ නැතිව උන්නා.....
ඇගිලි තුඩු වලින් ඇනුන බත් කට හිමින් උගුර දිගේ පහලට බැස්සා..හැබැයි හිර උනා....
අනේ මගෙ විතේන් බඩගින්නෙද.....
සුදු පුතා...ඔය කොහෙද යන්නෙ.....
මම කන එක නැවැත්තුවා ....ඉදුල් අත පිටිම්ම නැකිට්ටා ....එදා මේ විදිහටම වෙන්න ඇති නිමල්ට සුනිල්ව මතක් උනේ.....මම එයාට කෝල් එකක් ගත්තා මං හිතුවා වගෙම එයා ආපහු නැකිටින්නෙ වත් නැතිවම නිදි වෙනකොට මම එයාව ඇහැරවල කන්න පහලට යැව්ව....
හාමුලා දෙන්නෙ දෙපැත්තෙ රැකවල් දාන් උන්න පොඩී අප්පච්චි කව්ද නොදන්න දරුවා වෙනුවෙන් බඩ කට පිරෙන්න කෑවා....එකිගෙ මූන තනිකරම දැන් මොල්ලිගොඩ මහ මැනිකේ හා සමාන වෙනකොට ගති ගුන පවා දැන් දැන් මහ මැනිකේ වේගන ආවා...
කොයි වෙලාවෙත් කියෙව්වෙම රන්දෙනි ගල වලව්වෙ මහන්තත්ත කම වෙනකොට ....හාමුලාගෙ ගුන වරුනෙ වෙනකොට වටින් ගොඩින් ආය ආය මං දිහා බලන් අනම් මනම් ලාවට ලාවට කියවනකොට මම කටවහන් වචනයක් වත් නොකියම කෑම මේසෙන් නැකිට්ටා.....ඕකිට දැන් මාව කොහොම හරි අරකිගෙ කරට ගහන්න ඕනේ...මොකටද දන්නෙ නෑ ඒකිගෙ කරට ගහන්න හදන්නෙ ....නෑනගෙ පානෙන් එලිය බලන්නද දන්නෙ නෑ....
සුදු මහත්තයා කාලා ඉවරද....
ම්ම්න්...ඇති...
අර කුසියෙ කිරි හට්ටියක් තියනවා කිතුල් පැනි මුලක් එක්ක...
පෝ..එපා...එපා...මං ඩයට්....ඒක මැනිකගෙ ලමයට දෙන්න....
අර මක්කටැයි...කොයි වෙලෙත් මැනිකගෙ එකීටම ගිල්ලන්නෙ...
ඒකි ලොකු වෙනකන් ඉදලා බැදගන්න...
මම පුටුවත් තල්ලු කරගන කෑම මේසෙන් නැකිටිනකොට මං බලාගන නාද්යයගෙ අයියා මා දිහා බලාගන ඉන්නවා...ඌට දෙන්න මෙහෙ පිරිමි නෑ.....එක්කො ඌට මගෙ ගැන හිතක් පහල වෙලාද දන්නෙ නෑ....අසයි බයයි වgay....හුම්..හුම්...කාරි..නෑ...කාරි...නෑ..
නිලමේ...
.සුදු මහත්තයා ...ජොයිත...
මනුස්පයෝ....ම්හුක්.....
ඒ..මේ....මේ ලමයට පාලුයිනෙ.....
සුදු මහත්තයා .....
සුදු අප්පො....
අපෙ එක්කෙනා.....
ම්හුක්....
පගො.....
නැකිටුකො....
හාමුවො...
බිබික්කමෝ....
ම්හුක්....මිනියෝ.....ව්ව්ව්.....ව්ව්....
වෙලාව කියද කියන්න දන්නෙ නෑ..මගෙ කොට්ටෙ යට තිබුන ඵෝන් එක දිගට හරහට වයිබ්රේට් වෙනකොට මම නින්දෙම්ම අතපත හාලා එක ඇහැකට නිදා ගන්න දීලා අනික ඇහැරෙව්වා...
එයා...මගෙ මැනිකගෙන් වට්සැප් මැසේජ් කෝටියයි....වෙලාව දෙකහමාරත් පහු වෙලා...මේකා නිදි නැද්ද.....ආයම ටයිපින් වැටෙනවා...
ම්හුක්...සීන් කරල නිකන් ඉන්නෙ ඇයි කියලා වත් අහපියකො ඒයි...ම්හුක්...
ම්හුක්..හුම්..හුම්...හාරි හාරි...ජැන් ඉචිම් ඉන්නවනෙ....හාකො..හාකො....
ම්හුක්....කාලුත් නෑ මේ ලමයට.....
රිප්ලයි කරන්නවත් වෙලාවක් දියන්කො මැනිකෙ....
එයා දිගට හරහට බනිනකොට මම එයාගෙන් රිප්ලයි කරන්න වෙලාවක් ඉල්ලුවා ...තනි ඇහෙන් ඉදන් මං හරි අමාරුවෙන් මැසෙජ් එකක් කෙටුවම මේකා ඇස් දෙක වහන් ඉන්න වදුරව එවලා...
මේ ලමයට හරීයට පාලු හිතිලා ඉන්නෙ ඒයි...
ඇත්තට....ඇයි මගෙ මැනිකට පාලු....
ම්හුක් ....
ඇයි ඉතින්....
ඉක්මනට එන්න අයියෝ....අපි ජෙන්නා බලන් ඉන්නවා ...
දෙන්නා කව්ද දෙන්නා...
ම්හුක්....ඔයා මේ ලෝකෙ වැඩියෙම්ම ආදරේ කරන අනිකා..
අරක්කු?? අරක්කු වලට කතා කරන්න බෑනෙ...
යෝහ් ..පොඩ්ඩක්...රොමෑන්ටික් වෙයකො නිතේස්ස්ස්ස්..
හා ඉතින් අනිකා කව්ද...
මායි....ම්හුක්...ලැජ්ජත් එක්කනිලමේ....
අනේ....හරි පව්..මැනිකෙගෙ ලැජ්ජාවෙ තරම මං නෙ දන්නෙ....
මගෙ විතේනයා ඒ පාර මහ රෑ හුරතල් වෙන්න අරන් තිබුනා..වචනයක් කිව්වොත් දොන්ත කෝලම් ගොඩක් මවන එයා මගෙ නිදිමත මගෙන් උදුර ගත්තා වගේම මොන මොනවදො විකාර වල් කතා ගොඩාක් කියවල මගෙ කන් දෙකෙන් ගිනි පිටවෙන ඵොටෝ එකක් එව්වා...

මටයි..මෙයාතයි පාලුයිනෙ ඒයි.ම්ම්හුක්..
යකො විතේනයා..මේ යක්කු ගස් නගින වෙලේ...නිකා ඉදුකෝ..
ආ...යක්කුන්ට විතරක් නෙවෙ මේ ලමයටත් නගිනවා හරිතේ
උඹ මහ වල් අප්පා...ඇයි මැනිකෙ ඒ...
ආදරේටනෙ ඒයි...දැන් මං ඕක වෙන උන් එක්ක කියන්න යනවද...නෑනෙ සුදු අප්පො....
ම්න්....
සුදු අප්පො...
කියන්න මැනික...
දන්නවද ...මිනිස්සු ආදරෙ කරනකොට අනිත් කෙනාට තමන්ට දැනෙන හැම දේම කියන්න බැරි වෙන තැන තමයි spairwheel එකක් හොයන් යන්නෙ....දෙන්නෙක් මැදට මොකටද තේශි තුන්වෙනියෙක් මට දැනෙන්නෙ මොන හැගිමද..මට කට ඇරලා උඹට කියන්න පුලුවන් තරම් නිදහසක් උබ මට දුන්න නිසා නෙවෙද මං උඹ එක්ක ඕනවටත් වඩා කියවන්නෙ ...
මට දුක හිතුනා එයා කියවනවා....එයා කියවන අකුරක් අකුරක් ගානෙම ඇත්ත වෙනකොට මං එයාට කෝල් එකක් ගත්තා ....
මගෙ කටර් එක දැන් ඉතින් කට වැහුනද .
මං එයාට කතා කරන්න දුන්නා ....එයා කියවනවා...ඒ ඇස් දිලිසෙනවා...අහසෙ පායපු හද දිහා එයයි මායි දෙතැනක ඉදන් බලන් උන්නා...එයා ඇනුමක් යැව්ව...අවසානෙදි මම ලග නැති උනත් දුර ඉදන් මම එයා ගාව උන්නා...
දොයියන්න මැනිකෙ...
ගුඩ්...නයිට් ...සුදු මහත්තයා .....
ගුඩ් නයිට්...නාලා කරලා ඉන්න එහෙනම් ඈ....
ඒ ඇයි.....
ම්හුක්....නිලමෙ ගෙදර එන්නෙ අනින්ට බලාගන ඒකයි ...
තේශී....හ්හ්හ්හ්හ්
සෙන්කඩගලටම ඉර පායලා....තනි සුදු සරමට අත්දිග ශර්ට් එක ඇදන් උන්න මම අත් දෙක වැදගන උන්නා.....

ගෙදරට වඩම්මපු යතිවරු පොඩී වෙනුවෙන් අංගුලි මාල පිරිත කියනකොට අයිතිය කාටද දන්නෙ නැති අප්පච්චි හාමුලා පොඩීට දෙපැත්තෙන් ඉදගන උන්නා.....
මට එහා පැත්තෙන් ඉදන් උන්නෙ රන් මලී වෙනකොට කෙල්ලට පාන්දර ආව තේව වැඩවලට නැකිටලා තෙහෙට්ටුවටමද කොහෙද නින්ද යාගන එනකොට මං කාටත් හොරාවට ඒකිට ජැක් එක ගහන්න දුන්නා
පව්...පන්ති කාමරේක ඉන්න ඕනා ජීව්ත අකාලෙ වලව්වට දිය වෙනකොට මටත් අයිති වෙන මේ පව් ගෙවන්න වෙනවනෙ මතක් වෙනකොට මම ඔහේ උන්නා.....මැනිකා කැමති නෑ කෙල්ලව කොලඹ රටට යවන්න...බලෙන් අරන් යන්නද...මොනව කරනන්ද...කැලේ පිපෙන මල කැලේටම පරවෙන්න දෙන්න කියලා මල අයිති ගහම කියනකොට .....
සුදු මහත්තයා ....ඔය කොහෙ යන්ඩද...
මං යන්න ඕනා අත්තම්මා.
මේ දැම්ම...දැන්නෙ පිරිත ඉවර උනෙ....අනික දහමුත් යන්න යනවා....දවල් බතටවත් ඉන්නෙ නැද්ද...ඔක්කොම ඉන්නකොට යන්න යන්නෙ...අර දැරිවිත් ඉන්නවනෙ...
ඒ දැරිවි ඉන්නවා නම් ඒ දැරිවි ලව්වා ඔය ගෙදර දොරෙ වැඩ ටිකක්න්කර ගන්න ඒකි එක්ක ගියොත් මට තුන් වේල කඩෙන් කාලා ඉන්න වෙන්නෙ මහ බිබික්කම් මගුලක් වගේ ඊට වඩා අර රන්මලියව බැදගන්නවා..දහ අට ලබලා තිබ්බා නම් අම්මපා බැදගන්නවා....
සුදු මහත්තයා මොනවද උඹ කියන නොහොබිනා කතා...
අත්තම්මා ..වැරදි අඩු පාඩු මිස්ස්සුන්ගෙ තියනවා තමා...එහෙම කියලා හැම අඩු පාඩුවක්ම හදාගන්න බලන් ගෑනු ගන්න මම ඩේ කෙයාර් එකක් දාන් නෑනේ...ආව න්ම් ආව පාඩුවෙ යන්න කියන්න..මං යනවා.....
මම එන්න ආවා...අඩුම ගානෙ හැරිලා වත් බැලුවෙ නෑ.....
නිලමෙලා මැනිකෙලා වට උන දිග කෑම මෙසේ පුරාවටම ඇහුනෙ අලුතෙන් එන්න ඉන්න රන්දෙනිගල කුමාරයා ගැන වෙනකොට එකා.මාරුවට එකා ඇනපු නිලමෙලා දෙන්නා මහ කෙරුමො දෙන්නා වගෙ වංසෙ කබල් ගාන ගමන් උන්නා.....
මුන්ගෙ මගුල් මුන්ටම. හොදයි.....
මම එන්න ආවා..දවල් බත කනවා තියා ඒ පැත්තවත් නොබලපු මම කාර් එක ගාවට ආවා...
බෙබි හාමු....
මම හැරිලා බැලුවා...මැනිකෙගෙ කෙල්ල....
ඔයලමයා කොහෙද ඔය මල්ලක් උස්සන් දුවන්නෙ...
බේබි හාමු...මෙන්න මේකෙ බත් ගෙඩි හතරක් තියනවා ...
ඒ මොකට....
ඊයෙ රෑ කතා කරපු වෙලේ සිරියාවන්ත හාමු....
ඇයි ...ඒ හාමුට දොලදුක කිව්වද
යන්න හැරුන මං රන්මලියා ඇස් කරකව කරවකව මගෙ විතේන්ට හොද කියන හැටි අහන් උන්නා ..
අපෙ අප්පෝ...බේබි හාමු නිකන් ඉන්ටකෝ....ඒ මහත්තයා කිව්වා...නෙලුම් කොලේක ඔතපු බත් කාලා නෑ කියලා ...
ඉතින් උඹ වැවට බැස්සා එහෙම නෙ??
ආව්හ්.....ආව්හ්....අනේ හාමූ...කන..
මඩෙ එරුනා නම්...ගහන්නෙ උඹට පන්ඩිත කම් කරන්න යනවට..
ඒකි නෙලුම් කොලෙ ගැන කිව්වා විතරයි මං ඒකිගෙ කන අනිත් අතට හැරෙව්වා....වෙන මොකටවත් නෙවෙ ඒකි නෙලුම් කොල කඩන්න ගිහින්...කවුරු කොහොම ගැරහුවත් මං හැමදාම මැනිකගෙ කෙලීට ලෙන්ගතු උනා...මොකද ඒකි විතරයි හදවතින් කතා කෙරුවෙ ....
එහෙම කියන්ට එපා හාමු ..එදා මිටිමොලවලා ගියපු මොනරු හින්දා අපි බඩකට පිරෙන්න කෑවා...අත්තම්මා සුදු පිටි ටිකක් බිව්වා ...හැමදාම කන රොටිය නොකා ..අපිත් පෙති පාන් කෑවා....වලව්වෙන් ආසාවට හම්බ නොවෙන බෝතල් කරපු චොකලට් හැන්දක් කාපුදා අම්මා ඇඩුවා ...හාමුලාට බුදු බව ලැබෙන්ඩෝනා...
එහෙම එකේ...ඒ මහත්තයා ...නෙලුම් කොලේක බත් පිඩක් කන්ට ආසයි කිව්වම නොදී ඉන්ට හිත හදා ගන්ට බෑ හාමු...බේබි හාමු අලුවා කන්ට ආස බව දන්න ලොකු මැනිකෙ අම්මා ලව්වා තකහනියේ අලුවා හැදෙව්වම...මා එක්ක අස්කොන් ගිලලා මටත් නොකියම කෑලි කපපු අලුව එක පන් මල්ලට ඔබලා තිබ්බා....කවදාවත් නත්තල් ගහක් මොකක්ද නොදන්න මට නත්තල් ගහක් පෙන්නලා මටත් එකක් අරන් දෙන්නම්.කියනකොට නත්තල නොලබම මට නත්තල් ලැබුවා .....
කොටහලු උන දා ඉදන් බේබි හාමු මට කොච්චරද බැන්නත් මෙහෙට එන්ට එපාය කියලා ඒ බනින්නෙ වරදකට නෙවෙ අහිතකට නෙවෙ කියන්ට අපි දන්නවා හාමු....
එච්චරත් දේවල් කරලා දෙන හාමු ආයම දවල් බතට වත් නොයිද යන්ට යනකොට අපිට උගුරෙන් පහලට යන්නෙ නෑනෙ හාමු
උඹ මහ පන්ඩිතයි ලමයො...
මට ඒකිගෙ වචන මගෙ හිතටත් බර වැඩිවෙනකොට මම ඒකි අතේ තිබුන මල්ල අතට ගත්තා කෙසෙල්කොලවල ඔතපු බත් ගෙඩි හතරක්.... . අත්තම්මටවත් මතක් නොවුන බත් හගෙඩියක්.....බැදුම් දාල නිසාදෝ ඒකි දෙහි ගෙඩියකුත් ඔබලා....
මහන්තත්ත කම් පරම්පරාවෙන් ආවට....මනුස්ස කම් එන්නෙ හදවතින් වෙනකොට මහෙඇස් කොන් තෙමුනා....
මං ආයම එන්නම්...එතකන් ප්රවේසමෙන් ඉදපන්.....ඊලග පාර ආවම...මං ඔය ලමයට නාන තැන වටකරලා දෙන්නම්....
බුදුබව අත්වෙයි හාමු.....දලදා හාමුදුරුවන්ගෙම පිහිටයි....
මම එකි දුන්න බත් මල්ලත් අරන් කාර් එකට නැග්ගා...ඒකි බලන් ඉන්නවා...
පව්....
බේබි හාමු...
මේ සැරෙ අපිටත් නත්තල් තියෙවි නේද...?
මම කාර් එකහරවගත්තා....ඒකි තනිවෙනකොට මම එන්න ආවා....
මම
Ferdeesha ❤️💚😘 ....